26 August 2010

හීනයකි..ඔබ...

සුවඳ ගලා විත් ජීවිත අරණේ
සැනසිලි සුවය සදා..
සසර පුරා පෙම් කෙරූ නිසා
ඔබ මට උරුම උනා..
අපමණ බාධක තරණය කරලා
නිම් හිම් ලදිම් සදා..
ඔබ හද මඩලේ උණුසුම විඳිමින්
මා සැනසෙමි සැමදා..
අතීතයේ සිට පිය මැන ආවෙමු
බොහො දුර කතර ගෙවා..
තවත් බොහෝ දුර අප ළං වී යමු
අත් වැල් බැඳ සැමදා..

51 comments:

  1. ඒ ගමන මොකාටද එන්න හදන්නෙ.
    ඔහොම යමු, ඔහොම යමු.

    ReplyDelete
  2. ඈත්තට මාර මල්ලි ඒ ගමන මොකාටද බන් එන්න හදන්නෙ?

    ReplyDelete
  3. ට්‍රැක් එක මාරු උනා........
    මාරයියේ මේ ට්‍රැක් එක නම් හොඳයි......

    ReplyDelete
  4. හරි රොමෑන්ටික්.......


    එන්නම් සැමදා ඔබ සමගින්
    ඉන්නම් සැමදා ඔබ වෙනුවෙන්
    හැබැයි මේකත් හොදට අහගනින්
    දැන්වත් ඔය බීම නවතාපන්...

    ReplyDelete
  5. සිහිනයක් ලෙස සිතා නුඹටම
    මගේ සිත නම් හිනැහුනා
    නෙතු පියන් යට වැතිර උන් නූඹ
    සිහිනයක් වී හැර ගියා
    සසරේ පිරූ පෙරුමන් ​මගේ ලොව
    සිහිනයක් වී ගිලිහුනා
    මගේ දිවියම සුවදවත් කළ
    හීනයකි නුඹ දැවෙටෙනා........:D

    ReplyDelete
  6. මාරයෝ ...

    එක පරටම මොකද උනේ ...

    මොක්ක් නමුත් හොද දෙයක් නේ..

    සුබපැතුම්..එහෙනම්.. ජිවිතය අලුත් වෙනවනම්..

    ReplyDelete
  7. ඔය track එකේ හැමදාම ඉන්නවනම් හොඳයි..
    -shona

    ReplyDelete
  8. මෙන්න මාරයාට මින්දද විදලෝ . . . !

    එළ එළ . . . නියමයි . . . අපිටත් ලඟදිම කේක් කෑල්ලක් කන්න ලැබෙයි වගේ . . . . මාරයාට ජය වේවා !!

    ReplyDelete
  9. මාර අයියට මල් වත්තක් මතක් වෙලා.... හි හි

    එළ එළ

    ReplyDelete
  10. මේ ටිකේම මාර ගී නේද? හැම එකක්ම වාගේ ලස්සනයි

    ReplyDelete
  11. Hello Mara Malli,
    Its better if you disable auto publishing off for comments otherwise some doges might visit and put shit allover the place.
    Bye,
    Thilina

    ReplyDelete
  12. Shadow/හේමලයා...

    ස්තූතියි.

    ReplyDelete
  13. Praසන්ன...

    ඔන්න ඔකනේ ගැටළුව..
    අපි ලිවුවොත්..ඒකත් ෂුවර් නැහැ..
    යං යං..

    ReplyDelete
  14. nish...

    ෂිහ්..අපි කිවුවොත් කවුරු බලන්නෙත් සැකෙන් නෙව..

    ReplyDelete
  15. හා පැටික්කි (MS)...

    මං හිතුවා නංගියේ උඹවත් තේරුං ගනියි කියලා.. කොහේද..?

    ReplyDelete
  16. හරි හරි කියපන් දෑන් ඔය මොනව ගෑනද කිව්වෙ?

    ReplyDelete
  17. ෴ හසියා ෴...

    හරි යන්නේ නැහැ..හරි යන්නේ නැහැ..
    මෙයාලා කවුරුවත් තේරුං ගන්නේ නැහැ...

    ReplyDelete
  18. Pasan...

    යන්තං ඇති එකෙක්වත් හිටියා මදැයි...

    ReplyDelete
  19. ඉලංදාරියා...

    මෙන්න වැඩක් සුභ පතලත් එක්ක...

    ReplyDelete
  20. shona...

    ඒ ට්‍රැක් එකේම ඉන්න බැරි එකනේ පුරස්නේ...

    ReplyDelete
  21. දුමී...

    ඒ පාර මෙන්න මෙයා කේක් ඉල්ලනවා...

    ReplyDelete
  22. පිස්සා පලාමල්ල...

    බලාගෙන ගියහම උඔට පිස්සු නැහැනේ බං...ඈ...

    ReplyDelete
  23. හරී...

    ස්තූතියි...
    එක එක වෙලාවට එක එක ඒවා දානවා..නැත්තං මටම එපා වෙනවා...

    ReplyDelete
  24. Hero...

    ආ..මම ඒත් බැළුවා මොකද මගේ බ්ලොග් එක පැත්තේ එන්න පරක්කු කියලා..
    පහු ගිය ටිකේ හතර වටෙම ගිහින් මාර විදිහට ශිල්ප දක්කලා තිබුනා නෙව..
    අනේ ඉතින් ඔය වගේ දෙයක් කියලා මගේ යකා අවුස්සන්න අමාරුයි බං.
    තමුන්නැහේ අහලා තියෙනවා ඇති නේද අක්කෝස භාරද්වාජ බමුණා ගැන එහෙම..
    නැත්තං වෙලාවක ගෙදර ගිහින් තමුන්නැහේගේම මැණියැන්දෑගෙන් අහගත්තොත් හොඳයි.
    හැබැයි පොඩි අනතුරු ඇගවීමක් කරන්නත් ඔන.
    මොකද..අම්මා ඒ කථාව කියා දුන්නට පස්සේ තමුන්නැහේට ඔය කිවුව එක තමුන්නැහේගේම අම්මට කොරන්න හිතුනොත් එහෙම..පව් නෙව ඒ අම්මා..
    තමුන්නැහේ වගේ දරුවෙක් හැදුවා උනත්.. ඒත් අම්මා කෙනෙක් නෙව..
    පව්...

    ReplyDelete
  25. Sri Lanka Tech...

    බල්ලෝ බිරුවට කඳු පාත් වෙනවද අයියා...
    ඔහෙ ඔන එකක් කියා ගත්තදෙන්.
    මෙ මොනවා හෝ වරදක් නිසා මානසිකව විඳවන අනුකම්පා කළ යුතු කෙනෙක් නිසා මට ඔන නැහැ අනිත් අයටත් මෙතන නිදහසේ ඇවිදින්න තියෙන ඉඩ කඩ අහුරලා දාන්න..

    ඒ අසරණයත් ඔහේ ඔන දෙයක් කියාගෙන ඉඳපුදෙන්..
    අපි ඒ වගේ අයට අනුකම්පා කල යුතුයි නෙව...නැද්ද මං අහන්නේ...

    ReplyDelete
  26. එල. මාරය නියමෙට දීල තියෙනව තමන් හීරෝ කියල හිතාගෙන ඉන්න එකාට.

    ReplyDelete
  27. nish...

    ඇයි හත්වළාමෙ පේන්නේ නැද්ද මොනවැයි කියලා තියෙන්නේ කියලා...

    ReplyDelete
  28. දුටිමි දුටිමි..........

    පෙර කොමෙන්ටුව ඉල්ලා අස් කර ගනිමි

    ReplyDelete
  29. Praසන්ன...

    මව්නේ ඉතින් ඔහොම අසරණයින්ට අපි කවුරුත් අනුකම්පා කරන එක තමයි කරන්න ඔන.
    අතහැරලා දාන්න හොඳ නැහැ නෙව...

    ReplyDelete
  30. nish...

    ඇති යාන්තං...

    ඇයි යකඩෝ..මට හීන දකින්නත් බැරුවාද..?
    දැක්ක හීනයකට මොනවා හරි ලියන්නත් බැරුවාද..?
    ස්තූතියි..කේන්ති ගන්නේ නැතිව මෙවා බලනවාට..

    ReplyDelete
  31. අපො මක්කටද බන් කේන්ති ගන්නේ

    වරද මගේ නෙව සිහිබුද්ධියෙන් කියෙව්වෙ නෑනෙ!

    ReplyDelete
  32. මාරයාට මල් සරාව වත් මීට් වෙලාද? නියමයි :D

    ReplyDelete
  33. හසී...

    අපොයි උන්නැහේ මාව මීටි වෙනවා තියා..මම යන අහලකින්වත් යන්නේ නැහැ.

    ReplyDelete
  34. ayesha...

    ස්තූතියි..කිව්වා..

    ReplyDelete
  35. සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
    අවදි නොවී ඉන්නම්...
    කිසිදා ඔබෙ අත නොලැබේ නම්
    සැමදා තනි වෙන්නම්.....

    ආසිරි ගී මැද පෝරුව මත හිඳ
    මාපටැඟිලි බැඳ අත පැන් වත් කර
    ඔබ කැඳවා යන්නම්
    නැතිනම් තනිවෙන්නම්

    ජීවන ගමනේ බාදක දුක සැප
    එක සේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
    තනියට ලඟ ඉන්නම්
    නැතිනම් තනිවෙන්නම්.....

    (උඹ මේක කියෙව්වට ක්‍රියාත්මක කරන්ඩ ලැහැස්ති වෙන්ඩ එපා)

    ReplyDelete
  36. ඇත්තටම තේරුම් ගන්න බැරි උනා......
    සමහර විට අපි හැමෝම අපි හිතපු දේ අපිට මාරයිය කියනකම් බලන් ඉන්න නිසා වෙන්න ඇති..........

    ReplyDelete
  37. ඕන් මගේ වැඩේ jeew කරලා......

    ReplyDelete
  38. හෝව්... හෝව්...
    ට්‍රැක් එක මාරු වුණා වගේ...

    ගුණදාස කපුගේ මහත්තයාගේ සිංදුවක්නේ හරියන්නේ...

    බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..
    අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්ඳා

    සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ
    නිමා වූ සිහිවටන පමණෙකි දෙනෙත් දෑලේ ඉදි වුණේ
    කඳුල නුඹ පිපුණා
    දැවී ගිනි ගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුණා

    ප්‍රේම ආතුරයන් වෙලා - ජීවිතේ තනි මංසලේ
    දිනෙක ඇය මා අමුත්තන් සේ යළිත් හමුවේවී
    කඳුල නුඹ නාඩන්
    දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුල නුඹ නාඩන්

    ReplyDelete
  39. http://www.musictopalbum.com/2010/03/gundasa-kapuge.html

    ReplyDelete
  40. මට පේන්නේ මේක අපේ මාරයා විසින් "මාරයා"ට ලියපු පෙම් කවක් වාගෙයි...
    මට අර කුප්පිය මතක් වෙලා ආයේ මල පනින්න පෙර මෙයින් නවතිමි...

    ReplyDelete
  41. අයියේ මට ඔයාගෙ email address eka dennako..podi prasna දෙක තුනක් තියෙ අහන්න

    ReplyDelete
  42. Jeew...

    අර කිවුවත් වගේ අපේ හා පැටික්කීගේ ජොබ් එකට නෙව මෙයා බැහැලා තියෙන්නේ..
    කොහොම උනත් දෙවැනි එක නම් මගේ ජාතික ගී වලින් එකක්.

    ReplyDelete
  43. හා පැටික්කී...

    මාතෘකාව බලලා හිටියනං කිසි අවුලක් වෙන්නේ නෑ නෙව..
    ඇත්තටම ඇයි මෙ කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කරලා නැත්තේ...

    ReplyDelete
  44. තිස්ස අයියා...

    අපෝයි...
    අමතක කරලමු පැරණි කතා...
    අහමු අපිත් හද ගී පොතේ කතා..

    ReplyDelete
  45. පැන්da...

    කේන්දර ගැන නැතිව ඔන එකක් අහන්න මෙන්න ලිපිනය.

    ctkumara@gmail.com

    ReplyDelete
  46. Jeew...

    සහෝදරයා ඔබ ලබාදුන් ලින්ක් එක අනර්ඝයි.
    මා සොය සොය සිටි ගීත කිහිපයක්ම බාගන්න නියම තැනක් උනා එතන..

    විශේෂයෙන්ම අමරදේව මහත්මයාගේ ආරාධනා ගීතය සහ වසන්තයේ මල් පොකුරු නෙලා..යන ගීත..
    ගුණදාස කපුගේ මහත්මාගේ ගීතයත් ඇතුළුව..
    අනේක වාරයක් ස්තූතියි.

    ReplyDelete
  47. ඕකනෙ බං කියන්නෙ ... තනිකඩය කාලෙ ඔහොම කවියක් ලිව්වොත් කියනව මනමාල කොම ඉහට ගහලලු... නැත්තං අසහනේලු එහෙමත් නැත්තං මල්සරා විදලලු.
    බැන්දට පස්සෙ ලියල අහු උනොත් ඉතින් විසුමක් නෑ...

    ReplyDelete
  48. ස්තූතියි මාරයෝ...
    සංගීතය කියන්නේ මගේ ජීවිතයේ කොටසක් වගෙයි.... මට සින්දු කියන්ඩ, වාදනය කරන්ඩ බැහැ... ඒත් ඕනෑම ගීතයක් රස විඳින්න මට හොඳට පුළුවන්....

    හා පැටික්කි සමාවෙන්ඩ ඕන මට මම ඔයාගේ රාජකාරි හොරකම් කළානම්...මොනව කරන්න හිතට ආපු දේ ලියන්න එපැයි...
    සොරි හො‍ඳේ....

    අනේ මේ කට්ටියටම පොඩි පණිවිඩයක් තියෙනවා.. මමත් හා හා පුරා කියලා හීනියට වගේ බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගත්තා.. අපේ පිස්සා, වත් එහෙම ඒ පැත්තේ ගිහින් තිබුණා... මේක වෙළඳ දැන්වීමක් නෙමේ කියලා හිතලා කැමතිනම් තරහා නැතුව ඒ පැත්තෙත් පොඩ්ඩක් ඔළුව දාලා එන්න... අපි ඉතින් ආධුනිකයොනේ...

    ReplyDelete