12 August 2010

පන්සලේ ජීවිතේ...නැවතත් පෙර සේ...

"ඇයි රූපරතන අයියේ මොකද වෙලා තියෙන්නේ..?"
පැනය චන්ද විමල හිමියන්ගෙනි.

"නෑ පොඩි හාමුදුරුවනේ අර හාමුදුරුවෝ උදේ ගියා ගියා මයි තවම ආවෙ නැහැ..මට හිතෙන්නේ ආයේ එන එකක් නෑ වගේ.."

"ඒ මොකද..?"

"මම උදේ ආව වෙලේ මට යතුරු ටිකත් දීලා ගියා.. යන දිහාවක් කිවුවෙත් නැහැ..එන වෙලාවක් කිවුවෙත් නැහැ..."

"ආ..ඒකද.. ඒ උනාට ගිය තැනකින් එන්නේ නැතෑ..කොහොමටත් පහුගිය දවස්වලත් පන්සලේ රෑට හිටියේ නැහැ..උදේට තමයි කොහේදෝ ගිහින් එන්නේ.."

"ඒ උනාට මට හිතෙන්නේ නම් එන එකක් නැහැ වගේ.. ඒ තරම් හදිසියකින් යන්න ගියේ..ඒ විතරක් නම් මදෑ.."

"ඇයි තව මොකද වෙලා තියෙන්නේ..."

"නෑ උන්නාන්සේ ඊයේ හවස කොහේදෝ ගාටලා කාවද හොයාගෙන ඇවිත් උණ ගස් වගේකුත් කපලා විකුණුවා..ඒත් ඉතින් මං මොනවත් කියන්න ගියේ නැහැ..දැන් ඉතින් මෙවා උන්වහන්සේට කැමති විදියට කරන්න දෙන්න එපැයි..අද උදේ හදිසියෙන් ගියාට පස්සේ මම වට පිට බලනකොට තමයි දැක්කේ බිම වැටිලා තියෙන තැඹිළි නැටි.."

රූපරතන අයියා එසේ කියනවාත් සමගම අප දෙදෙනාගේම ඇස් ඉඛෙම වාගේ අසල තිබූ තැඹිළි ගස් මුදුන් දක්වා එසවිණ...තැඹිළි ගස්වල තිබූ මොරාපු සහ මෝරාගෙන එමින් තිබූ එකඳු හෝ තැඹිළි ගෙඩියක් නොවිණි.

අප දෙදෙනාටම සිනා ගියේ එකවිටය...

"මට පේන්නේ චන්දවිමල හාමුදුරුවෝ..යාළුවා එක දවසට ගේම දීලා වගෙයි..."

"ඒ වගේ තමයි අයියේ පේන්නේ...ඇති යන්තම් බෝධිය ඛෙරුනා..."

අප රූපරතන අයියා අතැතිව තිබූ යතුරු කැරැල්ල ලබාගෙන ආවාසය විවෘත කලෙමු.
කිවහැකි හානියක් එහි නොවිණි. ධාතු කරඩුව සුරක්ෂිතය... අප සැනසුම් සුසුමක් හෙළු අතර..රූපරතන අයියා ලවා ගුණරතන හිමියන්ට තත්වය දන්වා පණිවිඩයක් ඇරීමු. ඒ හැර සුමන හිමියන් වැඩමවීමට මුල් වූ පිරිසෙහි කිහිප දෙනෙකුටද තව දිනක් දෙකක් ගිය පසු දැන්වීමට තීරණය කලෙමු.

පසුවදා දහවල් වන විටත් සුමන හිමියන් නොවෙ ඒ පැත්ත පළාතක ආවෙ...

දින කිහිපයක් යන විට ගම්වාසීන් මෙය දැන ගත් අතර ඥාණාලෝක හිමියන්ට මෙහි අයිතිය පවරා දී ඒ මතින් පන්සල ආක්‍රමණය කිරීමට උත්සහ කල පිරිසේ කිසිවකුත් ඊට පසු දක්නටවත් නොවීය...

අප පුරුදු පරිදි නැවතත් දිවි ගෙවීමට පුරුදු වූයෙමු...

.........................................

සුමන හිමියන් පිළිබඳව යළි සෑහෙන කාලයකින් තොරතුරක් අසන්නට නොවුණු අතර එයින් වසර කිහිපයකට පසු මා පැවිදි උපසම්පදාව ලැබීමෙන්ද පසුව දිනක් අප සිටි තැනින් සැතපුම් හත අටකට දුර නගරබඳව තිබූ දාන ගෙයකදී මට ඔහු මුණ ගැසිණි.

විසිනමකට ආසන්න හාමුදුරුවරුන්හට පිළි ගැන්වූ දානයේ සග මහළු පිළිවෙලින් අසුන් පනවා තිබූ අතර සුමන හිමියන් වැඩ උන්නේ මා වැඩ සිටි තැනටත් බොහෝ දුරකිනි..
හේතුව පන්සල භාරදීමෙදී ඥාණාලෝක හිමියන් විසින් වයෝවෘධ උගත් උපසම්පදා හිමිනමක් ලෙස හදුන්වා දී තිබූ සුමන හිමියන් ඒ වන විටත් උපසම්පදා නොවූ..පිරිවෙනක ආවතේව කරමින් සිටි භික්ෂුවක් වීමය..

දානය පිළිගන්වන අවස්ථාවෙදී දානය භාර පන්සලේ හිමියන් විසින් වැඩමවා වඳාළ හිමිවරුන් හදුන්වා දීමෙදී මා පිළිබඳව විශේෂයෙන් සඳහන් වූ විට සුමන හිමියන් හිස ඔසවා මදෙස බලනු මා දුටිමි...

දානය අවසන මා අසලට විත් වැද නමස්කාර කළ සුමන හිමියන් මා හා ලෙන්ගතුව කතා කළ අතර..පසුගිය කාලය සිදුවීම් පිළිබඳව මා උන්වහන්සේගෙන් නොවිමසා සිටියේ එය උන්වහන්සේට අපහසුවක් ගෙන දෙන මතකයක් බව දැන උන් බැවිනි.

"මට දැන ගන්න හම්බඋනා දැන් එහේ වැඩ ඉන්නේ ඔබ වහන්සේ බව අපේ පරිවෙනාධිපති හාමුදුරුවොත් කීප දවසක්ම ඒ පන්සලයි ඔබවහන්සේ ගැනයි කතා කරනවා මට ඇහුනා..බොහෝම සංතෝෂයි...
දැන් එහෙ ඉස්සරට වඩා හුගාක් දියුණුයිලූ නේද..?"

"ඉස්සරට වඩා නම් දැන් ටිකක් හොඳා..ඒත් ඉතින් තව කරන්න වැඩ බොහෝමයි..පුළුවන් වෙලාවක සුමන හාමුදුරුවෝ ඒ පැත්තේ ඇවිත් යන්නකෝ..."

"හොඳයි අපේ හාමුදුරුවනේ මම එන්නම්කෝ..."

එයින් පසු නැවත මෙ වන තුරු මට සුමන හිමියන් මුණගැසී නැත..
උන්වහන්සේ මා බැළීමට හෝ පන්සල බැලීමට හෝ පැමිණියේද නැත.

...................................................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

23 comments:

  1. මම එකතු කරගත්ත පාඩම...
    "පසුගිය කාලය සිදුවීම් පිළිබඳව මා උන්වහන්සේගෙන් නොවිමසා සිටියේ එය උන්වහන්සේට අපහසුවක් ගෙන දෙන මතකයක් බව දැන උන් බැවිනි..."
    අමාරුයි පුරුදු වෙන්න මටනම් ... නමුත් වටිනවා පුරුදු වුනොත්...

    ReplyDelete
  2. අහ්........... මාර මල්ලි අවිත් නේ.

    මාර මල්ලිගෙ post ටික ඔක්කොම කියෙව්වා. කියන්න දේවල් බොහොමයි පස්සෙ වෙලාවක කතා කරමුකො.

    අර කලින් බ්ලොග් ලියන කතාවක් අහුවනෙ.
    අපො මට ලියන්න බෑ නෙව මල්ලී ඔහේ උබල ලියන එකක් කියවල චොම්මෙන්ට් එකක් දාගෙන ඉන්නව.

    ReplyDelete
  3. තිස්ස අයියා...

    කෙනෙක් අපහසුවට පත් වෙනවා කියලා දැන දැනම ප්‍රශ්න අහන එක හරි නැහැනේ බං අයියේ...
    ඔන්න එයාම පටන් ගත්තනම් කියන්න අහන එක ප්‍රශ්නයක් නෙවෙයි.
    අනික මම දන්නවානම් ඇහැවුවත් දෙන්න උත්තර නැහැ කියලා මම ඒවා අහලා මොකටද..?
    අපි කවුරුත් හිර වෙන තැන් තියෙනවානේ..ඒ වගේ වෙලාවට අපි උනත් කැමතියිනේ අනිත් අය අපිට චාන්ස් එකක් දෙනවා නම්..ඉතින් ඇයි අපි ඒක අනිකාටත් නොදෙන්නේ...
    අමාරුවෙන් හරි පුරුදු උනොත් ඒක හොද දෙයක්...

    හැබැයි පුතෝ...හිතවත්ම එකෙකුට මඩක් ගැසීමෙදී නම් ඔවා වලංගු නැහැ...

    ReplyDelete
  4. nish...

    ඔව් ඔව් ආවා..ආවා..

    ඒත් හුගාක් කියවන කෙනෙක් ලියන්න ගත්තම එයාගෙන ලියැවෙන දේවල් වල ගත යුතු බොහෝම දේ තියෙනවා.
    ඔබටත් පේනවා ඇති මෙ බ්ලොග් අවකාශය තුළ ලිපි ලියන බොහෝමයක් උන්නත් ඒ අතරින් සාර්ථකව ලිපි ලියන හැමෝම හුගාක් කියවපු..කරුණු කාරණා පිළිබඳව අවධානයෙන් සිටි අය කියන අය විත්තිය..

    ඉතින් ඔබ වැනි රෙස් කොළයත් කියවන කෙනෙක් ලියන්න ගත්තොත්..?

    ReplyDelete
  5. චාටර් සීන් එක..
    මාරයව අදුරගත්තම අර අනිත් හාමුදුරුවන්ට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති.

    ඒවගේම පහුගිය ඒවා ඇදල ගන්නේ නැතුව කතාකරපු එකත් සෑහෙන්න හොදයි.

    ReplyDelete
  6. අනේ මන්දා මට හිතෙන හෑටියට නම් බෑ. බෑරිකමද අර වත් කිව්ව වගේ අසුබවාදයද දන්නෙ නෑ.

    බලමු බලමු දවසක ට්‍රයි කොරල

    ReplyDelete
  7. අම්මේ කොහොමද දන්නේ නෑ කතාකෙරුවෙ උන්නාන්සේ කොරා පු වැඩේ හැටියට.......:(

    ReplyDelete
  8. කියවන්න දැනගන්න
    http://inetquotations.blogspot.com/

    ReplyDelete
  9. Grey...

    බුදු අප්පොච්චියේ ලොක්කා කොහේද මෙච්චර දවසක් හිටියේ...

    ඔව් ඔව් මාරයාව අදුරගත්තනම්..පොළොව පලාගෙන කෙසේ වෙතත් හිස් ලු ලු අත දිවිල්ලක් නම් වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  10. nish...

    අසුභවාදය නෙවෙයි තාම සූදානම් නැහැ කියලා හිතෙන එකයි පුස්නේ..
    ඒකට කමක් නැහැ..මෙ ඔඛෙ කාලයයි..ඔන්න මම ආරාධනා කලා.

    ReplyDelete
  11. Shadow/හේමලයා...

    ඔය වගේ දේවල්ද අප්පා සමහරු කරන්නේ..
    ඒත් අපි කතා කරනවානේ..
    ඉතින් මෙක මොකක්ද..?
    අනික තැඹිළි වළු තුන හතරකටයි..උණ ගස් හත අටකටයි මිනිහෙක් අතඇරලා දාන එක හොඳද..?

    ReplyDelete
  12. Wickramasinghe...

    කියවීමි..දැන ගතිමි...

    ReplyDelete
  13. වැඩ බං අම්බානට...කිසි දේකට වෙලාව තිබ්බේ නෑ. ගෙදර ඇවිදිනුත් ඔෆිස්වැඩ. චාටර් උපරිමයි.

    ReplyDelete
  14. Grey...

    එහෙම කියලා හරියනවද..?
    එතකොට කවුද මෙවුවා කොරන්නේ.
    හුම් හුම්..ලියනවා ලියනවා..
    ඇයි යකෝ අපි බලන්නේ එතකොට අහවල් ලබ්බදැ..?

    ReplyDelete
  15. එහෙම පිංවත් මාරයෙක් නේද දැන් හවසට හවසට රහමෙර පානය කරනවයි කියන්නෙ. හෆොයි

    ReplyDelete
  16. අපෝ අහවල් එක බලන්න එපා. හොද නෑනේ...අපි ලැජ්ජාබය ඇතිව හැදිච්ච ළමයිනේ. (අඩු ගානේ ලංකාවෙදිවත්)
    හිටපන්කෝ එකක් ලියල දාන්න....අද හෙටම...

    ReplyDelete
  17. කියවගෙන යදිදි මම හිතුවා දාතු කරදුවත් වඩම්මවගෙනම යන්න ඇති කියලා ....

    අමතක් වෙන්න ඈති...

    ඊටපස්සේ මාසයක් විතර ගෙවුනේ ගමේ ඇත්තොන්ගේ දානෙනුයි....
    පින්කැටෙට වැටෙන සල්ලිවලිනුයිද....?

    ReplyDelete
  18. Chanaka Aruna Munasinghe...

    අස්ථීර ලෝකේ...අස්ථීර ලෝකේ...

    ReplyDelete
  19. ඉලංදාරියා...

    "අමතක වෙන්න ඇති"
    අන්න ඒක මරු කථාව...
    අමතක වෙන්න නෙවී මම යනකොට ඒ යතුර දීලා ගියේ නැහැ.මතක නැද්ද කළින් කතාවක මම කිවුවා.

    පින්කැටෙන්, දානෙන් ම බැහැනේ..
    අවට පන්සල් වලින් ලැඛෙන දානාරාධනා වලට ගියහම ඉතින් පිරිකරට ලැඛෙන දෙයක් විකුණලා ලැඛෙන කීයෙන් හරි තමයි දවස ගැට ගහ ගන්නේ...

    ReplyDelete
  20. තවම මට ඔක්කොම කතාව කියවල ඉවර කරන්න බැරිවුණා. ඒ නිසා දැනට මුකුත් නොකිය ඉන්නම්.

    ReplyDelete
  21. sansarasidu...

    පහුගිය ඇරියස් එක්කම කියවලා වරෙන්කෝ මලේ...

    ReplyDelete
  22. හාමුදුරුවෝ නියම ගේමක් දීල ගිහිල්ල තියෙන්නෙ. අපරාදෙ මාරයට කන්න තිබිච්ච තැඹිලි ටික.

    ReplyDelete