25 August 2010

මරණය තව පරමාදද සිතුනා..

අඳුර මැදින් දිගු ගමනක යනෙනා..
නුදුටු හෙටක් ගැන හිතමින් තැවෙනා..
දිවිය යතත් අත නොහරින බැවිනා..
මෙහෙවු ලොවක අප යනු තව කොතැනා..

සසර බැඳුම් ඇත අපමණ බැදෙනා..
එකක් ලෙහන විට තව පැටලෙවෙනා..
අතරතුරක නැත ගිමනට හෙවනා..
නතර නොවී යා යුතුවම තිඛෙනා..

ඉරක් උදාවී තව දින ගෙවෙනා..
අඳුරත් සමගින් රැයකට හැරෙනා..
පැතූ කිසිත් කිසි දිනෙකදි නොවෙනා..
තවත් දිනක් මා දිවියෙන් ගෙවුනා..

ඇරඹුම මතක පොතින් ගිලිහෙමිනා..
අවසන ලබනා දිනකුදු නොදැනා..
දිවියේ කිසි හරයක් නොම ලැඛෙනා..
මරණය තව පරමාදද සිතුනා..

46 comments:

  1. හරි හරි බන්z . . . අනිත්‍යය මෙනෙහි කොරගෙන ගල් කාලක් ගහල හිටහන් . . . .!

    ReplyDelete
  2. දුමී...

    ඔන්න ඉතින් මෙ පෝය ගෙවුනා විතරයි..
    මාව පොළඹවන්න හදනවා...

    ReplyDelete
  3. අනිත්‍ය මෙනෙහි කරාට කමක් නෑ...... හැබැයි ඔව්ව ගැන වැඩිය හිතන්න එපා අයියා.......

    ( තරහ අවසර කලින් එක මකන්න අයියා.....)

    ReplyDelete
  4. කිසිවකු තමන්ගේ වුවමනාවට ඉපදෙන්නේ නැත..
    තමන් අවැසි පරිදි මරණයට පත් වීමටද නොහැකිය...
    නමුත් තමන්ට (හැකි වුවත්, නැතත්) අවැසි පරිදි දිවි ගෙවීමට උත්සහ නම් දැරිය හැක...

    හි.. හි... මාරයාගේ මාර පරාජය...

    ReplyDelete
  5. අවසන මාරයා පරාජය වී ඇති සෙයකි..

    මාරයියේ... උඹටත් ඔහොම නම් අප ගැන කියනුම කවරේද ?

    ReplyDelete
  6. යකෝ මාරය මැරුනම අපි කොහොමද මැරෙන්නෙ?
    ඔන්න ඕව අමතක කරල දාල ඉන්න.

    ReplyDelete
  7. මාරයත් මැරෙන්ඩ යනකොට අපි ගැන කවර කතාද?..වැඩෙ කියන්නේ ඔය අනිත්‍ය මෙනෙහි වෙන්ඩ දෙකක් දාගන්ඩම එපාය....නැත්ත්නම් කොහෙද.......

    ReplyDelete
  8. මමත් මේ දිනවල අනිත්‍ය මෙනෙහි කරන ගමන්.
    :)
    මේ වගේම කවිකයක් ද මොකද්ද මන්දා වගේ එකක් අන්න අරහේ මමත් දැම්මා විතරයි නෙව මගේ බ්ලොග් එකේ.
    :D :D
    දෙකේම අදහස ටිකක් සමානද මන්දා

    ReplyDelete
  9. මේ විකාර නැතිව ඉන්න මාරයෝ....මාරයා නැතිව අපිට මොන බ්ලොග්ද...?ආ...මගේ මාරයා නඟින කතා කියලා වැඩේ වරද්ද ගන්න එපා ඕන්‍‍....

    ReplyDelete
  10. සංස්කාරයෝ නැසෙන සුලුය.....

    මටටහ් ඔහොම හිතෙනවා අයියේ මොනවා කරන්නද ඉතින්.....

    ඉවසාවදාරනවා...

    මටත් මරණය ප්‍රමාදයිවගේ...

    ReplyDelete
  11. මාරයගේ කවි එක දෙක කියවද්දී....
    ජීවිතයේ අනියත බව එයි පැද්දී....
    මගුලක් ඕන හෙට වීපන් සිහි වෙද්දී....
    පොඩ්ඩක් අරන් ගෙට යමු අපි කැරකෙද්දී....

    ReplyDelete
  12. හැබැව නේන්නම්.. එත් ඉන්න ටිකේ ජොලියෙන් ඉමු අපි :D

    ReplyDelete
  13. මම හිතුවා ඔක වෙයි කියලා.

    බූරුවො ඔය පෑත්තකට වෙලා හිත හිත ඉන්න එක නවත්තලා දාපන් ටික කාලෙකට. ජීවිතේ අපිට ඔන දේවල් ලබෙන්නෙ නෑ බන්. අපිට ලබෙන දේවල් එක්ක ජීවත් වෙන එක තම‍යි ජීව්ත් වෙනවා කියන්නෙ. ඒක හොදට මතක තියා ගනින්. ඒත් අමතක කරන්න එපා සමහර දේවල් අපිට උත්සහ කරොත් ලබාගන්න පුලුවන් කියල.

    ඒත් එ දෙවල් නොලෙබුනා කියල දුක් වෙන එක නම් අපරදේ. අපිට මේ ජීවත් වෙන කෙටි කාලෙ සන්තොසෙන් ඉන්න තියන මොහොතක් හරි නෑතිවෙන එක තමා වෙන්නෙ

    ReplyDelete
  14. තරහා ගන්න එපා බූරුවො කියන ආමන්ත්‍රනයට. උඩින් ලියපු ටික ලිව්වෙ ඇත්තටම හිතවත්කමින්.

    ReplyDelete
  15. පාට සිහින ලෝකෙක අපි උන්නා රජ කෙරුවා
    ලස්සන රෝස මල් මැද හිද අපි නැටුවා
    පෙර කළ පවට සැඩ සුලගක් දසතින් අවා
    ලොවටත් හොරා නුඹ මාගෙන් වෙන් වූවා

    දිවියම පලක් නැත නුඹ මට පිටු පෑවා
    ලස්සන සිහින ලෝකෙන් මං බිම වැටුනා
    මේ දුක දරන්නට මගෙ සිත සවි නැතුවා
    මරුවා එන්නෙ නැතුවද මා යන්නට කැදවා

    පෙර කළ සියලු පව් ගෙවලා දැම්මා
    මරණය බයක් නැත මං ලොව තනි වූවා
    මං මිය ගියත් හැඩුමට කවුරුතු නැතුවා
    මරුවා වරෙන් විගසින් මා යන්නට කැටුවා

    ReplyDelete
  16. ඔව්වා ඔහොම තමයි, සංසාර පුරුදු ටිකක් ඇති කරගනින් දැන්. මාරයියා. ලියන්න කියන්න මුකුත් බැහැ, විභාග හෙට 9.00 ටත් එකක්, නමුත් මෙ පැත්තෙ එන්න හිතුනා. එකයි ආවෙ, උබෙ සුවෙන් ඉන්නවා කියලා හිතෙනවා. අපි හැමතිස්සෙම තැවෙන්නෙ නැති දෙවල් ගැන.

    ReplyDelete
  17. කට්ටියම මැරෙන්න සෙට් වෙලා වගේ ;) මට නං දැන්ම බෑ :)

    ReplyDelete
  18. අඳුර එලිය නොපෙනෙයි..
    කල දේ කී දේ නොදනියි..

    මුදා නොහැර මසිතින්..
    රඳවාගත් වරද මගෙයි..

    යලි උපදින්න සිතා
    විගසින් මිය යන්න සිතෙයි..

    (පරන සින්දු කෑල්ලක්...)
    - shona

    ReplyDelete
  19. අර දුමී අයියාගෙ පෙළඹීනට තාම ප්‍රථිචාර දුන්නෙ එහෙම නැද්ද අයියේ ?? මම මේ කල්පනා කලේ මාරයියටත් එන්නෙ නැහි මාරයා අපි ළඟට කවද එයිද කියලා :P

    ReplyDelete
  20. "දිවියේ කිසි හරයක් නොම ලැබෙනා.." = ඔබ බලාපොරොත්තු වන හරය මොකද්ද මල්ලී...?

    ReplyDelete
  21. හා පැටික්කි (MS)...

    නොහිතා ඉන්න හැදුවට කොහේද..හිතෙන්නෙම ඒ ගැනනේ...

    ReplyDelete
  22. jeew...

    මාර පරාජය..ඒක නම් නියමයි.

    ReplyDelete
  23. sansarasidu...

    මා යනු අමුතු අයකු නොවෙ..මලයා..
    මාද එකෙකි...

    ReplyDelete
  24. Shadow/හේමලයා...

    දෙකක් දාගත්තම මගේත් මනස නිරවුල් වෙනවා..අර අපේ හිටපු ජෙනරාල්තුමාගේ වගේ...

    ReplyDelete
  25. Ansh Lucky Sri Jay...

    තවම බලන්න හම්බ උනේ නැහැ.
    බලලාම කියන්නංකෝ...

    ReplyDelete
  26. ෴ හසියා ෴ ...

    ඒ මාරයා මෙ මාරයා නොවෙද..?

    ReplyDelete
  27. Ansh Lucky Sri Jay...

    දැන් තමා කියවන්න ලැබුනේ...
    එක් තැනකදී නම් මටත් සමාන ලක්ෂණ පෙනුනා.

    ඊටත් වඩා මට මතක් උනේ මෙ ගීතය..

    ඇසුවෙද කවුරුන් හෝ ඔඛෙන්
    හැඩුවෙ ඇයිද ප්‍රේමෙ නමින්..
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුළින් තුරන් වූ ප්‍රේමයක්..

    ReplyDelete
  28. ඉලංදාරියා...

    ඔවු බං මෙ මගුල ඉවර වෙන පාටක් නැහැ.

    ReplyDelete
  29. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ...

    ලොක්කා දැන් කවියෙන්මයි..

    ReplyDelete
  30. nish...

    ආයේ ඉතින් නමින් කතා කලා කියලා තරහා වෙන්නේ අහවල් එකටද..?
    නෑදෑයෝ නෑදෑයෝ සෙට් උනහම ඔහොම තමයි..හෙහ් හෙහ්..

    ReplyDelete
  31. Pasan...

    මා තනිවී නොමැති හැඩයි...

    ReplyDelete
  32. රවා ...

    සංසාර පුරුදු ඇති කර නොගෙන ඉන්න මට හැමදාම පුළුවන් වෙනවා නම් මම වැඩියම කැමති ඒකට මලේ...
    ළගට වඩා දුර බලන්න ඔන.
    අමාරුවෙන් හරි වැටිලා තියෙන පාරෙම යන්නයි බලන්න ඔන.
    දී හිත සැළුනා උනත්.

    ReplyDelete
  33. ස්වප්නා...

    ඒවා නං කොහෙද මාත් එක්ක..කියන වෙලාවක යන්න ලෑස්ති පිට ඉන්න ඔන හරිද..?

    ReplyDelete
  34. shona...

    හුගාක්ම පරණ නැහැ නේද..?

    ReplyDelete
  35. අනේ අනේ ඈන්නා නේද ටොක්කක් මට

    ReplyDelete
  36. nish...

    මම ඉතින් එහෙම කොරනවැයි..?
    ඹබතුමා මා ගැන හරියට දන්නේ නැහැ මං හිතන්නේ..
    ඔන නං ඉතින් අන්න අපේ තිස්ස අයියා ඉන්නවා..
    අහලා බලන්නකෝ මං කොච්චර හොඳද කියලා.
    ඔය ටොකු අනින,මඩ ගහන වැඩ නැහැ නෙව අපේ..

    ReplyDelete
  37. දිල්...

    නගා දන්නවනේ මං ඉතින් ඔය ආදි කාලේ ඉඳලා පැවත එන වත් පිළිවෙත් අකුරටම ඉස්ට සිද්ධ කොරන මිනිහා වෙච්චි..

    කෙල්ල නම් ඉස්සර වගේ නෙවෙයි දැන් මාරයා අහලකින් යනවටත් බයයි වගේ..?

    අනේ අනේ කෙල්ලේ..

    ReplyDelete
  38. තිස්ස දොඩන්ගොඩ...

    වචන දෙක තුනකින් කියන්න අමාරුයි අයියා...

    ReplyDelete
  39. පද පේ‍ලි ටික නම් අපූරැවට ගලපලා තියෙනවා.

    ඒත් මට පැහැදිලි නැත්තේ‍ අර මාරයා, මාරයා ඒනකම් බලා ඉන්න කැල්ල තමා....

    ReplyDelete
  40. ඔය තුමා කෑල්ල හලල ආමන්ත්‍රනය කොලා නම්

    ReplyDelete
  41. Niroshan...

    ස්තූතියි..
    මරුවාටත් මරු එළඹෙ...

    ReplyDelete
  42. nish...

    අපොයි එහෙමත් හොඳයෑ..

    ReplyDelete
  43. එහෙම නැතුව පුළුවන්ද....මාරයා එන්න කලින් කරන්න දේවල් මොනතරම් තියෙනවද ? :P

    ReplyDelete
  44. දිල්...

    අනේ ඉතින් මෙ ළමයට හරි ගිය තරමක්..
    වාසනාවන්...

    ReplyDelete