08 August 2010

අද හොඳ දවසක්...සමා වෙයන්..සහ තවත්...

අද හොඳ දවසක්...

ඔන්න පැය තිස් හයකට පස්සේ ගෙදරට කඩං පාත් උනා.
අද ඉරිදා දවසේ මම හිතන් ඉන්නේ චිත්‍රපටයක් බලන්න යන්න කියලා.
ගම්පහ නයෝමි එකට බඹර වළල්ල ඇවිත්.
ඉතින් 10.30 බලන්න යන්න තමයි කල්පනාව.
ෆිල්ම් එක එන්න කළින් දාපු පූර්ව ප්‍රචාර පටවලට අනුව මෙක හොඳයි කියලා හිතෙනවා..ඒත් අර වෙලක් පුරා දුවන දර්ශනය නම් මොකක්ද කියලා හිතාගන්න බැහැ.මට හිතෙන හැටියට කථාවට ගැලපෙන්නේ නැති මොකක් හරි බලෙන් එබ්බවිල්ලක් වෙන්නත් ඇති කියලා හිතෙනවා..බලමුකෝ..ගිහින් බලලම තමයි තේරුං ගන්න වෙන්නේ.

ඒ එක්කම දුකාගෙන් සමාව ඉල්ලා සිටිනවා ඊයේ වෙච්ච දේට.
උඹගෙන් කෝල් එක එනකොට මම හිටියේ හෙන කෝඩෙකට අහුවෙලා.
අපේ කාන්තා ආරක්ෂක නිලධාරිනියක් පරීක්ෂා කරපු ලෝඩින් එකක් අප්සෙට් ගිහින්..ඒක චෙක් කරනවා.
වාහනේ යවන්න පරක්කුවෙන හින්දා ඉක්මන් කරන්නත් ඔන..ඒත් සැකයක් තියාගෙන යන්න දෙන්නත් බැහැ..ඒ හින්දා මම ඒක කොනක ඉඳලා චෙක් කරන්න පටන් අරගත්තා.
ස්ටෝර් කීපරුයි මෙකියි වැඩෙ අනාගෙන..නාගෙන හිටියේ.
පස්සේ මම ගිහින් වැඩෙට අත ගහලා විනාඩි දෙකක් විතර යනකොට තමයි දුකෝ කෝල් එක ආවෙ..

ඉඳලා ඉඳලා උඹ මට කථා කරපු පළවෙනි පාර හින්දා කථා නොකරත් බැහැ. කොහොමත් මම වැඩ කරන වෙලාවට ෆොන් එක පැත්ත පළාතේ ගන්නේ නැහැ.
ඒත් නොදන්න අංකයක් හින්දා බැළුවෙ..
මොනවා කරන්නද මගේ වරද..අංකය දෙන ගමන්ම මම වැඩ වැඩි වෙලාවල් ටික කියලා තිබුනානම් අවුලක් නැහැ.ෂිහ්...
සමාවෙයන්අයියේ හිත රිදුනානම්...

අර මම කළින් කිවුව කථාවෙ නිධාන කථාවත් කෙටියෙන් හරි කියලා දාන්න ඔන අද හවසටවත්.
එතකොට තමයි මතක් උනේ ඇයි මම මෙච්චර දවසක් බණ කථා..විශේෂයෙන්ම අපේ ධර්මසේන හිමියන්ගේ සද්ධම්ම රතනාවලිය එහෙමත් නැත්තං මෙ ධම්ම පදට්ඨ කථා වලට නොගියේ ඇයි කියලා..දෙයියනේ මට තව ලියන්න කොයි තරම් දේවල් තියෙනවද..
මම දන්නේ නැහැ මෙ කථා ටික ඔක්කෝම කියලා දාන්න මට තව කොයි තරම් කල් ඉතිරි වෙලා තියෙනවද කියලා...
පන්සල් කථාව තාම පටන් ගත්තා විතරයි..එහෙං ජුංගේ කථා වැල..ඒක මැද්දේ නවත්තලා තියෙන්නේ..ඒ අතරට බණ කතාත් පටන් අරන් කොහොමද..?
විශේෂයෙන්ම මම මගේ පංතිවල හිටපු කොල්ලන්ට කෙල්ලන්ට බණ කතා කියා දීපු ස්ටයිල් එකට...

තව ඉතින් මගේ ගරාජ් කතා..මෙසන් බාස්ලගේ කතා...මම දන්නේ නැහැ කවදා මෙවා කියන්න හම්බ වෙයිද කියලා.
ඉස්කෝලේ කථා නං අපේ තටු ආපු ඉබ්බයි..බ්ලොග් ගඩොල් ලියන ඥාව්වෝ ටිකයි ලියන හින්දා ඒවා නම් අතහැරලා දාතෑකි.

අනිත් ඒවා...
අනේ පින් ඇති කවුරු හරි ඉන්නවනං මට මෙ කොටන වැඩෙ නවත්තලා කියවන විට අකුරු ටික ඉඛෙ කෙටෙන මොකක් හරි ගැජමැටික්ස් එකක් හොයලා දියෝ...
නැත්තං ඉතින් මම ඉන්න තැනකට වරෙල්ලා නැත්තං මෙවා කවදාවත් කියලා ඉවර කරන්න වෙන්නේ නැතුවා ඔං...

35 comments:

  1. අප්පට සිරි...කියවනවිට ලිවීම කොරන මැසිමක් ද හොයන්නේ .......

    ReplyDelete
  2. අයියෝ, මම ආවේ පන්සලේ කතාව කියලා හිතාගෙනනේ.
    :(

    අර කිව්ව ජාතියේ මැශිමක් හම්බ වුණොත් මටත් කියන්න. කර ගන්න වැඩ අප්‍රමාණයි.
    :D

    ReplyDelete
  3. මාරය චිත්‍රපටි බලන්න යන්න වගෙයි.
    බය වෙන්න එපා තව කල් තියෙනව. ඔය කතා ටික ඔය යන විදියට දිගටම ලියල දාමු.

    ReplyDelete
  4. මාරක චිත්‍රපටිද මාරයියා බලන්නේ?
    මම නම් චිත්‍රපටි බැලීම අතෑරලා ගොඩාක් කල්. බලලා ඇවිත් අපිටත් කියන්නකෝ හොඳ නරක.
    :)

    ReplyDelete
  5. බඹර වලල්ල බලලා හොඳද කියලා කියනු මැනවි.... කාට හරි කියන්න මාරයියේ sinhala speech recognition software එකක් හදන්න කියලා. හි හි... තියනවද දන්නෙත් නෑ දැනටම. හොයල බලන්න ඕනේ...

    ReplyDelete
  6. ලියල එවන්න ටයිප් කරල දෙන්නම්. හැබැයි යුනිකෝඩ් වලින්ම එවන්න.

    ReplyDelete
  7. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක ඇත්තටම දිගට කරගෙන යන වැඩක්ද කියල නම් දන්නෙ නැහැ :)

    http://kathana.net23.net/index.html

    ReplyDelete
  8. නරකද බං උඹට Private Secretary කෙනෙක් ගත්තොත්.. උඹ කියවගෙන යනවා, එයා ලියනවා.. වැඩේ ගොඩ..

    ReplyDelete
  9. @මාරයා,

    අපට හිතෙන හැම දේම බ්ලොග්වල ලියන්න බැහැ. ලිවිය යුතුත් නැහැ.

    ඒ එක්කම අනුන්ට උත්තර බඳින්න බ්ලොග් ලිවිය යුතුත් නැහැ. "වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි" ලිවිය යුතුත් නැහැ. එහෙම උනොත් අපත් නතර වෙන්නේ අර බූරුවා විකුණන්න ගෙනිච්ච තාත්තයි පුතයි නතර වුණු තැන.

    මා නම් බ්ලොග් සටහනක් ලිවීමේ පැහැදිළි සීමා දමාගෙනයි ඉන්නේ. මේ හැම සීමාවක්ම හැම විටම රකිනවා නෙවෙයි. නමුත් ඒ අත්වැළක්.

    මෙන්න මගේ සීමා.

    1. සටහන Taboo Subject එකක් ගැන විය යුතුයි - දේශපාලනයද ඇතුළුව. (එසේ නැතිනම් සාධාරනීකරණය සඳහා ඉතාම හොඳ හේතුවක් තිබිය යුතුයි.)

    2. වෙන කෙනෙකු, ඒ කෝණයෙන්ම මෙතක් ලියා නැති දෙයක් ගැන විය යුතුයි. (ගබ්සාව, දික්කසාදය යන Taboo Subjects ගැන මා මෙතෙක් නොලීවේ ඒවා ගැන ඇති තරම් සංවාද දැනටමත් ඇතිවී තිබෙන නිසා.)

    3.මවිසින්ම හැර වෙනකෙනකුට ලිවිය නොහැකි දෙයක් විය යුතුයි.

    ඉහත අංක තුන ඔබට අදාළ කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ලිවිය යුත්තේ පන්සලේ කතාව. ඔබ හැර වෙන කිසිවකුට එය ලියන්නට බැහැ. ඔබ එය නොලීවොත් සිංහල සාහිත්‍යයටම එය නොලැබී යනවා. අනෙක් අතට ධම්මපද නිදාන කතා හොයා ගන්නට කෙනෙකුට ඕනැ තරම් පතපොත තියෙනවා. ඒත් බැරිනම් පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගන්න කියන්න. ඒ වගේ දේවල් වලට කාලය නාස්ති කරන්න එපා.

    ඔබේ වටිනාකම හඳුනාගන්න. ඔබ මේ ලියන්නේ මෙතෙක් පැවිදිව සිටි කිසිවකුට ලිවිය නොහැකි වූ ආකාරයේ අව්‍යාජ, සැබෑ අන්දරයක්. ඊට සාහිත්‍යයේ නිශ්චිත තැනක් තිබෙනවා. එය ඉදිරියට ගෙන යන්න. (කෙදිනක හෝ එය පොතක් ලෙස පළ කරන්නට ඔබ කැමැති නම් ඊට මුදල් යොදවන්න මා සූදානම්. එසේම එය ඉංගිරිසියට පරිවර්තනය කිරීමේ අයිතිය ඉල්ලා මා කළ ඉල්ලීමද තාමත් වලංගුයි.)

    - Taboo

    ReplyDelete
  10. ඔන්න, ඔන්න, අය්යේ පොල් පැල ඩිංග පරෙස්සම් කරගනින්
    තමන් කෙලවලා කෙලවලා දැන් අනුන් ලව්වත් කෙලවන්න හදනවා.
    ඔව්වා අන්තිමට නවතින්නේ ඉතින් නොර්වේ කාරයා ලඟ, උඹ කොණ්ඩේ බැඳලා නෑ නේද මාරයියා?
    "ආනන්ද"යෙන් ප්‍රඥාව "වර්දන"ය වේවා...

    ---ලෝගු නවීර---

    ReplyDelete
  11. පුලු පුලුවන් විදියට ලියපන් අයියේ.... මම නම් ලියන්නේ මගේ හිතට හිතෙන... මතක ජීවත් කරවන්න... වගේ... හිතෙනකොට ලියනවා.

    ReplyDelete
  12. @Shadow/හේමලයා...
    අන්න ඒකක් තමා...

    @Ansh Lucky Sri Jay...
    මදැයි කොලා...
    චිත්තරපටය ගැන කියනවනම් හොඳයි..නරකයි...

    @Praසන්ன...
    හොඳමයි.

    ReplyDelete
  13. ජීවිතේමල්...
    ඇත්තටම චිත්‍රපටය හොඳයි කියලා කියන්නත් බැහැ නරකයි කියලා කියන්නත් බැහැ.
    ඒත් ලංකාවෙ දැනට කෙරෙන සහ කෙරිලා තියෙන ඒවා එක්ක සංසංදනය කලහම ටිකක් විතර හොඳයි. මම අර මුළින් කිවුවා වගේ මෙකේ තියෙන අර මඩෙ දිවිල්ලනම් චිත්‍රපටයට ඇතුල් කලේ මොන ලබ්බකටද මන්දා.

    විත්‍රපටයක්..විශේෂයෙන්ම සම්භාව්‍ය කියලා හිතාගෙන කරන චිත්‍රපටයකදී මීට වඩා එහි කාලයෙන් ප්‍රයෝජනය ගත්තානම් හොඳයි කියලා හිතෙනවා.

    කතා බීජය නම් හොඳයි..ඒත් මහ අමුත්තකුත් නැහැ.
    කිසිම අධ්‍යාපනයක් නොලද..කුඩා කල ජීවීතයේ අවාසනාවන්ත අත්දැකීම්වලට මුහුණ දුන් එහි ප්‍රතිඵලයක් නිසාම බාල වයසෙන්ම සිරගත වෙන..එයින් මිදී නැවත ගමට පැමිණි මිනිස් සතකු පිළිබඳව කියවෙන කථාවක් වූවද..අතර මගදී කතාවෙ පාලනය මිනී පෙට්ටි මුදලාලි කෙනෙකුගේ අතට පත් වෙනවා.
    මැල් මුදලාලි එහෙමත් නැත්නම් මහේන්ද්‍ර පෙරෙරා..හැමදාමත් වගේ තමන්ගේ රංගනයෙන් කළ හැකි උපරිම දායකත්වය චිත්‍රපටයට ලබා දීලා තියෙනවා.
    අනිත් චරිත නම් ඒ තරම් සාර්ථක උනා කියලා මම හිතන්නේ නැහැ.
    හැබැයි සුළු කාලයකදී මැරකණ්ඩායම් නායකයකු ලෙස බිමල් ජයකොඩි තමන්ගේ හැකියාවත් හොඳින් දක්වලා තියෙන බවත් කියන්න ඔන.
    ඇත්තටම චිත්‍රපටය බලන අයට පහුගිය කාලේ සූරිය වැව පැත්තේ තිබුණු භීෂණය සුළු මොහොතකට හරි සිතේ මවාලන්න ඔහු සමත් වෙනවා..ඒත් සුළු මොහොතකට විතරයි.

    ඇත්තටම චිත්‍රපටයක් එසේ විය යුතුයි..මෙසේ විය යුතුයි කියලා අපිට කියන්න බැහැ.ඒ වගේම කතා වස්තුවක් තෝරා ගැනීමෙදී එයට මුලික වෙන සිදුවීම ඉතා කුඩා එකක් විය හැකියි. සමහරක් දීර්ඝ සිදුවීමක් විය හැකියි. ඒත් මම හිතන විදියට නම් එම ඉදිරිපත් කරන්නට හදන දේ තමාට ලැඛෙන කාලය තුල සියළුම රූපරාමු උපයෝගී කරගෙන ප්‍රභල ලෙස ඉදිරිපත් කිරීමට සිනමා කරුවා දක්ෂ විය යුතුයි.
    නමුත් මම හිතන්නේ මෙම චිත්‍රපටයේ සිනමා කාලය බොහෝ සෙයින් අපතේ ගිහිල්ලා කියලයි.

    ReplyDelete
  14. කියවන විට ඉබේ කෙටෙන ගැජමැටික්ස් එකක් ! ම්ම්.. අපේ බිඟුවට කිව්ව නම් හොයාගන්න බැරිවෙන එකකුත් නෑ. එයා තරම් ඔය ගැජමැටික්ස් ගේන කෙනෙක් නැති තරම්නෙ.. කිව්වත් වගේ පූර්ව ප්‍රචාරක පටය දැක්කම මටත් බඹර වළල්ල ගැන එහෙම හිතුණා..

    ගොඩ කාලෙකට පස්සෙ තමයි මාරයගේ අඩවියට ගොඩ වෙන්න ලැබුණේ. චේජනා අක්කගෙ අඩවියෙදි මං වෙනුවෙන් තබපු සටහනට මාරයියට ගොඩක් ස්තූතියි ! අවංකවම මටත් ලියන්න ගොඩක් දේවල් තිබුණත් හිතේ එකලාසයක් නැති නිසාත් කාල කළමනාකරණය පිළිබඳ මගේ දැනුමේ මද කම නිසාත් ලිවිල්ලත් කියැවිල්ලත් එහෙමම මඟහැරුණා. ඒත් අයියගෙත් චේජනා අක්කගෙත් කමෙන්ට් එක දැක්කම ආයෙමත් ලියන්න ඕනෑ කියන ගැම්ම හිතට ආවා. ඔබ දෙපලටම බොහොම ස්තූතියි ! අළුතෙන් නිර්මාණ කරන එක කෙසේ වෙතත් අඩුම තරමේ හිතේ තෙරපෙන අදහස් ටිකවත් ලියල දාන්න උත්සහ කරනවා.

    ReplyDelete
  15. priyantha.ඒබී...

    අම්මෙ පුදුම සහයෝගයක් නෙව දක්වන්නේ..
    බොහෝම ස්තූතියි ඈ...
    අනේ අම්මපා...

    ReplyDelete
  16. @චමිල...

    තාම නම් ඒකේන් ඇති වැඩක් නැහැ වගේ නේද..?ස්තූතියි.

    @Buratheno...
    ඒකනම් අගේ ඇති යෝජනාවක්..ඒත් ඉතින් පඩි ගෙවන්නේ පොලෝසියෙන්දැ..

    ReplyDelete
  17. මාරයියෙ අර කවුද කියල තිබ්බා වගේ ලිපිකාරිනියක් ගන්න.
    හැබැයි ස්ථිර් විදිහටම තියා ගන්න (හිරයක්) එකක් ගත්තොත් නන් වැඩේ ගොඩ ඕං

    ReplyDelete
  18. Taboo Subjects...

    ස්තූතියි ඔඛෙ ප්‍රතිචාරයට..
    ඇත්තෙන්ම මම බ්ලොග් එක ලියන්නේ සීමාවක් හෝ මායිමක් ඇතිව නෙවෙ.
    මගේ හිතට එන හැමදේමත්..ඒ වගේම මට සිහිපත් වන අතීත සිදුවීමුත්..මට ලැබුනු අත්දැකීම් වගේම අදටත් සමාජය සමග ගැටීමෙදී මම ලබන විවිධ ආකාරයේ දැනීම් සමුදායත් මෙහි ලියවෙනවා.
    මම කැමති නැහැ හතර මායිම් ගහගන්න.
    අනික මට මෙයින් ලැඛෙන්නේ හිතේ සැනසීම පමණයි.
    මගේ සිතට සහනයක් වෙන හැම දේම මම මෙකෙන් කියලා දානවා ඊට එහා දෙයක් මට ඔන නැති උනත් මෙ වෙන කොට මට මෙ බ්ලොග් එක හරහා අමතර ප්‍රතිලාභත් ලැබිලා තියෙනවා..ඒ අතර ඔබලා වැනි පාඨක පිරිසක් වගේම..ඒ අතුරෙනුත් ළගින් ඇසුරු කළ හැකි ඉතාමත් අවංක අරමුණු හා මිනිස්කම් ඇති සමීප මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුත් මට අද වෙන කොට ලැබිලා තියෙනවා.

    ඔබ සඳහන් කළ කරුණු ගැන පිළිවෙලට කියනවනම්..

    1.කිසිසේත් ටැබූ සබ්ජෙක්ට් එකක් විය යුතුයි හෝ නොවිය යුතුයි කියා මා සිතන්නේ නැහැ. මක් නිසාද යත් ඒ සඳහා මෙ වන විටත් ඔබ පේවී ඇති නිසා.

    2.මට දෙයක් කියන්න ඔන උනොත් එය අනික් අය ලියලා තිබ්බත් නැතත් මම ලියනවා. මොකද ඒ දේ ගැන මගේත් මතයක් ඇති නිසා. මට දෙයක් කියන්න ඔන උනහම එය අන්අය විසින් කියලා තියෙනවද කියන එක මට කිසිසේත් ගැටළුවක් නොවෙ..

    3.මෙ ලෝකේ මට විතරක් කල හැකි වැඩ කිසිවක් ඇතැයි මම නොසිතන නිසා. එක සමාන්තර කාලයකදී නොවුනත් විවිධ කාල වලදී අපට සමාන අය බිහි වෙනවා.
    විශේෂයෙන්ම මම මා කියන පුද්ගලයා ගැන හුගාක් ලොකුවට හිතන්නේ නැහැ.
    මාත් මෙ සංසාර චක්‍රය තුළ උපන් තවත් එක් අයකු පමණයි.
    සමහර විට මගෙන් ජීවත් වෙන සමාජයට යම් සේවයක් වෙන්න හෝ නොවෙන්න පුළුවන්..ඒත් ඒ සේවය කුමක්දැයි කියන්නවත් මම දන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්කෝ මෙලෝකේ ඉන්නවනේ විවිධ දේවල් නිර්මාණය කරපු අය..ඒ අය ලෝකයා දකින විදියට සුවිශේෂයි. නමුත් ඒ අය කළ දේවල් හොඳද නරකද කියලා අපි කොහොමද කියන්නේ..ඔනෑම නව සොයා ගැනීමක් අරගෙන බලන්න. උදාහරණයක් ලෙස බයිසිකලයක් හෝ..එහෙමත් නැත්තං ගින්දර ගැන ..

    ඒ දේවල් මිනිසාට ප්‍රයෝජනවත් කියලා අප සිතුවාට ලෝකයේ තියෙන ස්වාභාවික සම්පත් සූරා කෑමෙ තවත් එක් පියවරක් ලෙසයි මම දකින්නේ.
    ඇත්තටම මගේ සිතට එන දේවල් මෙහෙම කියන්න අමාරුයි.

    ඔබ කියන දේවල් ගැන මා සිතන විදිය වෙනස්.ඒ නිසා ඒ ගැන දිගින් දිගට කියලා වැඩක් නැහැ.

    පන්සල් කතාව ගැන කියනවා නම්..තරිඳුත් ලිවුවා...
    ඒක අසාර්ථක නැහැ.දැනට නැවතී තිබුනා උනත්...
    යළිත් දවසක ලියවෙන්න උනත් ඉඩ තියෙනවා.

    ඇත්තටම පන්සල් කතා කියද්දී දවසක් එනවා..අපිට අපි ගැනම විවෙචනය කරගන්න වෙන.
    ඒක ලේසි වැඩක් නෙවෙයි. මිනිස් සිත නිතරම තමාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්. තමාගේ දුර්වල තැන් එළියට ගේන්න කවුරුවත් කැමති නැහැ.
    හැමෝම සුචරිතවත් අය ලෙස තමයි පෙන්නන්න හදන්නේ. නමුත් කොතැනක හෝ වරදක් තියෙනවා.
    මට උනත් සිදු උන ලොකු වැරදීම් තියෙනවා...
    ඒත් මම කොහොම හරි මෙ කතාව අවසානයේ ඒ දේවල් ඉදිරිපත් කරන්න බලා පොරොත්තු වෙනවා.
    මම හිතන්නේ තරිඳුගේ නැවතීමටත් සමහර විට මෙම කරුණු බලපාන්න ඇති.
    ස්වයං විවෙචනය කියන දේ පහසු නැහැ.
    කාටවත් බල කරන්න බැහැ කියපං කියපං කියලා.
    නමුත් මම උත්සහ කරනවා ඒ දේවල් කියන්න.ඒත් අද මම එකපාර කිවුවොත් ඒක මුළු කතාවම වෙනස් තේරුමක් දෙන දෙයක් වෙනවා.
    මෙ කතාව කියාගෙන යද්දී ඇයි එහෙම උනේ කියලා හිතාගන්න මට්ටමට කියවන්නන්ගේ සිත් සකස් වෙලා තිබුනොත් මම කියන දේ ඒ අය තේරුම් ගනීවි.

    ඊට වඩා දෙයක් මම බලාපොරොත්තු වන්නේ නැහැ.

    සාහිත්‍යයේ මට හිමි තැනක් කියා දෙයක් අමුතුවෙන් වෙන් කරගන්නේ කුමක් සඳහාද..?
    ඔය හැම දෙයක්ම තණ්හාවෙ විවිධ ස්වරූප..
    මම කියනවට වඩා උත්සහ කරන්නේ බැඳිම් අඩු කර ගන්න..සමහර දේවල් වල මම දැනටමත් තදින් බැදිලා.ඒවා ලිහාගන්න බැරිව ඉද්දී තවත් දේවල් පටලවාගන්නේ නැතිව ඉන්න මම උත්සහා කරන්නේ.

    අනික මට මම මැරෙන වෙලාවට හිතේ සහනයෙන් මැරෙන්න ඔනෑ.

    කවදා හරි මම මැරෙන වෙලාවට හිතුනොත් මම බුදු වදනට එහෙමත් නැත්නම් මෙ සංසාර චක්‍රයේ සරන සත්වයින් පිළිබඳව මහා කරුණාවෙන් කටයුතු කල ඒ මහා කාරුණිකයානන් වහන්සේ විසින් සසර සත්වයාට එයින් ගැලවීමට හදා දුන් පාර යම් තරමකින් හෝ අවහිර කල අයකුයැයි කියා..එදාට මට ගැලවීමක් නැහැ.

    දැනට සාසනය යන පාර හුගාක් වැරදි වෙන්න පුළුවන්.ඒ තුළ ඉන්න අය කරනු ලබන දේවල් වැරදි වෙන්න පුළුවන්..නමුත් ඒ සාසනය තිබීම නිසා අඩුම ගානේ බෞද්ධ පොත් පත් ටිකවත් රැකෙන එක ලොකු දෙයක්. සසරෙන් මිදෙන්න ඇවැසි කෙනෙකුට ඒ දැනුම් සම්භාරයවත් ආරක්ෂා කරලා දෙන පන්සල් විනාස කරන්න එක වචනයක්වත් යෙදෙවුවොත්එය මම මටම කරගන්න විශාල හානියක්.

    සිංහල සාහිත්‍යයේ තැන් සොයාගෙන යෑමට වඩා අඩුම ගානේ එකම එක පුද්ගලයෙකු හෝ නිවන් මාර්ගයට යොමු කරන්න පුළුවන් නම් ඒකයි මටනම් වැදගත්ම දේ.

    ReplyDelete
  19. Taboo Subjects...

    බණ කතා කියන්න හාමුදුරුවරු උන්නාට පොත් පත් තිබුණාට හැමෝම යන්නේ නැහැනේ ඒවා දකින්න අහන්න. ඉතින් නොදන්න අයකුට නොදන්න පාරක් අපිට පුළුවන් විදියට පෙන්වා දීම මට නම් වටිනවා.

    ලෝකයේ තිඛෙන කිසිම ආගමකට පහර ගහන්න මට උවමනා නැහැ.එහෙම කිරීමෙන් අප කරන්නේ ඒ විශ්වාස කරන අදහන අයගේ සිත්වලට වෙදනාවක් දීම..කිසිවකු මගෙන් ඇහැවුවොත් මගේ ආගමෙයි බුදුදහමෙයි අතර වෙනස පැහැදිලි කරලා දෙන්න කියලා..අන්න එතනදී මම කල්පනා කරනවා ඒ අහන්නේ ඇත්තටම දෙයක් ඉගෙන ගන්නද කියලා..එහෙම හොඳ චෙතනාවකින් වගේ කියලා මට හැගුනොත් මම දන්න විදියට ඒ ගැන පහදලා දෙනවා. ඒ ඇර ඔය ආගම් ගැන වාද විවාද කරන්න මම කැමති නැහැ.

    ඒ වගේම අන් අය වගේම මම අදහන ආගම විකෘති කරන්න හෝ එයට පහර ගසන්න මම කැමති නැහැ.
    සමහර විට මෙ පන්සල් කතා නිසා සසුනට පහරක් වදිනවා කියලා මට හිතෙනවා නම් මම එදාට මෙක නවත්තලා දානවා.
    දැනට මෙ ලියාගෙන යද්දී සමහර හිමිවරුන්ගේ චරිත ගැන ටිකක් වෙනස් විදියට බලන්න සමහරුන්ට පුළුවන් උනත් කාලයත් එක්කම කතාව ඇදිලා යද්දී කියවන අය තේරුම් ගනියි ඇයි ඒ හිමිවරුන් ඒ තත්වයට පත් උනේ කියලා.

    එහෙම නැතිව එහෙමවත් දෙයකින් සසුනට හානි කරන්න මම කැමති නැහැ.

    ඔබ පන්සල් කතාවට ප්‍රිය කරනා බව මා දන්නවා.ඊට හේතුව මම දන්නේ නැහැ. කුතුහලය නිසා හෝ.. මොනයම්ම කරුණක් හෝ එයට හේතු වී ඇති. ඒත් නමුත් පන්සල් කතාවටම මගේ බ්ලොග් එක වෙන් කිරීමට නම් මම කැමති නැහැ.
    ඒ නිසා මම පන්සල් කතා කියන කුමාර වීමට වඩා මාරයාගේ හෝරාවෙ මාරයා ලෙසම ජීවත් වීමට සතුටුයි.

    (පොත් මුද්‍රණය ගැන නම් මා තවම සිතා නැත. එසේ සිතෙන්නා වූ දිනක් වෙත් නම් මම එදිනට ඔබට ඒ පිළිබඳව කතා කරන්නම්. පරිවර්තනය ගැනතීරණය කිරීමට තවමත් කාලය එළඹී නැත)
    ස්තූතියි.

    ReplyDelete
  20. sansarasidu...

    අන්න හරි මල්ලියේ හිතේ තෙරපෙන අදහස් ටික ලියලා දාපන්..ඒ හොඳටම ඇති.
    බ්ලොග් එක ලියවෙයි නිකංම...
    ආයෙත් ආවට සතුටුයි කොල්ලෝ...

    ReplyDelete
  21. Amila, "සියපත් විල"...

    අනේ මල්ලියේ බලපන් මම අර කලින් කිවුව තපසට ගිය එකාගේ කතාව...

    ReplyDelete
  22. Ano...---ලෝගු නවීර---...

    මාරයා කොණ්ඩය බැන්දත් බඳින්නේ මාරයාගේ ක්‍රමයට විනා තවකෙකුට උවමනා ආකාරයට නෙවෙයි..ඔබ කියනා දේ තේරුම් ගතිමි.
    ස්තූතියි.

    ReplyDelete
  23. පිස්සා පලාමල්ල...

    මාත් උඹ වගේම තමයි මලේ...

    ReplyDelete
  24. මං නං දන්නෙ මෙච්චරයි ආයිබෝං. බොහොම සරලයි: උඹ ලියපං, අපි කියෝනවා. පංසල්
    කතාව විසේසයි තමයි, නමුත් අනික් කතාවලත් ඒ ශ්‍යලියම තියනවා. අනික, අනිත් කතා වලින් අපේ පොරදාන චරිතය වන මාර කොලූගේ වටපිටාව විස්තර කෙරෙනවා. මට නං හිතෙන්නෙ, ලියන්න ඕනෙ තමන්ට හිතෙන් දේවල්. මාරයා කොහොමත් බඹරාගෙ තියරියෙන් ඉන්න සරල පොර නිසා, ඕකට ආයි සීමා වැටකො‍ටු දාගන්න ඕනෙද මන්දා?

    ඹබරාගේ තියරිය:
    එයරො ඩයිනමික් මූලධර්ම අනුව ගණනය කලාම, ඹබරාට ඉගිලිය නොහැක(උගේ හැඩය සහ උගේ බරට නොගැලපෙන කුඩා ත‍ටු නිසා). එහෙනං ඌ ඉගිලෙන්නේ කොහොමද?
    උත්තරය: ඌ එයරො ඩයිනමික් තියරි පයිසෙකට මායිම් නොකරන නිසා.

    කියවනකොට ලියන ගැජමැටික්:
    ඩ්‍රැගන් ඩික්ටේටර් කියලා ඉංගිරිසි ගැජමැටික් එකක් නිකං දෙන නිසා ( නිකං දෙනවනං, දෙමල පත්තරේ උනත් මොකෑ) මගේ අයි පෝන් කට්ටට ඔබාගත්තා නෙව. ඉතිං හොදට ‍රැල් බුරුල් ඇරලා කිව්ව "ටෙස්ටින්" කියලා. උන්දැ ටයිප් කොලේ නැතැයි "විස්කි" කියලා. පස්සෙ ඉතිං දෙකක් දාලා බුදිය ගත්තා.

    ReplyDelete
  25. Siribiris...

    "ඹබරාගේ තියරිය:
    එයරො ඩයිනමික් මූලධර්ම අනුව ගණනය කලාම, ඹබරාට ඉගිලිය නොහැක(උගේ හැඩය සහ උගේ බරට නොගැලපෙන කුඩා ත‍ටු නිසා). එහෙනං ඌ ඉගිලෙන්නේ කොහොමද?
    උත්තරය: ඌ එයරො ඩයිනමික් තියරි පයිසෙකට මායිම් නොකරන නිසා.
    "
    ෂෙහ් ආතල් කථාව..ඹබරා දන්නවායෑ ඔය තියරි.
    වැරදිලාවත් දැන ගත්තනං එදා ඉඳලා ඌත් පියාඹලා ඉවරයි.

    අර ගැජමැටික්ස් එක නං මරු..
    එහෙම නෙවෙයි නැද්ද ටෙස්ටින් කියන කොට විස්කි වැක්කෙරෙන ගැජමැටික්ස් එහෙම..?

    ReplyDelete
  26. @මාරයා,

    බ්ලොග්කරුවකු සේ ඔබට ඔබ කැමැති ඕනෑම විෂයයක් ගැන ඔබ කැමැති විදියකට ලිවීමේ පූර්ණ අයිතිය ඇත. මම එය ප්‍රශ්න නොකළෙමි. නොකරමි.

    එසේම කමෙන්ට් තීරුව කියා දෙයක් ඇත්තේ පාඨකයින්ට ඒ ගැන අදහස් පළ කිරීමටය. එහිදී වශයෙන් මා X වර්ගයේ ලිපිවලට වඩා Y වර්ගයේ ලිපිවලට කැමැතිය කියන්නටත් පාඨකයින්ටද නිදහස් තිබිය යුතුය. එයින් අදහස් කෙරෙන්නේ ඔබ ඊට සවන් දිය යුතුම බව නොවේ.

    ඔබේ අභිප්‍රාය දිගින් දිගටම සීමිත පිරිසක් ආමන්ත්‍රණය නම් මම ඊට බාධා නොකරමි. එවැන්නක් මගේ කමෙන්ටුවෙන් අදහස් වී නම් සමාවන්න.

    - Taboo

    ReplyDelete
  27. Taboo Subjects...

    සමාවන්නයි කියන්න ඔබ වරදක් කර නැත.
    මාද කරනු ලැබූවෙ ඔබ දැක්වූ ප්‍රතිචාරයට නැවත ප්‍රතිචාර දැක්වීමක් පමණි.
    කිසිම කෙනෙකු හා ප්‍රශ්න සාදා ගැනීම මම කැමති දෙයක් නොවෙ.
    එයින් අදහස් කරන්නේ සෑම දෙයක් ගැනම නිසොල්මනේ සිටිනවා යන්න නොවෙ.

    ඔබ වැනි අයකු මා හට දුන් ඔවදනක් මා විසින් ඇසිය යුතුමය.
    නමුත් එය මා භාර ගන්නා ආකාරය ඔබට පැහැදිලි කිරීමක් කිරීම වරදක් යැයි මා නොසිතමි.
    එසේ මා කල ප්‍රතිචාර දැක්වීම ඔබට යම් සිත් රිදවීමක් ඇති කලා නම් මා හටත් සමා වෙන්න.
    පාඨක පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය කිරීමට වඩා..දැනට සිටින පිරිස අතරමං කොකොට සිටීමට උත්සහ දරමි.

    ReplyDelete
  28. "සීමිත පිරිසක් ආමන්ත්‍රණය"?

    I guess not. Internet readership is much bigger than we think and there is no guarantee that writing a book will reach a bigger audience. As a matter of fact, more and more paper is converting to digital media, right now. Many libraries are heading for online these days. I remember the days I walked couple of miles to our local library, just to borrow two books. There are many public domain ( free) book archives such as project Gutenberg. I’ll keep my fingers crossed to see the same for our Sinhala articles, one day.

    The best thing internet has offered me is the ability to reaching for the many hidden talents such as “Maraya” within my own community, otherwise could have gone unnoticed. To me, it has to be read in Sinhala; I don’t know whether it is my love-affair with the language itself or otherwise. But, there is something magical about when you read something in Sinhala. Perhaps, it could be the local dialect, or the satire or just plain humor. Hats off to our Sinhala blog writers.

    ReplyDelete
  29. Siribiris...

    අනේ අම්මෙ කියන දෙයක් පැහැදිලි හිංගලෙන්ම කිවුවානං...
    මාරයාට ඔය බර බර ඉංගිරීසි තේරුං ගන්ට අමාරුයි නෙව..
    උඩින් පල්ලෙන් තේරුනා උනත් හොදටම තේරුං ගන්ට බැරුවා...
    තරහා අවසර...

    ReplyDelete
  30. කොහෙදෑ මුංදලා අනින්නෙම "සෙන්සිටිව් බටන් " එකට නොවැ. තදවෙච්ච පාර කොටා ගෙන කොටා ගෙන ගියා, බාසාවත් අමතක වුනා නෙව. කොටඤ්ඤං, කොටඤ්ඤං හිංගලෙන්ම.

    ReplyDelete
  31. අයියේ ෆිල්ම් එක බලලා පොඩ්ඩක් ඒ ගැන ලියනවාද? මටත් යන්න ආසයි.. ඒත් කාගෙවත් රෙකමන්ඩේශන් එකක් තාම ලැබුනේ නැති නිසා යන්න ටිකක් අදිමදි කර කර ඉන්නේ.

    ReplyDelete
  32. මචන්, කියවන විට ලියන මැෂිමක් තියෙනව මගේ වයිෆ් ගාව. එයා කොයි වෙලාවෙත් කියව කියව තමයි ඔය පලා එහෙම ලියන්නෙ.

    ReplyDelete
  33. malee_msg...

    මම ඔය උඩ කමෙන්ට්ස් එකක ටිකක් විස්තරෙ කියලා තියෙනවා මලී නගේ..
    තවත් ඔනද..?

    ReplyDelete
  34. දුමී...

    මං කිව්වයි කියලා හිතා ගන්නවා හොඳයි...
    හුහ්..වයිපරෙගේ මැෂිම..හුහ්...

    ReplyDelete