04 August 2010

කිතුල් රා...ඛෙබදු කතා...

අද දවල් ලියලා දාපු පන්සලේ කථාව ලියලා ඉවර වෙන කොටම තමා මෙ කථාවත් මතක් උනේ..ඒ පාර මේකත් අදම ලියනවා කියලා හිතාගත්තට හවස් වෙනකල්ම බැරි උනා.
ඒ අතරේ අපේ දුමී සහෝදරයත් ලියාපු දෙයක් නිසා මට මෙක ලියලා දාන්නම ඔන උනා කියමුකෝ.

මෙ වැඩෙ සිද්ධ වෙන්නේ එක්දහස් නවසිය බර ගණන් වල තමා ඔං..එහෙම කිවුවට මොකෝ ආයිබෝං වැඩි කාලයක් එහෙම නෙවෙ ඉතින්..මට සිහි නිච්චි තියෙන හැටියට.දන්නවනේ ඉතින් මෙ වෙලාව වෙන කොට මාරයාගේ සිහිය ඒ තරම් හොඳ මට්ටමක නැති විත්තිය.. ඔව් ඔව් ඉතින් පස්වෙනි සිල් පදේ කැඩීමෙ සුපුරුදු ආනිසංසේ තමා..

කොහොම හරි මට මතක හැටියට 1997 වගේ තමා..

ඔන්න ඔය කාලේ මම දවසක් අපේ මහප්පාගේ පුත්තරයා..එහෙමත් නැත්තං මගේ අයියා වෙච්ච එකා.. ඔකා ගැන ලියන්න වෙනම ලිපියක් දාන්න වෙනවා. මොකද මම අද කෙළින පිස්සුවලට මූලික හේතුව මෑන්ස් තමා.

දැන්නම් මම දන්න විදියට මිනිහා නවසීලන්තේ ඉන්නවා යහතිං.. පොර මාර බුවා..බැරි දෙයක් නැහැ. ඒකගේ තාත්තා ඒ කිවුවෙ මගේ මහප්පා වගේම තමා...
මහප්පා වගේම තමා කිවුවට උන්දෑ මිය පරළව ගියේ මම ඉපදෙන්නත් අවුරුදු දෙක තුනකට කළිං නං තමා.

ඉතින් මෙකත් මං වගේම තමා..මාත් මෙකා වගේම තමා.

අපි දෙන්නටම පොදු ලක්ෂණ හුගාක් තියෙනවා.

ඒ අතරින් පළවෙනි එක තමා අපි දෙන්නම දන්න දෙයකුත් නැහැ..ඒ වගේම නොදන්න දෙයකුත් නැති වීම..

අපි දෙන්නම ඔය යන්තර සූත්තර ගලවලා බලන්න සහ ඒවා ආයේ කවදාවත් හදන්න තියා හිතන්නවත් බැරි විදියට කඩා බිඳ දාන්න නියම හපන්නු.
ඒ වගේම තමා ඔනම ගැජ මැටික්ස් එකක් ටික වෙලාවක් අතපත ගාලා ඒක කිරියා කොරන විදිය තේරුම් අරගන්න තියෙන හැකියාව..

අපි දෙන්නම යකඩ කෑලි වලට දැක්කුවෙ පුදුම ආදරයක් තමා.

කොහොම හරි මෙකා කාලයක් හමුදාවට ගියා..ඒ ගිහින් පුහුණුව එහෙම ඉවර කරලා ටික කාලයක් ගිහින් හමුදාවෙන් පැන්නා.
ඊට පස්සේ රට ගියා..ඒ ගිහිල්ලා අවුරුදු පහකට විතර පස්සේ ආවා..
මං වගේම තමා ආයේ ඉතුරු කොරාපු දෙයක් නැහැ.

ඒ එනකොට ගෙනාවා..ඔය වී.එච්.එස්.පටි තොගයකුයි ඒවා බලන්න ඩෙක් එකකුයි..
ඉතින් මගේ වැඩෙ ඉස්කෝලේ නොයා ඒවා බල බල ඉන්න එක තමා.
ටීවී, ෆිජ්, වොෂින් මැෂින්, රේඩියෝ ඇරුනම සල්ලි නම් බොහෝම ටිකයි ලොක්කා අරන් ආවෙ.

ආ තව දෙයක් ගෙනාවා..ඒ තමයි අතේ ගෙනාපු බී්‍රෆ් කේස් එක පුරෝලා සිගරට්..
මෑන්ට එකක් නිවෙන කොට එකක් සිගරට් ඔන..අපි දෙන්නාගේ වෙනසක් තිබුනානං ඔච්චර තමයි.
මිනිහා නැගිටින්නේ සිගරට් එකත් එක්ක.. මම සිගරට් බොන්නේ නැහැ..
මිනිහාට අරක්කු බීම ඒ තරම් ලේසි වැඩක් උනේ නැහැ..මම ඒකේ අනිත් පැත්ත.
ඒ ඇර අපි දෙන්නම කාබන් කොපි වගේ තමයි.
කොටින්ම මිනිහා මොකක්ද කරන්නේ මාත් ඉතින් ඒක කොරනවාම තමයි..

ඉතින් කොහොම හරි බුවා රට ඉඳන් ආපු කාලේ වෙනකොට මම මගේ පළවෙනි ප්‍රේම වෘන්තාන්තය අපේ අම්මාගේ සහ මල්ලීගේ මාර්ග බාධක නිසා ඇණගෙන හිටපු කාලේ..ඒ කියන්නේ මගේ ඇවැස්ස නෑනා පොඩ්ඩ මටත් හොරෙන් වෙන කෙනෙකුට බන්දලා දීපු හින්දා අසූ හාර දහසකට දුක් ගී ගයන කාලේ...
ඒ ඇරුනාම උසස්පෙළ කරන්න පටන් අරගෙන තිබුනු කාලේ..

කොහොම හරි මෙකා රට ඉඳලා ආවට පස්සේ මම ඉතින් මෙකගේ හේමලයා වගේ තමා.
මිනිහටත් ඉතින් මම නැතුව බැහැ. ලොකුමල්ලී කියාගත්ත ගමන්ම තමයි.

ඉතින් මෑන්ස් රට ඉඳන් ඇවිත් ටික දවසකින් ගරාජ් එකක් දාන්න ප්ලෑන් කොළා නෙව..
අතේ ඉතිරි වෙලා තිබ්බ සබ්බ සකලමනාවම විය පැහැදං කොරලා ඒකට ඔන කරන ටූල්ස් එහෙම..ඒ කිවුවෙ ඔය අඩුවෙ මිටියේ ඉඳලා වෑල්ඩින් කට්ටල ඩි්‍රල් මැෂින් හෙමත්..ගෙනාවා..

මෙ කාලේ වෙනකොට මාත් ඉතින් ලවු සොකෙන් පෙළෙනවා වගේම තමයි..ඉස්කෝලේ ගිහින් පන්ති කට් කර කර ඉඳලා මාට්ටු වෙලා ඔය පොඩි පොඩි පංතිි තහනම් කිරීම් වගේ දේවල් වලටත් ලක් වෙවී හිටි කාලය..

කොහොම හරි මෙකා දැන් ගරාජ් එක දාන්න හදන නිසා මාත් ඒකට සෙට් වෙන්න තමා ලක ලෑස්තිය..
ඒ අතරෙම ඉස්කෝලෙන් පැන යාමෙ වරදට අසුවෙලා මාසයක පංති තහනමකුත් මට තෑගි විදියට ලැබුනයි කියමුකෝ.. ඒකත් ලැබුනු වෙලාවෙ මම කොලේ ගෙදරටත් නොකියා ඉස්කෝලෙන් අස්වීමෙ සහතිකෙත් අරන් ආපු එකයි. තාත්තත් ඉතින් මගේ හැටි දන්නවනේ..මුකුත්ම කිවුවෙ නැහැ.

කොහොම හරි ඉතින් අපි දෙන්නා ඒ කිවුවෙ අයියයි මායි ගරාජ් එක දාන්න ඔන්න මෙන්න කියලා ඉද්දී මෙකා ගෑනු පරාණයක් එක්ක සෙට් වෙච්චි.. ඒ මගුල හරියන එකක් නොවෙන වග තේරුං ගත්ත මං ඒකට තදින්ම විරුද්ධ වෙච්ච එකේ අවසානය උනේ අපි දෙන්නා තරහා වීම තමයි. අන්තිමට මෙකා ඒ ගෑනු මනුස්සයම කසාද බැන්දා මම නෙවෙයි මගුලටවත් ගියේ.. ඒත් අන්තිමෙදී මෙකගේ වැරදි හින්දයි ගෑනු මනුස්සයගේ වැරදි හින්දයි අවුරුදු දෙකක් යනකොට මගුල කැඩුනා. මං මක්කොරන්නද මම කළින්ම කිවුවා නෙව.

මෙකා ඒ ගෑනිගේ නංගි අරන් පැන්නා..
ඒ ගෑනි මෙකගේ අල්ලපු ගෙදර කොල්ලෙක් එක්ක පැන්නා.

අන්තිමට ඒ අරන් ගිය නංගිත් වෙන මිනිහෙක් එක්ක පැන්නා..
අර අල්ලපු ගෙදර කොල්ලා අර ගෑනිට කනුව තිබ්බා.

අවසානය උන් දෙන්නට කාත් කවුරුවත් නැති වෙච්ච එක තමයි.

කොහොමින් කොහොමින් හරි දැන්නම් ලොක්කා නවසීලන්තයේ ඉන්නවා..මම ඔය මූණු පොතෙනුත් බුවාව දැක්කා.. ඒත් අපි දෙන්නා අදටත් කතා නැහැ.
මම තරහත් නැහැ..මම දන්නවා ඔකාත් මාත් එක්ක තරහා නැහැ.

මොනවා උනත් ඉතින් ඌ මගේ ජාතික වීරයෙක් නෙව.

ආ දැන් මම මෙ කොහේද ඇවිත් තියෙන්නේ.. ඔකනේ කිවුවෙ බොන්න හොඳ නැහැ කියලා කොහේද මං කිවුවට මෙනලා අහනවයෑ..ළමායි බොන්න එපා.
බිවුවොත් බීලා ඉන්න වෙලාවට බ්ලොග් ලියන්න එපා.

හරි මම ලියන්න ගියේ කිතුලක් ගැනනේ...

ඉතින් මෙක උනේ මායි අපේ ඔය කිවුව අයිය බුවායි ෆිට් එකේ ඉන්න කාලේ තමයි.

මිනිහාගේ අම්මා ඒ කිවුවෙ අපේ ලොකු අම්මාගේ ගම මතුගම..
දන්නවනේ ඉතින් කොහේද තියෙන්නේ කියලා. මතුගම තියෙන්නේ මතුගම හරිනේ..

ඉතින් දවසක් අපි දෙන්නා ගියා මතුගම..ඒ ගියෙත් ලොකු අම්මලාගේ මහ ගෙදර තිබුණු දානේ ගෙදරකට සහභාගී වෙන්න තමයි.
අපි දෙන්නම කොයි තරම් සමාජ සේවකයොද කිවුවොත් දානේ ගෙදරට දවස් දෙකකට විතර කළින් ගිහින් දානේ ගේත් ඉවරවෙලා සතියක් විතර එහෙ ඉඳලා තමයි ආවෙ.
මගෙ අම්මෙ එහෙ දාන දෙන්නේ පණස් නමට සියක් නමට..මම ඒ දැක්කමයි එහෙම දාන දෙනවා. අපේ පැතිවල ඉතින් හත් නමයි දහනමයි නෙව..

කොහොම හරි අපි මතුගම ගිහින් පළවෙනි දවසේ හවස තමයි මෙ වැඩෙ සෙට් උනේ..
ආ නෑ දෙවෙනි දවසේ මොකද අපි එහෙ ගියේ කළින් දවසේ මහ රෑ නෙව.

ඉතින් අපි දෙන්නත් දැන් එහාට වෙලා සැපසේ ඉන්න අතරේ කරන්න කියලා මෙලෝ දෙයක් නැහැ. වස කම්මැලියි..ගේ තියෙන්නෙත් මහා රබර් වත්තක් මැද..

කොහොම හරි හවස තුන විතර වෙනකොට අපි දෙන්නා ගේ පල්ලෙහාට වෙන්න රබර් වත්තේ ටිකක් ඇවිද ඇවිද ඉන්න කොට මෙකා ඒ කියන්නේ අපේ අයියා කාරයා කියනවා..

"ඈ බං ලොක්කෝ..මොකද කරන්නේ.."

"අනේ මන්දා බං ........අයියේ."

"ඒක නෙවෙයි මෙ පැත්තේ කිතුල් රා තියෙනවා බං යන්ද හොයාගෙන..?"

"තියෙනවනං යමන් බං..."

මෙහෙම කියලා අපි දෙන්නා වත්තේ පහළටම ගෑටුවා.
වත්ත පහළට ගියාම පොඩි අඩි පාරක් හම්බ වෙනවා..ඉතින් මෙ අඩිපාර දිගේ අපි යනවා..ඒ යන ගමන් උඩ බලන්නත් අමතක කලේ නැහැ..උඩ බලන්නෙද..?
ඇයි ඉතින් අපි මෙ ගහේ බඩු හොයාගෙන නෙව යන්නේ.. මෙහෙම ටික දුරක් යනකොට අපිට යන්තං ඈතින් කිතුල් ගස් මණ්ඩියක් පේන්න පටන් ගත්තයි කියමුකෝ...

"ඒ බං ලොක්කෝ..අර හරියෙනම් කිතුල් ගස් වගයක් පේන්න තියෙනවා..බඩු තියෙයිද දන්නේ නැහැ.."

"යමන්කෝ ගිහින්ම බලමු..."

දැන් ඉතින් අපි දෙන්නත් අර මොක්කුද වගේ උඩ බලාගෙන කෙළින්ම කිතුල තිබුනු දිහා හොයාගෙන ගියා.

වෙල් මැද්දෙන් වතු මැද්දෙන් ගිහිල්ලා ගිහිල්ලා පොට් එක හොයා ගත්තා යාන්තං...

අපි හිතුව විදියටම එතන රා මන්ඩියක් තමා..
ගහ මදින උන්දැත් ඒ අල්ල පනල්ලෙම හිටි හින්දා වැඩි කරදරයක් නැතිවම සප්පායං විල්ලත් පටන් ගත්තැයි කියමුකෝ...කොහොමින් කොහොමින් හරි අපි දෙන්නා පැයක් දෙකක් එතන ඉදලා ගහෙන් එවෙලේ බාලා දෙන බඩුවලින් බෝතල් දෙක තුනක් රතුළුණු ලූණු කැට බයිට් එක්ක තම්බපු මඤ්ඤොක්කා එහෙමත් හරි හරියට ගිලින ගමන් අහවර කොලා ඉතින්...

"හ්ම්..දැන් මදැයි..යමං ආපහු..."

"හා යමං යමං.."මාත් නැගිට්ටා...

ගණන් හිලවු ඛෙරලා දාලා අපි ආපහු එන්න හැරුනයි කියමුකෝ දැන් තමා දෙන්නටම රත් උනේ..
ටික දුරක් ගියපු පාර දිගේම ආපහු ආවට ටික දුරක් එන කොට අපි දෙන්නට තේරෙනවා පාර නිකං වැරදියි වැරදියි වගේ කියලා...
ඒ මදිවට දැන් දෙන්නටම මද පවනට වැඳිලා..පාර අහන්න මෙලෝ එකෙක් නැහැ.
යනකොට ඉතින් කිතුල් ගස් අගිස්ස බලාගෙන ගියාට ආපහු එන්නේ අහවල් එක බලාගෙනයෑ..
මොකද ගෙයි වහලේ පේනවා කියලයෑ..ඒ විතරක්නං මදෑ කළවරත් වැටිච්චි...

අරූ මට බනිනවා..මම ඌට බනිනවා...
පාරක් තොටක් නැතිව දැන් අපි දෙන්නත් හැරෙන හැරෙන අතට එනවා..
රබර් වතුයි.. හිටි හැටියේ හම්බවෙන පුරන් වෙච්ච කුඹුරුයි..ඒවිතරක්යෑ කුඹුරුවල නියරවල් පේන්නෙත් නැහැ..
මඩෙ එරි එරි..වැටි වැටි.. ඇවිල්ලා..ඇවිල්ලා..අන්තිමට වැටුනේ නැතෑ තාර පාරකට...

අපි යනකොට තාර පාරක් තිබුනේම නැහැයි කියමුකෝ..දැන් කොහෙන්ද මෙ තාර පාරක්..?

මෙහෙම යන එනමං නැතිව අපි දෙන්නත් එක්ක පාර මැද්දෑවට වෙලා හිටගෙන ඉන්නකොට යන්තං කොහේදෝ යන වෑන් එකක් ආපි..ඒකට අත දාලා යන්තං පාර ඇහැවුවා...

බොලේ අපි දෙන්නා ඇවිත් වැටිලා තියෙන්නේ මතුගම ගෙදර එන්න ආපු මහපාරටනේ..හැබැයි පුරස්නේ ගෙදරට හැරෙන තැනට වඩා හැතැම්මක් විතර එහායින් තමයි අපි උන්නේ..

කොහොම කොහොම හරි අර වෑන් කාරයටත් පින් දීලා අපි දෙන්නා අපි එන්න ඔන දිසාවට හැරුනා..වෑන් එක අනිත් පැත්තට..ඒ කියන්නේ එයාලා යන්න ආව පැත්තට ගියා.
අන්තිමට තවත් පැය තුන්කාලකට විතර පස්සේ අපි දෙන්නා තාර පාර දිගේ බඩගාලා..ගෙදරට හැරෙන පාර හොයාගෙන ගෙදර ආපි...

ගෙදර එවුන් බලං ඉන්නවා අපිට මොකද උනේ කියලා...
අන්තිමට අපි ගෙදර එන විදිය දැකලා උන්ට හොදටම හිනා...
ඇයි යකඩෝ... මඩ නාගෙන...දාඩිය පෙරාගෙන...පාර පුරා වැනි වැනි..යාළුවෝ දෙන්නා ගෙදර එනකොට කොහොමද ආතල් එක..?

ඔන්න ඉතින් එදා අපි දෙන්නට වෙච්ච සංගදියත් කිවුවා.
දැන් ඉතින් කවුරුවත් හිනා වෙනවා එහෙම නෙවෙයි..ඔං කිවුවා.

24 comments:

  1. සිග් සැග් ක්‍රමයට වෙන්ඩෑ මයෙ හිතේ ගමං කොරන්න ඈත්තේ ඩබල...:)

    ReplyDelete
  2. Shadow/හේමලයා ...

    ආයෙත් අහලා...

    ReplyDelete
  3. කාබන් කොපි දෙක පාර හැම තැනම හරියට හදල එකම පළලද බලන්නැති මයෙ හිතේ........ :x :x

    මොකට වෑන් එකක් හම්බුනාද මංද ශිහ්............

    ReplyDelete
  4. හේ හේ හේ පට්ට පට්ට..... :D

    ReplyDelete
  5. ඇවැස්ස නෑනව කරන්නත් කලින් බන්දල දුන්නද?
    අමු අඹ කෑමක්නෙ ( හිතුවක්කාරිගෙ බ්ලොග් එක බලන්නෝ දනිති )

    ReplyDelete
  6. අනේ මංද!!! ඔහොම කියනකොටනම් මේ මත්පැන් නොබොන මටත් රා පොඩ්ඩක් බීල බලන්න හිතෙනව.
    ඒත් ඉතින් මෙහේ කොහේද රා. මෙහේ තියෙන්නෙ සකේ නෙ.

    ReplyDelete
  7. මේ වගේ රසවත් අත්දැකීම් හැම කෙනාටම නෑ,ජීවිත කාලෙටම හිනා වෙවී මතක් කරන්න පුලුවන්,ඔයාගේ අත්දැකීම් වලින් අපි සේරම කට්ටියව හිනා ගස්සනවා.....

    ReplyDelete
  8. කිතුල් රා...තිත්තම තිත්තයි ඕවා.... :P
    (බඩ පලයන්.. තනියම බීවට....)

    ReplyDelete
  9. හා පැටික්කි (MS)...

    ඔං බලමු..මෙ ළමයාගේ කැමැත්තක හැටි..අපිට කෙළවෙනවා බලලා සතුටු වෙන්නමයි බලන්නේ...

    එදා ඒ වෑන් එක නාවානං තාමත් අපි දෙන්න බඩවැටි ගානේ ගාටනවා..

    ReplyDelete
  10. ෴ හසියා ෴

    නැතුව නැතුව පට්ට කියන්නේ වරා පට්ට...

    ReplyDelete
  11. Chanaka Aruna Munasinghe...

    ඒ නෑනාගේ කතාවත් පස්සෙන් පහු වෙලාවක කියලා දාන්නම්කෝ..
    මකරාට වැරදිලා..ඒක අමු අඹ කෑමක් නෙවී..
    මොකද කියනවනං මම සාමාන්‍ය පෙළ කරන කොට එයා උසස් පෙළ කරනවා..
    ඒත් ඉතින් ආදරයට ඔය එක එක ඛෙද නැහැයි කියනවනේ..මාත් ඉතින් ඔය වයස් ඛෙදේ ගණන් ගත්තේ නැතුවා...

    ReplyDelete
  12. මතක මංපෙත...

    හා හා ..
    ළමයා නරක් නොවී හිටියනං...

    [මෙ බැරිද සකේ ටිකක් ඊමෙල් කොරන්ට..නෑ..නෑ..බොන්න නෙවෙයි මෙ රහ කොහොමද කියලා බලන්ට..]

    ReplyDelete
  13. ItalyDilan...

    අපි අඩන ගමන් තව අයව හිනස්සන එකත් නියම විහිළුව නේද..?
    හපෝයි මට එපා වෙලා තියෙන්නේ...

    ReplyDelete
  14. පුතා...

    නරියත් කිවුවළු...

    [නොදකිං..නොදෝමකිං]

    ReplyDelete
  15. මාර ආතල් එක... ශා කිතුල් රා... පුතන්ඩිය කිව්වත් වගේ බඩම පල උබට හික් හික්.

    අර අපේ බුවෙක් උන්නා... ඌ මාසෙ පුරාවටම බීල බීල 30 / 31 වෙනිදට රා බොනව බෝතල් 2 - 3 ක්. බීල වමනෙ කොරනවා. ඌ කියන්නේ අර පිත අරව මේව ඔක්කොම යනව මාසෙම බීව ඒවයෙ කියල.. හික් හික්... ඌම හදා ගන්න ඒවා.

    ReplyDelete
  16. කිතුල් රා බිව්වනං විදවපං මාරයෝ කිව්වලු. අද බ්ලොග් එක ලියල තියෙන්නෙත් රා බීල දානෙ ගෙදර ගියා වගේ තමයි.
    (කතාව නම් නියමයි)

    ReplyDelete
  17. කොළඹට කිට්ටුව කතුල් රා බොන්න නියම ස්පොට් නම් තියෙනවා හැබැයි අපේ ගම් පලාතෙ නෙවෙයි ආයිබෝං.

    ReplyDelete
  18. he he mawila penawa.......... isawwa kiwwanam kohen gihin kohen mathu unada kiyala hitha ganna thibba.........


    hmmmmmmm aathal ekata kithul tikak sathiyakata dekakata sarayak mada pamanin paribojanaya karanawa aenna suraapanaya nam anumatha kala nohaka........


    Nish

    ReplyDelete
  19. බීල ඉන්න වෙලාවට බ්ලොග් ලියන්න විතරක් නෙමෙයි, බීල ඉන්න වෙලාවට බ්ලොග් කියවන්නත් හොඳ නෑ. උඹේ කිතුල ගැන ඇහුවම තෙලිජ්ජ පොඩ්ඩක් කට ගාන්නත් ආස හිතුනා. ඒත් මෙහෙ කොහෙද බන් තෙලිජ්ජ. තෙල් තිබුනට තෙලිජ්ජ නැහැ. දැන් ඉතින් හූල්ල හූල්ල හිටපන්කො,

    මොක උනත් එළ කිතුල් කතාව ! අනික අපේ ගමේ නෙව !

    ReplyDelete
  20. නියම කතාව මාරයෝ...
    :)

    ReplyDelete
  21. එහෙනම් මාරයත් කිතුල් රා බිව්වා.. අනේ මෙහෙමත් අයියා මලෝලා..

    ReplyDelete
  22. මාරයෝ... උඔ වැරදිලාවත් අපේ අර ම‍රණෙගේ කවුරුහරවත්ද? ඌත් ඔය ජාතියේ තමා.
    රා කතාවට වඩා මට අර කලින් කතාව වැදුනා බං.

    "මෙකා ඒ ගෑනිගේ නංගි අරන් පැන්නා..
    ඒ ගෑනි මෙකගේ අල්ලපු ගෙදර කොල්ලෙක් එක්ක පැන්නා.
    අන්තිමට ඒ අරන් ගිය නංගිත් වෙන මිනිහෙක් එක්ක පැන්නා..
    අර අල්ලපු ගෙදර කොල්ලා අර ගෑනිට කනුව තිබ්බා."
    පට්ටම පට්ට...

    ReplyDelete
  23. ජීවන මඟේ හැම අහු මුල්ලෙම ලැඟපු
    ඔබ රසවතෙකි කවදත් අරුමය පතපු
    බණ කිය කියා දුම්මැස්සට අත යවපු
    පණ යන රසගුලාවකි දිවියම ගෙවපු

    ReplyDelete