13 September 2010

හුග දවසකින්...

කාලෙකට පස්සේ අද පොඩ්ඩක් සහනයක් ගන්න හිතුවා.
කස්ටිය දන්නේ නැති උනාට ඔං මම පහුගිය ටිකේ මගේ යාළුවාව ඇසුරු කලේම නැහැ..මම හිතන්නේ සති දෙකකටත් වැඩියි වෙන්න ඔන.
හේතු කිහිපයක් තිබුනා.
එකක් තමයි ඔන නැහැ කියලා හිතීම...
තවත් එකක් තමයි මට කරන්න තිබුනු වැඩක් හින්දා හොඳ සිහියෙන් ඉන්න ඔන වෙලා තිබුණා.
ඒ විතරක් නෙවෙයි ඉතින් ටිකක් අසනීපත් උනානේ...

කොහොම උනත් ඒ දවස් ටිකේ මම උන්නේ මැරිලා වගේ කිවුවොත් හරියටම හරි.
කරන්න තිබුණු වැඩෙත් යම් කිසි මට්ටමකට ඉවරයි.
අසනීප ගතියත් ඉවරයි.
බොන්න ඔනේ කියලත් හිතුනා.
ඉතින් වෙන මොනවද..හවස යක්කල ගියා බඩු ගෙනාවා..
රයිස් එකකුත් දා ගත්තා.
බයිට් කරත්තෙන් ඉස්සෝ වඩෙ,බැදපු මාළු එහෙමත් අරගත්තා.
කොල්ලා ගෙදර..දැන් ඉතින් ජීවත් වෙනවා වගේ දැනෙනවා.

මට වෙලාවකට හිතෙනවා අර ෂෙල්ටන් මුතුනමගේ කියන අවන්හලක කියන ගීතය කොයිතරම් අපූරු ගීතයක්ද කියලා...
මටත් ඒ වගේ උනානම්...

අනේ මන්දා වැඩිදත් කියලා.
කොහොම උනත් හුග දවසකින් මුකුත් නැතිව අමුවටම හිටපු හින්දා ළග නැමුවා දෙතුන් පාරක්ම..

කවුරු කොහොම කිවුවත් මෙහෙම හොඳයි අප්පා..
ඒත් ඉතින් කට්ටිය බනින්නේ මගේ හොඳට කියලා දන්නවා.
අනේ මම දන්නේ නැහැ මට දැන් ඔවා හිතන්න අමාරුයි.

මට අද අපේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ජීවිතේ මතක් උනා.
හරි අපූරු කාලයක් ඒක..
මම හිටියේ කැප්පෙටි පොළ පොලීසියේ.
උදේ පහට නැගිටින්නේ..ඒක කොයි තරම් ලේසිද කියලා හිතුනේ ගුවන් හමුදාවට ගිහින් දියතලාව කඳවුරෙදී පාන්දර හතරට නැගිටින කොට තමයි.
ඒ විතරක් නම් මදැයි..කළුතරදී රෑ දහයට නිදා ගන්නවා..
දියතලාවෙදී එකොළහට..
බඩුම තමයි.

හැබැයි ඉතින් දියතලාවෙ කෑම සහ කළුතර කෑම ගත්තම දියතලාව හොඳයි.
කළුතර කෑම ඉතින් ඔනම නැහැ.
මට මතකයි මම ඒ දවස්වල ගෙදරට දාපු ලියුමක කෑම ගැන කියලා ඇරියා.
ඔක දැනගත්තු අපේ මහප්පාගේ පුතා..ඒ කියන්නේ මගේ අයියා කෙනෙක්සහ උන්ගේ නංගීලා දෙන්නා මට එවපු ලියුම..
අප්පච්චියේ අදටත් ඒක මං ගාව තියෙනවා.
උං ඒකේ රූකඩයක් ඇදලා..
ඒ මදිවට ලියලා..
අඩෝ උඹ කොට කලිසමකුත් ගහගෙන පරිප්පු හොද්දට බැහැපං කියලා.

කළුතර පරිප්පු කියන්නේ අනිවාර්යය දෙයක්.
උදේට පරිප්පු හොඳි එක්ක පාන්..හැබැයි ආසාවට එක පරිප්පු ඇටයක් ඒ හොද්දේ නැහැ.
සුවදෙන් තමයි කියන්නේ ඒ පරිප්පු හොඳි කියලා.

දවල් කෑමටත් පරිප්පු තියෙනවා..අර උදේ හොද්දෙන් ගොඩ දාපු පරිප්පු ටික එළියට එන්නේ දැන් තමයි...හොදි බිංදුවක් නැහැ.
ඉතින් ඔයාලා හිතනවාද රෑට පරිප්පු නැහැ කියලා..
පිස්සුද..
මෙන්න රෑට දෙනවා..මොනවද..පරිප්පු..හැබැයි නිකං පරිප්පු නෙවෙයි කඩල පරිප්පු...
දැන් මෙ මම මෙ වගේ ෆිට් ශරීරයක් හදාගෙන තියෙන්නේ ඒ කෑව පරිප්පු කන්දරාවට පින් සිද්ධ වෙන්න තමයි ඔං...

මට අද කළුතර පීටීඑස් එක මතක් උනේ වෙන දෙයක් හින්දා නෙවෙයි..
එහෙදී අපි නාපු හැටි මතක් වෙලා.

අපේ හැම පොලිසියකටම වගේ නාන ළිදක් තියෙනවා.
පැය බාගයක් වැනි කාලයකදී හතළිහක් විතර ඔය ළිදෙන් නානවා කියන්නේ ලේසි පහසු කාරියක් නෙවෙයි.
බාල්දි දෙකයි ඔක්කෝටම...

ඉතින් සමහරු සබන් පෙට්ටි පියනෙනුත් නානවා.

මම මොකද කලේ වෙල්ෆෙයා ෂොප් එකෙන් ගත්තා ලොකු ප්ලාස්ටික් ජෝගුවක්..
දැන් ඉතින් ඒක තමයි මගේ බාල්දිය..
රෙදි හෝදන්නෙත් ඔකෙම තමා.
ඒ විතරක් නෙවෙයි හීටරෙ ගහලා වතුර එකක් උණු කරගෙන තේ හදන්නෙත් ඔකෙම තමා.
මල්ටි පර්පස්..
ඇත්තටම හමුදා පුහුණුවට ගිය කාලේ මගේ ඔය වැඩ පිළිවෙළ හරි උපකාරී උනා මට..
නැත්තං ඉතින් අඩි පහයි අගල් හතරක් උස පුංචි පහේ හාදයෙක් උන මාරයා කොහොමද නවසිය හතළිස් හත් දෙනෙකුගෙන් පනස් හතර වැනියා වෙලා කෝස් එක හමාර කරන්නේ..

ඒහෙම නොකළනං මටත් වෙන්නේ ජූනියර් නම්බර් එකක සදා උරුමක්කරු වෙලා මුළු කෝස් එකටම තේ ඇද ඇද ඉන්න තමයි..
හප්පා ඒ දවස්වල නැහුනු නැහිල්ලක් මට තාමත් හති.

අද නං මට හොඳටම වැඩියි වගේ..මෙයිට වඩා ලියන්න ගියොත් මොනවා ලිය වෙයිද දන්නේ නැහැ.
*********************************************************************

අපොය් මට බැහැ. දැන් මට මාව කොන්ටේ්‍රල් නැහැ.

15 comments:

  1. මෙන්න එ පාර පොලිසියෙත් හිටියලු... මූ නං මාරයෙක්ම තමා...

    ReplyDelete
  2. පරිප්පු පරිප්පු පරිප්පු

    ReplyDelete
  3. මාරයා ඔයා නොකලේ මොකක්ද ?

    ReplyDelete
  4. හැබෑටම පොලීසියෙන් අස්වෙලාද මාරයෝ ..??
    නැත්තන් පොලෝසියෙන් අස්වෙලා එනකනුත් බලාගෙන ඉන්න වෙයි ආය දවසක..

    ReplyDelete
  5. ඈ බොල මාරයෝ, උඹට තව ලියන්න කතා සැට් 2- 3ක්ම තියනවනෙ. පංසලේ කතා සැට් එක ඉක්මනින්ම අහවර කරලා, (කලින් ලිපියෙ කිව්ව ප්ංඩිත කතාවෙ විදිහට කොට කරලා ලියල නොවේ) ඔය පොලිසියෙ, හමුදාවෙ කතා ටිකත් ලිව්වනම් පංකාදුයි.
    සූර් හිදුනම තව කතා වක් අලුත් ගැම්මකින් ලිව්වනම්...!

    ReplyDelete
  6. යකෝ මූ "මාර" පොරක් නෙ. මුළු ත්‍රිවිධ හමුදාවෙම ඉඳලානෙ. තව ටික දවසකින් කියයි මම නේවි එකේ ඉන්න කාලෙ.... කියලා. ඔය කිවිවට තාමත් රහස් ඔත්තු සේවෙද දන්නෙත් නැහැ. අර පංස‍ලේ හිටියෙත් රහස් පොලිස් ද? මොක උනත් කමක් නැහැ ඔය බොන එක නම් ටිකක් වැඩියි වගේ.

    ReplyDelete
  7. සූර් වැඩි උනාට කමක් නෑ. අර බලු කතාවත් කියහං....

    ReplyDelete
  8. නැත්තං සීනියර් මැන් කියලා බලන්නැ හොදේ.......

    ReplyDelete
  9. බෙදා ගනින් උඹේ අත්දැකීම් ඔක්කොම අපිත් එක්ක. අපි හරි ආසාවෙන් ඒව කියවන්නම්. හැබැයි පුතෝ තනියම බොන එකට නම් මම එකඟ නෑ. බොන්න ඕනෙ සෙට් වෙලා. එතකොට තමයි ඒකෙ රහ තියෙන්නෙ.

    ReplyDelete
  10. දුමියාගේ කතාවට සපුරා එකඟ වෙමි.. තනියෙන් නැමූ විට මට නං මෙලෝ රහක් නැත...

    ReplyDelete
  11. ඔය කියන විදිහට ස්කෝලෙ යන්න... වින්කලේ වැඩ කරන්න.. පොලිසියට යන්න... හමුදාවට යන්න.. මහන වෙන්නන.. එතනින් පැණල එන්න .. දැන් කරන රස්සාව කරන්න මාරයෝ ඔයාට හැබෑට දැන් 60ටත් කිට්ටු ඇති නේද...

    හැබැයි එක දෙයක් මෙහෙම කියනවට අමනාප වෙන්න එපා... කිසිම වැඩක් කාලයක් කරන්න බැහැ කියන එක නම් හොද දෙයක් නෙමෙයි...

    මට පේන විදිහට ඔයාට කාලයක් පුරාම රදා පවතින්නේ ඔය බොන වැඩේ ද මන්ද...

    අනේ මන්ද...

    ReplyDelete
  12. මාරයා යනු....
    "තනිකම ආත්මය කරගත්.. වින්දනීය මනසක.. උරුමය ඇතුව උපන් තවත් එක කරුමක්කාරයෙක්...
    හැඳින්වීමෙන් මෙහෙම කියුවට ඔය "කරුමක්කාරයෙක්..." කියන වචනෙ අයින් කරල "මාර මිනිසෙක්" කියල දාමුකො බං......
    ජීවිතය මීවිතෙන් වහන්නෙ නැතුව, මීවිත ජීවිතෙන් වහන් කොරන්න උත්සාහ කොරානම් යහපත්....... "බැරිම නම්" වහන් වෙලා ඩිංගිත්තක් හලා නොගෙන වෙන කුමක් කොරන්නද නේද.... හැබැයි බැරිම නම් විතරක්....

    ReplyDelete
  13. @ උන්නැහේ (පිලේ පැදුර)...

    ඇයි අප්පච්චියේ මම ඔක කළින් කියලා නැතෙයි..?

    @වැප්...

    වැරදියි..
    පරිප්පු,පරිප්පු,කඩල පරිප්පු

    @ රාවණාලන්තයේ රාවණා...

    අපෝ තව හුගක් දේවල් තියෙනවා.

    @ nimanthi...

    අනේ අම්මෝ..ඒ දවස්වලම අස්උනා.

    @ AmilaArt...

    ලියන්න නං කථා එමටයි..ඒත් ඉතින් මෙ ලියන්න තියෙන අමාරුව තමයි අප්සැට් එක

    @ Ishara...

    තාත්තේ මම ආමි..කිවුවළු..
    අනේ පුතේ උඹ නේවි කියලා හිතලා මම දානයකුත් දුන්නා කියලා..තාත්තා කිවුවළු...

    @ බුද්ධි...

    ජෙෂ්ඨ උත්තමයෙකුට කල අපහාසයට දඩුවම් ලෙස අද දෙනවා පනිෂ්මන්ට් එක..
    දවල් දොළහ වෙනකොට කෙහෙල් කොටුව ගාවට වරෙන් පැක් එකත් දාගෙන..
    අද පැක් ඩ්‍රිල්...

    ReplyDelete
  14. @ දුමී...

    මොනවා කරන්නද ලොක්කා අහල පහළ නැහැනේ මට සැට් වෙන ජාතියේ එවුවෝ..

    @ වැම්පයර්...

    තනියම නැමූ එකේ ආතල් දැනෙන්නනං..
    පසෙකින් වික්ටර් රත්නායකගේ ගී රාවය හීනියට ගලා එන්නත් ඔන..
    හිතට දැනෙන දේ අකුරු කරන්නට අවශ්‍ය කළමනාත් තියෙන්න ඔන..

    @ wath...

    අපොයි තවම 31යි.

    වෙනස්වන ලොකයත් එක්ක කාලෙන් කාලෙට එක එක දේවල් කරන එක තමයි මගේ පුරුද්ද..

    කළින් කලට පළින් පල කිවුවළු...

    @ කංචු...

    කරුමය උරුමය කරගත් කල..කරුමක්කාරයෙක් බිහි වෙ..
    ඉඳින් මා කරුමක්කාරයකු නොවන්නේ මන්ද..?

    ReplyDelete
  15. @ wath...

    අපොයි තවම 31යි.

    මාරයිනේ...ම‍මත් ඔය වයසෙ උනාට මට තාම පුළුවන් වුනේ ජොබ් දෙකකට සෙට්වෙන්න විතරනේ...එහෙම බැළුවම මාරයා නම් මාරයි....

    ReplyDelete