13 September 2010

වෙන්නට නතර කවදා කෙළෙසක හැකිද..

ඉන්නට සිතක් නැතිවද යන්නට බැරිය..
එන්නට උනේ පෙර කළ මහ කරුමෙටද..
වෙන්නට නතර කවදා කෙළෙසක හැකිද..
යන්නට නොවේ ඉන්නත් දැන්නම් බැරිය..

ගොක්වැල් ඉටිකොළද සැරසිලි නිබඳ මැවේ..
කැරම් බූරූ ගසනා අය හතර අතේ..
හතරවරම් ඇද බානා අයද පෙනේ..
ගේ මැද පෙට්ටියක තනිවම සිටිනු දැනේ..

උන්නත් කොතෙක් කල් ජීවන ඔරුව පැද..
යන්නට මොහොත හෙට දිනයෙහි එන්නේද..
එන දින සතුට යන දින සිත නොරැදුණිද..
උපතක සිරිය අවමගුලක ගැවසුණිද..

11 comments:

  1. මාරයෝ, මොකද මේ මරණය මෙනෙහි කරගෙන ?

    සිතට දැනෙන ලැතැවුල් නැත පවතින්නේ
    දිනෙක මුවට සිනහව නිබඳව එන්නේ
    ලබනා ලෙසට උපදෙස් තම දැනුමෙන්නේ
    නරකද බැලුවොතින් පත් කඩ සැනෙකින්නේ

    ReplyDelete
  2. ඉන්නට බලන් එන අය මේ ලොව ඇතිද
    යන්නට කලවෙලාවක් නැකතක් ඇතිද
    නුඹ මළ දාට මේලොව අඩුවක් නැතිද
    ජීවත්වන අපට මිස මළ දුක නුඹහට කොහිද

    ReplyDelete
  3. මාරය මැරුණොතින් ලොව අවුලක් වෙනවා
    මරණය නැතිව හුදි ජනයා දුක් වෙනවා
    උපතක් මිසක මරණය ඉන් දුරු වෙනවා
    ලෝකයෙ ඉඩ මදිව ජනයා දුක් වෙනවා

    උපතක් මිසක මරණය නැති එකෙක් වෙති
    ඒ එක යකා මේ ලෙස දුක් ගගක් දෙති
    මරණය මැරෙන දින මේ ලොව අඳුරු වෙති
    මරණය නුඹයි නොමැරෙන ඒ එකම සකී.

    (වෙති කියල බහු වචනයෙන් ඉවර කරේ මරණය කියන වචනයට ගරු කරන නිසයි)

    ReplyDelete
  4. ආවා වගෙම යන දවසත් නො ඒවිද
    නාවා කියා කලියෙන් යන එක හරිද
    බෝවා දුකක් ඇතිමුත් හදවතේ මැද
    වාවා ගනින්, හිතමින් ජීවිතේ හොඳ

    ReplyDelete
  5. තනියම ආවේ කාටත් දුක් නොම දෙන්නයි....
    යනකන් හිටියේ කර උඩ දුක් පටවගෙනයි...
    මාරයො නුඹ ගියොත් හැමදා අපිට දුකයි...
    අපිවත් රැගෙන පලයන් යන තැනක යසයි....

    ReplyDelete
  6. ඉපදෙන මොහොතෙමයි මරණය අරගෙන ආවේ
    අපමන දුක් වින්දේ කල පවු ගෙවුනේ
    ලෙඩ දුක් අනේකයි තව බෑහෑ ඉවසන්නේ
    මරණය පාමා ඈයි මට මාරයො පවසන්නේ

    ReplyDelete
  7. දරුවකු පතා යදිනා මව්වරු සිටින
    තැන් මහ ගොඩකි බියවියයුතු නැත එහින
    පද කිහිපෙකින් මහ අරුතක් පෙලගසන
    මේ කවි පෙල සිතයි මගෙ සිත සිතවන්න.

    ReplyDelete
  8. වියදම වැඩිය උපයන සොච්චමට වඩා
    ඉන්නත් බැරිය සාගින්න නසා
    යන්නත් බැරිය බර කද පසක දමා
    මරණය සරිය මේ දුක් වියවුල්ට වඩා

    ReplyDelete
  9. මාරයා වගේ කවි ගෙතුමට මට බැරිය
    ගෙතුවත් ඒවා උබේ වාගේ රහ නැතිය
    ඔය අවකැපෙත වදනක් කිවෝත් ආය
    ''කිඹා'' තියන්නෙ ගම්පහ හරි මැදය

    ReplyDelete
  10. අනිත්‍යය නිතරම සිහි කරන්නත් එපා :) හැබැයි කවි ටික නං ලස්සනයි කට්ටියගෙම :)

    ReplyDelete