01 September 2010

වචන දෙකක්

දවස තිස්සෙම මෙ දිහා බලන් ඉඳලා අන්තිමට තීරණය කළා වචන දෙකක් හරි කොටලා යන්න ඔන කියලා.
නැත්තං මට මෙක ලියන එක එපාම වෙලා ගිහින් වැඩෙ නවතින්නත් ඉඩ තියේ.
අදත් ඉතින් පරණ විදියටම දවස ගෙවුවා.
ආවා..
නෑවා..
ඉවුවා..
කෑවා..
නිදියෑවා..
නෙට් ආවා..

ඔන්න ඔහොමයි ජීවිතේ...

දවසම පරණ හින්දි සින්දු හොය හොය හිටියා..
හත අටක් හොයාගත්තා.

හවස හතට විතර ගිහින් ඛෙහෙත් ටිකක් අරන් ආවා.
මගේ උගුරෙ අප්සට් එකක්..

දැන් දවස් පහක් විතර තිබුනා..අද බැරිම තැන ගිහින් ඛෙහෙත් ගත්තා. පෙති ගොඩක් දීලා දැම්මා..මාත් ඇදලා ඇරියා.
හොද වෙන්නේ නැතැයි.
හැබැයි ඩොකාට ලෙඩෙ තේරුනාද මන්දා..?
පෙරෙදා ගම්පහ ගොහින් ඩයලොග් එකෙන් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තා.
මට පහු ගිය ටිකේ නෙට් එන එක එපා වෙලා තිබුනේ මෙ මොබිටෙල් මළ වදේ හින්දා.
ස්ලෝ කියන්නේ උපරිම ස්ලෝ..ඒ මදිවට කොයි වෙලාවෙ බැළුවත් ඩිස්කනෙක්ට්..මට යකා නැගලා උන්නේ...

අන්තිමට ගිහින් පරණ බිල් වගේකුත් තිබුණ ඒවා ගෙවලා අළුතින්ම සම්බන්ධතාවයකුත් අරන් ආපි.

එක පාරක් මම ඩයලොග් පසු ගෙවුම් සම්බන්ධතාවයක් අරන් මට එපා වෙලා හිටියේ..
උන් කතා කරන හැම විනාඩියටම බදු ගහලා..අන්තිමට මාසේ බිලට තවත් සීයයට එකොළහක් ගහනවා. එක පාරක් ඒ සීයට එකොළහේ බද්ද විතරක් රුපියල් එක්දහස් පන්සීය පැන්නා..මට තද වෙච්ච පාර ඒ සම්බන්ධතාවයට ආයිබෝං කියලා පෙර ගෙවුම් පැකේජ් එකක් පාවිච්චි කොරන්න පටන් ගත්තා..
අඩුම ගානේ අර සීයයට එකොළහෙත් කතා කරන්න පුළුවන්නේ...
ඊට පස්සේ තමයි දැන් පාවිච්චි කොරන මොබිටෙල් සිම් එක ගත්තේ..
ඇත්තටම මොබිටෙල් අය කිරීම් නං මට හුගාක් හොඳයි .සතියකට රුපියල් සීයක් දාලා ජාලගත වෙන එකත් ලාබයි..ඒත් ජාලගත වෙලා ඊ ළගට ලේ කෝප කරගන්න වෙන එක නරකයි. ඒ හින්දා බැරිම තැන මම ඒ විදියට ජාලෙට එන එක නවත්තලා දැන් එන්නේ ඩයලොග් හරහා තමයි.
මෙක දැනටනං මල් මසුරං..ඒත් ඉතින් තව ටික දවසක් යනකොට මෙකත් අර මොකක්ද දීලි මොකක්ද එක ගත්තා වගේ තියේවිද දන්නේ නැහැ.

කෝකටත් හෙට අනිද්දට ගිහින් ප්‍රෙෂර් එක එහෙම චෙක් කොරලා හිටින්න ඔන.
මොකද තවම මෙකේ බිල ආවෙ නැහැනේ...
අනිවාර්යයෙන් රුපියල් 850ක් විතර කොහොමත් ගෙවන්න වෙනවා..ඒක නං අවුලක් නැහැ කියමුකෝ..
ඒත් මම දන්නවනේ ඩයලොග් කාරයින්ගේ හැටි..මොන මොනවා හරි එකතු කරලා තව කීයක් හරි කපනවා ෂුවර්.

අන්න ඒ වෙලාවට තමයි අර මෙ දවස්වල දැන්වීම්වල යන දැකලා පුරුදු නංගිලා මල්ලිලාව හොයාගෙන ගිහින් දෙකක් කතා කරන්න හිතාගෙන ඉන්නේ.

කොහොම වෙතත් මෙත් මදෑ...

හ්ම්..කොහොම හරි ඔන්න වචන දෙක ටිකක් දුග උනා වගේ..හපෝ මට බැහැ..මට බැහැ..මීට වඩා තව වචනයක්වත් ලියන්න මට බැහැ.

49 comments:

  1. ඔන් වචන දෙක මාත් කියෙව්වා :D

    ReplyDelete
  2. අපේ ඉස්කෝලෙ මාරයෝ දෙක කියලා උගන්නලා තියෙන්නෙ වෙන ඉලක්කමක්ද කොහෙද? ඉතින් අපි විභාග පාස් වේවියැ.... අහුවෙද්දෙන්කො ගනන් සර්.......

    ReplyDelete
  3. වැප්...

    තැන්කූ..තැන්කූ...

    ReplyDelete
  4. Shadow/හේමලයා...

    හොහ්..හොහ්...හෝ...

    ReplyDelete
  5. අභීත ...

    එකනේ කියන්නේ..
    එන්ටකෝ මාරයා සර්ගේ පංතියට...

    ReplyDelete
  6. මොක නැතත් උඹ නෑවා කියන එක ඇහුවම නමං ටිකක් සතුටක් දැනෙනවා....
    ඩයලොග් එක හරි නැත්නං උන්ට කියලා උඹේ සපත්තු දෙක පොලිෂ් කර ගන්ඩ හරි පුළුවන්නේ...
    ඇති උඹ දෙකෙන් බේරුණා...
    වචන තුන හතරක්වත් ලිව්වානං අපිට පැයක් විතර කියව කියව ඉන්න තිබුණා..

    ReplyDelete
  7. Jeew...

    "අදත් ඉතින් පරණ විදියටම දවස ගෙවුවා."

    ඔන්න ඉතින් උඩින් තියෙන ටික අතෑරලා ආවා මෙ සද්ගුණවත් මංතුමාට මඩ ගහන්න.. අම්මපා..මෙවා ඇහුවම මට තවත් වචන හත අටක්ම කියන්න හිතෙනවා...

    ReplyDelete
  8. හ‍පොයි.......
    ඔයින් ගියා මදැයි.......

    ReplyDelete
  9. හා පැටික්කී...

    අභාගේ ඉවර වෙලත් මොකද නගේ පාන්දරම..?

    ReplyDelete
  10. නියමයි... ඇත්තට අපි ලියන්නේ මොනවාද මාරයියාගේ වචන දෙකත් එක්ක බැලුවම හික්ස් :D

    ReplyDelete
  11. කවදා කොහේ හරි මට ඔබතුමා හම්බවුනාවෙකෝ....මමත් කියන්නම් වචන දෙකක් කනේ ඇඟිළි ගහලන්න.......

    ReplyDelete
  12. මාර වචන දෙක.............................

    ReplyDelete
  13. වචන දෙක නරක නෑ

    ReplyDelete
  14. වචන දෙකයි තව චුට්ටක් විතර ලියල තියෙන්නෙ.
    ඩයලොග් නං හොදයි අනික් ඒවට වැඩිය.

    ReplyDelete
  15. ටෙලිකොම් එකේ ජාලෙ හොඳ නැද්ද? අපේ ගෙදර පාවිච්චිය ඒක තමයි,

    ReplyDelete
  16. බොරු කියන්න එපා බං වචන් 579 ක් තියෙනවා . . . ගනන් කරල බලව . . . !

    ReplyDelete
  17. ලෝකයේ දිගම වචන දෙකද...ඔය උගුරෙ අමාරුව හොදකරගන්න....

    ReplyDelete
  18. බුදු අම්මෝ.. ඔයාගෙ වචන දෙක !!

    ReplyDelete
  19. හා,,හා,,ඒ පාර කූල් නාකි සිංහයෝ,කාසි,කුලු හරක් පස්සේ පන්නනවද උගුර අමාරුව ආවේ,,නෑ නෑ පින්නට වෙන්න ඇති,,,කූල් රහමේර වැඩි උනාමත් උගුරට,උදේට පසු පසට ගොඩක් බාධා ඇති වෙනවා නොවෑ....

    ReplyDelete
  20. ඔහොම හරි වචන දෙකක් ලියලා යන එක තමා හොඳ. මාත් මේ දවසවල දැකලා පුරුදු අක්කියෙක් හරි අයියෙක් හරි හොයනවා, වචන දෙකක් කතා කරන්න. දවසට මැසේජ් පනහක් විතර එනවා තව දවස් 5යි, තව දවස් 4යි කියලා... මට මල පැනලා ඉන්නේ ඉන්බොක්ස් එක පිරිලා...

    ජය වේවා...

    ReplyDelete
  21. වචන දෙක කියවා, දෙකක් කියන්නට සිතුණි...

    ReplyDelete
  22. @දුමී,
    ඒයි... උඹ පරණ විශාග ප්‍රශ්න පත්තර පරීක්ෂකවරයෙක්වත්ද..?
    හික් හික්...

    ReplyDelete
  23. හසී...

    වචන දෙක තියෙන්නේ ළමයා මාතෘකාවෙනේ..

    1.වචන
    2.දෙකක්

    ReplyDelete
  24. ayesha...

    ඒකනේ කියන්නේ...
    මෙ ඒක නෙවෙයි ..මම කියන්න හිටියේ..ඔයාගේ කවි නම් නියමයි..
    ඒත් බ්ලොග් එක පොඩ්ඩක් හරි ගස්සන්නකෝ මාතෘකාවක් යටතේ කවි ටික ලියන විදියට..
    ඒ පැත්තේ එන යන කොට බැළුව එක මොකක්ද, නැති එක මොකක්ද කියලා හොයා ගන්න අමාරුයි.
    ඔක්කෝම කවි ටික ලෝඩ් වෙනවානේ..

    ReplyDelete
  25. ඉෂාර ගුණවර්ධන...

    ඔව් ඔව් වචන දෙක කියලා හමාර කොලා...

    ReplyDelete
  26. Praසන්ன...

    අර කෝඳුරු තෙල් හත්පට්ටෙයි තව ටිකයි වගේ තමයි..
    ඇත්තටම ඩයලොග් හොඳයි කියලා හිතෙනවා..(බිල එනකම්)

    ReplyDelete
  27. හරී...

    මම ඉතින් කුලී ගෙවල් කාරයා නෙව..ටෙලිකොම් ම්හූ...

    ReplyDelete
  28. දුමී ...

    කවදද දුමීයෝ ඔය ජොබ් එක පටාන් ගත්තේ...

    ReplyDelete
  29. ඉලංදාරියා...

    දැන් නම් ටිකක් අඩුයි වගේ...

    ReplyDelete
  30. හහ් මාර මල්ලි ඈවිත් තියෙන්නෙ හිත නම් හොඳයි වගෙ අද? කොහොමෙයි ජීවිතේ?

    ReplyDelete
  31. ස්වප්නා...

    මොකද මෙ ස්වප්නා කෑ ගහන්නේ...
    ස්වප්නයක් වත් දුටුවෙහිද...?

    ReplyDelete
  32. ItalyDilan...

    ඇත්ත තමයි පහු ගිය ටිකේ පාෂාණ පානය ටිකක් මග ඇරලා සීතල කොරාපු කාල්ස්බර්ග විශේෂ පාවිච්චියේ ආනිසංසද කොහේද..?
    හෆෝයි වහාම නැවත පාෂාණභූත වෙමි...

    ReplyDelete
  33. කුෂාන් ඇස්. වන්නිආරච්චි...

    මොනවටද හැබෑටම තව දවස් ගණින්නේ...?

    ReplyDelete
  34. sansarasidu...

    අනේ දෙකක් මොකක්ද මගේ දෙක තුනක්ම කියපංකෝ...

    ReplyDelete
  35. Jeew...

    දුමියට කියලා තියෙන කථාවනම් ඇත්තම තමයි.

    ReplyDelete
  36. nish...

    ආ..ආවා..ආවා..
    දැන්නං ටිකක් ෆිට්..
    අද වෙන අහක යන තොරොම්බල් ඉහේ කඩා නොවැටුනොත් ටිකක් ලියන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  37. @මාරයාගේ හෝරාව--
    අපට උන්ගෙන් මොනද වාසනාවක් පෑදෙනවලු. තරු ලකුණු වලින් මයෙ හිතේ...

    ReplyDelete
  38. කුෂාන් ඇස්. වන්නිආරච්චි...

    පෑදෙනවනං පෑදෙන එකනේ..ආයේ දවස් ගණින්නේ අහවල් එකටැයි..නැද්ද මං අහන්නේ..කෝ මට අල්ලලා දියංකෝ මම දෙකක් කියන්න...

    ReplyDelete
  39. වචන දෙක මෙහෙම නම් තුන හතරක් උනොත් කොහොම වෙයිද?

    ReplyDelete
  40. වෙලාවට උබ වචන 2ක් ලිව්වෙ.... නිකන් වචන 7 - 8 ක් ලියන්න හිතුනනම් එහෙම හික් හික්...

    මේ උබ නෑවද ??

    ReplyDelete
  41. මාරයාගේ මාර වචන 2 නේ.

    ReplyDelete
  42. කළුවර පෙනෙන ඇස්...

    එහෙම නං මෙ ලිවුව ටික දෙක තුනකින් වැඩි කරලා බලන්න වෙනවා...

    ReplyDelete
  43. පිස්සා පලාමල්ල...

    හිතුන ගමන් හත අටක් ලියන වෙලාවළුත් නැතිව නෙවෙ..

    ආ..නෑවා නෑවා..අන්තිමට පිස්සා මචා නෑවාට පස්සේ මං නං හත් අට වතාවක්ම නෑවා.
    ඒයී... හැමදාම ඇදගෙන නාන එකේ හීතල වතුර ඩිංගක් නාහංකෝ බං..මොලේ බුරුල් වෙන්නත් එක්ක..
    සමහර විට පිස්සුව හොඳ වෙන්නත් බැරි නැහැ.හෙහ්..හෙහ්...

    ReplyDelete
  44. priyantha.ඒබී...

    නැතුව නැතුව..මාරයා උනහම මාර වචන නොලියා කොහොමද..?

    ReplyDelete
  45. මරු වචන දෙකක් නෙව.. මේ දෙකක්ද හැබෑටම..?
    :D

    ReplyDelete