31 July 2010

පන්සලේ ජීවිතේ...ප්‍රතිසංස්කරණ යෝජනා...

පන්සලේ ජීවිතේ...ප්‍රතිසංස්කරණ යෝජනා...

ආවාසය දෙසට පැමිණි පිරිසට ඉඩ දී අප දෙදෙනා පසෙකට වී වෙන්නේ කුමක්දැයි බලා සිටියෙමු. ආගන්තුක හිමි නම දායකයින්හට බාර දී වචන කිහිපයක් කතා කොට ඥාණාලෝක හිමි පිටව යන ලදින්... එතැන් පටන් ආගන්තුක හිමියන් සමග මහ සරත් ඇතුළු දායක පිරිස පන්සල ඉදිරිපස කොටසේ සිට සාකච්ඡාවක් ඇරඹිණ.

අළුත් හිමියන් සුමන නම් විය...

සුමන හිමියන්හට පන්සලේ ඉතිහාසය පිළිබඳව සැකෙවින් පැහැදිලි කිරීමක් කරන්නට දායක කිහිප පලක් උත්සුක වූ මුත් උන්වහන්සේ ඒ කතා නවතා දමන ලද්දේ හා මට හුගක් විස්තර ඥාණාලෝක හාමුදුරුවෝ කියලා තියෙනවා යැයි කියමිනි...
එයින් පසු මහ සරත් හා තවත් අයෙක් පන්සලේ ඇති අඩුපාඩු පෙන්වා දෙමින් එම අඩුපාඩු සකස් කර පන්සල දියුණු කිරීම සඳහා වැඩ පිළිවෙලක් යෝජනා කරන ලදි. එම යෝජනා මාලාව හැමදාමත් වගේම පන්සල් ඉඩම් දායකයින්ට ලබා දී වගා කර ඒ දායකයින්ගෙන් ලැඛෙන බදු හා කුලී මුදලින් පන්සල ගොඩනැගීම සඳහා වූ වැඩ පිළිවෙළම මිස අන් යමක් නොවීය...එම ඉඩම් වළින් වාර්ෂිකව ලැබිය හැකි උපරිම ආදායමත්, පන්සලේ ඇති අඩුපාඩු සපුරාලීම සඳහා අවම වශයෙන් තිබිය යුතු මුදල පිළිබඳවවත් ප්‍රශ්න කිරීමට කිසිවෙක් නොමැති වීම මා හට නැගුණු මහා ගැටළුවක් විය..නමුත් කිසිවකුට ඒ පිළිබඳව අවදානයක් නොවීය..
අනතුරුව උන්වහන්සේ කතාව පටන් ගන්නා ලද්දේ...

"අපි මුලින්ම ආවාසයෙන් පටන් ගනිමුයි" කියමිනි...

වාඩි වී සිටි අසුනෙන් නැගී සිට ආවාසයේ දොරකඩට ගිය හෙතෙම දොරකඩ වූ පඩියට පය තබා "අය" යැයි පවසා ඊළග පඩියක් නැති හෙයින් ආවාසයේ ඉදිරිපස ඉස්තෝප්පුවට පය ගසා "වැය" යයි කියන ලදි..

නැවත පෙර සේම පඩියට පය තබා "අය" යැයි කියා "වැය" යයි කියමින් ආවාසයේ ගෙබිමට පය ගසන ලදි..

"පේනවා නේද..?"
"ඉතින් කෝමද හරියන්නේ..?"
පටන් ගන්නෙම විනාසයකින් නෙව..පළමුවෙන්ම මෙ පඩිය කඩලා දාන්න ඔන.. නැත්නම් තව පඩියක් එකතු කරන්න ඔන...ඒ විතරක්ද..? කෝ මෙන්න මෙහාට එමු.."යි
කියමින් පන්සලේ මිදුලට බැස ආවාසයේ දොර කෙළින් සිටගෙන

"මෙන්න බලන්න ඉස්සරහ දොරින් බැළුවම ඇතුළු කාමරවල දොරවල් හරහා පිටුපස පැත්තේ ජනේලයෙන් එළිය පේනවා..ඉතින් හරියැයියෑ..යි"
කියමින් අනිකුත් දායකයින්ටද එදෙස බලන්නට ඉඩ දුන් අතර.. එදෙස බැළු සෑම දෙනාම පාහේ හිස් සලමින් එය අනුමත කරන ලදි. ඒ අතර මහ සරත් යම් තරමකින් කලබල වී උන් ආකාරයක්ද ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටි මා නොදුටුවා නොවෙ...

"ආ.. දැන් ඔය කට්ටිය ඇතුළට එමුකෝ..මෙන්න බලන්න මෙ සාලයේ උඩින් බිත්තියේ ඉඳලා කෙළින්ම වහලයට කුරුපාවක් තියලා..මෙකත් දොස් හිටින වැඩක්..මට මෙ පන්සලේ ඉන්නනං මෙ ටික වෙනස් කරලා දෙන්න වෙයි.
නැත්තං කෝමද මම මෙකේ ඉඳලා වැඩ කරන්නේ..."

පිරිස තරමක් කසු කුසු ගාමින් සිට නැවත කතාව අරඹන ලද අතර..එහි සිටි සිරිසේන තැපැල් මහත්මා විසින්..

"හරි හාමුදුරුවනේ දැන් මොනවද කරන්න පුළුවන් කියලා බලමු. අපේ මිනිස්සු අතේ ඒ හැටි සල්ලි බාගේ නම් නැහැ.
අනික එකපාර හුගාක් වැඩ කරන්න අමාරුයි...ඒත් ඉතින් මෙවාත් කරන්න බලන්න එපැයි.."

කියූ පසු සුමන හිමියන් විසින්

"මුළින්ම මෙ සාලය හරහා බිත්තියක් බැඳලා අර අතන තියෙන කුරුපාව ඒක උඩට තියන්න වෙනවා.."
"ඊට පස්සේ පිටුපස ජනේලය ගලවලා වෙනස් කරන්න ඔන.."
"ඊළගට ඉස්සරහ පඩිය..ඔය ටික නම් කෙරෙන්න ඔනමයි."

ම්..ම්.. යැයි කොඳුරමින් වට පිට බැළු සිරිසේන තැපැල් මහත්මා..අත් දෙක පිටුපසට බැඳගෙන..
"වැඩෙනම් කරන්න අමාරුයි වගේ නේදැ"යි පස්ස ගසන ලදි.

මෙහිදී මෙම සිරිසේන මහත්මා පිළිබඳව යම් තරමක හෝ පැහැදිලි කිරීමක් ඇවසි යැයි මම කල්පනා කරමි.

ඔහු 'දයාසේන අයියාගේ' වැඩිමහළු සොයුරා වූ අතර..'දයාසේන අයියා' හා ඔහු අතර කිසිම ඇයි හොඳයියක් නොමැත.
වෘත්තීයෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ අතර මෙ වන විට විශ්‍රාම සුවයෙන් කල් යවන අයෙකි. ඔහුගේ භාර්යා තොමෝද විශ්‍රාමලත් පාඨශාලාචාර්යවරියක් වූ අතර ඇය කලෙක සිට කන් නොඇසෙන තැනැත්තියක විය.
සෑම පෝයටම මෙම යුවළ ලංකාවෙ ඇති ප්‍රසිද්ධ සිද්ධස්ථාන වලට ගොස් සිල් සමාදන් වූ අතර වර්ෂයකට වරක් පමණ ගමෙ පන්සලේ සිල් ගත් අතර..පසු කාලීනව 'කිරිබත්ගොඩ හිමියන්ගේ' 'මහමෙවුනාවට' හුරු වූ අයෙකි.එතැන් පටන් දෙදෙනා සෑම පෝයකටම මහමෙවුනාවෙ සිල් ගැනීමට යොමු වූ අතර හම්බවෙන සෑම දෙනාටම 'මහමෙවුනාවෙ' අසිරිය කියෑපෑමට මහත් වූ අභිරුචියක් දැක්වීය..

'ෙඛ්මාව' පන්සල් යැවීමට 'කොසොල් රජු' කරවන ලද 'විහාර වර්ණනාව' මොවුන් විසින් කරනු ලබන 'මහමෙවුනා වර්ණනාවට' වඩා අඩු මිස වැඩි නැත...

දියණියන්ම හතර දෙනෙකුගෙන් සපිරි මොවුන්ගේ ගෘහ ජීවිතය ඉතා සාමකාමී වූ අතර සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක්ද සතු විය. ගෙය පිහිටි වත්තේ ඇති අක්කර දෙකකට ආසන්න රබර් වගාවෙ කිරි කැපීමත් එහි රබර් ෂීට් දැමීමත් සිරිසේන මහතා අතින්ම වූ අතර නිතරම වත්ත පිටියෙන් ලැඛෙන ආදායම් වැඩි කර ගැනීමටත් උත්සුක වෙන්නාවූ අයෙකි. සිල් ගන්නා දින ඇර අන් සෑම දිනකම වෙනත් වැඩක්ම සිදු කරන්නේ රබර් කැපීමෙ කටයුතුවලින් පසුවමය.

ඒ හැර සාමාදාන විනිසුරු පදවියකින්ද පිදුම් ලැබ සිටි ඒ මහත්මා, පළාතේ සමථ මණ්ඩලයේද කටයුතු කරන ලදි.

නිතර බණ දහම් පොත් කියවීමත්..ඒ කියවූ පොත් පිළිබඳව අන්අය දැනුවත් කිරීමත්..ප්‍රිය කළ හෙතෙම..සාමකාමී පුද්ගලයකු විය. පසු කාලීනව මා පැවිදි වූ පසුවනම් සෑහෙන වියපැහැදම් කරමින් පන්සල දියුණු කිරීමට මුල් වූ තැපැල් මහත්තයා ඊට පෙර කලවලදී නම් වියදම් කලේ එක්තරා දුරකට පමණි.

කෙසේ වෙතත් යමක් කමක් දන්නා වැඩිහිටියන් අතර විශේෂ පුද්ගලයකු වූ මෙතුමා මා විසින්ද අදටත් යම් තරමකට හෝ ගරු කරනා දායකයින් අතරින් එක් අයෙකි..
වැරදි නොතිබුණාම නොවෙ...

කොතරම් තිබුණත් ධනයට දැක්වූ අසීමිත ආශාවත්..
ප්‍රසිද්ධියට හා තනතුරුවලට ඇති ලොල් බවත්..
සහෝදරාදීන්හට සමව ඛෙදී යායුතුව තිබූ ඉඩකඩම් වලින් වැඩි කොටස තනි බුක්තියේ තබාගෙන කටයුතු කිරීමත්..
කොතෙක් දයාව මෛත්‍රීය පිළිබඳව කතා කල අයකු වූවද, ඒ මෛත්‍රියට සහෝදරාදීන් ඇතුළත් නොවීමත්..
කලක් දේශපාලන සමිතියක ලේකම් ලෙස කටයුතු කිරීමෙදී සමිතියට ලැබුණු රැකියා අවස්ථා සියල්ලම තම දරුවන්ට ලබාදීමත්...ආදී දුර්වලතාවයන්ද ඔහුගේ චරිතය වටා බැඳී තිබිණි.

මෙ සියළු වරදවල් මනුෂ්‍ය ජීවිතය තුළ ඇති සාමාන්‍ය වැරදි පමණි.
මෙ සියල්ලටමත් වඩා මුල් කාලයේදී මාහට ඔහු නුරුස්සනා ගතියක් ඇතිවීමට බලපෑ ලොකුම චරද වූයේ..
ඔනෑම කටයුත්තක් යෝජනා කරන විටම අත් දෙක පස්සට බැඳගෙන..ඔළුව වනමින්..
"ඔක නම් කරන්න අමාරුයි.."යැයි කියනා පුරුද්දටය...

විශේෂයෙන් මුදල් හෙල්ලෙන වැඩක් වගේ දැනුනොත් නම් ඉතින් ඒ වැඩෙ අමාරුම වැඩක් වේ...
( මෙ පුරුද්ද මා පන්සලෙන් පිටත්ව එන කාලය වන විට වෙනස් කර දමා ඒමට මාහට හැකි වී තිබිණි. මාහා එක්ව කටයුතු කර ටික දිනක් යන විට ඔනෑම වැඩක් කෙරෙන අතට මිස නොකෙරෙන අතට කතා නොකර සිටීමට ඔහු පුරුදු වී තිබුණේ..ඔහු විසින් බැහැ යැයි කියූ සෑම දෙයක්ම මවිසින් ඉතා සුළු කාලයක් තුළ ඉටුකර පෙන්වා දීමෙන් අනතුරුවය..)

ඉඳින් පටන් ගත් තැනම මෙ වැඩෙත් අමාරු වැඩක් ලෙස වර්ගීකරණය කළ තැපැල් මහත්මා පසෙකට වීය..
මහ සරත් විසින් තමාගේ "බාසා"ඥාණය (භාෂා ඥාණය නොවෙ..) උපයෝගී කරගෙන මෙ වැඩ ටිකට යන වියදම ගණනය කරන ලදි. එය එකල හැටියට දැරිය නොහැකි විශාල මුදලක් විය.

අවසානයේ කළුවර වැටීමත් සමගම අවසන් තීන්දුවකින් තොරව පිරිස විසිර යන ලදි.
රැස්ව සිටි පිරිස විසිර ගිය පසු අප ඇමතූ හිමිනම..
"මාත් එහෙනම් මුහුණ කට සෝදාගෙන ගිහින් එන්නම්" යැයි පැවසූ බැවින් මා විසින්

"ඇයි හාමුදුරුවනේ අද නවතින්න බලාගෙන නෙවෙයිද ආවෙ..?"යැයි විමසන ලද අතර

"නෑ.. මම අද යන්න ඔන හෙට ඉඳලා බැරියෑ නවතින්න" යැයි කියා දාන ශාලාවට ගොස් එහි තිබූ කෙසෙල් ඇවරියද ඔතා ගත්තේ
"මම මෙක ගෙනිච්චට කමක් නැහැ නේදැයි" අසමිනි.

රෑට කන්න මොන ලබ්බක්වත් නැති බව දැන දැනත්
"කමක් නෑ හාමුදුරුවනේ" යැයි කියූ මා චන්දවිමල හිමියන් දෙස බලා සිනාසුනු අතර චන්දවිමල හිමියන්ද මා දෙස බලා සිනාසෙන ලදි.

...............................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

32 comments:

  1. සිරිසේන තැපැල් මහත්මා නම් "චව් චව්" කෙනෙක් වාගෙ...."කොතරම් තිබුණත් ධනයට දැක්වූ අසීමිත ආශාවත්"..
    "ප්‍රසිද්ධියට හා තනතුරුවලට ඇති ලොල් බවත්"..මේවා නම් අද කාලේ බොහොමයක් දෙනාට තියෙන රෝගාබාධනේ මොකද ඇවිල්ල ඉන්නේ හැමදාම ඉන්න නෙව....:)...

    ReplyDelete
  2. මම බැලුවේ මොකෝ මේ කතාව පරක්කු කියලා :)

    ReplyDelete
  3. නියමෙට යනව කතාව...

    ReplyDelete
  4. ඔය මහමෙව්නාවට යන අය හැමකෙනෙක්ම කරන දෙයක් තමයි ඒක වර්ණනා කරන එක. පන්සලත් මොඩ් කරන ගන්න වගෙයි හදන්නෙ. බලමුකො වෙන්නෙ මොනවද කියල.
    ඉතිං රෑට බඩගින්නෙයි හිටෙයෙ?

    ReplyDelete
  5. මට දැන ගන්න ඕන මේ වස්තු බීජ මේ විදිහට ග්‍රහනය කරගන්න ඔබ මහණ වෙලා හිටියද කියන එකයි... වැරදි ප්‍රශ්ණයක් නම් ඇහුවෙ සමාවෙන්න... සමාජයේ පෙන්නලා දුන්නොත් පේන ඒත් කාටවත් පේන්නෙ නැති (පේන්නෙ නෑ වගේ ඉන්නවද දන්නෙ නෑ..) සිද්දි එමටයි.. කතාව නියමෙටම යනවා.. සුභ පැතුම්...... !

    ReplyDelete
  6. අනිත් එක මහමෙවුනාව කියන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා... කොච්චරද කියනවනම් ගමේ පන්සලේ වැඩ ඉන්නෙ බුද්ධ පුත්‍රයෙක් නෙමෙයිද කියලා හිතෙන තරම්........ බස් ටිකට් එක ගන්න සල්ලි නැති උපාසක උපාසිකාවො විතරක් තව ටික දවසකින් ගමේ පන්සලේ ඉතුරු වේවි.....

    අහේතු කාලේන..... විපරීත බුද්ධිහ්....

    ReplyDelete
  7. දැන් මිනිස්සු මේ අසපු ගානෙ යන්නේ මේ වගේ හුට්ටස්පර අසපු වල අඩුහින්දද,නැත්නම් ‍රැල්ලටද,,,නියමයි හැම තැනම චව් චවුලත් ඉන්නවා,මේ ලිපියෙන් අනික් චරිත වගේ චව් චව් චරිතෙත් ආවා නේ....

    ReplyDelete
  8. පුදුම උපේක්ෂාවකින් ඔයා මේ දේවල් දැකල, ඒ උපේකෂාවෙන් ම බලල ලියන එක තමා පුදුමෙ..

    ReplyDelete
  9. හිහ්..හිහ්......."ප්‍රතිසංස්කරණ යෝජනා" - මේ දවස් වල හරි ප්‍රසිද්ධ වචනයක්නෙ මාතෘකාවට දාල තියෙන්නෙ...මේකත් ඒක වගේම වෙයි වගේ...."ලත් තැනම ලොප්"

    ReplyDelete
  10. ඕං මාරයියේ, එක මහත්තයෙක් අහලා "වස්තු බීජ" ඇල්ලුවෙ කොහොමද කියලා. දැං ඉතිං දීපංකො පුළුවන්නං උත්තර. මං නං ටක්කෙටම කියන්නෙ අපේ ගොයියා නං ඕවා ඇල්ලුවෙ නෑමයි කියලයි.

    හෙහ් හෙහ්, , මේකා මාරයා. මන්තර සෑස්තරෙත් දන්නවා වෙච්චි, තරහා ගියොත් බඩුම තමා. තරහා අවසර ආයිබෝං.

    ReplyDelete
  11. ඔය පංසලේ දායකයෝ වගේම සෙට් එකක් අපේ පංසලෙත් හිටියා! මම එදත් කිව්වෙ.....

    (මමත් මේ සීයගෙ දානෙට ගිහිං ආපු ගමන් ගොඩඋනේ මාරයාගේ හෝරාවට)

    ReplyDelete
  12. ෴ කොහොම උන්නද මන්ද පන්සලේ ෴

    ReplyDelete
  13. අපරාදේ කෙසෙල් ඇවරිය. ඒක තිබුනනං පංසලේ බ්ලෙන්ඩර් එකට දාල එළ කිරි ටිකකුයි සීනියි දාලා ගත්තනම් "බනානා මිල්ක් ශේක්" එකක් හදාගෙන ගිලන්පස විදිහට බොන්න තිබුනා.

    ReplyDelete
  14. Shadow/හේමලයා...

    අම්මපා මට ඔය චව් චව් කතාව මතක් උනේ නැහැනේ..නැත්තං මම වෙනම ලිපියක් ලියනවා මෙ චරිතය ගැන

    ReplyDelete
  15. Hasitha...

    දන්නේ නැද්ද ඉතින් එක දිගටම ලියන එක එපා වෙන වැඩක්නේ..

    ReplyDelete
  16. වැම්පයර්...

    ස්තූතියි කිවුවා ඔං...

    ReplyDelete
  17. Praසන්ன...

    මහමෙවුනාව සහ ඒ ආශ්‍රිත සංස්කෘතිය යනු වෙනමම කතා කළ යුතු මාතෘකාවක්.
    බඩගින්නේ ඉන්නවා කියන එක ඒ දවස්වල අපි දෙන්නට සිම්පල් ප්ලෑන් එකක් නෙව...

    ReplyDelete
  18. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ...

    යාළුවා මගේ බ්ලොග් එකට අළුත් වගේ..
    ඇත්තටම මම පසු ගිය කාලේ වසර පහක් මහණ වෙලා දැනට සිවුරු හැරලා ඉන්නේ...

    ReplyDelete
  19. ItalyDilan...

    ඒකනේ මට නියම පෝස්ට් එකක් මිස් උනා.
    චව් චව් සහ නව ප්‍රතිසංස්කරණ...

    ReplyDelete
  20. චේජනා...

    මැදහත්ව සිතන එකත්..මැදහත් සිතින් ලියන එකත් සමහර වෙලාවට ලේසි නැහැ. ඒත් මම උත්සහ කරනවා.

    ReplyDelete
  21. දිනිත්...

    ඔබ තේරුම් ගත්තා හරියටම හරි.
    මෙ වගත් එසේමයි..ඒ වගත් මෙසේමයි...

    ReplyDelete
  22. Siribiris...

    හෆොයි...
    හිහ් හිහ්...

    ReplyDelete
  23. Siribiris...

    වස්තුවට බීජ නැහැ නෙව ආයිබෝං...

    ReplyDelete
  24. බුද්ධි ...

    ආ මම දැක්කා දානෙ ගෙදර යන කතාව...
    මාත් ඔන්න සීයට පින් දුන්නා...
    උඹ වගේ කතන්දර මැෂිමක් හැදුව එකට.

    ReplyDelete
  25. wath...

    උන්නෝ දනිති...
    දන්නෝ කියති...

    ReplyDelete
  26. දුමී...

    බ්ලෙන්ඩර්..? මෙ පන්සලේ..?
    පාන් කපන්න තිබුනු චූටි පිහියෙන් තමයි ගස් කැපුවෙත්, පොල් බින්දේ පොළවෙ ගහලා...
    පන්සලටම ඇතිලි දෙකයි එක මුට්ටියයි.
    බ්ලෙන්ඩර්..? කොහේ තියෙන ඒවාද..?

    ReplyDelete
  27. Hama dema gana upekshawen balana kenek wage. oka harima amarui thama eth purudu unoth hitha harima sahallu wenawa............

    Nish

    ReplyDelete
  28. Ano..Nish...

    ස්තූතියි..ඒත් ඇයි ඔබ තවමත් සිංහල භාවිතා නොකරන්නේ..?

    ReplyDelete
  29. පිං කැටයක් හරි කඩල ගන්න තිබුනනෙ බ්ලෙන්ඩර් එකකුයි, කොෆී මැෂින් එකකුයි, ඩිෂ් වොෂර් එකක් එහෙම. ඇයි ෆුලි ඔටෝ මැටික් වොෂින් මැෂින් එකක් ?

    එතකොට අඩු ගානේ අඟල් 21 හරි ටී.වී එකක්වත් තිබුනෙ නැත්ද , පබා බලන්න ?

    මේව සාමාන්‍යයෙන් කොළඹ පංසල් වල තියෙන සාමාන්‍ය උප්කරණනෙ !

    ReplyDelete
  30. දුමී...

    පිං කැටෙ..?
    තිබ්බා හැබැයි එකේ පියන නෑ...

    ReplyDelete
  31. ඔහොම යන් ඔහොම යන් මාරයියේ...

    ReplyDelete
  32. සුමන හාමුදුරුවො බෞද්ධ ද?

    ReplyDelete