08 August 2010

නිධාන කථාව...

යට ගිය දවස..
මොම් මොකක්..?
යට ගිය මොකක් යටද..? වතුර යටද නැත්තං පස් යටද..?

ඔන්න ඉතින් මම මෙ ලක ලෑස්ති උනේ අර මම කළින් ලිපියක ලියාපු දිඝා ජාගරතෝ රත්තී කියන ගාථාවට අඳාළ නිධාන කතාව එහෙමත් නැත්තං හේතුපාදක උන සීන් කෝන් එක ලියන්ටයි කියලා.

ඉතින් මෙ ගැන ලියද්දී මුලින්ම කියන්ට ඔන අර පරණ පොත්පත්වල තිබුණු විදියට නං මට කතා කියන්ට බැරුවා.

නෑ..නෑ.. මම මෙ ඒ පොත්වල ෙසෙලීයට අකමැතිවත්,එහෙමත් නැතිනං පරණ හණමිටි කියලා ඒවා විසි කරන්න කියලා යෝජනා කරන නවීන පුස්සෙක් නෙවී..
හුගාක් දැන් කාලේ අය තමන් දන්නේ නැති දේ විසික්ක කොරලා දාන්න මොකක් හරි හේතුවක් හදා ගන්න උදවියනේ..

ඒකට හොඳම උදාහරණේ තමයි 'නණලළ' බේදය...

ඔක මාත් හරියටම දන්නේ නැහැ. ඒත් හැකි සෑම විටම පුළුවන් උපරිම මට්ටමෙන් රකින්න උත්සහ කරන දෙයක් තමයි. මොකද වචනයක, වාක්‍යයක නියම අර්ථය ඉස්මතු වෙන්න ඔය දේවල් ඒ කියන්නේ මෙ අක්ෂර වින්‍යාසය තව මෙ ව්‍යාකරණ ආදිය බොහෝම වැදගත් කියලා මම විශ්වාස කොරන දෙයක්.
අළුත් වචන භාෂාවට එක් වෙනවා තමයි..එහෙම නැතුව බෑනේ.. මොකද දැන් අළුතින් එන හැම එකටම අපේම කියලා වචන දාන්න යන එක ලේසි පාසු දෙයක්ය..?
නමුත් මොන වචනය ආවත් අපි දැන ගන්න ඔන ඒක නියම විදියට අපේ භාෂාවට එකතු කර ගන්න.

ඉතින් තව ටිකෙන් මම කියන්ට ආපු දේත් අමතක වෙනවා..
ඔක තමයි මට තියෙන ලොකුම ලෙඩෙ..
ඒ විතරක්ය මම දන්නවා දැන් ඔක මගේ ලියුං කියෝන හුග දෙනෙකුටත් බෝ වෙලා කියලා..
මොකද කියන්නේ බොරුද..?

ඔනනම් මෙ ලිපිය කියවලා අහවර වෙලා නැවත කියවන්නේ නැතිව කල්පනා කරලා බලමු මොන මොන මොන දේවල් ලියලා තිබුනද කියලා..මම දන්නවා කාටවත් මතක නැහැ.
මටත් මතක නැති කොට..ආයේ ඉතින් තමුන්නැහේලා ගැන කවර කතාද..?

ඉතින් මම කිය කිය හිටියේ මම පරණ කතා කියන්ට ගියාට මට ඒවා පොතේ පතේ සඳහන් විදියටම කියන්ටනං බැරුවා ඔං..හේතුව..?

ඒකත් කියන්න ඔනද..?මට මතක නැහැ..
ඒ කිවුවෙ කියවලා තියෙන පොත් පත් කන්දරාව අස්සේ තිබුණු කතා ඔක්කෝම මතක තියා ගන්ට පුළුහන් කාටද..?
ඒ හින්දා දැන් ඒ හුගාක් කථා ටැපළිලා මගේ හෙඩ් එකත් අස්පට් වෙලා තියෙන්නේ.

සමහර වෙලාවට මම කියාගෙන යන කතාවට වෙන කතාවක් බට් වෙලා..අන්තිමට කියලා තියෙන්නේ කවදාවත් කොහේවත් නොතිබුණු කතාවක්..

ඔක දන්න මගේ හොඳම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කිහිප දෙනෙක් උන්නා. ඔව් ඔව් දහම් පාසලේදී තමා.

මම ඉතින් ඉගැන්නුවෙ අට, නවය, දහය පන්තිවලටනේ..ඒ හැම පන්තියේම මගේ කතා කිවිල්ලේ කොරමෙ දන්න කට්ටිය හිටිය හින්දා..මම කතාවක් කියාගෙන ගිහින් වෙන කතාවකට ගියත් ඒ අය සද්ද නැතිව අහගෙන ඉන්නවා. ඊට පස්සේ මම අතුරු කතාව කියලා ඉවර වෙච්ච ගමන් මම අහනවා..

"ළමයි මම කොතැනද කළින් හිටියේ කියලා..?"

අන්න එතකොට මට මම කළින් කතාවෙන් මෙ කතාවට පැන්න තැන මට මතක් කරන්න පැවරුන ළමයි හැම පන්තියෙම හිටියා. අපරාදේ කියන්න බැහැ හුගාක් අය මෙ වැඩෙ නියමෙට කලා.
ඒත් ඉතින් සමහර අයට මමම මතක් කලාම තමයි මතක් වෙන්නේ.

ආ ඒක කියන කොට මට තව කතාවක් මතක් උනා..
මගේ තව ලෙඩක් තිබුනා ඉස්සර..ඉස්සර කිවුවෙ මම ගැටයා සන්දියේ..මොකක්..?ඒ කියන්නේ මම දැන් පැහිලාද...?
නැහැ..නැහැ මෙ කියන්නේ මට ඉතින් ඔය දාසයයි මාසයයි කාලේ වගේ..ඔව් ඔව් ඉතින් මගේ වැලන්ටයින් සමය..ඒ කාලේ තමා.

ඉතින් ඒ දවස්වල මම ඔය මං යාළු වෙලා හිටි ගෑණු දැරිවියන් ළගට ගියහම සමහර වෙලාවට කියන්න හිතාගෙන ගිය දේවල් අමතක වෙන වෙලාවල් තියෙනවානේ...?
සමහරු දැක්කම නං ඉතින් උන් හිටි තැනුත් අමතක වෙන වෙලාවල් හිටන් තිබුණා..හා ..හා ඒවා ඔන නැහැ මෙතනට..

ඉතින් එහෙම අමතක උන වෙලාවට මම එයාලගෙන්ම අහනවා

"මම මොකක්ද ඔයාට කියන්න ආවෙ කියලා.."ඉතින් එයාලා කියනවා

"ම්.ම්..අරකද..?"
"නැහැ අනේ..."
"එහෙනම් අරකද..?"
"නැහැ නැහැ ඒකත් නෙවෙයි.."

ඔන්න ඔය විදියට පැය ගාණක් ගියහම තමයි කියන්න ආව දේ මතක් වෙන්නේ..
සමහර වෙලාවට මතක් වෙන්නෙම නැහැ.
හැබැයි ඉතින් කාලේ ගෙවෙනවා දන්නෙත් නැහැ.

මම ඔය තියරියම පහු කාලෙක හිතාමතාම භාවිත කරන්නත් පුරුදු උනා.

ඒ කිවුවෙ හිතමුකෝ ගෑනු ළමයෙක් එක්ක කතා කරන්න මෙලෝ මාතෘකාවක් නැහැ කියලා...

ඉතින් මම එහෙම වෙලා මගේ කතා පෙට්ටිය වැහීගෙන එන වෙලාවට මෙහෙම කියනවා...

"ඒක නෙවෙයි මම ඔයාට මොනවද කියන්න හිටියේ..?"

අන්න එතකොට එයා පටන් ගන්නවා කියන්න..

"අරකද..?"
"මෙකද..?"

මට තියෙන්නේ
"නැහැ නැහැ ඒකත් නෙවෙයි.."
"ඒකත් නෙවෙයි..අනේ හොඳට මතක් කරන්නකෝ.."කියලා විතරයි.

හරිම සරල දෙයක්..

දැන් ඉතින් මෙවා ඉගෙනගෙන අපේ අනිත් කොළු සෙට් එකත් මෙ විදියට ලවු කරන්න පටන් ගනීද දන්නේ නැහැ..ඔං මම එහෙම නෑ ඕවට...

සමහරු කියයි ආදරය කරද්දී කොයිතරං දේවල් තියෙනවද කියලා කතා කරන්න.

කරපු අයම තමයි දන්නේ..?
මොකද සමහර ලවු ඉදිරියට ඇදිලා යනකොට ලවු එක නිකං ඉලවු වගේ තේරෙන කාලයක් ආවොත් ඒ කියන්නේ දෙන්නට දෙන්නා හිතපු තරං ගැලපෙන්නේ නැහැ කියලා තේරුනු කාලයක් ආවොත්..
ඒ වගේ වෙලාවට දාලා යන්නත් බැහැ..හිත රිද්දන්නත් බැහැ.
එහෙමයි කියලා වැඩෙ ඇද ගෙන යන්නත් බැහැ.

අර උණු හින්දා බොන්නත් බැරි..කිරි හින්දා විසි කරන්නත් බැරි ලෙවල් එකට ආවම..මොකද කරන්නේ..වැඩෙ නිකං ඔහේ ඇදගෙන යන්නනේ වෙන්නේ...
එහෙම උනාම විරුද්ධ පාර්ෂවයෙන් ඒක තේරුං ගන්නකල්ම අපි ඉවසන්න එපැයි.

ඉතින් එහෙම දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැහැයි කියලා දෙන්නම තේරුං ගත්තම දවසක් එනවා..

"මෙක හරියන්නේ නැහැ නේද..? අපි මෙක නවත්තලා දාමු"
කියලා දෙන්නටම කියන්න පුළුවන් දවසක..සුහදතාවය තියාගෙන වැඩෙ නවත්තන්න පුළුවන් මට්ටමකට එනවා.
අන්න ඒ වෙනකල් වැඩෙ ඇදගෙන යන්න මම ඔය කළින් කිවුව කොරමෙ භාවිතයට ගත හැකියි.

දැන් ඉතින් මෙහෙම කිවුවම සමහරු මට පට්ට යන්න බනිනවා..මම නොදන්නවැයි අපේ අයගේ තරම.

මොනවා කරන්නද..?
මම ඇවිල්ලා ඇට්ටකුණා වෙච්ච බුවා නෙව.

ඒ කියන්නේ අකලට පීදිලා..ගහටත් නැති වැලටත් නැති උන මෙලෝ හරයක් නැති එකා නෙව.

ආදරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කාලෙක අඩුවයසෙන්ම මාමාගේ දුව ඒ කියන්නේ මට වඩා ටිකක් වැඩිමල් මගේම නෑනාත් එක්ක ටැපළුනා...
අන්තිමට ගෙදර උදවියගේ රහසිගත මෙහෙයුමක් උඩ ඒ කේස් එක ඉවර උනේ කෙල්ල මටත් හොරෙන් බන්දලා දීපු එකයි...

ඒ බූට් එක කාලා මම සැපසේ කණ පැලෙන්න අඩියක් පුඩියක් දාගෙන ඉඳලා ඊට පස්සේ තව තව කීපෙක පැටළුනා කියමුකෝ... පස්සෙන් පහු හරියනවා කියලා හිතුනු සම්බන්ධතා දෙකක් මටත් ඇති උනා තමයි.

එකක් මගේ හොඳම යාළුවෙක් උන චමියගේ චූටි නංගී..
අනික මගේ හොඳම දායිකාවක් උන ....ටීචර්ගේ චූටි දුව...

පළවෙනි එක එයාගේ තාත්තාට දුකක් දෙන්න අපි දෙන්නටම බැරි හින්දා නැවතුනා.
දෙවෙනි එක එයගේ අම්මට දුකක් දෙන්න අපි දෙන්නටම බැරි නිසා නැවතුනා..

දැන්නම් ඉතින් ජීවිතෙත් නැවතුනා වගේ තමයි.

"ආ...ළමයි මම කොතනද කිය කිය හිටියේ...?"

14 comments:

  1. න ණ ල ළ භේදය ගැන කිය කියා හිටියෙ

    ReplyDelete
  2. මකරාටත් මාරයාගෙ ලෙඩේමද කොහෙද? නිධාන කතාව, බොලේ, නිධාන කතාව.

    ReplyDelete
  3. ane me pala deshapalaneta. wanchakaraya, rewatilikaaraya.

    ReplyDelete
  4. ත‍රිඳු...

    අඩෙ බං උඹ ඔය මට මක්කටෙයි බනින්නේ..?

    ReplyDelete
  5. තරිඳුට ලෙඩේ හොඳටම වැඩියි වාගෙ..

    ReplyDelete
  6. මේක දැක්කෙ දැන් නෙව.
    කියවලා මට තාමත් හිනා, කතාව පටන් ගත්තෙ කොහෙන්ද ඉවර වෙලා තියෙන්නෙ කොහෙන්ද කියලා.
    :D :DD

    ReplyDelete
  7. අද මාරය බීල තියෙන්නෙ ගහේ බඩුද කොහෙද? ඒකයි නියර උඩින් ගිහිල්ල මහපාරෙන් මතුඋනේ.

    ReplyDelete
  8. මදැයි ! නොදකින් , අදත් කනමදය වගේ බීල නේද !

    ReplyDelete
  9. වැම්පයර්...

    මටත් හිතෙන්නේ ඒ වගේ...

    ReplyDelete
  10. Ansh Lucky Sri Jay...

    ඒකනේ මම මුලින්ම කිවුවෙ..
    මට වෙන්නේ ඔහොම දේවල්ම තමයි.

    ReplyDelete
  11. Praසන්ன...

    අනේ මන්දා අපි මොනවා කළත් අන්තිමට අර අහිංසක බෝතලේ පලි.

    ReplyDelete
  12. දුමී...

    චික් විතරක්...
    මෙච්චර සද්ගුණවත් මංතුමාට කියන කතා...

    ReplyDelete
  13. ගනන් ගන්න එපා බං තුමෝ. මමත් දෙකක් දාල ඉන්න වෙලාවෙ තමයි කමෙන්ට් කලේ. මම කිව්වෙ උඹ බීල කියල නෙමෙයි, මම බීල කියල. දන්නැද්ද ඉතින් මේ දවස්වල නිවාඩුවට ලංකාවට ඇවිල්ලනෙ ඉන්නෙ . . .

    ReplyDelete