17 July 2010

පන්සලේ ජීවිතේ... හොරුන්ගෙත් හොරා...

මහ අල්මාරියේ ලාච්චු විවෘත කල ඥාණාලොක හිමියන් ඒ තුල වූ දෑ තමන් විසින් ගෙනවිත් තිබූ පෝර ගෝනි තුළට ඔබන්නට විය. ලාච්චු තුනම පුරවා තිබුණේ විවිධ ප්‍රමාණයේ පුස්කෝළ පොත් රැසකිනි. පුස් කොළ පොත් ගෝනිවලට දැමීම හිතකින් කල හැකි නොවූවද පොත් තුල ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට ඇති වූ ආශාව නිසාම අප දෙදෙනාද එයට උදවු වන මුවාවෙන් ගොස් පොත් අතපත ගාමින් ඒ තුළ වූ දෑ බලන්නට වීමු.

ඒ සඳහා අපට තරමක් පහසු වූයේ පුස්කොළ පොත් වැඩි ප්‍රමාණයක් නිසි අයුරු බැඳ නොතිබූ නිසාත්, සමහර පොත් තරමක් විනාශ වී තිබීම නිසා පිටු එළියට පෙනෙන අයුරින් තීබීමත්ය..

පුස්කොළ පොත් වැඩි ප්‍රමාණයක් මන්ත්‍ර පොත් විය. ටිකක් වෙද පොත් විය.

මෙතෙක් කලක් මෙම ලාච්චු තුළ සැගවී සිටි අපමණ දැනුමක් හිත් පිත් නැති අයුරින් මෙලෙස පෝර ගෝනි වලට දමනවා බලා සිටීම මා සිතටනම් මහත් වෙදනාවක් විය.
නමුත් කල හැක්කක් නොමැත..අන් සතු දෑය...

වචනයෙන් නොකීවද චන්දවිමල හිමියන්ද මෙයින් මහත් කම්පාවට පත්ව තිබිණි.
පන්සල සතු කුමන දෑ ගෙන ගියද පොත් පත් යනු එසේ ගෙන යායුතු දේ නොවන බව මාගේ හැගීම විය.

පුස් කොළ පොත් ගෝනිවලට දමා අවසන් වූ පසු ලාච්චුවල කෙළවරෙ තිබූ තවත් කොපි පොත් රාශියක් සම්භ විය. ඒවාද පෙරළා බැළුමට එහි වූ දෑ තේරුම් ගැනීමට නොහැකි විය.

ලාච්චු වල තිබූ දෑ අඩුක් කල පසු පටන් ගැනුනේ අල්මාරියේ උඩ කොටසේ වූ පොත්පත් ගෝනිවලට දැමීමයි.

මෙ අඥාණ ඥාණාලෝක හිමියන් කරනා දේ ඉවසා සිටිය නොහැකි තරම් විය.

අවසන සියල්ල ගෝනිවලට දමා අවසන් වූ පසු පාරේ නවතා තිබූ වෑන් රථයට ගොස් පටවා දෙන ලෙස අපගෙන් ඉල්ලා සිටි ඥාණාලෝක හිමියන් , තමාද ගෝනියක් කරේ තබා ගත්තේය.

මාද සියළු දෙනාටම පසුපසින් අඳුරෙම ගෝනියක් කර තබා ගත්තෙමි. පන්සල් භූමියේ විදුලි පහන් දල්වා නොතිබුණි.
ඒ ඥාණාලෝක හිමියන්ගේ උපදෙස් මතය..
අඳුර හරහා වෑන් රථයට යන පාරෙ බණමඩුව අසලදී මාගේ උරහිස මත තිබූ ගෝනියෙන් අතට අසු වූ පොත් පත් කිහිපයක් හිමින් සීරුවෙ බණ මඩුවෙ බිත්ති කණ්ඩියකින් අත දමා බණ මඩුව තුළ වූ බංකුවක් මතට දැමූ මා, නැවත වතාවක් දෙවන වරටද එතැනින් ගෝනියක් ගෙන යද්දී පෙර මෙන්ම පොත් කිහිපයක් අඳුරෙ සගවා දැමුවෙමි. පුස්කොල පොත් ඒ අතර නොවිණි.

සියල්ල පටවා අවසන් වූ පසු පිරිස යාමට සූදානම් වෙද්දී..මා විසින් ඥාණාලෝක හිමියන්ගෙන් විමසා සිටියේ මෙම පොත් වලට කුමක් කරන්නේද යන්නයි.

"ආ මම එන ගමන් අපේ පන්සලේ පොත් රාක්ක කිහිපයක් අස් කරලා ආවෙ..මෙවා තැන්පත් කරලා තියන්න.
කවදා හරි මෙ පන්සල ස්ථාවර මට්ටමකට ගත්තට පස්සේ ආපහු මෙවා මෙහාටම ගේනවා.."

එසේ කිවූ ඔවුන් වෑන් රථයේ නැගී පිටත්ව යන ලදින් අප දෙදෙනා නැවත පන්සලට පිය නැගීමු.

"අපරාදේ කොච්චර වටින පොත් ගොඩක්ද මෙ මනුස්සයා අර කිසිම ගාණක් නැතිව ගෝනිවලට පටවන් ගියේ..
කොහේද අපිට පොත් ටිකක් අහක් කර ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැනේ.."

චන්දවිමල හිමියන් දුක්මුසු හඩින් කොඳුරන්නට විය.

"මම නම් පොත් දෙක තුනක් අන්න බණ මඩුවට දැම්මා. හැබැයි හාමුදුරුවනේ කලින් දැනගෙන උන්නනම් මම ඔය ලාච්චුව හාමුදුරුවන්ට ඇරලා දෙනවා...ගුරුකම් කෙසේ වෙතත් චෙද පොත් ටික කොච්චර වටිනවද..?"

චන්ද විමල හිමියන්ද සිනාසෙමින් මා අනුමත කල අතර තමාට එසේ කිරීමට නොහැකි වීම පිළිබඳ කණගාටු විය.

පසුව බණ මඩුවෙ තිබූ පොත් ටික අප දෙදෙනා විසින් ආවාසයට ගෙන ගොස් කියවන්නට උත්සහ කලෙමු.

අවාසනාවක මහත..ඒ අතර කිසිදු වෙද පොතක් නොවීය..
සියළුම පොත් කාණ්ඩ අංක යොදා තිබිණි.
පැහැදිලි පිරිසිදු අත් අකුරින් එහි ලියා තිබුනේ බලගතු මන්ත්‍ර රාශියකි.
සෑම පොතකම ඇතුළට කහ පැහැති කඩදාසියක් යොදා තිබිණි.එහි මෙසේ සඳහන් විය..

"මෙ සියළුම මන්ත්‍ර අප පන්සලේ ඇති පුස්කොළ පොත් තුළ ඇති ඒවා වන අතර එහි මතු ආරක්ෂාව සඳහා මෙසේ පිටපත් කරමි.
කරුණාකර මෙවා කියවන කිසිවකු මෙහි ඇති මන්ත්‍ර පාඩම් කිරීමෙන් වළකින්න.එය ඔඛෙ පරිහානියට හේතු වනු ඇත.
අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගන්නවා විනා පාඩම් කිරීම නිසා සිතේ වෛරයක් ක්‍රෝධයක් ඇති වූ විට මෙම මන්ත්‍ර සිහියට නැගුණහොත් එයින් විය හැකි හානිය බරපතළය. කිසිවකුට විපතක් වූ පසුව පසුතැවීමට වඩා එසේ නොකර සිටීම මැනවි.

මෙයට.......... ............හිමි.
196... ..... ......"


පාඩම් කිරීම සඳහා නොව එහි තිඛෙන්නේ මොනවාදැයි බැලීමට තරමක් පොත් කියවූ අතර වැඩි හරියක්ම වූයේ හදි හූනියම්ය..

ඒවා කියවීම එතනින් අවසන් වූ අතර චන්දවිමල හිමියන් පැවසූ පරිදි එම පොත් එළියේ නොතබා මා විසින් සගවා තැබිණි.

මෙම පන්සලේ ඉතිහාසය කියවීමෙදී අවසන් වරට මෙය තරමක් හෝ හොඳින් පාලනය කල සාරානන්ද හිමියන් මෙම මන්ත්‍ර පොත්පත්වල හිමිකරුවා විය. බණ දහමට එතරම් දක්ෂ නොවූ හෙතෙම ගුරුකම් වැඩ වලට පසිදු විය. නමුත් කිසි විටකත් අනුනට හානියක් කිරීම සඳහා ඒවා ප්‍රයෝජනයට නොගත් අතර.. කිසිවකුට හෝ යම් අකටයුත්තක් වූ විට නම් නිසි පල ගෙන ඇති බව මා අසා ඇත්තෙමි.

පැරණි අය කියනා අන්දමට මෙම ආවාසයේ රහස් බිම් ගෙයක් තිබී ඇත. පසු කාලීනව එය වසා දමා ඇති අතර, අදටත් පන්සලේ එක් තැනක පොළවට පයින් ගැසූ විට එයින් බොල් හඩක් නැගේ..

එම කාමරය මෙම ගුප්ත වැඩ සඳහා යොදාගෙන ඇති අතර පසු කාලීනව එය වසා දැමුනු පසු මා නැවතී සිටි ආවාසයේ ඉදිරිපස කාමරය ස්වකීය ලැගුම් ගෙය කරගත් එම ලොකු හාමුදුරුවන් සියළුම ගුරුකම් කටයුතු ඒ තුළම හිඳ කර ඇත.

අවසානයේ උන්වහන්සේ අපවත් වූයේද මහ දවල් දොළහට පමණ එම කාමරයේදීමය.

ඒ පිළිබඳව කතාව මා මුලින්ම අසා දැන ගත්තේ මා පැවිදි වී ටික කලකට පසු දහම් පාසලේ ඉගැන්වූ මහළු ගුරුවරියගෙනි.
එවකට මා පැවිදිව වසරකට ආසන්න වී තිබිණි.
චන්ද විමල හිමියන්ද පන්සලත් සසුනත් හැර ගොස් තිබිණි.
පන්සලේ මා තනිවම විසූ අතර සියළු කටයුතු මා තනිවම කරගන්නා ලදි.

මා හැර මෑත කාලයේ කිසිවකු මෙම පන්සලේ තනිව රැයක් ගත කර ඇත්නම් ඒ එක් අයකු පමණි. නමුත් ඒ එක් රැයෙන් පසු ඔහු පන්සලෙන් යන්නටම ගියේය.

මෙසේ මා තනිව විසීම පුදුමයක් කර ගත් අර පළමු කී උපාසක අම්මා මට මෙහි විසූ ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීමෙ කථා පුවත විසිතුරු කර කියාපාන ලද්දේ මා ඇගයීමටද,නොඑසේනම් මා බිය කිරීමටද යන්න මා නොදනිතත්,
ඇය වැනි කිහිප දෙනෙකු පන්සලක දායකයින් විණි නම් පන්සල් සියල්ල වසා දැමීමට වැඩි කලක් නොයනු ඇතැයි එම කතාව මාහට පැවසූ දිනම මා අවබොධ කර ගන්නා ලදි.

ඇයට අනුව ලොකු හාමුදුරුවන් අපවත් වී ඇත්තේ මහ දවල් දොළහට මන්තරයක් වැරදී සිදු වූ හුටපටයකිනි.
තම කාමරය තුළදීම පුටුවක් මත දිව අඩියක් පමණ එළියට ඇදී ඇස් ගෙඩි දෙක අයා ගෙන අපවත් වූ හිමියන්ගේ දේහය දුටුවන් බියපත් කරවන සුළුබව ඇය විසින් මැනවින් මවා පෙන්වන ලදි.

පසුව කිහිප දෙනෙකුම මා හට කිවූ පරිදි එම කරුණු ඇත්ත කාරණා වූ අතර දිව නම් ඇය කියූ පරිදි අඩියක් පමණ එළියට පැමිණ නැති අතර තරමක් අස්වාභාවික තරමකට එය එළියට ඇදී තිබූ බවනම් පැහැදිලි විය.

මෙම පොත් ඒ හිමියන්ට අයත් විය.

පසු කාලයකදී මා කොළඹ පන්සලට ගිය මොහොතේ මා විසින් පළමුව කරනු ලැබූවෙ එම පොත් පත්වලට කුමක් සිදුවීද යන්නයි.
ඒවා කියූ පරිදිම සුරක්ෂිතව තිබුණි..
නමුත් අර කියූ රාක්කවලනම් නොවෙ..
එදා ගෙන ගිය පෝර කවර තුළම සුරක්ෂිතව ඥාණාලොක හිමියන්ගේ කාමරය මුල්ලේ ගොඩ ගසා තිබිණි.
නැවත කිසි දිනක එම පොත් ආපසු අපට ලැබුණේද නැත..

කෙසේ නමුත් එම පොත් මංකොල්ලයෙන් පසු, මා හට සහ පන්සලට ඉතිරි වූයේ කියවීම පිණිස මා විසින් කාමරයේ තබා තිබුණු සද්ධම්මරතනාවලියත්, මන්තර පොත් කිහිපයත් පැරණි පොත් පත්තර ගොඩක තිබී මා විසින් සොයාගෙන කියවමින් තිබූ ජාතකරතනාකරය නම් වූ ජොතිෂ්‍ය ග්‍රන්තයත් පමණි.

...........................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

48 comments:

  1. වටිනා කියන දැනුම් සම්භාරයක් තමා ඔය විදිහට අරන් ගිහින් තියෙන්නේ. ඔය විදිහට අපේ මුතුන් මිත්තෝ දැනගෙන හිටිය දේවල් කොච්චර විනාස වෙලා ඇත්ද ?

    ReplyDelete
  2. Hasitha...

    ඇත්තටම මල්ලී..ඔය විදියේ වැඩ සහ ගුරු මුෂ්ඨි නිසා හුගාක් දේ අද වෙනකොට අපිට නැති වෙලා ඉවරයි.

    ReplyDelete
  3. ඔන්න ඉතින්, ඉඳලා ඉඳලා හරියට රෑ 12ට කිට්ටුව දැම්මා නේද ටිකක් බය හිතෙන පපුව ඩිගි ඩිගි ගාන සයිස් පෝස්ට් එකක්.

    හෆෝයි, නින්ද යන එකකුත් නැද්ද මන්දා අද.
    :(

    ReplyDelete
  4. මාරයිනේ.. පරම්පරා ගාණක් තිස්සේ රැකගෙන ආපු දේවල් නිකන්ම නැති වෙලා යනකොට....

    ReplyDelete
  5. මාර බොස් මම බෞද්ධයෙක් නොවුනත් අපේ රටේ තිබුන මෙවැනි මන්තර ගුරුකම් විශ්වාස කරනවා,ඒ උනත් දැන් නම් ඒ වගේ දේවල් නැත්තටම නැති වෙලා ඉවරයි,දැන් ඉන්නේ බොරු කාරයෝ විතරයි , මම දන්න විදිහට මේවා ගොඩක් තිබුනේ පන්සල් ඇතුලෙම තමා ඒවා විනාශ වෙලා තියෙන්නෙත් පන්සල් වලින්මයි,,,,,,
    හැබෑට කවුද අරයට ඥාණාලෝක කියල නම දුන්නේ,
    (ටක්කෙටම ටකේ මම හිතුවා ලාච්චු වල තිබුනේ මේ වගේ හුටස් පරයක් තමා කියලා,ඔයා කියපු විදිහටම නිදන් උනත් තියෙන්න ඇති, හැබයි මේ තිබුන දේවලුත් නිදානයක්ම තමා)

    ReplyDelete
  6. Ansh Lucky Sri Jay...

    අපොයි..සොරි වෙන්න ඔනේ..
    බය කරන්න හිතුවා නෙවෙයි.

    ReplyDelete
  7. පුතා...

    අනිච්ඡාවත සංඛාරා...!

    ReplyDelete
  8. ItalyDilan...

    බෞද්ධයකු නොවීත් ඔබ සිතනා ආකාරය පිළිබඳව ඇත්තෙන්ම මම සතුටු වෙනවා.
    ඥාණාලෝක නම නම් මම දුන්න එකක්. ඇත්ත නමත් ඒ ළගින්ම යන එකක්.

    පොත්වලට වඩා නිධානයක් මගේ ජීවිතේ කවදාවත් තිබිලත් නැහැ,තියෙන්නෙත් නැහැ.

    ඇතිවෙන සෑම දෙයක්ම නැති වෙන සුළුයි..ඒකයි යථාර්තය... ඒක පිළිගන්න අපි සූදානම් නං ප්‍රශ්න අඩුයි..සතුට වැඩියි.

    ReplyDelete
  9. මාරයෝ මම අහම්බෙකින් ඔබේ බ්ලොගයට පැමිනියෙමි, පලමුවම කියෙව්වෙ ජුං අලයගෙ කතවක්. එ අතිවුන ආසවට මම මෙ අවුරුද්දක විතර කාලයට ඔබ දාපු හැම ලිපියම වගේ කියෙව්වා. කියන්න වචන නෑ අත්තටම. පට්ටම සිරා.
    ලිවීමේ ක්‍රමය මාර සජීවියි, හැම වෙලෙම මම කියෙව්වෙ එක තුල ජීවත් වෙමින්. එ සජීවී කම ලොකු කතවකයි, උඹ බොනව කියනවා කියන පොඩි ලිපියෙත් තිබ්බ අයියෙ. මාර අයියෙ ඔය නවකතාවක් ය්ජියන අපූරු ජීවිත අත්දකීම් ටික පොතක් කලොත් නරකඩ. අඩුම තරමෙ මේ ලිපි ටික මෙහෙමම පත්තරෙකට වත් දාන්න තියනවනම් බ්ලොග් වලට එන්නෙ නැති තවත් දහස් ගනනක පිරිසක් එවා රස විදියි.
    එහෙනම් මාර අයියෙ, පන්සලේ කතවත් ඉඩ තියන හැටියකට ඉක් ඉක්මනට දනවා හොදයි, මාර ආසාවෙන් ඉන්නෙ කියවන්න. උඹට සදා ජය. තනිකඩ ජිවිතෙත් ඉක්මනටම ඉවර වේවා කියල පතනවා.

    ReplyDelete
  10. Amila, "සියපත් විල"...

    ඔක්කෝම ලිපි කියෙවුවා කියන එක නම් අදහන්න වටින කතාවක්..
    මම දන්නවා එකේ තියෙන අමාරුව..ස්තූතියි නුඹට නුඹ කවුරුන් වූවත්.

    සතුටුයි ඔබ දැමූ ප්‍රතිචාරයට හුගාක්ම..

    ReplyDelete
  11. ගිහියො හොඳයි නෙව මාරයියෙ..

    ReplyDelete
  12. ලොක්කො, අර මංතර ටිකක් අපටත් කියලා දෙන්නකො.. වශී ගුරුකම් වගේනං වඩා හොදයි... :)

    ReplyDelete
  13. වැම්පයර්...

    ඔන්න ඔන්න මල්ලී සංසංදනය කරන්න පටන් ගත්තා..
    ගිහියෝ හොඳද.. කියලා බලන්නකෝ තව ඉස්සරහට..
    මලයාම කියයි හාමුදුරුවරු හොඳයිනේ බං කියලා...

    ReplyDelete
  14. Buratheno...

    ආන්න මලයාට විතරයි ඒක කල්පනාවට ආවෙ..

    තාමත් මගේ ළග ඒ හුගාක් මන්තර නම් තියෙනවා.
    ඒත් බං ඒවා අතහදා බලන්නත් අමාරු දේවල්.. මන්තර කිවුව ගමන් ඔනම කොල්ලෙක් අහන්නේ වශී ගුරුකම් තමයි..මා ළග හිටපු ගොලයෝ කිහිපදෙනෙකුත් ඔය දේවල්ම උගන්නන්න කියලා කියපු අවස්ථා තියෙනවා....
    මම ඒ වෙලාවට බැහැ නොකියා මුලින් මන්තර පාඩම් කරපල්ලා පස්සේ වැඩෙ කියා දෙන්නම් කියලා ජොතිෂ්‍යයට අයත් ශ්ලෝක ලියලා දෙනවා පාඩම් කරන්න.සමහර ඒවා මටත් පාඩම් හිටින්නේ නැති ඒවා..අපරාදේ කියන්න බැහැ උන් ඒවා නියමෙට කට පාඩම් කරනවා..කෙල්ලෝ දමා ගැනීම ගැන හීන මව මව..

    ReplyDelete
  15. අනේ අර පොත් ටික අපරාදේ...

    ReplyDelete
  16. මංතර ටික කටපාඩම් කරගෙන බිස්නස් එකක් පටන් ගන්න තිබුණනෙ. අහවල් ගමේ මාරයා ගුරු හාමුදුරුවෝ කියල පත්තරේ ඇඩ් එකක් දාල එහෙම.

    ReplyDelete
  17. යන්ත්‍රර මන්තර නම් අපේ පලාතේ එකසිය ගාණට.. ඕව මොන බොරුද. අපේ ගෙදරට කරපු වින්නැහි හරි ගියා නම් මෙලහකට අපි මැරුණතැන්වල මහ ගසුත් පැල වෙලා...

    හිත තමයි හැමදේම.

    සමහරුන්ට නම් හූණියමක් කැරා කියල කීවත් ඇති බයේ සිහිසන් වෙන්න..

    හූනියම වෙන මුකුත් නෙමෙයි. අපේ හිතමයි...

    පන්සල් වලට ඔය හූනියම වෙන්න එක හේතුවක් තමයි බුදු හාමුදුරුවො කිසිකලකවත් නොකරපු මන්තර ගුරුකම් හදිහූනියම් පන්සලට ගාවා ගැනීම.

    මොනා වුනත් නොදකින දේ නොදන්නා දේ වැරදි කියා බැහැර කරන්නත් බැහැ....

    කොහොම වුනත් චතුෂ ඔයා හරිම දක්සයි... හොදට ලියනව. ලියන දේවල් පරිස්සම් කරල තියා ගන්න. අපි පොතක් පලකරමු පුලුවන් වුන කාලේක...

    ෴ඔබට ජය ෴

    ReplyDelete
  18. සිංහල‍යගෙන් සදහටම ඈත් වෙලා යන්න ඕන දෙයක් විදිහටයි මම මේ හදි හූනියම් මන්තර ගුරුකම් දකින්නේ....

    පත්තර වල හාමුදුරුවරු කරන හදි හූනියම් ගුරුකම් වශී බන්ධන තරමට හරියනව නම් අද අපේ රටේ තියන සමාජ ගැටළු වලින් 50% කටත් වඩා අඩු වෙන්න ඕන...

    ඊට වඩා හොදට පන්සිල් පද රකින සමාජයක් ඉන්නව නම් අපේ රටේ පවුල් ගැටළු වලින් බොහෝමයක් ඉවරයි ....

    ඔබ වැනි අයෙක් මෙවැනි දෙයක් ලිවීමෙන් අපට මෙතෙක් වැසී තිබූ සමාජ පැතිකඩක් දකින්න අවස්ථාව උදා වෙනව.

    පන්ස ගැන ක්‍රෝධ සිත් ඇති කර නොගෙන යථාර්ථය නියමාකාරයෙන් දකින්නට ඔබ ලියන සෑම වචනයක්ම ඉවහල් වන බව නොකියාම බැරිය.

    ReplyDelete
  19. දෙයියෝ සාක්කි... මට ඒත් හිතුනා එදා සමු දෙනකොට සු‍ටු පු‍ටු ගෑවේ මොනවද කියලා...! අඩි කීයද යන්න හම්බ වුනේ හුලංගියා රෝදේ...

    මම නම් ඔය නොදන්න සාත්තර ඇත්තද බොරුද කියලා කියන්න හදිස්සි වෙන්නේ නෑ... ඉගෙන ගත්තු යුක්ලීඩියන් ගණිතයෙත් ඉතින් "ලක්ෂ්‍යය" යන්න අර්ථ නොදක්වා විස්වාස කරලා (Norms..) ඒ මතම මුලු ඛණ්ඩාංක ජ්‍යාමිතියම ගොඩනගනවා... එතකොට අර විශ්වාසය challenge වුනොත් මුලු කුට්ටියම ඉවර වෙනවා... ඉගෙන ගත්තු සාස්තරත් ඇබිංදක් කොට නොදන්නා සස්තර කොපමණ ඇත්ද... මළේ ඔය දන්නා අඳුරන කෙණෙකුට ඔය වසියකින් පොඩි උදව් පදව්වක් කරහංකෝ... loop කරලා කොම්පීටරෙන්ම ලස්ස වාරයක් ජප කොරන්න බැරියෑ ඊ මේල් එකකට... ඊට පස්සේ ඉතින් send කරහම බඩු හෑව් නේ...??

    ඕං පොතක් ගහනවානම් බර පැණින් උදව් කරන්න පංගුවක් පුලුහං හැටියට භාර ගන්නම්... අර දැන් අමෙරිකාවේ ඉන්න හාමුදුරුවෝ කෙනෙකුන් ලියූ "තුම්පණෙන් අමෙරිකාවට " කියන පොතත් මේ වාගේම ලස්සනයි... උන්වහන්සේ විඳි සියලු දුක් ගැහැට උන්නාංසෙට දැන් ඔය කරන ධර්ම ප්‍රචාර කරන්න උදව් වුනා කියලා, තමන්ට හතුරු කං කරපු සියලු අයට උන්නාංසේ පිං දෙනවා...

    ReplyDelete
  20. නියමයි මචං, කතාව එන්න එන්නම රසවත් වෙනවා. මේ ටික කියව්වෙ එක හුස්මට . . . කෙල ගිලුනෙත් නැහැ . . ! තව ඉදිරියට තව තවත් හොඳින් ලියවෙයි කියලා හිතනවා.

    මචං මට මුලු සීසන් එකටම එක පාර ටිකට් එකක් ගන්න පුලුවන්ද ?

    ReplyDelete
  21. වත් සහ බුධාජීව දෙන්නාම මාතර ගුරුකං දන්නව වගේ...!!!

    ReplyDelete
  22. @කතන්දරකාරයා: පික්ෂුද? මම නං මැතිරුවේ ඉම්පෝටඩ් මංතරයක්, ලෝකල් මංතර වල කොලිටි නෑ නෙ!

    ReplyDelete
  23. මම නම් දන්නේ සතරකණ්මන්තුණය තමයි...

    ReplyDelete
  24. Praසන්ன...

    හපොයි පන්සලයි සිවුරයි විකුණගෙන නොකෑවට මට තාමත් මගේ හයියෙන් ජීවත් වෙන්න පුළුවන්...

    ReplyDelete
  25. wath...

    මම පන්සලේ ඉන්නකාලේ දවසක් පන්සලට හදිසියේ ගොඩ උන මනුස්සයෙක් මට ජීවම් කරපු තෙල් ටිකක් දුන්නා මා ගැන පැහැදිලා. ඒ මනුස්සයා ඊට කලින් වරක් දෙවරක් පන්සලට ආව ගිය කෙනෙක්.ඒ මම මහණ වෙන්න කලින්.

    මම මහණ වෙලා ටික කාලෙකින් ඇවිල්ලා පන්සලේ ඇති වෙලා තිබුණු වෙනස දැකලා තමයි ඒ දේ මට දීලා ගියේ.

    යන්න කලින් ඒ තෙල්වලින් කරන්න පුළුවන් දේවල් මට පෙන්නලා ගියේ මට දුන්නේ බිංදු තුනයි. මම එක පාරක් ඒවගෙන් ප්‍රයෝජන ගත්තා අනිත් ටික තාමත් මා ලග තියෙනවා.

    ඇත්තටම අපි නොදන්නවා උනාට මන්තර කියන්නේ අහක දැමිය යුතු දෙයක් නෙවෙයි.

    ඒ මනුස්සයා අම්බලන්තොට..
    මට නිකං දුන්නතෙල් ප්‍රමාණයම පස්සේ දවසක රුපියල් පණස් දාහක් ගෙවලා මම දන්න කියන හාමුදුරු කෙනෙක් ඒ මනුස්සයගෙන් ගත්තා.

    මන්තර ගුරුකං බොරු නෙවෙයි.කරන මිනිස්සුයි බොරු කරන්නේ...

    ReplyDelete
  26. wath...මන්තර ගුරුකම් හෝ වෙවා වෙනයම් කිසිම සාස්තරයක් නැති වෙලා යනවට මම නම් කැමති නැහැ.
    අපි ලේසියෙන් අමතක කරලා දාන්න හැදුවට ඔය දේවල් හොයා ගන්න හෝ නිර්මාණය කරන්න මිනිස්සු කොයි තරම් වෙහෙසිලා ඇද්ද..?
    අපි කොහොමද ඒ මිනිස්සුන්ගේ මහන්සියට පයින් ගහන්නේ.

    ඒ දේ අපි පාවිච්චි කරන විදිය අනුව ලබන ප්‍රතිඵල වෙනස් උනාට ඒක මන්තර සාස්තරෙ වැරැද්දක් නෙවෙයි. අපෙ වරදක්.

    අනික මොනවා හරි දෙයක් තිබුන පලියට ඒක හැම දේටම පාවිච්චි කරන්න යන එකයි වරද.

    පන්සිල් රකින සමාජය ගැන නම් මාත් එක්ක කතා නොකර ඉන්න තරමට හොඳා..

    ස්තූතියි හැමදාමත් ළග ඉදගෙන කරන්නා වූ දිරිමත් කිරීමට..
    ඔබට සදා ජය..!

    ReplyDelete
  27. තිස්ස දොඩන්ගොඩ...

    අපොයි දෙයියනේ..එහෙම විපතක් උනා කියලා මම දන්නේ දැන් නෙව...

    මම සුටු සුටු ගෑවාද..? මඩ මඩ එහෙම පිටින්ම මඩ.

    ඒයි අයියේ මට හිනා යනවා බං.. දෙන්නත් එක්ක ජැක් ගහගෙන හරි ආතල් එකේ ටයර් මාරු කරන්න ඇති නේද..?අෆොයි..වනේ වන හතුරෙකුටවත් එහෙම නොවෙවා..

    අයියා කියන දේ හරි අපිට සමහර දේවල් උගන්වද්දී කිසිම ප්‍රශ්න නැගීමකින් තොරව ඉගෙන ගන්නවා. සමහර විෂයන්වලදී තර්කයට ඉඩක් ඇත්තේම නැති තරම්.
    මම ආසම විෂයක් තමයි ඉලෙක්ට්‍රොනික් විද්‍යාව. ඒත් මට ඒක ඉගෙන ගන්න තියෙන ආසාව නැති උනේමට තියෙන ප්‍රශ්න වලට ගුරුවරුන් උත්තර දෙන්නේ නැතිව..එයාලා කියන ආකාරයටම ඉගෙන ගැනීමට පමණක් සිදුවීම නිසයි.

    චුම්බක ශක්තිය ගැනත් එහෙමම තමයි.

    මම කියන කරුණු සමහර විට දන්නා අයට සුළු දේවල් වෙන්න පුළුවන් නමුත් මට නම් මහා ගැටළු.

    අපි හැම දේම විද්‍යාවෙන් විසදන්න හදන පිස්සෝ ටිකක් විතරයි.

    ReplyDelete
  28. දුමී...

    පොච්චියේ හුස්මක් කටක් අරගෙන කියවමු..නැත්තං ඔහොම කියවලා ෆියුස් එක ගියොත්..මම එපැයි ඒකටත් වග කියන්න.

    ReplyDelete
  29. budhajeewa...

    එක පාර ඇතිද..? 108ක් එහෙම ඔන නැතිද..?

    ReplyDelete
  30. කතන්දරකාරයා...

    මටත් පේන්නේ ඒ වගේ තමයි. කෝකටත් ආරක්ෂාවක් දාගෙන ඉන්න එක හොඳයි වගේ..

    "ශෛරොඩාකී භාදූ ග්‍රාඩිකිතිලා ලෝකා බන්දේස් ශක්‍රාන් නාරායනේ මන්ඩල තුයි කීස්ස්‍රාඩි අඩගු සින්ධන්තු කට්ටු කිල්ලු තිල්ලූ"

    ReplyDelete
  31. budhajeewa...

    දැන් එහෙම ඒවාත් තියෙනවාද..?

    ReplyDelete
  32. wath...

    අපොයි ඒක තමා භයානකම මණ්ත්‍රණේ..

    ReplyDelete
  33. යකෝ මේ විදියට ලියන්න ගියොත් අපි කොහොමද කියවන්නේ... ටිකක් හිමීට ලියපන්.... අපිට වෙලාව අඩු පාඩුයි. හිටුකෝ වෙලාවක කියවන්නම්. පන්සලේ මොකද කරන්නේ?

    ReplyDelete
  34. @මාරයාගේ හෝරාව: මේවා ඇවිල්ලා අපෙ එලිසබැත් ආච්චිගෙ දේසෙං ඉම්පෝටඩ් කොරපු මංතර, ලෝකල් ඒවා වගේ 108 පාරක් ජප කරන්න ඕන නෑ, මැජික් පොල්ල ඒම් කොලා කිව්වා. ඉන්ස්ටන්ට් රිසල්ට්ස්! :P

    ReplyDelete
  35. බිඟුවා...

    යකෝ මාර කෙළියක්නේ...(මගේ කෙළියම තමා)
    කස්ටියක් ඉක්මනට ලියන්න කියනවා..ඒ අස්සේ බිගුවා හිමීට ලියන්න කියනවා.

    මට එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  36. budhajeewa...

    ඒ මන්තරත් ටිකක් පුරුදු උනානං හොඳයි වගේ...

    ReplyDelete
  37. නෑ නෑ මලේ අර දුමී සහෝ වාගේ කට කහනවට කියාපු කතාවක්... හිත හොඳින් ආ ගමන කිසි අතුරු ආන්තරාවක් වුනේ නෑ...

    ඇරත් දෙකේ දෙකේ නාම්බෙක් එක්කන් ආවේ ඔව්වට නොවෑ... මං මොට ටයර් මාරු කරනවද...?

    ReplyDelete
  38. එහෙනම් කමක් නැහැ..
    මම ඒත් බැළුවා එහෙම නම් මට නිකමට හරි කියන්න එපැයි.
    හික් හික් අපොයි යෝගියා...
    හැබැයි ඔව්වා කියන්න ගිහින් දෙකේ දෙකේ නාම්බා කෙළලා අදියිද දන්නේ නැහැ අර වෙලේ කතාව හෙම..ඔන්න මම නම් නෑ හොඳේ...

    ReplyDelete
  39. අප්පට සිරි ඔය ඇරලා තියෙන්නේ ලාච්චුව...

    අපරාදේ වටිනා පොත් ටික...

    මොනවා උනත් යන්ත්‍ර මන්ත්‍ර බොරු වෙන්න ..බැහැ...මමත් කියවලා තුයනවා..ඔය වගේ පොත්.....එත් ඔයවගේ දරුනු වඩගැන ලියලා තිබුනොතින්...යටින් ලියනවා පින් පවු ගැන දැන කරනු....,ගුරුවරන් ලබාගනු...,අනවරම් ලගනු,,,,
    කියලා මම වරදිනම් නිව‍රැදිකරන්න....ඔය හැම එක්කම නිකන් ඉබේ පහල උනැවා නොවේ.....කිසියම් හෝ අකාරයකට ලබගතයුතු දේවල්.... පරම් පරවෙන් පරම් පරවට හැමදේම දෙන්නේ නැත්තේ ..ගුරු මුශ්ටිය ලගතබාගෙන....ඉන්නේ සම්හර දෙවල් සමහර අයට ..ලැබොය යුතු නොවන නිසා....එකයි පරම් පරව්ට ඔව ලැබිල නැත්තේ.....නහයට අහන්නේ නැති පුතෙකුට අහු උනොත් ..මොනතරම් දේවල් වෙන්න පුලුවන්ද..?..සමහර මන්ත්‍ර..තියන්වා.අතට මතුරා ගැහැඋවොත් ඒ අය මැරෙන්න පුලුවන් එවා....."කාලම් පුගන්න.." මේවගේ දෙවල්..වැරදිඅය ලාට ගියොත් ඉවරෛනේ තරහ යනකොට මතක් උනොත් ...ඉවරයි..නේද..?..

    නැත්නම් ඔනතරම් තියනවා වැඩර්ගන්නවානම්......වැඩ මිනිස්සුන්ට ..හොදක් කරන්නපුලුවන් ..දේවල්.....නේද..?මිට වඩා මෙතන ලියන්න් අයන්නෙ අනැහැ...

    කටපාඩම් නොකාන තරමට හොදයි....

    ReplyDelete
  40. හපොයි මේ තිස්ස මහතැන, අර බෝ පැලේ වගේ ඉන්න යෝගි කොලුවාට නේද "දෙකේ දෙකේ නාම්බා" කිව්වේ. අම්මපා මම එහෙම නං කියනවා අර වෙලේ කතාව.

    ඕං මගෙනුත්,ඇවිලෙන ගින්නට පිදුරු ....

    ReplyDelete
  41. ඉලංදාරියා ...

    හරියටම හරි...

    පන්සල් පැත්තේ හිටිය උදවියට ආයේ අමුතුවෙන් කියාපාන්ට ඔනය ඔවගේ හැටි..?

    පිහියකින් ගත හැකි වැඩ කොතෙක්ද..? ඒත් ඉතින් ඒක අහුඋන එකාගේ හැටියට තමා වැඩෙ කෙරෙන්නේ..නැද්ද..?

    ReplyDelete
  42. Siribiris...

    ෂුවර් උඹ නං N.G.O.කාරයෙක්..උන්ට තමයි ඔහොම ගේම් දෙන්න පුළුහං..හික් හික්..

    ReplyDelete
  43. අනේ නෑ මචෝ. ජුංගෙ පිටින් දාලා හරි වෙලේ කතාවත් කීවනං තමා වටින්නෙ. ඒත් අපේ ලොක්කා අකමැතිම නං නොකීවාට කාරි නෑ.

    ReplyDelete
  44. Siribiris...

    කොහොම කියන්නද අප්පා..
    තිස්ස අයියාගේ සෙන්සර් අප්සට් බව අක්කා දැන ගන්නවානේ..?පව්නේ..

    ReplyDelete
  45. ඒ එක්කන් ගිය නාම්බ ඒක කියන්න ඕනෙ කට්ටියට
    ඒ දවස්වල ම කියල තියෙන්නෙ,
    අතිශයින්ම විශ්වාසවන්ත යාළුවො
    එක්ක ගියා ම ඔහොම තමා..
    ඕව අය්යට හොඳ පාඩම්...

    ReplyDelete
  46. චේජනා...

    ඔය ඇත්තමද..?
    වෙන්න බෑ...

    [තිස්ස අය්යේ..පටි රෝල් වගේ..]

    ReplyDelete