13 August 2010

පන්සලේ ජීවිතේ... හිතන්නට කාලයක්...

අවුරුදු සමය උදා වෙමින් තිබිණි. මාර්තු මාසය මැද පමණ වන විට චන්දවිමල හිමියන් සිය අවශ්‍යතාවයක් කියා සිටියේය...

එනම් කාලයක සිට සිංහල අළුත් අවුරුද්ද ගෙවා තිබුණේ පන්සල්වලම බැවින් මෙවර අවුරුද්ද සිය නිවසේ ඇත්තන් සමග ගෙවා දැමීමෙ ඇති කැමැත්තයි.

එයට විරුද්ධ විය නොහැකි වූවද..ගැටළුවක් තිබිණි.
එනම් මා හා ඔහු යන දෙදෙනාම පන්සලෙන් එක වර ගියහොත් පන්සල පාළුවට යෑමයි.
එබැවින් කල හැකි එකම විසදුම වූ උන්වහන්සේ තම උවමනාව සපුරාගෙන පැමිණෙන තෙක් මා පන්සලේ රැදී සිටීමයි.

එයට එකගවීමත් සමගම තවත් සැලැස්ම දීර්ඝ කරන්නට චන්දවිමල හිමියන් උත්සුක විය..ඒ අනුව ගමෙ යෑම පමණක් නොව උන්වහන්සේගේ පැරණි මිතුරන් වෙසෙන පන්සල් සියල්ලම දැක බලා ඉඳ නැවතී පැමිණිමට ඇති ආශාවයි...

ඒ සඳහා සෑහෙන කාලයක් ගතවන මුත් එරෙහි විය නොහැක..මන්ද සෑහෙන කලකින් උන්වහන්සේටද නිදහසේ ගමනක් බිමනක් යෑමෙ අවස්ථාවක් ලැබූ නොතිබුණේ මෙම පන්සල් මුරකිරිල්ල නිසාවෙනි.

අවසානයේදී අප්‍රියල් මස ලබන්නාහාත් සමගම චන්දවිමල හිමියන් ගම්රට බලා පිටත්ව යන්නට යෙදුණු අතර මා පමණක් තනිවම පන්සලේ රැඳී සිටියෙමි.

පන්සල සම්බන්ධ සුළු සුළු අද්භූත කතා කිහිපයක් තිබුණද..ඒවා මා හට ගැටළු නොවිණි.
මීට පෙරද හිමිවරුන් පිරිත් පින්කම් වලට ගිය අවස්ථාවල මා තනිව මෙහි ගත කර තිබූ හෙයින් එය මා හට අමුතු දෙයක් නොවිණි.

දින දින ගත වෙමින් අවුරුදු දිනයන්ද උදාවිය...

වෙනදා මෙන්ම අතරින් පතර දානය ලැබුණි...
දානයට පෙර දින බාස්කට් රැගෙන යෑමට පැමිණි විට පන්සලේ හිමිවරුන් නොමැති බවත් මා පමණක් රැදී සිටිනු ලබන බවත් ඔවුනට කියූ මා දානය ගෙන නොආවාට ප්‍රශ්නයක් නැතැයි කියනු ලැබීමි.
මා සිතුවෙ හිමිවරුන් නොමැති කල පන්සලට දානය ගෙන ඒමට ඔවුන් අකමැති වෙතැයි සිතා මුත් සිදු වූයේ අනිකකි.

සිංහල අළුත් අවුරුද්දේ ගමට නොගොසින් පන්සලේ රැදී සිටීම මහත් සේ අගය කළ ඔවූහු වෙනදාටත් වඩා කැමැත්තෙන් දානය රැගෙන ආවෝය...
රැගෙන එන දානයේ අග්‍ර භාගය බුදුන්ට බුද්ධපූජා ලෙස තබා ඔවුන් පිටව යන ලදි...
එම දින වල වෙනදා නොගෙනෙන දාන පවා පන්සලට ලැබිණි.

මට මතක හැටියට මාසයක් පමණ තනිවම මා පන්සලේ රැඳී සිටි එම කාලය තුල දෙදිනක් හෝ තුන් දිනක් ඇර දානය වැරදුනේ නැත.
දානය නොමැති දිනවල උදෑසන පන්සල අතුපතු ගා මල් වට්ටියක් කඩා පැන් සමග බුදුන්ට පූජා කර මා පන්සල වසා ගුණරතන හිමියන්ගේ පන්සලට යන අතර එහිදී ආහාර ගෙන එම පන්සලද අස්පස් කොට පිරිසිදු කර දී නැවත පැමිණෙමි.

එවකට ගුණරතන හිමියන් වැඩ විසූ පන්සල නිතරම කොළු කුරුට්ටන්ගෙන් පිරී තිබිණි. ලැඛෙන දානයට වග කියන්නට ඔනෑ තරම් අය සිටියහ..නමුදු ඒ කිසිවෙකුත් දාන ශාලාව හෝ දාන භාජන සේදුවෙ නම් නැත..
නමුත් මා ගිය පසු දවස් ගණන් පැරණි ඉඳුල් භාජන සියල්ල සෝදා මැද..පවිත්‍ර කොට පිළිවෙලට අස්පස් කර දාන ශාලාවත් පන්සලත් අතුපතු ගා දමා පැමිණෙමි.

ගුණරතන හිමියන්ද මා පැමිණි පසු දාන ශාලාවට අනිකුත් කොල්ලන්ට යාමට නොදී උන්වහන්සේ දානය වළදා පසුව මාද ආහාර ගත් පසුව අනිකුත් කොල්ලන්ට ආහාර ගන්නට දෙනවා විනා කිසි විටක මා හට අඩුවක් වීමට නොදුණි..
එක් දිනක් උන්වහන්සේ දහවල් කාලයේ වත්තේ වැඩට පැමිණෙන විට මා හට බත් මුලක්ද බැ+දගෙන විත් තිබිණි.
මොන තරම් ආකාරයේ චරිත ලක්ෂණ වෙතත් ගුණරතන හිමියන්ගේ මෙවැනි මනුස්සකම්ද තිබිණි.

මෙසේ දින ගත වෙද්දී හරියටම අප්‍රියල් දොළොස් වෙනිදා දින දානය ගෙන ඒමට නියමිතව සිටි පුද්ගලයා එකොළොස්වනදා සවස බාස්කට් රැගෙන යාම සඳහා පැමිණි අතර මා පුරුදු ලෙසින්ම පන්සලේ සිටින්නේ මා පමණක් බව කියා සිටියෙමි.

ඔහු ගත් කටටම මගෙන් මෙසේ විමසීය...

"ඇයි බුදු හාමුදුරුවොත් කොහේ හරි ගිහිල්ලද..?"

මට උත්තර නැති විය.

"ළමයෝ ඔන්න ඔය බාස්කට් ටික දෙන්න.මට පන්සලේ කවුරු හිටියත් නැතත් කමක් නැහැ.බුදු හාමුදුරුවෝ ඉන්නවනම් මට ඒ ඇති..අනික ඔය ළමයත් උපස්ථාන කොර කොර ඉන්නේ ඔය මදෑ දෙන්නෙක්ම ඉන්නේ..."යි
කියා බාස්කට් ටිකත් රැගෙන සිනා සෙමින් පිටව යන ලදි.

මෙම පුද්ගලයා විශේෂ චරිත ලක්ෂණයන්ගෙන් හෙබි අයකු බව මා විසින් පසු කාලීනව හදුනාගන්නා ලදි.
සමාජයේ වැරදි ඉතාමත් උපහාසයෙන් යුතුව විවෙචනය කරනු ලබන මොහු පෞද්ගලිකව කිසිවකුටත් කිසිම විටකදී වරදක් නොකියන අයකු විය.
විශ්‍රාමලත් පොලිස් නිලධාරියකු වූ රාළහාමා නැමැති මෙම අපූරු පුද්ගලයා පසු දින දානයත් රැගෙන පන්සලට පැමිණි අතර වෙනදා මෙන්ම බුද්ධ පූජාව තබා අවසන්ව යන්නට සූදානම් වී..

"එහෙනම් මම යනවා...නිකං ඉන්න එකේ නැද්ද ඔය සිවුරු කෑල්ලක් හෙම.."

"ඒ මොනවටද රාළහාමි..."

"නෑ සිවුරු කෑල්ලක් ඇගට දා ගත්තනං ඔය ළමයටත් දැන් පින් දෙන වැඩ එහෙම පුළුවන් නැතෑ අනිත් අයට වගේම...
ඇත්තටම මහණ වෙන්න එහෙම හිතෙන්නේ නැද්ද..?
ආයේ අමුතුවෙන් පුරුදු වෙන්න දේකුත් නැහැනේ දැන් හැම දේම ඔය ලස්සනට කරගෙන ඉන්නේ.."යි
කියා පිටත්ව යන ලදි..

මා එදින සිතන්නට විණි.

ඇත්තටම මට මහණ වෙන්න බැරිද..?

.................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

40 comments:

  1. එල එල.. මේක තමා නැගලම යන කතාව.. මරු!

    ReplyDelete
  2. මේක නම් ටිකක් වෙනස් විදියෙ අත්දැකීමක්.. සාමාන්‍යෙන් මිනිස්සු හාමුදුරුවො නැති වුණාම දානෙ දෙන්න අකමැතියි නෙ... ඒත් සාමාන්‍ය මිනිස්සු හරිම අසාමාන්‍ය විදියට හිතන වෙලාවලුත් එනව කියල තමා තේරුම් ගත්තෙ...

    ReplyDelete
  3. වැම්පයර්...

    එහෙනම් මචෝ නැගලම වරෙන් ඈ...

    ReplyDelete
  4. චේජනා...

    එතනදී හෙතුව උනේ පන්සල වසා දමා තිබීමට කවුරු කවුරුනුත් සිත යටින් අකමැති වීම.ඒ කියන්නේ මොනම හේතුවක් හරි මත පන්සල වැහිලා ගියොත් මිනිසුන්ට තමතමන්ගේ ආගමික අවශ්‍යතා සඳහා අවට තිඛෙන වෙනත් පන්සල්වලට යන්න වෙනවා. එහෙම ගියහම ඒ ප්නසල් වලදී තමුන්ට ලැඛෙන්නේ දෙවන පෙළ..
    හුගාක් අය ඔකට කැමති නැහැ.
    පන්සලේ දායක සභාවෙ වගේම ග්‍රාම සංවර්ධන සමිතියේ, මරණාධාර සමිතියේ පවා තනතුරුවලට මිනිස්සු පොර කන්නේ තමන්ගේ ග්‍රේඩ් එක තියාගන්නයි. එහෙමත් මිනිහෙක් විතරයි වැඩක් කරන අදහසින් ඔවාට එන්නේ..
    ඉතින් එහෙම තනතුරු ලෝභී සහ විශේෂ සැලකිලි බලාපොරොත්තු වන අය කෙසේ හෝ තමන්ගේ පන්සල නාම මාත්‍රිකව හෝ ඉදිරියට ගෙන යන්න උදවු කරනවා.

    ඇත්තටම පිනට දහමට කැමති ඈත පන්සලකට යන්න අමාරු අයත් ඉන්නවා.
    ඒ වගේම මම ඒ දවස්වල ජීවත් උන විදිය හුගාක්ම බලපෑවා ඒ විදියට මිනිස්සු කටයුතු කරන්න.
    මම මෙහි වැඩිපුර මගේ චරිතය ඉස්මතු කරලා නොකියා ඉන්න උත්සහ කලාට ඒ වෙන කොට පන්සලේ සියළුම වැඩකටයුතු වගේම වැදගත් අනිකුත් සෑම දෙයක්මත් සොයා බලා කෙරුවෙ මම තමයි. චන්ද විමල හාමුදුරුවෝ ආගමික කටයුතු ටික කරගෙන හිටයා පමණයි.

    ඒ දවස්වල මිනිසුන්ගේ උවමනාවක් ඇවිත් කිවුවම මම අවට පන්සල් ගානේ පයින් ගිහින් හාමුදුරුවරු හොයලා ඒ වැඩ ටික කරවලා දෙනවා. ඉතින් මිනිස්සු දැනගෙන උන්නා මා අතින් තමයි ඒ වෙන කොටත් පන්සල බලා කියා ගැනුනේ කියලා.

    ඔන්න ඔය කරුණු සියල්ලම මා කියූ තත්වයට බලපෑවා.
    මිනිස්සුන්ට බල කරලා වැඩ කරවාගන්න බැහැ. මුළින් අපි වැඩ කරලා පෙන්වන්න ඔනෑ..ඊට පස්සේ මිනිස්සු ඔනම දේකට එකතු කර ගන්න අපිට බැරි නැහැ.

    ReplyDelete
  5. ඔය ටික නැතිව කිව්ව ම කොහොමද ඉතින් පසුබිම තේරෙන්නෙ... ඔයා මේ කතාව ලියන්නෙ හරි පුදුම විදියට, ඒකමයි මේ කතාව මේ තරම් වටින්නෙත්...
    කොහොමටත් මේ කතාව ජීවිතේ ගැන ආපහු හිතන්න පොලඹවනව... මට... මේ තරමට තමන් කියන සංකල්පය අඩුවෙන් දකින්න මට බෑ...ඒත් මේ දේවල් මට ආපහු සමහර දේවල් හිතන්නත් තරමක් දුරට වෙනස් කරන්නත් හේතු වුණා...
    එක දෙයක් නම් ලියල කියල යන්න හිතෙනව මේ ටික කියෙව්වට පස්සෙ, මේ තරම් මමත්වය අඩුවෙනුත් උපේක්ශාවෙනුත් බොහෝ දේවල් දකින ඔයාට බැරිද අය්යෙ ඔය බොන එක නතර කරල ඔයාගෙම ජීවිතෙ ට, ඔයාට ම, මීට වඩා වටිනාකමක් දෙන්න...

    ReplyDelete
  6. එහෙනම් මාරයාත් මහණ වෙන්නයි යන්නේ.

    ReplyDelete
  7. චේජනා...

    දැනටනම් මගේ වටිනාකමක් තියෙන්නේ නංගියේ මෙ බීමෙ විතරයි.
    මම සමහර විට මෙ ලිපි එකක්වත් නොලියන්න තිබුණා ඔය බීම නැති උනානම්.

    ReplyDelete
  8. හසී...

    ඔන්න ඔන්න..ඉස්සර උනා...
    තවම නැහ.. තවම නැහැ...

    ReplyDelete
  9. රාළහාමි නම් නියම පොරක් වගෙ.....ඉතින් මහණ වුනැයි......

    ReplyDelete
  10. අප්පේ මේ ජංජාලෙත් එක්ක බෑ..උදේ ඉඳන් ට්‍රයි කොරලා තඩී කමෙන්ටුවක් ටික ටික paste කොරලා අන්තිමට post comment කොරද්දි මේන් කියපි server not responding..
    ඉතින් ආයිමත් ලියපියකෝ...

    පන්සල් කථා ටිකනම් නියමයි...මං හිතන්නේ දැන් තමා හොඳම හරිය පටන්ගන්නේ..මාත් දැන් අවුරුදු කීපයක ඉඳන් ටිකක් පන්සලත් එක්ක, හාමුදුරුවො එක්ක ගණුදෙනු කරනවා..මාරයියා කියන කථා මෙහෙත් වෙනවා.. වෙලාවකට දුකයි..ඒත් තම තමන් කරන කියන ඒවයි ප්‍රථිඵල තම තමන් ම විඳින් නැතෑ..
    මාරයියා නින්ද නොයන එකට බොන එකනම් පිළිගන්න ම බෑ...දොස්තර කෙනෙක් හම්බවුනා නම් පොඩි ප්‍රථිකාරයකින් ගොඩයන්න තිබුණා..මම දන්න විදියට නම් ඔය බෝතලෙන් වෙන හානිය තරම් අතුරු ප්‍රථිඵල බෙහෙත් නිසා ඇත්වෙන් නෑ..ඔය ජංජාලෙ පැත්තෙ පොඩි සෙවුමක් දැම්මනම් ඒකට විසදුමක් තමන්ටම හොයාගන්න බැරිවෙන එකක් නෑ..ඔය relaxation music වගේ ගොඩාක් දේවල් තියෙන්නේ..

    අනික හිතේ තියෙන අවුල් අමතකකරන්න බොන එක???ජීවිතේ මෙච්චර අත්දැකීම තියෙන, බෞද්ධ දර්ශණය ගැන හොඳ අවබෝධයක් තියෙන, ගොඩක් දේවල් ගැන වැටහෙන නුවණක් තියෙන මිනිහෙක් ඇයි මේ ජීවිතෙ අකාලයෙ නැති නාස්තිකරගන්නේ?? දුක, සතුට, වේදනා එකී මෙකී නොකී ඒවාට විසදුම බෝතලේ නම් මේ ආගම්, දර්ශන වලින් පන්සල්, පල්ලි, කෝවිල් වලින් එතකොට ඉස්පිරිතාල, ඩිස්පැන්සරි, දොස්තරලගෙන් වැඩන් නෑ..හංදියක් හංදියක් ගානේ තැබෑරුමක් දැම්මනම් හරි...මම අම්මගේ කුසේ හිටිය කාලෙ ඉදන් බැලුවොත් දැන් අවුරුදු 25ක් විතර තාත්තගේ බේබදුකම් නිසා විදවන එකෙක්..ඒ බේබදුකම මගෙන් උදුරගත්තු, මගෙන් ඈත් කරපු දේවල් බොහෝමයි..මාරයියා බොන්නේ මාරයියගේ සල්ලි වලින්, බීලා අනෙක් උන්ටකරදරයකුත් නැතුව පාඩුවෙ ඉන්නව ඇති..
    අපේ සාමන්‍ය ඉස්පිරිතාලයක ඇදන් 100ක් ගත්තොත් ඒවයි 30කට වඩා ඉන්නේ බේබද්දො ලු..ඉතින් ඇයි මෙහෙම ජීවිතෙ අකාලේ නාස්තිකරගන්න හදන්??

    "ඉහලට අදින්න දල්ලකුත් නෑ පහලට අදින්න මුලකුත් නෑ" කියලා හිතෙන ජිවිතේ ට වටිනාකමක් එක්කරගත්තොත් නරකද??මේ බ්ලොග් එක ලියනො වගේ...
    ජයවේවා!!!

    ReplyDelete
  11. මම කිසිත් නොපවසමි

    ReplyDelete
  12. ජයසේන ජයකොඩිගෙ පිච්ච මල සීරීස් එක කියවනව වගේ....

    ReplyDelete
  13. බොන එක හොද වැඩක්... මාරයාට ගැලපෙනවා.... පාප මිත්‍රයෝ කියන එවා ගනන් ගන්න එපා මචන්...

    ReplyDelete
  14. sampathjt & චේජනා, මම කියන්න හිටිය දෙයක් ඔය කියල තියෙන්නේ ඒ විදිහට ඉන්න බලහන්කො මාරයියෙ. පවුලක් පංසලකුත් වෙලා.

    ReplyDelete
  15. මටත් ඔය දේම හිතුනා අබීත...........

    දෑනන් හිටියෙ නෑනෙ ඒකෙ ඈත්ත කතා තියෙන බව

    ReplyDelete
  16. බඩුම තමයි. කතාවෙ හොදම ටික එන්න වගේ හදන්නෙ.
    "ඇයි බුදු හාමුදුරුවොත් කොහේ හරි ගිහිල්ලද..?" ඒකනං නියම කතාව.
    ඔය සම්පත් කියල තියෙන එක ගැනත් සලකා බැලුවොත් හොදයි. හැබැයි බීම නැවැත්තුවත් බ්ලොග් ලියන එකනං නවත්තන්න එපා. අපි ඉවරයි.

    ReplyDelete
  17. ඇත්ත තමයි හාමුදුරුවෝ ඉන්නම ඕන නෑනේ දානේ දෙන්න. හාමුදුරුවෝ සිහකර ගත්තම ඇතිනේ. නැත්තං ඉතිං ඉතිපිසෝ ගාථාව කියන්න බුදු පිළිමයක් ලඟටම යන්න වෙනවා. ස්වාක්ඛාතෝ කියන්න බෝධියක් ලඟටම යන්න වෙනවා... ඔය යස අගේට ඉතිපිසෝ මතක් වෙන්නේ හීනයක් එහෙම දැක්කම...

    මරු කාතාව. ආදර්ශමත්... ඒ වගේ ආතල්... පට්ට...
    "ඇයි බුදු හාමුදුරුවොත් කොහේ හරි ගිහිල්ලද..?" මරු පොලිස් අංකල්... ;)

    ReplyDelete
  18. ඩිෆෝල්ට් ෆොන්ට් එකේ ඉටැලික් අයින් කරානම් කොහොමද? නිකමට කිව්වේ හිතලා බලන්න...

    ReplyDelete
  19. හපොයි...මෙන්න මූට මහන වෙන්න හිතිලා...නියත විවරන දීලා තියෙන්නේ පැන්ශන් ගියපු පොලිස්කාරයෙක්. :)
    සාසනේට මොනවාවෙයිද මන්දා...
    මහනවෙන්න කලින් අපිට නොකියන සසරකල කිරෙන දෙයක් උනාද? නැත්නම් කවුරුහරි නිබ්බුතපද කිව්වද?

    ReplyDelete
  20. මහණ වෙන්න අදහස රාළහාමි දැම්මට,මේ වෙනකොට පන්සලේ නොනිල හාමුදුරුවෝ වෙල නේ ඉදල තියෙන්නේ,,එක නෙමේ මාර බොස් ඒ පාර මාර විරෝදයක් එනව නේ මත්පැනට,පහු ගිය ලිපි 3 ම ප්‍රබල විරෝදයක් අනුශාසනා,උපදෙස් බොහොමයි, ඒත් ඉතින් දිනපතා පාවිච්චිය හොද නෑ තමා,අපේ සෙට් එක මේ දවස් වල වයින් පානය,බයිබලෙත් ලියවිලා තියනවා නොවෑ වයින් පානය ගැන......

    ReplyDelete
  21. මාත් හිතනව චේතනා කියපු එක ඇත්ත කියල.. ඇයි මරයියා බඳින්නෙ නැත්තේ...
    බොන අයට කැමති ගෑණු ඔය ඕන තරම් ඉන්නේ .....

    ReplyDelete
  22. කතාවේ උනුසුම්ම් හරියට ඇවිල්ලනේ....

    ඔහොම උනහම කොචරනම් හිතන්න දේවල්ද....?


    බැදිලා තියන හෑම බැම්මක්ගැනම හිතන්න් ඇපැයි...

    ReplyDelete
  23. කතාවේ හොඳම හරිය නෙව.
    කෝ ඉක්මනට ඉතිරි ටික දෙන්නකෝ.

    (දැන් ඉතින් පුලුවන් නම් තව සතියක් විතර වෙන වෙන කතා ලිය ලිය ඉන්න, මේක පරක්කු කරන්න.
    :D :D )

    ReplyDelete
  24. මේකනෙ වැඩේ.. මූට ලියන්න අදහස් එන්න බොන්නම ඕනෙ. ඉතිං බීම නැවතුනා කියන්නෙ blog කෙරුවාවත් ඉවරයි කියන එක තමයි.. :)

    ReplyDelete
  25. මාරයෝ මම මින්ස්සු ගැන හිතා හිටි කාරණයක් මේකෙදිත් ඉස්මතු වෙනවා... ඒකනම් මිනිස්සුන්ගේ හොඳ නරක ඉස්මතු වෙන්නේ මූණ් දෙන අවස්ථාවල සොබාවය නිසානේ... සමහර උදවියට තමන්ගේ හොඳ ඉස්මතු කරන්න අවස්ථාවක් එන්නෙම නෑ... අනෙක් පැත්තත් එහෙම්මමයි... අන්ත දෙකේම ඉන්න උදවියත් නැතුවාම නෙමෙයි (මගේ මිත්‍රයෝ ඉන්නවා අන්තිම අමාරුම අවස්ථාවලදීත් අමනුස්ස ගති එලි නොදක්වා බෝසත් ගුණම පෙන්වන..)

    [පසු ලිපි: කුම්බලා මාළු කෑවානම් තුක විඳපන් පලලෝ...!]

    ReplyDelete
  26. රාළහාමියා තමයි එහෙනං මෑන්ස්?

    ReplyDelete
  27. sampathjt...

    අනේ මල්ලියේ වචන අපරාදේ නාස්ති කරන්න එපා බං..
    ඔනනං ඔය තිස්ස අයියාගෙන් අහලා බලපංකෝ..
    කොහොම උනත් බෝතලේ සහ මා පිළිබඳව ලියූ ටිකටත් වඩා..
    ලිපිය ගැන ලියූ දීර්ඝ ප්‍රතිචාරයට මාගේ හද පිරි ස්තූතිය පිරි නමමි.

    ReplyDelete
  28. nish...

    හිහ් හිහ්..අවබෝධ වී ඇති සෙයකි...

    ReplyDelete
  29. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ...

    ඉස්තූතියි කිවුවා කියලා තියෙන කථා දෙකටම...

    පිච්ච මල සහ අර වැඩෙට දුන්න සපෝට් එකට...

    ReplyDelete
  30. nish...

    හුගාක් නවකථාවල සැබෑ කථා හැංගිලා තියෙනවා..
    දවසක මෙ කථාවත් කාට හරි නව කතාවක් වෙවී..

    ReplyDelete
  31. Praසන්ன...

    වැඩ දෙකම එක සමානව ගෙන යන එක නේද වඩා හොඳ..?

    ReplyDelete
  32. කුෂාන් ඇස්. වන්නිආරච්චි...

    ධර්මය සොයා සිදුහත් කුමාරයා ඇවිද ගියාට අපිට ඇවිද යන්න බුදු හාමුදුරුවෝ ඉඩ තියලා නැහැ.
    අපි බණ දන්නවා. අපි ළග අවබෝධයත් නැතුවා නෙවෙයි.
    ඒත් පිළි පැදීම පිළිබඳව ඇති විචිකිච්ඡාව නිසා අපි හැමදාමත් ප්‍රමාදයි...
    අපි පින්කම් කරන්නේ අනුන්ට පේන්නනම් පන්සලේ හාමුදුරුවරු සීයක් හිටියත් මදි වෙන්න පුළුවන්..ඒත් අපි ඒ දේ කරන්නේ අපි වෙනුවෙන්නම්..ඒ කියන්නේ පින් සිඳු කිරීම සහ මසුරු මල ඉවත් කිරීමට පමණක්ම නම් ඒ සඳහා එකම හිමිනමක් වැඩ නොහිටියත් ඒක අඩුවක් නොවෙ..
    අර කියලා තියෙන්නේ මහද ගඳ කිළි කොට..කියලා...

    (ඇයි ඉටැලික් නිසා කියවන්නට අපහසු ස්වභාවයක් තියෙනවද..?

    ReplyDelete
  33. Grey...

    ඔවු ඔවු නියත විවරණ දුන්නේ නම් පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් තමා..ඔං..මරෙ මරු නේද..?

    මෙහෙම ගියොත් පන්සල් කථාව නවත්තලා මට මගේ ජීවිතේ ගැන මුළ ඉඳළම ලියන්න වෙයි වගේ...

    ReplyDelete
  34. ItalyDilan...

    මාත් ඔක ගැන කල්පනා කරලා තීරණයකට ආවා මෙයින් පසු මත් පැන් නොබී රහමෙර වගේ දෙයකට යන්න...

    ReplyDelete
  35. kumaraya...

    හප්පොච්චියේ..
    එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා..
    දෙකක් කඩතොළු හදා දෙන්නට හදයි මට කු මාරයා..

    ReplyDelete
  36. ඉලංදාරියා...

    උනුසුම් කියන්නේ ලොක්කා අල්ලන්නේ බලාගෙනයි අත දන්ට පුළුහං..ඔං...

    ReplyDelete
  37. Ansh Lucky Sri Jay...

    දැනටමත් දාලා විත්තිය දන්නවනේ..

    ReplyDelete
  38. Buratheno...

    අන්න හොඳ කොල්ලෙක්..නියමෙට තේරුනා...

    ReplyDelete
  39. තිස්ස අයියා...

    මම හැම වෙලේම කියන කථාව දන්නවනේ අයියේ...
    දෙවියෙක් සහ යක්ෂයෙක් ගැන...

    ReplyDelete
  40. budhajeewa...

    අන්න මල්ලී මෑන්ස් තමයි මෑන්ස්...

    ReplyDelete