03 September 2010

පන්සලේ ජීවිතේ...අවසානය සහ ආරම්භය...

සියල්ල වේගයෙන් සිදු විය...

ගුණරතන හිමියන් මගෙන් වචනය පිට වූ මොහොතේ පටන් ක්‍රියාත්මක විය.
නමුත් මගේ අවුරුද්දකට විතර යන කථාව කා සමගවත් කිව යුතු නොවන බවත් එය ඒ කාලය ආ විට තීරණය කළ හැකි බවත් කියා සිටි හෙතෙම ඉතාමත් උනන්දුවෙන් මා මහණ කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටියේය...

ඒ අනුව මාගේ කේන්දරය බැලීම පළමු කරුණ වූ අතර..
එය අසල පන්සලක හිමි නමක් වෙත පැවරිණි.
එහි වාර්ථාව මධ්‍යස්ථ විය.

මහණ කිරීම සඳහා වූ යෝග ලෙස හැදින්වෙන යෝග කිසිවක් ප්‍රභල ලෙස හඳහනේ නැති විය..නමුත් මෙ කාලය තුළ ඇති බරපතළ අපළ උපද්‍රව නිසා මහණ වීම යහපත් බව සඳහන් විය.

පළමු අවස්ථාව වෙලාවෙ හැටියට සෑහීමට ප්‍රමාණවත් විය.

දෙවැන්න දෙමාපිය අවසරය විය.

ඒ සඳහා පළාතේ තිබූ තවත් පන්සලක..ලොකු හාමුදුරුවන්ද කැටුව මාගේ නිවසට ගුණරතන හිමියන් වැඩම කරන ලද අතර මාද ඔවුන් සමග ගෙදරට ගියෙමු.

යෝජනාව සම්බන්ධව අම්මාගේ අකමැත්තක් නැති විය.
මල්ලී නම් අප හට මුහුණ දීමට ඉදිරියට නොපැමිණියේය.

දෙවන අවස්ථාවත් එසේ ජය ගත් අතර..

ඉන් පසු වූයේ ගම්මුන්ට මෙ පිළිබඳව දන්වාලීමයි.

මෙම කරුණු මෙසේ සිදු වෙමින් තිබියදී සති ගණනාවක සංචාරයකින් පසුව චන්දවිමල හිමියන් පන්සලට වැඩම කරන ලදි.

දැනට උද්ගත වී ඇති තත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළ මා මෙ පිළිබඳව උන්වහන්සේගේ මතය විමසා සිටි අතර මෙතෙක් කලක් එකට කටයුතු කර සෑහෙන හිතවත්ව සිටි උන්වහන්සේද එයට මනාප වූයේ..පන්සලේ වගකීම පවරාගෙන කටයුතු කිරීමට තිබූ අකමැත්ත නිසාම විය.

අවසන උන්වහන්සේගේද අවසරය හා ආශීර්වාදය මැද කටයුතු ඉදිරියට ඇදී ගිය අතර...මෙ පිළිබඳ ගම්මුන්ට දන්වා සිටීම සඳහා රැස්වීමක් සංවිධානය කරනු ලැබුවෙ දයාසේන අයියා සහ රූපරතන අයියාගේ සංවිධාන කටයුතු මධ්‍යයේ විය.

එම රැස් වීමට සාමාන්‍ය තරමක පිරිසක් සහභාගී වී සිටියහ...
මා පිළිබඳව මෙ වන විට දන්නා වූ පන්සලට ආ ගිය කිහිපදෙනා නම් ඉතසිතින්ම මෙම කටයුත්තට කරගැසීමට සූදානම් වූවෝය...
අතරින් පතර කිහිපදෙනෙකුට ගැටළු නොතිබුණාම නොවෙ..
එනම් පසුගිය වසර දහයක පමණ මුළුල්ලේ පන්සලේ විවිධ හිමිවරුන් වැඩ සිටියද ඒ කිසිවකුත් මෙහි රැදී සිටියේ නැති බැවින් මෙවරත් එම දෙයම සිදු වෙවීද යන්නයි.
එයට ගුණරතන හිමියන් කියා සිටියේ.. ඒ පිළිබඳව දැන්ම තීරණය කළ නොහැකි බවත් එය අනාගතයට භාර කොට දැනට ලැබී ඇති අවස්ථාව අනුව කටයුතු කරලමු යන්නයි.
කෙසේ වෙතත් ගම්මුන් වැඩි දෙනා මෙම යෝජනාවට මහත් කැමැත්තක් දැක්වූයේ මාගේ වයස නිසා බව කිව යුතුය.
මෙ වන විට මා වයස විසිහතරක පසුවිණි.
ඊට අමතරව දහම් පාසලේ උගැන්වීම තුළින් මා මෙ වන විට යම් තරමක ප්‍රසිද්ධියකට පත්ව තිිබිණි. මාගෙන් අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ දෙමාපියන් මෙහිදී විශේෂ උනන්දුවක් ඇතිව ක්‍රියා කරනු පැහැදිලිව දක්නා ලදි.
ඊට අමතරව පන්සලේ සිල් සමාදන් වූ පිරිසේ අය හා පේරු දානය රැගෙන ආ ගිය අය නම් මෙය ඉමහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි කරුණක් විය..
ඒ අනුව ඉක්මනින් නැකැත් බලා දිනයක් තීන්දු කර ගන්නා ලදි.

මවිසින් ගුණරතන හිමියන්ට පැවිදි වීමට ඇති කැමැත්ත දන්වා මාස දෙකක් එළඹෙන්නටත් පෙර සියල්ල සකස් විණි.
ඒ අනුව අප්‍රියල් මස අවසානයේ ආරම්භ වූ මාතෘකාව ජූලි මස 03 වැනිදා මාගේ පැවිදි වීමෙ දිනය නියම වීමෙන් අවසන් විණි.

හැකි ඉක්මනින් මා හට කළ යුතු සෑහෙන රාජකාරීන් විය.

ඒ අනුව ගුණරතන හිමියන්ගේ උපදෙස් මත මෙ වන විට මවිසින් පාඩම් කටයුතු ආරම්භ කොට තිබුණි.

'කරණීය මෙත්ත සූත්‍රය..'
'රතන සූත්‍රය..'
'මහා මංගල සූත්‍රය.. ඇතුළු තුන් සූත්‍රය පාඩම් කිරීමත්..'

'සේඛියා' සහ 'දිනචර්යාව' ආදී පැවිද්දෙකුට තිබිය යුතු මූලික කොටස් පාඩම් කිරීමත්..

මහණ කිරීමෙ 'විනය කර්මයට' අඳාළ 'කර්ම වාක්‍යය' පාඩම් කිරීමත්...

පිරිත් පොතේ ප්‍රථම කොටස් හැකි තරමක් උගැන්මත්..
බොධි පූජාවකට ඇවසි කරුණුත් පාඩම් කළ යුතුම විය...

පැවරූ කොටසටත් වඩා දේ මවිසින් උගත යුතුව තිබූ බව මෙවන විටත් මා තේරුම් ගෙන තිබුණේ පැවිදි වූ දින පටන් මෙතෙක් දවස් අයාලේ ගමනක යෙදෙමින් තිබූ පන්සල සතු සියළුව රාජකාරීන් මා වෙත නිරායාසයෙන්ම පැවරෙන බව තේරුම් ගත් බැවිනි.

එබැවින් දායකයින්ගේ අවශ්‍යතා අඩුවක් නොකොට පිරිමසාලිය හැකි භික්ෂුවක් වීමට මා අදිටන් කරගෙන තිබුණි.

මෙ සියල්ලත් සමගින්ම පසුගිය මාස කිහිපයේම කරගෙන ආ පරිදි දිනකට පැය කිහිපයක් භාවනා කිරීම් සඳහාද කාලය වෙන් කරගත යුතුව තිබුණද...සෑම විටම පන්සලට පැමිණෙමින් තිබූ ජනයා නිසා එයට මහත් සේ බාධා ඇතිවිණි.

මහණ පිංකම සඳහා සාකච්ඡා කිරීමට පැවති රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ බොහෝ දෙනා වරින් වර පන්සලට ඇදෙමින් තිබිණි.
ඉන් සමහරෙක් මා කවුදැයි හඳුනා ගැනීමට පැමිණි අතර..බොහෝ දෙනා පැමිණියේ පිංකමෙ යම් දායකත්වයක් තමනට වෙන් කර ගැනීම පිණිසම විය.

දිනක් සවස් කාලයේ තරමක් උසැති සුදු කමිසයකින් හා සරමකින් සැරසී ගත් වයස අවුරුදු හැටකට මදක් වැඩි යැයි සිතිය හැකි පුද්ගලයකු පිය ගැට පෙළ නගිමින් පන්සලට ඇතුළු විය..

මා එවෙලේ සිටියේ බණ මඩුව ආසන්නයේ කුමන හෝ කටයුත්තක නිරත වෙමින්ය...

චන්දවිමල හිමියන්ද ඒ හා අසල රැදී සිටි අතර අප සිටි තැනට පැමිණි තැනැත්තා මා හා කතාවට වැටිණි.
මාගේ විස්තර සුළුවෙන් විමසා සිටි හෙතෙම පිංකමෙ කටයුතු පිළිබඳවද විමසා සිටින ලදි.

මා දන්නා තරමින් ඒ පිළිබඳව විස්තර කළ මා වැඩි දුර යමක් දැන ගැන්මට ඇවසි නම් ගුණරතන හිමියන් මුණගැසීම යහපත් බවද ප්‍රකාශ කළ අතර...

සිය කමිසයේ උඩ සාක්කුවට අත යැවූ මිනිසා ඉන් යම් මුදල් නොට්ටුවක් පිටතට ගෙන එය මා අතට දීමට සැරසුනි.
එය රුපියල් පන්සීයයයේ නෝට්ටුවක් විණි.

'ඇයි..? මා විමසීය...'

'නෑ මෙ වෙලාවෙ හැටියට මගෙන් පිංකමට තියා ගන්න සුළු ආධාරයක්...'

'මම නම් මුදල් භාරව කටයුතු කරන්නේ නැහැ..ගුණරතන හාමුදුරුවන්ට දුන්නනම්...'

'ආ ඒකට කමක් නැහැ. අපේ මෙ පන්සල ගැන මට පුදුම දුකක් පහුගිය කාලේම තිබුණේ..දැන් මෙ ළමයා මෙතන මහණ වෙන්න හදන එක දැන ගත්තහම මට පුදුම සතුටක් අතැ වුනේ..කොහොම උනත් තවම මහණ නොවුණා කියලා කාරියක් නැහැ. දැන් ඉතින් අපේ ගම තියෙන්නේ ඔය ළමයාගේ අතේ...මම අමුතුවෙන් නොකිවුවට ඔය ළමයා දන්නවනේ මෙහෙ තත්වය ගැන. ආයේ අමුතුවෙන් කාටවත් දෙන්න ඔන නැහැ. අපි ගැන හිතලා මෙතන මහණ වෙන ඔය ළමයා ගැන අපි දැන්ම ඉඳලා විශ්වාස කරන්න එපැයි. කැමති වැඩකට යොදා ගන්න මෙ මුදල තියා ගන්න ඉස්සරහටත් මම මට පුළුවන් විදියට උදවු කරන්නම්. දැනට මෙක තියා ගන්න.'

මම චන්දවිමල හිමියන් දෙස බැළුවෙමි..
අනාගත ගැටළුවක මහා පෙරනිමිති මසිතේ හට ගත්තේ එවෙලේය...

හිමියන්ගේ මුහුණ දැඩි අඳුරකින් වැසී තිබිණි.මෙතෙක් කලක් මා දැන හුන් තරමින් මෙහි පැමිණි කිසිම කෙනෙකු රුපියල් සීයයකට වඩා මුදලක් චන්දවිමල හිමියන් අත තබා නැත...
උන්වහන්සේට නොව නාරද හිමියන්ගේ තත්වයත් එසේම විය...

මා පැවිදි වීමටත් පෙරම මිනිසුන්ගේ විශ්වාසයට පාත්‍ර වීම.. යම් ගැටළුවක් විය.
මම මුදල භාරගෙන චන්ද විමල හිමියන් හට දෙන්නට උත්සහ කලෙමි.

'චන්දවිමල හාමුදුරුවෝ මුදල් භාරගන්න.'

'නෑ..නෑ..මට ඔන නැහැ... ඔයාම තියා ගන්න.'

'පිටස්තරයා' ළග සිටිනා බැවින් වැඩි යමක් කිව නොහැක..

තවත් මඳ වෙලාවක් කතා බස් කරමින් සිටි ඔහු පිටත්ව යන්නට විණි.

චන්දවිමල හිමියන්ගේ සිත තැළි ඇති බව මා හට තේරුම් ගත හැකි විය...මෙතෙක් කලක් පන්සලේ වැඩ සිටියද උන්වහන්සේ හා ගම්මුන් අතර වැඩි ඇයි හොඳයියක් නොවිණි. වරින් වර මා හා විලී අයියා උන්වහන්සේ සමාජයට ගෙන කටයුතු කිරීමට සූදානම් වූවද එයට උන්වහන්සේ දැක් වූයේ ඇල්මැරුණු ප්‍රතිචාර පමණි.

නමුත් දැන්ම සිටන්ම මිනිසුන් මා වටා රොක් වන ආකාරය උන්වහන්සේගේ සිත රිදවා ඇති බව මා හට හැගී ගිය බැවින් ප්‍රවෙශමින් කටයුතු කළ යුතු බව මා හට තේරුම් යන ලදි.

යායුතු අතක් නැතිව පාරට වන් මා මෙතෙක් කලක් උන්වහන්සේලාගේ උදවු උපකාර මත ජීවත් වූ වග අමතක කළ නොහේ... එසේම කන්නට තිඛෙන සුළු දේ පවා හරි හරියට ඛෙදා හදාගෙන අප දෙදෙනා මෙතෙක් කලක් සෝයුරන් සේ එකට සිටියෙමු.

ඇත්තෙන්ම උන්වහන්සේ මට මාගේ එක කුස උපන් සොයුරාට වඩා සමීප විය.

එවන් අයකුගේ සිත රිදවීම මනුස්සයකුට තරම් නොවේ...

රාත්‍රී කාලය උදා විණි...
මා වෙලාව බලා චන්දවිමල හිමියන් සමග කථාවට එළඹුණි...

...............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

30 comments:

  1. දෙයියංගේ මල්ලී ලොකුයි හැම දේකටම වඩා, එහෙම නේද?

    ReplyDelete
  2. අඩේ මේක express පැවිද්දක්නේ.. දෙවැනිවෙන්නෙ ඒහි භික්ඛු භාවයෙන් පැවිදිකිරීමට විතරයි..

    ReplyDelete
  3. මිතුරෙකු අපට වඩා ඉහළයනවිට ඇති වන නොහොඳ සිතුවිල්ල.....ඉරිසියාවමද?

    ReplyDelete
  4. කතන්දරකාරයා...

    ඒකත් ඉතින් දන්නේම දෙයියෝම තමා...කාකා...

    ReplyDelete
  5. Buratheno...

    ආරම්භය සේම අවසානයත් "express" මය...
    ඇත්තේ ටික කලෙකි කරන්නට දෑ බොහෝය..
    එයින් කළ දෑ බොහෝය...
    නොකළ දෑත් බොහෝය...

    ReplyDelete
  6. Shadow/හේමලයා...

    හ්ම්ම් අනේ මන්දා...මනුස්ස සිත තමා ඉතින් ඔක්කෝටම මුල..මොනවා උනත් අපි කවුරුත් අංග සම්පූර්ණ නැහැ නෙව...

    ReplyDelete
  7. :) මහණ වෙන්නෙ මොකටද? ඔහොමම ඉන්න :)

    ReplyDelete
  8. ස්වප්නා...

    දැන් ඉතින් ඔක්කෝම වෙලා අහවරයි නෙව...

    ReplyDelete
  9. මිනිස්සු හිතන්නෑතිව කරන දෑ වල විපාක විදින්න ඔනි අපි තමා

    ReplyDelete
  10. ඉතින් ඊට පස්සෙ?

    ReplyDelete
  11. අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසු කර යාමටය...

    මෙහෙම තියෙන්නෙ කැළණි කැම්පස් එකේ ජිම් එකේ.. කවුරු කියපු දෙයක්ද කියලනම් මම දන්නෙ නෑ....

    ReplyDelete
  12. හිතවත් කම් පලුදු වුනාම දැනෙන දුක . . . ඒකත් ඉරිසියාව කියන නරකම සහ හොඳ කරන්න බැරිම ලෙඩේ නිසා සිදු වුනාම . . අනේ මන්දා . . ලිපියේ ඉතුරු ටික එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා මිසක් . . වෙන මක්කා කරන්නද . ..

    ReplyDelete
  13. nish...

    ඒක ඉතින් මෙ ලෝකේ ස්වභාවය නෙව...

    ReplyDelete
  14. sheshanie...

    ලියලා තියෙන්නේ දැන්ම දාලා හරි නැහැනේ..මෙකත් දැම්මා විතරයි නෙව...

    ReplyDelete
  15. අභීත...

    හැබැයි හුගාක් තරහා කාරයෝ අඩු වෙන ක්‍රමයක්නම් තමා...

    ReplyDelete
  16. දුකා...

    බලන් ඉඳිමු තව ටිකක් නේද..

    ReplyDelete
  17. හ්ම්ම් බලමු බලමු ඉදිරිය ගැන

    ReplyDelete
  18. හුම්..වෙගෙනම් වැඩි උනාකියලා අඩු කරන්න යැ..නේ....දැන් තමා තොවිලේ පටන්ගන්නේ මට පේන විදිහට.....

    ReplyDelete
  19. මාරයාගේ මහණ කමින් ගත කරපු කාලය මාරයාට හරි එහෙම නැත්නම් වෙන කාට හරි සෙතක් වෙලා තියෙනවා නම්...
    ජීවිතේ ඉතිරි ටිකට ඒ ඇති..

    ReplyDelete
  20. ඉලංදාරියා...

    තාම පහන් දල්වනවා විතරයි..
    අඩව් කස්තිරම් හෙම තව පස්සේ...

    ReplyDelete
  21. Jeew...

    ඒ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
    මම තෘප්තිමත්..ඒ අන් අය තෘප්තිමත් නිසා.
    දන්නවාද රැස්වීමක් තියලා සිවුරෙන් යන දවස කියලා පන්සලෙන් එළියට ආපු හාමුදුරු කෙනෙක් එහෙම ගැන.

    ReplyDelete
  22. පැන්ඩට හිතුන දේත් කියන්නද අයියේ...

    මම නං හිතන්නෙ ඔයා අවුරුද්දක් ද මහණ වුනෙ කියන එක නෙවෙ.ඔයා සාමන්‍යය අපිට වඩා කීප දවසක් හරි පැවිදි වෙලා ඒ කටයුතු ටික හරියට කලා නං ඔයා අපිට වඩා උතුම්.ඒ ක හරියට කරන්න බැරි නං සිවුරට වංචා නොකර ඒක අතහැරිය සෘජු ගතියටත් අපි ගරු කරන්න ඕනි...

    විශිෂ්ඨයි....

    ReplyDelete
  23. පැන්da...

    අවුරුද්දක් නෙවෙයි මම හරියටම අවුරුදු පහකුත් දවස් දෙකක් හිටියා මලේ.

    ඒ ටිකත් හරියටම හිටියා.බැහැයි කියලා හිතිලා මාස හතරක් වගේ කාලයක් ඇතුළත මම එයින් පිට වෙලා ආවා.මිනිස්සුන්ට මගේ තත්වය පහදලා දීලා..
    අදටත් මම ඒ ගමට යනවා එනවා.

    ReplyDelete
  24. හා..හා..මාරයා මහණ වෙන්න නේ යන්නේ,,,,දැන් තමා මාරයගේ වැඩ කිඩ බලාගන්න පුලුවන්...

    ReplyDelete
  25. ItalyDilan...

    හා..හා..හදිසි වෙන්න එපා...
    තව ටිකක් තියෙනවා.

    ReplyDelete
  26. හප්පේ දැන් තමයි හොදම හරිය එන්නෙ.
    දැන් ඉදලම පංසලේ පිං පෙට්ටිය පිරෙයි වගේ.

    ReplyDelete
  27. මොන ප්‍රශ්නේ ආවත් මහන උනාට පස්සේ සිවුරු අරින්නනම් එපෝ

    ReplyDelete
  28. Praසන්ன...

    ඒ පැත්ත ගැන නම් කියලා වැඩක් නැත...

    ReplyDelete
  29. ayesha...

    අපොයි..දැන් ඒ ඔක්කොම ඉවරෝ...

    ReplyDelete