19 September 2010

සිතේ දුක කඳුළකට හැරිලා..

දිනෙක පෙරදා..
සයුර කළඹා..
හැමූ මහ සුළී සුළං පරදා..

නුඹෙ සුසුමින්..
නුඹෙ හැඩුමින්..
මගේ සිත කැළඹී ගියා..

නෙතේ රැඳිලා..
වතේ වෙළිලා..
සිතේ දුක කඳුළකට හැරිලා..

නුඹෙ නාමෙන්..
මගේ පැතුමන්..
සදාකල් බොඳ වී ගියා..

11 comments:

  1. maru ayiyea...
    bokkenma dhiila thiyanawaa.

    ReplyDelete
  2. වැඩක් නැහැ බං
    පිස්සු කෙලලා
    යන්න ගිය ලව් එකක් හොයලා

    මතක් කර කර
    කඳුළු හැලුවට
    නොඑන බව උඹ දන්නවානං

    ඕන _ _ _ _
    වෙන්න කියලා
    අල්ලලා දාපන් බොළඳ වැඩ

    එල ම කෙල්ලෙක්
    සෙට් වුණෝතින්
    උඹට තේරෙයි කොරපු මෝඩකං

    ReplyDelete
  3. මාර කවි කියන්නෙ මේවට වෙන්ඩ ඇති නේ....

    මාරයි ඈ...

    ReplyDelete
  4. හ්හ්ම්ම්..
    කවිය නම් මරු..

    ReplyDelete
  5. ම්...............දුක්බරයි ලස්සනයි

    ReplyDelete
  6. කවිය නං මරු තමයි.
    අර කියල Jeew තියෙන එකත් හරි තමයි.

    @ මාරයා, මේ දවස්වල මගේ නෙට් එක පොඩ්ඩක් අවුල්.

    ReplyDelete
  7. ලසනයි පද පෙලිටික බොක්ක්ටම් අවදිනවා...

    එත් මෙක ඈතුලේ ලොකු කතාවක් තියන්වා වගේ හිතෙනවා අයියා..

    මොනව උනත් හිතටනම් වෑටෙන්න් අදෙන්න් එපා....

    පරිසමින්

    ReplyDelete
  8. මචං කියෙවුව කතා සෙට් 1කම,
    හැගිම් බර උනා, දුක හිතුන, හිනා ගියා...
    උබ නියම ක්‍රියෙටිවු පොරක් මාරය...

    තව දෙයක්...
    1ක වගෙ හැගිම් තියන සෙට් 1ක් මෙතනට සෙට් වෙන්නෙ...
    හොද මානුශිය සංවෙදි පිරිසක්...

    ජයවෙවා....!!

    ReplyDelete
  9. "නුඹෙ නාමෙන්..
    මගේ පැතුමන්..
    සදාකල් බොඳ වී ගියා.. "
    ඒ කියන්නෙ ආයෙමත් හිත ඒ පැත්තට නැතිවග ද ??

    ReplyDelete
  10. මහා සුළඟටවත්
    සුලං කෝඩයටවත්
    සුළි පිට සුළි නගා
    මොර දෙන ආකාශයටවත්
    නොවන් සබඳ බිය මොහොතක්
    අකාලික නොවන
    මේ සසරේ
    ගෝරනාඩුව අහවර වී
    නිල්වන් අහසක්
    සුදු වළාවන් පිරිවරා
    ගුවන සිසාරා
    පායන්න ඉතා ළඟයි...

    ඉවසන්න හිමීට හිමීට...
    රිදෙන්නේ
    ගොරවපු අහසටයි
    ඉවසපු ඔබට
    නොවෙයි

    ReplyDelete