11 September 2010

පන්සලේ ජීවිතය...දිනය හෙටයි...

පහුගිය දින කිහිපය පුරාම කිසිවක්ම ලියන මානසිකත්වයක් තිබුණේ නැහැ කිවුවොත් ඒක නිවැරදියි.
ශාරීරික වශයෙන් බොහෝකොටම දුර්වල ගතියත් ඒ සඳහා බලපාන ලදි. මනසද නිරවුල් යැයි කිව නොහැකි සෙයකි.
නුමුත් ලියන්නට හිත කියයි. දෑගිළි එකග නොවෙ...අන් අයගේ ලිපි කියවීමත්..ඒවාට අදහස් පළ කිරීමත් හැරුණු කොට කේන්දර බැලීමෙ කටයුතු සඳහා තරමක අවධානයක් යොමු කරන්නට සිදු වූයේ ආර්ථීක තත්වය තරමක් යහපත් කරගැනීමේ අවශ්‍යතාවය පිණිසමය.

ඊට අමතරව යෙහෙළියකගේ උවමනාවක් ඉටු කරලීමට හැකිදැයි සොයා බැලීම සඳහා පොත පත ඇසුරේ කල් යැවීමත් අඛණ්ඩව සිදු විණි. කාරිය බැරෑරුම් මුත් හැකි උපරිම උත්සහය යෙදවිය යුතු විය.යන්තම් පොටක් පෑදීගෙන එන ලකුණු දිස් වේ.

අද දින මා විසින් ලියන ලද පන්සල් කථා මාලාවෙ සියළුම ලිපි තරමක් වෙගයෙන් කියවාගෙන ගියෙමි. මට තරමක කලකිරීමක් උපදිණ.
කථාව ඇරඹී ඇත්තේ ක්‍රීම්ක්‍රැකර් විස්කෝතුවකිනි. එය මටද අමතකව ගොස් තිබිණි. නමුත් ආරම්භයේ වූ තරම් කථාවෙ සාර්ථකත්වයක් පහුවන්නට නැති වී ගොස් ඇති සෙයක් හැගී ගිය නිසා නැවත කල්පනා කරන්නට වූවෙමි.
හේතුව සම්භ විණි.

කථාව හැකි ඉක්මනින් කියා නිම කොට කටයුත්ත අවසන් කිරීමෙ හදිසියක් ලිපි තුළීන් විද්‍යාමාන වී ඇත.
ලොකුම දුර්වලතාවයක් වූයේ ලිපිවල ඇති දීර්ඝ ස්වභාවයයි.
මා සිතනා හැටියට බ්ලොග් අවකාශයේ ලියැවෙන දීර්ඝම ලිපි කිහිපය අතරට මාගේ පසුගිය ලිපි කිහිපයද එක් විය හැකි බවයි.
ඇත්තෙන්ම එය මා කැමති දෙයක් නොවේ.
මා වූවද දීර්ඝ ලිපි කියවන්නට තරමක් මැළිය.
ඒ තත්වය නැත්තේ දුකාගේ දීර්ඝ ලිපි හා ප්‍රතිචාර කියවීමේදීත්, තිස්ස අයියාගේ ලිපියට යටින් දිවෙන ප්‍රතිචාර සාහිත්‍යය කියවීමේදීත් පමණි.
ඊට අමතරව ඇත්තේ ටැබූගේ ලිපි පමණි.
මාත් අකමැති දෙයක් අන් අය ලවා කරවීම අනුමත කරන්නේ කෙසේද..?

නමුත් ප්‍රශ්නයක් ඇත. ලිපියක් ලියන්නට ගත් කළ එය ලියන්නට අරමුණු කර ගත් සිදුවීම අවසන් වන තෙක් ලිපිය අවසන් කිරීමට මා තුළ ඇති අකමැත්තයි. ලිපිය කියවන අයට එය බලවත් අසාධාරණයක් ලෙස මා හට සිතේ.
කුට්ටි වශයෙන් එන ලිපි කියවීමෙදී මාහට එන නොසන්සුන් ගතිය තවකෙකුට දෙන්නේ කෙසේද..?
ඇත්තෙන්ම ලියනවාට වඩා නිසසංසල රැයක එළිමහනේ වාඩි වී සහෘදයින් පිරිවරා මෙ කථාව කීමට ඇත්නම් එය මට මහත් වූ පහසුවක්ය...
එවිට අසන්නාට අවසානය තෙක් අසා සිටීමට හැකි පරිදි කථාව කීමටත් සුළු සිද්ධියක් වූවද විස්තරාත්මකව කීමටත් මට පහසු වනු ඇත.
නමුත් අද මා කතන්දර කියන්නකු නොවේ...
එය ලියා තැබීමට මා හට සිදු වී ඇත...
ඉතින් සිදුව ඇති දෙයට මා කුමක් නම් කරන්නද..?

...................................................................................

පන්සල් වත්ත එළි පෙහෙළි වීමත් වෙනදා මෙන් නොව මිනිසුන් ටිකෙන් ටික පන්සල කරා ඇදී ඒමත් කෙරෙමින් පැවතිනි.
යෝජිත දිනයට සති දෙකකට පමණ පෙර නැවත ගම්මුන් රැස් කරවා නැවත වතාවක් සියළුම කටයුතු සංවිධානය කරගනු ලැබිණි. මා මෙ දිනවල කුමන කටයුත්තක නිරත වූවද ඒ සියල්ලක්ම කලේ පිරිත් පොත කට පාඩම් කරනා ගමන්ම විය.
පින්කමට සතියකට පමණ පෙර ගුණරතන හිමියන් මා කැඳවා පාඩම් කටයුතු පිළිබඳව විමසා බලන ලදි.
පැවිදි කිරීමෙදී කිවයුතු කර්ම වාක්‍යය නිසි පරිදි පාඩම් වී ඇද්දැයි වැඩිපුරම සොයා බලන ලදි.

සියල්ල හොඳින් කෙරෙමින් පැවතිණ. මෙ අතර එක් දිනක් සෑහෙන කලකින් පන්සල හතර මායිමෙ පස් නොපාගා සිටි නාරද හිමියන්ව හූරා කමින් පන්සලේ රැඳී හුන් පරපුටු ආලවක තෙමෙ පන්සලට ගොඩ වැදිණි.

ටික වෙලාවක් පන්සලේ රැඳී සිටි ඔහු අවසානයේ යන්නට සූදානම් වී චන්දවිමල හිමියන්ගෙන් මුදලක් කපා ගැනීමට සූදානම් විණි. නමුත් ඔහුගේ උත්සහය සාර්ථක නොවීය..
අවසන හෙතෙම මා ආමන්ත්‍රණය කරමින්..

"මල්ලී මහණ උනාට කමක් නැහැ, අපිත් ඉතින් මෙහෙ එන යන වෙලාවට අපිටත් ඉතින් කීයක් හරි දෙන්න ඕන"..යැයි පවසන ලදි..

මා සිටියේ අවස්ථාව ලැඛෙන තුරුය..

"ආ...........අයියේ..ඒක නම් කරන්න හම්බ වෙන එකක් නැහැ. මොකද පන්සල හදනවා ඇර වෙන කිසිම දෙයකට මම ලැඛෙන කිසිම දෙයක් නාස්ති කරන්නේ නැහැ."

"ඒකත් එහෙමද...?"

පුද්ගලයා පිටත්ව ගියේ හිත හොඳින් නම් නොවෙ..
නමුත් නියපොත්තෙන් කැඩිය යුතු දේ එසේම කිරීම පිළිබඳව මා පසුතැවුනේ නැත..
පසුව මා මෙ පිළිබඳව විලී අයියා පැමිණි විට කියා සිටින ලදි.

"මල්ලී ඔය වැඩෙ ඕකාට කරන්න තිබුනේ ඔයිට කළින්..කොහේද මෙ අපේ නාරද හාමුදුරුවෝ එක්ක ඒක කරන්න හම්බ උනේ නැහැනේ..ලොකු දෙයක්."

විලී අයියා පින්කමට දින කිහිපයක් තබා පැමිණ ගිය අතර පින්කමට පැමිණීම සඳහා නිවාඩු ලබාගත නොහැකි බව දුකින් මෙන් කියා සිටි අතර පසුව පැමිණ හැකි සෑම උදව්වක්ම කරන බව පවසන ලදි.

මෙ අතර ගුණරතන හිමියන් විසින් ආරාධනා පතක් සඳහා සැලසුම් සකස් කර ගෙන විත් මා අත තැබූ අතර මා එයත් රැගෙන ගුණරතන හිමියන් පැවසූ ස්ථානයකට ගොස් මුද්‍රණය කරවා ගෙන පැමිණියෙමි.

ආරාධනා පත් මුද්‍රණය කරවා අවසන් වූ පසු ගුණරතන හිමියන් අසල විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන්ද එක්කරවාගෙන පළාතේ සියළු පන්සල් කරා පින්කමට ආරාධනා කිරීම පිණිස දින කිහිපයක්ම යන ලදින් ඒ දිනවල සෑම කටයුත්තක්ම මවිසින් සොයා බලා කරනු ලැබීය..

මීට පෙර කිසිදු දිනක පැවිදි කිරීමෙ පින්කමක් සියැසින් තබා කුමන හෝ අයුරකින්වත් දැක නොසිටි මට මගේම මහණ පින්කමෙ කටයුතු සංවිධානය කිරීමට සිදුව තිබිණි.මට අත්දැකීම් තිබුණේ මළ ගෙවල්වල කටයුතු සංවිධානය කිරීම සඳහා පමණි.ඒ මා ගම සිටි අවදියේ කළ කටයුතුවලින් එකක් පමණක් වූ බැවිනි.
අධ්‍යාපන කටයුතු හමාර කොට රස්තියාදුවෙ සිටි කාලය තුළ මරණ ගෙයක් කොහේද ඒ සෑම තැනකම මා විය.

එක් වරක් මා මළ ගෙවල් උදෙසා එක දිගට දින දහසයකට ආසන්න කාලයක් නිදිවරා තිබුණි.සෑම දිනකම උදෑසන අටට පමණ ගෙදර ගොස් පැය දෙකක් හෝ තුනක් පමණක් නිදා ගන්නා මා නැවත මළ ගෙදරට ගොස් එහි කටයුතු සොයා බලා කරන්නෙමි.ඒ අවදියේ මළ ගෙවල්ද එක පෙළට කිහිපයක් විය.
අවසානයේ හිතවතුන් 'මළගෙවල් සංවිධායක' යන උපහාර නාමය මාහට පුද දෙන අවස්ථාව දක්වාම මා එම කටයුතුවල නිරත වීමි.එබැවින් මළගෙවල්වල කටයුතු පිළිබඳව මනා අවබෝධයක් මාතුළ විය.එම අත්දැකීම් වූවද පසුකාලීනව මා හට බොහෝ උපකාරී වූ බව නම් කිව මනාය..

ගුණරතන හිමියන්ද හැකි සෑම විටම පැමිණ කටයුතු සොයා බලන ලදි. මෙයට අමතරව මෙ පින්කම සඳහා අසල විහාරයේ ලොකු හාමුදුරුවන්ද උනන්දුවෙන් කටයුතු කරන ලදි.

ඇත්තෙන්ම උන්වහන්සේගේ උදව් උපකාර ජීවිතය තිඛෙනාතුරාවට අමතක කළ හැකි නොවේ..

මැනවින් ශුද්ධ පවිත්‍ර කරනු ලැබූ පන්සල් භූමිය උත්සව සිරි ගන්වනා ලද්දේ ගමෙ තරුණයින් විසිනි.
කිසිවකුගේ කිසිදු ආරාධනාවක් මතවත් පන්සලට ගෙන්වාගත නොවුනු ඔවූහු..
කිසිදු දැන්වීමකින් තොරවම පැමිණ අවශ්‍ය සැරසිලි කටයුතු භාර ගෙන කර දී පිටව යන ලදි.

දහම් පාසලේ මාගේ ගෝලයින් ප්‍රධාන කොට තවත් සිසුන් කිහිපදෙනෙකුම සවස් කාලයන්හී පැමිණ පන්සල් වත්තේ ගැවසෙන්නටත් සුළු සුළු අත්උදවු දීමත් සිදු කරන ලදි.

සියල්ල හරියාකාරව කෙරෙමින් පැවතිණී.

ගුණරතන හිමියන් විසින් ආරාධනාපත් මිටියක් මාගේ නිවසටද යවා ඇති බව මා හට දන්වන ලදි.
එය එතරම් මා සිත් ගත් කරුණක් නොවූවද..නිහඩව සිටියෙමි.

පින්කමට පෙර මවිසින් සුදු සරමක් සහ සුදු කමිසයක් මසා ගනු ලැබිණි.
එය මා හට අදින්නට ලැබුණේ එකම එක දිනක් පමණි. ඒ මා පැවිදි වූ දින පමණි.

දිනය ළගාවිණි..ඒ හෙට දිනයයි.

සුමෙධ හිමියන් වැඩම කරන ලද්දේ විමලසිරි හිමියන්ද කැටුවය..
ඊට අමතරව මෙතෙක් කලක් පන්සලට ආ ගිය කළුතර දිස්ත්‍රික්කයේ හිතවත් හිමිවරුන් කිහිප නමක්ම වැඩම කරන ලදි.

පින්කමට පෙර දින රාත්‍රිය සැබවින්ම අපූරු රාත්‍රියක් විණි.

එදින රාත්‍රි උයන්නට මාහට සිදු නොවීය..
ගුණරතන හිමියන් විසින් සියළු දෙනාටම කෑම ගෙන්වා දෙන ලදි.

සියල්ලෝම එක් රැස්ව කතාබස් කරමින් කල් යැවුවෙමු.
අතීත මිහිරි මතකයන් මුසු කොටගත් පැවිදි වූවන්ගේ කතා බහින් රාත්‍රිය ගතවන ආකාරයවත් දැනුනේ මා හට නොවේ...
තීරණාත්මක දිනකට අරුණළු උදාවන්නා වූ ඒ දිනයට සූදානම් වීම පිණිස අප සියළු දෙනාම මධ්‍යම රාත්‍රිය පසු වද්දී නින්දට වැටුනෙමු.

....................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

49 comments:

  1. ලිපි දීර්ඝ වීම දුර්වලතාවයක් නොව ඒ මාරයාගේ විස්තර කිරීමේ දක්ෂතාවය බව මාගේ අදහසයි...

    ReplyDelete
  2. මාරයා ලිපි දීර්ඝ උනාට කමක් නෑ. ලිපිය රසවත් නං කොච්චර දීර්ඝ උනත් ඒක කියවනවා එක හුස්මට. අද කොටස කියවද්දි මටත් මාර සැහැල්ලුවක් දැනෙනවා.

    ''ඇත්තෙන්ම ලියනවාට වඩා නිසසංසල රැයක එළිමහනේ වාඩි වී සහෘදයින් පිරිවරා මෙ කථාව කීමට ඇත්නම් එය මට මහත් වූ පහසුවක්ය...''

    මේක සෑබෑවක් කරගමුද මාරයා? නිවාඩු දවසක් අල්ලලා. අපි සෙට් වෙමු! තව කට්ටිය ඕනැ තරං ඉදියි! ඈත්තටම උඔගෙ කතාව ඈහැව්වෙ නැතත් උඔ වගේ කෙනෙක් අද්‍රරගගෙන පොඩි සතුටු සාමිච්චියක් දාන්නවත්! මේකටනං කෙලින් උත්තරයක් ඕනැමයි

    ReplyDelete
  3. ලිපි දීර්ඝ වුනාට කියවන්න ඇහැක් නෙව එක හුස්මට....:)

    ReplyDelete
  4. හ්ම්...ලිපි කොච්චර දිග උනත් පන්සල් කථා ටික නම් ආසාවෙන් කියවනවා...ඒ කාලෙ ඉඳන් ම මම කියවන්න ආසයි...නොකා නොබී පැය ගණන් එක දිගට කියවනවා..පන්සල් කථා ටික ඔක්කොම ලියලා තියෙනවනම් ඉවරවෙනකම් කියවන්න ආසයි...මේ ලියන විදිය මට නම් අවුලක් නෑ...දිගට ම ලියන්න...
    අර කස්ටිය සෙට්වෙන වැඩේ නම් හොඳා...හැබැයි ඉතින් ඔතනට බෝතල් එහෙම සෙට් උනොත් තමා අවුල් වෙන්නේ..
    ජයවේවා!!!

    ReplyDelete
  5. පුතා...

    ඒකත් එහෙමද..?ස්තූතියි.

    ReplyDelete
  6. බුද්ධි...

    හ්ම්ම්ම්..හොඳ යෝජනාවක්.
    අනිවාර්යයෙන්ම ඉදිරියේදී බලමු.

    ReplyDelete
  7. Shadow/හේමලයා...

    එහෙම අහන්න ලැඛෙන එකනම් හැබෑම සතුටක්..ඒත් හැමෝටම එහෙමද කියලා කියන්න දන්නේ නැහැනේ.

    ReplyDelete
  8. සම්පත් / jt...

    ස්තූතියි.ඔබ සියළු දෙනාගේම වචන මාව නැවත නැවතත් දිරි ගන්වනවා.

    බෝතලයක් නැතිව සෙට් වීම..
    ඒක නම් සෑහෙන්න බොන්න ඔන ප්‍රශ්නයක් නෙව.

    ReplyDelete
  9. කථාව හොඳින් ගලගෙන යන නිසා ඒක දීර්ඝ උනා කියලා කවදාවත් කියවන්න කම්මැලි හිතෙන්නේ නෑ අයියේ....
    "නිසසංසල රැයක එළිමහනේ වාඩි වී සහෘදයින් පිරිවරා මෙ කථාව කීමට ඇත්නම් එය මට මහත් වූ පහසුවක්ය..."
    මේකනම් මරු අයිඩියා එක අයියේ...

    ReplyDelete
  10. කාටත් වගේ මටත් ආසම හිතුනේ "නිසංසල රැයක..." කථාවටයි...
    එක හුස්මට කියවන මේ ලිපි කොහොම දීර්ඝැයි කියා කියමුද... මටනම් දවසකට හොඳටෝම මදි වාගේ...

    මටත් උඹත් එක්ක කථා කරන්න අම්බානක ලොට් එකක් තියනවා බන්... බෝතල් තිබ්බත් නැතත් සෙට් විය යුතුමය...

    ReplyDelete
  11. බ්ලොග් එකේ ඉන්න හැමෝම එකිනෙකා හම්බෙන්න බලාන ඉන්නෙ....අපි හම්බෙමුකො ඔක්කොම....

    කතාව දිගද නැද්ද කියලා තීරණය කරන්නෙ කියවන අපියි... උඹට තියෙන්නෙ ලියන එක.. තේරුනාද මාර ලොක්කා.....

    ReplyDelete
  12. සැරේකට ලියන ටික දිග වැඩි නම් නෑ කොහෙත්ම, ලියන්න පුළුවන් නම් එක දවසට මේ වගෙ තුනහතරක් විතර ලිව්වත් කියවතැකි...
    තිස්ස අය්යට වගේ තමා මටත් හොඳටෝම මදි මිසක් වැඩි නම් නෑ..

    ReplyDelete
  13. අර සතුටු සාමීචියට මටත් අඩගහනව නේද අනේ.. බ්ලොග් ලිවිල්ලට මං ආධුනිකයි තමා.ඒත් මං මාර අයියගෙ ඔක්කොම ලිපි කියෙව්ව.
    අපි ජීවිතේ ඔයා ලබපු අත්දැකීම් වලින් 1/10 ක් ලබල නැ.. අපිට ලොකු හයියක් ඔයාගෙ ජීවන අත්දැකීම්.. කොච්චර දිග වුනත් අපි කියවනව.. දිගටම ලියන්න...

    ReplyDelete
  14. දිග කොට කතා ඔයාට වැඩක් නෑ නෙ. කියවන්නෙ අපිනෙ :) ඒක අපි කරගන්නං. ඔයා ලියන්න

    ReplyDelete
  15. හසී ...

    නගා හිතන්නෙත් දිග වැඩි නැහැ කියලද..?ම්හ්..එහෙනම් ඉතින් බලමු නේද..?

    නිසංසල රැයක අහස දිහා බලාගෙන හිටියත් ඇති කතා නොකළත්...

    ReplyDelete
  16. තිස්ස දොඩන්ගොඩ...


    ඒත් ඉතින් තව හුග කාලයක් බලන් ඉන්න එපැයි බං අයියේ..?

    කොහොම උනත් උඹ නැතිව සෙට් වෙලා මොටද..?

    ReplyDelete
  17. අභීත...

    අපොයි තේරුනා තේරුනා..

    ReplyDelete
  18. චේජනා...

    බුදු අප්පච්චියේ..තවත් දිගට ලියන්න.මං නැතෝ...

    ReplyDelete
  19. පැන්da...

    මල්ලී මෙතන අළුත් පරණ කතාවක් නැහැ.
    ප්‍රවීණ ආධුනික කියලා ඛෙදන්නේ මොන ක්‍රමෙටද..?

    එකම දෙයයි තියෙන්නේ උඹ හරි මම හරි කරන දේ හරියට කරනවද කියන එකයි.
    සෙට් වෙනවානං එදාට උඹත් ඉන්න ඔන එතන...

    ReplyDelete
  20. ස්වප්නා ...

    බුදු අම්මෙ..මෙයාගේ සැර..
    මට බයත් හිතෙනවා..
    (මෙයාලා දැන් මාරයාටත් සැර දානවනේ..අපොයි මට ගිය කලක්...)

    ReplyDelete
  21. ඇත්තම කියනවා නම් මෙතන කවුරුත් කියලා තියනවා වගේ කිසිම එපා වීමක් නම් වෙන්නේ නැහැ.

    මම නම් බලන් ඉන්නේ ඉතිරිය කවදාද කියලයි අයියා ඔය කතාව එකපාර දැම්මත් කියවනවා.ලිපි ඒ තරම් රසවත් කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ.
    ලියන එක තමා අමාරු.
    මේ කතාව පොතක් පල කරනවා නම් හොදයි කියලා හිතෙනවා.
    මුදල් හම්බකිරිමේ පරමර්ථයෙන් නෙවෙයි.

    හුගක් අය පන්සල දිහා බලන්නේ වැරදි කෝණෙකින්.
    ඒ සිතිවිල්ල ගැන තවත් පාරක් විමසිමෙන් බලන්න කියන හැගීම ඒ අයගේ හිතට දෙන්න පුලුවන් වේවි.
    අපි හැමෝම පෘතග්ජන මිනිස්සු කියන හැගීම ඔවුන්ටත් දැනේවි.
    කෙසේ වෙතත් අයියාට ජය.
    නිසංසල රැයක කතාවට නම් මාත් එකගයි.

    ReplyDelete
  22. මොකෝ මේ මාරයා කොට ගැන කතා කරන්නේ... ලියපන් බං ලියපං. කොච්චර ලිව්වත් අපි කියවනවා. මට කොහොමත් කියවීමේ පුරුද්ද හොඳට තියෙනවා. නැත්නම් ඉතින් පොඩි interval එකක් හරි අරන් කියවන්න පුළුවන්නේ.
    ඒක නෙමෙයි ඔය සෙට් වෙන වැඩේ දෙසැම්බර් 16 න් පස්සේ දා ගන්ඩ බැරිද...? මං ඒ වෙද්දි ලංකාවේ....

    ReplyDelete
  23. හසී රන්...

    මට තියෙන ලොකුම අරමුණත් ඒකම තමා..නැත්තං මම කවදාවත් මෙ කථාව මෙ විදියට ලියන එකක් නැහැ.
    මටත් ඔන කවදා හරි දවසක මිනිස්සු අදට වඩා හොඳ ඇසකින් පන්සල් දිහා බලන්නත්, ඒ වාගේම පන්සල් වල වසන හිමිවරුන් මීට වඩා තමන් අනුගමනය කරන ඒ දර්ශනය තුළින් සමාජය දෙස බලනවා දකින්නත් තමයි.

    යකඩෝ..මෙ හැමෝම බලාගෙන ගියහම මම වාගේම නිශාවට පෙම් බඳින උදවිය නෙව..

    ReplyDelete
  24. Jeew...

    දෙසැම්බර් කියන්නේ තව මහ කාලයක්යෑ...
    ඒත් ඉතින් තමුන්නැහේ ලංකාවට ආවට පස්සේ අපිව හම්බ වෙන්නවත් මතක තියේවිද..? අර සුහද භාරියාව වටෙම කැරකි කැරකි හිඳිනවා හැරෙන්නට...හිහ්..හිහ්...

    ReplyDelete
  25. මාර දේවල්නෙ ඔයාට හිතෙන්නෙ. දිගට කියවන්න අමාරු රස නැති දේවල්නෙ. ඒත් ඉතිං ඔයාට ලියන්න පුළුවන්නම් ෂපාන් එකේ ඉඳගෙන රස කර කර කියවන එක මහ ලොකු කජ්ජක් ද?
    අර ස්ටෙලා කියන එක ටිකක් හොඳයි වගේ කට්ටිය අඳුනා ගන්නත් එක්ක.

    ReplyDelete
  26. මාර බොස් ඔයාගෙ කතාවේ කිසිම බෝරින් ගතියක් නෑ,,,මෙ සින්ඩියේ තියන එලකිරි කතාවක් තමා මේ පන්සලේ කතාව,,,බූට් කතා,කෙල්ලො සෙට් කර ගන්න කතා එක්ක මේක තමා නියම කතාව,,,මේක යන විදිහත් නියමෙට තියනවා,,ඔහොම දිගටම යමු....

    ReplyDelete
  27. ජනවාරි 8 පස්සෙ අපි සෙට් වෙමු

    ReplyDelete
  28. මට කියන්න තියෙන දේ හැමෝම වගේ කියල තියෙන හන්දා මං ඒක ප්‍රතිවාදනය කරන්න යන්නේ නැහැ...

    නැත්නං ඒක මාරයටම එපා වෙන්න ඉඩ තියෙනවා නෙව....

    ReplyDelete
  29. මාරයෝ, පිස්සු කෙලින්නෙ නැතිව පුළුවන්නම් ලියපන් දිගම ලිපිය. අපි නොකිය ඉන්නවද කියල බලන්න. උඹ මුළු පංසලේ කතාවම එක ලිපියකින් දැම්මත් අපි කියවල ඉවරකරනවා.

    මේ, අර සෙට් වෙනකොට මටත් නොකිය ඉන්න එපා හොඳේ ?

    ReplyDelete
  30. Ishara...

    ස්තූතියි...
    ස්ටෙලා..හ්ම්ම්ම්...
    පාවිච්චි මීට කළින් නම් නැහැ..බලමු වෙනසකටත් එක්ක..

    ReplyDelete
  31. ItalyDilan...

    ඇයි ලොක්කා මෙකෙත් බූට් කතා සහ වැළපිළි පිරිලා නෙව..
    ඔය මම කවියක් ලිවුව ගමන් සමහරු අහන්නේ මොකද..අප්සෙට්ද කියලා..

    ReplyDelete
  32. Ano...

    මොකදෑ..ඒ ජනවාරි 8න් පස්සේ කථාවක්...
    කවුද කියලා අඳුරගන්නවත් බැහැ නෙව...

    ReplyDelete
  33. sansarasidu...

    ඒකත් එහෙමද..?
    එහෙනම් මාත් හැමෝටම කිවුව දේ මලයාට නොකියා ඉන්නම්කෝ..

    ReplyDelete
  34. දුමී...

    දිගම ලිපි නං කිහිප වතාවක්ම ලිවුවා.
    දෙතුන් වතාවක්ම මම ලිපි ලියලා පෝස්ට් කරන්න ගියහම ලිපිය දිග වැඩියි කියලා මෙ බ්ලොගර් උන්නැහේ රිජෙක්ට් කොළා නෙව.
    අනේ මන්දා සමහර කොමෙන්ටු දැමිලිවලට ගිහිනුත් මට ඔකම වෙලා තියෙනවා.
    එක පාරක් මම දුකාගේ ලිපියකට කොමෙන්ටුවක් දාන්න ගිහිල්ලත් එහෙම උනා.

    මෙ සෙට්වීම නම් ඉතා අගනා කිරියාවක් තමා..ඒත් ඉතින් වැඩෙ තියෙන්නේ ලාහට ගෙම්බෝ අහුලනවා වගේ වැඩක් නෙව මෙක...
    මුළින්ම ඔය ගිනි කතරෙ ඉන්න උදවිය කතිකාවකට එනවානම් එකම කාලයක ලංකාවට සැපත් වෙන්න...

    ReplyDelete
  35. මම නම් සාමාන්්‍යයෙන් දිග e-mail එකක් වත් කියවන්න ආස නැහැ. සමහරක් විට රාජකාරි email පවා දිග වැඩි නම් යන්තම් මුලයි අගයි විතරක් කියවල reply කරනවා පුලුවන් නම් point form එවන්න කියලා. ඒත් මාරයාගේ ඒවා නම් දිග වෙන්න වෙන්න කියවන්න ආසයි. විශේශයෙන් පන්සලේ විස්තර. ඒ නිසා දිග ගැන හිතන්නේ නැතුව දිගටම ලියන්න.

    ReplyDelete
  36. හැමදෙනාම කියන දේ මමත් කියන්නම් . . . උබේ මේ පන්සල් කතා සෙට් එක හෙවත් අන්තර්ජාලයේ මගේ ප්‍රියතම කතා මාලාව . .. කොයි තරම් දිග වුනත් එක හුස්මට කියවනවා . . . සමහර වෙලාවට ආයේ ආයේ කියවනවා . .. හැඟුම්බර තැන් වාල් පොඩ්ඩක් නතර වෙලා ඇස් තෙත් කරගෙන ආපහු කියවනවා . . ඉතිං ලිපියේ දිග උඹ ප්‍රශ්නයක් කර නොගෙන දිගට ම ලියපන් . . . .

    ජයසේන ජයකොඩි මහතා ලියපු පිච්චමල කතා පොත් සෙට් එක කියවලා ඒකෙන් ජීවිතයට යමක් එකතු කරගත්තට පස්සේ ඊටත් වැඩිය ආසාවෙන් ජීවිතයට යමක් එකතු කරගන්න ගමන් ආසාවෙන්ම කියවන කතා මාලාව මේක . . . විස්වාස කරපන් මගේ බ්ලොග් එකට ලොග් වුනු ගමන් මම බ්ලොග් රෝල් එකේ උඩ පහලා යන්නේ නොයිවසිල්ලෙන් උඹේ අලුත් පෝස්ට් එකක් දාලද කියලා දැනගන්න . . . . . උඹට ජය . .

    ReplyDelete
  37. මේ මේ, මාරයා කම්මැලිකම පැත්තක දාල තව ටිකක් දිගට ලිවුවනං

    ReplyDelete
  38. අයි යකෝ කවුද කිව්වෙ උඹෙ ලිපි දිග වැඩියි කියලා. කිසි දිගක් නෑ. මටනම් දිග මදි. ලිපියෙ අන්තිමට හැමදාම තද අකුරෙන් තියන ටික දැක්කම දුක හිතෙනවා ඉවර වුනානෙ කියලා. එක නිසා දීර්ග කම ගැන නොසිත "හුදී ජන පහන් සංයොඅගය උදෙසා" දිගටම දිගට ලියමු...

    ReplyDelete
  39. Dinesh_Silva...

    ස්තූතියි. ඒ තරම් තැනක් දීම ගැන...

    ReplyDelete
  40. දුකා...

    මම හොඳටම දන්නවා දුකා කවුද කියන්න.
    හර බර අදහස් ඇතිව දිග ලිපි ලියන උඹ කවදාවත් දිග ලිපියක් කියවන්න අකමැති නැති විත්තිය අනිත් මොනවා නැතත් මට කියන්න පුළුවන්.

    ReplyDelete
  41. Chanaka Aruna Munasinghe...

    එහෙම කිවුවට මොකද..මකරාට නම් දැන් පූස් යාළුවෝ ගැනවත් ලියන්න බැරි තරමට කම්මැලියි වගේ...

    ReplyDelete
  42. AmilaArt...

    "ලිපියෙ අන්තිමට හැමදාම තද අකුරෙන් තියන ටික දැක්කම දුක හිතෙනවා ඉවර වුනානෙ කියලා."

    අන්න ඒ ටික නම් මගෙත් හිතට වැදුනා තදේටම...

    ReplyDelete
  43. ඔය ලියන විදිය වෙනස් කිරීම පාඨක අප වෙත කරන මහා අසාධාරනයකි. කියවන එක අප සතු කාරියක් බෑවින් තොට කරන්න ඈත්තේ ලිවීම පමනි. බොහො දෙනා ලිවීම කලත් කියවන්නට අසා හිතෙන සෙ ලිවීමට හෑකියාව හෑමොටම නෑත. මාර මල්ලි මම උඹ දාල තියන පොස්ට් 179 න් 120 ක් විතරම කියෙව්වෙ එක දවසකදි. ආයි ඔය දිග කොට ප්‍රෂ්නෙ ගෑන් කතාකරන්න දෙයක් නෑනෙ.

    අර නිසසංසල රැයක කතාව නම් ක්‍රියාත්මක කල යුතුමය

    ReplyDelete
  44. nish...

    අපොයි..120ක් එක දවසකදී..
    මටත් බැහැ ඒක නම්..
    පිළිගනිමි.පිළිගනිමි...

    හ්ම්...නිසසංසල රැයක සිහිනය...බලමු.

    ReplyDelete
  45. දෑන් තමා හොදම හරියට ඈවිත් තියෙන්නේ..නේ..

    බලමු තිරනාත්මක මොහොත..

    ReplyDelete
  46. ඉලංදාරියා...

    ඔව්..ඒ වගේම මගේ මෙ පන්සල් කථා මාලාවෙ පළමු කොටසේ අවසානයත් ළග ළග එනවා.

    ReplyDelete
  47. මාරයා සමහර විට මට උඹත් එක්ක ටික්ක නිවි හැනහිල්ලේ කතා කරන්න තිබුණා නම් හොදයි වගේ...මට හිතෙන විදියට උඹ ජීවිතේ යතාර්ථය දකින මනුස්සයෙක්.ආටෝප නැති.

    ReplyDelete
  48. බ්ලොග් ලිවිල්ලට මං ආධුනිකයි.ඒත් මං මාර අයියගෙ ගොඩක් ලිපි කියෙව්ව.
    අපි ජීවිතේ ඔයා ලබපු අත්දැකීම් වලින් දශමයක් ලබල නැ..

    ReplyDelete
  49. දීර්ඝ උනාට කමක් නෑ ලිපි, අයියා ලියන්නකෝ.
    අද තමයි සෑහෙන්න කාලෙකින් මේ පැත්තේ ආවේ, මට කතාව ගොඩක් මිස් වෙලානේ.
    දැන් නම් යන්තම් ඇති, ඉස්සෙල්ලම් කියෙව්ව බ්ලොග් එක මේක ඔන්න සති ගානකට පස්සෙ.

    ReplyDelete