02 August 2010

150 පැන්න පිරීතිය නිමිති කොටගෙන...

දන්නෙම නැතිව ලිපි එකසිය පණහටත් ආවානේ...
මම මෙ බ්ලොග් ලිවිල්ල පටන් අරගත්තේ මට මතක හැටියට ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ අග වගේ...
ඒ කියන්නේ දැන් මාස නවයකට ආසන්නයි. නවය තිහෙන් වැඩි කලාම කීයද..?270යි නේද..?

ඒ කියන්නේ දවස් දෙකකට එක ලිපියක් ගානේ වගේ වෙන්න දාලා තියෙනවා.. ඊටත් චුට්ටක් විතර වැඩියි වගේ..

අප්පච්චියේ ඇති දවසක් ඇර දවසක් ගෙදර ඇවිත් ගෙදර තියෙන රාජකාරි ටිකත් කොරන ගමන් මෙ ගාණට ලිවුවා හොඳටම මදෑ...

පස්සෙන් එළවන කට්ටියත් 119 ක්ද කොහේද ඉන්නවා. ලොකු ගාණක් නම් නෙවෙයි ඒත් ඉතින් ඒ මදෑ...

අර ලිපි වලට ආපු ගියපු ගණනත් තිස්හත්දාහ පැනගෙන යනවා..
හැබැයි ඉතින් ඒ ගාණ මාත් ඇවිත් යන ඒවාත් එක්කනේ. ඒ ගැන නම් ඒ තරම් සතුටු විය හැකි මට්ටමක් නැහැ.
විශේෂයෙන්ම මගේ ලිපි කියවලා ප්‍රතිචාර දක්වපු අය සෑහෙන පිරිසක් හිටියා.ඒ අය අතරින් කිහිප දෙනෙක් අද වෙන කොට දකින්න නැතත් අළුත් අයත් සෑහෙන්න ඉන්නවා. ඒ අය තමයි මට පෙට්රල් ගැහුවෙ...කරදරයක් නැතිව දුවන්න.

ඒත් ඉතින් මම අරමුණක් ඇතිව කරපු බ්ලොග් එකක් නෙවෙයිනේ මෙක.

මුළින්ම මෙක ලියන්න පටන් ගත්තේ හිතේ පුපුරු ගහන දුක කියන්න කෙනෙක් නැති නිසා ඒ දුක වචනවලට හරි හරවන්න බලාගෙනයි.
ඒත් ඒ දුක මට කියාගන්න පුළුවන් උනා කියලා මම හිතන්නේ නැහැ.
ඊළගට හිතාගෙන හිටියේ කේන්දර ගැන ටිකක් ලියනවා කියලයි..
ඒ කල්පනාවට වෙච්ච දෙයක් හොයා ගන්නත් නැහැ.
අතරින් පතරට කවි ලිවුවා...
හිතට එන හැම බහුබූතයක්ම අකුරුවලට හැරවෙන්න ගත්තා..

ඒවාත් එක්ක මාත් එක්ක එකට ගමන් කරන යාළු මිත්තරයෝ පිරිසකුත් ඇති උනා.
කවදාවත්ම දැකලා නැති..කිසිම දැන හැදුනුම් කමක් නැතිව හිටි හුගාක් වටින අය ජීවිතේට එකතු උනා.
මනුස්සකම තියෙන මිනිසුන් හුගාක් මෙ අවකාශයේ ඉන්නවා.
ඒ හැම දෙනාටම පින් මෙච්චර දවසක් මාත් එක්ක හිටියාට.

දසුන් මධුසංක...
රවා...
වත්..
තිස්ස අයියා...
දුකා..
දිල්...
හා පැටික්කී...
රෙවන්...
විශ්මි...
වැප්...
මධු වීරකෝන්..
වැම්පයර්..
නුවන්...
අනුරාධ...
ප්‍රසන්(අන්තිම අකුර දෙමළ නෙව)...
බිගුවා...
කතන්දර...
සන්සරසිඳු...
චෙජනා...
අන්ශ් ලකී..
මිස්සක...
කස්සා...
පබලූ...
ඉටැලි ඩිලාන්...
බුධාජීව...
හසිත...
ගල්මල්...
හසී කස්ටියම...
ඉලන්දාරියා..
හේමලයා...
සිරිබිරිස්...
ෆ්‍රීඩම්...
උන්නැහේ...
දුමී...
ටැබූ...
ගලා...

මතක් වෙන කට්ටිය වගේම මතක් නොවුන කට්ටියත් බොහෝමයි. ඒ හැමෝම මට සමාවෙන්න ඔන නමක් ගමක් අතහැරුන නම් ම්..ම්...තව කවුරු හරි කියන්නම ඕන නමක් තියෙනවා කවුද කියලා මීටර් වෙන්නේ නැහැනේ.
කමක් නැහැ මතක් උනහම කියන්නම්කෝ..

ඉතින් මෙ ලිපි එකසිය පණහ අතරේ මම හිතනවා මම එකම විධියේ නැතිව එක එක ආකාරයේ ලිපි ඇතුළත් කරලා තියෙනවයි කියලා.
මට නිතරම විවිධත්වයක් ඔන උනා..
ඒ නිසා නිතරම වෙනස් වෙනස් පැති වලට බ්ලොග් එක ගෙනියන්න උත්සහ කළා..
එයින් සාර්ථකම ඉසවුව උනේ මම හිතන විදියට ජුංගේ කතා ටික...
දැන් නම් පන්සල් කතා ටිකට හිරවෙලා ඉන්න හින්දා හුගාක් අය දන්නේ ඒ ලිපි ගැන විතරක් වෙන්න ඔන..(අළුත් අය)

මෙ සියළුම ලිපි ගැන මට සංතෝෂයි..
ඒත් මෙ සියළුම ලිපි අතර මම කැමතිම ලිපි දෙකක් තියෙනවා..

එකක් සංජීවනී ගැන ලියපු එක
අනික මංගලගේ මොංගල් අංක එක

කියවන අය නම් මෙවාට කොයි තරම් කැමති උනාද කියලා මම දන්නේ නැහැ..
ඒත් ඒ ලිපි දෙක ගැන මම තෘප්තිමත්...

ඉතින් මෙතෙක් කලක් මා සමග රැඳී ඉදිමින් මා දිරිමත් කරපු සියළු දෙනාටමත්...
වැරදි අඩුපාඩු පෙන්වා දුන් අය හැමෝටමත්, මට බැනලා කමෙන්ට්ස් දාපු අයටත් මම ස්තූතිවන්ත වෙනවා.මෙතාක් කල් මාවත් ඇදගෙන ආවාට...

ඉතින් ස්තූති ප්‍රකාශයට පස්සේ තව කතාවක් දාන්න කියලා හිතුවා...
ඒත් දැන් ආව කෝල් එකක් හින්දා ඔක්කෝම අප්සෙට්...
නැවත වතාවක් සියළු දෙනාටම ස්තූතියි.
බොහෝ කුසල් අත්වෙවා.
නිවන් සැප ලැඛෙවා..(මොකද බය උනාද..? ඔයිට වැඩිය හොඳ සුභ පැතුමක් මම වෙන දන්නේ නැහැ..)

34 comments:

  1. තවතවත් රසවත් ලිපි ලියන්නට සවිය හා දිරිය ලැබේවා යැයි පතමි......:)

    ReplyDelete
  2. සුබ පැතුම් අයියා .... තව තවත් ලිවීමට හැකිවේවායි .... පතමු

    ReplyDelete
  3. මගෙනුත් සුබපැතුම්

    ReplyDelete
  4. 150 ක් ඉක්මවා ගියාට සුබ පැතුම්... මම නම් කැමති ම පංසලේ කතාවට... ඒක ලියන උපේක්ෂාව මාව පුදුම කරවන නිසා...

    ReplyDelete
  5. මාරයා මාරයිනේ !! ජය වේවා !! ඔහොම යං අපි හැමදාම පස්සෙන් තමයි. දුම්මල ගැහැව්වත් එලවන්නනං හම්ම්බ වෙන්නෙ නැහැ ඕං !

    ReplyDelete
  6. තවත් සෑහෙන කාලයක් ඔහොම යමු. සුබ පැතුම්
    !

    ReplyDelete
  7. අඩේ අප්පා මාරයට කේන්දර බලන්නත් පුළුවන්ද
    මගේ කේන්දරේ බලලා දෙන්න පුලුවන්ද ?
    ( අද අද එයි මරු පින් කර ගන්නේ කියල තියෙනවනෙ )

    මම පෙට්‍රල් ගැහුවෙ නැතුවට කියවන එකනම් කරනවා.
    පන්සල් කතානම් පොතකටත් මරු.

    ReplyDelete
  8. මාර අයියෙ!
    මාත් අලුතෙන් බ්ලොග් කෙරුවාවට ආවත් අයියගෙ ලිපි හැම එකක්ම කියෙව්වා. ඒ ඒවායෙ තියන සජීවී බව හින්දා.
    150 ට සුභ පැතුම්!

    ReplyDelete
  9. සුභ පැතුම්!!!! මාරබොස්, අපිව ඇදගත්තා ඔයාගේ කතාවලට,හරිම ආසාවෙන් කියවන්නේ මේ කතාසෙට් එක,,,,150 කියන්නේ සෙල්ලමක්ද මේක හොදටම සමරන්න ඕනා දෙයක් නේ,මගෙ ගම දංකො‍ටුව සිහි වෙන්නේ මේ වෙලාවට අපේ ගමට ප්‍රසිද්දියක් ගෙන දුන් දේශීය නිශ්පාදන මේ වගේ දෙයක් සමරන්න......

    ReplyDelete
  10. අපෙනුත් සුබ පැතුම් මාරයානෙනි.... ඔයාගේ පන්සල් කතාව නම් හරිම රහයි... අගෙයි.. තව තව රස පෝස්ට් ලියවේවා... ජයම වේවා!!!!

    ReplyDelete
  11. පෙට්‍රල් ගහුවෙ නැතුවට මම ඔබේ රසිකයෙක්... ජයෙන් ජයම පතමි.

    ReplyDelete
  12. ජයෙන් ජයම වේවා අයියේ. නිවාඩු පාඩුවේ වෙනද වගේ ගොඩ වෙලා බ්ලොග් අස්සෙ කරක් ගහන්න දිල්ට වෙලාවක් නැති නිසා අයියා ලියන ඒවා මඟ ඇරෙනවා.....සමාවෙන්න ඕනේ...

    ඔහොම යමු දිගටම....

    ReplyDelete
  13. අපෙනුත් උණුසුම් සුභ පැතුම්.මුරලිගෙ 800 රෙකෝඩ් එක මාරයාට කඩන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  14. මාරයි මාරයියා.....
    දිගටම ලියමු අයියා.....

    මගෙනුත් ඔන්න සුභ පැතුම් මුළු හදවතින්ම‍‍‍.....

    ReplyDelete
  15. ඔන්න එළවන කට්ටියට මාත් එකතුවුනා.....දැන් 120.අද තමයි ඒක දැක්කේ...පහලම තියෙන නිසා හැමදාම මගෑරුනා....

    ReplyDelete
  16. අප්පප්පා............. මාස 9ට 150ක් මාරයිනේ..........

    එන්න එන්න ලිපි ලියන සිරිග්‍රතාවය වැඩි වේවා!!!! ඇඟිලි තුඩු වලට වැඩිවැඩියෙන් ශක්තිය ලැබේවා!!!! තව............. අහ් අකුරු කොටන්න තියෙන කම්මැලිකම පැරදේවා!!!! ම්ම්.... 150ට බරගානක බ්ලොගට ආයුබෝවේවා!!!! ඔක්කොමත් එක්ක අපේ මාරයියට ආයුබෝවේවා!!!! :) :)

    මුකුත් මඟ ඇරුන්නෑ මයේ හිතේ........

    කෝ අර කවුද කියන්නම ඕන අමතක උන කෙනා????? ලියල නෑනේ කවුද කියල........

    හෝව් තව කියල ඉවර නෑ...... අයියා කැමතිම වාක්‍යය ලියන්න එපැයි............

    මාරයියට ජය වේවා!!!!!! :D :D :D :D

    ReplyDelete
  17. පැට්‍රල් ගහනවා වාගේ නෙවේ පැට්‍රල් බෝතලයක් ගෙනත් දීලා රට්‍ටුන්ගෙන් මං අහගත්තු කයි කතන්දර...!! බොට නං මොකෝ...!

    ReplyDelete
  18. මම නම් අලුතෙන් ආවත් ලිපි ඔක්කොම කියෙව්වා.මට නම් හදවතට දැනුන ලිපිය http://ctkumara.blogspot.com/2010/06/blog-post_15.html
    මොකද මේක කියවලා මට ඇස් වලට කදුලුත් ආවා මාරයා කවුද හදුනා ගන්න හැකි උනා.
    මිනිසුන් ගේ හදවත් වල ඇතිවෙන සමහර බැදිම් මොනතරම් ප්‍රබල ද ඒවා මරණයටවත් වෙනස් කරන්න බෑ.
    බැහැයි කියලා දේවල් නෑලු මේ ලොකේ අනේ මන්දා???

    හරි හරි පරණ කතා මොකටද
    මාරයියට බ්ලොගය වගේම ජිවිතේ සියලු කටයුතුත් සාර්තකව කරන් යන්න ලැබේවා කියලා ජයෙන් ජය පතනවා !!!!!!!

    ReplyDelete
  19. චිරං ජයතු......... මාරයාට මෙහෙම කියන එක හරිද දන්නෙ නෑ

    ReplyDelete
  20. api uba samagai . . .digatama liyapan maarayoooooo

    ReplyDelete
  21. දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ....
    සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ...
    නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ..
    පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ...


    ජයවේවා....!

    ReplyDelete
  22. අපි වෙනුවෙන් 150 ලිපි කෙ‍ටුවාට බොහොම පිං. කවදාවත් හමුවෙලා නැති වුනත්, මේ ලිපිවල මොකක්දෝ සමීප කමක් දැනෙනවා. ඒ වගේම හැමදාම මට හිත්නන, ඉගෙනෙගන්න දෙයක් මේ ලිපිවල තියනවා. මගේ සුබ පැතුම්...

    ReplyDelete
  23. පලසක්වගේ යනමග නෙකනෙක මල්වේවා
    යනමග එලිය වෙන්නට දහසක් පහන් දැල්වේවා
    හිතනා සියලු දේ මොහොතින් ඉ‍ටුවේවා
    දසදහසක් ලියන්නට ආයුශවේවා!

    ReplyDelete
  24. මාර ගණනක් ‍නෙ. එළ. සුභ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
  25. අප වෙනුවෙන් ලිපි 150 ක් ලියූ මාර සහෝදරයාට ස්තුතියි.
    කවදාවත් නොදැක්ක වුනාට ඔබේ ලිපි මගින් ඔබ සහ කියවන පාඨකයා අප අතර සමීප බවක්, සහෝදරත්වයක් ගොඩනැගී ඇත. ඒ සහෝදරත්වය දිගුකල් පවතිනු ඇත. ලිපි ලිවීමට ඇති කම්මැලිකම නැතිවී තව දුරටත් අපි වෙනුවෙන් චිරාත් කාලයක් ලිපි ලිවීමට හැකිවේවායි පතමු.
    ප්‍රසන්න.
    (මගේ නමේ අන්තිම අකුර කියවන්න බෑ කියල තියෙනවනෙ. ඔන්න සිංහලන්ම දැම්ම.)

    ReplyDelete
  26. ගොඩක් වෙලාවට වගේ මට එන්න වෙන්නෙ පාපුවරුවෙ, එක්කො බස් එක ගිහින්, කමක් නෑ, සුභ පැතුම් පරණ වෙන්නෙ නැහැලු,
    සැමදා අප වෙනුවෙන් ලියන්නට ඔබ දිරිය සවියම ලැබේවා!!!!!!

    ReplyDelete
  27. Jaya........! thawa thawath hitha niwana katha liyanna haki wewa ................!

    Nish

    ReplyDelete
  28. දින ගනන් එකදිගට රාජකාරි කර මහන්සියෙන් සිටියදීත්, ටැප් වෙන්න ගහල වැනි වැනි සිටියදීත්, ගෙදර දොරේ වැඩ රාජකාරි අපමන තිබියදීත්, ආදී මෙකී නොකී සියලු තත්වයන් හා බාධක අතරතුරේ අපවත් අමතක නොකර පුලුවන් හැමවිටම අප වෙනුවෙන් අකුරු කොටන ඔබ දැන් අපේම සහෝදරයෙක් ගානයි....මාරයාට දීර්ඝායුෂ ලැබේවා....!!

    ReplyDelete
  29. ඔන්න අයියේ අද තමයි නිකන් වත් බ්ලොග් එකක් පැත්තට ආවේ. දන්නවනේ ඉතින් හේතුව. තව තවත් ලියන්න අදහස් ගලා ඒවා කියලා සුභ පතනවා..

    ReplyDelete
  30. සුබ පැතුම් අයියේ.. තව තවත් ලියන්න ශක්තිය ලැබේවා.. අපේ මාරයියාට ජය වේවා!

    ReplyDelete
  31. සුබ පතනවා මාර අයියේ... අහල පහලක උන්නනම් පෙට්‍රොල් බෝතලේකුත් අරන් සෙට් වෙන්නවත් තිබ්බා... සතුට සමරන්න.. හි හි මටත් සමරන්න කෙනෙක් හොය හොය නෙ ඉන්නේ පෙට්‍රොල් හික් හික් ....

    මම නම් පරන ලිපි වැඩිය බලල නැහ... වෙලාව අනුව බලන්න හිතන් ඉන්නවා මේකයි දුකා අයියගේ එකයි... කොහෙද ඉතින්...

    ReplyDelete
  32. පොච්චියේ හැබෑට...
    බර කාණ්ඩයක් මෙ පැත්තේ ඇවිත් ගෙහුන් නෙව...
    ආව ගිය සුභ පැතූ සියළුම මාගේ සහෘදයින්හට අනෙක වාරයක් ස්තූතියි.
    වෙන් වෙන් වශයෙන් උත්තර බඳින්ට ගියෝත ඊ ළග කතාව කොටන්ට තියෙන් කාලය මදි වෙනවා නෙව..ඒ හින්දා තරහා අවසර...

    ReplyDelete
  33. සුබ පැතුම් මාරයියේ....!

    නොකඩවා ලියමු හොදේ..

    ReplyDelete