20 August 2010

අහෝසි වූ බන්ධනය...

ඔන්න අද තමයි මගේ හිතේ හැටියට ලියන්න වෙලාවක් හම්බ උනේ.
මෙ දවස් ටිකේම කොඹළ බඩ ගෑවානේ.

කොහොමින් කොහොමින් හරි මගේ ජීවිතේ තිබුණු එක බැඳීමකින් මට අද දහවල් වෙන කොට නිදහස් වෙන්න හම්බ උනා.
ඒ කියන්නේ 1998 වර්ෂයේ අග භාගයේ ඉඳලා අද දහවල් වෙන තුරුත් තිබුණු සම්බන්ධය අදින් අහවර කොළා.

වල් පල් නැතිව හරියටම කිවුවොත් මාරයාගේ හෝරාව ලියන මාරයා වෙච්ච මං ( කැමති කෙනෙක් අගට මුලට ඔන නම්බු නාමයක් දී ගත්තාට තරහක් නං නෑ ඔං..) ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ නිත්‍ය භට සේනාවෙ අවි ආයුධ ශිල්පියෙකු (ආමර්) වශයෙන් තිබුණු මගේ පැරණි රැකියාවෙන් සදහටම ඉවත් උනා.

එක පැත්තකින් බලන කොට බැඳීමකින් එහෙම හරි නිදහස් වෙච්ච එක ගැන සතුටුයි වගේම...
අනිත් අතින් ගත්තම මම ජීවිතේට ආසාවෙන්ම කරපු රැකියාවෙන් ඉවත් වීම ගැන දුකකුත් නැතුවා නෙවෙයි.
ඒත් ඉතින් වච්ච දේවල් වල හැටියට මෙහෙමවත් ඉන්න එක මදැයි කියලා මම හිත හදා ගත්තා.

ආ ඒ එක්කම විශේෂ ස්තූතියකුත් කරන්න තියෙනවා.
ඒ තමයි මා ගැන හොයලා බැළුව මෙ බ්ලොග් අවකාශයේ සිටින සියළුම මා දයාබර හිතවතුන් සහ හිතවතියන්ට...

ඇත්තටම අස්වෙන්න එන්න කියලා තිබුණට මොන දහං ගැටයක්ද කියලා හරියටම නොදැන මෙ ගමන යන ගමන් මම ලීව ලිපියට ප්‍රතිචාර දක්වමින් මට හයියක් වෙමින් වචනයක් හරි කොටලා ගිය හැමෝටම...

බොහෝමත්ම ස්තූතියි නුඹලා සියළු දෙනාටම...

මං උන්නද මලාද කියලා හොයලා බලන්ට මගේ කියලා එක බල්ලෙක්වත් නැති කාලෙක..තමන්ගේ එකෙක් ගාණට අරගෙන මා ගැන හොයා බලා වචනයක් හරි දෙඩූ නුඹලා සියළු දෙනාටම..ස්තූතියි.

....................................................

ඒ වගේම තවත් වචනයක් ලියන්ට ඔන..මගේ ස්තූතිය හිමිවන තවත් දෙපලක් ගැන...

මම වත් කවදාවත් නොහිතපු අන්දමෙ සේවයක් මා හට ලබා දෙමින් උපකාර වූ කාන්තාවන් දෙදෙනෙකුටයි ඒ..

මම මගේ අස්වීම ගන්න ගිය පළ වෙනි දවසේ ගුවන් හමුදා මූලස්ථානේ රස්තියාදු වෙලා වෙලා..අවසානයේ මගේ හුගාක් ලිපි ගොනුවලට අදාල ලියකියවිලි සම්පූර්ණ කරලා අවසන එක් ගැටළුවක් මතු උනා.
ඒ තමයි මගේ රාජකාරි හැදුනුම්පත නැවත භාර දී නොතිබීම...
ඒ හින්දා මගේ සියළුම සේවයෙන් ඉවත් කරලීමෙ කටයුතු තාවකාලිකව නවතා දමන්න සිදු උනා.
අන්තිමට මට කල දැනුම් දීම උනේ.. හැදුනුම්පත නැති වූ බවට පදිංචි පළාතේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කොට ඒ පැමිණිල්ලේ සහතික පිටපතක් රැගෙන එන ලෙසයි.

පැමිණිල්ලක් දාන එක නම් ඒ තරම් අමාරු නැති උනත් එහි පිටපතක් ලබා ගැනීම යනු ලේසි කටයුත්තක් නොවන බව පොලිසියේ කාලයක් සේවය කළ අයෙකු හැටියට මා හොඳින්ම දැන සිටියා.

කොහොමටත් පැමිණිල්ල කරලා ආයෙමත් පස්සේ දවසක යන්න වෙන බව මම දන්නවා.
මොනවා උනත් කමක් නැහැ කියලා හිතලා මම කොළඹ ඉඳලා එන ගමන්ම මගේ නිවසට අඳාළ පොලිස් ස්ථානය වෙච්ච වැළිවේරිය පොලිසියට ආවෙ එදාම පැමිණිල්ල දාලා..පැමිණිලි පිටපතක් ඉල්ලලා ලිපියක් භාර දීලා යන්න හිතාගෙන..

මම වැළිවෙරිය පොලිසියට ආවෙ අවුරුදු දොළහකට විතර පස්සේ තමයි.

අන්තිමට ආවෙ පොලිස් වාර්ථාවක් ගන්න 1998 අවුරුද්දේ වගේ කියලයි මට මතක..හැබැයි ඊට කළින් නම් මායි මල්ලියි මාස දෙක තුනකට සැරයක් විතර හත් අට වතාවක් පොලිසියට බඩ ගාලා තියෙනවා...
ඒ ඉතින් ඔය අත පයේ හිරි ඇර ගැනීම සඳහා අපි දෙන්නා කොරපු කියපු පුංචි පුංචි සංගරහා සත්කාර වෙනුවෙන් ඒ සත්කාර ලැබූ උදවිය විසින් කරනු ලැබූ දැනුම් දීම් වලට අනුව පොලෝසියේ මහතැන්වරුන් විසින් මහන්සි නොබලා අපේ ගෙදරටම ඇවිත් දීලා යන තුණ්ඩු කෑලිවලට නොසලකා හරින්න හොඳ නැති හින්දයි.

ඒ ගියාට පස්සේ ඉතින් වරුවක් විතර පොලිසියේ බංකුවෙ සැපට වාඩි වෙලා ඉඳලා..ඔය සාජන් උන්නැහේ කෙනෙක් කරන දයාබර ආමන්ත්‍රණය අහගෙන පූස් පැටවු වගේ ඉඳලා ආපහු එනවා.
ඊට එහා කරුණු කාරණා දුර දිග යන්නේ නැත්තේ ඉතින් අර දැනුම්දීමු කරපු උදවිය විසින්ම කාරණාව අල්ලලා දාන්ට කැමැති වෙන හින්දම තමයි.

එහෙම නැත්තං ඉතින් ආයේ ගමට ආව ගමන් තවත් උසස් ගණයේ සංගරහ සත්කාර ලැඛෙන බවට උන්දලා දන්න නිසයි එහෙම සමාදානයකින් වැඩෙ කම්මුතු වෙන්නේ...

පොලිසියේ බංකු ලෑල්ලේ දෙගොල්ලම එකට වාඩි වෙලා ඉන්න ගමන්ම අපේ මලයා විසින් හස්ත මුද්‍රාවෙන් කරනු ලබන තර්ජන ගරුජන හින්දා කොහොමින් කොහොම හරි වැඩෙ චකබ්ලාස්...

හැබැයි ඉතින් ඔය චණ්ඩිකං දාන්න කළින් අපිත් කොල්ලෝ කුරුට්ටෝ සන්ධියේ.. අපිටත් ලොකු ලොකු උදවිය විසින් නෙලපු අවස්ථාවල දැනුම් දීම් කරනු ලැබූ අයගේ පාර්ශවය හැටියට අපිත් පොලෝසි ගෙහුන් තියෙන විත්තියත් කියන්ට එපැයි.

කොහොමින් කොහොම හරි අවුරුදු බර ගාණකට පස්සේ පොලෝසියට ගියාම නෙව දැක්කේ..
පොලීසිය නිකං දිව්‍යය ලෝකේ වගේ වෙලානේ...පිස්සු හැදෙයි කිවුවළු...

වෙලා තියෙන බාහිර වෙනස්කං දිහාවෙ බල බල ගියාට මොකද මම හිතුවේ පරණ කොරමෙටම තමයි වැඩෙ යන්නේ කියලා..ඒත් මොන...?

මම යන කොටත් සාජන් නෝනා කෙනෙක් රිසවු එකේ ඉඳගෙන පැමිණිල්ලක් සටහන් කරනවා..
මම ඉතින් සද්ද නැතිව පැත්තකින් වැඩි වෙන් හදනකොට..

ආ මහත්තයා ඇයි...? මොකද මෙහෙ ආවෙ..? මොනවද කෙරෙන්න ඔනේ..?

පුරස්න වැලයි. දීපංකෝ උත්තර..
ඒත් ඉතින් අපරාදේ කියන්න බැහැ..දන්න අදුරන කෙනෙක් වාගෙයි කතාව..

මම ඉතින් කෙටියෙන් ගිය කාරණේ කිවුවා විතරයි..

අනේ තරහා නැතිව චුට්ටක් ඉන්න මම මෙ ලියන පැමිණිල්ල ඉවර වෙලා වැඩෙ කරලා දෙන්නම් කියපි.

අන්තිමෙදී විශ්වාස කරන්න..නැත්තං අර කිවුවත් වගේ නිකං ඉන්න...

මම ගිය වැඩෙ හරියටම පැය භාගයක් ඇතුළත කරගන්න මට පුළුවන් උනා නෙව.

පැමිණිල්ල ලියා ගත්තා විතරක් නෙවෙයි.
පැමිණිල්ල ලියලා ඉවර වෙලා ඒකේ පිටපතක් හෙට ඇවිත් ගන්න කියලා මට කිවුවා නෙව..
එහෙම කිවුවට පස්සේ මම ආපහු එන්න හැරෙන කොට මෙච්චර වෙලා එතනට වෙලා එහෙට මෙහෙට පැන පැන බොහෝම කඩිසරව වැඩ රාජකාරි කල සිවිල් ආරක්ෂක ගෑනු ළමයෙක් පැනලා මගේ තොරතුරු අහලා.. එවෙලේම මට හාෆ් ෂීට් එකක් දීලා පැමිණිලි පිටපතක් ඉල්ලලා ලියුමක් ලියන්න කියලා.. එයා පට පට ගාලා මෙන්න කොපිය ලියනවා..

අන්තිමට විනාඩි හතළිහක් යන්න කළින් මම පැමිණිල්ලත් කරලා..
පැමිණිලි පිටපතක් ඉල්ලලා ලියුමක් ලියලා ඉවර වෙන කොට මට පැමිණිළි පිටපතක් නිකුත් කරලත් ඉවරයි.

ඔක්කෝටමත් එහා වැඩෙ තමයි..
පැමිණිල්ල ලියන ගමන් ඒක ලියපු සාජන්වරිය..තමාට කාගෙන්දෝ ලැබිලා තිබුනු චොකලට් එකක් කඩලා කන ගමන් එපා කියද්දීම මටත් චොක්ලට් කන්න කියලා පොරේ..

චූටි හිත් රිද්දන්න හොඳ නැහැනේ..මාත් ඉතින් චොක්ලට් කන ගමන්ම විස්තර කරනවා..සාජන් තුමිය ලියනවා...

ඔන්න අපේ පොලිස් සේවෙ...

ඇත්තටම පුදුම සතුටක් දැනුනේ..
ලංකාවෙ හැම තැනම මෙහෙම නොවෙන්න පුළුවන්..ඒත් මට වැළිවේරිය පොලිසිය ගැන පුදුම සතුටක් ඇති උනේ.

මට තේරෙන විදියට ලංකාව වෙනස් වෙමින් පවතිනවා.
මෙ වෙනස දිගටම වෙන්න කියලා රටට ආදරය කරන මාර තෙමෙ වන මම ප්‍රාර්ථනා කරනවා.

වැළිවේරිය පොලිසියේ කාන්තා සාජන්වරියක වූ ශ්‍යාමලී මහත්මියටත්..සිවිල් ආරක්ෂක බලකා නිලධාරීනී වසන්තී සොයුරියටත් මගේ අවංක ආදර ස්තූතිය මම පිරි නමන්න කැමතියි. ඔබලාට ජය වෙවා...

අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලත් දැන් ඉස්සර වගේ නෙවෙයි හුගාක් හොඳයි. ඉස්සර වගේ රස්තියාදුවක් නැතිව කටයුතු කරගන්න පුළුවන්..ඒකට ස්තූති කරන්න ඔනේ කරූ ජයසූරිය මැතිතුමාට තමයි..උන්නැහේ ආණ්ඩුවෙ හිටපු ටික කාලෙට සෑහෙන වෙනසක් කලා.
අන්තිමට ආපහු ගියා උනත්..කරලා ගිය වැඩ ටික බොහෝම වටිනව.

ඇත්තටම පක්ෂ පාට බලන්නනේ නැතිව මේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටික එකතු වෙලා ජරා පප්පලා එළවලා මෙ රට හදන්න මොළේ ඇති රටට ආදරය කරන මිනිස්සු හිතනවනං.. මෙක දිව්‍යය ලෝකයක්...

................................................

ඉතින් අවසානයේ..
මම අද නිදහස් මිනිහෙක්.
මට තව තියෙන්නේ මගේ ජාතික හැදුනුම්පත හදා ගන්නයි, මගේ ලයිසන් එකේ වැඩිදුර කටයුතු ටික කරගන්නයි තමයි. ඒ ටිකත් කර ගත්තා නං මමත් සාමාන්‍ය පුරවැසි ලැයිස්තුවට අයත් වෙනවා.

දැනට ඉතින් මම අහසින් කඩා වැටුන ගානයි නෙව.

ඉතින් දැනට තත්වය ඔහොම තමයි...

ඒ අතරේ මා හැර දා ගිය ඇය... මෙ දවස්වල ආයෙමත් මාත් එක්ක ටිකක් කථා කරනවා.
වැඩි දෙයක් නෙවෙයි. හිතවත්කමින්... ඉස්සර වගේම...දැන් ටිකකට කළිනුත් මම කෝල් එකක් ගත්තා එයාට පණිවිඩයක් කියන්න. අම්මා තමයි ගත්තේ..ඒත් මම කිවුවම එයාට කථා කරන්න ඔන කියලා අම්මා එයාට ෆෝන් එක දුන්නා...

ඔහොම තමයි ජීවිතේ...

46 comments:

  1. ඇති යන්තන්...මාරයා ඇවිල්ලා..

    සාජන් නෝන චොකලට් එකක් ගිහින් දුන්නනම් තමා හොද. කරපු උදව්වට.
    කොහොම හරි ඉතුරු වැඩ කටයුතුත් ඉක්මනට ඉවර කරගන්න.

    ප.ලි:
    උබට සාජන් නෝනා ලයින් පාරක් දැම්ම වෙන්න බැරිද?
    කොහොමද ගුවන් හමුදාව, පරන ගැන්සිය සෙට් උනාද?

    ReplyDelete
  2. හ්ම්.......එහෙනම් ජීවිතය අළුතින් පටන් ගමු දැන්.ඉස්සර ජර මර අමතක කරලා අලුත්ම අලුත් ජීවිතයක් පටන්ගමු.
    ම්ම්ම්ම්...අර මාර අක්කිව සෙට් කරගන්න බලන්න ආයෙත්.දෙන්නගෙම වැරදි අඩු පාඩු හදාගෙන ඉදිරියට යමු....එයා මාරයියට ආදරේ වෙන්න ඕනි.නැතිනම් ඔහොමවත් කතා කරන්නේ නෑනේ.අහලා ඇතිනේ වැරදි කිරීම මනුස්සගතියක්ලුනේ...සමාව දීම දේව ගතියක්ලුනේ....මාරයොත් ඉන්නවනේ දෙවිවරුවගේ... ;-)

    ම්ම්ම් මාරයියගේ අක්කියා නැවතත් අයියගේ ජීවිතයට එක්වෙන්න කියලා මුළු හදවතින්ම සුභ පතනවා....අපිටත් ඉතිං පුළුහන් පුළුහන් උදව්වක් කරන්නම්කෝ....

    ReplyDelete
  3. මාරයාගේ අනාගතය වෙනුවෙන් අපෙනුත් සුභ පැතුම්.

    ඒක නෙවෙයි.මාරයා මාරම චන්ඩියෙක් වගේ.අපිත් දන්න කියන චන්ඩියෙක්ද දන්නෑ? ඔය වැලිවේරිය පූස්ගමටත් ටිකක් විතර කිට්ටුයි නොවැ!

    ReplyDelete
  4. සාජන් නෝනා දැන ගන්න ඇති මේකා මාරයා කියල. ඒකයි ඔය

    ReplyDelete
  5. 'වැළිවේරිය පොලිසියේ කාන්තා සාජන්වරියක වූ ශ්‍යාමලී මහත්මියටත්..සිවිල් ආරක්ෂක බලකා නිලධාරීනී වසන්තී සොයුරියටත්"

    මේන්නබොලේ ඒ අස්සේ නමුත් අහගෙන..හේ ....

    කොහොමහරි කමක් නැහැ ..අවුලක් උනේ නැහැනේ..

    අයියේ..

    ජාතික හැඩුනුම් පොත හදාගැනීමට අවශ්‍යකරන .... මහන් අකමහැරයැමේ ලිපිය .. ගැන හාමුදුරුවොත් එක්ක කතාකරන්න යන්න් අමට තාම බැරි උනා අයියා..

    මට ඒ කාරනය අමතක වෙලා නෙවෙයි ඉන්නේ ..ඉඩකඩ ලද මොහොතක ...ඒ ගැන ..සොයාබලන්න යනවා.... මම ඉන්න තත වෙත් එක්ක ..පොඩ්ඩක් ඇක පස්සට ඉහින් තියෙන්නේ ... දිල් අක්කා විතරය දන්නවා.... මාත් එක්ක අමනාප වෙන්න ඇපා මරයෝ..හේ..

    ReplyDelete
  6. සතුටුයි ................

    ReplyDelete
  7. හ්ම්..ඒ අවුල ඒ විදියට විසඳුන එක ගැන සතුටුයි..ජීවිතේ හැමදෙයක් ම හැකි ඉක්මනින් පිළිවෙලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනාකරනවා...
    ජයවේවා!!!

    ReplyDelete
  8. කොහොමෙන් හරි වැඩේ පිනිශ් වෙච්චි එකගැන නම් සතුටුයි...ඇත්තටම ඔය පොලීසියක්ද එහෙම නැත්නම් වෙන කොහෙ හරි තැනක්ද......ඇත්තටම එහෙම වෙනසක් ගැන නම් අහන්නත් සතුටුයි........

    ReplyDelete
  9. හ්ම්ම්...... වැඩේ කරදරයක් නැතුව ගොඩ නම් එච්චරයි........

    අපේ මාරයිය දැක්කම පොලිස් නෝනල දෙන්න බය වෙලාද කොහෙද........ හිහ්.....

    අක්කිය කතා කරනව නම් ඉතින් ඔහොම යමු....... මාත් ඔන්න අපේ මාරයියට අක්කියා ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මගේ මුලු හා හදින්ම.........!!!!!!!

    ReplyDelete
  10. මාර පොලිසියක් නෙ ඒක. මම හිතුවේ නප්පියටම ගහලා ලියන කථාවක් කියලා. හොඳයි හොඳයි අපෙනුත් සුභ පැතුම් හැම දේටම

    ReplyDelete
  11. දැං ද බං උඔ අයින් උනේ එයාපෝස් එකෙන්. මෙච්චර කල් කොහොමද හිටියේ. මම අයින් උනේ මගේ කාලේ ඉවර වෙලා මාසෙන්. එක දවසෙන් ඔක්කොම වැඩ ඉවර කර ගත්තා. අමාරුම කේස් එක උනේ උඔලගේ රෙජිමන්ට් එක ක්ලියර් කරන එක්. උන් මා දිහා බලන්නේ සක්වල ජීවියෙක් විදිහට මුලු සර්විස් කාලේම උඔලගේ රෙජිමන්ට් එකට ගියේ ක්ලියර් කරන්න විතරයි. ID එක දෙද්දි නං මාර දුකක් ආවා. ඒකෙන් කොච්චර වැඩ ගත්තා කියලාද? උඹට xservisnam ID එකක් ලැබුනද?

    දැං පවුලක් පන්සලක් වෙන්න හිතක් නැද්ද බොල?

    ReplyDelete
  12. ඇහ්.. වැලිවේරිය පොලෝසිය අපෙත් පොලෝසියනෙ බොල.. ඒක ඔය කියනතරමට දියුණුවෙලාද.. අඩේ මට පේන්නෙ සාජන් නෝනා උඹට ලයින් දාලා වගේ. නැත්තං චොක්ලටුත් කවයිද..

    ReplyDelete
  13. ආ මමත් බැලුවෙ පෝස්ට් එකක් නැති පාර මොකද කියලා.
    ඔය වැඩෙ ගŢ8;ඩ දාගෙන තියෙන්නේ. දැන් ඉතින් නමෝ විත්තියෙන් අලුත් ජීවිතයක් පටන් ගන්න නොවැ තියෙන්නෙ.

    ReplyDelete
  14. අඩ්ඩඩ්ඩා,,,,චොකලට් කන්න දෙන පොලිසියක් මේ අපේ ලංකාවේ,,,,හැබෑටම දැන් දැන් අපේ රටේ රාජ්ය ආයතන හැදීගෙන එන පාටක් තමා තියෙන්නේ,,එලකිරි ඔහොම දිගටම වෙනවා නම්,,,,සුබ පැතුම් අවුලක් නැතිව වැඩ ටික උනාට,,,හොද කාලයක් එයි මාර බොස්ටත්.....

    ReplyDelete
  15. මාරයියෙ.. උඹට සුවර්ද පොලිසියකටමයි ගියේ කියල? හප්පොස්සියෙ, මට අර රට එන්න හදන්න ඕන ක්ලියරන්ස් එකක් හදන්න ගිහිල්ල මාර කට්ටක් කන්න උනානෙව. යන්තං ලොකු මහත්තැන් කෙනෙකුත් එක්ක කඩු සිල්ප දක්වලා වැඩේ ගොඩ දාගත්තා.. මාස තුනක් විතර ඇදි ඇදි තිබුන වැඩේ. මම නං හිතන්නෙ දෙකක් දාගෙන වෙන තැනකට ගිහිල්ල වගේ උඹ..!!

    හැබැයි උඹ ගියේ ඇත්තම ඇත්තම සිරා පොලිසියකටනං සෑහෙන්න සතු‍ටුයි..!

    අනික.. ඉතුරු වැඩ ටික ‍ෆිනිශ් උන එකටත් මගේ චියස් පාර මේං.. හැතැක්ම හත් අටදහක් ඈත හිටියත්!

    ඊළඟට අවසාන කාරණේ ගැන ආයෙත් හිතන්න.. බැඳීම් ඇතිවීම දුකට හේතුවේ...!!

    ReplyDelete
  16. හොඳටම විශ්වාසද ගියේ පොලෝසියකට කියලා?
    අහන්නත් සතුටුයි හැබෑටම

    ReplyDelete
  17. @වැම්පයර්
    අහ් ඒකනේ වැම්පයර් මේක දැක්කාම මටත් හිතුනේ ඒ ටිකමයි .කමෙන්ට්ස් ටික බැලුවේ දැන්නේ..

    ReplyDelete
  18. මිනිසුන්ට ව‍රදින තැන් එනවා. ඒත් කිසිම මිනිහෙක්ට හැම්දාම ව‍රදින්නෙ නෑ. හොද මිනිහෙක්ට හැමදාම ව‍රදිනවනම් බුදු බණ බොරු වෙනවා අයියේ. අයියා න‍රකකාලේ බොහොම උපේක්ශාවෙන් ද‍රාගත්තා. දැන් ඉතින් මේ හොද කාලෙට මුහුණ දෙයන්න යන්නේ. එකටත් උපේක්ශාවෙන්ම මුහුණ දෙමු. ඔබට ජය අයියේ.......

    ReplyDelete
  19. Grey...

    "ඇති යන්තන්...මාරයා ඇවිල්ලා.."
    යකෝ මාරයා ආවයි කිවුවම සතුටු වෙන එකෙක් දැක්කමයි ඔය..

    මොන පරණ ගැන්සිද ලොක්කා..උන් මොන ලෝකෙද දන්නේ නැහැ..

    සාජන් නෝනා..අපෝයි නැහැ..හරි හොඳ අක්කා කෙනෙක් නෙව..

    ReplyDelete
  20. ෴ හසියා ෴ ...

    මාර දිව්‍ය පුත්‍ර තෙමෙ..

    ප්‍රාර්ථනාවට නං හුගාක් ස්තූතියි.ඒත් මම හුගාක් දුර හිතලා නැහැ.
    ඔනවට වඩා බිල්ඩිං ගහලා අන්තිමට සැප්තැම්බර් 11 වගේ උනොත්..?

    ReplyDelete
  21. blog gadol...

    අපොයි නැහැ..ඥාව් මලේ..
    දන්නේ නැද්ද ඔය පොඩි පොඩි වලි.
    එහෙම නැතිව අපි ජ්‍යාත්‍යන්තර මට්ටමෙ වලිකාරයෝ නං නෙවී...
    ඒත් ඉතින් ගෙවල් පැත්තේ අපේ රාජ්ජෙ නෙව..
    මම නං ඉතින් ඔවා අතඇරලා දාලා හුගාක් කල්..ඒත් අපේ මලයානං තවමත් මාස හයකට විතර සැරයක් පොලෝසියේ මහත්තුරුන්ගේ සැප දුක් බලලා එන්න යනවා.

    ReplyDelete
  22. Chanaka Aruna Munasinghe...

    හැබෘට මකරෙක් පොලෝසි ගියොත් කොහොමට හිටීවිද..?

    ReplyDelete
  23. ඉලංදාරියා...

    අපොයි ඉතින් නම ගම මීටර් කරගන්න එක මහ කජ්ජක්යෑ...
    කතා බහ කරන කොට ඔක නිකංම ඇහෙනවානේ..

    ඒ විතරක්යෑ මට ලැබුනු පැමිණිලි පිටපතේම තියෙනවානේ පැමිණිල්ල ලිවූ අය සහ එය පිටපත් කල අයගේ නම්..

    මම දන්නවා..උඹට මොකක් නමුත් අවුලක් තියෙනවා කියලා..මම දිල්ගේ බ්ලොග් එකේ කතා බහ කරපු දේවල් වලින් ඒක තේරුම් අරන් හිටියේ..
    අවුලක් නැහැ..සනීප වෙලා හිටියනං.ඔක්කෝටම කළින්.

    ස්තූතියි...

    ReplyDelete
  24. සම්පත් / jt...

    ඔබටත් බොහෝම ස්තූතියි.

    ReplyDelete
  25. Shadow/හේමලයා...

    ඇත්තටම මෙ ලංකාවෙ එක පොලිසීයක්.

    මම උනත් හිතුවෙ නැහැ පොලීසිය මෙහෙම වෙවී කියලා.
    ඇත්තටම සුන්දර තැනක් ඒක..

    ReplyDelete
  26. හා පැටික්කී...

    ඇත්තටම මාව දැක්කම බය හිතුනද දන්නේ නැහැ..
    මම හරි වස පාටයි මෙහෙම හිටියට...
    හා පැටික්කීත් මාව දැක්ක දවසට බය වෙනවා ෂුවර්..

    ReplyDelete
  27. ඉෂාර ගුණවර්ධන...

    ආයේ බොරු කියන්න ඔනයෑ..ලියන කොට ගහලා නං තමයි හිටියේ මද පවනට..
    ඒත් ලියාපු කාරණාව නං ඇත්තම තමා...

    ReplyDelete
  28. බුද්ධි...

    මම රෙජිමන්ට නෙවෙයි බං. ආමර්..
    අර බොලාට තුවක්කු කෑලි දෙන්නේ..අන්න එයින් එකෙක්.

    ReplyDelete
  29. අපොයි මම බය වෙන්නෑ........
    මොකද මං දන්නවනේ මාරයගේ පාට විතරයි වස කියල..........
    එකක් ඇරෙන්න ඉතින් හොඳ මාරයියනේ.........

    ReplyDelete
  30. Buratheno...

    ආ..සතුටුයි ..
    අපේ ඒරියා එකේ බුවෙක් බව දැන ගන්න ලැබීම ගැන..
    දැන් පොලෝසිය හොඳයි බාං...

    ReplyDelete
  31. හා පැටික්කි (MS)...

    ආ දැන් නෙට් එකේ ස්ථීර පදිංචිය වගේ..හොඳා හොඳා...
    අභාගෙත් ඉවරයිනේ..නේද..?

    මොකක් කිවුවා මට බය වෙන්නේ නැහැ..

    ඔන්න මම රවලා බැළුවා..හ්ම්..දැන් බය වෙන්න ඔන හරිද..?

    ReplyDelete
  32. අපොයි නෑ මාරයියේ........ ඒකත් මයේ කලුමේ.......

    මැනේජර්ල දෙන්නට උක්කුන්ව බෙදාගන්න බැරුව මෙච්චර කල් කඹ ඇද ඇද හිටියේ.......
    ඕන් ඊයේ ආවම උඩ පැනගෙන කිව්ව "නංගි ලබන සතියේ ඉඳන් මම මෙහේ කියල........"

    අපි ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්...... උක්කුන් ලබන සතියේ ඉඳන් ගෙදර නිසා මට ඇදේ තියන නෙට් එක විතරයි ඉතුරු වෙන්නේ.......... :( :( :( :'( :'(

    නැහැ බය වෙන්නෑ.........

    කෝ ඔය රැව්වද මං හිතුවේ විහිලුවක් කියල........

    ReplyDelete
  33. මේක බීල වැඩි‍වෙලා පොලීසියකට කියල වෙන මගුලක ගිහින්ද කොහෙද?
    හැබැයි දැන් ගොඩක් රජයේ ආයතන මහජනතාවට කැපවෙලා සේවය කරනවා. හැම ආයතනයක්ම එහෙම වෙනවනං හොදයි.
    හමුදාවෙ ප්‍රශ්න ටික කරදරයක් නැතිව ඉවර කරගත්ත එක ගැන සතුටුයි. දැන් ඉතින් සාමාන්‍ය පුරවැසියෙක් වගෙ ඉදිරි ජීවිතයට මුහුණ දෙමු.

    ReplyDelete
  34. හැමදේම හොඳින් විසදිලානේ.අයියාගේ අනාගතේට සුබ පතනවා.

    ReplyDelete
  35. සුභ පතනවද දුක් වෙනවද කියලා හිතා ගන්න බෑ, හැබැයි අයි‍යණ්ඩි පරිස්සං වෙයං කෝකටත්.. චොකලට් දුන්න සාජන් නෝනගේ මහත්තයවත් මේ බ්ලොගය කියව්වා නම් එහෙම ආයේ අල්ලන් ගිහින් දායි කූඩුවේ.. !හිහ්..

    ReplyDelete
  36. ආ...! උඹ කතා හදලා අපිව බය කරන්න නේ...?
    අඩෝ අපිත් චන්ඩි තමා... හරිද...!
    වලියට ඉස්සෙල්ලා වෙල තියන තැන පෙන්නපං...හදිස්සියක් එහෙම වුනොත්...!

    ඔය පොලෝසි, හමුදා, ඉස්කෝල, හැම තැනම ඉන්නේ ඉතින් බොලා අපි වාගේම උන්නේ බං... අපි මේ කාකි සූට් එකක් දැක්කම කැත්තේ තියාගත්තු මාලු වාගේ බැන්නට.... හරි leadership එකක් දෙනවානම් ඔය කොයි ආයතනයත් නග්ගත හැකි කරූ මහත්තයා කලා වාගේ...

    ඉතින් දවසක් දෙකක් බලලා කෝල් එකක් දෙන්න හිටියේ... පෝස්ට් එකකින්ම ඉස්තර දන්නපු එක හොඳා... උඹේ අනාගතය ගැන උපදෙස් දෙන්න ඉතින් මට බෑ නෙව... බලන් ඉන්නවා ඉතිං උඹ කරන කියන දේ දිහා....

    ReplyDelete
  37. කරදරයක් නැතිව වැඩේ කරන් ආව එක ගැන සතුටුයි අය්යේ... අර වැම්පි කිව්ව වගේ... උබට විශ්වාසද ගියේ පොලෝසියකට කියල.... චොකලට් කවන ප්ලෝසියක් ඇහැව්වමයි. හීනයක් එහෙම නෙමෙයි නේ...


    හුඟක් සතුටුයි බන් එහෙම වෙනස් වෙනවනම්... මම ඔය කාලෙකින් හොඳ ඇහුවමයි රජයේ සේවයක් ගැන

    ReplyDelete
  38. ආ මේ ඇවිල්ල තියෙන්නෙ :) ඔහොම යං ... ජීවිතේ සුබයි ...

    ReplyDelete
  39. හප්පේ, මාරයා ඇවිත්.
    බොහොම සන්තෝසයි...
    :)
    කොහොම හරි ප්‍රශ්න ටික විසඳුනා නෙව.

    ReplyDelete
  40. මාරයා නැවතත් මාර කරලියේ....
    වැඩේ ගොඩ ගිය එක ගැන ඇත්තටම සතුටුයි....
    ඔය වැලිවේරිය පොලිසිය ලංකාවේ තියෙන එකක්ද?
    හිතාගන්ඩත් බැහැ...
    මාරි ගැන නං මුකුත් කියන්නේ නැහැ...
    කෝකටත් පිස්සාගේ පලාම‍ල්ලේ අගෝස්තු 19 (සුලෝචනා = කලු කුහරයක් වූ කල උබයි මායි = බේබද්දොද ??? )පෝස්ට් එක බලපං...
    මම කතාවක් අහලා තියෙනවා "කොන්ත නෝනක්කා, මගේ පස්සට මගේ කැමැත්ත කියලා මිරිස් වතුරෙන් හෝදාගත්ත වගේ" කියලා....
    කියන කරන හැම දේම සාර්ථක වෙන්න කියලා ඔන්න මගේ සුබ පැතුම්....

    ReplyDelete
  41. අනේ ඉතින් කාරණා කාරණා ඉදිරිපත් කළ හැමෝටම ස්තූතියි කිවුවා..ඔං..
    පස්සේ ටික ටික උත්තර දෙන්නං..ඔය වෙල මැද්දෑවෙන් පැනලා යන්ට හදන වෙල් චණ්ඩින්ටත් එක්ක...
    අද පොඩි වැඩ ටිකක් කරන්ටයි හිතාන ඉන්නේ...
    ඇවිත් බලන්ටකෝ...

    ReplyDelete
  42. හැමදේම කාලය විසින් හොඳ විදියට විසඳයි වගේ, ඔහොම යං.....ඔහොම යං........

    ReplyDelete
  43. I have never heard about that kind of Police station (providing chocolates to the customers)

    Fortunately you have some extra special Police station AT YOUR AREA.

    ReplyDelete
  44. පරක්කු වෙලා හරි මමත් සුබ පතන්නම් ඉදිරි අනාගතයට. :D මම දැන් තමා මේ ලිපි කියවගෙන එන්නේ.

    ReplyDelete