19 September 2010

දවස දිගයි...

අද දවස දිග වැඩිද මන්දා...
උදේ ගෙදර ආවෙ ඉක්මනට මොනවා හරි උයාගෙන කාලා නිදා ගන්න හිතාගෙන.

ඉතින් ඒ හිතුව විදියටම උයලා ඉවර වෙලා නෑවා..ඊට පස්සේ බඩටත් දාගෙන නෙට් එක පැත්තෙත් ටිකක් කරක් ගහලා නිදා ගත්තා...

නින්ද යන්නේ නැහැ..ඇගේ අමාරුවට..
අද උදේ පාන්දර වඩ පළේදී මම ඇදං වැටුනා නෙව දඩෝරියං ගාලා..
ඒකත් නාන කාමරයේ ටයිල් උඩට..ගෙම්බා පොළොවෙ ගැහුවා වගේ...

වැටෙන්න ගියේ කෙළින්ම ඔළුව පිටි පස්ස බිම වදින විදියට..ඒත් අන්තිම තත්පරේදී මට පුළුවන් උනා ටිකක් ඇග පැත්තකට හරවා ගන්න...එයින් මෙයින් බිම වැදුනේ ඇගේ දකුණු පැත්ත.
උරපත්ත වැදුනා වැදිල්ලක්..ආයේ ඔන නැහැ.යන්තං ඔළුව ඛෙරගන්න පුළුවන් උනා.

මගේ හදිසිය තමා ඔක්කෝටම මුල...

කොහොම හරි අතක් පයක් නොකැඩී බේරුනා කියමුකෝ...
ඒ වෙලාවෙ නම් ටිකයි රිදුනේ...
දැන් පුදුම සනීපයක් දැනෙන්නේ...මට හිතා ගන්න බැරි බිම වැදුනෙත් නැතිව ඔළුවෙ පැත්තක් රිදෙන්නේ කොහොමද කියලයි.ඛෙල්ල පිටිපස්සේ ඉඳන් ඉස්මුදුනට යනකල් රිදෙනවා.

මහ දවල් දැන් නින්ද යන්නෙත් නැහැ. ඒ මදිවට යන්තං නින්ද යනකොටම ෆෝන් එක කෑ ගහනවා.
යන්තං අත දික් කරලා ගත්තා ෆෝන් එක..

පුංචිගේ දෙවෙනි දෝණියැන්දෑ..
නිශාන්ති නංගී...

"ම්..ම්...මොකද..?"

"අයියා නිදාගෙනද උන්නේ..."

"නිදාගෙනනං තමයි උන්නේ..ඒත් කොහේද තමුසෙලත් එක්ක..මොකෝ කථා කලේ..?"

"අනේ අයියේ පොඩ්ඩක් නෙට් එකෙන් බලලා පොඩි බඩුවක් හොයලා දෙන්නකෝ.."

"මොකක්ද..?"

"අපේ සුදූගේ (චූටී නංගී) GAQ විභාග ප්‍රතිඵලේ..."

"ම්...විභාග දෙපාර්තමේන්තුවෙ වෙබ් එකේනං ඕලෙවල්, ඒලෙවල්, ශිෂ්‍යත්වෙ ඇර අනිත් ඒවා නැහැනේ..."

"අනේ පොඩ්ඩක් බලලා කියනවකෝ..."

මොනවා කරන්නද..අමාරුවෙන් නැගිටලා ගිහින් කොමා ගාවින් වාඩි වෙලා බැළුවා පොඩි සෙවීම් පාරක් දාලා..
ගූගල් උන්නැහේට පින් සිද්ධ වෙන්න අන්තිමට හොයා ගත්තා pdfෆයිල් එකක්..

2007/2008 GAQ...ප්‍රතිඵල ලේඛණයක්...ඒත් ඒක නිකුත් වෙලා තියෙන්නේ 2009ද කොහේද...

හ්ම්..මොකක්ද එකක් තියෙනවා..කියනවා බලන්න ඕකිගේ අංකේ..

4018...

අනේ නිශාන්ති මෙකේ 4017ත් තියෙනවා..4020ත් තියෙනවා..ඒත් 18, 19 නැහැනේ...

අනේ අයියේ බලන්නකෝ තව ටිකක්...

කොහොම හරි අන්තිමට පැය බාගයක් විතර හෙව්වට හම්බ උනේ නම් නෑ..
අන්තිමට පස්සේ සොයා බලන්නං කියන උත්තරය මත වැඩෙ අවසන් උනා.

ඊට පස්සෙත් හෙව්වා..ම්හු තාම නං නෝ උත්තර...

ආයෙමත් නිදා ගන්න බැළුවා...හරියන්නේ නැහැ...

ඒ පාර ගිහින් උදේ ගෙනත් තිබුණු ගොටුකොළ මිටිය තෝරලා, ශුද්ධ කරලා හීනියට ලියලා හැදුවා මගේ දිව්‍යය බෝජනයක් උන ගොටුකොළ සම්බෝලයක්..රතුලුණූ, අමුමිරිස් යහමින් දාලා, පොල් ටිකක් එහෙම ගාලා දාලා.

උදේ හිදෙන්න හදාපු පරිප්පුයි සහ බල කරවල,තක්කාලි දාලා බණ්ඩක්කා තෙලට හදාපු එකයි එක්ක ආයෙමත් බත් කටක් ගිලලා දාලා ආවා..මොනවා හරි ලියන්න කියලා.

අනේ මන්දා මොකුත්ම ලියන්න හිතේ කිසිම ෆිට් එකක් නැහැ.
එහෙං ඇගේ බාගයක් මගේ නෙවෙයි වගේ..
දවස ගෙවෙන්නෙත් නැහැ.

ම්..කෝල් එකක්.

හරි... මගේ ගෝල බාලයෙක්..ඒ කිවුවෙ මගේ පන්සල් ජීවිතේ ගෙවන කාලේ මට හිටපු අතිජාත ගෝලයා, මිනිහා කොහේදෝ යන ගමන් මෙ පැත්තෙන් කඩං පාත් වෙන්නයි හදන්නේ...

දැන් හරි..බුවාත් එක්ක බියර් බාර් එක පැත්තේ ගෑටුවනං හරි.

මෙ ළග පාත සෙට් වෙලා අඩියක් ගහන්න තැනක් නැති එක හරි අඩුවක්..
හදිසියකටවත් මොකෙක්වත් එක්ක යන්න තියෙන්නේ බියර් එකකට සෙට් වෙන්න විතරයි.
නිට්ටඹුව පැත්තේ ගියානං පොට් තියේ..ඒත් ඉතින් බීලා බයික් එකේ එන්න වෙන්නෙත් මහ පාරේ නෙව..
කොහේද මෙ පොලිස් මාමලා හැම තැනම ඉඳගෙන අපිට අතවනලා ළගට ගෙන්නගෙන සුව දුක් විචාරනවා නෙව...

හ්ම..හ්ම්...දැන් ඇති...
දැන්නං ඉතින් දවස කෙටි වෙයිද මන්දා...

37 comments:

  1. "හිදෙන්න හදාපු පරිප්පුයි සහ බල කරවල,තක්කාලි දාලා බණ්ඩක්කා තෙලට හදාපු එකයි එක්ක ආයෙමත් බත් කටක් ගිලලා..."

    අඩෝ කැත වැඩ කරන්න එපා. කෑවනං බීවනං සද්දනැතුව ඉන්න ඕනෙ, අපෙ කටවල් අවුස්සන්නෙ නැතුව.. ඔය විදිහට බත්කටක් කෑවෙ නෑ අවුරුදු ගානකින්.. :)

    ReplyDelete
  2. Buratheno...

    අනේ මගේ දුප්පත් බත් වෙල..?

    ReplyDelete
  3. කාපුවා බීපුවා ගැන කියවන එකනම් චාටර් තමා..අම්මා උයපු බත්කටක් කාපු කාලයක් මතක නැති, කොළඹ රටට වෙලා අජිනමොටා දමාපු පොල්කුඩු සම්බලුයි, පරිප්පුයි කකා ඉන්න අපි වගේ උන්ට ඉතින් මේවා දැක්කම මාරුවා නගිනවා හොදෙයි....
    "දැන්නං ඉතින් දවස කෙටි වෙයිද මන්දා..."
    ඔහොම ගියොත් මාරයියේ බීල ම උඹේ ජීවිතෙත් කෙටිවේවි...
    ඔහොම බීලා බීලා අන්තිමට රටේ නැති ලෙඩත් හැදිලා තමන්ගේ වැඩ ටිකවත් කරගන්න බැරි දවසක් එයි...එදාට??අනේ මන්දා....
    ජයවේවා!!!

    ReplyDelete
  4. ඔක්කෝටම කලින් තමන්ගේ අසනීපය ගැන බලන්න. කියවනකොට බයත් හිතෙනවානෙ. ඔහොම අසනීප ගනන් නොගෙන ඉන්න හොඳ නැහැ මලයෝ

    ReplyDelete
  5. කන බොන කතාවල් කිව්වම නං මටත් මල පනිනවා... ඔය දුප්පත් බත් වේලවල් වල රහ දැනෙන්න ඒකත් නැතුව යන්න ඕන.

    අනික් කාරනේ තමයි, පන්සල් ජීවිතේ හිටපු හොඳම ගෝලයත් එක්කද අඩි ගහන්න යන්නේ? :P

    ReplyDelete
  6. හා හා බ්‍රේක් ඩාන්ස් දාල වගේ...... අයියා මොන ඉස්ටාර් යන්නද ඒපාර???? :P :P

    ආ ඔය යන්න හදන්නේ ඇඟේ පතේ වේදනාව ඇර ගන්න......
    අම්මප අපිත් හැමදාම මෙව්වා කියවනවනේ ලැජ්ජ නැතුව........ 3:)

    මෙනූ එක නම් රහ ඇති මම කරවල වර්ජනයේ..... ඒ උනාට අපේ ගෙදර ඒවා නැති වෙන්නෑ..... තාත්තට නිකමට අහන්න හරි තියෙන්න ඕන........

    ReplyDelete
  7. වැටිච්ච පාරට අමාරුනම් බල බල ඉන්නෙ නැතුව ගිහිල්ල බෙහෙත් ටිකක් ගනින් කොල්ලෝ. පස්සෙන් පහුවට තමා ඔය රිදෙන ඒවයේ ආතල් එක දැනෙන්නෙ. බෲෆන් එකක් හරි බීල හිටපන් ඇඟ පත රිදෙනවනන්.

    හැබැයි උඹේ අරෙ දුප්පත් බත්වේලෙ විස්තර කිව්වහම නම් මගේ කටටත් කෙළ කොලෝ එකක් විතර ලෝඩ් උනා.

    අර බියර් එක ගැන කියත්දිත් නිකන් හීල්ලිලා ගියා . . . . අහා . . සිංහයා . . . !

    ReplyDelete
  8. අය්යෙ,ගොඩක් අමාරු නම් බෙහෙතක් ගත්ත නම් හොඳයි නෙ...
    ( අර කෑම වේල ගැන නම් ඉරිසියයි හොඳට ම.. හොඳේ )

    ReplyDelete
  9. සම්පත් / jt...

    එදාට අර තණකොළ පෙත්තගේ කතන්දරෙවත් මතක් කොරගන්න බැරියෑ මලේ...

    අනේ ඉතින් කෑම බීම ගැන කියන්න ගියා නෙවෙයි..මට ලියන්න දෙයක් ඔළුවට එනකල් ආරම්භයක් ගත්තා විතරයි.

    ReplyDelete
  10. තිබ්බ බඩගින්න නැති කරගෙන බ්ලොග් කියවන්න ආවා මදැයි...ආයෙත් බඩගිනි උනා මෙනු එක දැකලා.....
    අයියේ දොස්තර ලඟට ගිහින් බෙහෙත් ගත්තානම් හොදයි නේද?

    ReplyDelete
  11. හරී...

    අනේ අක්කණ්ඩී මම ඔය දේවල් ඔනවට වඩා ගණන් ගන්නේ නැහැ.
    රිදෙනවා වැඩිකමට ටිකක් කියඋනාට..
    ලෙඩ දුක්වලට උපතින්ම ඔරොත්තු දෙන ගතියක් මට ලැබිලා තියෙනවා නෙව..
    නැත්තං ඉතින් මෙලහකට වෙන එකෙක්නං ඉස්පිටිතාලේ..
    මට ඉතින් ආසාවකටවත් එහෙම යන්න විදියක් නැහැනේ..
    මොකෝ මට ඉතින් කන්ට අදින්න මංම එපැයි හොයා ගන්න. මොන ලෙඩෙ තිබ්බත් ඒවත් බෑග් එකේ දාගෙන වැඩට යන්න එපැයි.

    ReplyDelete
  12. මං මේ මෙතන ඉන්න ඔක්කලාටම කියන්නේ. මාරයට උපදේස් දෙනවට වැඩිය හොදයි වලක් කපල ඒ වලට ඔය කියන්න ඕනි ඒව කියල ගහක් හිටුවන්න. අඩු ගානේ ගහ හරි හැදේවි....

    මේක දැන් ඩයරියක් වෙලා නේ....

    ඒ කොහොම වුනත් මතක තියා ගන්න ... මට දවස් කිහිපයකට පස්සෙ තමයි මාරයා බ්ලොග් එක පටන් ගත්තේ...

    මට සුබ පැතුවට තුති පුදන ගමන්... ලග ලගම එන වසරක් සැමරිමට සුදානම් වන්න... මම වගේ අනිත් අය එස්එම්එස් කරල කියනකම් ඉන්න එපා.....

    හ්ම්......

    ReplyDelete
  13. sameerausa...

    අපොයි ඒකා තමයි ඒ දවස්වල මට හිටිය විශ්වාසවන්තම ගෝලයා.
    අදටත් ඉතින් ඒක එහෙමම තමයි.
    අන්තිමට මාව පන්සලේ ඉඳලා බයික් එකෙන් ගම්පහට ගෙනත් බැස්සුවෙත් ඒකාම තමයි.
    ඒ දවස්වල ඒ විදියට උන්නා..දැන් ඒකා දන්නවා දැන් විදියට මාව ආශ්‍රය කරන්න...
    මිනිහා අද දවසේ ඉන්නවා මිසක් ඊයෙවත් හෙටවත් ජීවත් වෙන එකෙක් නෙවී...
    හැබැයි ඒ දවස්වල වගේම තමයි අදටත් මට කතා කරනකොට හරි සැලකිලිමත්.
    මිනිහට අම්මට තාත්තට දෙයක් කියාගන්න බැරි උනත් මට තමයි කියන්නේ.
    ඔන්න දැන් වැනි වැනී ගියා...

    ReplyDelete
  14. හා පැටික්කි (MS)...

    මම දන්නවනේ නගා ඉතින් සතා සීපාවා ගැන හිතන මතන කෙල්ල කියලා.

    මෙ පාර මම යන්න හදන්නේ දඩබඩෝරියං ස්ටාර්...

    ReplyDelete
  15. දුමී...

    "මගේ කටටත් කෙළ කොලෝ එකක් විතර ලෝඩ් උනා."

    යකෝ කටක්ද බාල්දියක්ද තියෙන්නේ...ඔච්චර කෙළ ලෝඩ් වෙන්න..

    ඒක තමා ඔය කට ඔය තරමට කහන්නේ...

    සිංහයා...හුම් හුම්...

    ReplyDelete
  16. චේජනා...

    මට තේරෙනවා නගේ..උඹලාට ඔය ඉන්න රට රාජ්ජවලදී කටට දැනෙන්න දෙයක් හම්බ වෙනවා හොරයි කියලා...මොනවා කරන්නද නගේ...
    මිනිස්සුන්ට හැම දේම හම්බ වෙන්නේ නැහැනේ..
    සමහර හීන හොයාගෙන අපි හැල්මෙ දුවනකොට පුංචි පුංචි දේවල් හුගාක් අපෙන් අතෑරිලා..
    මොකද..එහෙම කියලා අපි අර දුවන දිවිල්ල නවත්තනවා කියලයෑ...

    ReplyDelete
  17. හසී...

    ගත්තා නගේ..මෙ දැන් අරගෙන ආවා විතරයි.
    හැබැයි ඒ ඛෙහෙත් දෙන්නේ දොස්තරනං නෙවෙයි ඔං...

    ReplyDelete
  18. wath...

    හප්පේ...
    මං ඒ තරමට නරක ළමයෙක්ද හැබෑට...

    හැබැයි ඉතින් අපේ තාත්තත් ඉස්සර ඔහොම කියනවා වගේ මට මතකයි...
    "ලොකු එකෝ..තොට කියනවට වඩා හොඳයි කට බිම උලා ගන්න එක" කියලා...

    ස්තූතියි මතක් කොළාට දිනේ කවද්ද කියලා හොයා ගන්න ඔන හරියටම..මට මතක නැහැ නෙව...

    ReplyDelete
  19. වත් අක්කා කියපු එකනම් හැබැව...
    ඔය බේත බීලා නම් අනේ මන්දා අයියේ...

    ReplyDelete
  20. හසී...

    වත් අක්කා විතරක් නෙවෙයි නගෝ..මාත් කියන්නේ ඔකමයි..
    අම්මපා මූවනං හදන්න බැහැ..

    ReplyDelete
  21. අයියෙ ඔය රහමෙර බිව්වහම ඇඟේ පතේ අමාරු අඩු වෙනවා නම් බෙහෙත් හේත් කියල ජාතියක් ඕන නැහැනෙ...

    අනේ මන්දා අයියම කියනවනං අයිය කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ කියල... ඉන් එහාට මොනව කියන්නද....

    පරිස්සමින් ඉන්න කියල විතරක් කියල යන්නම්...

    ReplyDelete
  22. අපොයි දෙයියනේ...
    බත් කටක් කාපු කාලයක් මතක නෑ... :)
    උබට අද අනිවා බඩේ අමාරුවක් සෙට් වෙනවා ඔය ඇගේ පතේ අමාරුවට අමතරව.
    කොහොම හරි පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරපන්. මේ පාර ඔයින් ගියා මදැයි. :)

    ReplyDelete
  23. sansarasidu...

    මාත් ඔකමනේ මලේ කට කැඩෙනකල් කියන්නේ..අපරාදේ මෙ ඉස්පිරිතාල වලට වියදං කොරන සල්ලී...
    සහන මිලට හෝ හැකිනං පිං ඛෙහෙත් ශාලා වගේ..හරි මැජික් අරිශ්ඨෙ ඛෙදා හරින තැන් හදන්න ඔන..හෙහ්..හෙහ්...

    ReplyDelete
  24. Grey...

    තූ..තූ..මෙන්න මම ගණන් කරලා බත් ඇට දෙකක්ම විසී කළා...
    ඇයි යකඩෝ බඩෙ අමාරුවක්වත් හැදුනොත් මෙ තියෙන ඒවා මදිවට..

    ReplyDelete
  25. ඇන්නෑවේ. මාරයා වොෂ් රූම් එකේදී අඩව්වක් අල්ලලා. අර වැඩ දන්න හින්දා, බඩ පිනුමක් ගහලා යාන්තං ඔලු ගෙඩිය බේරගෙන.

    මට තියෙන පුරස්නෙ, මේ කෂ්ටිය ලවක් දෙවක් නැතිව බනින්නෙ ඇයි කියලයි. බේත් ගන්නලු, ඇඟේ අමාරුවට අර "කෝකටත් තෙය්‍යිලය" ගත්තාම ඒකටත් බනිනවා.

    ඕං ඒ විඩේ මාර භෝජනේට - අර කරවල, පරිප්පු තෙම්පරදුවට කෙල හලනවා...! ගොයියෝ බොට නං අනිවා බඩේ අමාරුවක් අල්ලනවා..බඩුම තමා. ඒකටත් ඉතිං කියාපු බේත අර තෙලම තමා. අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි. මං අහන්නෙ ඉතිං නොබී පුළුවනැයි.

    ReplyDelete
  26. Siribiris...

    බුදු සිරිබිරිස් අයියේ..උඹ විතරයි මගේ හිත හැදෙන්න වචනයක් හරි කිවුවෙ..
    බලහං බං අයියේ මෙ හැමෝම මට පස් පඩංගුවෙ බනිනවා...
    වටිනා කියන ඛෙහෙතක හේතක තියෙන වටිනාකොම නොදන්න ඈයෝ..
    උඹනං දෙයියෙක් බං..නෑ..නෑ..දෙයියෙක් නෙමෙයි..එහෙම් පිටිංම දේවාලයක්.

    ReplyDelete
  27. ගෝලයා වැනි වැනි ගියාය කිව්වට, ඌ ඇත්තටම වැනුනද නැත්නං ලොක්ක වැනෙන කොට ඒ වගේ පෙනුනද දන්නෙ නැහැ...කොහොම නමුත් සෑහෙන ලොකු සිංහ දඩයමක් කරල වගේ...

    ReplyDelete
  28. දිනිත්...

    එහෙම වෙන්න බැහැනේ..
    ඌ වැනෙන අතටමනේ මාත් වැනෙන්නේ..
    මොකද අපි දෙන්නම බිව්වෙ එකම ජාතියනේ...
    ආයේ වෙනස් විදියට වෙරි වෙන්න බැහැනේ...

    ReplyDelete
  29. බියර් ටිකක් නම් ඉතින් බිව්වත් මක් වෙනවැයි ....
    අර සැර එව්ව නොදා ...

    ReplyDelete
  30. අනේ මගේ කලින් කමෙන්ට් එක හොරු ගෙනිහින්...... :'( :'( :'( :'(

    ReplyDelete
  31. "මගේ දිව්‍යය බෝජනයක් උන ගොටුකොළ සම්බෝලයක්..රතුලුණූ, අමුමිරිස් යහමින් දාලා, පොල් ටිකක් එහෙම ගාලා දාලා.
    උදේ හිදෙන්න හදාපු පරිප්පුයි සහ බල කරවල,තක්කාලි දාලා බණ්ඩක්කා තෙලට"
    රයිට් පුතා... බොහොම ස්තූතියි මතක් කලාට.... අඩු වෙලා තිබුණේ ගොටුකොල සම්බෝලේ තමයි. හෙට SRI LANKAN SUPERMARKET එකෙන් ඒකත් ගෙනත් හදනවා. අනිත් එව්වා නම් මෙනූ එකේ කොහොමත් තියෙනවා. නිතර බල කරවල නැතත් වේලුණු හාල්මැස්සෝ, කීරමින් එහෙම තෙල් දානවා. අපි නං පුතා ලංකාවෙන් පිට කියලා නැහැ. ලංකාවේ ක්‍රමේට එලට හදාගෙන බඩ පැලෙන්ඩ කනවා. (ලංකාවෙන් එද්දි පරිස්සම් කරන් ආපු බඩ දැන් ටික ටික ඉස්සරහට එනවා බං)
    ඒක නෙමෙයි.. හොඳ වෙලාවට උඹ වැටුණේ. ඇඟපත රිදුණේ නැත්නම් ඇඟක් තියෙනවද කියලා තේරෙන්නෙත් නැහැනේ නේද බං... බාත්රූම් එකට ඩැමේජ් එකක් වුණේ නැහැනේ..?

    ReplyDelete
  32. අයියෝ බියර් බීලා හරියන්නේ නෑ දෙකක් දා ගත්තනම් ඇඟේ අමාරු ඔක්කෝම වාෂ්ප වෙලා යන්නේ . . හික් හික් . . උඹට බෙහෙත් බීපන් කිව්වට වැඩක් නෑ නෑ බන් ඊට හොඳයි මෙහෙම කියන එක . ..

    ReplyDelete
  33. හප්පා, මොකද උනේ?
    :D
    අර දුප්පත් බත් වේල නම් මරු. මටත් බඩගින්නක් ආවා නෙව ඒක ගැන අහලා.

    ReplyDelete
  34. කැම වෙලනම් මරු...
    සෙට් වෙන කොට පොඩි කරවල කැල්ලකුත් බැදගත්තනම් මරු මචන්...
    මටත් ලංකවෙ ඉන්න තරම් රසකැමනම් ලැබුනෙ නැ මෙහෙදි...
    එත් දැන්නම් ලංකවෙ කැම ගන්න තැන් දන්නව.....

    කරවලනම් අපි හදනව...
    දවස් 2කෙන් වෙලෙනව....
    එලියෙ වැඩකරන මිනිස්සුන්ට කොහොම ඇතිද?
    ජය ශ්‍රි මචන්...

    ReplyDelete
  35. තෙරුවන්සරණවෙවා!
    පින්වත් මාරය්යෙ,මට පොඩිවැරදිමක් උනෙ, හිත රිදුනානම් සමාව බජනය කරමි.මම මෙ කොමාත් එක්ක තාම හරියට වැඩ දාන්න දන්නෙනෑ. මාරය්යගෙ බ්ලොග් (2010-9-17 ) එකෙ ජඩවතුර බොන ආටිකල් එකකට තමයි කලින් අදහස ඉදිරිපත් උනෙ.
    එතුලින් මත්වතුර බිමට ඇබ්බැහි වු බවයි වැටහුනෙ. ඒනිසා මට ඕන උනෙ ඉන්මුදවා ගැනිමටයි…..



    ඒවා මෙරටට පුරුදු කෙළ් ජඩ සුද්දො නොවැ, ඒබව මටත් වඩා හොඳින් මාරය්යා නෙ දන්නෙ. ඒනිසායි පරදෙසක්කාරඉන්ගෙ ජඩ වැඩපුරුදුවිමෙන් ජඩයෙක් නොවෙන්න කියා ලියුවෙ,තරහකට නොව හිතෙ ඇති සින්හල කමටයි.

    වසවර්තියා

    ReplyDelete
  36. තෙරුවන්සරණවෙවා!

    ‘පින්වත්, කතාව ගැනත්, ‘මනුශ්ය, කතාව ගැනත්, බොහොදෙ ලියන්නවෙයි වාගෙ. නුවණ ගැනත් ,එසෙමයි. . ඒ ගැන කෙටියෙන් කීවොත්, අභිධර්මය නිවැරදිව ඉගෙන ගත්තොත් වටහාගනීවි.එසෙනොවුනොත්… තමන්ෙග්ම මතය තහවුරු කරගන්න තමයි ඔය කොයිකවුරුත් උත්සහ ගන්නෙ. ඒකයි ස්වභාවය.

    පින්කිරිමෙන් තමයි මිනිසත්බව ලැබගන්නෙ. එහි වරදක්නෑ.නමුත් ඒවා තෙරුම් කරගැනීමෙ අකාරය රතමයි වැරදි තිබෙන්නෙ.
    පින නිසා මනුස්ස පටිසන්දියක් ලැබුනත්, ඒ පින කරගන්නා මොහොතෙදි සිතෙහි ඇතිවු තත්වයන්ගෙ හෙතුන් නිසාවෙන් ෙබෟද්ධ අෙබෟද්ධ වෙනවා. ණුවණ ඇති නැති ස්වභාවයත් එසෙමයි. පොසත්,දුප්පත්විමත් මෙ කරුණට එකතුවුවත් සාන්සාරිකවශ ගෙනා ෙද්ද ඊට උපනිස්සය සම්පත්තියක් ලෙසින් ෙහ්තුභුත වෙනවා.
    අන්න ඒ නිසාතමයි විෙෂ්ශයෙන්ම ක්ෂණ සම්පත්තියෙන් යුත් සින්හල ෙබෟද්ධ මනුස්සයන් පින්වත්බවට වඩාත් උචිත වන්නෙ. අභිධර්ම්යෙ චිත්ත කාණ්ඩයෙන් වැඩි විස්තර උත්සහවන්ත්යින්ට සහ ණුවනැති අයට දැනගැනීමට හැකිවෙවි.
    යලි හමුවිමෙ...

    වසවර්තියා

    ReplyDelete
  37. තෙරුවන්සරනණවෙවා!
    මනුශ්ය,කියන්නෙ මනසින් උසස්නිසායි.මනසින් උසස්වන්නෙ කොහොමද? මනසින් සිතා මෙදෙ වැරදියි, මෙදෙ නිවැරදි,යි යනුවෙන් සිතා වැරදි දෙයින් වැලකී නිවැරදිදෙ කිරිම තුලින් තමයි ම්නුස්ස වන්නෙ.

    මිනිසා විසින් කරන කියන ෙද් සහ සිතන පතන ෙද්වල් පන්ච සීලයට සහ දසකුසලයට අනුව කෙරෙත්නම් ආං ඒකෙනාම මනසින් උසස්නිසාම මනුශ්ය වෙනවා. දැං ඉන්නා එවුන් මනුස්ස නොවෙයි මනුස්ස පතිරුපකයොයි.
    වැරදි කියන ඒවා සාමාන්ය ජනතාවට තෙරුම් ගැනීමට හැකිවන්නෙ බොහොම ටිකක් පමණි. අභිධර්මය ඉගෙනගත් අය ඊටත් වඩා බොහො වටහා ගනු ඇත.
    මෙය බොහො විස්තර කළයුතුව ඇතත් පසුව සලකාබලමි.
    ඒ නිසා මාරයියෙ, හොදින්තිබෙන සිහිය බිමතින් නැතිවෙනවානම් එය අණුවණ කමද? ඥාණවන්තකමදැයි නුඹට එය තෙරුම් ගැනීමටනොහැකිනම් පොඩිළමයෙක්ගෙන් අසා දැනගනිං….. නුඹෙ යහපත පතන මා, වසවර්තියා…...
    තෙරුවන්සරනවෙවා!

    ඒඋනාට පින්වත්මාරය්ෙය්, පැවිදි ජීවිතය තරම් නිදහස්,නිවහල් ජීවිතයක් මෙ මිනිස් ලොව පමණක් නොව තුන්ලොක ධාතුවෙම කොතනකවත් නැත.(මිනිසුන් හිතන අයුරෙන්) යම් සතුටක් තිබෙනවානම්,….සොයනවානම් සතුටක්…. ගිහි ලොකයතුලින්…. ඒ සතුට, යන වචනයෙ අර්ථයවත් දනීදො? මන්දා….
    සතුටත් සමග පෙරපසු නොවි එන ඊළඟ කාරණය තමයි දුක.හරියට මුහුදෙ රැලි වාගෙයි….
    පින්වත්මාරයිෙය්, නුෙඹ් යහපත පතන මා,
    වසවර්තියා.

    ReplyDelete