14 August 2010

මසිත ගත් මියුලැසියේ ...

පුංචි සමනළියේ..
නුඹ ඇයි ගියේ හැරදා..
මා තවම තනි වී..
නුඹ එතැයි මග බලා හිදිමී..

ඉරු උදා වූවත්..
නුඹෙ ලොවට පායා..
මට නැතේ සඳවත්..
අමාවක විය සැමදා..

ජීවිතේ සවියක්..
දුන්න සුන්දරියේ..
නැතේ මට සවියක්..
යන්න දිවි ගමනේ..

නුඹ නොමැති සිහිනේ..
දකින්නට මට සිතක් නැහැනේ..
සිහිනයද ඔබ මෙන්..
යාවී මට පිටුපා..

සුන්දර අතීතේ..
තවම මා තනිවී..
මග බලා හිදිමී..
එනතුරා නුඹ..
මටම පේවී..

සිනිදු සියුමැළියේ..
ළඳ බොළඳ සුකොමළියේ..
මසිත ගත් මියුලැසියේ ..
ජීවිතේ සුව සැදූ මිහිරෙ..

ඔබ නමින් හිඳිමී..
ඔබටම දිවිය පුදමී..
ඔඛෙ නමට කැපවී..
මගේ දිවි මග ඉවර කරමී..

25 comments:

  1. හැර ගියද කෙල්ලක්..
    ඉතිර ඇත දස දහසක්..
    සොදුරුතම හදවත්...
    තිබේ ඒ තුල දහස් ගනනක්..

    ඉගිල ගිය රන් කිරිල්ලී..
    අද දුකෙන් ඇති නොසෙල්ලී....
    නුඹ ඇගෙම එල්ලී...
    මගුලකට නටනවද ජල්ලී...

    ReplyDelete
  2. බිඳුනු පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආදා
    තනිය රජයන හුදකලා සිත
    නුඹට පෙම් බැන්දා . . . .

    මචෝ, කපුගේ මේ ගීය කියල තියෙන්නෙ උඹට වෙන්න ඇති . . . . උඹත් එක්ක මටත් වැලපෙන්න පුළුවන්නම් මමත් එන්නම් උඹට තනි රකින්න !!

    ReplyDelete
  3. කෙලෙස නාඩන්
    හැර ගිය සමනළීය වන්
    කෙනෙක් නැත තවත්
    ඇයට පමණයි ආදරේ මමත්....

    මාරයියේ ඇත්තටම බොක්කටම වැදුනා කවි පෙළ....

    බලපං බොරුනම්
    මෙන්න දෑසේ කඳුලු
    උඹට දැනෙන දුකමයි මටත්
    ආදරේ යනු දුකමද බං....

    ReplyDelete
  4. මුකුත් මතක් වෙනෑ මට..................

    "ජීවිතේ තනි මංසල අතරමන් වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න...........
    ආ....රා.....ධ....නා.....
    ආ....රා....ධ....නා......."

    ReplyDelete
  5. දුක් වේදනා....
    මවා තියා.....
    මට ආදරෙයි....
    කියූ ඔයා.....
    අද මා දමා.....
    හද පාරවා...
    කිමදෝ ගියේ.....
    වෙන්වෙලා.....

    ReplyDelete
  6. බියර් එකට මොනවද කවලං වෙලා වගෙයි...

    ReplyDelete
  7. අප හමුවීම වෙන්වීමදෝ ආදරේ....

    ReplyDelete
  8. "සුන්දර අතීතේ..
    තවම මා තනිවී..
    මග බලා හිදිමී..
    එනතුරා නුඹ..
    මටම පේවී.."

    සුපිරි..!!

    ReplyDelete
  9. පන්සලේ කතා ලියල ඉවර වෙලා හමුදාවේ කතා කියලා එකකුත් ලියමු.

    ReplyDelete
  10. සිනිදු සියුමැළියේ..
    ළඳ බොළඳ සුකොමළියේ..
    මසිත ගත් මියුලැසියේ ..
    ජීවිතේ සුව සැදූ මිහිරෙ..

    නියමයි මාරයියෙ, ආදර අත්දැකීමක් නැතිවුනත් මට ඔබේ හැගීම් තෙරෙනවා අයියේ.
    නරකද වෙන පැත්තක් බැලුවොත්

    ReplyDelete
  11. මාරම මාරයි මාරයියේ...

    ReplyDelete
  12. පුංචි සමනළයින්
    ආදරයෙන් බලා ගත්තද
    උන්ගේම තටු
    විහිදන්න පුරුදු කලද
    කෙදිනකො හෝ දවසක
    උන් යාවි
    සමනළ ලොකයට පියඹා
    අපි තවි වේවි
    තවත් සමනළයින් ලං වේවි
    ඒත්
    උන් ආයෙත් ගියොත්.........

    ReplyDelete
  13. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ...

    ඇල්ලුවත් ජල්ලී..
    මාරයා මල්ලී..
    කිසිදා නොසෙල්ලී..
    හිත නොයයි කිසි විටක හෙල්ලී..

    ReplyDelete
  14. දුමී...

    උඹ දන්නවනං මම ඔය ගීතයට දක්වන ආදරෙ...
    උඹත් අපේ හා පැටික්කී වගේ තමයි...

    ReplyDelete
  15. ෴ හසියා ෴...

    දුක මිසක් සතුටක්..
    උරුමය නොලත් අපවන්..
    ආදරය වෙනුවෙන්..
    සදාකල් විඳවනා පුගුලන්..

    ReplyDelete
  16. හා පැටික්කි (MS)...

    කෙල්ලේ..
    උඹ මගේ හිතිවිලි කියවනවා මටත් වැඩිය හොඳට...

    ReplyDelete
  17. Shadow/හේමලයා...

    සෙවණැළි පවා වැළපේ..
    නුඹ නැති දාට...
    පණවන් සොඳුරියේ ඇයි..
    හැරගියෙ ඈත..

    ReplyDelete
  18. Praසන්ன...

    කලවං වෙලා නෙවී..
    ගෙනත් තිබුණු බෝතල් තුනම පැය ගාණක් ඇතුළත පෙවිලා...

    ReplyDelete
  19. පිස්සා පලාමල්ල...

    හමුවීමත්..වෙන්වීමත්..
    උරුම අපට වෙ මැයි..
    ඒ අතරෙ බැඳි ප්‍රෙමය..
    සැමදා විස වෙ මැයි..

    ReplyDelete
  20. Ansh Lucky Sri Jay...

    සුපිරි වෙන්නේ ඇයි කියා..මා දනිමි එය ..

    ReplyDelete
  21. AmilaArt...

    වෙන පැත්තක්..?
    අපෝ මෙ බැළු පැත්තම මදෑ..ජීවිතේටම...

    ReplyDelete
  22. අනුරාධ...

    හා මලයත් ආවද මෙ පැත්තේ...
    ළගදී අර විශේෂ පුද්ගලයා සිංදු එහෙම කිවුවෙ නැතැයි..?

    ReplyDelete
  23. Pasan...

    සමනළුන් හැර යන වරක් පාසා..
    තව තව සමනළුන් කෙරෙහි වී ආසා..
    කෙරුවොතින් පෙම් මා කීවකුත් නාසා..
    දුක් රැසක් එයි එකිනෙකක් පාසා..

    ReplyDelete
  24. මල් නෙලන්න බැරි අතු අග පිපි හන්දා...........
    තරු කඩන්න බැරි එය උස වැඩි හන්දා...........
    කවි ලියන්න බැරි කවි පද නැති හන්දා............
    ඔබ ලබන්න බැරි හිත අන්සතු හන්දා...........

    ReplyDelete