30 August 2010

තාමත් සිහි වෙවී නිතර..

අතීතයේ සුවඳ දිගේ..
වෙල් ඉපනැලි..කමත් උඩින්..
පාවී එන මතක මැදින්..
මම ආයෙත් ගමට ගොසින්...

හතර වටෙ තිබු කැළෑව..
දුව පැන නැටු කුඹුරු යාය..
දිය බුං ගැසු වැව් තලාව..
මතක පොතේ රැදිනි තාම..

නයි මොනරුන් කොම්බු වවුල්..
මාළුන් සහ කවුඩු රුවින්..
ගල් තලාව ඉස්මත්තේ..
නුල් පන්දු පටලවාන..
සරුංගලේ උඩ යන විට..
උඩ පැන නැටු ළපටි රෑන..

පොල් වතු මැද ඉනි සිටුවා..
දෙපිල ඛෙදී රණ්ඩු වෙවී..
රබර් බෝල පළු යන තුරු..
එළි වූ තැන රෑ වන තුරු..
බිං කරුවල වැටෙනා තුරු..
බෝල ගැසූ සිගිති රෑන..

අපට උරුම අපේ ලොවෙ..
රජ වී සිටි පෙර දවසේ..
සෙල්ලම් සහ පොත් පත් මැද..
පාසල සහ පන්සල තුල..
වැඩිහිටියන ඔවදන් මැද..
ළමා දිවිය ගෙවිණි යසට..

දෑකැති ගෙන ගොයම කපා..
මිටි බැඳ කමතට ඇදලා..
මී හරකුන් දක්කාගෙන..
අත් ට්‍රැක්ටර් පසු කරාන..
ගොයම් කයිය කාපු අයුරු..
තාමත් සිහි වෙවී නිතර..

ආයෙම මට ගම යන්නට..
නොහැකි උනත් එදා වගේ..
දුක් වන්නට ඉඩක් නැතේ..
වැව් පිට්ටනි සිඳී ඇතේ..
කුඹුකෙ ළිඳත් වැසී ඇතේ..
එදා ගමත් අද නොමැතේ..

ඔක්කෝම මට සමා වෙන්ට ඔන වෙනදා වගේ වෙන් වෙන් වශයෙන් කතා කරන්ට බැරි උනාට.
මෙ ටිකේම ඒ තරං ලියන්ට හිතක් නැහැ.
ලියන්න ඔන කියලා හිතුන වෙලාවට විනාඩි දෙක තුනකින් මොනවා හරි ලියනවා..බොහෝම වෙලාවට ඒ කවියක් තමයි..
මං දන්නේ නෑ ඒවට ඔයාලා කියන්නේ කවි කියලද කියලා.
මම කියන්නේ කවි කියලා උනාට.

ලිවුවෙ නැතිවට මම බලනවා හැමෝගෙම ලිපි.
මොකක් හරි අවුලක් තියෙනවා.
මට තේරෙන්නෙත් නැහැ.
ඇගටත් ඒ තරං සනීපයක් නැහැ.
ඒ හින්දා හිතත් ටිකක් කැලේ..
මෙ දවස් වල ඉතින් විනාඩි දෙක තුනකින් ලියන කවියක් ඇර වෙන දෙයක් නං ලියන්නම බැහැ වගේ..
තරහා වෙන්න එපාලා.

16 comments:

  1. කවිය නම් පංකාදු පහයි......අරමක්කැයි...සනීපත් නැත්නම් අසනීපත් නැත්නම්...මොකක්ද අවුල..හිතේ අප්සට් එකක් වත්ද?..

    ReplyDelete
  2. හිතේ ලෙඩේ මයෙ හිතේ

    ReplyDelete
  3. ඇත්තමට මචන් මේ අපේ අතීතය නේද..?
    ඒත් ඉතිං අපේ අනාගත පරම්පරාවට මේ වගේ කාලයක් තියෙයිද..?

    ReplyDelete
  4. දුව පැන ඇවිද ගිය ගම්මැදි ලියදි තුලින්
    තවමත් සිත දුවයි නිති ඒ සුවඳ මැදින්
    කවදත් අපි හිතන දියුනුවේ කවුලු දොරින්
    මොනවා නැතත්,ගම අකුලා ‍රැගෙන ගිහින්

    මං බාලේ පටන් ඇසු දු‍ටු වෙල් එළිය
    දැං රාලේ නැතේ අ‍ටුවෙත් වැඩ හරිය
    පිං හාලේ බතට මුන් කළ කොඩිවිනය
    ගම්මානේ නිදිය ෆැක්ටරි වැඩ මුරය

    ගම්දොරටම ඇවිත් වැඩ මුරයෙහි මනිය
    පුන්සඳ වසා නැඟ එයි හෝටලේ එළිය
    රන්කොත වසා නැගුනත් කළු දුම් ගුලිය
    පන්සල ළඟ ඉඩම දැන් හරි කල එළිය

    ReplyDelete
  5. පට්ට පද ටික....බොක්කටම වැදුනා.....
    ඇත්තටම් අයියේ මොකක්ද අවුල ?

    ReplyDelete
  6. ලියපං ලියපං කවි ලියන එක කොහොමත් හොඳ බෙහෙතක් තමයි.
    විනාඩි දෙක තුනෙන් ලිව්වට අපූරු පද පෙළ... මං නොදන්නවැයි මාරයගෙ කාව්‍යක්කාරකොම.
    වැඩේ කියන්නෙ මට මේ දවස්වල මොකුත්ම ලියාගන්න බෑනෙ.

    ReplyDelete
  7. මටත් පෙනුනා ලොක්කට මේ දවස්ටිකේම මොකක් හරි අවුලක් තිබුන බව එක එක ඒවා ලිය ලියා දානකොට.. ඇගේ පතේ අමාරුවක්නං මැජික් අරිෂ්ඨෙ ටිකක්වත් අරං බැළුවෙ නැද්ද..?? (ඔන්න මං කිවුවෙ ටිකක් කියලා හොදේ..)

    ReplyDelete
  8. විනාඩි දෙක තුනකින් ලිව්වත් ලස්සනට ලියල තියෙනවා.
    ලොක්කට මොකක් හරි හිතේ ලෙඩක් වගෙයි.

    ReplyDelete
  9. කවි පෙළ නම් ලස්සනයි.... වෙලවකට මටත් ඔය ලෙඩේ හැදෙනවා.. ගණන් ගන්න එපා.. හොදම බෙහෙත මොනා හරි කුරුටු ගාන එකම තමා

    ReplyDelete
  10. හ්ම් හ්ම්... මටත් නිකං දැනුනා මොකක් නමුත් අවුලක්. ඔවා හරියනවා බං.
    ලියන්න හිතෙන්නේ නැද්ද? මං කියන්නද හොඳ බෙහෙතක්. උඹේ බ්ලොග් එක උඹම මුල ඉඳලා කියවපං. පරණ ලිපි වලට ලැබ්ච්චි කමන්ට්ස් හොඳට කියවපං. ඊට වඩා බෙහෙතක් නෑ ආපහු ලියන්න හිතෙන්න.
    ජය...

    ReplyDelete
  11. මමත් ඉන්නේ ඔය තත්වෙන් තමා මේ දවස්වල. මොනව හරි ලියන්න එතකොට හරියයි.

    ReplyDelete
  12. ලස්සන පද ටික. ඇයි අයියේ බෙහෙත් ටිකක්වත් ගත්තානම් හොඳයි නේද?

    ReplyDelete
  13. හිතේ ලෙඩක් වෙන්ඩෑ...

    කිව්වත් වගේ කවිය නම් පංකාදු පහමාරයි බොලං...

    ReplyDelete
  14. අනේ මන්දා මටත් එහෙමයි... ඒ මදිවට පෙරේදා සහලෝලා උණ ගත්තා... ඉතින් මොකෝ කරන්නේ...? මටනම් විකල්ප නැත... උඹ නම් කවියක්වත් ලීවට....

    ReplyDelete
  15. සොදුරු අතීතය......

    හ්ම්ම්ම් මටත් එහෙමයි මහා කලකිරීමකට පස්සෙ හිත හදා ගන්න මහ වෙහෙසක් දරමින් ඉන්නෙ.
    හ්ම්ම්ම්ම්ම් ජීවිතේම කඩාගෙන වෑටුනා

    ReplyDelete
  16. @Shadow/හේමලයා ...
    @AmilaArt...
    @Jeew...
    @විහඟ ගීතය...
    @෴ හසියා ෴...
    @උන්නැහේ (පිලේ පැදුර)...
    @Buratheno...
    @Praසන්ன...
    @ayesha...
    @කුෂාන් ඇස්. වන්නිආරච්චි...
    @priyantha.ඒබී...
    @හසී ...
    @sansarasidu...
    @තිස්ස දොඩන්ගොඩ...
    @nish...

    ස්තූතියි කිවුවා ඔං හැමෝටම..

    ReplyDelete