14 August 2010

හිතට දැනුන ගීතයක් සමග ජීවත් වීම...

උදේ ගෙදර ආවාට පස්සේ වෙනදා වගේම වැඩ ටික ඉක්මනට කරලා දාලා කළින් දවසක ලියලා තිබුණු පන්සල් ජීවිතේ ගැන ලිපිය පෝස්ට් කරලා දාලා අපේ අනෙකුත් සහෘදයින්ගේ ලිපි කියවමින් යන අතරේ තමයි අපේ චේජනා සොයුරිය දාලා තිබුණු මනරම් ගීතයක් හමු උනේ...

පළමු පද පෙල කියවනකොටම හිතත් එක්ක හිරිවැටිලා ගියා කිවුවොත් මම හරි.

ඒ ගමන එක පාරක් අහලා බැළුවා..ම්හූ මදි..හිතට මදි.. ආයෙත් අහලා බැළුවා..හරියන්නේ නෑ තවත් මදි වගේ..
ඒ ගමන බාන්න දැම්මා..

සාමාන්‍යයෙන් මම ගීත බාන්න දානවා අඩුයි..ඒ ඉතින් වෙන එකක් හින්දා නෙවෙයි මගේ තියෙන සම්බන්ධතාවය සීමිත වීම නිසාමයි.

කොහොමින් කොහොම හරි ගීතය බා ගත්තා..එතැන ඉඳන් තමයි වැඩෙ පටන් ගත්තේ...

අද දවසම ඒ ගීතයත් එක්ක තමයි ගත කලේ...
මගේ ලිපියට ආපු ප්‍රතිවාරවලට උත්තර ලියන ගමන්ම දවසම ගීතයත් එක්ක දිවි ගෙවන එක හරිම අපූරු දෙයක්.

කොහොමටත් මට හරි හමන් ගීතයක් හම්බ උනාම මට ඒක අහන්න ඔන නැවත නැවතත්...

ගීතයේ පද වැල තරම්ම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ කඩහඩත් ප්‍රභලයි..
සංගීතය නම් මට හිතට ඒ තරම්ම වැදුනේ නැහැ.
මොකද සංගීතය නැතිවම ඒ ගීතය අසන්න තිබුනානම් මීටත් හොඳයැයි මට හිතට හිතෙන නිසා.

ඒ අතරේ අපේ උදවිය බීමෙ ආනිසංස කියමින් මට නෙලනවා..ඒවටත් උත්තර ලියන ගමන්ම ගීතය අමුවටම අහන්න පුළුවන්ද..?

අද ඉතින් මම ඔන්න අපේ කට්ටිය කියන දේ අහලා අරක්කු බෝතලේ පැත්තකින් තිබ්බා.
ඊට පස්සේ ඉතින් දුක සේ බියර් බෝතලයක් සමග වැඩෙ පටන් ගත්තා...

හිතලා බලන්න...

වැඩිය ජනාකීර්ණ නැති පැත්තක පිහිටි දෙමහල් නිවසක උඩුමහලට වෙලා...
බියර් වීදුරුවක් එක්ක හිත හිරිවට්ටන ගීතයක්.. රසවිඳින මා ගැන...

ඈතින් ඇහැට අහුවෙන මායිමෙ වෙල් යාය...

පොඩි පොඩි බාධා කිරීම් නැතුවාම නොවෙයි..

ඒත් මට මීට වඩා දෙයක් එපා...
දෙයියනේ මම අද සැනසීමෙන් ඉන්නවා.

අතීතය මට කොයි තරම් වඳ දුන්නත්..
මට කියලා අද බලූ බල්ලෙක් නැති උනත්..
මම සතුටින් ඉන්නවා.

හෙටක් ගැන හිතන්නේ නැති මෙ ජීවිතේ කවදා කොතැන කොහොම ඉවර වෙයිද කියලා මම දන්නේ නැහැ.
මට දැන ගන්න ඔනත් නැහැ.

මම අද කිසි දෙයක් පොදි ගහගෙන නැහැ.
මහා බලාපොරොත්තු නැහැ.

ආදරය මාව රිදෙවුවා උනත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ.
ඕක කාටද නොවෙන්නේ...
උපන්න හැම එකාටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාමනේ..
ඉතින් මට නැති වෙන්න මම සක්විතියෑ..
ආ..සක්විතිටත් දැන් ප්‍රශ්නනේ..

එහෙව් එකේ මම මොකාද..?

හෙට ඉර පායයි..ඒ නැති උනත් මම නෙවෙ ගණන් ගන්නේ..
සමහර විට ඒ පායන ඉරත් එක්ක මම නැගිටින එකක් නැති වෙන්නත් පුළුවන්..ඒත් මට කමක් නැහැ.
මොකද මම නැහැයි කියලා මෙ ලෝකේ යන ගමන නවතිනව කියලද..?

චේජනා..උඹට පින් නංගියේ...
අද දවසටවත් මට විඳින්න දෙයක් දුන්නට...

තිස්ස අයියා මට බනින්නේ නැහැ කියලා මම දන්නවා. උඹ දන්නවනේ අයියේ මම කවුද කියලා.
මෙ අනිත් සෙට් එක තමයි උඹවත් ඔය මට බණ කියන සයිස් එකට ගන්නේ..

මම තරහා නැහැ බං. මම දන්නවා උඹලා ඔක්කෝම කියන්නේ මගේ හොඳට කියලා...
ඒත් ඉතින් දැන් මට මුකුත් කියන්න එපා. තේරුමක් නැහැ.

දැන් මෙ ඇති...හොඳටම ඇති.
උස්සගෙන ආපු හැම දේම බිම තියලා මෙ බරෙන් නිදහස් වෙන හැටියක් කල්පනා කරන මට වෙන කිසිම දෙයක් එපා.

මෙ ලෝකේ හදන්න ඔන තරම් මිනිස්සු ඉන්නේ..
මම නැතුවට කමක් නැහැ.
මගෙ කොටස මම දැන් කරලා ඉවරයි..උඹලා උඹලාගේ කොටස කරපල්ලා.
මට දැන් තියෙන්නේ මම කරපු දේවල් කියලා දාන එක විතරයි.
ඒක ඉවර උන දවසට මාත් යන්න යනවා ආයේ නොයෙන්නම.

මම ගියාට උඹලාට තව කරන්න දේවල් තියේවී.
හැබැයි කවදා හරි දවසක උඹලාත් මම පස්සෙන්ම ඒවී.
එදාට මම බලන් ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න බැහැ. මොකද උඹලා එනකොට මට එතනිනුත් යන්න වෙලා තියෙයි.

ඒත් උඹලාට මම එතන හිටියා කියලා දැනේවී...

මෙ තරම් සියුමැළිද කළු ගල්...
හ්ම්.. තව පාරක්..
තවත් බෝතලයක පළමු වීදුරුව...

මම බොන්නේ ජීවත් වෙන්නද..?
මම ජීවත් වෙන්නේ ලියන්නද..?
මම දන්නේ නැහැ..
මට දැන ගන්න ඔනත් නැහැ..

20 comments:

  1. මාත් මේ ඇඹරිච්චි කොළ පාට ඇපල් ගෙඩියක් හපන ගමං ඕං.....මක්කටෙයි බොරු කියන්නේ........:D

    ReplyDelete
  2. Shadow/හේමලයා...

    පැහැදිලි කරලාම කියහං මචෝ..
    දැන් ඔය සගිස්කුරුත තේරෙන වෙලාවක් නෙවීනේ...

    ReplyDelete
  3. අමුවටම නවාගෙන නවාගෙන ගිහින් හඳට හූවක් විතර දුරින් නතරවෙලා ඉන්නවෝ......:D....

    ReplyDelete
  4. Shadow/හේමලයා...

    හොහ් හොහ්.. මීටර් මීටර්..

    ReplyDelete
  5. සුරාවේ අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන පාදඩ එවුන් නොදනිත්

    ReplyDelete
  6. උඹ කියන ඒව මට හොඳට තේරෙනව මචං . . . !

    ReplyDelete
  7. අයියෙ පුලුවන් නම් උත්සහ කරලා ගිය සදුදා දොරමඩලාව බල්න්න. එකෙ ගියෙ "තනිකම" ගැන. අයියට කියාපු ටොපික් 1

    ReplyDelete
  8. මාරයෝ මෙන්න මේකෙ තේරුම මට වඩා හොඳට උඹ දන්නව ඇති නොවැ

    සමුදය ධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති
    සමුදය වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති

    ReplyDelete
  9. බියර් ‍බොන්නෙ අරක්කු වලින් සැන්ඩි කරලද? උඹ කොහේ ගියත් අපි උඹ පස්සෙන් එනවමයි.

    ReplyDelete
  10. මමත් අම්මාත් දෙන්නාම ඔය ගීතය ගොඩාක් රස විඳිනවා.
    හැබැයි අපිට නං එකට බියර් වත්, ඇපල්වත් ඕනෙ නෑ

    ReplyDelete
  11. මම ගිය සතියේ ඔහොම විප්‍රයාසයක් කෙරුවා.. ඒත් ලියවෙන එව්ව විස්වාස නැති හින්දා බ්ලොග් පැත්තෙ ආවෙ නැහ.

    උබට මොනා කියන්නද මේ මම

    ReplyDelete
  12. මොනවා කියඳ කවදාක හරි අපිත් පස්සෙන් එයි..

    ReplyDelete
  13. AmilaArt...

    ආපෝ.. අට පට්ටම මගේ නොබලන ලිස්ට් එකේ එකක් නෙව...

    ReplyDelete
  14. Chanaka Aruna Munasinghe...

    මකරෙක් මාරයෙකුට බණ කියයි.

    ReplyDelete
  15. Praසන්ன...

    නෑ ඉතින් අරක්කු කාලකට සම කරන්න නම් සැරම බියර් එකෙන් එකයි...
    ඒ මදි නම් දෙකයි..
    දවසම බියර් වලින් ගත කරන්න ගියහම දෙකත් මදි.

    ReplyDelete
  16. ස්වප්නා...

    නගා වගේවත්, නගාගේ අම්මා වගේවත් නෙවෙයිනේ නගේ මෙ මාරයා...
    ඌ මහා ඛෙබානේ...

    ReplyDelete
  17. පිස්සා පලාමල්ල...

    මට ඉතින් බොන්න බොන්න හොඳ විශ්වාසයෙන් යුතුව ලියවෙනවා නෙව...

    හොඳටම වැඩි උනාම ඔපන් හාට් නෙව...ලියලා දැම්මැකි බොක්කෙන්ම...

    ReplyDelete
  18. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ...

    හප්පා නැතුව නැතුව...

    ReplyDelete
  19. දුමී...

    අර තිස්ස අයියාගේ වාක්කියෙන් කියනවා නම්..

    "අපි එකම රෑනේ කුරුල්ලෝ..
    අපි එකම රෑනේ කුරුල්ලෝ.."

    ReplyDelete
  20. ඉලංදාරියා...

    නෑවිත් කොහොමද...
    ආවානං ඉතින් යන්ටම එපැයි...

    "ඉලංදාරිකං හයිය තියෙනකං..
    මෙ ඔක්කොම කං ජීවත් වෙනකං"
    කිව්වළු...

    ReplyDelete