04 August 2010

පන්සලේ ජීවිතේ...ආපසු ඒම...

දින කීපයකට කියා පිටත්ව ගියද දින දෙකකට පසුව අප ආපසු හැරී ආවෙමු.
එයට කිව හැකි විශේෂ හේතුවක් නොවූ මුත් බොහෝදුරට චන්දවිමල හිමියන්ගේ සොයුරාගේ හැසීරීමද අප සිත් තරමක් කලකිරවා තිබූ බවනම් කිවමනාය...

චන්ද විමල හිමියන්ගේ නිවස පිහිටා තිබුණේ කළුතර දිස්ත්‍රීක්කයත් රත්නපුර දිස්ත්‍රීක්කයත් මායිම් වන සීමාවෙ පිහිටි කඳු ආශ්‍රිත පෙදෙසක විය. එහි ළගා වීමට නම් රත්නපුර පැත්තෙන් යායුතු විය..ඒ නියම ගමන්මාර්ගය ඔස්සේය..නමුත් අප ගියේ අනික් පසිනි ඒ රත්නපුර හරහා වටයක් යෑමට අප තුළ එතරම් කැමැත්තක් නොමැති වීම හෙයිනි.

කෙසේ වෙතත් එම මාර්ගයේ ගමට යෑමෙදී ප්‍රධාන බස් මාර්ගය අතරතුර ස්ථානයකින් බැස එතැන් පටන් බස්රථ සේ ක්‍රියා කල ආසන පේළි ගසා සැකසූ ලොරි රථයක නැගී කිලෝමීටර දහයක් පමණ දුරක් කඳු මැද්දෙන් වූ මාර්ගයක මැදින් ගමන් කළ යුතු විය. එම ගමන එක්තරා කුඩා තේ කඩයක් ළගින් නිමා වූ අතර එතැනින් බැස ගත් අප දෙදෙනා ඉතිරි දුර පයින්ම ගමනාරම්භ කලෙමු.

ගමනේ හොඳම හරිය එයයි...

සම්පූර්ණ ගමනට අපට පැය එකහමාරක් පමණ ගතවූවද චන්ද විමල හිමියන් පැවසූ පරිදි එම පෙදෙස්වල ගැමියන්ට නම් එය විනාඩි විස්සක පමණ ගමනක් විය.එය ඇත්තක් බව මාහටද හැගී ගියේ විටින් විට අප පසුකර කඳු අතර වූ වනගත මාර්ගයේ ගමන් ගත් ගැමියන් කිහිපදෙනෙකු ඉතා වෙගයෙන් ගමන් ගත් අයුරු දැක ගන්නට ලැබීම නිසාමය.

ඔවුනගේ පාද සැකසී තිබුණේ එම මාර්ගවලම යෑමට සුදුසු පරිදිය. මා දුටු පරිදි එම ගැමියන් ගේ විළුඹ කිසි විටකත් බිම ගෑවෙන්නේ නැත. පාදයේ ඇගිළිතුඩු ආශ්‍රිත පෙදෙස නිතරම බිම ස්පර්ශ කරයි. තරමක් ඉදිරියට නැමී මෙන් ගමන් ගන්නා ඔවුන්ගේ ගමන මාහට සිහිපත් කලේ මා සිනමාපටවල දැක තිබූ නරඅශ්වයින්ගේ ගමනය..

පසුව දුටු ආකාරයට චන්දවිමල හිමියන්ගේ දෙමාපියන්ද එසේම සැදුම්ලත් පාදයන්ගේ හිමිකරුවන් විය. චන්ද විමල හිමියන් බොහෝ කලක් ගමෙන් බැහැරව විසූ නිසාම ඔහුට එම ස්වරූපය නොතිබුණද ඉතා විශාල යටිපතුල් හිමිව තිබුණි.

ඔවුන් එම ගමනට මොනතරම් හුරු වී සිටියාද කිවහොත්..අර මා සඳහන් කල තේ කඩයට එපිටින් ගමට කිට්ටුව තිබූ කඩ තිබුණේ කිහිපයකි. ඒවායෙහිද කිසිවක පාන් ගෙඩියක් මිලදී ගන්නට තැනක් නොවීය.. පාන් ගෙඩියක් ගැනීමට නම් පෙර කී කඩයටම යායුතු විය... එසේ එම තේ කඩයට ගොස් පාන් ගෙඩියක් මලදී ගෙන නැවත ආපසු ඒම වැනි දෙයක් කිරීමට සිදුවූවහොත් අප නම් කරන්නේ පාන් නොකා සිටීමය.. නමුත් ඔවූහු පාන් කති.

කෙසේ හෝ පාගමනින් කිලෝ මීටර හයක් පමණ ගස් ගල් උඩින් පැන ඇවිදිමින් නිවසට ගියෙමු නිවස පිහිටියේද දණහිස නාසයේ ගෑවෙන අන්දමින් ගමන් කලයුතු කඳු ගැටයක මුදුනෙහි විය..
චන්දවිමල හිමියන්ගේ දෙමාපියන් අපව ඉතා ආදරයෙන් පිළිගත් අතර දහවල් බතද පිළියෙල විණි.
හවස් වරුවෙ ගම සේ සැලකුණු කුරුඳු කැල හා කුඩා තේවතු අතර ඇවිද ගිය අපට අතරින් පතර වූ නිවාස කිහිපයක්ද හමුවිණි.
කුකුළේගල ජලාශයට ඇදෙන්නා වූ සුන්දර දියදහරක් නිවසට ආසන්නයේ විය..සිත් සේ එහි පැන පීනා ගත සිත වූ විඩාව දුරු කර ගත් අප සවස පහට පමණ නිවසට පැමිණි අතර චන්දවිමල හිමියන්ගේ එක් සොයුරකු නිවසට පැමිණ සිටි බැවින් ඔහුත් කැටුව තවත් සොයුරියකගේ නිවසට යෑමට පිටත් උණෙමු...

වයසට වඩා දිරාපත්ව සිටි දරුමල්ලන් ඇගේ එල්ලාගත් සොයුරුයගේ නිවසේ මඳ වෙලාවක් ගත කල අප චන්දවිමල හිමියන්ගේ සොයුරා එසේත් නැත්නම් මද්දු අයියා සමග ඔහු විවාපත් වීමට සූදානම්ව සිටි අවැස්ස නෑනාගේ නිවසටද ගිය අතර එම ගමන මාහටනම් වැදගත් විය.
අප දෙදෙනා එම නිවසෙහි රඳවා මද්දු අතුරුදහන් වූ අතර ටික වෙලාවකින් නැවත පැමිණ චන්දවිමල හිමියන්ට නොපෙනෙන සේ මා කැඳවාගෙන ගෙය පිටුපස පැත්තට ගියේය..චන්දවිමල හිමියන් නිවසේ විසූ උදවිය සමග බර කතාවකය..

"මල්ලී පොඩි බඩුවක් තියෙනවා ගන්නවාද දන්නේ නැහැ..."

"මොනවද මද්දු අයියේ..."

"කිතුල් රා..මෙහෙ වත්තේ ගහක් මම මදිනවා.. තාම ටික දවසයි..නියම රා..මොකද කියන්නේ..?"

දැන් මෙය කියවන ඔබලාට ඉතිරිටික සිතා ගන්නට නොහැකි විය නොහැක...
රා ටික ගහෙන් බෑ ගමන්ය... වියළි මිරිස් කැබළි කිහිපයක් රතුළුණු ගෙඩියක් දෙකක් මුසු කර තිබූ විශාල රා කෝප්පයක් මා සුරතේය.. අනික් අතේ ලූණු කැටයකි..

අමිහිරි තිත්ත රසයෙන් හෙබි කිතුල් රා නොව තාමත් තදින් පැසී නැති රා කෝප්පය මිහිරි සුවඳකින් හා රසයකින් යුතුය.. ලූණු කැටය දිවගාමින් කිතුල් රා කෝප්ප දෙකක් පමණ හිස් කරන්නට මාහට ඒ හැටි වෙලාවක් ගත නොවූ අතර මද්දු මටත් වඩා ක්‍රියාකාරී විය..

අපේ තේවාව අවසන් කර නිවැසියන්ට සමු දී චන්දවිමල හිමියන්ද කැටුව නැවතත් නිවස බලා පිටත් වීමු.
නොපැසී තිබූ කිතුල් රා බඩෙදීම පැසෙන්නට පටන් ගෙන තිබිණි. හාත්පසින් දැඩි අඳුරකි.
ගමන දුෂ්කරය..අනෙක ආපසු ආවෙ ගිය පාරෙත් නොවෙය..මද්දු ඉස්සරහිනුත් ඊළගට චන්ද විමල හිමියනුත් අවසන මාත් ගමන් කලද අදුරේම ඔවුන් පසුපස හුරට මෙන් යනවා හැර යන්නේ කොහේදැයි නිච්චියක් නැත. කදු සහිත මාර්ගය යායුත්තේ පොළව අතගාමින්ය..
ඔක්කෝටම හපන් චන්දවිමල හිමියන්ගේ නෝක්කාඩුවයි.

"ඔව්වා කැත වැඩ.."
මා නිහඩය..
"මාව අර කතාවකට පටලලා දාලා දෙන්නා පැන්නේ ඔකට තමා.."
ඒත් මා නිහඩය..
"එකට ආවානම් තනියම කරන එක හරිද.."
මට සිනහා යයි..
"තව හිනා වෙන්නත් එනවා.." දෝස් මුරයේ අවසානයක් නැත.

කෙසේ හෝ නිවසට පැමිණ රෑ බතටද වග කිවූ පසු චන්දවිමල හිමියන් හා පවුලේ අය අතර සාකච්ඡාවක් හට ගත් අතර මා එයට සම්බන්ධ නොවී සිටියේ මාහට එය අයත් නොවන නිසාය.

සාකච්ඡාව චන්දවිමල හිමියන්ගේ අනාගතය ගැනය..
සිවුරු හැරීමට එහිමියන් තුළ වූ අපේක්ෂාවට දෙමවුපියන් කිසිවක් නොකී අතර කැමැත්තක් කිරීමට අවසර දුන්නත් මෙතෙක් වෙලා හොඳින් සිටි මද්දු කියවන්නට පටන් ගති.

ඔහුගේ විරෝධය වූයේ චන්දවිමල හිමියන්ගේ සිවුරු හැරීම පිළිබඳව නොවූ අතර දෙපල පිළිබඳවය..
දැනට පවුලේ ඉතිරිව තිබූ දේපල වලින් කොටසක් හෝ බාලයා වූ චන්දවිමල හිමියන්ට අයිතිවනවාට ඔහු කැමැති නොවීය...
වාදය ඇදී ගිය අතර සියල්ලන්ගේම හිත් රිදී තිබිණි. කෙසේ හෝ එදා රෑ නින්දට ගිය අප පසුවදා නිවසින් පිටත්ව ආ අතර සැලසුම් කර තිබූ ගමන නොයා ආපසු එන්නට හැරුනේ චන්දවිමල හිමියන් සිටි තත්වය එතරම් යහපත් නොවන බව මා හට හැගුණු නිසාය...

"අපි ආපහු යමු හාමුදුරුවෝ..."

උන්වහන්සේ නිහඩවම මගේ තීරණයට එකගව මා පසුපසින් ආවේය...
නැවතත් අර දුෂ්කර ගමන් මග ඔස්සේ පැමිණි දවස අවසන් වන්නට හෝරාවක් පමණ තිබියදී පන්සලට සේන්දු විය..
අප එන මග දිහා පන්සලට වී කිසිවකු බලා සිටිනවා අප ඈතදීම දුටුවේය...
ඒ රූපරතන අයියාය...
අප දුටු ඔහුගේ මුහුණේ පහළ වූ සිනහව අතිමහත් විය...

"හම්මේ ඉක්මනටම ආවාද..ලොකු දෙයක්..මම මෙ මොනවා කරන්නද කියලා හිත හිත හිටියේ..."

......................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

53 comments:

  1. මචෝ නියමයි,
    මගේ තාත්තාගේ ගම මතුගම. ඒ කියන්නෙ කළුතරින් හැරිල යන්න ඕනෙ. උඹ ඔය කියන කිතුලේ ගඟට වැටෙන ඇළ පාරවල්, දොළ පාරවල් යහමින් තියෙනවා ඒ පැත්තෙ. උඹ කිව්ව වගේම කඳු නැගල තමා ඒවාට යන්න ඕනෙ. මේක කියවගෙන යනකොට නිවාඩු කාලයේ අපි ගතකරපු, ඇළ දොලවල් වල න නා, රබර් වතුවල, තේ වතුවල කූඩැල්ලො එල්ලෙද්දිත් කරක් ගහපු ඒ සුන්දර කාලය ආපහු මතක් උනා.
    උඹට පිං !

    ReplyDelete
  2. කරල තියෙන දෙයක්. කොහොමහරි හාමුදුරුවන්ටත් හොරා රා කෝප්ප දෙකක්ම ඇද්ද නේද? හැබැයි ඒ අස්සෙ පන්සල අඤ්ඤකොරොස් වෙලා වගේ. බලමු.....

    ReplyDelete
  3. ඔන්න අද කොටහත් ගොඩ.
    :)

    ReplyDelete
  4. "එකට ආවානම් තනියම කරන එක හරිද.."

    ඒ කෑල්ල තමා එළම... :D

    ReplyDelete
  5. anthima tika thama hondama........

    Madai niwaduwata giya... puwak gaheth debalak ne..........D
    thaniyama beepu eka nam wardima thama.. (raha danna hinda kiwwe..)


    Nish

    ReplyDelete
  6. රා බිව් විත්තිය.....:)

    ReplyDelete
  7. පන්සලක සෙවන
    හිතට ගෙන එන්නේ සහන
    පන්සලක ඇතුල
    දන්නෙ නම් අද තමයි මිතුර

    ලියූ දේ "අනගී"
    ලියන්නට ඇති දේද "අනගි"
    ලොවින් දුරු වෙද්දී
    යමක් ඇත මෙහි මතක වෙච්චි

    යහළු නුඹ ගේ හිත
    හදුනා ගන්න වෙහෙසෙන
    සැමට දී ඉඩ කඩ
    ලියන දේ නුඹ වේය කැඩපත

    ReplyDelete
  8. දුමී...

    මාර වැඩෙ ලොක්කා..
    මම මෙ කථාව කියලා ඉවර වෙද්දීම මට මතක් උනා තව කථාවක් මම අද හවස් වෙලා කොටන්න කියලා හිතාගෙන හිටිය එකක්.
    ඒකත් කිතුලක් ගැන තමයි.ඒ කිතුලත් තිබුනේ මතුගම..
    මම කියන්න හදනකොටම මෙන්න උඹ මතුගම ගැනයි කිතුල් ගැනයි කියනවා.

    ReplyDelete
  9. Praසන්ன...

    මටත් පේන්නේ අඥ්ඥකොරොස් වගේ තමයි...
    රා අහුඋනාම ඉතින් කෝම කියලා අතඅරින්නද..?

    ReplyDelete
  10. Buratheno...

    ඒක ඇත්ත..
    ඔය දේ මට කලානං හෙම ගෝරි ගොඩයි.
    පව් කියලත් හිතෙනවා...

    ReplyDelete
  11. Ano..හෙවත් nish...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml
    මෙතනින් යන්න.

    ReplyDelete
  12. Shadow/හේමලයා...

    කුඩු කෑ විත්තිය හෙම නෙවී ඔං...

    ReplyDelete
  13. මමත් ඔය ලොරි බස් වල ගිහින් තියෙනවා බුලත්සිංහල පැත්තෙදි. දැන් නම් නැත්ද මන්දා...........

    ReplyDelete
  14. ගීතික දිල්රුක්...

    දැන්නම් කොහොමද දන්නේ නැහැ..මම කියන කාලේ නම් 2002 විතර

    ReplyDelete
  15. මාරම කලෙක්ෂන් එකක්.... නියමයි මචන්

    ReplyDelete
  16. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ...

    ස්තූතියි..

    ReplyDelete
  17. හැරෙන තැපෑලෙන්ම ආයෙ ඇවිල්ලා නේ,ඒත් අර රා කේස් එක නම්,අම්මෝ ගහෙන් බාපු ගමන් කිතුල් රා, පොල් රා ගැන කුමන කතාද , බ්ලොගියේ ගොඩක් අයට ඒ වගේ අත්දැකීමක් නෑ මන් හිතන්නේ....

    ReplyDelete
  18. ItalyDilan...

    නැතුව නැතුව..අර දන්කොටු කථාව කිවුව වෙලේ මට මතක් උන කතා වලින් එකක් ඔක..

    අප පින් කර ඇත්තෙමු...

    ReplyDelete
  19. කියවපු ගමන් මටත් මතක් උනේ අත්වැල්තොට පැත්තෙ නාන්න ගිය හැටි, මාරයා හිටියෙ වර**** පැත්තෙ පන්සලක නේද?
    අද සටහනත් අපූරුයි

    ReplyDelete
  20. හරී ...

    වර****කියලා කිවුවෙ කොහාටද හැබෑට..?
    වරකාගොඩ පැත්තටවත්ද..?

    ReplyDelete
  21. හරී...

    නැහැ..
    ඒත් වරකාගොඩ පිරිවෙනෙහි මගේ කතාවට සම්බන්ධතාවයන් ගොඩාක් තියෙනවා.

    ReplyDelete
  22. අනේ.. කිතුල්!! කෙල බේරෙනව බොල කටෙන්..

    ReplyDelete
  23. වැම්පයර්...

    යකෝ මෙකා යකාගේ වැම්පයරයෙක් නෙව..
    ලේ වෙනුවට මෙකා කෙළ හලන්නේ රා වලට නොවෑ..

    ReplyDelete
  24. මචන් මම දැන් ශාකභක්ශක. බයිට් එකට ගන්නෙත් වෙජිටේරියන් අයිටම්.. සිහිය තියනකං විතරක්!

    ReplyDelete
  25. ඔන්න අදනම් මාත් කියෙව්ව අයියේ..... හික්ස් මට වැඩියෙන්ම හිනා ගියේ මේ වැම්පයර් ගේ කොමෙන්ටුව කියෙව්වම...හික්ස් ( ලාවට වගේ වෙන කතාවක් මතක් උනා...හික්ස් )

    ReplyDelete
  26. අනං මනං කෙමිකල්, කම්බි කටු නැති නියම ශ්‍රී ලංකන් පානේ ටෙස්ට් කරන්න මාත් හිතං ඉන්නේ කොහේදි හරි සෙට් උනු වහාම.

    ඔය ට්‍රිප් යන පැති වල පාර අයිනෙ "රා" කියල බෝඩ් ගහල විකුණන ඒවයෙ කොලිටිය ගැන මාරයිය මොකෝ කියන්නෙ? ඒව හොඳද නැත්තං ගහක් තියන පොට් එකකිං ගන්නද?

    ReplyDelete
  27. budhajeewa...

    ඒ පොට්නං කොහොමද කියලා කියන්න මම දන්නේ නෑ මල්ලී..මොකද මම කවදාවත් ඒ තැන් වලින් බීලා නැහැ.
    ඒකටත් හේතුව ගහෙන් බාන තැන ඉඳලා ෂුවර් පිට බොනවා වගේ නෙවෙයි ඒවා..මොනවා කලවං කරනවද කියලා කවුද දන්නේ..?
    සීනිවලට ඊස් කලවං වතුර දාලා කරලා පැයක් දෙකක් පැහෙන්න තිබ්බම හරියට පොල් රා වගේමයි..හොයන්න බැහැ.
    ඔය ජරා වැඩෙ හුගාක් තැන්වල කෙරෙනවා.

    ඊට වඩා නියමයි ගහයට...

    ReplyDelete
  28. පොඩ්ඩක් ටැස් කොරල බලන්නකො පොල් වතුර ටිකකට යීස්ට් ටිකක් දාල.. මරේ මරු...කුරුම්බා තැඹිලි උනත් අවුලක් නෑ.. හැබැයි පොල් වතුරෙ ටේස්ට් එක මට තාම ආවෙ නෑ ඒවයින්..ලූනු ගෙඩියක් සුද්ද කරගෙන පොඩි අන්සයක් දාන්න මරු.. දොදොල් හදද්දි මං අනිවා කරන අයිටම් එකක් තමා ඕක...!! පොල් වතුර තියනවනෙ ජොග්ගුවක් පිරෙන්නම..

    ReplyDelete
  29. වැම්පයර්...

    චික් විතරක් මෙකා නම් මහ වැඩක්ම නැති වැම්පයර් කෙනෙක්..

    ලේ ටිකක් බීලා ආතල් එකේ ඉන්න වැම්පයර් කෙනෙක් නෙවී..මූ බොන්න හදන්නේ පොල් වතුරයි තැඹිළි වතුරයි..
    මුළු වැම්පයර් සංහතියටම නව නිග්ගරහ කොරනවා නෙව අපේ වැම්පා...

    ReplyDelete
  30. අම්මප.. නම වෙනස් කරන්න ඕන.. හික් හික්.. ඒක නෙවයි.. ඒක රහයි හොඳේ.. වදිනවත් එක්ක.. බුධාජීව මලයට කිව්වොත් මම ටෙස් කරපු රා පොට් එකක් තියෙනවා.. ජාඇලට මෙහා ‍ෆිල්ම් හෝල් එක ළඟ පාරෙන් අනික් පැත්තෙ තිබ්බ පොඩි ගුබ්බෑයමක්.. දැන් තියෙද දන්නෙ නෑ.. 2006 තිබුනා..උගුඩුව උනා නෙව මං ඒ කාලෙ. එක දවසක් නං පොඩි බඩේ අමාරුවක් හැදුන. පොඩි කියන්නෙ දවස් දෙකක් විතර තිව්න. අනිත් දවස් වල නෝ ප්‍රස්..!!

    ReplyDelete
  31. @මාරයා: එළේල. තැංකූ උපදෙසට. එතකොට හැබෑට පොල් රා VS. කිතුල් රා ගැන මොකද කියන්නේ?

    ReplyDelete
  32. @වැම්පයර්: බොලේ මාතර ඉඳං ජාඇල ඇවිල්ලා රා බීම නං ටිකක් අමාරු කෝස් එකක්. මම මේ එහෙමට බොන්න නෙවේ, ඕකත් පොඩි ට්‍රයියක් දාල බලන්නෝන කියල හිතුනා! :D

    ReplyDelete
  33. මල්ලි .. අපිත් මාතර ඈ.. හරිය..

    ReplyDelete
  34. වැම්පයර්...

    අපි දාමු සද්ගුණවත් සිල් ගත් වැම්පයර් කියලා..

    ReplyDelete
  35. budhajeewa...

    පොල් රාවලට වඩා මට නම් කිතුල් රා විශේෂය..
    නමුත් කිතුල් රා පැසුණු විට පොල් රා මෙන් බීමට පහසු නැත..මඳ පමණට පැසුණු කිතුල් රා මෙන් අනගි පානයක් මා මෙතුවක් බීද නොමැත.

    ඔන්න මලයාට උපදෙස් දෙන්න අපි එසේ මෙසේ පොරක් නෙවී වැම්පයර් කෙනෙක්වම ගෙන්නුවා...

    ReplyDelete
  36. මාතර යන ඇත්තෝ පොරවෙසම් යන්ට දැනගන්ට ඔන.. මොකද කියනවානම් දැන් වැම්පයර්ලාත් මාතර ඉන්නවා..අර ගුරුකං කොරන වත් ලාට අමතරව...

    ReplyDelete
  37. @වැම්පයර්: මක්කයි මේ වෙන්නේ. යන යන තැන මාතර පොරවල් නෙව! :P

    @මාරයා: "මඳ පමණට පැසුණු කිතුල් රා මෙන් අනගි පානයක් මා මෙතුවක් බීද නොමැත." ඔන්න මට ඕන කොරල තිබ්බ රෙකමදාරුව!

    ReplyDelete
  38. @මාරයා: මට පේන්නෙ මේකා ගුරු කමක් කොරලා මාතරිං පන්නපු වැමපයරයෙක් වගේ! :P

    ReplyDelete
  39. budhajeewa...

    උඹට ඔවා රෙකමොන් කොරන්ට ගියා වගේ නෙවී මලේ..උඹ පොඩි එකා වෙච්චි..ඉතින් බොලාගේ අම්මා අප්පා දැන ගත්තොත් මට විසුමක් වෙන්නේ නැතුවා ඔං...

    ReplyDelete
  40. ඇත්ත ඇත්ත..මොකා උනත් මූට මුහුද දාලා යන්ට බැරි වැම්පයරයෙක්..
    ඒකනේ මාතරින් පන්නලත් මෙකා ජා ඇලට පැනලා තියෙන්නේ.

    ReplyDelete
  41. නෑ බොලව්.. කැම්පස් එකේ ට්‍රේනින් හිටිය කාලෙ හිටියෙ ජා ඇල. ෆන් උපරිම කාලයක්.. දැන් නං ඉන්නෙ ලංකාවෙනුත් කිලොමීටර 12000ක් විතර දුර. කිතුල් කාරිය මතක් වෙනකොට වාවන්නෙ නෑ. කිතුල් කියන්නෙ නියම පානෙ. කොහෙද ඉතින්.. මාත්තු හැම තැනම!! හැබැයි කිතුල් කවලං ද කියල හොයන්න ලේසියි. හරිම යුනික් රහක් තියෙන්නෙ.

    ReplyDelete
  42. අඩෙ බං ඉතින් නිකං ඉන්න එකේ බැළුවෙ නැද්ද මෙහෙන් පැලයක් ගෙන්නවගෙන ඔහේ හිටවලා බලන්ට..
    උඹට නැති උනත් කවදා හරි උඹෙ මුණුපුරාලා හරි ගහ මැද ගන්නේ නැතැයි.

    මට මැවිලා පේනවා උන් උඹ වැවුව කිතුල් ගහක් යටට වෙලා රා කෙළින ගමන් සීයා මතක් කරකර බනිනවා.

    ReplyDelete
  43. @මාරයා:

    [said:මාරයා]
    ඉතින් බොලාගේ අම්මා අප්පා දැන ගත්තොත් මට විසුමක් වෙන්නේ නැතුවා ඔං...
    [/said]

    හැමදාම බොන එකක්යැයි බං, ටැස්ටිං එකටනෙ!

    ReplyDelete
  44. budhajeewa...

    අනේ මම නොදන්න උඹළගේ ටැස්ටිං...

    ReplyDelete