14 August 2010

පන්සලේ ජීවිතේ... තීරණයක්...

ඇයි මට මහණ වෙන්න බැරි...

ඒක කරදර වැඩක්... කිසිම නිදහසක් නැහැ.. ඒත් හුගාක් දේවල් කරන්න පුළුවන්..

මෙ වෙනකොට මාත් කිසිම අරමුණක් නැතිව සිටිය කෙනෙක් වූ අතර කිසිදු වගකීමක් නොවුණි.
කුඩා කල සිටම මහන්සී වී ඇති මට දැන් ගෙවන ජීවිතය ඉතා සැහැල්ලූ විය.

කෙසේ වෙතත් මෙ ආකාරයෙන් හැමදාම දිවි ගෙවිය නොහැක..එක්කෝ මා නැවත මිනිස් සමාජයට යා යුතුය..නොඑසේනම් මෙසේම රැදී සිටිය යුතුය..
තවම නම් නැවත ආපසු යෑමෙ අවස්ථාවක් හෝ උවමනාවක් මා හට නොවිණි..
එසේනම්..මෙසේ රැදී සිටින කාලය තුල කුමන හෝ දෙයක් කල නොහැකිද..?

තාවකාලිකව පැවිදිවීම..?

තායිලන්තය වැනි රටවල මෙවැනි පැවිද්දක් ඇති බව මා අසා තිබූ මුත් මෙහිදී එය කළ හැකිදැයි මා දැන නොසිටි මුත් සිවුරු දරා එයින් පිටව යා හැකි නමුත්..එයින් පසු සමාජයෙන් එම තැනැත්තාට එල්ලවන අපවාද කෙසේදැයි මා දැන සිටියෙමි.

සෑහෙන්න සිතිය යුතු ගැටළුවක්..?

මම සිතන්නට වීමී..
දිගින් දිගටම සිතන්නට වීමි.

අවසාන තීරණයක් නොගෙනම මම සතියක් දෙකක් සිටියෙමි...
ඒ අතරතුර සුපුරුදු පරිදි ජීවිතය ගත කරනා අතරතුර එක් දිනක් අහඹු සිදුවීමක් මා කළඹන ලදි.

...............................................................

එදින මා කුමන හෝ වැඩකට අසල නගරයට ගොස් සිටියදී එක් වරම මාගේ නම කියා කතා කරනා ගැහැණු කටහඩක් ඇසිණි.

මෙහි මා හට එම නමින් කථා කරන්නට කිසිවකුත් නොවූ අතර මා වට පිට බලනා විට එක්වරම මා දුටුවෙ කලක් මාගේ මිතුරියකව සිට තවත් කෙටි කාලයක් මාගේ පෙම්වතියක්ද වී සිටි තරුණියකි.
මගේ නිවසට සැතපුමකින් පමණ දුරින් විසූ ඇය මාගේ වයසේම වූ අතර මට වඩා බාල වූයේ හරියටම මාසයකින් පමණි.
අප දෙදෙනා කුඩා කාලයේ සිටම තරමක් දැන හැදින සිටියද තරුණ අවදියේදී හොඳ මිතුරන් වූ අතර මාගේ දීර්ඝතම පෙම් සබඳතාවයට උදවු උපකාර කරනු ලැබූ මාගේත් එවකට මාගේ පෙම්වතිය වී සිටි මා වෙනුවෙන් පසු කාලීනව බලාපොරොත්තුවෙන් සිට පසුව මාගේ අවසර මතම මගේ හොඳම යහළුවකු සමග දීග ගිය අදටත් මට සැබෑවටම ආදරය කලා යැයි මා විශ්වාස කරනු ලබන ඇයගේ හොඳම මිතුරියක්වද සිටි මැය..

මගේ එම ප්‍රේමය බිඳවැටුනු අවස්ථාවෙ මා සැනසීමට ලග සිටි තැනැත්තියක වූ අතර..පසුව අපගේ ඇසුර වෙනත් අතකට හැරී පෙම්වතුන් වීමු.
එතකින් නොනැවතුනු අප අතර කලක් කායික සම්බන්ධතාද වූ බව සැගවිය යුතු කරුණක් නොවෙ. නමුත් ඇයගේ ඉතාමත් දරුණු ලෙස බොරුකීමක් නිසා මා ඇයගෙන් වෙන් වී සිටියෙමි.

මෙසේ වූ ඇය එක්වරම මා හමුවෙ පෙනී සිටීම මා තරමක් මවිත කරනු ලැබූ සිදුවීමක් වූවද ඇයට මෙම ප්‍රදේශයේ ඥාතීන් වූ බව මා දැන සිටියෙමි.
කලකින් දුටු මා වෙත වෙගයෙන් දිව ආ ඇය...

"කොහේද.......... මෙච්චර කල් හිටියේ...?
අපි හැම තැනම හොයනවා.
ගමෙ මිනිස්සු මට බනිනවා.මම ඔයාව හංගගෙන ඉන්නවා කියලා.
ඇයි තාත්තගේ මරණ ගෙදර ආවෙ නැත්තේ...?"

"තාත්තගේ..කාගේ තාත්තගෙද..?"

"ඔයාගේ තාත්තගේ..ඇයි ඔයා දන්නේ නැද්ද..?"

"නැහැ මම දන්නේ නැහැ..මට කවුරුවත් කිවුවෙ නැහැ."

"ඔයාට කියන්න ඔයා ඉන්නේ කොහේද කියලා කවුරුවත් දන්නේ නැහැනේද..?"

"නැහැ, අම්මා දන්නවා මම ඉන්න තැන..මම එක දවසක් ගිහින් තාත්තව බලලා ආවා.එදා මම අම්මාට කියලා ආවෙ..මම ඉන්න තැන.එක පාරක් මට ලියුමකුත් එවලා තිබුණා."

"එහෙනම් ඇයි නොකිවුවෙ..?"

"මම දන්නේ නැහැ."

"අනේ මම දන්නේ නැහැ............
කොහොම උනත් ඔයා ගෙදර යන්න. නැත්තං ඔයාට හොඳ නැහැ. දැනටත් මිනිස්සු ඔයාට බනිනවා.ආවෙ නැහැ කියලා."

"මට මිනිස්සු බැන්නට නම් කමක් නැහැ. ඒත් මට අම්මා කිවුවෙ නැහැ.මෙක."

"දැන් ඔයා මොකද කරන්නේ..?"

"මුකුත් නැහැ."

"ඔයාට මොකද දෙයියනේ උනේ..?ඇයි ගෙදරින් ආවෙ..? කොහොම හිටිය කෙනෙක්ද ඔයා..."

"දැන් ඒවයින් වැඩක් නැහැ..........."

තව සුළු මොහොතක් එතැන රැඳී සිටි පසු අප වෙන් වීමු.

අම්මා මට තාත්තාගේ මරණය නොදැන්වීම කුමක් අරමුණු කරගෙන කළාදැයි මට සිතාගත නොහැකි විණි.

මල්ලීගේ නොහික්මුණු ක්‍රියා නිසාත්, මට සිතාගත නොහැකි විදියට අම්මාගෙන් එයට ලැබුණු අනුබලයත් ආදී කොටගෙන ඉවසාදරාගත නොහැකිම තැන ගෙදරින් මා පිටව ආවත්..මා ආවෙ මා සතු කිසිවක්ම රැගෙන නොවෙ..
එවන තෙක් මා හරි හම්බකරගෙන තිබූ සෑම දෙයක්ම ඔවුනට බාර දී මා පාරට බැස්සේ කිසිවක් නැති අනාථයෙකු ලෙසිනි.

වසර ගණනක මහන්සියෙන් හරි හම්බ කර ගත් සියළු දෑ අතර වෑන් රථයක් හා ත්‍රිරෝද රථ දෙකක්ද විය.
පාපැදියක් පමණක් තිබූ තාත්තාගෙන් අපට ලැබුණු දෙයක් නැත. අම්මා මාහට දීමට කියා වෙන්කර තිබූ පර්චස් විස්සක ඉඩමක් තිබුණි. නමුදු එය මාගේ නමට ලියා තිබුණේ නැත..
නමුත් කිසිවිට දෙමාපියන්ගේ උරුම බලාපොරොත්තු නොවූ මා අත්වල පලූ නගින තුරු මහන්සි වී උපයාගත් දෙයින් යම් තරමක් නැග්මක ආරම්භය ලබා තිබුණු අවදියේ ඒ ලබාගත් සියළු දේ එක් මොහොතකදී අතහැර පැමිණියේ ඉවසාදරාගත නොහැකි තරම් වූ මානසික පීඩනය නිසාමය..එම පීඩනව ගොඩනැගූවෝ අන්කවරකුවත් නොවූ අතර ඒ මාගේම අම්මා සහ සහෝදරයා විණි.

පසුකාලීනව මා සතුව තිබී ඔවුනට දී පැමිණි සියළුම වාහනත්, මා හට දීමට යැයි කියා තිබූ ඉඩමත් ඔවුන් දෙදෙනා විසින් විකුණා දමා තිබුණි. එය ඇසූ මා කලේ සිනාසීම පමණි. ආරංචිය කියූ පුංචි අම්මා විස්මිතව මා දෙස බලා උන්නා මට අදටත් මතකය..

හරි හම්බ කල සියල්ල ඔවුනට දී තිබියදීත් ඇයි මට තාත්තාගේ මරණය නොකීවෙ...?

ඔවුන් විසින් දැන දැනම මා ගමෙ මිනිසුන්ගේ පිළිකුළට භාජනය කරවා ඇත.
තාත්තා මා හැදුවෙ කවදා හෝ ඔහුගෙන් පසුව ඔහු විසින් කරගෙන ආ සියළුම සාමාජීය වැඩ මා අතින් කරනු දැකීමෙ බලාපොරොත්තුවෙනි.

ඔහු දේශපාලනය තදින් බදා වැළද කරනු ලැබූවෙකි.
නමුත් කෙදිනකවත් චන්දයකට ඉල්ලීමෙ උවමනාවක් ඔහු තුළ නොවිණි. ඔහු ඒ සඳහා මා සූදානම් කරවන ලදි.
ඇත්තෙන්ම ඒ වන විටත් මා ගමෙ සෑම සමිති සමාගමකම සාමාජිකයකු වූවා පමණක් නොව සෑම අතින්ම ක්‍රියාකාරීව කටයුතු කරනු ලැබූවකු විය. ඒ සෑම දෙයක් පිටුපසම තාත්තා විය.
ඒ සියළු දෙයින්ම මා ඔසාවා තැබීම තාත්තා විසින් කරනු ලැබූවෙ මවිසින් ගමට, මිනිසුන්ට සැබෑ සේවයක් වනු දැකීමෙ කැමැත්තෙනි. මාද එම මාර්ගයේ යනු ලැබූවෙ එය මාගේ උරුමය බව හිතට ගනිමිනි.

තාත්තා කිසි දිනක දේශපාලන කටයුතු වලින් තමාට වාසි ලද්දකු නොවීය.

දේශපාලනය නිසාම රැකියාව පවා නැතිව ගොස් තිබියදී..දේශපාලන බලය ලද විටද තමා වෙනුවෙන් හෝ අප වෙනුවෙන් කිසිවකු ළග කොන්ද නැමූවකු නොවූ හෙතෙම මට රැකියාවක් සොයාදීමට කිසිදු උත්සහයක් නොගත්තේය...

අවසන මා රැකියාවන් රැසක් කර අවසානයේ හමුදා සේවයට ගිය පසු ඔහු විසින් මා හට එවූ ලිපියක් අදටත් මා සතුව සුරක්ෂිතව ඇත.
එය ලිපියකටත් වඩා සමාව ඉල්ලා කල ප්‍රකාශයක් බඳුය...

මා ඒ ගැන ඒ තරම් නොසිතූවත් දැඩි ලෙස සිත් වෙදනාවෙන් සිටි ඔහු ලිපිය එවා ටික කලක් ඇතුළත ඔත්පල විය.

පසුව මා ගෙදර විත් අවශ්‍ය ප්‍රතිකාර කරවන ලදින් යළි සුවය ලැබූ තාත්තා නැවත් එයින් වසර දෙකකට පමණ පසු නැවතත් ඇඳට වැටුනේ නැවත සුවය නොලබන අයුරිනි.

අවසන මා ගෙදරින් පිටව යන කල මා සතු සියල්ලම මල්ලීට පවරා ගියේ මා වෙනුවෙන් තාත්තා රැක බලා ගැනීම ඔහුට පවරමිනි.

එසේ පිටව ගිය පසු මා දුන් දේ විනාශ කළ ඔවුන් අවසන මාහට තාත්තාගේ මළගමට ඒමට තිබූ අවකාශයද නැති කොට දැමූවෙ කුමන කරුණක් නිසාදැයි අදටත් මා නොදනිමි.
පසුව මා මේ පිළබඳව විමසා සිටි අවස්ථාවක අම්මා කියා සිටියේ මා මල්ලී සමග ගැටුම් ඇති කර ගනිතැයි සිතා මා හට මරණය නොදැන්වූ බවයි.

නමුත් ඥාතීන් අතර ඇය පවසා ඇත්තේ මා හට දන්වාත් මා නොපැමිණි කතාවකි.

මම ආරංචිය දැනගත් දාට පසු දිනම සවස් වන්නට ගෙදර ගියෙමි.

ඒ වන විට මරණය සිදුවී මාසයකටත් වඩා වැඩිය.
ඔවුන් හා කරන කතා බහත් මට අප්‍රසන්න විය.
වැඩි වෙලා නොරැඳුන මා ඉන් පිටව ආවෙ යළිත් එහි නොයන්නට සිතාගෙනය...

අවසන පන්සලට පැමිණි මා තීරණයක් ගෙන ගුණරතන හිමි හමුවීමට ගියෙමි.
.............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

71 comments:

  1. මොනවා කියන්නද කියලා නම් හිතා ගන්න බෑ......:(

    ReplyDelete
  2. ම්ම්ම්..............................................................ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ....!!

    ReplyDelete
  3. Shadow/හේමලයා...

    මම හිතනවා අද පටන් හිතන දේවල් සහ සිතූ විදිය වෙනස් වෙවී කියලා...

    ReplyDelete
  4. වැම්පයර්...

    මිනිස්සු කරන්නේ නැත්නම් වෙන කවුරු කරන්නද..?
    ඒ තමයි මිනිසා...

    ReplyDelete
  5. අද කතාව ගැනනම් මොනව කියන්නද කියල මටත් හිතාගන්න බෑ....

    ReplyDelete
  6. බොලේ හැබෑට, උඹ මාර චරිතයක්නේ!

    ReplyDelete
  7. Praසන්ன...

    ඇත්ත තිත්ත උන තරමක්...

    ReplyDelete
  8. budhajeewa...

    ඒකනේ මල්ලියේ මාරයා උනේ...

    ReplyDelete
  9. තිත්ත වෙලා නෙමෙයි. මේකනං බොන්න ඕන ප්‍රශ්නයක්.

    ReplyDelete
  10. හප්පා....
    කේ. ජයතිලක ගෙ 'චරිත තුනක්' කියෙව්ව වගේ.
    මේක දැක්කම ම‍ට තිබ්බ ප්‍රශ්නත් ප්‍රශ්නද කි‍යල හිතෙනව!

    ReplyDelete
  11. Praසන්ன...

    ඔන්න හරි වචනේ එළියට පැන්නා..
    දැන් ඉතින් උඹලම මට කියනවා බොන්න එපාළු..
    දැන් මොකද කියන්නේ..?

    බඩුම තමා...

    ReplyDelete
  12. freedom...

    ඔයාට හිතෙන්නේ නැද්ද අපේ ප්‍රසන්න සහෝදරයාට වගේ බොන්න ඔන කියලා එහෙම...

    ReplyDelete
  13. අනේ මංදා, ඔබට සිදුවී ඇති දේ නම් බොහොම කණගාටුදායකයි,

    ReplyDelete
  14. අනේ මන්දා මටත් හිතාගන්න බෑ.

    ReplyDelete
  15. අද කොටස නම් කියෙව්වා. මොනවා කියන්නද මන්දා.

    ReplyDelete
  16. හරී...

    වෙලා තියෙන දේවල්වල හැටියට ඔවා මොනවාද..?

    ReplyDelete
  17. හසී ...

    අනේ මන්දා අද මෙයාලට මොකද වෙලා තියෙන්නේ කියලා මටත් හිතාගන්න බෑ

    ReplyDelete
  18. Ansh Lucky Sri Jay...

    ආ මෙන්න තවත් එක්කෙනෙක්...?
    ඇයි අද කථාව අප්සෙට්ද..? ඇත්ත කියන්නේ ඒ තරම්ම අසුන්දර දෙයක්ද..?

    ReplyDelete
  19. ඒක තමයි නේද මාරයෝ, උන්න හැටියට මළා මදැයි කිව්වලු ! ඉතින් ඉතින් ඊට පස්සෙ මොකද උනේ,,,,

    ReplyDelete
  20. හරී...

    බලමු නේද ඉදිරියට...

    ReplyDelete
  21. හුම්ම්ම්ම්ම්ම්ම්ම්..
    මොනවා කියන්නද් අකියලයි කල්පනා කලේ....

    මිනිස්සුනම් මාරයි අය්යේ..කියලා වැඩක් නැහැ...

    ReplyDelete
  22. කියවනකොට තිරේ බොද වෙලා ගියා....
    හොද තීරනයක් ගන්න අති නේද...?

    ReplyDelete
  23. ඉලංදාරියා...

    අද නං කට්ටියම හිර වෙලා නේද..?
    ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක් බං...
    අද මම මෙහෙමවත් ඉන්න එක ගැන මටම වෙලාවකට පුදුමයි.
    ඒත්... ඉතින් මෙ හැම දෙයක්ම විඳලාම බලන්න ඔන . කියන තරම් ලෝකය සුන්දර නැහැ කියලා තේරෙන්න.

    ReplyDelete
  24. AmilaArt...

    එදා මම ගත්ත තීරණේ හරිද කියලා මට තාමත් කියන්න බැහැ.
    ඒත් අනාගතේ දවසක ලෝකයා විසින් එය හරිද වැරදිද කියලා කියාවි කියලා මට විශ්වාසයි.
    ඒ ගොඩට ඔබත් ඇතුලත්..දිනයක ඔබම මට කියන්න.

    ReplyDelete
  25. උඹනම් මාර අත්දැකීම් වලටනෙ මූන දීල තියෙන්නෙ. පිස්සු හැදිල ආයෙත් හැදෙනවා මේව කියවනකොට. උඹට ජය පතන්නම් !!

    ReplyDelete
  26. දුමී...

    එහෙම හැදිලා ආයෙත් හැදිලා නේන්නම් මාත් මෙහෙම ඉන්නේ...

    ReplyDelete
  27. චින්තා ලක්ෂ්මි සිංහාරච්චි පරිවර්ථනය කරපු අපූ ත්‍රිත්වය, අරණකට පෙම්බැඳ, ගෝදානය වගේ කතා කියවනකොට දැනුනු "අයියෝ අපි මේ අපිට මාර ප්‍රශ්න කියලා මැරෙන්න හදනවා . . මේ අයගේ ප්‍රශ්න එක්ක බලුවාම අපේ ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්න දේවල් මහා විහිලුවක්" කියලා දනුනු හැඟීම ආයේ පාරක් බොක්කටම දනෙනවා මාරයෝ . ..

    ReplyDelete
  28. ඔයා අද ලියපු දේ මටත් හිත පතුලට ම දැනුන... මට හිතෙන්නෙ ඒ මේකයි. අම්ම අතින් අපිට අසාධාරණයක් වෙන්නෙ නෑ කියන එක අපේ යටි හිතේ තියෙනව... ඔයාගෙ කතාව ඒ හැඟීමට පුංචි අභියෝගයක් එල්ල කරනව... ඒ වේදනාව තමා දැනෙන්න ඇත්තෙ... කොහොම වුණත් ඔයා නම් පුදුම ධෛර්යවන්ත කෙනෙක්...

    ReplyDelete
  29. හිතවත් මාරයෝ
    මට හිතෙන විධියට අම්මලා තාත්තලා අපිට කියන පෙන්නන දේට වඩා ගැඹුරින් ඒ දේවල් හිතනවා කරනවා. සමහර විට ඔයාගෙ අම්මත් ඒ වගේ වෙන්න ඇති.
    මොනවා උනත් හැමදාම කියවන මට, ඉඳලා හිටලා හරි කමෙන්ට් දාන්න තියන කම්මැලි කම, නැති වෙන විධියෙ කථාවක් තමයි අද තියෙන්නෙ. ඔය උඩින් කට්ටිය කියලා තියෙන්නෙ මේ ප්‍රශ්ණත් එක්ක අපේ දේවල් මොනවද කියලා. ඒ කථාවත් සම්පූර්ණ ඇත්ත. හැබැයි මට හිතෙන්නෙ මේ දේවල් වලින් මාරයා තව තවත් කම්මර වෙලා මිසක් සැලිලා නැහැ වගේ කියලා. සැලෙන්නත් එපා.
    ඊගාව කොටස හිතාගන්න පුළුවන්. ඒත් අනිවා බලනවා.

    ReplyDelete
  30. ඔය වාගේ මාර සංවේදී ජීවන අත්දැකීමක් තියෙන්නේ හ‍රිම පොඩි පිරිසකට මාරයෝ.ඒ අත්දැකීම ඉතිරි ජීවිතේට හෙන කික් එකක් දෙනවා නේද?

    ReplyDelete
  31. ලොක්ක මොළකාරයා....සුදුසු වෙලාව බලල, බොහොම සංවේදී තොරතුරු ටිකක් කතාවටම ගලපල දැම්ම නේද එලියට.....දැන් ඊයෙ බොන්න එපා කියපු උන්ටම අද කියන්න වෙලා මෙව්ව නම් බොන්න වෙන ප්‍රශ්න කියල.....හිහ්...හිහ්...උඹ තමයි දවසකටත් මිනිහ.....

    ReplyDelete
  32. මොන හේතුව මත උනත් ගෙදර අය කරල තියෙන්නේ අන්තිම කැත වැඩක්...

    ReplyDelete
  33. හ්ම්ම්ම්...මාරයාගේ කථාව මාරම මාර එකකි..මාරම විදිහට බොන්න ඕනැ ප්‍රශ්ණයකි...ඒ උනාට මයියා ගේ උපදෙස තනියෙම බොන්න එපා කියලාය...මයියා ලග පාතක සිටියානම් මාරයාට සපොර්ට් එකක් දෙන්නේය...

    ReplyDelete
  34. මේක නම් මාර කතාවක් තමා,,,ලොවෙත් නැති ලොවි ගහෙත් නැති මාර පොරක් නේ,,,නැව ගිලුනත් බෑන් චූන් පොරක් හින්දා නේද මෙහෙම ඉහ ගහගෙන ඉන්නේ මේ තරම් ප්‍රස්න එක්ක

    ReplyDelete
  35. මෙතෙක් කියවපු සිද්දි වලින් කවදාවත් මෙතරම් සංවේදී බවක් දැනුන් නෑ.. ටිකක් දුරක් යද්දි මට අර්නස්ට් හෙමින්ග්වේ ව මතක්වුණා..තව ටිකක් පහලට යද්දි මට මොනිටර් එක පේන්නැතුව වගේ ගියා..ටිකක් මිදුල පැත්තට ගිහින් ආවම හරිගියා...ඇත්තට ම මාරයියෙ උඹ කොහොමද මේවා දරගත්තෙ...
    .........
    කථාවෙ ඉස්සරහ ටික ලියනකම් බලා ඉන්නවා..
    අන්තිමට කියන්න තියෙන්නෙ අර අපි නිකන් කියන කථාවක් තියෙන්නෙ "ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක් ද .." කියලා...ආන් ඒ වගේ ඉස්සරහට මුහුණ දෙමු...
    අනිවාර්‍යන් ම ලගදි දවසක මාරයියා ලිපියක් ලියනවා "ඕං මම බෝතලේට සමුදුන්න " කියලා..
    ඇයි යකෝ මෙච්චර දේවල් වෙලත් ඔය යසට ඉන්න එකාට ඕකත් මහ කජ්ජක්ද???
    එතකම් අපි ඉතින් ඒක මතක්කරන්නම්...දැන් මම ඒක තාත්තට කියන එක නවත්වලා තියෙන්නෙ... ඒත් කට කහනවට ඉඳලා හිටලා කියවෙනවා..මාරයාට නම් එහෙම වෙන එකක් නෑ...
    ජයවේවා...!!!

    ReplyDelete
  36. දුකා...

    උඹ කොයි තරම් හැගීම්බර මනුස්සයෙක්ද කියලා මම හොඳටම දන්නවානේ බං...

    ReplyDelete
  37. පිස්සු හැදෙනවනෙ බං.. කිවුවත් වගේ මේවනං සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්න නේන්නං.. උඹ අදහන්න වටින මිනිහෙක් මචං, මේ වගේ ප්‍රශ්න කප්පරකට පස්සෙත් ඔළුව කෙලිං තියාගෙන ඉන්නවට.. මං හිතනවා ඒ වෙලාවෙ උඹ මහණවෙන්න ගත්ත තීරණය හරි. එහෙම නැත්තං උඹ මීට වඩා කඩාවැටෙන්න තිබුනා..

    ReplyDelete
  38. චේජනා...

    ඒ හැගීම නම් මටත් ඉස්සර තිබුනා..ඒත් අද වෙනකොට නම් මගේ එහෙම හැගීමක් ඉතිරි වෙලා නැහැ කියලා මම දන්නවා. නමුත් ඒ පිළිබඳව මම අමුතුවෙන් දුක් වෙන්නේ නැහැ.
    ජාතක කතා පොත කියවලා තියෙද මිහිහෙකුට මිනිසුන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳව වටහා ගැනීම ඒ තරම් අපහසුවක් නෙවෙයි.
    කරුමෙකට වගේ මට ජාතක කතා කියවන්න හම්බ උනේ ඔය සිද්ධි උනාට පස්සේ..
    සම්පූර්ණ ජාතක කතා කියවලා ඉවර කරන්න බැරි උනත් සෑහෙන ප්‍රමාණයක් කියවගෙන යනකොට මට තේරුනා මෙ කියන්නේ මගේ ජීවිතේ ගැනම නේද කියලා..
    ජාතක පොත කියන්නේ මහා සමාජ විද්‍යා ගබඩාවක්..
    ඒක හරියට කියවන්නලැබුන දවසට ඔනම කෙනෙකුට අද සමාජයේ වෙන දේවල් අමුතු නැහැ.
    අම්මා තාත්තා දුවා දරු සම්බන්ධතා අඹු සැමි සම්බන්ධතා..සසර බැඳීම් අනුව වෙන දේවල් බොහෝ දුරට..ඒ බැදීම් සමහර විට අපි හිතන තරම් සුන්දර නැහැ.
    සමහරු ආදරය නිසා භවයෙන් භවයට අපිත් එක්ක බැඳිලා එනවා.
    සමහරු චෛරයත් එක්ක ඒ ගමන එනවා.ඒ හැමදේටම අපිත් වග කියන්න ඔනෑ.

    ReplyDelete
  39. හරිම සංවේදී කතාවක් මාරයෝ.මමනං ගෙදර අය කරපු දේ කීයටවත් අනුමත කරන්නෙ නෑ

    ReplyDelete
  40. ම්ම්ම්.............
    මඟ හැරුන්නෑ මං හිතන්නේ මට............ කාලෙකට පස්සේ "පන්සලේ ජීවිතේ' ලිපියකට යමක් ලියන්නේ............. මේ ලිපි පෙලට මුකුත්ම ලියන්නෑ කියල හිතන් හිටියත් නොලිය ඉන්න හිත දුන්නැහැ.

    අයියා ජීවිතේ කප්පරකට දේවල් දරා ගතපු කෙනෙක් ඒ වෙන කෙනෙක්ට උනා නම් කොහෙන් නවතීද කියල හිතාගන්න බැරි දේවල්.මේ සම්පත් අයිය කියන්න වගේ ඔයාට බීම නතර කරන එක ජීවිතේ ආයෙමත් විඳින්න පටන් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි මාරයියේ...........

    සම්පත් අයිය වගේම මාත් මතක් කරන්න ඉන්නව..........
    කවදහරි අහන්න ආසාවෙනුත් ඉන්නව අපේ මාරයිය ආයේ ඔහොම බොන්නේ නෑ කියල........

    ReplyDelete
  41. "සසර බැඳීම් අනුව වෙන දේවල් බොහෝ දුරට..ඒ බැදීම් සමහර විට අපි හිතන තරම් සුන්දර නැහැ... සමහරු ආදරය නිසා භවයෙන් භවයට අපිත් එක්ක බැඳිලා එනවා... සමහරු චෛරයත් එක්ක ඒ ගමන එනවා..."

    අම්මපා මල්ලියේ වෙලාවකට හිතෙනවා බොට පන්සලක් හදා දීලා ඒකේ යාවජීව උපාසක වෙලා උඹෙන් බණ දහම් ඉගෙන ගන්න... මේ ඇත්තමයි කියන්නේ ඕං... ඒ තරමට මෙව්වා හිතට වදිනවානේ බං...

    ReplyDelete
  42. අම්මපා කරන්නම හිතෙනවා යකෝ... ! මොකද කියන්නේ...?

    ReplyDelete
  43. Ishara...

    ඇත්තටම ඒ වෙලාවෙ නම් මම සැලුනා..
    අද වෙනකොට තත්වය වෙනස් වෙලා තිබුනා උනත්...

    ReplyDelete
  44. sithuwilimandiya...

    අත්දැකීම් ජීවිතය සහ අපව කොයිතරම් ප්‍රබෝධමත් කරනවාද..?

    ReplyDelete
  45. Grey...

    ඔවා ඉතින් ඔහොම තමා...

    ReplyDelete
  46. මයියා...

    මයියා නං දෙයියෙකි...

    ReplyDelete
  47. ItalyDilan...

    ඒ බෑන් චූන් පොර බිහි උනේ මෙවැනි හේතු මතය..
    දැන් ඉතින් නහයට උඩින් ගිය එකේ ඉහට උඩින් යෑම මොන කජ්ජක්ද..?

    ReplyDelete
  48. සම්පත් / jt...

    උඹත් මල්ලියේ අත අරින්නෙම නෑ වැඩෙ නේද..?

    ReplyDelete
  49. Buratheno...

    ඒ වෙලාවෙ මම ගත්ත තීරණය හරි උනත් අද වෙනකොට මම හිතනවා මම ගත් තීරණය හරිම එකද නැත්තං එයින් එකක් විතරද කියලා...

    ReplyDelete
  50. blog gadol...

    ලෝකේ හැටි තමයි...

    ReplyDelete
  51. ජීවිතයේ ඇවිදීම එකක්. සිහියෙන් ඇවිදීම තව එකක්. ඔබ සිහියෙන් ඇවිද්ද කෙනෙක්.

    ReplyDelete
  52. හා පැටික්කි (MS...

    "මේ ලිපි පෙලට මුකුත්ම ලියන්නෑ කියල හිතන් හිටියත් නොලිය ඉන්න හිත දුන්නැහැ."

    ඒ මොකද ලියන්නේ නැහැ කියලා හිතාන හිටියේ කියන එකට මට උත්තරයක් දීලා හිටියනං.ඒක මට සෑහෙන ගැටළුවක්.

    ම් ම් ම්...ඔහෙ හිටපන් විභාගේ නේද..මෙ ටිකේ..ඈ කෙල්ලේ..?
    දැන් මෙ මක් කොරනවද..?

    ReplyDelete
  53. තිස්ස අයියා...

    තිස්ස අයියේ,
    යකෝ උඹ වක්‍රාකාරයෙන් මගේ බෝතලෙට තට්ටුව දාන්නයි ඔය හදන්නේ..ඈ..
    අනික උඹ දන්න බණ ඔය හොඳටම මදෑ යන ගමන යන්න තරං...

    ReplyDelete
  54. "සසර බැඳීම් අනුව වෙන දේවල් බොහෝ දුරට..ඒ බැදීම් සමහර විට අපි හිතන තරම් සුන්දර නැහැ.
    සමහරු ආදරය නිසා භවයෙන් භවයට අපිත් එක්ක බැඳිලා එනවා.
    සමහරු චෛරයත් එක්ක ඒ ගමන එනවා.ඒ හැමදේටම අපිත් වග කියන්න ඔනෑ. "

    මේක ඇත්ත කියල මම දන්නව... ඒත් මෙච්චර උපේක්ෂාවෙන් මේව දකින්න මට බෑ... මගෙ හිත එච්චර දියුණු වෙලා නැහැ...

    හැබැයි මේ තරම් උපේක්ෂාවෙන් ජීවිතේ දකිද්දි නිදාගන්න බැරි නිසා බොනව කියන එක ඊට වඩා අදහගන්න අමාරුයි...

    ReplyDelete
  55. charmi...

    ඒ ඇවිදිල්ල නිමාවක් නැති එක තමයි දැන් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  56. චේජනා ...

    "හැබැයි මේ තරම් උපේක්ෂාවෙන් ජීවිතේ දකිද්දි නිදාගන්න බැරි නිසා බොනව කියන එක ඊට වඩා අදහගන්න අමාරුයි..."

    ආ මෙහෙම හිතන්නකෝ...

    ඔයා අද රෑ දෙක වෙන කල් ඇහැරගෙන ඉන්නවා. හෙට ඔයාට දෙකට කළින් නිදා ගන්න පුළුවන් වෙයිද..?

    උත්තරය-ඔව් පුළුවන්..

    ඒත් දිගටම අවුරුදු දෙකක් විතර දවසක් ඇර දවසක් ඔය විදියට උනොත් මොකද වෙන්නේ.

    එක්කෝ මක් කරලවත් දෙක වෙනකල් ඇහැ ඇරගෙන ඉන්න බැරි වෙනවා.
    එහෙම නැත්තං මක් කලත් දෙක වෙනකල් නිදා ගන්න බැරුව යනවා.

    ReplyDelete
  57. මට ඒකෙන් කියන්න හදන දේ පැහැදිලි නෑ... ඔයා කියන්නෙ දෙක වෙනකල් නිදිමරල පුරුදු වෙලා ඔයාට දෙක පහු වෙනකන් නින්ද යන්නෙ නෑ කියල ද...
    ගෙදර ඉන්න දවසටත්... ඒ නිසා ඔයා බීල කලින් නිදාගන්නව කියන එක ද...

    ReplyDelete
  58. චේජනා...

    ඔව්...

    හේතු දෙකින් එකක් ඔබ දැන් තේරුම් අරන් අවසානයි. ඒ මදැයි නේද..?

    ReplyDelete
  59. මටනං උ‍ඹෙ ඔය නිදාගන්න බැරිහින්දා බොන කතාව ඇල්ලුවෙ නෑ බං.. අඩේ මාත් දැන් අවුරුදු 3-4ක ඉදං නයිට් ෂි‍ෆ්ට්, මෝර්නින් ෂි‍ෆ්ට්, ඊවිනින් ෂි‍ෆ්ට්, ඩබල් ෂි‍ෆ්ට්, ට්‍රිබල් ෂි‍ෆ්ට් ආදි ඔය මෙකී නොකී හැමජාතියෙම ෂි‍ෆ්ට් කරලා තියෙනවා. එකදිගට පැය 20-30 වැඩකරලත් තියෙනවා කිසිම නින්දක් නැතිව. මගෙත් දැං sleeping cycle එක නිකං අටපට්ටං වෙලා ගිහිං තියෙන්නෙ. ඒත් තාමත් මටනං නිදාගන්න බොන්න අවශ්‍යවෙලා නෑ.. මට පේන්නෙ උඹ බීම අඛන්ඩව ගෙනියන්න හේතු හොයනවා වගේ..

    ReplyDelete
  60. මෙකනං හරියන වැඩක් නෙවෙයි...
    උත්තර දීලා ඉවරයක් වෙන උලව්වකුත් නෙවෙයි.

    හපෝ දෙයියනේ ඇල්කොහොල් වලට පණ මෙන් පෙම් බැදි මෙ ප්‍රාණියාට එහි ගිලී සුවසේ ඉන්නට ඉඩහරිනු මැනවි.

    දැන් හරිනේ...

    ReplyDelete
  61. හරි හරි බං.. ඕකට ඔච්චර කේන්තිගන්න එපා.. මම නිකං විචිකිච්ඡාවට ඇහුවෙ.. මීට පස්සෙ ඒ ගැන අහන්නැතුව ඉන්නංකො.. :)

    ReplyDelete
  62. Buratheno...

    කේන්ති නෙවෙයි බං දුක හිතෙනවා..
    ඇයි උඹලා මටයි මගේ බෝතලේටයි හරස් කපන්නේ කියලා...

    තනිවෙන්න ඉඩ දෙන්න..
    මටයි මගේ සිතටයි..ආ
    වැරදුනා වැරදුනා..
    බෝතලේටයි...

    ReplyDelete
  63. Buratheno කියන එකට මමත් එකඟයි! ඔච්චර දේවල් වෙච්ච උඔට බොන්න නැතුව ඉන්න බැරිනං වැඩක් නෑ!

    ඔයාගේ කතාව චිත්‍රපටියක් වගේ..........

    ReplyDelete
  64. මේකනෙ බං.. මෙතනට එන හැමෝම උඹට ආදරේ නිසානෙ ඔය විදියට කියන්නෙ. ඒක හරස් කැපීමක් විදියටම දකින්න එපා. එක එක අය තමන් බොන එක සාධාරණීකරණය කරන්න එක එක හේතු කියනවා. මම දන්න දා ඉදං අපේ තාත්තත් බොනවා. අපේ අක්කට අනුවනං ඊටත් කලිං ඉදං. වෙන කෙනෙක්නං කමක් නෑ, ඒත් බොහොම දුරට ඉගෙනගත්ත ඇල්කොහොල්වල ආදීනව හොදින්ම දන්න ඩොක්ටර් කෙනෙක්. ඇහුවම කියන්නෙ ප්‍රශ්න නිසා බොනවා කියලා. එහෙනං ඉතිං එයා බීපු විදියට එයාගෙ ප්‍රශ්නත් ඉවරවෙලා, රටේ ප්‍රශ්නත් ඉවරවෙලා, අන්තර්ජාතික ප්‍රශ්නත් සෑහෙන මට්ටමකට ඉවරවෙලා මේ වෙනකොට. අන්තිමට එයාට සුගතියකුත් නෑ, අපේ පවුලට සුගතියකුත් නෑ, වෙන කාටවත් සුගතියකුත් නෑ..

    ඉතිං මෙතනට එන බොහෝ අය ඒ වගේ දේ අහපු දැකපු (පුද්ගලිකව නොවුනත්), උඹත් ඒ ගොඩට වැටෙනවා දකින්න අකැමැති අය. ඒකයි හැමෝම ඔය විදියට කියන්නෙ. උඹත් එක්කවත් බීම එක්කවත් තරහකට නෙවේ..

    පලී: හිතන්න එපා මමත් බීමට විරුද්ධ පොරක් කියලා. මමත් බොනවා, හැබැයි මගේ පමණ දැනගෙන..

    ReplyDelete
  65. ඔයා කවුද කියලවත් පුද්ගලිකව නොදන්න මම මේ කතාවට මැදි වුනෙත් buratheno කියන මේ හේතුව නිසා ම තමයි...

    " මෙතනට එන හැමෝම උඹට ආදරේ නිසානෙ ඔය විදියට කියන්නෙ. ඉතිං මෙතනට එන බොහෝ අය ඒ වගේ දේ අහපු දැකපු (පුද්ගලිකව නොවුනත්), උඹත් ඒ ගොඩට වැටෙනවා දකින්න අකැමැති අය. ඒකයි හැමෝම ඔය විදියට කියන්නෙ. උඹත් එක්කවත් බීම එක්කවත් තරහකට නෙවේ.. "

    ඒත් මේ කතාව වතාවක් තිස්ස අය්යත් එක්ක ගොඩක් දුර ගිය හැටිත් ඒක අන්තිමට ඉවර වුන හැටිත් හොඳට මතක නිසා මම කතාව නතර කරනව... ආයෙ කවදාවත් ම නොකියන්න ම හිතාගෙන...

    ReplyDelete
  66. බුද්ධි...

    කිවුවට මදි ටිකට් ගත්තැයි..

    ReplyDelete
  67. Buratheno...

    අනේ ඔය විරෝධතාවය අල්ලලා දාහං බං.

    ReplyDelete
  68. චේජනා...

    මම දන්නවා ඔයාලා හැමෝම මගේ හොඳට කියනවා කියලා...
    ඒත් නොබී හිටියා කියලා මට දැන් අමුතුවෙන් ඇති වෙන්න දෙයක් නැහැ.

    මෙ වැඩක් නැති ප්‍රශ්න ඇදගෙන අපි මොකටද අපේ කාලේ..මගේ නම් කමක් නැහැ..ඔයාලගේ වැදගත් කාලය නාස්ති කරන්නේ..
    මට ඔන්න ඔහේ ඉන්න හැටියකට ඉන්න දෙන්නකෝ.

    අන්න මම තව එකක් දැම්මා.
    ඔයා දුන්න ගීතය ගැන...

    ReplyDelete
  69. දවස් ගාණකට පස්සේ මේ පැත්තේ ගොඩ වැදුණේ. සුපුරුදු පරිදි කතාව උපරිමයි අයියා.

    ඔයා ගත්ත තීරණේ
    "අවසරයි, ස්වාමීනි මම පැවිද්ද ඉල්ලමි" වෙන්න ඇති නේද ?

    ReplyDelete
  70. Hasitha...

    සංශෝධන සහිතයි...

    ReplyDelete