12 August 2010

පන්සලේ ජීවිතේ...වෙනස...

කාලය සෙමෙන් සෙමෙන් ගලා යන්නට විය...

මා දහම් පාසලේ වැඩ කටයුතු සඳහා විශේෂ උනන්දුවෙන් කටයුතු කල අතර ඒ සඳහා චන්ද විමල හිමියන් අතින් විය යුතු සියළුම කටයුතු මා අතින් වීම නිසා සියළුම දේ ගැටළුවකින් තොරව කෙරීගෙන යන්නට විය.

දහම් පාසල් ඉගැන්වීමෙ කටයුතු සඳහා දැනුම වැඩි කර ගැනීම පිණිස මා විසින් කුඩාම පන්තියේ සිට දහම් පාසල් අවසානය හා ධර්මාචාර්ය පන්ති සඳහාද වූ සියළුම පෙළ පොත් කියවන්නට හා ඒ පිළිබඳව විමසා බලන්ට වීමි.

එය මගේ ජීවිතය වෙනස් කරලීමට වැදගත් හේතුවක් විය...

එයින් නොනැවතුන මා පන්සලේ අස්සක් මුල්ලක් නෑර අවුස්සා සොයාගත් ඉතිරිව තිබූ දහම් පොත පතද මහත් වූ අභිරුචියකින් කියවා තේරුම් ගැනීමට උත්සහ කලෙමු.

පොත්වල වූ දෙය දැයි කිව නොහැකි වූවද මා හට මගේ ජීවිතය පිළිබඳව නම් තේරුම් යන්නට පටන් ගෙන තිබුණි.

සවස් කාලය තුල බුදු මැදුරට වී භාවනා කිරීමට උත්සහ කලෙමි.
ආරම්භයේදී පසුපසින සුළු වූවද ක්‍රමක්‍රමයෙන් භාවනා කිරීම පහසුවන්නට විය..ශාරිරික වෙදනාවන් සහ සිත ඒ මෙ අත දුවන ස්වභාවය අඩුවන්නටත්... කය පිළිබඳවත් සිත පිළිබඳවත් අවධානය රඳවා ගනිමින් ඉදින්නට හුරු වූ පසු දිනකට පැය කීපයක් වූවද නිසොල්මනේ භාවනා කිරීම මහත් වූ සහනයක් ගෙන දුන් කටයුත්තක් බවට පත් වූයේ මා නොදැනුවත්වමය...

මා පන්සලට ආ අවධියත්..මා පැවිදි වූ දා සිට ගෙවූ අවධියත් නොව මගේ ජීවිතයේ බොහෝ වටිනාකම් වැඩි වූ කාලය ලෙස මා අදටත් සිතන්නේ මෙම අවදියයි.
මනසේ සැහැල්ලූවත්, දිවි පැවැත්මෙහි සරල භාවයත්..වගකීම් හා බැඳීම් වලින් තොර නිදහස් ජීවිතයත් මහා සැනසීමක් විය...

යළි කවදාක හෝ එම සැහැල්ලූව මා හට ලැබේදැයි මා නොදනිමි.
පන්සල් සාදන්නට.. මිනිසුන් හදන්නට..ගොස් මා මාවම නැති කරගත් බව මට අද සිතේ...

බණ දහම් කොතෙක් දැන ගත්තත් ඒවා අනුව ජීවත් වීමට හිත හදා ගැනීම පහසු නැත...
බණ කියන්නට ලේසිය..නමුදු අනුගමනය කරන්නට යාම ඉතා දුෂ්කර කටයුත්තකි.
කෙනෙකුට දැන් වූවත් කියන්නට පුළුවන් දේ නම්..

ඇයි ඉතින් කල්පනා කර කර ඉන්නේ දැන් උනත් බැරියෑ..යන්නයි...

නමුදු කියනා තරම් කරනා විට පහසු නැත..එසේ පහසු නම් මා නොකර සිටින්නේද නැත...

රෙරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ දස පාරමිතා පිළිබඳව ලියවුනු පොතේ නෙක්ඛම්ම පාරමිතාවට අදාළ කොටස කියවන්නට ඔබට මෙ වන විට ලැබී ඇද්දැයි මා නොදනිමි..හැකිනම් සොයාගෙන කියවන මෙන්ද ඉල්ලා සිටිමි.
අත හැරීම කොතරම් අපහසුදැයි මා දනිමි.

වරක් හෝ කිහිපවරක් මා අතහැර ඇත්තෙමි.

ඒ අතහැරි දේ කිසිවක් මා නැවත ලබා නොගත්තෙමි.
නමුදු එකක් අත හරින විට වෙන දෙයක් අල්ලා ගතිමි. ඒ දේ අත හරින විට නැවත වෙනත් දෙයක් අසුවෙ...

අදටත් මා අල්වාගෙන සිටිමි... එය කවදා අත හැරේදැයි නිෂ්චිතවම කිව නොහැක....

නමුදු එය අත හැරීමට මා හට නොහැකි වෙතැයි මා නොසිතමි...
සසර පුරුද්ද බලවත්ය...
එම පුරුද්ද මා තදින් බැඳ දමා ඇත.
ගැටය ලිහාලිය යුතුය..
නමුත් පහසු නැත..

සටන ඇත්තේ මා සමගමය..
මගේ සිත සමගමය...
එය දිනන්නට හෝ පරදින්නට හැක්කේ මටමය..
පරදින අවස්ථා බොහෝය..
එක් වරක් පැරදුනද නැවත නැවතත් උත්සහ කල හැකි වීම වාසනාවකි.
කීවරක් පැරදුනද දිනිය යුත්තේ එක් වරක් පමණි.
එම දිනුම ස්ථීරය.

දහම් පාසල ඇසුරු කර ගත් කිහිප දෙනෙක් පන්සලේ දියුණුව පිළිබඳව උනන්දු වූවද නිසි නායකත්වයක් නොමැතිව එය කළ නොහැකි බව මා හට පැහැදිලි වෙමින් තිබුණි. නමුත් එයට නායකත්වය දීමට මා සිතා නොසිටියෙමි.

එම වසරේ අප්‍රියල් මාසය මා හට සුවිශේෂී වූයේ මෙවන් පසුබිමක් තුළය...
ඒ වර්ෂ 2003 අප්‍රියල් මාසය විය...
.....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

39 comments:

  1. "බණ දහම් කොතෙක් දැන ගත්තත් ඒවා අනුව ජීවත් වීමට හිත හදා ගැනීම පහසු නැත.බණ කියන්නට ලේසිය..නමුදු අනුගමනය කරන්නට යාම ඉතා දුෂ්කර කටයුත්තකි"....ඒකනම් සහතික ඇත්ත....:(..

    ReplyDelete
  2. මචෝ ඔය "මාරයා" කියලා බුදු බනේ තියෙන්නේ "විතර්කය" කියලා ඔය පොතක තීබුනා භාවනා මධ්‍යස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් ... මේ කථාව ගැන මොකද හිතෙන්නේ... මට හිතෙනවා පිලිගන්ට පුලුහං කියලා...

    ReplyDelete
  3. Shadow/හේමලයා...

    ආයේ ඉතින් මෙ මාරයා සහතික බොරු කියන එකක්යෑ...

    ReplyDelete
  4. තිස්ස දොඩන්ගොඩ...

    මම අරෙහෙ මූණු පොතේ මෙකාව පට්ට ගහනවා..ඒ අස්සේ මෙකා මෙහෙ අහ ඇවිත්...

    මාරයා සහ විතර්කය අතර සම්බන්ධයක් තියෙනවාද කියලා එක පාරට කියන්න බැහැ.
    පිටතින් බලපුවාම නම් විතර්කය ගොඩනැගෙන ආකාරයත් මාරයාගේ බලපෑමත් එක ආකාරයි තමා..
    සමහරු ඔය මාර සේනාව බුදු රදුන් හමුවට පැමිණී අවස්ථාවත්..විතර්කයට සමාන කරන්න හදන අවස්ථා මම දැකලා තියෙනවා.
    ඒත් මට ඒ ගැන කියන්න බැහැ අයියේ..
    හැබැයි මගේ සිතුවිල්ලනං ඔය දෙක දෙකක්.

    මොකද ත්‍රිපිටකයේ මම කියවලා තියෙන කොටස්වල මාරයා ගැන ලියවිලා තියෙන දේවල් අනුව අපිට හිතන්න වෙනවා මාර සංකල්පය විතර්කයට එහා ගිය දෙයක් කියලා.
    එහෙම නැත්තං ඒ කියලා තියෙන දේවල් බොරු වෙන්නත් පුළුවන්...

    අනේ මන්දා දැන් ඔවා ගැඹුරට හිතන්න සුදුසු වෙලාව නෙවෙයි කියලා අයියා දන්නවනේ...

    ReplyDelete
  5. මාරයා නිවන් දකීවා !!!

    ReplyDelete
  6. Chanaka Aruna Munasinghe...

    ඔව් එතකොට බොලාට බැරියෑ සදාකාලිකව ජීවත් වෙන්න..
    අනේ අම්මපා මෙහෙමත් කපටි මකරෙක්...

    ReplyDelete
  7. මාරයෝ උබේ වෙලාවෙන් ටිකක් මට දෙන්න බැරිද දවස ගානේ...ලාවටවගේ දවසට පැය දෙකකවත්..

    දන්න කෙනෙක් කියනවද "විතර්කය" කියන්නේ මොකක්ද කියලා...(අවුරුදු බර ගානක් දහම් පාසල් ගියාට ඕක අහල නෑනේ)

    ReplyDelete
  8. Grey...

    එහෙම වෙලාව හොයාගන්නනම් උඹටත් පුතේ මං වගේ සිකුරුටි ජොබක් හොයා ගන්න වෙයි.
    මොකද දවසක් වැඩ කොරලා දවසක් ගෙදර ඉන්න මට ඇහැක් වෙලා තියෙන්නේ ඒක හින්දා නෙව...

    විතර්කය..එහෙමත් නැත්තං විතක්ක කියලා අපි හදුන්වන දේ පිලිබඳව ඉස්සරහට මම වෙනම ලිපියක් ලියන්නම්...
    බණ ලියද්දී හොඳ සිහියෙන් ඉන්ටය කියලා මට අද කවුරු හරි කිවුවා වගේ මතකයි. ආයේ මොටද ඇදගෙන නාන්නේ..

    ReplyDelete
  9. ආන් හොඳා මිලින්ද ප්‍රස්නය වාගේ අපට දහම් ගැට Reliable Source එකකින් විසඳා ගන්න පුලුහං... නැහ්නං ඔය ආගමට දහමට විනේ කටින්නම බලං ඉන්න ගොයියෝ ලියන එව්වා කියෙව්වහම දන්න ඇබිත්තත් මඤ්ඤං වෙනවා... මේකා සිහියෙන් ඉන්න වෙලාවක් අල්ල ගන්න එක තමා ඊලඟ බාධකේ...

    ReplyDelete
  10. තිස්ස අයියා කියල තියෙන දේ සම්බන්ධව තව දෙයක් කියන්නම්... Little Buddha කියන චිත්‍රපටිය බලල තියෙනවනම් ඒකෙ සිද්ධාර්ථ තවුසා බුද්ධත්වයට පත් වෙන මොහොත ගැන තියෙන විධිය මතක් කරන්න කැමතියි. ඒකෙදි අර මාර යුද්ධයට පස්සෙ තනිවම මාරයා විධියට පේන්න එන්නෙ සිද්ධාර්ථගේම පිලිබිඹුවක්. හරියට කණ්නාඩියකින් පේනව වගේ. ඒ පිළිබිඹුවත් එක්කයි සිද්ධාර්ථ බුද්ධත්වයට කලින් අවසන් දෙබස් කීපය කියන්නේ. මේකෙන් කියවෙන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. අවසානයේ විසඳාගත යුතු සියල්ල තියෙන්නෙ තමා තුලම මිස වෙන තැනක නොවෙයි. මේක සාම්ප්‍රදායික බුද්ධාගමට අනුව මහා මෝඩ කතාවක් වෙන්න පුළුවන්. ඒත් සම්ප්‍රදාය නිසාම පිලි නොගෙන හිතන කට්ටියට සෑහෙන්න වැදගත් වෙයි.

    ReplyDelete
  11. අනේ බොල මාරයියේ,
    බණ කියන්නෙ ජරා ජාතියක් බී ගෙන වගේ...

    ReplyDelete
  12. AmilaArt...

    මල්ලී...

    සුරාවෙහි අගයත්..
    එහි ඇති මනා ගුණයත්..හික්..
    බොන සුදනෝ මිසක්..
    නොබොන අනුවන දනෝ නොම දත්..

    හරිය...

    ReplyDelete
  13. තිස්ස දොඩන්ගොඩ...

    අඩෙයි...උඹ ඔය අර පොටෝ කෑල්ලේ වාඩුව නෙවද මයෙන් ගන්ට හදන්නේ...

    ReplyDelete
  14. Little Buddha චිත්‍රපටියෙ @ h ඔය කියන දර්ශන මෙන්න මේතන තියෙනවා.

    http://www.youtube.com/watch?v=jeJsQCbr96E

    හැබැයි දෙබස්නම් නෑ. ඒ වෙනුවට සින්දුවක් දාලා

    ReplyDelete
  15. h...

    විසඳාගත යුතු සියල්ලම තමා තුලම තියෙන විත්තිය ඇත්ත...

    ඒ වගේම හිතන්ට එපා සිස්ටම් එක වෙනස් කරන්න හදනකොට ඒක නවත්තන්ට සූදානම් උන සිස්ටම් එකෙන් යැපෙන අයත් ඉන්නවා කියලා.

    ReplyDelete
  16. Chanaka Aruna Munasinghe...

    ඔන්න ඔකනේ...අලියා නොමිලේ හෙණ්ඩුව මිලට...

    ReplyDelete
  17. හ්ම්...පන්සල් කථා ටික නැගලම යනවා වගේ...නියමයි...දිගටම ලියමු...
    බණ කථා ලියද්දි හොඳ සිහියෙන් ඉඳන් ලියුවොත් හොඳා කියලා පරණ පෝස්ට් එකකට අද උදේ කමෙන්ටුවක් දැම්මේ මම..ඇත්තට ම මාරයියට බැරිද ඔය අඩිය දාන එක ටිකක් අඩුකරන්න...අපේ තාත්තත් දැන් අවුරුදු 28 තිස්සෙ බොනවා..දන්න කියන කාලෙ ඉඳන් කියන්නෙ "බලපන් මම හෙට ඉඳන් මේ දහ ජරාව බොනවද කියලා..". එත් හැමදාම හැන්දෑවට බෙල්ල සාක්කුවේ. ඔව් අල්ලගනිපු දෙයක් ලෙහෙසියෙන් අත්හරින්න බෑ...ඒකට හිත දමනයකරගන්න එපැයි..අමාරුම දේත් ඒකම නේ..බඩු නැතිවුනා ම වෙව්ලන ගානට තවම ඇවිත් නෑ නේ?? ඇබ්බැහියාවක් එක සැරේට නවත්වන්න අමාරුයි තමා.. පරණ පෝස්ට් එකක තිබුණා මතකයි මාස ගණන් නොබී හිටියා කියලා...ඉතින් නරකද ආයිත් ටිකක් ට්‍රයි කරොත්?? මං මේ පඬි ටෝක් දෙනව එහෙම නෙවි.. හිතපං මාරයියෙ මම උබේ මල්ලි කෙනෙක් කියලා..
    ජයවේවා!!!

    ReplyDelete
  18. හපොයි...! බලපං මාරයා අර සම්පත් මල්ලීගේ කථාව... මටනම් කඳුලු එන්න ආවා... මායි උඹයි මේ කථාව නවත්තලා ගොඩක් කල්... අන්තිමට උඹට බෝතලයක් ගෙනැත් දෙන තරමටම මාව එතනින් අහක් වුනා... කවුරු මොනවා කිව්වත් නොකිව්වත් ආයේ ඒ දේ මං කරන්නෙත් නෑ...
    පුලුවන්නම් ඒ මල්ලියා කියපු දේ ගැන කල්පනා කරලා බලහං මාරයෝ...
    උඹට හිතවත් කමක් තියන හැමෝම එහෙම ප්‍රාර්ථනා කරනවා ඇති... ආයේ මේ සම්බන්ධ කථාව සදහටම නොකරමි....

    ReplyDelete
  19. මට නම් කියන්න තියෙන්නේ සරලව ජීවිතය විඳීම, බැඳීම්, අතහැරීම් වගේ දේවල් ගැන කියන මේ කතාමාලාව මගේ ප්‍රියතම කතාමාලාව බවත් මම මේ කතා තුලින් ජීවිතය ඉගෙන ගෙන විඳිමින් ඉන්නා බවත්ය . . ..

    ReplyDelete
  20. sampathjt...

    අනේ මලයා මට බොන එක නවත්තන එක ප්‍රශ්නයක් නෙවී..ඒත් නිදා ගන්න එක ප්‍රශ්නයක්..
    එක අතකින් මගේ හිත වද දෙනවා..
    අනිත් එක තමයි මගේ රැකියාව...

    මොකද මම දවසක් ඇර දවසක් සිකුරුටි ජොබ කරන එකානේ...
    ඉතින් වැඩ කරන දවසට නිදි කිර කිර ඉඳලා ගෙදර ආව දවසටත් නින්ද යනවා හොරයි..ඉතින් ඒ අවුලයි හිතේ අවුලයි දෙකම එකට ආවම...නින්ද නෙවෙයි සදාකාලික නින්දටම තමයි කැමැත්ත..ඒක නිසා මෙහෙම දෙකක් දාගත්තම අනන් මනන් නැහැ...ලොක්කා දොයි.

    ReplyDelete
  21. තිස්ස දොඩන්ගොඩ...

    ගණන් ගන්න එපා අයියේ..නැහැදිච්ච එකා එහෙමමයි..

    ReplyDelete
  22. දුකා...

    ඔය පාඩම අපි මැරෙනකල් ඉගෙන ගත්තත් ඉවර වෙන්නේ නෑ දුකා අයියේ...

    ReplyDelete
  23. "ඔව් එතකොට බොලාට බැරියෑ සදාකාලිකව ජීවත් වෙන්න..
    අනේ අම්මපා මෙහෙමත් කපටි මකරෙක්..."

    එක මාරයෙක් නිවන් දැක්කට තව මාරයො 4ක්ම ඉතුරුයිනෙ. ඒ අය වැඩ බලයි අලුත් මාරයෙක් පත් වෙනකම්

    "අනේ මලයා මට බොන එක නවත්තන එක ප්‍රශ්නයක් නෙවී..ඒත් නිදා ගන්න එක ප්‍රශ්නයක්..
    එක අතකින් මගේ හිත වද දෙනවා.."

    මාරයෝ ඕකටනම් වෙන බෙහෙත් තියෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. මොකද මමත් පාවිච්චි කරනවා. නරකද දොස්තර මහත්තයෙක් හම්බ වුණොත්

    ReplyDelete
  24. Chanaka Aruna Munasinghe...

    බෑ..බෑ..මට බෑ..අපොයි මගේ මාර ලෝකය..මට දාලා යන්න බෑ...
    පලයල්ලා යන්න..මට මගේ පාඩුවෙ ඉන්න දීලා..
    අපොයි මගේ තණ්හාවෙ තරම...

    මාත් හිතලා තියෙන්නේ මකර උන්නැහේ හොඳ දොස්තර මහත්තයෙක්ව හම්බ උනානම් හරි තමා නේද..?

    ReplyDelete
  25. හිත හිතා ඉඳල කල් දාන්න එපා. ඔය ලෙඩේ අඩු වැඩි වශයෙන් හැම 7 දෙනාගෙන්ම එක්කෙනෙකුට තියෙන දෙයක්ලු. ඇල්කොහොල් වලින් වෙන්නෙ ඕක තවත් නරක පැත්තට යන එක. හිත හිත ඉන්නෙ නැතුව ඊලඟ නිවාඩු දවසෙම ගියානම් දොස්තර අංකල් කෙනෙක්ව හම්බ වෙන්න.

    අප්පමාදෝ අමතපදං

    ReplyDelete
  26. Chanaka Aruna Munasinghe...

    මකරෙක් බණ කියයි...

    [ස්තූතියි මම ඒකත් කරලා බලන්නංකෝ...]

    ReplyDelete
  27. ඔය ලෙඩේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙනම් පෞද්ගලිකව අමතන්න

    chanakam2000@gmail.com

    ReplyDelete
  28. Chanaka Aruna Munasinghe...

    ඈ ඒ ගමන චැනල් කොරන මකරෙක්...

    ReplyDelete
  29. Chanaka Aruna Munasinghe...

    මෙ ඒ ලෙඩෙ නෙවෙයි..මට නිතරම දන් මිටිකැවෙන්නේ මොකද..කියලා කියන්න බැරිද..? නිතරම වගේ මෙක වෙනවා..කල්පනාවෙන් ඉන්නකොට නැහැ.ඒත් වෙන කල්පනාවකට ගිය ගමන් දත් මිටි කනවා.

    ReplyDelete
  30. මාරයා බණ කියන එකේ මකරු බණ කිවුවම මොකෝ වෙන්නෙ.

    දත්මිටි කැවෙනවා කියලා අදහස් කරන්නෙ තරහ යනවා කියන එක නෙවෙයි නේද? දත්මිටි කැවෙනවා කියලා අදහස් කරන්නෙ තමන්ගේ පාලනයක් නැතුව නොදැනීම යටි හනුව උඩට තෙරපෙන්න පටන් ගන්න එකද? යටි හණුව විතරක් නෙවෙයි සමහර වෙලාවට බෙල්ල, අත් එහෙමත් තමන්ගෙ පාලනයක් නැතුව ගමන් කරනවා වගේ දැනෙනවද?

    ඒක එහෙම වෙනවනම් ගොයියෝ ඉක්මනට දොස්තරෙක් හම්බ වෙන්න පල. ඒකත් ඔය ලෙඩේ එක ලක්ෂණයක්. මටත් එහෙම වුණා

    ReplyDelete
  31. Chanaka Aruna Munasinghe...

    ඔව් දන්නෙම නැතිව යටි හනුව උඩට තෙරපෙනවා..වෙන කිසිම අවුලක් නම් දැනට නැහැ.

    අර විනෝද සමය එකේ දවසක් මර්සි දොස්තර ගාවට ඇවිත් ඇගිල්ලක ලෙඩක් කියලා අන්තිමට අහනවා...

    අනේ ඩොක්ට මම බය වෙන්න ඔනද..?කියලා..
    අන්තිමට බැරිම තැන ඩොකාට ඉන්නඇනස්ලි කියනවා..මෙ මොන කරදරයක්ද..හා හා ඔනනම් ටිකක් බය වෙනවා කියලා...

    ඈ මකරතුමෝ..මම බය වෙන්ට ඔනද..?

    ReplyDelete
  32. නෑ දැන්ම බය වෙන්න දෙයක් නෑ. දැනට ඕක මාරාන්තික නෑ.

    ReplyDelete
  33. Chanaka Aruna Munasinghe...

    බුදු පොච්චියේ මා නැතෝ...

    ReplyDelete
  34. මාර මල්ලි මම නම් උම්බට ඔය බොන එක නවත්තන්න කියන්නෙ නෑ. ඒත් ඔක අඩු කරහන් බන්. නින්ද යන්නෙ නෑත්නම් නගිටල හිතහන්, පොතක් කියවපන්, සින්දු අහපන්, නෙත්නම් ෆිල්ම් බලපන්. බීල හරියනවද බන්. බොරු නෙ ඔය තනිකරම හිත රවට්ට ගන්න එකනෙ. බීපන් යලුවොත් එක්ක ආතල් එකට...... මද පමනට හිනා වෙලා බයිලා ටිකක් ගහල ඒ වෙලව විදින්න පුලුවන් ගානට.

    තනියම බොන එකේ තියන එක ආතල් එක අනෙ මන්දා.

    අනික මම ඔය බොන එක නවත්තන්න බෙ කියන එක කොහොමටවත් පිලිගන්නෙ නෙ. මොකද මම ඒ දේ කරපු නිසා.

    ReplyDelete
  35. මාරය දැන් පන්සලේ වෙනම ට්‍රැක් එහෙකට මාරුවෙන්න වගේ හදන්නෙ.
    "බණ කියන්නට ලේසිය..නමුදු අනුගමනය කරන්නට යාම ඉතා දුෂ්කර කටයුත්තකි." ඒකනං පේනව හොදට අපේ සමහර හාමුදුරුවරු දිහා බැලුවම.
    ඔය අන්තිම කොමෙන්ට් ටිකේ මොකද බෝතලයක් අල්ලගෙන ඉන්නෙ.

    ReplyDelete
  36. "බණ දහම් කොතෙක් දැන ගත්තත් ඒවා අනුව ජීවත් වීමට හිත හදා ගැනීම පහසු නැත.බණ කියන්නට ලේසිය..නමුදු අනුගමනය කරන්නට යාම ඉතා දුෂ්කර කටයුත්තකි".."

    මේකට සමාන දෙයක් නේන්නම් මමත් කියන්නේ හැම තිස්සෙම.
    :D :D

    ReplyDelete
  37. nish...

    තනිවම බොන එකේ ආතල් එක ගැන නම් මම කියන්න දන්නේ නැහැ. ඒත් මගෙන් කාටවත්ම කරදරයක් නැත්නම් එච්චරයි.

    ReplyDelete
  38. Praසන්ன...

    ඒක නෙවෙන්නම්.. පේනවානේ කට්ටිය කොයි තරම් උනන්දුද කියලා..?
    (දැන් ඉතින් ආයේ සැරයක් බැනුම් ඇහැවුවහැකි..)

    ReplyDelete
  39. Ansh Lucky Sri Jay...

    අනේ බං කෙල්ලේ උඹ කපටිම නැහැනේ..

    ReplyDelete