14 August 2010

මෙවන් දුකක් ජාතිත් මට නොදීයන්..

දන්නා නොදන්නා විලසින් ඉන්නේද..
දන්නා නමුත් මා හැරදා යන්නේද..
කිසිවක් නොවූ ලෙස තවමත් ඉන්නේද..
මා මැරුනත් නුඹ සතුටින් ඉන්නේද..

රිදවන්නට හිත නැවතත් මගෙ පාරා..
අමතන්නේ ඇයි ඉදහිට හෝ අමතා..
ඇසෙනා එක වදන වූව යයි හදවත පාරා..
යළි යළි පැමින නොම යන් සවනත පාරා..

ලියනා වදන් නුඹ හට නොඇසෙන හින්දා..
හඩනා හැඩුම් නුඹ හට නෑසෙන හින්දා..
කියනා කියුම් නුඹ දන්නේ නැති හින්දා..
සැමදා මෙමා දුක් විඳිනව නුඹ හින්දා..

එක් වී එක මගක යන්නට වරම් නැතී..
සැමදා දෙමංසල තනිවී හිඳිමු අපී..
මෙ භවයෙත් එක්වන්නට නොහැකි උනී..
මතු භවයේ හෝ නැවතත් බැදෙමු අපී..

සැමදා රැයේ සිහිනෙන් මට පෙනීයන්..
නුඹ නැති රැය ඉක්මනටම ගෙවීයන්..
මෙවන් දුකක් ජාතිත් මට නොදීයන්..
මා අත හැර ගිය නුඹ මට ලැබීයන්..

25 comments:

  1. ගියදේ ගියාවේ මාරයො සැලෙන්නෙපා...
    එකක් ගියත් දහසක් ඇත ඔමරි පපා....
    නුඹ අත හැර ගියත් ඈ අද මුකුලු පපා..
    දිනයක විදිනු ඇත ඈ දුක් සතර අපා...

    ReplyDelete
  2. මතු දිනක සුපිපී
    බොට අයිති ලෙසිනී
    උඹෙ දිවිය සොදිනී
    තුටු කරයි මල් රැජිනී

    මගේම කවියක කෑල්ලක් පොඩ්ඩ්ක් මොඩ් කරා

    ReplyDelete
  3. මාරයියෙ.. මොකක්ද බන් ඔය බියර් ජාතිය... මටත් ඕන කවි ලියන්න..!

    ReplyDelete
  4. මොකද මාරයියේ මේ....???

    ඔබ දුන් දුක සැපක් ලෙස විදින්නෙමි
    නාවත් නැවත ඔබවෙනුවෙන් හිදින්නෙමි
    වෛරය මා ඔබ කෙරෙහි නොබදින්නෙමි
    කිසිදු දුකක් නොමවේවා මා පතන්නෙමි


    ලියපු පද පෙළි දෙකම බොක්කටම වැදුනා අයියේ...
    :'( :'( :'( :'( :'(

    ReplyDelete
  5. "හඬන්න ඇහැවෙත කඳුලු උනන්නේ
    දරන්න බැරි දුක ලැබු හින්දයි
    ඇහෙන්නෙ නැති මේ හද හඬනා හඬ
    දකින්න ඇරයුම් මේ ඔබටයි.........

    මෙරක් නොවේ සිත දුක උහුලන්නට
    මලක් උනේ ඔබ පිළිගන්නයි
    දෙනෙත් වගේ මම සුරකින සෙනෙහස
    මට මේ කඳුළින් දඩුවම් ඇයි............."

    ReplyDelete
  6. මෙවන් දුකක් ජාතිත් බොට නොවීයන්..

    ReplyDelete
  7. මේක මම කුරුටු ගෑව එකක්ද මන්දා කියලා හිතුණා.

    ReplyDelete
  8. අනේ මන්දා. ඔච්චර ලොකු බැඳීමක් නං, ඉතින් නැති උනේ කොහොමද? හ්ම්ම්

    ReplyDelete
  9. ප්‍රේම ආතුර නුබේ හිතලග...
    කොපි මල් හෙට පිපීයන්
    ජිවිතේ ඔය පාලුමගතුල...
    ඕබ්ට හිමි ඇය ලබීයන්

    මටත් මතකයි ඔහොම වින්දා
    ජිවිතේ හරි අමරුයි...
    මාව තිනිකර පොරු නැන්ගා
    මගේ හිතටත් අමාරුයි

    මක්කොරන්නද විදිනු හැර
    ජිවිතේ මෙලසින්
    බලා හිටිය කෙනෙක් එනතුරු
    අගුලු නොදමා දොරට රහසින්

    කෙනෙක් ආවේ නොදැන මගේහිත
    සන්තකේ පියවරද මනිමින්
    ඔබේ කෙනත් හෙට ඇවිද එවි
    ඇවිත් නුබහට සතුට දේවී...

    ReplyDelete
  10. කියන්න ගොඩක් දෑ හිතට ආවත් එවා වචන කරගන්න බෑරි උනා.
    කවද හරි ඔය සම්බන්දව මගේ අදහස පවසන්නම්.
    බොතලයකුත් තියා ගෙන කතා කලයුතු දෙයක් නේ............
    ආව් කොල්ලගෙ මූනෙ හිනාව...........

    අලුත් හීනයක්........ හොයමුද මලේ........

    ReplyDelete
  11. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ...

    සැමදා නොසෙල්වී මර ලොව සිනහ පපා..
    මරුවා සිටියි යන්නට වෙන දිනය බලා..

    ReplyDelete
  12. AmilaArt...

    ඔකේ ඔරිමජිනල් එක කොහොමද..?

    ReplyDelete
  13. වැම්පයර්...

    හා හා..
    ඒවා දේව රහස්..වැරදුනා මාර රහස්...

    ReplyDelete
  14. හසියා...

    ඔහොම තමයි හදවත විවර උනා වැඩි උනහම...

    ReplyDelete
  15. හා පැටික්කී...

    මෙ කොහෙන්ද නගේ..?

    මාත් හොල්මන් වෙනවා නෙව..මාරයි...

    ReplyDelete
  16. Ansh Lucky Sri Jay...

    අපි ඔක්කෝම ඉතින් ලව් හිගන්නෝ වෙච්චි...

    ReplyDelete
  17. ස්වප්නා...

    ඇතිවන සියල්ල නැතිවන සුළුයි කියන එකේ ප්‍රති ලෝමය තමයි...

    නැතිවන සියල්ල ඇති වූ ඒවාය යන්න...

    ReplyDelete
  18. ඉලංදාරියා...

    ඉලංදාරි හිත ලග නුඹෙ පිපිලා..
    කෝපි මල් සුවඳ දී අස්වසාලා..
    ඈ ආවත් නුඹෙ හිත සනසවාලා..
    මා තාමත් ඉඳී ඈ එන මග බලාලා..

    ReplyDelete
  19. nish...

    අළුත් හීන...

    අපෝයි.. දැක්ක හීන දිරවගන්න බැරිව ඉන්න මට..?

    ReplyDelete
  20. කොහෙන්ද ඇහුවේ???????
    මං මෙහෙම ලියන්නේ සිංදුවකින් කියල ඉතින් අයිය දන්නවනේ?????????
    ම්ම්ම්ම්ම් සිංදුවෙ මුල ගැලපෙන්නෑ වගේ හිතුන නිසා දැම්මෙ නැත්තේ.......... :) :)

    හොල්මන් වුනොත් ඉස්සෙල්ලම මාව බලන්න එන්න මං හොල්මනක් දකින්න ආසාවෙන් ඉන්නේ............. :D :D

    ReplyDelete
  21. හා පැටික්කි (MS)...

    මුලත් එක්ක සිංදුව දෙන්නකෝ මට..
    ලස්සනයි.

    හහ් හහ්..හොල්මන්..?
    බලන්න ආසයිනං ඔහොමම යන එකයි කණ්නාඩිය ළගට..

    ReplyDelete
  22. මුදුන් මුලද???? තන්තු මුල්ද?????????? හිහ්..... ඕන් එව්ව.............

    මට මේ මං ඇරෙන්න වෙන හොල්මනක් දකින්න ආසයි........ ඒකයි කිව්වේ.......

    ReplyDelete
  23. හා පැටික්කි (MS)...

    නැහැ ඛෙහෙත් මුල්..එතකොට ගොරකා මුල් එහෙම...

    සිංදුව ලැබුනා නගේ..තැන්කියු වෙවා..

    මෙ නැතර අහලා තියෙන සිංදුවක් උනත් පද වැල ඒ තරම් මතකෙට ආවෙ නැහැනේ.
    අර කිවුවත් වගේ මුල් පද අප්සෙට් තමා.

    ReplyDelete
  24. විකාරද මන්දා...

    ReplyDelete