07 September 2010

අන්තරාදායකයි...

නෙතින් දොඩමළු වීය ඉඳහිට..
සිතින් වූවද විටක ළං විය..
අසම්මත බව දැන දැනම මුත්..
අසංවර සිත ගියා දස අත..

කොහේදෝ සිට පාව ඇවිදින්..
ඔබ රැදී නෙතු මායිමෙ..
සසල සිත ළග උනා ලෙන්ගතු..
වරද කා අත නොම හැගේ..

අනුන් සතු විජිතයක රැජිනක්..
දැන දැනම විත් හිතේ රැදුණත්..
හෙටක් ගැන හෝ සිතා ගන්නට..
නොහැකි පෙම් සිහිනයකි තවමත්..

44 comments:

  1. රන් මලක් ලෙස ගෙන පුදන්නට
    නුඹේ වත හිමි නැති දිනේ...
    ...................
    ....................

    ReplyDelete
  2. Jeew...

    පින් කඳක් වුව සිත දුකින් මා..
    වෙන්ව යන්නම් හෙට දිනේ..

    ReplyDelete
  3. අත් හරින්නට නොහැකි කිසිවක්
    නොමැති බව දත් මාරයෙක්
    අත් නෑරමින්මත් ගසා ඉකියක්
    හඬයි හැම තුන් තිස් පැයක් . . .. !!

    ReplyDelete
  4. ස්වප්නා...

    ස්තූතියි...

    ReplyDelete
  5. දුකා...

    ඇතුළත ගිනිය..පිටතත් ඒ වැනි ගිනිය..
    දන්නා නමුත් පිච්චෙන්නට හිත රිසිය..

    ReplyDelete
  6. අනේ මන්දා...තහනම් ගහේ ගෙඩි කන්න වගේ හදන්නේ...
    මේක මාරයියට ඇත්තට ම හිතුන එකෙක් නම්...
    කරන දෙයක් සිහි කල්පනාවෙන් හොඳට හිතලා මතලා කරන්න...
    ජයවේවා!!!

    ReplyDelete
  7. සම්පත් / jt...

    හප්පච්චියේ...

    ReplyDelete
  8. හෙමින් සැරේ.. පියා විදා...
    (හංස විලක් මතක් උනා)

    ReplyDelete
  9. charmi...

    හොඳ මතකයක් සමග ගැලපීමක්...

    ReplyDelete
  10. "ඔබේ සුවද රැදි සුළං කැරැල්ල්ක්
    දැවටෙන්නට ආසයි
    ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී
    ඇවිදින්නට ආසයි
    ඔබ අන්සතු යැයි කිසිම විටක මා
    නොසිතන්නට ආසයි
    කවදා යළි අපි එක්වන්නේදැයි
    දැනගන්නට ආසයි..............."

    ReplyDelete
  11. හා පැටික්කි (MS)...

    හිමි නැති මුත් ඒ බව සිත දන්නෙ නැතී..
    ඔබ නොඑනා බව සිත පිළි ගන්නෙ නැතී..
    එක් වන්නට මෙ සසරෙ ඉඩක් නැතී..
    කොතරම් කියූවත් ඔබ අදහන්නෙ නැතී...

    ReplyDelete
  12. මොකද එක පාරටම උනේ...

    මාර දුතියක විසින් මාරයාව වසගයට ගෙන ඈත..හේ

    ඈත්තටම මොකොමේ...

    නිකන් අදහසක් විතරයි නෙද..?

    ReplyDelete
  13. ඉලංදාරියා...

    නිකං බය හිතෙන මාතෘකාවක් නේද..?

    ReplyDelete
  14. එකනේ කියන්නේ ..කරකලා ඈතෑරුයාවගේ වෙලා තියෙන්නේ..

    ReplyDelete
  15. මට හොයල දීපන් සෙකන්ඩ් හෑන්ඩ් කියල තියෙන ලේබලේ කොතනද තියෙන්නෙ???

    ReplyDelete
  16. මන් පොඩ්ඩක් විතර වෙනස් කවියක් කියන්නම්. මට නම් මේ boot කවි, ලිපි නම් පෙන්නන්න බැහැ.
    මම කවි කාරයෙක් නම් නෙමෙයි. මේ කවියත් මන් අහපු කවියක්, මාරයත් මේ කවිය sure එකටම අහලත් ඇති. පොඩි upset එහෙකට තියෙන්නෙ මේකේ වචන 18+ ඒ නිසා ඒ තැන් වලට .... දාන්නම්.
    රිදී රත්තරන් කළ හැක මකාලා
    කොයි .....ත් එකයි බැලුවම ..කාලා
    මේ බව නොදත් අපෙ ...තිගෙ පුතලා
    නො.කා මැරෙති එක ...ක් පතාලා.
    බූට් කාපු හැමෝටම හොඳ අවවාදයක් කියල තමයි මට නම් හිතෙන්නේ වචන upset උනත්.

    ReplyDelete
  17. අවුලක් නැහැ.. ඔය නිකන් හිතේ අප්සෙට් එක යන්ඩ විතරයි...
    'පිස්සාගේ සුලෝචනා=කලු කුහරයේ කතාව මාරයා විසින් කිසිදින රිපීට් නොකරන බව මාගේ හැඟීමය'
    හික් හික්...
    කෝ බං මේ පිස්සගේ ලින්ක් එක....
    ඔහ් හම්බවුණා..
    http://palaamalla.blogspot.com/2010/08/blog-post_19.html

    ReplyDelete
  18. ලොක්කා කොටුවක් පනින්න වගෙ යන්නෙ..

    ReplyDelete
  19. ඉලංදාරියා...

    බය වෙන්ට එපා..පොඩි දෙයක්...

    ReplyDelete
  20. indi...

    ඇලෙව්වොත් ඇලෙව්වා..
    ගැලෙව්වොත් ගැලෙවුවා..
    ලේබල් රහිතයි...

    ReplyDelete
  21. Dinesh_Silva...

    කවියත් දනිමි අරුතත් දනිමි..ඒ නමුත් අරුතෙහි වෙනසත් දනිමි.

    ReplyDelete
  22. Jeew...

    කිසිවක්ම නොකියමි...(කියලා කොහොමද..)

    ReplyDelete
  23. Buratheno...

    කොටන කුකුළා නෙව...

    ReplyDelete
  24. අනේ මංදා මට තේරෙන්නැහැ මං මොනවද කියන්න ඕනෙ කියලා ඒත් මාරයා දෙයක් නැතුව තියෙනවට වඩා ඒ දේ ලැබිලා,ඒ දේත් එක්ක ජීවත් වෙලා ඒ දේ ජීවිතෙන් ඈත් උනාම දැනෙන දුක හුගක් වැඩියි.

    ReplyDelete
  25. මේක නිකන් අනේ මන්දා මොනා කියන්නද කියල...

    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඩුමට වගේ

    ReplyDelete
  26. කවිපද නම් එළ.හැබැයි කවිපද ලස්සනටම ලියවෙන්නේ අද්දැකීමක් එක්ක ලියනකොට,මට නම්. එහෙම නෙවේ නේද?

    ReplyDelete
  27. මාර සෙනඟ මැද
    මාර පොරක් අද
    සසළ උනාමද
    ආදරයට හද.....?

    අපි හැම මිනිසුන්
    නොම වූ රහතුන්
    සිතුවිලි ඉපදී
    මිය යයි මොහොතින්....

    හිත දන්නව නම්
    අසම්මතයි නම්
    වහල් නොවී දැන්
    පොරක් වෙයන් බං....

    ReplyDelete
  28. භායානකයි වැඩේ පරිස්සමෙන්

    ReplyDelete
  29. සඳ අහසෙහිය, මුදුනත
    වැළඳ ගත්තෙක්, වේද මෙදියත


    සඳ දෙස බලා සුසුම්ලන,
    විරහ, සැපතකි හද දවාලන

    ReplyDelete
  30. හපොයි මාර මල්ලි

    ReplyDelete
  31. දසුන් මධුසංඛ වානගුරු ...

    ඇත්ත...
    නොලැබුනා වගේ නෙවෙයි ලැබිලා අතැගිළි අගින් ගිලිහිලා ගියහම..

    ReplyDelete
  32. පිස්සා පලාමල්ල...

    මොනා නැතත් ඔය කියලා තියෙන්නේ..
    හිමි නැතිවාමත් නෙවෙයි මෙ මම කියනා දේ..

    ReplyDelete
  33. ප්‍රාර්ථනා...

    අත්දැකීම් කියන්නේ පහු වෙච්ච ඒවානේ..
    ඒ වගේ අත්දැකීම් හුගාක් අවසන් වෙලා දැන්..චක්‍රය නැවත කැරකැවෙනවා..

    ReplyDelete
  34. කංචු...

    පොරක් වෙලා කුමටද ඇය නැති කලට..
    සිතක් සිනා නොම වෙනම් ඉතින් තව..

    ReplyDelete
  35. ayesha...

    අපොයි එහෙම වෙයිද..?

    ReplyDelete
  36. Ravi...

    විරහව කලාවකි
    හදවත දවාලන..
    නුරාව වෙලාවක
    සිත මා නිවාලන..

    ReplyDelete
  37. nish...

    පොච්චියේ..වෙච්ච දේ..නේද...?

    ReplyDelete
  38. වැටෙන් එහා මල් පඳුරේ - ඔබ පිපි වැනේ
    හද නුදුරේ..
    මිලින වුනත් ඝන අඳුරේ - මල් නෙලන්න නම් තහනම්
    මල් නෙලන්න නම් තහනම් !!!
    (ගායනය - දයාන් විතාරණ)

    බලාගෙන මාරයියේ...
    වොට් 73,000 ටත් වැඩියි මයේ හිතේ...

    හිතට වැදිච්චි පද ටිකක්..
    මාරයියගේ කවි නම් මාරයි ඈ...

    ReplyDelete
  39. ෂහ් සංගීතය බින්දක් හරි හදාරලා තිබ්බානම් තණුවක් දාන්න තිබුනා..
    ගීයක් වාගේ....

    ඇත්තටම උඹේ කවි හරි අපූරුයි මල්ලියේ...
    හැඟීම් පිපිරෙන්නම ඇවිල්ලා ලියන හින්දාද මන්දා...

    ReplyDelete
  40. sansarasidu...

    අනේ බං මල්ලියේ මම මෙ කරන්ට් වද්දගන්න හැදුවා නෙවෙයි..
    මෙ ඊයේ පෙරෙදා මට අත්දකින්න උන සිදුවීමක් එක්ක ආව අදහස් ටිකක් ගොනු කරලා දැම්මා විතරයි..

    ReplyDelete
  41. තිස්ස දොඩන්ගොඩ...

    අපේ දුමියට කිවුවොත් නම් බැරි වෙන එකක් නැහැ නේද..?බං අයියේ..

    අනේ බං මායි මගේ කයිකතන්දරයි..උඹ දන්නවනේ අයියේ මගේ මැන්ටල් වැඩ..

    ReplyDelete