30 August 2010

බලාපොරොත්තුව...

පෙරදා මෙන්ම අදටත් හිරු පායනවා..
නුඹ නැතිවද සඳ අහසේ දිදුලනවා..
සඳු නැති කල තරු වැල් පෙළ හිනැහෙනවා..
නුඹ නොමැතිව මං තාමත් වැළපෙනවා..

හිරු තිබුනද ඒ හිරු රැස් පලක් නැති..
නුඹ නැති රෑ පැයූ සඳ හැඩක් නැතී..
කරුවල මකන්නට තරු වැලකට නොහැකී..
නුඹ නැති සිත සනසන්නට කෙනෙක් නැතී..

පෙර මග බලා ඉන්නෙමි මා සැමදාම..
ඈතින් පෙනෙන දසුනින් රැවටෙමි තාම..
ආවත් නොආවත් කිසි දිනකදි කෝම..
ඉන්නෙමි බලා මා හැමදා පෙර සේම..

14 comments:

  1. පෙර මඟ බලා නොසිටින් නුඹ හැමදාම
    නවතාපන් ඉතින් මා වෙනුවෙන් වැලපීම
    නැතිවුනු නිසා වෙන් අප සිත් ගැලපීම
    නුඹ හැර ගියෙමි රහසෙන් මම නොකියාම

    ReplyDelete
  2. ඉර සඳු තරු වාගෙද හදවත.....

    ReplyDelete
  3. හ්ම්...ජීවිතේ වෙනසක් ලඟදී ම වේවි වගේ...
    ජයවේවා!!!

    ReplyDelete
  4. බ්ලොග් එක පුරා රැව් දෙන දුක් කවි සින්දු..
    හැමහට නිමිති වූයේ ලස්සන ලන්දු.....
    වලකා හිත අහස සොව දුක සිත රැන්දූ..
    ජොලියෙන් වෙසෙමු ගයලා තුටු ගී සිංදූ...

    කෙල්ලක් ගියා කියලා සිත කඩාගෙන...
    දහමත් ඉගෙන ගත්මුත් නොතකා එයද..
    දුක ශෝකයට පහරක් දී පලවා හැර...
    අපි වෙන දෙයක් ගැන කියවමු සිනායන...

    මේ ඇඩියාව දැන් නම් හොදටම වැඩිය...
    මාරයටත් පිස්සුව හොදටම තදය...
    වෙන මගුලක් වියන් කියා සිත හදාගෙන..
    බෝතලයක් අරන් වර කෙළ පෙරාගෙන...

    ReplyDelete
  5. සුසුම් හෙලා මහ කුණාටු තනන්නද
    කඳුලු හෙලා දෙගොඩ තලා ගලන්නද
    ඈත මිරිඟුවෙන් දිය දොතක් ගෙනෙන්නද
    හිරුයි සඳුයි කවදා මුණ ගැසෙන්නද

    ReplyDelete
  6. වැළපී දෙනෙත් ඇති හැඬුවා කියනු බැරි
    අමතක කර මතක ඉන්නට කොහොම හැකි
    මඟ බල බලා හිටියත් රුව දකිනු රිසි
    ආලය දුකක් බව දැනගෙන හිදිනු සකි

    ReplyDelete
  7. පුන් සද ඇයිද අහසේ හිනෙහනේනේ
    තරු වැල් කිමද නිදි නැති රෑ බබලන්නේ
    මිහිදුම් වලා ඇයිදො පියඹා යන්නේ
    නුඹ නැති ලොවක් ඇයි මෙලසින් දිදුලන්නේ

    පිණි දිය වැටුන පිට්ටනියේ අවිදින්න
    මල් වැහි තුරුලෙ තෙමිලා හිනෙහෙන්න
    නුඹ තුරුලේම මුමුණන ගී අහගන්න
    තව එක වරක් නුඹ ඇවිදින් සැතපෙන්න

    .................:D

    ReplyDelete
  8. අයෙ කවි ලියන්න පටං අරගෙන. ඕක හරියන්නෙ නෑ මොකක් හරි දෙකෙන් එකක් කරගනිං. නැත්තං අපිට මාරයගෙ එක කතාවක්වත් අහන්න වෙන්නෙ නෑ.
    ප.ලි. මද පවනෙ ඉන්දැද්දි මේ කොමෙන්ට් එක දැම්මෙ. මොනව ලිව්වද මන්ද?

    ReplyDelete
  9. පිස්සු හැදෙනවා බං... බොක්කටම වදිනවා....!

    ReplyDelete
  10. ඔක්කෝම මට සමා වෙන්ට ඔන වෙනදා වගේ වෙන් වෙන් වශයෙන් කතා කරන්ට බැරි උනාට.
    මෙ ටිකේම ඒ තරං ලියන්ට හිතක් නැහැ.
    ලියන්න ඔන කියලා හිතුන වෙලාවට විනාඩි දෙක තුනකින් මොනවා හරි ලියනවා..බොහෝම වෙලාවට ඒ කවියක් තමයි..
    මං දන්නේ නෑ ඒවට ඔයාලා කියන්නේ කවි කියලද කියලා.
    මම කියන්නේ කවි කියලා උනාට.

    ලිවුවෙ නැතිවට මම බලනවා හැමෝගෙම ලිපි.
    මොකක් හරි අවුලක් තියෙනවා.
    මට තේරෙන්නෙත් නැහැ.
    ඇගටත් ඒ තරං සනීපයක් නැහැ.
    ඒ හින්දා හිතත් ටිකක් කැලේ..
    මෙ දවස් වල ඉතින් විනාඩි දෙක තුනකින් ලියන කවියක් ඇර වෙන දෙයක් නං ලියන්නම බැහැ වගේ..
    තරහා වෙන්න එපාලා.

    ReplyDelete
  11. ලස්සන කවිය.. ඔච්චර අඬන්න එපා වදේ. බඹා කෙටූ හැටියට වෙයි :D

    ReplyDelete
  12. මේක නම් සුපිරි කවියක් අයියා.
    කියන්න වචන නැහැ.

    මොකෝ මේ එක පාරටම වෙලා තියෙන්නෙ?
    මොකද්ද අවුල?

    **අවුලක් තියෙන තව එකෙක් මෙතන ඇවිත් මගෙන් අහනවා මොකද්ද අවුල කියලා, හුහ්..! - මාරයාගේ වර්ථමාන සිතුවිලි**

    ReplyDelete
  13. ස්වප්නා...

    චී..කවුද අඩන්නේ..
    අඩනවා නෙවෙයි මෙයා මම වැළපෙනවා.

    ReplyDelete
  14. Ansh Lucky Sri Jay...

    ඉතින් මම මොනවැයි ලියන්නේ..මම හිතන දේවල් ටිකත් නගාම කියලා දැම්මම..

    ReplyDelete