25 July 2010

තපසට ගිය එකාගේ කතාව...

මෙක මෙ පුංචි කතාවක්...
මගේ ලිපියකට කමෙන්ටුවක් දැමූ අයෙකුට පිළිතුරු ලෙස කතාවෙ නම කිවුවට කතාව නොකිවු නිසා මට හිතුනා කතාව කියලාම දාන්න ඔන කියලා.

හැබැයි ඉතින් මෙක මම කියෙවුවෙ කොහෙන්ද කියලා මට මතකත් නැහැ.

කොහොමටත් මට තියෙන ලෙඩක් තමයි කියවන දේවල් කියවපු තැන මතක තබා නොගැනීම සහ..ඒවා කට පාඩං කර නොගැනීම..
ඉතින් මෙ කතාවත් එහෙම තම..සමහර විට ඔය බණ පොතක හරි සගිස්කුරුත පරිවර්ථනයක හරි වෙන්ටත් පුළුහං...
කතාව උන්ත හරි පිළිවෙළටම නැති වෙන්න පුළුවං ඒත් ඉතින් මතක හැටියට කෙටියෙන්ම දෙසා බාන්නංකෝ...

ඔන්න එක මනුස්සයෙක් ජීවිතේ ගැන ටිකක් කලකිරිලා කැලේකට ගියා නෙව තපස් රකින්නයි කියලා හිතාන..
දැන් මෙ උන්නැහේ තමන්ට පුළුවන් විදිහට බණ භාවනා කොරාන තපස් ජීවිතේ ගත කොරගෙන යනවා..
වනන්තරෙ ගල් ගුහාවක ගෙවන මෙ ජීවිතේ ඉතින් බොහෝම දුෂ්කරයි.
ගල් තලාවෙ නිදන්ට වෙනවා..මැසි මදුරුවෝ පීඩා කොරනවා..
හීතල හුළගට ගත සලිත වෙලා යනවා..

ඇයි ඉතින් කෑම බීම උනත් එහෙමනේ..
වනන්තරෙ ගස්වැල් වල හට ගන්න දේවල් තමයි.
කොළ වර්ග, පළතුරු, අල මුල් පලා ජාති එහෙම..
සමහර ඉඩෝර කාල වලට ඉතින් ගස්වල පොතු හිටං ගිලින්ට වෙනවා..

ඉදලා හිටලා කාලවල ඈතින් තිබුනු ගම්මානයක් පැත්තේ කරක්ගහලා දානෙට යමක් සිගාගෙන එන වෙලාවලුත් නැතුවාම නෙවෙයි.

ඉතින් මෙ තාපස ඇත්තා දැන් මෙහෙම බොහෝම දුකසේ මෙ තපස් රැකිල්ල කරගෙන යන අතරවාරයේ..මෙ උන්නැහේට අතුරු ගැටළුවකට මුහුණ පාන්ට උනා.

ඒ මොකක්දැ..?

මෙ තාපසයා ඉන්න ගල් ගුහාවෙ මීයන් බෝ උනා නෙව..

ඉතින් මීයෝ ගැන අමුතුවෙන් කියන්න ඔනය..නේද මං අහන්නේ..?

මීයෝ කිවුවම එක එක ජාතියේ මීයොත් ඉන්නවා නෙව..
ආ.. මට පේනවා..මට පේනවා කට්ටිය දතකට මැදගෙන මීයෝ වර්ග කියන්න ලක ලෑස්ති වෙනවා කියලා...
හා හා හදිසි වෙන්ට කාරි නැහැ..මම කිවුවෙ මෙ වැලි මීයෝ, හික් මීයෝ, කොස් ඇට මීයෝ ගැන තමා..ඔං..

ඉතින් මෙ ගල් ගුහාවෙත් ඔය මොන වර්ගයේ හරි මීයෝ බෝ උනා කියමුකෝ..දන්නවනේ ඉතින් මීයන්ගෙන් තියෙන කරදරෙ..
අමුතුවෙන් කියන්ට ඔනයෑ...

ඉතින් මෙ මීයෝත් අපේ තාපස ඇත්තට බොහෝම හිරිහැර කොරනවා.
කන්ට බොන්ට තියෙන දේවල් විනාස කොරනවා..
යන්තං සන්තකේට තිබුණු ගොමස්කඩ වෙලා තිවුණු වස්තරෙ කාලා දානවා..
ඒ මදිවට තාපසයා භාවනා කොරනකොට ඇග පුරා දුව පැන ඇවිදිනවා. මල ජංජාලයයි.. ඒ මදිවට කෙස් ගස් රැවුල් ගස් කපා දානවා..ඒ විතරක්ය..ඒ කපපු කෙස් ගස් වලින් මෙ මීයෝ තාපසයාගේ ඇගේම කූඩු හදන්ටත් පටන් ගත්තා නෙව..

ඉතින් ඉවසනවා කියලා මෙහෙමත් ඉවසියෑක්ද..මං අහන්නේ..

ඔන්න ධර්මය අධර්මය වෙනවා..

කියලා කියන්නේ ඔය වගේ වෙලාවට තමා..

කොහෝම හරි මෙ මීයන්ගේ කරදරෙ නිසා පීඩාවට පත් වෙච්ච අපේ තාපසතුමා.. මෙකට පිළියමක් කල්පනා කරනවා..
මෙහෙම කල්පනා කරලා.. කරලා.. කරලා.. කරලා.. කරලා...
ඔන්න අන්තිමට ටිකක් තද තීරණයකට එනවා..

මොකක්ද තීරණය මුන්නැහේ හිතනවා බළලෙක් හදන්ට ඔනය කියලා...
ඇයි ඉතින් මීයන්ගේ පුස්නෙට හොඳම උත්තරෙ ඔක නෙව..

ඉතින් මෙ තාපසතුමා ඈත ගම්මානෙකට ගිහිල්ලා ගං වැසියෙකුට තමංගේ දුක කියලා බළල් තඩියෙක්ව ඉල්ලාගෙන ආවා...
දැන් ඉතින් ඔන්න මී කරදරෙ ඉවරයි..

මෙහෙම ටික දවසක් යනකොට මීයෝ එකා දෙන්නා අඩුවෙන කොට තව කරදරයක් ආවා..

මොකක්දෑ ඒ කරදරෙ..?
දැන් නිතර මීයෝ නැති නිසා මෙ බළලා බඩගිනි වෙලා කෑ ගහනවා..මළ කන්දෝස්කිරියාවයි.
ඉතින් මෙකාට කන්ට දෙන්ට අහවල් එක තියෙනවා කියලයෑ..?
ඒකට විසදුමක් විදියට බළලාට කිරි දොවලාවත් දෙන්න කියලා..ආයේ වතාවක් ගම්මානේට බඩගාලා කොහේදෝ හිටපු ගොංවැස්සියෙක්වත් අරන් ආවා..
ගොං වැස්සී ගෙනාවට මොකද මෙ තාපසයා කිරි දොවන්ට දන්න එකක්යෑ..
ආයෙම ගම්මානෙට බඩගෑව මුන්දෑ කිරි දොවන්න කියලා කෙනෙක් හොයන කොට යන්තං කෙනෙක් හම්බ උනා..
ඉතින් ඒ හම්බ වෙච්ච කෙනාව අරන් ආයෙම සැරයක් අර ගල් ගේටම ආවට මොකෝ කිරි දොවන්ටයි කියලා තාපසයා එක්ක ඇවිත් තිබුනේ ගෑණු පරාණයක් නෙව..
ඉතින් මක්ක වෙන්ට ඇතිය කියලාද හිතන්ට ඇත්තේ...

කිරි දෙවිල්ල නියමෙට කෙරුණා ඔං..දැන් බළලාට සන්තෝෂයි. ඇයි කිරි තියෙනවානේ..
ඒ විතරක්නං මදැයි ටික කලක් යනකොට අපේ තාපස උන්නැහේටත් සංතෝෂයි වගේ..
ඒ මොකදෑ..?
මෙ කිරි දෙවිල්ලේ වැඩෙ කොච්චර හොඳට නැගලා ගියාද කිවුවොත්..
අර අම්මණ්ඩි මෙ තාපස උන්නැහේත් එක්ක පවුල් පන්සල් වෙලා තමා නැවතුනේ... හොඳයි නේද කිරි දෙවිල්ල...?

අන්තිමට මොකදෑ උනේ..
පවුල් පන්සල් වෙනවා කියන්නේ එහෙමත් සුළුපටු කාරියක්යෑ...

අර තාපස උන්දෑ දැන් තපස පැත්තක තියලා අර අම්මණ්ඩි ඉල්ලන ඉල්ලන එක ගෙනත් දෙන්ට වෙහෙස මාන්සි වෙනවා..
ඒ මදිවට ඉතින්ටික කාලයක් යද්දී එක දෙක වෙලා.. දෙක තුන වෙනකොට ලේසි පාසුය...
අන්තිමට මෙ තාපසයට උනේ මැරෙනකල්ම ගොනා වගේ බර අදින්ට තමයි.

ඔන්න මීයෝ අල්ලන්න ගිහින්.. කිරි දොවලා තාපසයට වෙච්ච දේ...

ඉතින් මෙක හොඳ ආදරුසමත් කථාව..අපේ ඔය කාට කාටත්..
අර අපේ උන්නැහේත් රට දියුණු කොරන කතාවක් කියලා තිබුනා නෙව..
උන්නැහේලාග් ඒ දියුණු කිරිල්ලත් මෙ වගේම තමා...

එකක් පසු පස එකක් ආදී වශයෙන් සැප පහසුකම් සොයා යෑමෙ අවසානය..
නිවනක් නැති මහා කරදර ගොඩක පැටලීමක් විතරයි..ඔං..

ආ ඉතින් ඔන්න අද ඇසළ පුර පසොලොස්වක පෝය දවසේ බණ කථාවකුත් කිවුවා කියලා හිතලා කවුරුත් එක්ක හිතාගන්ටකෝ...

[මාරයාගෙන් බණ අහලා නැහැනේ නේද.. මෙ උදවිය..]

39 comments:

  1. සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. අපි ඔක්කොම ඔය කොටිවලිගේ නෙව අල්ලන් ඉන්නේ...එකින් එක එකින් එක ජීවිතේට බර එක්කහු කොරන් අනිතිමේදී දණ බිම ඇණෙන තුරුම දන්නේ නෑ.......

    ReplyDelete
  3. සාදු සාදු සාදු !!!!
    අවසරයි මාරයා උන්නාන්සේ...

    ReplyDelete
  4. වැප්...

    මලයාට බණ අහන්න වෙලාවක් තිබුණැයි...

    ReplyDelete
  5. ඇයි මාරයියේ එහෙම ඇහව්වේ?

    ReplyDelete
  6. Shadow/හේමලයා...

    ඒක නෙවෙන්නං මම මෙ කියන්ට උත්සහ කොලේ..

    ReplyDelete
  7. Amila, "සියපත් විල"...

    බණ ඇහැවුවය..?

    ReplyDelete
  8. වැප්...

    ඇයි මලයාට නැද්ද ගෙදර දොරෙ වැඩපල..කිරි දොවන්න වගේ...ඒවා..

    ReplyDelete
  9. හැකිස් .................
    [ තාම නැහැ වැස්සියෙක් ගේනන ඔනා :D ]

    ReplyDelete
  10. හුහ්......
    මෙව්ව මාර බණ නේ...........??????????

    අයිය ඉතින් ලස්සනට හිමීට වටෙන් කිව්වෙ ගෙදර තනියම වැඩපල කරගන්න එක තමා අයියට හොඳම කියලනේ........... හ්ම්ම්ම්... හ්ම්ම්..............

    ReplyDelete
  11. අම්මප ඕක සම්පූර්ණ ඇත්ත. පහසුකම් වැඩිකරගන්න යනව කියන එකේ තේරුම තියන පහසුකම් නැතිකරගන්න හදනව කියන එකයි. අර කඩ්ඩෙනුත් කියන්නෙ සර්චින් ෆො හැපිනස් ඉස් ද මේන් සෝස් ඔෆ් අන්හැපිනස්!

    ReplyDelete
  12. හා පැටික්කී...

    සුනාථ ධාරෙථ චරාථ ධම්මෙ..කිවුවළු

    ඔන්න ඉතිං නගානං බණ අහල විතරක් නෙවෙයි අවබෝධත් කොරාන තියෙනවා..
    හැබැයි ඉතිං ඒ අනුව කිරියා කොරයිය කියලානං මම දන්නේ නැතුවා..

    ReplyDelete
  13. වැම්පයර්...

    හැබෑටම කඩ්ඩෙනුත් එහෙම කියලා තියෙනවැයි..
    කොහේද ඉතින් හෙළුවෙන් වනනවා ඇර මාරයා කඩ්ඩ දන්න එකක්යැයි..

    ReplyDelete
  14. අම්මේ ඇසල සිරියෙන් ඔකඳ වෙලා මේක ධර්ම මණ්ඩපයක් වෙලා. කෙසේ වෙතත් ඔන්න අපෙනුත්... 'සාදු සාදු'

    ReplyDelete
  15. එකක් පසු පස එකක් ආදී වශයෙන් සැප පහසුකම් සොයා යෑමෙ අවසානය..
    නිවනක් නැති මහා කරදර ගොඩක පැටලීමක් විතරයි කියන එක අපේ හාමුදුරුවරු තේරුම් ගන්නෙ නැති එකනෙ ගැටලුව.

    ReplyDelete
  16. මාර සාදු කෙනෙක් නෙ. සාදු බණ කියනවා විතරනේ නේද?. මම මේ බ්ලොග් එකට අනිවා එනවා. ඔයා ගොඩක් හොඳට ලියනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  17. අන්තිමේදි ඔන්න මාරයාගෙන් මාර බණකුත් අහගත්තා.. සාදු සාදු සාදු!!!

    ReplyDelete
  18. ෂෝක් බණ පොඩ්ඩ.....අපට දම් දෙසා මේ අත්පත් කරගත් කුසල් සම්පත්වල බලයෙන් ඔබට කිරි නොදොවා මීයනුත් වඳ කර ගැනීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා...සාදු සාදු....

    ReplyDelete
  19. අයියේ ඇත්තටම අහන්නේ අර කියපු එකේ තේරුම මොකක්ද??????? :( :(

    ReplyDelete
  20. අමතක උනා අපි නෑ නෑ මම ඉතින් දන්නැති උනත් ඔය අනිත් අය වගේ දෙව්දත් ගල් පෙරලුව කිව්වමත් සාදු ගාන්න අහන් හිටිය නෙමෙයිනේ......... හිකිස්....... ;)

    ReplyDelete
  21. මාරයියා මාරයි නෙව
    සාදු සාදු සාදු
    තැනේ හැටියට ඇණ ගහන්න හොදට දන්නව නෙව :D
    ධර්ම දානයේ බලයෙන් ඔබටද යහපතක්ම වේවා

    ReplyDelete
  22. මචං මාරේ. මං මේ ලියුං කරදහි කෑල්ල එවන්නේ උඹ මේ දවස්වල ගිනි කසයාසේ බ්ලොග් කොටන නිසා, ඒ ගැන ස්තුති කිරිමටයි.

    මේ කතා සැට් එකෙන් මං හුගක් දේ ඉගෙනගත්තා . කවුරුත් කතා නොකරන මෙ විශයය ගෙනාවාට බොහොම පිං. මචෝ හයි වෑර් එකේ ඇවිදිනවා වගේ බැලන්ස් එකට පලයං. වැරදුනොත් බඩුම තමා.වැඩෙ අච්චාරු කරනව එහෙම නොවෙයි ආයිබොං.

    ReplyDelete
  23. ජීවිතේමල්...

    බොහෝ කුසල්..බොහෝ කුසල්...

    ReplyDelete
  24. Praසන්ன...

    හාමුදුරුවරු විතරද සහෝදරයා..
    ඇයි අවශේෂ ජනයා..
    අපි කාටත්..ඔය දේ පොදුයි.

    ReplyDelete
  25. ඉෂාර ගුණවර්ධන...

    කියන්න විතරක් නෙවෙයි තලන්නත් ඇහැකි..
    සංතෝෂයි ආදරයෙන් පිළි ගන්නවා..

    ReplyDelete
  26. හසී...

    ආයේ ඉතින් මෙච්චර එකේ ඔහොමවත් බණක් කිවුවෙ නැතොත් ඒක මහා අඩුවක්නේ..

    ReplyDelete
  27. අප්පේ.. මම බලන්න කියන එකට තලන්න කියල කියන්න හැදුව විතරයි.. හික් හික්.. ආයෙ එඩිට් කලා නේ..

    ReplyDelete
  28. දිනිත්...

    මොම් මොම් මොකක් කිවුවා..
    යකෝ ඒ පින් දුන්න හැටිද..
    අපෝයි ඒ පින් නැති උනාට කමක් නැහැ..
    මාව කෑවනං ඔයිට හොඳානේ..

    ReplyDelete
  29. හා පැටික්කී...

    කොයි එකේද..?

    ReplyDelete
  30. හා පැටික්කී...

    සුනාථ- හොඳින් ශ්‍රවණය කරන්න(අසන්න.)
    ධාරෙථ- ධාරණය කරගන්න(සිතේ රඳවා ගන්න)
    චරාථ- හැසිරෙන්න(අසා අවබෝධ කරගත් දෙයට අනුව)

    ReplyDelete
  31. හසී රන්...

    නගා දන්නේ නැද්ද
    "දහම" සහ "දහං ගැට" ගැන..?

    ReplyDelete
  32. Siribiris...

    බොහෝම ස්තූතියි කිවුවා ලොක්කා.

    අපොයි අපේ තරිඳු මලයා දිනපොත තවත්තලා අච්චාරුව ඇට්ටකුණා කරගත්ත දවස්වල අහපු බැණුං කන්ද දැක්කම නවත්තනවා කියන එක කොරනවා තියා හිතන්නත් බයයි.
    හැබැයි ඉතින් මෙ විරාමයෙන් පස්සේ කියලා..දිගටම වෙන වෙන දේ ද දා ඉන්නත් බැරි නැහැ..

    ReplyDelete
  33. වැම්පයර්...

    හික් හික්..
    ඔහොම ප්‍රින්ටින් මිස්ටෙක් වෙනවා නෙව..ඉතින්...

    ReplyDelete
  34. මිනිහෙක්ව ඇති කරනෙත් නැති කරන්නෙත් ගැනියක්ලුනේ..මේක කියලා තියෙන්නේත් ඔය තාපස බුවා මද දන් නැ.....

    ReplyDelete
  35. මයියා...

    ඒකනං ඉතින් උන්දෑගෙන්ම තමයි අහන්න වෙන්නේ...

    ReplyDelete
  36. මාරයියා බනකුත් කියලා.... අපිත් මාර මිනිස්සු... මාරයන්ගෙන් බන අහන්නත් පින් තිබ්බ එහෙනම් හික් හික්....

    ReplyDelete
  37. පිස්සා පලාමල්ල...

    එහෙනං..එහෙනං...

    ReplyDelete
  38. මීය මැරුවනං වැඩේ අහවරයි ඕං!

    ReplyDelete