21 July 2010

එකම පැතුම...

සිතේ තිබුණු දුක උදුරා ඉවත දමා..
නෙතේ කඳුළු පිසදා සිනහව රඳවා..
ලයේ උනුහුමට පෙම් මල් පුබුදුවලා..
මගේ දිවිය සරසා ඈ වෙන්ව ගියා..

දිනෙන් දිනට යයි කාලය ගතවීලා..
විතෙන් විතට යයි ජීවය ඉවත ගලා..
දුරින් නොව ළගින් හිත යට ගුළි කරලා..
නුඹෙන් තොර ලොවක මට පල නැහැ ඉඳලා..

සිතා ගන්න නොහැකිය ඔබ ගිය අරුම..
දරා ගන්න හිතටත් බර වැඩිය දුක..
ඛෙදා ගන්න ඔබවත් ළග නැති රැයක..
මගේ දුක පවසම්ද කාහට මෙලොව තුල..

එදා මෙදාතුර කාලය ගත වූව..
මගේ හදෙ නුඹ සැගවී ඇත තාම..
මරා ගන්න බැරි ප්‍රේමය හැමදාම..
දිනෙන් දින දවයි මා හදවත බෝම..

දුකට උනන කඳුළැල් නෙතු පුරා තබා..
සිතට දැනෙන රුදු පාළුව වෙළා තබා..
පෙමට බැඳි මසිත පොඩි කර තලා දමා..
ඉවත ගියේ ඇයි කතරක තනිව දමා..

නුඹෙ නමට පෙම් කවි වැල් ගොතන්නයි..
නුඹෙ නමින් සැමදා දුක් විඳින්නයි..
නුඹෙ සැපත මගෙ සැපතයි සිතන්නයි..
නුඹෙ නමින් මා මතුදා මියෙන්නයි..

29 comments:

  1. මහ මෙරක් වගේ හිතට දැනුන...වින්ඳ ආදරය නැතිව ගියාම...නැත්තම් දුරස් උනා දැනෙන දුක මොනතරම්ද....මමත් මේ දුක මේ විඳියටම වින්ඳා...තවමත් විඳිනවා....

    කාලයත් එක්ක ඒ දුකට ජීවිතේ හුරු උනාම හැමදාම විඳින්න වෙන්නෙ දුකම විතරයි මාරයියේ......එක පාරක්...තව එක පාරක් ජීවිතේට අවස්ථාවක් දෙන්න උත්සාහ කරන්න.....

    හිතට දැනෙන්න ලියවිච්ච පද ටිකක්...

    ReplyDelete
  2. දිල්...

    මම හිතන්නේ නැහැ දිල් මට ආයෙමත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා.

    අනික මම බයයි.
    එක අතකින් එහෙම කරන්න හදන එක මම තව කෙනෙකුට කරන අසාධාරණයක්.
    මම තනියම විදෙව්වාම ඇති.

    ReplyDelete
  3. උඹේ හැම විරහවක්ම කාලයේ දිය දහිරින් සේදේවා කියා පතන්නම් !

    ReplyDelete
  4. ප්‍රේමය නම් අසෙණිය කුසුමක් වේ
    රිසි වු කෙනෙකුට පුජා කරනට
    ලොබ සිතින් තොර පිදුව මනා වේ
    පෙරලා ලබනට නොසිතා බිදකුත්

    හුගාක් අයට ජිවිතේදි ආදරයෙන් ලැබෙන්නේ දුක විතරමද මන්දා තමන් ප්‍රාර්ථනා කරන අයම අපිට ජිවිත වලදි ලැබෙන්නේ නැහැ. බලාපොරොතුවකුත් නැතිව ජිවත් වෙන්න ගියාම මරණය සැපයි කියලා හිතෙනවා තමා එත් ඔය කියන මාරයාගේ හෝරාව අපිට ඕන වෙලාවට එන්නෙ නැති එක තමා ප්‍රශ්නේ. මම වගේම දුක් විදින තවත් කෙනෙකුට මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ.

    කිසිදාක පෙම අත ඇර නොයන්නයි
    සසර පුරා නුඹ හා මා රැදෙන්නයි
    නුඹේ නමට මා තනිවී සිටින්නයි
    සියල් සතුට නුඹ හට නම් ලැබෙන්නයි

    ReplyDelete
  5. "සයුර ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරුසේ ගිලී බිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා අද තනි වෙනා මොහොතේ......

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කදුලද සිදෙන්නට පෙර
    යදින්නම් ඔබ මැකී යනු මතකෙන්........"

    හා පැටික්කිට මතක් උන පද පෙළ ගැලපෙනවද නම් දන්නෑ.........

    ReplyDelete
  6. ලැබෙනවා..
    අහිමිවෙනවා...
    හිනැහෙනවා..
    වැලපෙනවා....
    විඳිනවා.......
    විඳවනවා...
    මොනවා කියලා කරන්නද ඉවසනවා හැරෙන්නට මැද හිතින්..

    ReplyDelete
  7. Adarayath Hariyata Gas Kole Wage
    Gase thiyanakam Natuwen Wenei Ohe
    Natuwen Geti Bima Wetunama Thami Bole
    Usakin Hitiya Arumaya Sitha Dawai Ube

    ReplyDelete
  8. අනේ කවියකින් ප්‍රතිචාරයක් දාන්න කවි ලියන්න බෑනේ :(

    ReplyDelete
  9. Aka Ladakata Pema Karala Miyedenna
    Ubage Karuma Thawa atha Patisan denna
    Bila bila bila Nuba Miyedenna
    Pansal Katha ewara karala serasenna..

    ReplyDelete
  10. අදමයි දන්නෙ මාරයිය කවිල ලියනව කියල....මරුනේ

    ReplyDelete
  11. Kiyana deyak asana wayasa pasu wila
    Bothalayatai Athithetai Yata wila
    Yaluwo athath Me wage aya aka hinda
    Mak karamuda hithe serata bota BENNA

    '''' Sorry Sinhala nehe '''

    Bennata wedak nehe thamai... Eth onna ohe benna. Oyage PRekshaka prekshikawe mata baniwida danne nethoooooooo

    ReplyDelete
  12. දුමී...

    ස්තූතියි..ඒත් ඉටු නොවන පැතුමක් දුමී..

    ReplyDelete
  13. හසී රන්...

    මං වගේම දුක් වෙන නගා හදුනා ගැනීම සතුටක් කියලා කියන්නේ කෝමද..?

    ස්තූතියි...
    අහිමි වන්නට කළින් වී තිබුණු හිමි වීම ඔනවටත් වඩා වින්ද එක තමයි අද අහිමිවීම දරාගන්න බැරි තරමට ජීවිතය විඳවන්න වෙලා තියෙන්නේ...

    ReplyDelete
  14. හා පැටික්කි...

    හැමදාමත් වගේ මගේ සිතේ අදහස කියවෙන්නට ගී පද සොයන්නට හැකි පුදුම හැකියාවක් තියෙන නංගාට ස්තූතියි...
    (අනේ මගෙ සුදු පුතේ තව දවස් කීයද..?)

    ReplyDelete
  15. Shadow/හේමලයා...

    හිමි අහිමි දෙක අතරෙ අපි හැමදාමත් විඳවනවා...
    ඒත් ඉතින් ජීවිතේ මෙහෙම තමයි.

    ReplyDelete
  16. wath...

    ඇයි සිංහල වලට මොකද උනේ..?

    බැන්නට වැඩක් නැහැ කියලා දැන දැනමනේ ලියලා තියෙන්නේ..

    ReplyDelete
  17. Hasitha ජයසූරිය...

    කවි නැතිවට මොකෝ මල්ලිත් ආව එකම මදෑ..
    හැබැයි කොල්ලෝ චුට්ටක් විතර උත්සහ කලාට නම් කමක් නැහැ..හරියන්න හරි වරදින්න හරි කරලා බලන්නත් එපැයි.

    ඇයි මලේ ඔය පැත්තකින් තියෙන මාරයාගේ කවි කියන ලේබලය පැත්තේ ගිහින් නැතෙයි.
    (මම කවි කියලා හිතාගෙන හිටියට ඒවා කතන්දරවත්ද..?)

    ReplyDelete
  18. වැම්පයර්...

    කාලය..ඔනෑම තුවාලයකට හොඳම ඔසුව..ඒත්...

    ReplyDelete
  19. උඹට ඒකට හැඩගැහෙන්න වෙනවා..අමාරුවෙන් වුණත්...

    ReplyDelete
  20. වැම්පයර්...

    බලමු.. ඒත් මට හිතෙන්නේ නැහැ...

    මොකද මීට කළින් අවස්ථා තිබුනා මට මීට වඩා අමාරු වෙච්ච..
    ඒත් ඒ දවස්වල මම දැනගෙන හිටියා ඒවා මාරන්තික නොවන බව හා කාලය විසින් සියල්ල හරි ගස්සන බව..ඒත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ...

    ReplyDelete
  21. "මගේ දුක පවසම්ද කාහට මෙලොව තුල" කිව්වට ඔය පවසල තියෙන්නෙ නියම තැනට. ඒ දුක බෙදාගන්න තමයි කොමෙන්ට් දාන කට්ටිය ඉන්නෙ. කවි ටික ලස්සනයි.

    ReplyDelete
  22. මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් තමයි..මම දහස්වතාවක් රැවටුනත් කමක් නැහැ. වැටුණත් කමක් නැහැ... ඔයාගෙ ජාතියෙ කවුරු හරි කෙනෙක් මගෙ හේතුවෙන් වැටුනොත් සංසාරෙඑක මට ගෙවා ගන්න බැරි පවක් වෙනවා. අරක ගැලපුනෙ නැහැ, අරවා නැහැ, මෙයාගෙ මෙ ගුණ නැහැ. කිය කිය මිනිස්සු තමුන්ටම කරගන්න වංචා ඉවර වෙන්නෙ මුලු පරම්පරාවක්ම දුක් විඳලා. එක මම ඇස් දෙකෙන් හැමදාම දකිනවා.

    රවා

    ReplyDelete
  23. එක නම් ඇත්ත මාත් පතන්නේ මට වගේ කාටවත් නොවේවා කියලා එත් එහෙම අය වැඩී වගේ.
    රගපාලා අනුන්වයි තමන්වයි රවටනවට වඩා තනියම ඉන්න එක හොදයි. තනිකම දුකක් උනත් වෙලාවකට එක සැපක් වෙනවා මම වැරදි ඇති එක එක කෙනා හිතන විදිය වෙනස්නේ :)

    ReplyDelete
  24. Praසන්ன...

    මෙහෙම කියන්න මෙතනවත් නැත්තං මං මෙලහකට පිස්සන් කොටු..

    ReplyDelete
  25. රවා...

    උඹ ගැන මම දන්නවනේ මල්ලී..
    ඒක නෙවෙයි දැන් උඹ ලියන්නේ හරිම අඩුවෙන්නේ..බං.

    ReplyDelete
  26. හසී රන්...

    අපේ අඩන්නා සහ වැළපෙන්නා සංගමෙට නව බඳවා ගැනීම් කරන්න වෙයි වගේ..

    ReplyDelete
  27. නුඹෙ නමට පෙම් කවි වැල් ගොතන්නයි..
    නුඹෙ නමින් සැමදා දුක් විඳින්නයි..
    නුඹෙ සැපත මගෙ සැපතයි සිතන්නයි..
    නුඹෙ නමින් මා මතුදා මියෙන්නයි..


    අපූරුයි..!!

    ඔන්න අද නම් මගේ වැඩ ඉවර උනා.
    ඉතින් ළඟදි සේරම පෝස්ට් ටික ආපහු බැලුවා.
    :)

    ReplyDelete
  28. Ansh Lucky Sri Jay...

    කියවලා විතරක් හරියන්නේ නැහැ..
    අර කාඩ් අත තාමත් දිග ඇරපු ගමන්මයි..ගිහින් තව අතක් ඇනුවනම්...

    ReplyDelete