22 August 2010

ලග්නය සොයන්නේ මෙහෙමයි...

මුලින්ම කියන්න ඔන මෙකත් අපේ මකරතුමාගේ ඉල්ලීමක් අනුව කෙරෙන වැඩක්.
ඒ කිවුවෙ මෙ ළගදී අපි දෙන්නා කතා බහ කොර කොර ඉන්න ගමන් (මාරයෙක් සහ මකරෙක් අතර කතා) අහපු පුරස්නෙකදී මම කිවුවා මෙක මම පස්සේ පෝස්ට් එකක් හැටියටම දාන්නං කියලා.

ජො වාදා කියා තෝ නිභානා පඩෙගා..කිවුවළු...

ඉතින් ඔන්න ඒ පොරොන්දුව ඉස්ට කොරන්ටයි සූජානම...

ඉතින් මම අද විස්තර කොරන්ට යන්නේ තම තමන්ටම තමන්ගේ ලග්නය හොයා ගන්න පහසු ක්‍රමයක් ගැන..පහසුයි කිවුවට ඉතින් වැඩෙ අල්ල ගන්නකං ටිකක් මඤ්ඤං වගේ තියෙන්ටත් බැරි නැහැ.

තේරුම් ගැනීම ඉතින් ගුරාගේ ඉගැන්වීමයි..
ගෝලයින්ගේ තේරුම් ගැනීමයි අතර තියෙන දක්ෂතාවයයි අනුව තමා.
හැබැයි මෙ ක්‍රමය මගින් ලග්නය හොයද්දී සුළු සුළු වෙනස්කං එන තැනුත් තියෙනවා. ඒක වෙන්නේ ඉර උදාවෙ වෙනස හරියටම නොදන්නා කම ආදී කරුණු කීපයක් නිසයි.
නමුත් අපි මූලික ක්‍රමය ඉගෙන ගම්මු.

මෙකෙදී මුලින්ම දැන ගන්න ඔන දේවල් තමා ලග්න දොළහ මතක තබා ගැනීම වැදගත් කියන දේ...

මේෂ
වෘෂභ
මිථුන
කටක
සිංහ
කන්‍යා
තුලා
වෘශ්චික
ධනු
මකර
කුම්භ
මීන

හරියටම දොළහයි නේද..? අන්න හරි.
එතකොට දවසකට පැය කීයක් තියෙනවද..?

පැය විසි හතරයි(24)..

හරි දැන් අපි කල්පනා කලොත් පැය විසි හතරකදී ලග්න දොළහක් ලබලා ගෙවිලා යනවා කියලා...ඒ වගේම සෑම ලග්නයකම පැය ගාණ සමානයි කියලා..ලග්නයක් ගෙවෙන්න කොයි තරම් කාලයක් යනවද..?

උත්තරය හරිම පහසුයි..

දවසේ පැය ගණන ඛෙදීම ලග්න ගණන

ඒ කියන්නේ..

24 ඛෙදීම 12 සමානයි 2යි.

උත්තරය පැය දෙකයි (2)

එහෙමනං දවසේ පැය විසි හතර පැය දෙක බැගින් වූ ලග්න දොළහා අතරේ සමානව ඛෙදිලා යනවා.

අපි මෙක මෙ විදියට ලියමු.

උදේ 06.00 සිට 08.00 දක්වා මේෂ
උදේ 08.00 සිට 10.00 දක්වා වෘෂභ
උදේ 10.00 සිට 12.00 දක්වා මිථුන
දහවල් 12.00 සිට 02.00 දක්වා කටක
සවස 02.00 සිට 04.00 දක්වා සිංහ
සවස 04.00 සිට 06.00 දක්වා කන්‍යා
සවස 06.00 සිට 08.00 දක්වා තුලා
රාත්‍රී 08.00 සිට 10.00 දක්වා වෘශ්චික
රාත්‍රී 10.00 සිට 12.00 දක්වා ධනු
රාත්‍රී 12.00 සිට 02.00 දක්වා මකර
උදේ 02.00 සිට 04.00 දක්වා කුම්භ
උදේ 04.00 සිට 06.00 දක්වා මීන

තේරුණා නේද...? ඔන්න ඔය විදියටයි ලග්න ටික ඛෙදෙන්නේ..

දැන් කවුරු හරි අහයි.. එතකොට හැමදාම එකම වෙලාවට එකම ලග්නයද තියෙන්නේ කියලා.
පිළිතුර තමයි නැහැ කියලා කියන එක..

එහෙමනම් කොහොමද වෙනස් වෙන්නේ...?

මෙන්න මෙහෙමයි.

දළ වශයෙන් මම ඔය උඩින් කියලා තියෙන විදියට ලග්න ටික තියෙන එක දවසක් තියෙනවා.
ආසන්න වශයෙන් ඒ දවස තමයි ඔනම අවුරුද්දක අප්‍රියල් මාසේ දහ හතර නැත්තං පාළොස් වෙනිදා.

අපි ඒ දවස අප්‍රියල් පහළොව විදියට ගනිමු..මොකද මාසේ මැද්දේ දවස මතක තියා ගන්න කාටත් පහසුයිනේ.

ඉතින් අප්‍රියල් 15 වෙනිදා මෙහෙම උනාට 16 වෙනිදාට ඔක මෙන්න මෙහෙම වෙනස් වෙනවා..

උදේ 05.56 සිට 07.56 දක්වා මේෂ
උදේ 07.56 සිට 09.56 දක්වා වෘෂභ
උදේ 09.56 සිට 11.56 දක්වා මිථුන
දහවල් 11.56 සිට 01.56 දක්වා කටක
සවස 01.56 සිට 03.56 දක්වා සිංහ
සවස 03.56 සිට 05.56 දක්වා කන්‍යා
සවස 05.56 සිට 07.56 දක්වා තුලා
රාත්‍රී 07.56 සිට 09.56 දක්වා වෘශ්චික
රාත්‍රී 09.56 සිට 11.56 දක්වා ධනු
රාත්‍රී 11.56 සිට 01.56 දක්වා මකර
උදේ 01.56 සිට 03.56 දක්වා කුම්භ
උදේ 03.56 සිට 05.56 දක්වා මීන

තේරුණාද වෙනස එක දවසක් ඇතුළත විනාඩි හතරක වෙනස් වීමක් වෙලා තියෙනවා.

ඔන්න ඔය විදියට දිනකට විනාඩි හතර බැගින් ලග්න ටික ගෙවෙන වෙලාව ඉක්මන් වෙනවා.

ඒ කියන්නේ අද 06.00 නම් හෙට 05.56ට..
අනිද්දාට 05.52 ට...

එතකොට කල්පනා කරලා බලන්න ලග්නයකට අයිති පැය දෙකක කාලයට විනාඩි කීයක් තියෙනවද කියලා...
හරියටම විනාඩි 120 යි නේද..?

එතකොට දවසකට විනාඩි හතර ගානේ ලග්නය ආපස්සට ගමන් කරනවානම් ඔය පැය දෙකකට අඩංගු විනාඩි 120 එහෙම පිටින්ම වෙනස් වෙන්න කොයි තරම් කාලයක් ගන්නවාද..?

දවසකට විනාඩි 4යි.
විනාඩි 120 ඛෙදීම විනාඩි 4
උත්තරය 30 යි.

ඒ කියන්නේ දවස් තිහක් ඇතුළතදී ලග්නය ගෙවෙන වෙලාව එහෙම පිටින්ම වෙනස් වෙනවා.
එතකොට අර මම කළින් කියපු විදියට අප්‍රියල් 15 වෙනිදා තිබුනු චක්‍රය මැයි 15 වෙනිදා වෙන කොට මෙන්න මෙහෙම වෙනස් විය යුතුයි.

උදේ 06.00 සිට 08.00 දක්වා වෘෂභ
උදේ 08.00 සිට 10.00 දක්වා මිථුන
උදේ 10.00 සිට 12.00 දක්වා කටක
දහවල් 12.00 සිට 02.00 දක්වා සිංහ
සවස 02.00 සිට 04.00 දක්වා කන්‍යා
සවස 04.00 සිට 06.00 දක්වා තුලා
සවස 06.00 සිට 08.00 දක්වා වෘශ්චික
රාත්‍රී 08.00 සිට 10.00 දක්වා ධනු
රාත්‍රී 10.00 සිට 12.00 දක්වා මකර
රාත්‍රී 12.00 සිට 02.00 දක්වා කුම්භ
උදේ 02.00 සිට 04.00 දක්වා මීන
උදේ 04.00 සිට 06.00 දක්වා මේෂ

තේරුම් ගියාද..?

හරියටම උදේ හය වෙන කොට අප්‍රියල් 15 වෙනිදා ලබාපු මේෂ ලග්නය වෙනුවට මැයි 15 වෙනිදා වෘෂභ ලග්නය ලබනවා.

ඔන්න ඔය පිළි වෙළ හොඳට මතක තියා ගත්තොත් අපිට කවුරු හරි උපන් දිනෙයි වෙලාවයි කිවුව ගමන් එයාගේ ලග්නය මොකක්ද කියලා කියන්න පුළුවන් මනෝමය වශයෙන් ගණන් කිහිපයක් හදලා..

දැන් අපි උදාහරණයක් ගනිමු.

ඔක්තෝබර් 01 වෙනිදා උදේ 06.30ට උපන් අයකුගේ ලග්නය කුමක්ද..?

පිළිතුර..

කන්‍යා

කොහොමද ඒක සෙවුවෙ..?

අපි මෙන්න මෙ විදියට ගණන් හදා ගෙන යනවා මුළින්ම...

අප්‍රියල් 15 සිට මැයි 15 දක්වා උදෑසන ලබන්නේ මේෂ
මැයි 15 සිට ජූනි 15 දක්වා උදෑසන ලබන්නේ වෘෂභ
ජූනි 15 සිට ජූලි 15 දක්වා උදෑසන ලබන්නේ මිථුන
ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා උදෑසන ලබන්නේ කටක
අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 දක්වා උදෑසන ලබන්නේ සිංහ
සැප්තැම්බර්් 15 සිට ඔක්තෝබර් 15 දක්වා උදෑසන ලබන්නේ කන්‍යා...

එතකොට සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා කොටස ඇතුලෙනේ ඔක්තෝබර් 01 වෙනිදා තියෙන්නේ.
එහෙමනම් අපි සැප්තැම්බර් 15 වෙනිදා සිට ඉදිරියට ලග්නයෙන් දිනකට විනාඩි හතර බැගින් අඩු කරගෙන යනවා.

ඒක ලේසියෙන්ම කලෑකි..මෙ විදියට

සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 01 වෙනිදාට දින 15ක් තිබේ..
එම දින 15..දිනකට විනාඩි 4න් වැඩි කර ගත්තම හරියටම පැයක් වෙනවා උත්තරය

ඒ කියන්නේ ඹක්තෝබර් 15 වෙනිදා වෙන කොට කන්‍යා ලග්නය ලබන්නේ පාන්දර 05.00 ට
තේරුණානේ..

එහෙමනං පාන්දර 05.00 හේ ඉඳලා උදේ 07.00 වෙනකල් එදාට තියෙන්නේ කන්‍යා ලග්නය..

අපේ ආදර්ශ වෙලාව උන උදෑසන 06.30 වෙන කොටත් කන්‍යා ලග්නය ගෙවිලා නැහැ.

ඒ කියන්නේ අපේ ආදර්ශ වෙලාවට උපන් අයගේ ලග්නය කන්‍යා..

මම හිතන්නේ ඔයාලට මෙක ටිකක් හරි තේරෙන්න ඇති කියලා.

හොඳයි මම ඔයාලට හදලා බලන්න වෙලාවල් දෙකක් දෙන්නම්.
හදලා කියමු බලන්න මෙ වෙලාවල් දෙකට එන ලග්න මොනවාද කියලා.

නිකං නෙවෙයි හරි උත්තර කියන අයට තෑගිත් දෙනවා ඔන්න..

01. දෙසැම්බර් 07 වෙනිදා උදෑසන 09.00ට

02. මැයි 12 වෙනිදා උදෑසන 05.47ට

හරි පටන් ගනිමු බලන්න...

77 comments:

  1. ඔන්න හැදුවා. හරි වැරදි බැලුවනං මාර ගුරුන්නාන්සෙ.

    01. දෙසැම්බර් 07 වෙනිදා උදෑසන 09.00ට => මකර
    02. මැයි 12 වෙනිදා උදෑසන 05.47ට => මේෂ

    මේ කියන විදිහට අවුරුදු දෙකක එකම වෙලාවෙ ඉපදිච්ච කෙනාට තියෙන්නෙ එකම ලග්නෙද? ඒ කිවුවෙ 1900 ජනවාරි 1 උදේ 6.00 ට ඉපදිච්ච කෙනාටයි 2000 ජනවාරි 1 උදේ 6.00 ට ඉපදිච්ච කෙනාටයි තියෙන්නෙ එකම ලග්නෙද ?

    ReplyDelete
  2. මාර ගුරුන්නාන්සෙ
    මාර ගනන් කාරයොනෙ.
    බලන් යනකොට අපෙ අත්තා අපිට වඩ ගනන් කප්පිත්තොනෙ. අපි මොවුන්ඩ
    හදලා වැර#03;ිලා අත ඇරලා දැම්මා. මාර අමරුයිනෙ.
    හැබැයි දාපු 1 ට ස්තූතියි කිව්වා. මේ වගෙ දෙයක් වත් වෙන කවුරුත් කියලා දෙන්නෙ නෑනෙ.
    නිවාඩු පාඩුවේ හදලා බලන්නම්කො.

    ReplyDelete
  3. උදේ කියවන්න ගත්තු මාරයගෙ බ්ලොග් එක දැනුයි කියවල ඉවර කොලේ...
    කියවලා හති නම් නෑ ..හරිම අපූරුයි... ගොඩක් ආසවෙන් කියෙව්වෙ....
    මගේ හිතේ තිබ්බ පාලු ගතිය දවසකට නැති උනා කිව්වනම් හරි..

    - shona

    ReplyDelete
  4. හ්ම්..මට ත් ආවේ ඒ උත්තර දෙක ම තමා...
    1.මකර
    2.මේෂ.

    මට මාර වැඩක්නෙ උනේ මාරයෝ...මම මෙච්චරකල් හිතාන හිටියෙ මම කුම්භ කියලා.....ඒ උනාට හදල බැලිඤ්ඤං එන්නෙ මිථුන කියලා... මගේ වේල පත්කඩේ කවදාවත් මම උවමනාවෙන් බලලා නෑ..අඩුමගානෙ උපන් වෙලාවවත් දැනන් හිටියෙ නෑ..දැන් නිකමට වගේ බැලුවා..ඒකෙ තියෙන අකුරු කියවන්න පරණවිතාන මහත්මයාව හොයන්නවෙනව..ඒකෙ 'ලග්නය' කොටුවෙ තියෙන්නෙ කුම්භ කියලා.හැබැයි 'නවාංශක' කියලා කොටුවක් තියෙනවා ඒකෙ තියෙන්නෙ මිථුන කියලා..
    මාර ජංජාලයයි..ඇත්තට ම මම කුම්භ ද මිථුන ද??

    ReplyDelete
  5. Chanaka Aruna Munasinghe...

    එහෙම එක පාරටම හරි වැරදි බලලා බෑනේ..එතකොට අනිත් ළමයි..?

    ප්‍රශ්නයට උත්තරෙ..
    ඔව් බොහෝ දුරට.

    ReplyDelete
  6. AmilaArt...

    ගුරු මුෂ්ටි,පිටි මුට්ටි තියාගන්නේ නැතිව දෙයක් කියා දුන්නම ඒකත් පස්සේ බලන්නම්ළු..අනේ මන්දා..?

    ReplyDelete
  7. shona ...

    කියන්න කවුද ඔබ කියා...

    ReplyDelete
  8. සම්පත් / jt...

    හ්ම්..එවමු බලන්න වෙලාව...දිනයත් එක්ක.

    ReplyDelete
  9. සම්පත් / jt...

    ලග්නය මිථුන...
    ඒකේ දෙකක් නැහැ.

    ReplyDelete
  10. කේන්දර ගැනනම් මගේ දැණුම බිංදුවයි...ඒ සටහන කියවන්නවත් මම දන්නෙ නෑ..ඒකෙ අර හතරැස් කොටුවෙ මැද තැනක කුම්භ ලග්න, තව ඒ වගේම මැද තැනක මිථුන නවාංශකය කියලා තියෙන්..අර ඒ සටහනට යටින් තියෙන විස්තරෙත් කුම්භ ලග්න කථාවක් කියනවා...

    ReplyDelete
  11. පට්ට...මගේ ලග්නේ තිතට හරි. :)
    පිං සිද්ධ වෙනවා කියලා දුන්නට. ඔය පන්සලේ කතායි, කේන්දර බලන වැඩයි අස්සේ හදහන් බලන හැටිත් ලාවට වගේ කියන්න ලිපි ටිකක් කරොත් පංකාදු පහයි.

    ReplyDelete
  12. මේ පොඩි ප්‍රශ්නයක්...
    කවුරු හරි පොරක් හරියටම ඔය වෙලාව මාරු වෙනකොටම ඉපදුනොත්... නිකන් අප්‍රියෙල් මාසෙ දවල් 12 ට වගේ...
    එතකොට මොකෝ වෙන්නෙ?

    ReplyDelete
  13. මගේ ලග්නෙත් හරියටම හරි,,ඉඳ හිටලා ඔය වගේ පාඩමක් ඉගැන්නුවොත් නම් හොඳයි,,, ස්තූතියි

    ReplyDelete
  14. අඩේ.. තෙල් ටිකට වැඩ කරනවනෙ.. එල එල.. හික් හික්..

    මකර.. මේශ තමා උත්තර ආවෙ

    ReplyDelete
  15. ඊලඟ පාඩම වහාම පටාටාටාන් ගනූ .

    ReplyDelete
  16. මගේ‍ මෙ පලවෙනි post ඒක. බෙහෝම සතුටින් ඔක්කොම ටික බැලුවා. අනර්ගයි මාරයො‍.

    පාඩමේ ඉතුරැ ටිකත් හෙමිහිට දැම්මානම්....

    ReplyDelete
  17. සම්පත් / jt...

    බලමුකෝ සහෝදරයා..ඉදිරියට මම තව ටිකක් කේන්දරෙ ගැන පැහැදිලි කරලා ලිපි ටිකක් දාන්න බලන්නම්...

    ReplyDelete
  18. අප්‍රේල් 15 ඉඳන් දෙසැම්බර් 15ට යනකොට මාස 8ක් එනව...... එතකොට පාන්දරම වුශ්චික.......

    එතකොට නොවැම්බර් 15 ඉඳන් දෙසැම්බර් 7 ට දින=22
    දවසකට වෙනස 4 නිසා මුලු වෙනස= 22*4
    = 88
    =පැය 1 විනාඩි 28

    ඒ නිසා 6.00න් ඒ ගාන අඩු කලාම =6.00-1.28
    =5.72

    60ක් ඒ කිව්වේ පැයක් ඉස්සරහට ගෙනිච්චම=4.32

    එහෙනම් ඔන්න පාන්දර 4.32-6.32=වුශ්චික
    6.32-8.32=ධනු
    8.32-9.32=මකර.......
    ඒ කිව්වේ පාන්දර 9ට මකර.....

    1) මකර
    2)මේෂ

    ඕන් මාත් හැදුවා........

    ReplyDelete
  19. Grey...

    මට උනොත් වෙන්නේ ඔය වගේ වැඩමනේ බං..
    ඒ කිවුවෙ මම මෙ බ්ලොග් එක පටන් ගත්තෙත් කේන්දර ගැන වැඩිපුර ලියන්න හිතාගෙන..
    ඒත් අන්තිමට මගේ අතින් නොකෙරුණෙත් ඒකමයි.
    කොහේද ඉතින් ලියන්න තියෙන දේ වැඩියි.
    ලියා ගන්න ඉඩ අඩුයි.

    ඒ කතා මෙ කතා අස්සේ මෙකත් ලියන්න කෝ වෙලාවක්..
    ඒත් ඉස්සරහට බලමු...

    ම්..හොඳ පැනයක්..
    ඇත්තටම මෙ ක්‍රමයට නෙවෙයි ලග්නය හොයන්නේ..ඒකට අපි ජොතිෂ්‍ය ගණිතය පාවිච්චි කරනවා. ඒකෙදී හරි තත්පරයටම යනකල් ගණන් හදනවා. අනික ඔය ලග්නවලත් හරියටම පැය දෙක නැහැ. සුළු සුළු අඩු වැඩිවීම් තියෙනවා..

    නමුත් මම මෙක්‍රමය කියා දුන්නේ සරළ සිද්ධාන්ත මතයි.
    කේන්දරයක් හදන එක ඔයිට වඩා හුගාක් සංකීර්ණ වැඩක්.

    ReplyDelete
  20. හරී...

    හරීට හරීනං ඉතිං හරී..

    ReplyDelete
  21. වැම්පයර්...

    ඒකනේ කියන්නේ අප දුන් දෙයක් වැරදී නැත...

    ReplyDelete
  22. වැප්...

    මල්ලී ඔහොම බෑ..ඔහොම බෑ...
    මතකනේ මම කිවුවා අර දේසපාලු වැඩෙ...

    උඹ හරියට මගෙන් ඉල්ලන්නේ අර ජෙප්පෝ වගේනේ...

    එහෙම නෙවෙයි..මෙන්න මෙහෙම...

    ඊ ළග පාඩම පටන් ගන්න..
    ඊ ළග පාඩම පටන් ගනු මැනවි..

    අන්න එහෙම..හිමීටට හීමීට..
    ( උපදෙස් නොමිලේ..හැබැයි කවදා හරි මාව හොඳ පඩියකට ජෙෂ්ඨ උපදේශක කොරනවා නේද උඹ..?)

    ReplyDelete
  23. Niroshan...

    හුගාක් සතුටුයි ඔඛෙ ආගමනය පිළිබඳව...
    බලමු ඉස්සරහට...

    ReplyDelete
  24. හා පැටික්කි (MS)...

    ඔන්න මම බලාපොරොත්තු උන විදියටම උත්තර දුන්නේ අපේ හා පැටික්කී විතරයි...
    නගා ගණන් කාරියෙක් වගේ නෙව...

    බොහෝම හොඳයි...මම දෙනවා ලකුණු දහයක්ම.

    ReplyDelete
  25. ගුරුවරය හොඳට පැහැදිලිව කියල දෙන කොට අපිත් ඒ විදියට පිරිසිදු උත්තර දෙන්න එපැයි........

    කීයෙන්ද 1000න් විතර දහයක්ද දන්නෑ.........

    ReplyDelete
  26. හොඳයි පිළිතුරු දුන් හැමෝම වගේ නිවැරදියි..ඒ අතරින් අපේ හා පැටික්කී හැදුව ක්‍රමයත් එක්කම කියලා තියෙනවා.

    එහෙමනං නිවැරදි පිළිතුරු සැපයූ සියළුම දෙනා තම තමන්ගේ නම ලිපිනය ලියූ මුද්දර කවරයක් තැපෑලට දාන්න..
    ඔබට හිමි තෑග්ග පසුවදාම පියුං විසින් ගෙනත් දෙනු ඇත...

    තෑග්ග ලෙස හම්බ වෙන්නේ මොනවාද කියලා කිවුවොත් තව තෑග්ගක් දෙනවා.

    ReplyDelete
  27. අපි දාපු ලියුං කවරේ අපිටම එවන්න....... හුහ්.... මරු තෑග්ග.......

    ReplyDelete
  28. වැරදුන අපිටම ලැබෙන්න.......

    ReplyDelete
  29. හා පැටික්කි (MS)...

    හරි හරි නගා වගේ හොඳ ගෝලයෙක් ලබන්න මාත් වාසනාවන්ත ගුරෙක් තමයි.
    එහෙනං දෙවෙනි තෑග්ගත් දිනුවා කියලා හිතා ගන්නකෝ...

    ReplyDelete
  30. ඒකත් ඉතින් ඔය වගේ මාර ගැටයක් වෙන්නැති........

    ReplyDelete
  31. මං කිවුවෙ, මේකෙ ඊයෙ ‍පළවෙනි තැනට ආවෙ මගේ වෙලාව හින්ද තමයි.

    ReplyDelete
  32. කියන්න මතක නැතිවුනා... වටිනා ලිපියක්.

    ReplyDelete
  33. තව එකක් තියෙනව කියන්න. අර කොම්පියුටර්වල ඉස්සර තිබුණ වෙලාව බලන ගැජට් එකෙන් මගේ ලග්නෙ විදියට පෙන්නුවෙ වෘච්චික. නමුත් මගේ කේන්දරේ තියෙන්නෙ ධනු. මේකෙ විදියට ගණන් හදපුවමත් ධනු විදිහට එනව. ඒක හරි නේද?

    ReplyDelete
  34. හ්ම්ම් දවස් දෙකකට පස්සෙ ජංජාලේ පෑත්තෙ ආවෙ. මාර මල්ලි තරඟ පවත්තලා, පංති තියලා. හොදයි හොදයි...

    සන්තොසයි එක ප්‍රශ්නයක් ඉවර කර ග්ත්තට.

    ඉතින් ජය

    ReplyDelete
  35. මරු පංතිය ඉගෙනගමු හෙමිහිට හේ....

    එල එල ..

    ජයවේවා..!

    ReplyDelete
  36. කලකදි රස කලකදි වහ වෙන නිසාවෙන්, මාරයියේ කෝකටත් සාස්ත්‍රාධීකරණයකට නගින්න ලැස්ති වෙලා හිටිනු මැනවි ....

    [කොහෙමද මේ ඉල්ලීම :D ]

    ReplyDelete
  37. හුටා ගුරා තමා ගුරා....... හොඳට බලන්න......
    ගානේ ලියද්දි පොඩි මිස් එකක් වෙච්චි තැනක් තියනව....... අර 5.72 ලිව්වේ මොකද මංද........... නිදිමතේ ගනන් හදන්න එපා කියන්නේ ඕන් ඕක නිසා.........

    තව අරක 60ක් පස්සට ගෙනිහින් අඩු කරාම කියල වෙන්න ඕන........

    ReplyDelete
  38. මුලින්ම තියෙන මකරගෙ කමෙන්ට් එක
    " මේ කියන විදිහට අවුරුදු දෙකක එකම වෙලාවෙ ඉපදිච්ච කෙනාට තියෙන්නෙ එකම ලග්නෙද? "
    මකරෝ ලගනය කෙසේ වෙතත් එක පාරක් මැරිලා අයෙත් ඉපදෙන්නෙ වෙන කෙනෙක් ඒ කියන්නෙ දෙන්නෙක් අනේ

    ReplyDelete
  39. ස්තුතියි මේ තොරතුරුවලට....

    ReplyDelete
  40. හිතවත් මාරයා වෙතටය්,

    තරහ නැත්ත0 මට මාරයගෙ පුද්ගලික ඊ-ලිපිනය දෙන්න පුලුවන්ද? මට මාරයගෙන් අහන්න දෙයක් තියෙනව.මාරයගෙ ජීවිතේ ගැන එහෙම නෙමේ,....මගෙ ම ජීවිතය ගැන.

    වැඩි විස්තරයක් දැන් නොකිව්වට ඊ-මෙල් එකකින් එවන්නම්.

    ReplyDelete
  41. මම ගැන දෙන්න තියෙන හොඳම හැඳින්වීම "එක්කො මම කරදර හොයාගෙන යන කෙනෙක්.. නැත්නම් කරදර මාව හොයාගෙන එනවා"
    මේ දවස්වල නම් ජිවිතේ නැති කරගන්න තරමට කලකිරිලා ඉන්නෙ..
    ඒ තරම් ප්‍රස්න..
    මක් කොරන්නද මාරයෝ...
    - shona

    ReplyDelete
  42. ම්ම්ම්... මම ඊයේ හිතං හිටියේ මේ අපේ මාර ගොයියත් මාරම පිස්සු තමයි කෙලින්නේ කියලා... අමම්ප දැන් බැලුවම යමක් කමක් තේරෙන.. දැන උගත් පොරක්නේ...
    සිරාවටම මං හිතං උන්නේ උඹත් අර කොටුවේ ඉස්ටේෂන් එක ඉස්සරහ වගේ කොම්පියුටරෙන් හඳහන බලනවා කියලා..
    සමාවෙන්ට ඕනා වැරදි වටහා ගැනීමට...

    ReplyDelete
  43. ඔන්න මාරයාට බිස්නස් අඩු වෙන වැඩක් වෙයි මෙහෙම ගියොත්.
    :)
    හොඳයි හොඳයි..

    ReplyDelete
  44. අයියෝ මට නම් ඔය ඉලක්කම් එක්ක සෙල්ලම් ඇති වෙල තියෙන්නෙ මාරයියෙ... ලියාපු දවසෙම බැලුවත් මුකුත් නොලිය හිටියෙ ඒ හන්දයි....

    මොනව වුනත් ඕවා හොඳ වැඩ....

    "මාර ගෝලයො" ටිකක් බිහි කරල යන්ඩ වෙන්ඩැ හදන්නෙ...

    ReplyDelete
  45. අයියෝ දුකේ බෑ මාර වැඩක්නෙ අසාධරණයි අප්පා අපි දවසක් හිටියේ නැති උනොත් මේ වගේ පාඩුමයි වෙන්නේ
    මටමයි වෙන්නේ ඉහි ඉහි

    ප:ලි: ආයි කරනවා නම් දවසක් දෙකක් කලින්වත් කියන්න හොදේ. . .
    හොද මාරයියා නෙව :D

    ReplyDelete
  46. Praසන්ன...

    ලග්නය වෘශ්චිකම තමා..
    මම කිවුවනේ ඉර උදාව සහ තව කරුණු කීපයක් හින්දා පුංචි පුංචි වෙනස්කම් වෙනවා කියලා.
    ඔබ උපන් දවසේ තවත් විනාඩි තුනකට පස්සේ තමා ධනු ලග්නය ලබලා තියෙන්නේ.
    ඊර උදාවයි, භූගෝලීය පිහිටීමයි අනුව වෙච්ච දෙයක් ඒක...

    ReplyDelete
  47. nish...

    ඒකනේ කියන්නේ හොඳ හරිය අත ඇරිලානේ...

    ReplyDelete
  48. හා පැටික්කි (MS)...

    ගුරුන්ටත් අකුරු වරදී...

    ඇත්තටම මම සම්පූර්ණ ගණන හදපු එකම බැළුවෙ නැහැ.
    ක්‍රමය පාවිච්චි කරලා හදපු බව දැක්කම සතුටු හිතුනා.

    ReplyDelete
  49. වැප්...
    ඈ...ඒ මොකක්ද..ඒ අධිකරණය...
    හැබැයි ඉතින් මගේ ගලවන්න පටිත් නැහැ, තරුත් නැහැ...

    ReplyDelete
  50. ඉලංදාරියා...

    ජයෙන් ජයම වෙවා..!

    ReplyDelete
  51. හරී...

    ඒක නේන්නම්..
    කොහොමටත් අවුරුදු දෙකක එකම වෙලාවට ඉපදෙන එකම කෙනා කවුද..?

    ReplyDelete
  52. Shadow/හේමලයා ...

    මොනවා හරි දෙයක් කියා දෙන එක පුදුම සතුටක් නෙව මට..

    ReplyDelete
  53. Ano...

    අනෙ අප්පච්චියේ ආයේ නං තව ටික දවසකට කේන්දර බලනවා තියා හිතන්නවත් බැහැ.

    ReplyDelete
  54. shona...

    අර කිවුවත් වගේ මක්කා කොරන්නද..?
    ඔනනං මෙ මං වගේ මදපමණින් වළදා සැනසෙන්න පුළුහං...

    ReplyDelete
  55. jeew...

    අපොයි ඔක මොකද...?
    අර වැරදි කරන එක මනුස්ස ගතියක් කිවුවළුනේ..
    ඔන්න මං සමාව දුන්නා..
    (දැං මං දෙයියෙක් වගේද..?)

    ReplyDelete
  56. Ansh Lucky Sri Jay...

    අපොයි නොකරනවා මිසක්..කරනවානං තව බිසිනොස් එමටයි.

    ReplyDelete
  57. sansarasidu...

    මරගනන් සපිරි මාර පිරිවරක් හදන්නයි කියලා තමයි උත්සහය...

    ReplyDelete
  58. හසී රන්...

    ඒකනේ අපායට ගියත් කළිං කිවුවළු...

    ReplyDelete
  59. හරි හරි........

    මොකද අයියා ඊයේ ගෙදර ඇවිත් නිදාගත්තද සද්දයක් වත් නැත්තේ??????

    ReplyDelete
  60. හා පැටික්කි (MS)...

    ඔවු නංගියේ..මට අද ටිකක් හරි නැහැ.
    ඒ ගමන නිදා ගත්තා...
    මොනවා වෙගන එනවද මන්දා...

    ReplyDelete
  61. ඇඟටද හිතටද හරි නැත්තේ?????
    ලියපු ලිපියත් එක්ක බැලුවම නම් මට පේන්නේ හිතට.......

    ReplyDelete
  62. මගේ එක නම් තිතට හරි. උබ නම් නියමයි මාර අයියේ... මේ වගේ දේවල් මිනිස්සු කියන්නෙ නැහ නොවැ ලේසියෙන්. පින් උබට.

    ReplyDelete
  63. හා පැටික්කි (MS)...

    හිතටයි ගතටයි දෙකටම...
    තාමත් එහෙමයි.

    ReplyDelete
  64. පිස්සා පලාමල්ල...

    එහෙම තමයි බං..අනික අපේ මිනිස්සුන්ටත් හැම දේම කියා දෙන්න ගියොත්...?අපොයි..රට වනසයි.

    පුළුවන් දෙයක් කාටවත් හානියක් නැත්තං කියා දුන්නට මොනවා වෙනවද..නේද..?
    ඉස්සරහටත් බලමුකෝ.

    ReplyDelete
  65. සෙල්ලම් කරනව එහෙම නෙමෙයි මාරයියේ......
    ඔක්කොටම කලින් තමන් ගැන හිතුවොත් තමා හොඳ......

    ReplyDelete
  66. හා පැටික්කි (MS)...

    හොඳයි මගෙ ආච්චි අම්මෙ...

    ReplyDelete
  67. මං අහන්නේ ආදරේට යමක් කිව්වම ඔහොමත් වයසට යවනවද???????:( :( :( :(

    ReplyDelete
  68. හා පැටික්කි (MS)...

    අපොයි වැරදුනා..
    සමාවෙන්ට ඔන පුංචි අම්මෙ...

    [මං දන්නවනේ නගා ගැන...]

    ReplyDelete
  69. හරිම වටින ලිපියක්.

    එක දවසකට ලග්නයට අදාල වෙලාව විනාඩි 4 කින් වෙනස් වෙන්න හේතුව දැනගන්න පුලුවන්ද? මොකක් හරි විද්‍යාත්මක හේතුවක් තියෙන්න ඕන නේද?

    ReplyDelete
  70. ලග්නයක් පැය දෙකයි..ඒ කියන්නේ විනාඩි 120යි.
    ඒ වගේම ලග්නයකට අංශක තිහක් තියෙනවා..
    දවස් 30 කදී සූර්යයා රාශියක් මාරු වෙනවා..ඒ කියන්නේ දවසකට එක අංශකය ගණනේ...

    අද හිටියේ මෙෂ රාශියේ පළමු අංශකයේ නමං හෙට ඒ වෙලාවටම සූර්යයා ඉන්නේ මෙෂ රාශියේ දෙවන අංශකයේ..
    ඒ විදියට පැය දෙකකට තියෙන විනාඩි 120 අංශක ගාන වෙච්ච 30 ඛෙදුවම එන විනාඩි හතරක ගාණ තමයි දවසක් ගානේ අඩු කරන්නේ..මෙක ටිකක් දිගට කළ යුතු පැහැදිලි කිරීමක්..මෙහෙම කිව්වට තේරෙන එකක් නැහැ.

    ReplyDelete
  71. බොහොම ස්තුතියි.

    එත් දවසකට එක අන්ශකයක් අඩු කරන්නත් හේතුවක් ඇති. මම හිතන්නේ එකට හේතුව සුර්ය දිනයක් සහ භ්‍රමණ දිනයක් අතර වෙනස වෙන්න ඕන. ඇත්තටම භ්‍රමණ දිනයකට තියෙනෙන් පැය 23 විනාඩි 56 යි (තරු වලට සාපේක්ෂව). සුර්ය දිනයට වඩා විනාඩි 4 ක් අඩු යි. ඒ කියන්නේ පෘතුවියට තරු රාශියක් එක්ක align වෙන්න ගත වෙන්නේ පැය 23 විනාඩි 56 යි.


    අද මේෂ රාශියේ පළමු අංශකය ලැබුවේ 6 ට නම් හෙට ලබන්නේ 5.56 ට. මේ පැහැදිලි කිරීම හරිද. මම නක්ෂත්‍රය ගැනනම් දන්නේ නෑ. එත් මේක ටිකක් හොයන්න හිතුනා :).

    http://en.wikipedia.org/wiki/Sidereal_time

    ReplyDelete
  72. ඔයා සෑහෙන දැනුවත් කෙනෙක්..

    ඒක මෙහෙමයි වෙන්නේ..

    ලෝකය වටා සූර්යයා ගමන් කරන කක්ෂය අංශක 360යිනේ..
    ඉතින් දවසකට සූර්යයා අංශකයක් ඉදිරියට යනවා.ඒ එක අංශකයකට විනාඩි හතර ගණනේ අපි දිනයක් පාසා අඩු කරනවා.
    එත කොට සම්පූර්ණ දවස් 360 කදී නැවතත් සූර්යයා අර කළින් හටපු තැනටම එනවා.
    අර 23ය 56 කතාව හින්දා තමා දවස් 365ක් අවුරුද්දකට තියෙන්නේ..මට මතක හැටියට

    ReplyDelete
  73. ඔව් ඇත්තට ම දවස් 365 1/4 ක දී. ඔය 1/4 කෑලි 4 ක් එකතු වෙලාලු නේ අධික අවුරුද්දක් එන්නේ.

    ඇත්තටම මේ ක්ෂේත්‍රය හරිම තාත්වික දෙයක් වගේ පෙන්නේ. මේ වගේ ලිපියක් දාපු එකට ඉතාමත් ම ස්තුතියි.

    ReplyDelete
  74. මේකෙ තියෙන විදිහට මගේ ලග්නය වැරදියෙනේ අයියා

    ReplyDelete
  75. බැලුවම යකඩෝ මේ ලග්න කෙන්ගෙඩියත් මරු නෙ .. හැබැයි කවි ලියනවට වැඩිය න ම්
    අමාරුයි ............

    ReplyDelete
  76. වැඩේ හරි............අපේ ගමෙත් දැන් දෛවඥයෙක් ඉන්නවා.......

    ReplyDelete