03 September 2010

පන්සලේ ජීවිතේ...සංවාදයක් සහ අතීත කථාවක්... .

"චන්දවිමල හාමුදුරුවෝ මම මහණ වෙන එකට අකමැතිද..?"

"නෑ..ඒ මොකද..?"

"නෑ හවස මම අර මනුස්සයා ආ වෙලේ දුන්න මුදල භාර නොගත් නිසා මට එහෙම හිතුනා."

"නෑ ඉතින් එ මනුස්සයා ඒක දුන්නේ ඔයාටනේ.."

"ඒ උනාට හාමුදුරුවෝ මම මෙච්චර කලක් මෙතන හම්බවෙන පොඩි මුදල උනත් දුන්නේ හාමුදුරුවන්ටනේ.."

"ඒ ඉස්සරනේ දැන් මෙතන අයිතිකාරයා වෙන්නේ අයියානේ..ඒ හින්දා අයියම ඒවා තියා ගන්න.."

"චන්දවිමල හාමුදුරුවනේ.. මට සල්ලි ඔන නැහැ. ඒවා ඔබ වහන්සේ අතට ගන්න.. මම පිළිවෙළකට මෙ පන්සල හදලා දෙන්නම්.. මම හුග කාලයක් මෙකේ ඉන්නේ නැහැ. අපි මෙක ගොඩ දාමු. ඒ පින අපි දෙන්නටම තියෙයි.
ඊට පස්සේ මම යනවා. ඔබ වහන්සේට පුළුවනි මෙතන කරදරයක් නැතිව වැඩ ඉන්න."

"අනේ මෙ මට පිස්සු නැහැ මේකේ ඉන්න..මාත් පුළුවන් වෙච්ච ගමන් යනවා යන්න..."

තව දුරටත් කතා කළ හැකි යමක් නොවිණි... මීට පෙරද චන්දවිමල හිමියන් සිවුරු හැර දා යෑමට උත්හස කර තිබුණද එය අසාර්ථක වී තිබිණි.

එවිට නාරද හිමියන්ද පන්සලේ වැඩ සිටියේය...

මා මගේ ගුවන් හමුදාවෙ ගත කල අවදිය පිළිබඳ කියූ කතාවක් අසා ඒ පිළිබඳව උනන්දු වූ චන්ද විමල හිමියන්හට ගුවන් හමුදාවට යෑමෙ ආසාවක් පහළව තිබුණි.

එයට නාරද හිමියන්ද අනුකූල තාවයක් දැක්වූ හෙයින් ඒ සඳහා මා උදවු කිරීමට පොරොන්දු විණි.

ඒ අනුව උන්වහන්සේට අවැසි ගිහි ඇදුම් පැළදුම් මවිසින් සකස් කර දුනිමු.

එක් දිනක පාන්දර හතරට පමණ පන්සලෙන් පිටත් වූ අප රත්මලානේ වැඩ විසූ උන්වහන්සේගේ සහෝදර භික්ෂුවක් හමු වී එහිදී සිවුරු මුදා හැර ගිහි ඇඳුමින් සැරසී ගුවන් හමුදා මූලස්ථානය වෙත ගියෙමු.
ගිහි ඇදුමින් සැරසී ගත්තද හිමියන්ගේ ඇවතුම් පැවතුම් එක්වරම වෙනස් වන්නේ නැත. රත්මලානෙන් බසයට නැගි පසු ඉදිරිපස අසුන ළගට වී සිට ගත් හෙතෙම මදෙස බැලීය.. මා කාරණාව තේරුම් ගෙන චන්දවිමල හිමියන් නැතහොත් ඒ මොහොතේ නම් ගුණසිරි නම් වූ මා හිතවතා අසලට ගොස් කණට කොඳුරා...

ඔතනට වෙලා ඉන්න එපා දැන් කවුරුවත් සීට් එක දෙන්නේ නැහැ..අපි යං පස්සට..යැයි කියූ විට තත්වය තේරුම් ගත් ඔහු සිනාසී මාත් සමග බසයේ පසුපසට වී ඉඩ ඇති තැනකින් වාඩි වී ගමන් ගත්තේය.
මෙම සිදු වීම අප පසු කලකද සිහි කරමින් විනෝද වූයෙමු.

කෙසේ හෝ ඔහුව ගුවන් හමුදා බඳවා ගැනීමෙ පරීක්ෂනය සඳහා ඉදිරිපත් කල මා සිවුරු රෙදි රැගත් බෑගයත් සමග නැවත ආපසු පැමිණියේ හෙට දින රත්මලාන පන්සලේදී නැවත මුණ ගැසීමට කතිකා කොට ගෙනය...

නැවත දහවල් වන විට පන්සලට පැමිණි මා නාරද හිමියන්ට හා සුමෙධ හිමියන්ට සුදු වූ සියල්ල පවසා ඉන් පසු අප පෙර සේම දිනය ගත කලෙමු.

රාත්‍රී දහයට පමණ පන්සලේ ජනේලයට තට්ටුවක් දැමූ චන්ද විමල හිමියන් අප අමතනු ලැබීය...

වහා ගිහි ඇඳුමින් සැරසී සිටි ඔහුව පන්සලට ගත් අප සිදු වූ සියල්ල විමසා සිටි අතර.. නාරද හිමියන්නම් ගිහි වෙසින්ම පන්සලට පැමිණිම පිළිබඳවත් හෙට දින මා පැමිණෙන තෙක් නොසිටීම ගැනත් චන්දවිමල හිමියන්ට බැණ වැදිණි.

කෙසේ හෝ නැවත සිවුරු පෙරවාගත් චන්දවිමල හිමියන් සිදු වූ සියල්ල විස්තර කලේය...

උස මැනීම්, ඇස් පරීක්ෂා කිරීම් ආදී කායික පරීක්ෂණ අවසානයේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා වූ අවස්ථාවෙ යම් ගැටළුවක් පැණ නැගී ඇත..

එනම්....
පිරිවෙන් අධ්‍යාපනය ලද චන්ද විමල හිමියන් පිරිවෙනේ පවතින මූලික පංති පහ අවසන්ව පිරිවෙන් අවසානය නම් වූ සාමාන්‍ය පෙළ විභාගයට සමාන්තරව පැවැත්වෙන විභාගය සමත්ව තිබූ අතර එම විභාගයේ ප්‍රථීඵල මත උසස් පෙළ විභාගය කලා අංශයෙන් උගෙන තිබිණි.

උසස් පෙළද යම් තරමකින් සමත්ව තිබුණද ගුවන්හමුදාව විසින් සාමාන්‍ය පෙළ සහතිකය ඉල්ලු විට දුන් පිරිවෙන් අවසාන සහතිකය වලංගු නොවන බවත් සාමාන්‍ය පෙළ නොමැතිව බඳවා නොගන්නා බවත් පවසා ඇත.
ඉන් පසු පරීක්ෂණ භූමියෙන් පිටත්ව ගිය ගුණසිරි..යායුතු අතක් නොමැතිව කොටුව දුම්රිය ස්ථානය සොයාගෙන ගොස් දුම්රියේ නැගී නුවර බලා පිටත්ව ගොස් 'දළදාව' වැඳ පුදා..නැවත බසයක නැගී රෑ බොවන විට පන්සලට පැමිණ තිබේ...
එයින් පසු හමුදාවට බැඳීම සඳහා වූ ආශාව අත හැර තිබූ චන්දවිමල හිමියන්ට සාමාන්‍ය පෙළ විභාගය කිරීමට ඇවසි විය.
නමුත් වියදම් කිරීම ගැටළුවක් විණි. එහිදී මවිසින් නගරයේ පන්සලට ගොස් ගුණරතන හිමියන් මුණ ගැසී එයට පිළියමක් සපයා දුන්නෙමි.

ඒ දින වල ගුණරතන හිමියන්ගේ පන්සලේ සාමාන්‍ය පෙළ සදහා පෞද්ගලික ගුරුවරුන් විසින් පංති පවත්වනු ලැබූ අතර මවිසින් කළ ඉල්ලීම අනුව එම ගුරුවරුන් සමග කතා බස් කොට ගුණරතන හිමියන් විසින් නොමිලයේම චන්ද විමල හිමියන්ට ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රිසී යන විෂයන්ට ඉගෙනීමට අවස්ථාව සලසා දෙන ලදි. අනිකුත් විෂයන් සම්බන්ධව මා විසින් වගකීම භාර ගත් අතර දායිකාවක වූ ගුරුවරිකට පවසා දහය හා එකොළහ වසරට අඳාළ පාසල් පෙළ පොත්ද සපයා දුන්නෙමි.

නමුත් දින කිහිපයක් පන්ති සඳහා සහභාගී වූ උන්වහන්සේ කම්මැලි වීය..පන්ති යෑමත් ඉගෙනීමත් අතැර දැමීය..
විභාගයේ ආසාව අතැර දමා වෙන දෙයක් උනාවෙ යයි පවසා නිහඩ වීය..

උන්වහන්සේගේ තීරණයට ඉඩ දුන් මා නිහඩ වීමි.

කෙසේ නමුත් මා පැවිදිවීම පිළිබඳව මුලින් සතුටු වූ මුත් පස්සෙන් පහු උන්වහන්සේගේ වැඩි කැමැත්තක් නැති වග මාහට දැනුනි. මෙ අතර 'සුමෙධ' හිමියන්ද හදිසියේ පන්සලට වැඩම කරන ලදි.
ඒ වැඩම කොට චන්දවිමල හිමියන් සමග යම් කතාවක නිරත වූ අතර මා කුමන හෝ වැඩක නිරතව සිටියෙමි.
පසුව මා සමග කතාවට වන් සුමෙධ හිමියන්..

"මල්ලී දැන් මෙහෙ මහණ වෙනවාළු නේද..?"

"එහෙමයි සුමෙධ හාමුදුරුවනේ හිතන් ඉන්නේ..."

"ඔයා කැමති නැද්ද වෙන පන්සලක මහණ වෙන්න.. මම දන්න කියන තැන් තියෙනවා."

"ඒ මොකද සුමෙධ හාමුදුරුවෝ..?"

"නෑ නිකං..."

"මෙකනේ හාමුදුරුවනේ දැන් මම මෙහෙ හැමෝටම වචනේ දීලානේ තියෙන්නේ..ඇරත් මෙහෙ මහණ උනා කියලා ප්‍රශ්නයක් නැහැනේ."

"ඒත් මෙක ලොකු වගකීමක්නේ..ඔයාට පුළුවන් වෙයිද මෙක කරන්න..."

"කොච්චර ලොකු උනත් කරන්න වෙනවනේ සුමෙධ හාමුදුරුවෝ...දැන් පස්ස ගහන්න බැහැනේ..."

"ඒකත් ඇත්ත තමයි...මම පොඩි කාරණාවක් කියන්න අමනාප වෙන්නේ නැහැ නේද..?"

"පිස්සුද සුමෙධ හාමුදුරුවෝ...මම කොහොමද ඔබවහන්සේ එක්ක තරහා වෙන්නේ..."

"මෙකයි මල්ලී...චන්දවිමල ඒ තරම් කැමති නැහැ ඔයා මෙහෙ මහණ වෙනවට...ඒත් මිනිහා ඒක කියන්නෙත් නැහැ. මටත් මෙ හදිසියේ පණිවිඩයක් යවලා ගෙන්න ගත්තේ ඒක කියන්න."

"ඒ ඇයි හාමුදුරුවනේ..චන්දවිමල හාමුදුරුවෝ සිවුරේ ඉන්නේ නැහැ කියලනේ කියන්නේ..දැන් ඉන්න තීරණය කරලද..? එහෙම නම් මම හාමුදුරුවොත් එක්ක එන්නම්."

"නෑ..නෑ... මිනිහා ඉන්නේ නැහැ..ඒත් දන්නේ නැද්ද..? පොඩි ඉරිසියාවක් වගේ දෙයක් ඇති වෙලා..
මිනිහාට මෙවා කරන්න බැහැ."

"මම හිතුවා ඔක..ඒත් මම හිතුවෙ නැහැ ඔබ වහන්සේ ලවා මෙහෙම කියවන්න තරම් උන්වහන්සේ හිතයි කියලා.
කොහොම උනත් මට ඔබ වහන්සේලාට පිටින් යන්න බැහැ. ඒ හින්දා අපි ගුණරතන හාමුදුරුවන්ටත් කියලා චන්දවිමල හාමුදුරුවන්ට පන්සල භාර දෙමු."

"පිස්සුද මල්ලී මෙ යකා මෙක භාර ගන්න සූදානම් නැහැ."

"එහෙනම්..."

"අනේ මන්දා... මිනිහා ඉන්න කැමති නැහැ..ඒත්..."

"මෙකයි සුමෙධ හාමුදුරුවෝ..මම කවදාවත් ඔබ වහන්සේලා කියන දේ අහක දාන්නේ නැහැ. පහු ගිය කාලේ උනත් චන්දවිමල හාමුදුරුවන්වත් බලා කියාගෙන මම හිටියේ ඔබවහන්සේලා මට කරපු උදව්ව නිසයි. ඒත් අන්තිමට චන්දවිමල හාමුදුරුවෝ එක දිගට දවස් ගණන් ඇවිදින්න ගියා. පන්සලේ කවුරුවත් නැහැ. අන්තිමට කොහොමටත් වැඩි බලාපොරොත්තුවක් නැතිව හිටිය මම මහණ වෙන්න තීරණය කලේ මට කෙසේ වෙතත් මෙ ඉන්න තැනටවත් යමක් කරන්න මට පුළුවන් කියලා හිතුන නිසයි. නැත්තං මට එන්න කියලා අහල පහළ පන්සල් ඔක්කෝගෙම ඉන්න හාමුදුරුවරු කතා කරනවා."

"මම දන්නවා මල්ලී..."

"ඉතින් එහෙම තියෙද්දිත් මම මෙතන මහණ වෙන්න තීරණය කලේ මම දවසක් හරි වෙලක් කාලා සැනසීමෙන් හිටිය තැන විනාශ වෙද්දී මට විතරක් ගිහින් වෙන පන්සලකට වෙලා ඉන්න නෙවෙයි. මටත් කරන්න පුළුවන් යමක් මෙතනට කරන්න. නමුත් චන්දවිමල හාමුදුරුවෝ මෙතන ඉන්න සතුටුනම් හැමදාමත් උන්වහන්සේට උදවු පදවු කරගෙන ස්ථානෙත් බලාගෙන ඉන්න මට පුළුවන්..හැබැයි හරි කෙළින් වචනයක් දෙන්න ඔන..."

"කෙළින් වචනයක් කිවුවෙ...?"

"ඒ කිවුවෙ මෙකයි...දැන් හැම දේම සූදානම් කරලා තියෙන්නේ.. දැන් මම අත ඇරලා ගියොත් මාව විශ්වාස කරලා මෙකට ලක ලෑස්ති උන හැමෝම කලකිරිලා ආයෙමත් පන්සල අත හැරලා දානවා. එහෙම උනොත් මම මහා ගුණමකු කමක් කලා වෙනවා.. අනික මම පහුගිය දවස්වල මෙකේ තනියම ඉන්න කොට මට මිනිස්සු තමන්ගේ දරුවෙකුට වගේ සැලකුවා. එහෙවු මිනිස්සුන්ට එහෙම කරන්න හොඳ නැහැනේ.. හැබැයි චන්දවිමල හාමුදුරුවෝ මෙහෙ දිගටම ඉන්නවා කියලා ඒ මිනිස්සුන්ට වචනයක් දෙනවනම් මට පුළුවන් මෙක ගමෙ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න..මොනවා උනත් ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්න ඔන..."

"මල්ලී කියන්නේ ඇත්ත තමයි..ඒත් චන්දවිමල ගැන දන්නවනේ එයා පුළුවන් වෙච්ච ගමන් සිවුරු අරින්නයි ඉන්නේ.."

"ඒක මම දන්න හින්දා තමයි හාමුදුරුවනේ මම මෙ තීරණේ ගත්තේ..නැතුව මට මහණ වෙන්න පන්සල් නැතිව නෙවෙයි. ඔබ වහන්සේත් දන්නවනේ........ගොඩ පිරිවෙනේ පරිවෙනාධිපති හාමුදුරුවෝ නෑදෑකමින් මට මහප්පා..මට මහණ වෙනවනම් හොඳම තැන තමයි එතන. ඉගෙන ගන්නත් පුළුවන්. ඒත් මට මෙ දිගටම ඉන්න කරන වැඩක් නෙවෙයිනේ.. මට ඔන මගේ ජීවිතේටත් අත්දැකීමක් ගන්න ගමන් මෙ තැනටත් හොඳක් කරලා..මෙ මිනිස්සුන්ටත් පිහිට වෙන එකයි.."

"හරි මල්ලී මට තේරෙනවා... ඔහොම කරගෙන යං..චන්දවිමල එක්ක අමනාප වෙන්න එපා."

"හාමුදුරුවනේ.. මම චන්දවිමල හාමුදුරුවන්ව පහුගිය කාලෙත් බලාගත්තා..උන්වහන්සේ තවම හුගාක් පොඩියි. ඇගපතින් ලොකු උනාට හිතන්නේ පොඩි එකෙක් වගේ.. මම ඔවාට තරහා වෙන්නේ නැහැ. ටික දවසකින් ඔවා හරි යාවී... කොහොමටත් මම උන්වහන්සේට වචනයක්වත් කියන්නේ නැහැ."

කතාව අවසන් විය...එදින පිටත්ව ගිය සුමෙධ හිමියන් නැවත මහණ පිංකමට පෙර දින වැඩම කොට පින්කමෙ සියළුම කටයුතු වලට සහය වීය... එයින් පසු පිටත්ව ගිය හේ අද වනතුරුත් මා දුටුවෙ නැත.

පන්සලට පැමිණි සුදු හැඳගත් පුද්ගලයා දුන් මුදල නිසා මට සිතන්නට බොහෝ දේ වීය...

ඉදිරියට පන්සලේ වැඩ කටයුතු කිරීමෙදී බොහෝම ප්‍රවෙසමින් කළ යුතු විය.

ලැඛෙනා සියල්ල විනිවිද භාවයකින් යුතුව පරිහරණය කළ යුතු වූ අතර චන්දවිමල හිමියන්ටද යැපෙන්නට දෑ සපයා දිය යුතුවිය.

කෙසේ වෙතත් මා හට අර කී පුද්ගලයා දුන් රුපියල් පන්සීයය ගුණරතන හිමියන්ට දුන් විට

"ඔක ඔයා තියාගන්න ඔන වැඩකට යොදා ගන්න" යැයි කියනා ලදි.

පින්කමට ඇවසි තරමටත් වඩා මුදල් ඒ වන විටත් ගම්මුන් විසින් උන්වහන්සේ වෙත පිරිනමමින් තිබිණි.

මා එම රුපියල් පන්සියය ආරක්ෂා කොට තැබුවෙමි. මන්ද යත් විහාරයේ දියුණුව පිණිස මා වෙත යම් අයකු විසින් ලබා දුන් පළමු මුදල වූයේ එම මුදලයි.

නාදුනන මා කෙරෙහි සිය හදවතින්ම විශ්වාස කොට තම දහදිය මහන්සියෙන් උපයාගත් මුදලක් මා අත තබා යන්නට තරම් ලෙන්ගතු වූ ඒ මිනිසාහට යම් පිනක් ලැඛෙන සේ එම මුදල මතු දිනක වියදම් කෙරෙමියැයි සිතා ගත් මා සෑහෙන කාලයක් යනතුරු එය සුරැකිව තැබූ අතර මාගේ මහණ වීමෙන් තුන් වසකට ආසන්න වෙද්දී මවිසින් ආරම්භ කරන්නට යෙදුණු චෛත්‍යය ගොඩනැගීමෙ කටයුත්තේදී මම එම මුදල එම පිංකම සඳහා එකතු කලෙමි.

අවසන මා පැවිදි භූමියෙහි සිටියා වූ අවසන් මාස කිහිපය අතරතුර අර පෙර කී පුද්ගලයා මිය ගිය අතර එසේ මියෑදෙන්නට කළින් රෝගාතුර වූ අවස්ථාවෙ එහි වැඩම කොට ඔහු හට සෙත් පිරිත් කියා ආශීර්වාද කොට ඔහු කළ පිංකම පිළිබඳව සිහිපත් කර දුනිමු. ඉන් දින කීපයකින් මිය පරළව ගිය ඒ මහත්මාගේ අවසන් කටයුතු සිදු කර අවසන්ව හත් දවසින් පින්කමෙ බණට වැඩි මවිසින් මෙම කතාව රැස්ව සිටි සැමට ප්‍රකාශ කරන්නට යෙදුණේ මා නෙතින් ගලන කඳුළු බිඳු සමගින්. වට අත්තට මුහුණ මුවා කර කඳුළු සැගවූවද..මගේ හඩෙහි වූ ස්වරය සියල්ලෝ හැදින ගත්තෝය.

අද මෙ ලියන මොහොතේත් දෑසින් පනින කඳුළුවැල් නවතා ලීමට හැකිවන්නේ මා හට නොවේ...
උන්දෑ හට නිවන් සැපම ලැබේවා...!

..................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

41 comments:

  1. තේරුම් ගන්න අපහසු ම මිනිස්සු ද මන්දා...

    ReplyDelete
  2. චේජනා...

    නැතුව ඉතින්...

    ReplyDelete
  3. මොනවා උනත් ලොකු පිනක්නේ ..කරගෙන තියෙන්නේ....ඒ රුපියල් 500 කොචර ලොකු වැඩක් කරන්න ඇද්ද.......?අපි බාලගෙන ඉන්නවා..

    ReplyDelete
  4. දුප්පත් මිනිහෙක් දහඩිය හෙලලා හම්බක‍රන රුපියල් 500 කොලේක වටිනාකම හුගක් වැඩියි.ඒක දනට පිනට දුන්නම ඒ වැඩි වටිනාකම තව කොච්ච‍රකින් වැඩිවෙනවද.

    ReplyDelete
  5. ඉලංදාරියා...

    ඔබගේ බලා සිටීම මා දිරිමත් කරවයි...

    ReplyDelete
  6. sithuwilimandiya...

    ඒ වගේ කථා නම් බණ පොත්වලත් අපමණයි...

    ReplyDelete
  7. හ්ම්ම්ම්.... කියන්න දෙයක් හිතාගන්න බෑ...

    ReplyDelete
  8. අසාධාරනෙන් හම්බ කරපු සල්ලි වලින් කෝටි ගණන් වල රං වැටවල් ගහනවට වඩා දහඩිය මහන්සියෙන් හම්බ කරපු රුපියල උනත් වටිනව.
    ලොකු පිනක් කරල තියෙන්නෙ.

    ReplyDelete
  9. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  10. ඒ මනුස්සයා අතමිට මොළවපු රුපියල් පන්සියය ඒ මනුස්සයට මහත් පිනක් අත් වන අන්දමින් පරිහරණය කරන්නට තරම් උත්සුක වෙච්චි අයියත් කරගෙන තියෙන්නේ ලොකුම ලොකු පින් කමක්!

    ReplyDelete
  11. මගේ මරණ ගෙදරත් වරෙන් ඈ දවසක ආරංචි වුණොත්....!

    ReplyDelete
  12. ඔබ වහන්සේ නම් මාර පොරක් . . . ! හරිම සංවේදියි මේ කතාව. . . අපරාදේ සිවුර ඇරියේ ... උඹල වගේ එවුන් තමයි බං පන්සල්වල මහණ වෙලා ඉන්න ඕනෙ . . . ! එහෙනම් මම තාමත් හාමුදුරුවන්ට වඳිනවා . . . !

    ReplyDelete
  13. විස්වාස කරන්න මාරයෝ . . . ඒ අත්දැකීම විඳපු උඹ කොයි තරම් හැඟීම්බර වෙන්න ඇත්ද කියලා හිතෙනවා මොකද ඒ අත්දැකීම සජීවීව විස්තර කරල ඒක කියවපු මගේ ඇස් වලත් කඳුලු . . .

    නිර්මානයක සාර්ථකත්වය මනින දුකාගේ මිනුම ඒ නිර්මානය හිනා යන එකක් නම් කඳුලු එනකම් හිනා යන්න ඕන කියන එකයි දුක හිතෙන එකක් නම් කියවද්දී / බලද්දී ඇස් දෙක තෙත් වෙලා කඳුලින් පිරිලා හිත බර වෙලා තීය්න්න ඕන කියල එකයි . . .

    ReplyDelete
  14. @දුමී...
    අයි බොල මං කියන්න ගිය එකම කිව්වේ...? :0

    @මාරයා...
    එකක් පමනක් කියන්නට ඇත.
    තෝ නං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරම පොරකි. :)

    ReplyDelete
  15. ගොඩ දවසකින් තමා වෙලාවක් ආවේ කියවන්න...ලිපි 4-5 එක හුස්මට කියෙව්වා.
    අර කතාවහරි... හොද හිතින්, නම් කියවගන්න අදහසක් නැතිවදෙන රුපියල වටිනවා යටි අදහස් තියාගෙන කරන උදව්වලට වඩා.
    අනික මට කියන්න අමතක උනා. ඔය කොනෙක්ශන් මාරු කරන වැඩේ ටිකක් පරිස්සමෙන්. ගොඩක් වෙලාවට ඔයා නොදැනුවත්වම වැඩි ගානක් ගෙවන්න වෙනවා හිඩ්න් චාර්ජස් විදිහට. ඕක එක පාර ඩයල් වෙන්නේ නෑ..ඒ නිසා කල්පනාවෙන්

    ReplyDelete
  16. දහ අටවෙනි ව්යිවස්ථා සංශෝධනයට ජන මත විචාරනයක් ඕනෙද? ඔබව නියෝජන කරන මන්ත්රී් ව අල්ලගන්න අමාරුද? ඔවුන්ගේ නමට පාර්ලිමෙන්තුවට අමතා පණිවුඩයක් තියන්න.

    011 2777100 අමතන්න. ඔබේ පණිවුඩය කියන්න.

    ReplyDelete
  17. Imagesharingsites.com සහ ව්‍යවස්ථා Anonymous ෙවත. හිට්ස් වෑඩි ජනප්‍රිය මෙවැනි බ්ලොග් වල කොමෙන්ට් ෆීල්ඩ් එකට තමන්ගේ ඇඩ් කෑලි නිකන් ඔබන එක කැත පුරුද්දක්. තමන්ට කෙලින් ප්‍රචරයක් කරගන්න බැරි බන්කොලොත් පප්පලා තමයි මෙහෙම පරපුටු වැඩ කරන්නෙ
    ---ගවරා--

    ReplyDelete
  18. ටිකක් කෙටියෙන් ලියනවාද?(අසාධාරණ ඉල්ලීමක්).මම සමාජයේ නොදුටු පැත්තක්(පංසල් ජීවිතේ).හැබැයි යථාර්ථය තේරුම් ගන්න තරමට මිනිස්සූ හික්මීමක් ඇති කරගන්න බව නම් ඇත්ත.මමත් ඒක අත්දුටු කෙනෙක්.

    ReplyDelete
  19. කියෙව්වා...........

    හිත හරි නෑ බන් පස්සෙ දවසක ආයෙ කියවලකොමෙන්ටුවක් දාන්නම්

    ReplyDelete
  20. හසී...

    අපොයි ඒ තරම්ම ලිපිය අප්සෙට් වත්දෑ..?

    ReplyDelete
  21. Praසන්ன...

    දැන් තියෙන්නේ පින් කිරීමෙ මෙගා ෂෝ නෙව..
    රැල්ල රැල්ල..

    ReplyDelete
  22. Imagesharingsites.com...

    ආ කමක් නැහැ..තමුන්නැහේත් මොනවා හරි කරගන්නකෝ..මෙක අස්සේ දැන්වීම් දාලා. කාට හරි සෙතක් වෙනවානම් මගෙත් මොකෝ..?

    ReplyDelete
  23. sansarasidu...

    මල්ලී..අපි හුගාක් වෙලාවට නොහිතුවාට, දැන් මිනිස්සු එක රුපියලක් හොයන්නත් පුදුම මහන්සියක් ගන්නවා.
    ඒ හැම දේම කරන්නේ තමන්ටයි..තමන්ගේ දරු පැටවුන්ට කන්න අදින්නයි.එහෙව් මහන්සියෙන් හොයන එක සතයක් හරි අනුන්ට දෙන්න හිත හදා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. අපි අතර සමහරු ඉන්නවා එක රුපියල් දහයක් අහිමි උනොත් ඒ ගැන දවස් දෙක තුනේ හූල්ලන..එහෙවු මිනිස්සු අතරෙ මෙහෙවු අයගේ පරිත්‍යාග වලට අපි සාධාරණයක් නොකොළොත් අපිටත් යන්න අපායක් හදන්න වෙනවා...

    ReplyDelete
  24. නෑ නෑ අයියේ ලිපිය ගැන කියන්න වචන නැති උනා.. මගේ ඇස්වලට කඳුලු ආවා ඒකයි

    ReplyDelete
  25. තිස්ස අයියා...

    අපොයි ඒක නං ඒ හැටි වැඩක්යෑ...මං එඥ්ඤං...
    පොඩි පුරස්නෙකට තියෙන්නේ ඒ වෙනකොට මං ඉඳීද කියන එකයි...
    එහෙම උනොත් උඹ එනකල් මං ඉඥ්ඤං... පරක්කු වෙලා හරි වරෙංකෝ...

    ReplyDelete
  26. දුමී...

    දැන් ඉතින් මං වහන්සේ නෙවෙයි නෙව...
    පොරක් නොවුනද මාරයෙක් වෙමි...
    වෙච්ච කිසිම දෙයකට ආපසු හැරිලා දුක් වෙලා පලක් නැහැ නෙව..ඒ මගේ අතීතය.. සිදු වූ සෑම දෙයක්ම එළඹෙන අනාගතයට අඩිතාලමක් පමණි.

    ReplyDelete
  27. දුකා...

    හිතවත් දුකාණෙනි...
    ඔබගේ සිතුම් පැතුම්, සංකල්පනාවන් ඔබ විසින් කරන්නට යෙදුණු නිර්මාණ කාර්යයන් තුළින් මා හැදින ගන්නට යෙදී බොහෝ කල්ය...

    කුහකයෙකුට කිසිදා තවත් අයෙකු පැසසිය නොහැක. මිනිසුන් අතර තවත් මිනිසකුගේ දෙයක් සිතට එකගව පසසන්නා වූ ඔබ ඒ තුළින් විදහා පාන්නේ ඔබ තුළ ඇති ඒ උතුම් ගුණ කඳ මිස අන් කවරක්ද..?
    ස්තූතියි...

    ReplyDelete
  28. හසී...

    අපොයි මගේ වටහා ගැනීමෙ ඇති දුර්වලතාවයක මහිම..
    සමා වෙන්න ඔන..නගේ...

    ReplyDelete
  29. කුෂාන් ඇස්. වන්නිආරච්චි...

    දුමියාට සිතෙන දේම සිතෙන්නේ දුමියා මෙන් සිතන නිසාය..
    එක සිත දෙතැනක නතර වෙලා කියා ලියන්නට ඇත්තේ මෙවැනි දෙයක් ගැන සිතා විය යුතුය..
    අපොයි...

    මාරයා පොරක් වූ වගයි..(කෝ මෙ කතන්දරකාරයා..?)

    ReplyDelete
  30. Grey...

    ඉතින් කලකට පස්සේ හරි පුළුපුළුවන් වෙලාවට මෙ අහට ගොඩ වෙන එකත් මදෑ..ඉස්තූතියි කිවුවා ඔං...

    කොනෙක්ෂන් එක මාරු කොලේ ආයි බොවන්ඩ නොකරම බැරි තත්වෙට ආවට පස්සේ..
    මාත් දන්නවා ඔය ඩයලොග් උන්නැහේලාගේ මානුෂිය මෙහෙයුම් ගැන.
    කාලයක් මාත් උන්දැලාට පූරුවෙ ණයක් තිබිලා ගෙවුවනේ..
    බලමුකෝ බිල් පොජ්ජ ආවාම..

    ReplyDelete
  31. ayesha...

    ඔ..යෙස්...මාර කතා...ආයේ වෙන මොනවාද..?

    ReplyDelete
  32. Ano...

    අපොයි දැන් මෙක ටෙලිවිසොන් එක වගේ වෙලානේ...

    ReplyDelete
  33. ගවරා...

    කේන්ති ගන්ට දෙයක් නෑ ආයිබෝං...
    කාට හරි සෙතක් වෙනවානං අපිත් ඔන්න ඔහේ පොඩි ඉඩක් දීලා දාමු..පින් අතේ වැඩ නෙව...

    ReplyDelete
  34. ප්‍රාර්ථනා...

    කිසිම අසාධාරණයක් නැහැ. මාත් බොහෝම වෙලාවට හිතන දෙයක් තමයි මං ලියන ඒවා දිග වැඩියි කියන එක.
    ඒ උනාට ඉතින් කුට්ටි කරන්න ගියොත් මෙ අපේ උන්දැලාගෙන් මයේ කෙස් ගස් ටික ඛෙර ගන්ට බැරි වෙනවා නෙව..ඒ හින්දා ලියන ඔක්කෝම එක දිගටම දාන්න වෙලා තියෙන්නේ..
    අපි බලමුකෝ ඉස්සරහට සියළු දෙනාගේම අනුමැතිය මත ටිකක් විතර කුට්ටි කොරන්ට.

    ස්තූතියි කෙළින්ම අදහස් පල කොලාට...
    මාත් ගියා නෙව ඒ පැත්තේ...

    ReplyDelete
  35. nish...

    ඔහොම තමයි බං..මටත් මෙ ටිකේ අප්සෙට් නෙව...
    ඔක්කෝටම කළියෙන් හිත නිදහස් කොරාන හිටිංකෝ...

    ReplyDelete
  36. මාරයා මූනුපොතේ ඉන්නවද?

    ReplyDelete
  37. Grey...

    ඉන්නවා කියලා ආරංචියි...

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. මම නම් මේ blog පිටු අතරේ අතරමං වෙලා වගෙයි...
    අගක් මුලක් තේරැම් ගන්න අමාරැයි තාම..
    දවසක්ම වෙන් කරගෙන මුල ඉදලම කියවන්න වෙයි වගේ....
    ජීවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා....

    ජය පතනවා ඔබට!!

    ReplyDelete
  40. Tharaka Dilshan...

    හීන් සැරෙ කොනක ඉඳලා පටන් ගමු...

    ReplyDelete