28 August 2010

පන්සලේ ජීවිතේ... ඉල්ලීම...

චන්දවිමල හිමියන් පිටත්ව ගොස් සති තුනකට ආසන්න වීද.. උන්වහන්සේ පැමිණෙන වගක්වත් නොමැත..
තරමක් නොසන්සුන්ව නමුත් දායකයින් පෙර පරිදිම කටයුතු කරගෙන යන මුත් කොයි වෙලේ හෝ ඔවුන්ද කුමක් හෝ පන්සල වෙනුවෙන් කල යුතු විය.

මා හටද ස්ථීරසාර අරමුණක් ලැබී නොතිබිණි.

පන්සල වසා දමා තම තමන්ගේ පන්සල් වලට එන්නැයි ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක්ම ඉල්ලීම් කර තිබුණද..ඒ කොතැනකවත් මෙතැන ඇති සාමය නොමැති බව මා හොඳින්ම දැන සිටියෙමි.

එබැවින් මෙ තැන හැර දමා වෙනත් පන්සල් ගානේ යනවාට වඩා..මෙහිම රැදී..පන්සල බලා කියාගෙන සිටීමට මා සිතා සිටියෙමි..

ඒ අතරතුරදීය..තාත්තාගේ මරණය මා හට දැනගන්නට ලැබුණේ...

අවසන මා තීරණයක් ගතිමි.
ඒ පැවිදි වීමටය...

නමුත් ඒ හැමදාටම නොවිණි. මට අවැසි වූයේ වසරක් පමණ කාලයක් පැවිදිව එම ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගැන්මටය..
තත්වය හොඳයැයි සිතුනහොත් දිගටම සිටීම ගැටළුවක් නොවේ...
පැවිදි දිවිය මා හට නාල්ලන අන්දමෙ දෙයකැයි සිතුනහොත් වසරකින් පමණ එයින් ඉවත් වීමට සිතා සිටියෙමි.

මෙම තීරණයත් සමග මා ගුණරතන හිමියන් හමුවීමි.

එදින සවස් කාලයේ මා නගරයේ පන්සලට යනවිට අඳුර වැටෙන්නට ආසන්න වී තිබිණි.
මට ඇවැසි වූයේ ගුණරතන හිමියන් සමග තනිවම කතා කිරීමට වූවද..ඒ වන විට අන් විහාරස්ථානයක හිමිනමක්ද පන්සලට වැඩම කොට තිබිණි.

වැඩම කොට තිබූ තරුණ හිමිනම නමින් සුදින්න විය...

විනය පිටකය පෙරළා බැළු විට නිතර හමුවන නාමයක් ඇත.. ඒ මෙ හිමිනමට හිමි නාමයයි.
බුදුරජානන් වහන්සේ විසින් පනවා වඳාළ බොහෝ ශික්ෂාපදයන්ට මුල් වූ හෙවත් ආදිකම්මික වූයේ එම නමින් යුතු හිමිනමක් හෝ එකම නම ඇති කිහිප දෙනෙකු විය හැක..

ඒ කෙසේ වෙතත් මෙ සුදින්න..ඒ සුදින්නට වඩා වෙනස් නොවෙ...

වයසින් මට වඩා වසරක් හෝ දෙකක් පමණ බාල වූ හෙතෙම...නිතරම විනෝදයෙන් සිටිනු ලබන්නෙකි.

උස අඩි පහමාරක් පමණ වූ සුදින්න හිමියන්.. කළු පැහැති අයකු විය.ඇසුරු කිරීමෙදී සියල්ලන්වම දිනා ගැන්මෙ හැකියාවක් ඇති මුත් පෙනුමින් නම් එතරම් රුවක් ගුණක් නොමැත. කුමන හෝ අවස්ථාවකදී උන්වහන්සේ සිනා සෙන විට අසල සිටින කවුරුන් හෝ වෙවා හිමිනමක් කනට කිට්ටු වී..

"සුදින්න අර පොඩි ළමයින්ව බය කරන්නේ නැතිව ඔය හිනාව නවත්තනවා.." යැයි කීමට පුරුදු වී සිටියද..ඉන් කේන්ති ගන්නේ නම් ඔහු නොවෙය..
හොඳින් පිරිවෙන් අධ්‍යාපනය ලබා සිටි මෙම තරුණ භික්ෂුව දාන මාන බණ පිරිත් වලදී එම කටයුතු කරලීමෙදී මහත් වූ දක්ෂතා දැකිවීය.බණ කීමෙදී වූවද අසන්නන් කුල්මත් කරවාලීමෙ ස්වරයක් අනුගමනය කරන ලදි. එනමුත් සිවුරේ සිටියාට ඔහුගේ හිත තිබුනේ නිතරම බාහිර ලෝකයේය...
ආගමික කටයුතු වලටත් බොහෝ සේ දස්කම් පෑම නිසා එහිමියන්ට අවට පන්සල් සියල්ලේම වාගේ නිතරම දොර විවෘත වී තිබූ අතර..සුදින්න හිමියන්ගේ චරිතය පිළිබඳව දන්නා කවුරුනුත්..ඒ පිළිබඳව කිසි විටකත් උන්වහන්සේට අවවාද කරනවා මා නම් දැක නැත.

නගරයේ පන්සලෙන් කිලෝ මීටර තුන හතරක් ඇතුළට වන්නට පිහිටි රජ මහා විහාරයක වැඩ සිටි උන් වහන්සේ..එගම බොහෝ සේ ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි. ඒ අන් කිසිවක් නිසා නොව නිතරම ගැහැණු ළමයින් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීම සම්බන්ධවය...

දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුවියන් පමණක් නොව තරුණ ගුරුවරියන්ද මොහුගේ ප්‍රෙම වදන් වලට වසග වී සිටියහ.

උන් වහන්සේ වැඩ සිටි පන්සලේ නායක හිමියන් එම පළාතේම තම තේජස පතුරවා ගෙන සිටි බලවත් හිමි නමක වූවද.. සුදින්නට අවවාද කිරීමට නම් ගියේ උන්වහන්සේ නොවෙ...
නමුත් ඔනම අවස්ථාවක පන්සලේ දහ දොළොස් නමක් වැඩ සිටියද..

"අර සුදින්නට කියමුකෝ..වැඩෙ කරලා දෙයි..."
යනුවෙන් ඔනම කටයුත්තක් සුදින්න හිමියන්ට පැවරීමෙදී දෙවරක් සිතා නොබලන්නේ..මොන දේ කළත් සුදින්න හිමියන් සතු හැකියාවන් නිසාය.

මා යන විටත් සුදින්න හිමියන් ගුණරතන හිමියන් සමීපයට වී ධුමපානංච හික්ඛවො යනුවෙන් වඳාළ ඔවදන සීරුවට පිළිපඳිමින් උන්නාහ...ඒ ගුණරතන හිමියන්ගේ යහන තාවකාලිකව බදු අරගෙන මෙන් විය...

"ආ..මල්ලී කොහොමද..?" යනුවෙන් මා පිළිගත් සුදින්න හිමියන් මා හා කථාවට වැටුනි.
වයසින් මා හට වඩා බාල වූවද කතා බහ කිරීමෙදී නිතරම මල්ලී යනුවෙන් අමතන්නට උන් වහන්සේ පුරුදුව සිටියහ.

මා ගිය කාරණාව පසෙක තබා උන්වහන්සේ සමග කතාවට වැටුණු මා පැවිදි ජීවිතය ගැන මා නොදත් බොහෝ දෑ උන්වහන්සේ අතින් විචාරන්නට වීමි.

සිතට තේරෙන අන්දමෙ..විස්තර කරදීමක් උන්වහන්සේගෙන් මට ලැබිණි.
ඒ නිතර අසන්නට ලැඛෙන සියුමැළි වදන් වලින් නම් නොවේ..රළු එහෙත් සත්‍යවාදී හඩකිනි.

අවසන මෙ සියල්ල අසා සිටි ගුණරතන හිමියන්ගෙන් මා විමසුවෙමි.

"හාමුදුරුවනේ මටත් අවුරුද්දකට විතර මහණ වෙන්න බැරිද..?"

මෙතෙක් වෙලා අපේ කථා බහට සවන් දෙමින් රූපවාහිනීයේ නෙත අලවා ගෙන හිටි ගුණරතන හිමියන් තිගැස්සී මදෙස බලනවා මා දුටුවෙමි.

.....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

17 comments:

  1. කාලෙ‍කට පස්සෙ පංසලට ඇවිල්ල තියෙන්නෙ.
    එහෙනං මාරයත් මහන වෙන්නයි හදන්නෙ ඈ....
    ධුමපානංච හික්ඛවො කියන්නෙ අලුතින් වදාළපු දෙයක් වෙන්න ඇති.

    ReplyDelete
  2. Praසන්ன...

    අපොයි නැහැ..ඔය අපේ කස්ටිය නොදැන උන්නට බුදු හාමුදුරුවෝ අනු දැන වඳාළ දෙයක් තමයි ධුම පානය..
    හැබැයි සීතල පළාත් වල වැඩ වසන හිමිවරුන්ට සහ දන් වැළදීමෙන් පසුව බව කොහේ හරි සදහන්ව තිබුණා වගේ මතකයි.
    ඔක ගැන අපේ තරිඳුගෙන් අහන්න ඔන.
    හරියටම දැන ගන්න තිබ්බා.

    ReplyDelete
  3. දැන් ඉතින් බලන් ඉන්න එපැයි අනික් පොස්ට් එක දානකන්..මහන්සි බලන්නෙ නැතිව ඉතුරු ටිකත් ලියලා දාන්න

    ReplyDelete
  4. එක දිගටම කියවගෙන ගියා ....

    හුම්ම්ම්ම්ම්ම්ම්

    දැන් ඉතින් ඉවරක නැතුව එක ප්‍රශ්නයක් අහයි ඔන්න ...

    "ධුමපානංච හික්ඛවො"

    ලංකාවේ කාලයක් කරන්නගියාට බැරිඋනානේ තාවකාලික ..මහනකම නේද..?..

    ඉතුරු ටික දානකම් බලාගෙන ඉන්න වෙනවා..

    ReplyDelete
  5. " අවුරුද්දකට මහණ වෙන්න" ඒ මොකටද ඒ,,, පාඨකයාට කුතුහලය ඇතිකරනවා කිව්වට මෙහෙමත් කරනවද? හා හා,, පුළුවන් ඉක්මනින් ටිකත් ලියමු බලන්න,

    ReplyDelete
  6. එහෙනම් මාරයා මහණ වෙන්නයි යන්නේ... :D

    ReplyDelete
  7. හ්ම්.....අනේ මන්ද....ඉතුරු ටිකත් දැම්මනම් අදහසක් කියන්න තිබ්බා.....

    ReplyDelete
  8. යන්තම් ඇති ආයෙමත් පංසලට......:)))

    ReplyDelete
  9. හරි දැං තමා ටර්නින් පොයින්ට් ඒගෙන එන්නෙ.........

    ReplyDelete
  10. හ්ම්..කාලෙකට පස්සෙ ආයිත් පන්සල් කථා ටික ලියන්න පටන් අරන් තියෙන්නෙ...ඉතුරුවත් ඉඩ තියෙන විදියට ඉක්මනට ලියන්න...
    ජයවේවා!!!

    ReplyDelete
  11. අනේ සාදු..!!!
    මාරයා පංසලට ඇවිත් නොවැ.
    ඉතුරු විස්තර ටිකත් විග විගහට දැම්මනම්...

    ReplyDelete
  12. හොඳා හොඳා . . . අපිටත් එහනම් කියා වදාරන්නකෝ මහණ පිංකම . . . !

    ReplyDelete
  13. මේක ගැන තව පොඩ්ඩක් කීව නං තමා හොද
    "ධුමපානංච හික්ඛවො"

    අනිත් එක මාර අයියෙ මං බ්ලොග් වලට අලුත් නිසා මාර අයියගෙ බ්ලොග් එකට අලුත්.මගෙ හුගක් හිත් ගත්තු බ්ලොග් එකක් මේක.

    පන්සලේ දිවිය කියන ලේබල් එකෙන් ලියන කතා කාල වකවානු පිලිවෙලටද ලියාගෙන යන්නෙ නැත්තං එහෙං මෙහෙං මතක් වෙන සිද්ධි ද? පොඩ්ඩක් ඒව ටැපලුනා මට

    ReplyDelete
  14. පන්සලට වැඩියැය ආපහු? ඉතුරු හරියත් ඉක්මනින්ම දැම්මනං හොඳා...
    "ධූමපානංච භික්ඛවො" ඒක පොඩ්ඩක් හොයලා බලන්න වටින කාරනාවක්.... ;-)

    ReplyDelete
  15. ටික දවසකින් එන්නත් බැරි උනා මේ පැත්තට. පොඩ්ඩක් වැඩ වැඩියි ද මන්දා මේ ටිකේ
    අම්මෝ කතාව දාලා.
    :)

    ReplyDelete
  16. ආමි.
    කියැවීමි..
    කියවා ගියෙම්...

    ReplyDelete
  17. "ධූම පානංච භික්ඛවො" කීවට ඇබ්බැහි වෙන "නිකොටින් etc පානංච භික්ඛවො" කියන්නෙ නැතිව ඇති නේ?

    ReplyDelete