29 August 2010

හිමිකම අහිමි වූ සඳ...

ගීතයක් කවියක් වෙලා..
නුඹ රැදී මා හදවතේ..
සිහිනයක් විලසින් කිමැයි..
නොකියාම පිටවී ගියේ..

හදවතේ පිටු ගලවලා..
ජීවිතේ කඳුළක් කලා..
මාවතේ මා හැර දමා..
නොකියාම නුඹ පිට උනා..

රෑ දුටුව සුව සිහිනයකි ඹබ..
නැවත කිසි දින නොපෙනෙනා..
කතරකදි දුටු මිරිගුවයි ඔබ..
කිසිම දිනකදි නොලැඛෙනා..

සිතන්නට හෝ පතන්නට යළි..
කිසිදු හෝ අවසරයකුදු නැති..
වළ දැමු පෙම් පුරාවත යළි..
කිසි දිනක පණ ගැහෙන්නේ නැති..

අතරමං වී කතර තනිවූ..
මගියෙක්මි මා යන මගක් නැති..
දෙවොල අහිමිව පුදන්නට නැති..
බැවින් දුක් වෙන බැතිමතෙක් වෙමි..

13 comments:

  1. එදා බලපු හීනෙ අදද කොහෙද ඉවර වෙලා තියෙන්නෙ.
    ලස්සන පද ටික.

    ReplyDelete
  2. ලස්සන පද ටික.......:))

    ReplyDelete
  3. ගීතයක තනුවක් වෙලා
    නැවතිලා නුඹ හදවතේ
    පුන්සදේ කිරණක් වෙලා
    නැතතිලා සිත ආකාසයේ

    කොහෙද කිව මැන සැගවිලා නුඹ
    ඇයිද මගෙ පෙම අමතකද අද
    යළි වඩිනු මැන මගේ ලෝකෙට
    හැරදමා බැදි සියලු බාධක

    පෙම් කලේ මං සසර බැදුමින්
    තවම නොදනියි පෙම් කලේ කිම
    නුඹ සිටි අද වෙනෙකු සමගින්
    මගේ සිත පිළිනොගන්නේ කිම..........:D

    ReplyDelete
  4. සෙනසුරාදා දහවලේ වෙන්ටැති අදහස් ගලාගෙන ආවේ ..
    අහිමි උනේ හිමි කමද ??

    ReplyDelete
  5. දෙවොල අහිමිව ගියේ නුඹහට
    දෙවියො කල සරදම නිසයි...
    අලුත් දෙවොලක කරන යාතික
    ජීවිතයෙ වෙනසක් කරයි....

    එදා දෙවොලම සිතේ පොදි බැද
    සිටියහොත් අවමන් ගොඩයි....
    ජීවිතේ ජය ගොස නගන්නට
    දෙවොල නැති තරමට හොදයි...

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම් !

    බොරු කියන්නෙ මොකටද මාරයියේ....... මම නම් මේ දවස්වල අහිමි වීම් ගැන හිතන්නවත් කැමති නෑ.... ජීවිතේ කියන්නෙ හිමිකම් සහ අහිමි කම් අතර දෝලනය වෙන දෙයක් උනත්...අහිමි වී කියන්නෙ තවත් හිමිකමක ආරම්භය වෙන්නත් පුළුවන්නෙ නේද ?

    පද ටිකනම් ලස්සනයි

    ReplyDelete
  7. ආදරෙන් ලඟට වෙලා කියා දෙද්දි ජීවිතයම,
    කවදා හෝ දුර යාවි යැයි හිතුනෙ නෑ කවදාවත්..

    අදරෙන් ලඟට වෙලා නුඹ උන්නු ටික කලට
    නුඹ දුන්න ආදරයට ණයගැතියි තවම මo..

    පහිඳෙන් මම ගොතපු කුලුඳුල් පලමු පෙම,
    මා ලඟම බොඳ කලත් ආදරෙයි තවම මo..

    ReplyDelete
  8. මේක නම් මරු, අර මීට කලින් තියෙන කවියට මම කමෙන්ටුවක් දාන්න ගියේ, වෙනම කාරණයක් ගැන සඳහන් කරලා. හොඳ වෙලාවට ඒකේ මුකුත් කොටන්න කලින් මේක කියෙව්වෙ.
    හෙහෙහ්හෙ
    :D :D

    ReplyDelete
  9. මාර අයියා මේ ටිකේ එක විදියක්...

    ReplyDelete
  10. මාර අයියෙ මොකද් මේ
    දවසක් කියල තිබ්බා පරන ආදරෙ මේ දවස් වල කතා බහ කරනවා කියලා, මේ ඒ ගැන වත් ද?

    ReplyDelete
  11. ඇත්තටම ලස්සනයි අයියෙ... පද පෙළ නම්..

    ඒත් අත්දැකීම... කොච්චර කටුකද කියල මට අමුතුවෙන් කියන්ඩ ඕන නැහැ...

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම්... තාම හා පැටික්කි මේ පැත්තට ගොඩ වෙලා නැහැ වගේ..
    මං වත් සින්දුවක් මතක් කරලා යන්නම්කෝ..

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා - වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී

    කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
    කඳුලෙත් කටු මත විස තිබුණා
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතු වී පෙනෙනා

    පවකින් පෙර අත් බවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මහ දුරකින් තිබුණා

    http://www.youtube.com/watch?v=3CoROStkLRY

    ReplyDelete
  13. පද ටිකනම් මාරම මාර ගති....හදවතේ ශිරා වලටම දැනෙනවා....

    ReplyDelete