15 July 2010

ජුංගේ කතා...කොටු පැනීම...

හුග කාලයකින් ජුං ගැන මුකුත්ම ලිවුවෙ නැති හින්දා තව එකක් ලියන්න ඔන කියලා හිත හිත ඉද්දී තමයි අපේ අනුරාධ සහෝදරයා ඒකට ආරාධනාවක් කරලා තිබුනේ.
ඉතින් ඔං මට මතක් උන තවත් කේස් එකක් ලියලා දාන්න තමයි කල්පනාව.

හැබැයි මෙක පොඩිහිටියන්ට ඔරොත්තු නොදෙයි කියලා හිතෙන හින්දා ලියන්නත් නිකං මොකක්ද මොකක්ද වගේ..

ඒත් පොඩි උන්ට එන්න එපා කියලත් බැහැ..මොකද එපා කියන එකම කරන්න සෙට් වෙච්ච උදවියනේ ඔය පොඩි ඈයෝ..(අපිත් ඒ කාලේ එහෙමම නෙව.)

ඉතින් මෙ සිද්ධිය වෙන කාලේ ජුංට ටිකක් වයසයි. ම්..ම්...වයසයි කිවුවට ඉතින් එච්චරම නෙවෙයි ඔනනං දහහතරක් පාළොහක් විතර ඇති. දන්නවනේ ඉතින් ඔය වයස ගැන...
ජීවිතේ හුගාක් දේවල් වෙනස්වෙන කාලේනේ..
හිතන පතන විදිය විතරක් නෙවෙයි..ඇගපත උනත් යම් යම් වෙනසකට ලක් වෙන කාලේ නෙව..

ඉතින් අපේ ජුං උනත් මෙ කාලේ ටිකක් මොරමින් තමා උන්නේ.. මොකක්.. මොනවද මෝරන්නේ කියලා ඇහුවා..?

ආ..හරි හරි.. ඇගපත තමයි ඉතින් මෝරන්නේ.. නැතිව ඉතින් මිනිහාගේ ටිකිරි මොළේ තාමත් මෝරලා නැතුව ඇති.
ඇගපත මෝරන කොට ඉතිං ඔය කොයි කොයිවත් මෝරනවා...

ඉතින් මෙ සීන් කෝන් එක උනේ ටිකක් හවස් වරුවක. වැඩෙ පටන් ගත්තේ හවස පහ මාරට විතර..
පොළොවට බිං කළුවර වැටෙන අහට තමයි ඔං...

අපි කස්ටිය..ඒ කිවුවෙ..මමයි, ජුංඅලයි, වගේම තවත් කීපදෙනෙක් හිටියා..
ලෝටා..චමියා...ලල්ලා.. එහෙම තමයි...

අපි ටික ඉතින් වෙනදා වගේම හවස් අතේ අපේ සුපුරුදු පොට් එක..ඒ කිවුවෙ ගුණවර්ධන මහප්පාගේ වින්කලේ ඉස්සරහ රඹුටන් ගහ යට පිට පළුවලින් හදාපු බංකුවෙ ලගා ගහගෙන ඔය වටවන්දනා කතා කිය කිය ඉන්නවා.

මෙහෙම ඉන්නකොට අපිට පේනවා ඉස්සරහ පාරේ කීපදෙනෙක් ජැන්ඩියට ඇඳගෙන යනවා..
කවුද මෙ..?
වින්කලේ ගෙදරට අල්ලපු ගෙදර..ඒ කියන්නේ රත්නපාල උන්නැහේගේ ගෙදර සෙට් එක තමයි. මෙ යන්නේ..
ඉස්සරහින්ම රත්නපාල උන්නැහේ.. (අපි කිවුවෙ නම් ගමන්බොරුවා කියලයි.. හේතුව නමෙන්ම හිතාගත්තැකිනේ..)
ඊට පස්සේ උන්නැහේගේ බිරින්දෑ.. ඊටත් පස්සෙන් මෙන්න අපේ සගයෙක් වන චාමරයත් කකුල් දෙකටම කලිසමක් ගහලා ඒ මදිවට ටොම්බා සපත්තු දෙකකුත් ගහලා හරියට නිකං පෙරහැරෙ නටන්න යන්න වගේ සෙට් වෙලා අර පොල් කණ්ණාඩි දෙකත් දාගෙන යනවා නිකං ෆ්‍රෙඩී සිල්වා වාගේ..ඒ එක්කම චාමරගේ බාල නංගී නොහොත් චූටීත් යනවා නිකං මල්කුමාරි වගේ..(මල් කිවුවට නිකං වද මලක් වගේ තමයි..)

අපේ ලෝටත් නිකං තියෙන කටනේ කියා හිතලා..

"ආ..රත්නපාල අයියේ කස්ටියම මෙ කොහේද මංගච්ඡන්නේ.." කියලා අහපි.

අපරාදේ කියන්න බැහැ රතනපාල උන්නැහෙත් යන ගමන නවත්තලම දුන්නා ස්ටෝරියම..

"ආ..මල්ලියේ අපි මෙ මගුල් ගෙදරක යනවා..දන්නවනේ අර අපේ ලොකු අම්මාගේ බෑනා බැඳලා ඉන්න පුතාගේ පුංචි අම්මාගේ ලොකු දුවගේ බාලම පුතාගේ නෝනා..අන්න එයාගේ බාප්පගේ පුතෙක් වෙන කෙනෙක්ගේ අල්ලපු ගෙදර තියෙන මගුල් ගේ..ළගම නෑයෝ උනහම නොගිහින් කොහොමද..නේද..?" කියලා..

"හා.. හොඳයි..හොඳයි.. ගිහිල්ලා අපිටත් එක්ක හරියන්න කාලා එන්නකෝ.."

ඔන්න ඉතින් අපි කස්ටිය නැවතත් අපේ ඔපාදූපයක් කියාගෙන කාලේ යවා ගත්තා.
ඒත් ටික වෙලාවක් යනකොට මට තේරුනා මොකෙක් හරි අඩුයි අඩුයි වගේ කියලා..
ඉතින් වට පිට බලපුවහම අඩුයි නේන්නං..
මොකාද..? ජුමා...

"ඈ බං ලෝට්.. කෝ ජුංඅලයා.."

"මෙ හිටියානේ බං.. දැන් නැහැ නේද..?"

"මාර මගුලක්නේ යකෝ.. ඔකා අපිට නොකියා යනවයෑ කොහේවත්."

අපි කට්ටියම මිනිහාව හොයන්න පටන් ගත්තා.
මිනිහාව හොයන්න එච්චර දුර යන්න ඔන නැහැ පාරෙන් අනිත් පැත්තේ..ඒ කිවුවෙ වින්කලේට ඉස්සරහ ගෙදර තමයි මෑන්ස්ගේ ගෙදර..ඒ කිවුවෙ අපේ නිල නොවන ක්ලබ් එක. ඒ මොකද කියනවනං ගෙදර ඉන්නේ මිනිහයි, මල්ලි වෙච්ච රතනයයි, අම්මයි විතරයි. අම්ම උනත් කුස්සිය පැත්තටම වෙලා හිටියා මිසක් ගේ ඇතුළටවත් එන්නේ නැහැ. ඉතින් අපිට ඒ දවස්වල ඔනම දේකට..ඒ කිවුවෙ කැරම් අතක් ගහන්න, ඕමියක් බලන්න, ටීවී බලන්න විතරක් නෙවෙයි..රා ටිකක් ගෙනත් බොන්න ඔය දොරවල් ජනෙල් ටික වහලා දාලා නිලක් බලන්න එහෙමත් සෙට් වෙන්නේ ඔහාට තමයි.

ඉතින් කොහොමින් කොහොම හරි මිනිහා ආගිය අතක් නැහැ.

දැන් අපිට මාර පුස්නේ..එක එකා එක එක අදහස් කියනවා.

මාත් ඉතින් මගේ මොළෙන් හිතන්නේ නැතිව ජුංගේ මොළෙන් හිතලා බලන්න පටන් ගත්තා.
(ඔන්න පුරුදු වෙනවනං වැඩෙ.. ඔය හොරකමක් වංචාවක් වගේ දෙයකදී අපි විදියට නොහිතා හොරා විදියට හිතලා බලන්නකෝ වැඩෙ කළ හැටි විතරක් නෙවෙයි, කරපු එකායි, බඩු හංගපු තැනුයි ඔක්කෝම හොයා ගත්තෑකි.)

මට වැඩෙ මීටර් උනා..

"ඒයි මං දන්නවා බුවා ඉන්න තැන වරෙල්ලා යන්න."

"කොහේද බං..?"
"ඔකා ෂුවර් එකටම රතනපාලලගේ ගෙදර.. අර මගුල් ගෙදර ගිය සෙට් එකේ ලොක්කී හිටියේ නැහැ නේද..?"

"හරි තමා මූ එහෙට පනින්න ඇති..යං යං.."
කස්ටියම සෙට් වෙලා අල්ලපු ගෙදර පැත්තට වාෂ්ප උනා. අල්ලපු ගෙදර කිවුවට ඉතින් වින්කලේ ඉඳලා මීටර් පනහක් විතර දුරින් තමයි ඒ ගේ තිබුනේ.. ගේ පිටුපස්සේ පැත්තයි වින්කලේ පැත්තටයි වෙන්න තරමක කැලෑව.. අපිත් ඉතින් ඒ කැලෑවට මුවා වෙමින් පූසෝ ටික වගේ ගමනේ යා...

රතනපාල අයියට වැඩිමහල් පුතයි තවත් දුවලා දෙන්නෙකුයි හිටියා..

කොල්ලානං අපේ සෙට් එකේ බුවා.. හැබැයි අප්සෙට් මීටරෙ..

නංගිලා දෙන්නා එකම අච්චුවෙ..
කොණ්ඩෙ පොකුටුයි, දැකුම් කළු පාටයි..(තේරෙනවානේ)
හිනාවෙන කොට තමයි කෙල්ලෝ දෙන්නගේම සුද පේන්නේ..රෑකට දැක්කොත් ඉතින් යකෙක් පොල් කනවා වගේ තමා.
( මෙ වචන වලට කවුරුවත් තරහා ගන්න එපා. ඒ දවස්වල අපි භාවිතා කරපු කියුම්ම තමයි දාලා තියෙන්නේ...)

පෙනුම කෙසේ වෙතත් අපේ ජුංට අපි පොඩි කාලේ ඉඳලා ලොකකීගේ නමත්, රතනයාට චූටිගේ නමත් කියලා විහිළු කළා.. උන් දෙන්නත් ඉතින් වැඩෙ ටිකක් හිතට අරගෙන තමා තිබුනේ...

කොහොම හරි ආපේ අනුමනේ හරි භාණ්ඩෙ ඉන්නවා ගේ ඇතුළේ කෙල්ලට ටෝක් කර කර..
ඉස්සරහ දොරත් වහලා..
ඒත් ඉතින් සාලේ ජනේලේ ගාව තිබුනු වැලි ගොඩ ගාවට මිදුල හරහා නැමීගෙන ගමනේ යෙදුනු අපි සෙට් එක දැන් වැලි ගොඩට හේත්තුව දාගෙන (හා..හා.. මඩ එපා.. අපි මෙ රහස් මෙහෙයුමක් මිස ඔපාදූප හොයනවා එහෙම නෙවී)
කතාව අහගෙන ඉන්නවා. ටීවී එකේ සද්දෙත් යන්තමට දාගෙන දැන් මුන් දෙන්නා ලොකු කතාවක්..

ජුං- ලොක්කී..ඔයාලගේ පන්තියේ අර රුවනී කොල්ලෙක් එක්ක යාළු වෙලාද..?

ලොක්කී- ඔවුනේ අනේ.. දැන් වැඩෙ නැගලා යනවා.

ජුං- අර චමරිත් සුගත් එක්ක යාළු වෙලා නේද..

ලොක්කී-ඔව්..ඔව්.. එයාලාත් යාළුවෙලා..දැන් කොයි වෙලෙත් දෙන්නා කතාව දා ගත්ත ගමන්මයි.

ජුං-ඇත්තද ලොක්කී අර සුගත් චමරී එක්ක ටොයිලට් එකේ හිටියා කියන්නේ...

ලොක්කී- ආ එයා දන්නේ දැන්ද..? ඒ හුගක් කලින්නේ..

ජුං- මොනවා කලාද දන්නේ නැහැ නේද..දෙන්නත් එක්ක..?

ලොක්කී- හිකි..හිකි...

ජුං-ඇයි හිනා වෙන්නේ..

ලොක්කී-නෑ නිකං...

ජුං- නිකං නෙවෙයි එයා දන්නවා..

ලොක්කී- ඔයාත් දන්නවනේ...

ජුං- ඔව් ඔව් මාත් දන්නවා..මං බැළුවෙ ඔයාත් දන්නවද කියලා..

ලොක්කී- මං දන්නේ නැද්ද අනේ ඔව්වා..

ජුං- ඒක නෙවෙයි ඔයාට කවුරුවත් මුකුත් කරලා නැද්ද..?

ලොක්කී- අපෝ නැහැ..

ජුං- මාත් එහෙමයි අනේ..

ලොක්කී- ඇත්තද..ඈ..

ජුං-ඔව් ඇත්තමයි.. ඒක නෙවෙයි මම ඔයාගෙන් දෙයක් අහන්න තරහා වෙනවාද..?

ලොක්කී- අනේ නැහැ ජුං අහන්න..

ජුං- නැහැ මෙ අර තුෂාර දවසක් කිවුවනේ ළිඳ ලගදී ඔයාගේ....... ඇල්ලූවා කියලා..

ලොක්කී- නෑ..එහෙම කිවුවද..?

ජුං- ඔවුනේ.. කිවුවනේ ඇත්තද ඒක..

ලොක්කී- තමුසෙට පිස්සුද..? ඌ නෙවෙයි මොකා එහෙම කලත් මම ඒකාගේ කන පැලෙන්න ගහනවානේ..අහුවෙද්දෙන්කෝ ඔකා මට..

ජුං- හා..හා.. කේන්ති ගන්න එපා. මම දන්නවානේ ඌ කොහොම උනත් ඔයා ඔවාට නැහැයි කියලා..

ලොක්කී-ඒක මිසක්.

ජුං- මම එහෙනං ගිහින් එන්නං ලොක්කී..තනියම හිටයෑකි නේද..?අම්මලා එනකං.

ලොක්කී- පුළුවන්..

සංවාදය ඉවරයි. ජුං නිකං තටු කැපුන කුකුළා වගේ ගෙයින් එළියට බැහැලා ආපහු වින්කලේ පැත්තට ගියා.
අපිත් මිනිහා යනකල් ඉඳලා පටස් ගාලා කැලේ මැද්දෙන්ම පැනලා දිවුවා බංකුව උඩට. කොහොම හරි අපිට මිනිහාට කළින් යා ගන්න හම්බඋනා.
දැන් ඔන්න මිනිහත් කළුවරේම හිමින් හිිමින් අපි ළගට ඇවිත් මුකුත් දන්නේ නැහැ වගේ බංකුවෙ ඇලට් උනා.

ලෝටා-කොහේද බං ජුං උඹ හිටියේ..

ජුං-කොහේවත් නැහැ.

මම-දැන් උඹ මෙතන හිටියේ නැහැනේ බං.

ජුං-ආ මම මැද ගෙදර ලොකු අම්මලාගේ ගෙදරට ගියා බඩගිනි වෙලා.

මම-ඉතින් උඹ කෑවද..?

ජුං- නැහැ තවම බත් ඉඳිලා නැහැ.

ලෝටා- ආ ඔහොම යනකොට ඉෙඳයි..

මම-ඒක නෙවෙයි ලෝට්.. අර රුවනී කොල්ලෙක් එක්ක යාළු වෙලානේ..

ලෝටා-ඔව් ඔව් සුගතුත් චමරී එක්ක යාළු වෙලා..

මම- ඔවුනේ බං.. අර උන් දෙන්නා ටොයිලට් එකේ ඉඳළත් තියෙන්නේ...

(ජුංඅල උණ විකාරෙන් මෙන් අප දෙදෙනා දෙස බලනු පෙනේ...)

ලෝටා- ඒ විතරක්යෑ බං අර තුෂාරයා අරකිගේ ............මිරිකලානේ ළිඳ ලගදී..

මම- පිස්සුද බං එහෙම කලා නං අරකි ඌට ගහයි කණ පැලෙන්න.

ලොටා-ඌ විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් තව එකෙක් කණේ පාරක් කනවා..අද..

මම- ඒ කවුද බං..?

මෙච්චර වෙලා අර මොනවාද කාපු මොකාද වගේ බිරන් තට්ටු වෙලා බලන් හිටපු ජුං එක පාරටම මැද්දට පැනපි.

ජුං- අනේ බං උඹලා ඕක කාටවත් කියන්න එපා. වඳින්නං. අනේ..බං අනිත් උං දැන ගත්තොත් මට මැරෙන්නයි වෙන්නේ...

ලෝට්- ඇයි ඇයි උඹ කලබල උනේ..

ජුං- අනේ බං උඹලා කොහොමද ඔක දැන ගත්තේ..?

මම- මොකක්ද බං..?

ජුං- මම අර..අර..

මම-අනේ ප.... තෝ දැන් කිවුවෙ කොහේවත් ගියේ නැහැ කියලා.

ජුං- හරි හරි බං මට නිකමට හිතුනු හින්දා ගියා.

ලෝටා- වැඩෙ ගැස්සුනා නේද ජුමෝ..?

ජුං- ඔව් බං..

මම-අර කනේ පාර ගැන කිවුව ගමන් උඹ බය උනා නේද..?

ජුං- ඔවු බං මටත් කෙළලා ඇද්දොත් එහෙම...?

ඔන්න ඔහොමයි ඒ කතාව අවසන් උනේ...
එදා ඉතින් රෑ දොළහ විතර වෙනකල් මිනිහා අපේ බයිට් එක උනා.

පහුවදා උදේම මම ගියා පාර පැත්තේ..
පුරුද්දක් වගේ හැමදාම මම ගිහින් ඇහැරවනකල්ම ජුං නිදා ගන්නවා.
ඉතින් එදාත් මම ගිහිල්ලා කාමරේ ජනේලෙට උඩින් තියෙන දැල් කෑල්ලෙං වතුර කෝප්පයක් එහෙම ගහලා මිනිහාව නැගිට්ටවන්න හදනකොටම මෙන්න මිනිහාම ඇවිත් කතා කරනවා, කවදාවත් නැතිව මෙකා උදෙන්ම නැගිටලානේ..

මොකද බං අද උදෙන්ම නැගිටලා..

උදෙන්ම නැගිට්ටා නෙවෙයි බං... රෑ ඉඳලා තාම නින්ද ගියේ නැහැ.

මදැයි කොලා...උඹත් ඇදගෙනනේ බං නාන්නේ..

නෑවා කියන්නේ බං..විළි ලැජ්ජාවෙ බැහැ. මම රෑ මැරෙන්නත් කල්පනා කලා. ඒත් ඛෙල්ලේ වැල දා ගන්න ලණුවක් තිබුණේ නැහැ. ළිඳට පනින්නත් හිතුවා ඒත් ඒකත් ජඹුර වැඩියි බං...

29 comments:

  1. හෆොයි....අසරණයා.....:))))

    ReplyDelete
  2. මිත‍්රයා....
    අර අනික් උන්ගෙ ඔලුවෙන් කල්පනා ක‍රන කාරිය කියල දෙන ටියුශන් පංතියක් දෑම්මොත් න‍රකද මොන්ටානා එකේ.වෑඩේ නෑගලා යයි.

    ReplyDelete
  3. හෆෝයි...!!
    :))

    කාලෙකින් ජුංඅල කතාවක් දාපු එක හොඳයි..

    ReplyDelete
  4. ඔය වයසෙද අපිටත් ගොඩක් දේවල් මැජික්..

    ReplyDelete
  5. @Shadow/හේමලයා ...
    දැන්නම් මටත් එහෙම හිතෙනවා.ඒත් ඉතින් ඒ දවස්වල අපි හොයන්නේ බයිට් විතරනේ..

    @තීර්ථ යාත්‍රිකයා...
    අප්පේදත් කියනවා...

    @ tharanga...
    හැම දේම කියලා දෙන්නත් හොඳ නැහැ.

    @Ansh Lucky Sri Jay...
    ජුංගේ කතා දාන්න ගත්තොත් පන්සල් කතා නැහැ..
    පන්සල් කතා දාන්න ගත්තොත් ජුංගේ කතා නැහැ..

    @wath...
    ඒකත් එහෙමද..?

    ReplyDelete
  6. හික් හික්!! පට්ට කතාව!!සිරා....

    ReplyDelete
  7. @blog gadol...
    ඥාව්වත් ඇවිල්ලා වගේ..

    ReplyDelete
  8. පව් බොල අර අසරණයා. එක්කෝ සද්ද නැතුව දිගමට ෆිල්ම් බලන්ඩයි!

    ReplyDelete
  9. අපරාදේ ජුංඅල එන්ටර් උනේ වැඩේ මකබාස් කර ගෙන නේ,කවුරුත් ගෙදර නැති වෙලේ අපරාදේ,මූ හැමදාම වැඩ මකබාස් කර ගන්නවා නේ,,,,එල එල ජුංඅල කතාවක් ඇහුවා ගොඩක් කාලෙකින්

    ReplyDelete
  10. @බුද්ධි ...
    ආයෙත් අහලා..ෆිල්ම් බලලා තමයි බුවාට ඔහොම උනේ...

    @Amila...
    තැන්කූ තැන්කූ...

    @ItalyDilan...
    ඒකනේ කියන්නේ මෙකා හැමදාම එන්ටර් වෙන්නේම වැරදි පොයින්ට් එකෙන්මනේ...

    ReplyDelete
  11. හික්ස්.. කාලෙකට පස්සෙ අහපු මරු කතාවක්.. ජුං ඔය කතාව නිසා දිගටම බයිට් වෙන්න ඇති නේද?

    ReplyDelete
  12. මේක නම් මරේ මරු බන්.. පවු අසරණයා...

    ReplyDelete
  13. හොඳ වෙලාවට කොල්ල මුට්ටිය දාල බැලුවෙ. තව පොඩ්ඩෙන් තාම කූරු ගනින්න ඉඩ තිබ්බ සෙට් එක ලාච්චුවට දාල.

    ReplyDelete
  14. @sameerausa...
    දවස් දෙක තුනක් ලාවට වගේ බයිට් කලා..
    අනිත් කේස් වගේ නෙවෙයි මෙක ඉතින් හැමෝම දැනගන්න එක හොඳ නැහැනේ...

    ReplyDelete
  15. @වැම්පයර් ...
    ලියන්න තියෙන කම්මැලි කමයි, අමතක වීමයි නිසා මිසක්..තව කොච්චර තියෙනවද ජුං ගැන කථා ලියන්න..

    ReplyDelete
  16. @ඉන්දික උපශාන්ත...
    එක අතකින් මුට්ටිය දාලා බැළුව එක හොඳයි තමයි...ඒත් ඉතින් පහු කාලෙක වෙච්ච දේවල්වවල හැටියට මුට්ටි දා දා ඉන්නේ නැතිවම ගමන ගියා නම් ඌ ගොඩ කියලත් හිතෙනවා.

    ReplyDelete
  17. හප්පේ, කාලෙකට පස්සෙ ජුං ඇවිල්ල තියෙන්නෙ. කතාව නියමයි. ඔහොම යං.

    ReplyDelete
  18. හපොච්චියේ අද නම් ලියල තියෙන්නේ දුකේ මුල හික් හික්... පව් බන් අර අහිංසක කොල්ල... උබල නම් අර මොකක්ද පව නෙ කරගන්න හදල තියෙන්නේ... හික් හික්...

    කොල්ල ගානට සීන් එකට එද්දිම කෙල්ල දීපු ටොල්ක් එක නම් හික් හික්...

    ReplyDelete
  19. එළ කිරි කතාව මචෝ . . . මගේ බඩ නෑ වගේ . . . !

    අරූ නම් හරිම මෝඩයෙක්, කනේ පාරක් කෑවත් මොකද . . . .!

    ReplyDelete
  20. පට්ට ..හේ ...

    ජුමා..කො‍ටුපනීන ගොස් ඇනගනී..හේ...

    මදැයි කොලා

    ReplyDelete
  21. @Praසන්ன...
    ජුං නැතුව නිකං මොකක්ද මොකක්ද වගේනේ තිබුනේ බ්ලොග් එක..

    @පිස්සා පලාමල්ල ...
    අපොයි අපි ඉතින් ඔවට බකට් දාන්නේ නැහැ..
    ජුමාම ඇණ ගත්තට අසරණ අපිලා මක්ක කොරන්නද..?

    @පිණිබිඳු...
    තැන්කූ...

    @දුමී ...
    ඒකත් ඇත්ත...ඒත් ඉතින් එදා කනේ පාරක් කෑවානම් ඊළගට..

    @ඉලංදාරියා ...
    කාට කාටත් මෙවා හොඳ පාඩං ඔං කිවුවා..

    ReplyDelete
  22. හික් හික්... අපේ බැචෙකුත් ඉන්නව ඔය ජුං වගේම ගති ඇත්තෙක්... :D
    හරි හොඳ කොල්ලා... කරන ඕන කොටු පැනිල්ලක් අපිත් එක්ක නොකිය ඉන්නෙ නෑ... බයිට් වෙන්න ගත්තම ඒකත් ඌට ආතල්.

    (නම තියා කාඩ් එකවත් කියන්න බෑ... චරිත ඝාතනය වෙනව නෙව)

    ReplyDelete
  23. Shaakunthala...

    අපොයි මලේ..නොකියා නොකියා උන්නට අපි කාටත් ඉන්නවා නෙව මෙ වගේ යාළුවෝ.. ඒ විතරක්යෑ..අපිත් ඉතින් බො පැලද අප්පා..?

    ඒක නෙවෙයි දැන් මොකද ලියන්නේ නැත්තේ..?

    ReplyDelete
  24. අපොයි මේකා ඉඳලා ඉඳලා දාලා තියෙන්නේ අපි වගේ පොඩි උන්ට බලන්න හොඳ නැති ජුං අල කතාවක්නේ.
    බලන්නකො වැඩේ හැටි. ජුං අල කතා ලියන්න කියලා යෝජනා කරලා, එයින් කතාවක් දැම්මට පස්සෙ, මටම ඒක බලන්න එන්න උනේ අම්බානෙකට පරක්කු වෙලා. මොනවා කරන්නද. මේ දවස්වල ඉතින් දන්නවනෙ මාරයියෙ.

    ReplyDelete
  25. අනුරාධ...

    ඔවා ඔහොම තමයි බන්...

    ඒ..බං..
    උඹ කවදද පොඩි උනේ..?

    ReplyDelete
  26. @මාරයාගේ හෝරාව,
    ඔන්න ඉඳලා ඉඳලා මාස තුනකට පස්සෙ එකක් ලියල දැම්මා...
    වැඩ කෝටියයි මේ දවස් වල :(

    ReplyDelete