05 October 2010

මගේ ජීවිතේ මෙ දවස්වල...ඒ මදිවට සරත් ෆොන්සේකා...

පහුගිය දවස්වල කර ගාවට වැඩ...දැන් කියලා ආයේ ඉවරයක් තියෙනවට නෙවෙයි.ඒත් ඉතින් මෙ පැත්ත පාළුවට යන්න දෙන්නත් බැහැනේ...
ඒ හින්දා පුළු පුළුවන් හැටියට ගොඩ වෙලා වචන දෙකතුනක් කොටලා දාන්න ඔන කියලා හිතුනා.
පන්සල් කථාව උනත් ලියන්න වෙලාව මදි...
ඒ විතරක් නෙවෙයි දැන් ඒකේ පළවෙනි කොටසේ නිමාව ආසන්නයටම ඇවිත් තියෙන්නේ.
ඒ කිවුවේ මහණ වීම දක්වා වූ කොටස තමයි.
ඊට පස්සේ ටික දවසකට පන්සල් කථාව නවත්තන්න මම හිතාන ඉන්නේ...
මොකද දැන් දැන් හදිසියට ලිවීම නිසා හුගාක් කොටස් සහ සිදුවීම් මට මග ඇරිලා තියෙනවා.
ඒත් ආපහු ඒවා ලියන්නත් හිතෙන්නේ නැහැ..කම්මැලිකම ඔක්කෝටම වඩා ලොකුයිනේ...
ඒ හින්දා පන්සල් කථාවෙ පළමු කොටසින් පස්සේ ටික කාලයක් මම විවෙක ගන්නවා...
අනිත් එක මම මෙ බ්ලොග් එක පටන් ගන්නකොට තුන් හිතකවත් තිබුනේ නැහැ පන්සල් කථාව ලියන්න.
ඒත් අන්තිමට නොසිතපු වේලාවක ලියන්න පටන් ගත්ත කථාවට සෑහෙන ප්‍රතිචාර පළඋනා.

ඒත් හා පැටික්කී එහෙම පන්සල් කථාව ගැන මුකුත්ම නොලියා ඉන්නත් තීරණය කරලා..ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.
සෑහෙන්න බොන්න ඔන ප්‍රශ්නයක් ඒක.

ඒ කොහොම උනත් දැන් ඉතින් මගේ පළමු විරාමයට කාලය ඇවිත්.
ඒ අතරේ මගේ පළමු වර්ෂ පූර්ණයත් ළග ළගම එනවා...හරියටම කිවුවොත් නොවැම්බර් අටවෙනිදාද කොහේද තමයි.
එදාට මෙ බ්ලොග් එකට අවුරුද්දක් කම්මුතුයි.

ඒ විතරක් නෙවෙයි තව ලිපි දහයක් පහළවක් වගේ ගාණක් ලිවුවම ලිපි දෙසීයත් කම්මුතුයි.
ඒත් මෙ යන තත්වෙ හැටියට ඒක නං ලේසි වෙන්නේ නැහැ.දැන් ලිපියක් ලියනවා කියන්නේ මරණවා වගේ වැඩක්.
අදත් මෙ ලැප්උන්නැහේට පින් සිද්ධ වෙන්න වැඩ පොලේ නිදි කිරාන ලිවුවට මොකෝ... දැන් අම්බානක මහන්සියි.
වැඩ දවසට එක දිගට වැඩ..ගෙදර ඉන්න දවසට අනිත් වැඩ...
නිදහසේ අඩියක් ගහන්නවත් වෙලාවක් නැහැ කිවුවොත් කස්ටිය විශ්වාස කරයිද මන්දා...
ඒත් ඉතින් ඇත්ත තත්වේ ඔක තමයි.

අපොයි මංතුමාට සිද්ධ වෙච්ච දෙයක්..කොහොම හිටිය කොළුවද...?

ඒ අල්ල පනල්ලේ ජෙනරාල් උන්නැහේව හිරෙ දමාලා.
ඒ වැඩෙටනං මටත් හිතේ දුකක් තියෙනවා.
මොනවා උනත් රටට වැඩක් කොරාපු මිනිහෙක්.
ඒ උනාට මම මහින්දගේ තැන උන්නං මාත් ඔය ටිකම කරාවි.
ඇයි ඉතින් අවුරුදු ගාණක් තිස්සේ කටු කාල කාලා යන්තං මහ පුටුවෙ වාඩි වෙලා පළවෙනි අවුරුදු හය තිස්සේ යුද්ධෙකට පැටළිලා, කම්මෝ ගෝ චිකාගෝ ගේමක් දීලා..(මං එහෙම කිවුවෙ ඉතින් බැරිවෙලාවත් යුද්ධෙ හමාර කොරගන්න බැරි උනානං මහින්දටත් බඩු බනිස් වෙන හින්දා තමයි.)
යන්තං තිස් අවුරුද්දක යුද්ධෙ හමාර කොළා විතරයි..මෙන්න පොදු අපේක්ෂකයෙක් ගෙනත් අච්චර කාලයක් බැරි උන වැඩෙ මොන යකාගේ හරි පිහිටෙන් හමාර කොරාපු මිනිහා පන්නලා දාන්න දත කනවා...

සරත් උන්නැහේ යුද්ධෙ නොකලා නෙවෙයි...එහෙම කියන්න මට තියා මහින්දටවත් බැහැ.ඒත් ඔතන මහින්ද නැතිව රනිල් හරි චන්දිරිකා හරි හිටියානං...?අන්න බලන්න තිබුනා ගේම කොහොමද කියලා...

දේශපාලනය කියන්නේ අනතුරුදායක ගේම් එකක්. ඒ ගේම් එකට එන මොන මිනිහද කැමති මීයක් කඩලා අත ලෙවකාලා විතරක් සතුටු වෙන්න.

ඒ විතරක් නෙවෙයි සරත් ෆොන්සේකා කියන්නේ එහෙම් පිටින්ම දරදඩු පුද්ගලයෙක්...
එදා මහින්ද නැතිව සරත් ජනාධිපති උනානං අද වෙනකොට හිරබත් කන්නවත් මහින්ද කෙනෙක් ඉතිරි වෙන්නේ නැහැ.
ඒ විතරක් නෙවෙයි නාමල්ලගේ ඇටත් ගලවන්න තිබ්බා...
මර බය කියන දේ ඇත්තටම දැනුනාම අපි උනත් මොනවා නොකරයිද ඒකෙන් බේරෙන්න.
මහින්ද දැන් කරගෙන යන්නෙත් ඒ මර බයට උත්තර දීමක්.
ඒ හින්දා මට මහින්දට දොස් කියන්න බැහැ.
ඒත් සරත් ෆොන්සේකා අද පත් වෙලා ඉන්න තත්වය ගැන මම සතුටු වෙන්නේ නැහැ.
මෙ තත්වෙට මෙ මනුස්සයා ඇදලාදාලා අද බොරුවට පාරවල් ගානේ කෑ ගගහා යන ෙජ්විපී එකේ නායකයින් ගැනනං මට කියන්න වචන නැහැ.

අර කරදරයක් නැතිව විශ්‍රාම කාලය ගත කරන්න හිටපු මනුස්සයා ඇදගෙන ගිහින් දේශපාලන මඩ වලකට දාලා..තමංගේ ජාමේ ඛෙරගත්ත අමනුස්ස රැල දැන් පුළුවන්නං බලයි මන්ත්‍රී ධූරයත් තමන්ගේ එකෙකුට දීලා දාන්න.

ඇමරිකාව බැරිනං ඔන රටකට තානාපතිකමක් හරි අරගෙන ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න තිබුනු සරත් ෆොන්සේකා අද හිර කූඩුවක කොටු වෙලා ඉන්න එකට තනිකරම වග කියන්න ඔන ෙජ්වීපී රැල තමයි.
හමුදා පරිසරයක් තුළ අසීමිත බලයක් වින්දනය කළ...මිනිහෙකුට ඒ තත්වය අමතක කරලා ජීවත් වෙන එක ටිකක් අමාරු තත්වයක් තමයි. ඒත් සරත් උන්නැහේ හදීසි උනා වැඩියි.මිනිහට ජනාධිපති වෙන්න ඔනමනං කරන්න තිබුනේ තව අවුරුදු හයක් ඉවසන එකයි.

සද්ද නැතිව තමන් කැමති ලෝකෙ ඔනම රටකට ගිහින් ඉඳලා තව අවුරුදු හතරකින් හරි පහකින් හරි ජනාධිපතිවරණයක් ආසන්නයේ ලංකාවට ඇවිත් ස්වාධීනව චන්දේ ඉල්ලූවනං මිනිහා තමයි මෙ රටෙ ඊළග ජනාධිපති.එදාට ඒ මනුස්සයට සලකන්නේ අද මිනිස්සු සලකපු විදියට නෙවෙයි.
එහෙනං එදාට මෙ රටෙ මිනිස්සු මිනිහාව පිළිගන්නේ තමන්ව ගලවගත්ත දෙවිකෙනෙක් තමන්ගෙන් දුරස් වෙලා ඉඳලා ආපහු තමන් ගාවට ආව වගේ...
එහෙම උනානං මටත් මිනිහාට කළගුණ සලකන්න වෙනවා.
ඒත් මුල අමතක කරලා රට බේරා ගැනීම කියන උතුම් කාර්යයේදී එකට සිටි පිරිස අමතක කරලා කාගෙවත් පදයකට නටන්න හදිසි උන මෙ මනුස්සයා අන්තිමට නැවතුනේ හිර ගෙදර.

කළ හොඳ මකාගන්න මෙ මනුස්සයට ගියේ බොහෝම සුළුකාලයයි.

යුද්ධෙ ඉවර වෙද්දී මුළු රටෙම මිනිස්සුන්ගේ ගෞරවය දිනාගෙන හිටපු මනුස්සයා එක දේශපාලන තීන්දුවක් හින්දා එක රැයකින් රටෙ මිනිස්සු බාගයකට වඩා තරහා කරගත්තා.
වරද කාගේද..?දැන්...?

කවුරුහරි හිතනවනං සරත් ෆොන්සේකා හිර ගෙදරින් නිදහස් වෙලා ආව ගමන් මහා චරිතයක් වෙයි කියලා..ඇත්තටම ඒක එහෙම වෙන්නත් පුළුවන්..
ඒත් එදා වෙනකොට මහින්ද ඊට වඩා අගලක් හරි උඩින් ඉදීවි.
මොකද මහින්ද දැන් ඉන්නේ දිනන්න හැකි ආර්ථීක යුද්ධයක අතර මග...
මිනිහා ඒක සාර්ථකව කළොත්... ආයේ සරත් ගැන හිතන්න කවුද ඉතිරි වෙන්නේ...

මොනවා උනත් මිනිහා ගැන මටත් අවංකවම දුකයි...
නොමග ගිය සෙන්පති...ඔබට නිදහස හා සිහි බුද්ධිය ලැඛෙවා...

79 comments:

  1. අදහස් ටික නම් මරු. සරත් දේශපාලනේට එනවා කියලා දැනගත්ත වෙලාවෙම අපිත් ඔය ටිකම කතා වුණා. ඒත් ඉතිං පුංචි අපිට ඔය ලොකු ලොකු මිනිස්සුන්ට උපදෙස් දෙනන් තරම් පුළුවන් කමක් නැහැනේ. මොක වුණත් හැම් බේකන් චීස් පුඩිං කණ්ඩ හිතන් හිටපු මනුස්සයා බෙලෙක් පිඟානක් අරගෙන හිරගෙදර කෑම පෝලිමේ ඉන්නවා කියලා පත්තරෙන් කියවපුවහම නම් අවංකවම දුකක් දැනුනා කරපු මෝඩකම කියලා....
    කොහොම වෙතත් පන්සලේ කතාව ආයේ ලියනකල් අපි බලාගෙන ඉන්නවා. බෞද්ධ නොවුණු මට පන්සලේ වැඩ කටයුතු වුණ විදිහ වගේම මාර ගොයියගේ ජීවිතේට මොන වගේ බලපෑමක් වුණාද කියන එකත් ආසාවෙන් කියවන හින්දා ඉක්මනින්ම පන්සල් කතාව දාවි කියලා බලාපොරොත්තු වෙනවා...
    (බොන කතාව ඇහුණොත් නම් හා පැටික්කි මාරයාට කැරට් වලින් පහර දෙන්නත් බැරි නැහැ... පරිස්සමින්...)

    ReplyDelete
  2. හා පැටික්කි කොමෙන්ට් දාන්නෙ නෑ කියල පන්සල් කතා නවත්තන්න එපෝ.

    @ හා පැටික්කි

    කෝ මේ තඩි හාවි. අහු වුණොත් කන් කෙටි දෙක තව ටිකක් දික් කරනෝ

    ReplyDelete
  3. ඒක නෙවෙයි මෙන්න මම ආයෙත් කේන්දර ජොබ් එකක් සෙට් කලා. දැක්කෙ නැද්ද

    http://status-chanaka.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete
  4. "මොනවා උනත් මිනිහා ගැන මටත් අවංකවම දුකයි...
    නොමග ගිය සෙන්පති...ඔබට නිදහස හා සිහි බුද්ධිය ලැඛෙවා."
    මේක නොවැ දවසේ කියමන !!!!!!!

    ReplyDelete
  5. මාරයට වෙලා තියෙන්නෙ සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් තමයි.
    කොහොමහරි දිගටම ලියමු.

    ReplyDelete
  6. ජේවීපී රැල එක්ක තවත් පුද්ගලයෙක්ගෙ නමක් කියවෙන්න ඕන.. ඒ මංගල සමරවීර. සරත්ට අත් වුනු ඉරනම ගැන ඇහේ තියෙන්නෙ කදුළු බිංදුවක්... ඒත් මේ අස්වැන්න නෙලා ගත්තේ ඔහු විසින්ම වලලපු බීජ වලින් නෙවෙද?

    ReplyDelete
  7. මාරම මාර අයියේ,
    මම මේ වෙනකොට ගොඩක් අය(මුහුනු පොතේ හා තව තැන්වල)සරත් ෆොන්සේකා case එක ලියලා තියනවා දැක්කා. ඒත් අපක්ෂපාතීව ඒගැන හරියටම මට හිතෙන විදියට ලියලා තිබ්බේ ඔයා.ඒ ඉතින් ඔයාට තියෙන්නෙ වෙනස් අදහස් නිසා.
    කම්මැලි කියලා බලන්නැතිව පන්සල් කථාව ලියනවාද? මම ඒක කියවන්න ආසයි...

    ReplyDelete
  8. Jeew...

    කැරට් වලින් නම් කමක් නැහැ මල්ටි බැරල් එහෙමත් පාවිච්චි කළොත් එහෙම..?

    ReplyDelete
  9. මකරා...

    හපොයි මම එහෙම කිව්වා නෙවෙයි..
    ඒත් ඒ ඇතුලේ මට නොහිතෙන කතාවක් ඇති කියලා මට හිතෙනවා...

    ReplyDelete
  10. මකරා...

    ආ මම ඒක බැළුවා පොඩ්ඩක් කල් යනවා නැත්තං මාත් කැමතියි ලංකා කේන්දරය බලන්න.
    ඒත් කේන්දරය නිවැරදිව හදා ගන්න තමයි අමාරු...
    දැන් ඔය තියෙන කුම්භ ලග්න කේන්දරේ හරිද කියලා අපි දන්නවායෑ..?

    ReplyDelete
  11. අපිට ඉතින් වෙන මොනවද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන් නේද..?

    ඔහුට දැන් අවශ්‍යම කරන දේවල් තමයි ඔය...

    ReplyDelete
  12. Praසන්ன...

    බොන තරමටයි මට ලියන්නත් පුළුවන් වෙන්නේ...

    ReplyDelete
  13. සරත් ෆොන්සෙකා ඈත්තටම ඈයි ඒ මනුස්සයට එහෙම උනේ?
    මට නම් කෙටිම උත්තරයයි තියෙන්නෙ.
    මුල අමතක කරන්න හොඳ නෑ!

    විෂ්‍රාම යන්න හිටිය එයාව හමුදාපති කරල ඔය කලින් තිබ්බ හෑම දේම එයාට දුන්නෙ රාජපක්ෂ සහොදරයො. එතකොට ඔය UNP JVP කලෙ කකුලෙන් ඈදපු එක විතරයි. දෑන් බොරුවට කෑ ගහනව. දෑන් ඔය බයිල කිය කිය මහින්දට බනින අය මහින්ද ගෙ තෑන හිටිය නම් කරන්නෙත් ඔකම තමා. හ්ම්ම්ම් මමත් පතන ව නොමග ගිය සෙන්පති...ඔබට නිදහස හා සිහි බුද්ධිය ලැඛෙවා..කියල මොකද ඈත්තටම ෆොන්සේකා මට සම්බන්ද දෙයක් නිස මමත් උදම් අනපු මගෙ වීරයක්. දුකයි!

    ආ පන්සලෙ කතාව නවතින එකට නම් කෑමෑත්තක් නොමෑත! පුලුවන් විදිහට ලියමු.හෑබෑයි උඹේ වෑඩ පාඩු කරගන්නෙ නෑතුව.

    ReplyDelete
  14. නියමයි. මමත් 100% ක් එකඟයි

    ReplyDelete
  15. හ්ම්...ලියන එක නවත්වන්න එපා..ඉඩක් ලැබුණගමන් ලියන්න...
    ෆොන්සේකා මහත්මයට වෙච්චි දේ නම් දුක තමා...ඒ ගැන ලියන්න ගියොත් පැය ගානක් ලියන්න වෙනවා..අපි දකින හැම දෙයක ම දෙපැත්තක් තියෙනව..මැද මාවතක ඉඳන් බලන්න පුළුවන්නම් ඒක තේරෙනවා...
    ජයවේවා!!!

    ReplyDelete
  16. අභීත...

    ඇත්තෙන්ම ඔබ නිවැරදියි.
    මම ඒ පිළිබඳව මීට පෙර ලිපියක සටහනක් තියලා තියෙනවා.
    මංගලගේ මොංගල් කියන ලිපියේ...

    ReplyDelete
  17. ප්‍රාර්ථනා...

    ස්තූතියි නගාට..හ්ම්ම්..අපි බලමු.

    ReplyDelete
  18. නිශ්...

    ඔව්, මුල අමතක කරපු නිසා තමයි අද ෆොන්සේකා උන්නැහේට මෙහෙම උනේ...
    අපිට පුළුවන් කමක් නැහැනේ එහෙම කරන්න. ඒ නිසයි මෙහෙම හරි කණගාටු වෙන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
  19. සම්පත් / jt...

    අපි බුදුවරු නොවුනට මෙ වගේ දේකදී ටිකක් හරි මැදහත්ව හිතන්න පුළුවන් වෙන්න එපැයි..නේද..?
    නැත්තං මෙහෙමවත් හිතේ දුකක් ඇති වෙන්නේ නැහැනේ...
    මිනිහට වෙච්ච දේ ගැන සතුටු වෙන්න අපි හැමෝටම බැරි වෙලා තියෙන්නේ ඒ හින්දානේ...

    ReplyDelete
  20. මේ තියෙන්නේ ඔය වචන ටිකම එක පිංතූරයකින්....
    http://goo.gl/IUGr

    ReplyDelete
  21. ජෙනරාල්ගේ ඉරණම ගැන ඔබගේ කියවීම හා 100% ක් එකඟයි...නොමග ගිය සෙන්පතිතුමාට මෙන්ම තවමත් නොමග ගමන් කරන එතුමාගේ බිරිඳටද, දියණියන්ටද සිහිබුද්ධිය පහල වේවා...අවස්ථාවාදීන්ගෙන් ගැලවීමට ලැබේවා...තවමත් මේ ‍රැල පසුපස දුවන සම හරක්ටද, SF සිරකිරීම ගැන සතු‍ටු වන අඳබාලයන්ටද මැදහත්ව කරුනු විමසා තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා.....

    ReplyDelete
  22. චමිදේවා ...

    හරියටම හරි උනේ ඔක තමයි...

    ReplyDelete
  23. යුද්දෙ ඉවර කරපු මිනිහා හිර කරපු එක නම් කුජීතය..එදාට කිරිබත් කාපු උන් ඊට වඩා කුජීතය...කරුනලා,පිල්ලෙයාන්ලා ආතල් එකේය..බලුවැඩ කරපු මර්වියා පාර්ලිමෙන්තුවේය.අන්තිමට ප්‍රභා කියාපු එක දෙයක් රත්ගමයට පිලිගන්න වෙනවාය...ඔව්..සිහල මිනිහට දෙයක් මතක හිටින්නෙ දවස් 14කි...විරුවා බලු විය..බල්ලෝ විරු විය..දේශපාලනය ඒ තරම් කුජීතය..අසික්කිතය..විලි ලැජ්ජය...ජෙනරල් සරත් නිකම්ම සරත් කරන්නට තරම් දේශපාලනය කක්කිය....

    ReplyDelete
  24. දිනිත් ...

    අනෝමා ෆොන්සේකා සහ දියණියන්ව තව දුරටත් සිහිනයක අතරමං කරවන්නට මෙ ජෙවීපී කාරයන්ට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණාව මට තාමත් තේරුම් ගන්න බැහැ.
    හැබැයි අනෝමා කියන්නෙත් හමුදා නිලධාරියකුගේ සහ යුධ හමුදාපතිවරයකුගේ බිරිඳ වශයෙන්ම..ඒ හා සමගම යුධ හමුදා සේවා වනිතා ආයතනය වැනි ආයතන හරහා විශාල ලෙස බලය ස්පර්ශය කරන්නට යෙදුණු බලයේ රස හොඳින්ම හඳුනනා කාන්තාවක්...
    ඒ විතරක් නෙවෙයි සරත් ෆොන්සේකාට කිට්ටු වෙන්නවත් බැරි තරම් ජනමාධ්‍යයට ප්‍රදර්ශනාත්මකව මුහුණ දෙන්නට හැකි කාන්තාවක්...
    තවත් චන්ද්‍රිකා කෙනෙක්ගේ ආගමනය අප දකිමින් සිටින බවයි මගේ හැගීම...මෙ වෙලාවෙදි මහින්ද කල්පනාකාරී විය යුතුයි ප්‍රේමදාස රජය හෝ ජෙවීපීය යන අංශ දෙකින් කුමන හෝ අංශයක් මගින් විජය ඝාතනය කොට චන්ද්‍රිකාට මාවත පාදා දුන්නාක් වැනි අමන වැඩක් නොකර සිටීමට...
    විජය හා චන්ද්‍රිකා අතර අවසන් කාලය වන විට තිබූ ඝට්ඨනයට වඩා වැඩි ඝට්ඨනයන් අනෝමා හා සරත් අතර තිබූ බව ඔහුගේ ආරක්ෂාවට ළගින් සිටි මා මිතුරකු විසින් මට පවසන්නට යෙදුණේ අනෝමා විසින් චන්දයට පෙර සුදු ඇදගෙන පන්සලක රූගත කොට තිබූ දැන්වීම ප්‍රචාරය වන මොහොතකදීයි.
    ඒ ආකාරයෙන් බලනා කල අනෝමා කරන්නේ කුමක්දැයි ටිකක් විමසිලිමත් වන අයකුට පැහැදිලි වන කරුණක්.
    මන්ද මෙ අවස්ථාවෙ ඇත්තෙන්ම අනෝමාට අවශ්‍ය සරත් ෆොන්සේකාගේ නිදහස නම් ඇයගේ මාර්ගය මෙය විය යුතුද යන පැනය නිරන්තරයෙන්ම මා සිතට දැනෙන නිසාය...
    සරත්ගේ හැසිරීමට වඩා වැඩි හැසීරීමකින් ඇය රජය ප්‍රකෝප කරමින් සිටිමින් කරන්නේ කුමක්දැයි මොහොතක් සිතා බලන කළ පැහැදිලි කාරණාවක් පෙනෙන්නේ නැද්ද..?

    ReplyDelete
  25. ර ත් ග ම යා...

    ජෙනරාල් සරත් නිකම්ම සරත් වීමත්...
    ජනාධිපති මහින්ද නිකංම මහින්ද වීමත්...
    අප කළ දෙවල් නොව ඔවුන් විසින්ම කලදැයෙහි ප්‍රතිඵල වෙ...

    ජෙනරල් සිරගත කල විට මෙ පළාතේ නම් කවුරුන්වත් කිරිබත් කෑවෙ නැත.
    රටෙ අනික් පළාත්වල එසේ වූවාදැයි පසුගිය දින කිහිපයේ රූපවාහිනීය නැරඹීමට නොහැකි වූ නිසා හරියටම නොදනිමි.මා හට බලන්නට ලැබුණු පුවත්පත් පත්හීද එවැන්නක් නොදිටිමි. එබැවින් ඒ පිළිබඳ වැඩි යමක් කියන්නට මා හට නොහැක.
    ඇත්ත දේශපාලනය කක්කිය...
    මහින්දලා ඒ කක්කිවල වසර හතළිහක් පමණ ජීවත් වී ඇත.
    දුකට හේතුව මෙ මනුස්සයාත් ආසාවෙන් ගොස් ඒ කක්කි ගා ගැනීමය...
    අවසානයේ ප්‍රතිඵලය අපට සිටි වටිනා සෙන්පතියා මැරී වෙනත් කවුදෝ ඉපදීමයි...
    නමුත් ඒ කවුදෝ තැනැත්තා සිරගත වීමෙදී අපේ විරුවාද සිරගතවීම ඉවසුම් නොදෙන්නක් වීමයි...

    ReplyDelete
  26. ඔයා පන්සල් කතාව නැවැත්තුවොත් කට්ටිය මාව මරයි...... පේන්නැද්ද මකරාගේ ගර්ජන....... :'( :'(
    කමෙන්ට් නොදැම්මට මම කියවනවා........

    මේ මාරයියා නොබීම ඉන්නවනම් ලිපියක් නැති උනත් දවසට එක ගානේ හරි කමෙන්ට් දාන්නම්........

    මාව බේර ගන්නෝ..... මෙන්නෝ මකරා ගිනි පිඹිනෝ...... :'( :'( :'( :'(

    ReplyDelete
  27. ෆොන්සේකට උනේ හොදටම දිරපු දේශපාලන ලනුවක් කාපු එක. අනික හමුදාව හොදට පාලනය කරාට දේශපාලන දැනීම නෑ කියලා හොදට පේනවා ඔයවගේ දේවලින්.
    පවු වැඩේ ඉතින්, දෙවියෙක් වගේ රටේ සැලකුම් ලබන්න හිටිය මිනිහෙක්.
    අනික අර කලුගලේ ඔලුව ගහගන්න එපා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිලුනේ.

    ReplyDelete
  28. හා පැටික්කී...

    හපෝයි...පැටික්කීට වෙච්චච හදියක්...
    සොරි වෙන්න ඔන..අනේ මකරතුමෝ ඔන්න ඔය හාවිව අල්ලලා දාන්න.
    නොබී ඉන්න...හහ් හොඳට තියෙයි..එතකොට කොහොමද ඉර පායන්නේ..සුළං හමන්නේ..ලොකේ කැරකෙවෙන්නේ...
    ඒ ඔක්කෝම නවතී නෙව..
    ඔන්න නගේ ඔයා මට කවියකට පොටක් පාදලා දුන්නා.

    ReplyDelete
  29. Grey...

    දැන්වත් මෙ හැම දේම වෙනස් වෙනවානම් හොඳයි.

    ReplyDelete
  30. ලස්සන විග්‍රහයක් !!! ගල් තලාවෙ කැතකල බලල් තඩියට වෙච්ච දේ නොවැ ෆොන්සේකට වෙලා තියෙන්නේ..අනෙ අම්මප දැන්වත් පැත්තකට වෙලා නම්බු පිට ඉන්නවනම්...ඇත්තටම අනෝමා අක්ක ගැනනම් මටත් දැන් දැන් එහෙම හිතෙනවා...ඒත් ජවිපෙට මෝරා කරන්න තරම් ඔය කට්ටිය මෝඩ ඇයි? දුවල දෙන්නා ඇමරිකාවෙ නේද ඉගෙන ගන්නේ?......

    ReplyDelete
  31. Cool...

    ඇමරිකාවෙ ඉගෙන ගන්නවා කියන්නේ සියල්ල දත් නෙවෙයි නෙව...
    අනෝම හිතන්නේ ජෙවීපී එක මෝරා කරන්න...
    ජෙවීපී එක හිතන්නෙත් එහෙමම තමයි...
    ඒත් ඉතින් අන්තිමට දෙපැත්තෙම අරමුණු වලට මොනවා වෙයිද කියලා කවුද දන්නේ..?

    ReplyDelete
  32. මචෝ, මමත් ඉන්නෙ උඹ ඔය කියපු අදහසේ තමයි. උඹේ කටේ මසුරං දාන්න වටිනවා. උඹ කිව්වා වගේ රටක් රාජ්‍යයක් වටින මිනිහෙක්ව ජේවීපී එකයි යූ.එන්.පී එකයි එකතු වෙලා විනාස කරලා දැම්මා . . . !

    ReplyDelete
  33. මාරයා අයියගේ කතාවට මමත් 100% එකගයි. සරත් ෆොන්සේකා කැවේ ලණුවක්...........

    ReplyDelete
  34. මකරයියා මාව රෝස් කරයිද දන්නෑ......
    ආ බැරියැ රෝස් කරාම බයිට් එකට ගන්න අයියට...... ඒක තමා ප්ලෑන......

    ඇයි ඔයා බිව්වමද ඉර පායන්නේ??? හුළං හමන්නේ???? ලෝකේ කැරකෙන්නේ???? කැරකෙයි ඔයා වටේ ලෝකේ නම්..... ලොකේ කැරකෙන්නේ........ ඇත්තට ඔය දහජරාව හොයාගත්තු එකා හිටියනම් මල්ටි නෙමෙයි පරමාණු බෝම්බෙකින් ගහන්නේ එයාට.......... ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

    ReplyDelete
  35. දුමී...

    ඇත්ත දුමී කොහොම ඉන්න තිබුණු මිනිහෙක්ද අද මෙහෙම දුක් විඳින්නේ..?

    ReplyDelete
  36. නිර්මල...

    ලණුවලත් හොඳම එක.ඔක කන්න බලාගෙන උන්නේ සරත් නන්ද ද සිල්වා.
    අන්තිමට කෑවෙ මෙ මනුස්සයා.

    ReplyDelete
  37. හා පැටික්කි (MS)...

    අනේ නගේ උඹ කෙල්ලෙක් නොවී කොල්ලෙක් උනානං...
    අපිට තිබුනා අඩියක් ගහන ගමංම කතා කරන්න...
    මට මුළු ලෝකෙම හරියට වැඩ කරනවා වගේ පේන්නේ මෙ වගේ වෙලාවටනේ...

    ReplyDelete
  38. @මාරයා

    "මන්ද මෙ අවස්ථාවෙ ඇත්තෙන්ම අනෝමාට අවශ්‍ය සරත් ෆොන්සේකාගේ නිදහස නම් ඇයගේ මාර්ගය මෙය විය යුතුද යන පැනය නිරන්තරයෙන්ම මා සිතට දැනෙන නිසාය...

    "සරත්ගේ හැසිරීමට වඩා වැඩි හැසීරීමකින් ඇය රජය ප්‍රකෝප කරමින් සිටිමින් කරන්නේ කුමක්දැයි මොහොතක් සිතා බලන කළ පැහැදිලි කාරණාවක් පෙනෙන්නේ නැද්ද..? "

    හරියටම හරි. සැමියා හෝ දරුවන් වෙනුවෙන් අභිමානය විසි කරන එක තමයි ගැහැණු ගතිය. ඒක නම් අනෝමාගේ කොහෙත්ම නෑ.

    ReplyDelete
  39. අනේ හුකේ නං නානේ.....

    ReplyDelete
  40. Ano 1...

    නම ගම ඇතිව ආවා නම් වඩාත් හොඳයි නේද..?

    ReplyDelete
  41. Ano2...

    ඔන්න ඉතින් කොන්ද පන නැති උදවිය එන්න ගත්තා...

    ReplyDelete
  42. මම ත් මාරයාගේ ලිපිය අපක්ෂපාති එකක් බව පිලිගන්නවා. හැබැයි සරත් ෆොන්සේකා මහතාව සිරගත කිරීම නම් කිසි සේත් ම අනුමත කරන්න බැහැ. ඒක සහ ගහන අපරධයක්. මහින්ද රාජපක්ශ දැන් ඉන්නේ බලයෙන් උමතු වෙලා. ආයි තව අවුරුදු ගණනකට එයාගෙන් බලය ආපහු ගන්න පුලුවන් ජගතෙක් මේ තුන් ලෝකෙම නැහැ. එය රටක් හැටියට අපේ රටට හොඳ නැහැ. මහින්ද වැඩක් කරත් නොකරත් එයාට දිගටම ජනාධිපති හැටියට ඉන්න පුලුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කරල තියෙන්නේ.

    ReplyDelete
  43. ............................................................................................................................................................ 3:)

    ReplyDelete
  44. සෑහෙන්න හොඳ විග්‍රහයක්. මාර මලේ, උඹ නං අපෙ ජාතියෙම පොරක්.
    ඒ වගේම සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්ණයක් නෙව. මට තියෙන දුක, හොඳට හඳ පායපු රාත්‍රියක, ක‍ටුඉබුල යට වාඩිවෙලා, ලෝදිය හැලියත් ලං කොරාන උඹත් එක්ක හීනියට අඩියක් පුඩියක් ගහන ගමන් මේ කතන්දර අහන්න නැති එක ගැනයි. ඔය යමපල්ලෙකුට කියලා බයිට් එකකුත් හදාගන්න බැරියෑ.,

    ඔය පාටිය ස්ම්පූර්ණ වෙන්න බයිට් එකට හාවෙකුත් හිටියා නං මරේ මරු......

    ReplyDelete
  45. බුදුඅම්මෝය.. මට බැරියෝය.. මෙන්න මුං අපට හොරෙන් බොන්න සෙට්වෙලාය.. සිරිබිරිස් අයියෙ ඕවා සහගහන අපරාදය.. තනියෙං බොන්න එපාය..

    පලි: බයිට් එකට හා මස් මසුරංය.. :)

    ReplyDelete
  46. තනියෙන් බොන්නෙ නැ‍තෝ. ඇයි බොලේ , ලෝ දිය හැලියම තියෙන්නෙ, දෙංඤඤ්කො ගමටම. බුරොංපියෝ, උඹත් වරෙං වරෙන් මලේ අපේ (අ)මධ්‍යප සංගමයට.

    ReplyDelete
  47. අදහසට මාත් එකගය...

    අඩි ගැසිමට මමත් එනව.....

    ReplyDelete
  48. දේශපාලන ගුන්ඩුවකට අහු වීම නිසා අතුනු ඉරනමක්... ඒ මනුස්සය කල සේවය හිතේ හැමදාම තියෙනව වගේම මේ දඩුවමත් සැර වැඩියි කියල පිස්සට හිතෙන්නේ... ඒත් අපි මේ ගැන මොනා කතා කරත් දැම් මොකටද ??

    අර සිරිබිරිස් ගෙ අදහස නම් හොඳයි... හි හි

    ReplyDelete
  49. අනේ මංදා මගේ නොදැනුවත් කමට තාම හිතෙන්නේ මහින්දට විරුද්ධ වුනු නිසා සහ මහින්ද ඉදිරියේ හිස නමන්නේ නැති නිසා සරත්ට ගේම දෙනවා කියලාය.

    මහින්ද සහ මර්වින් ඇතුලු පිරිස කියන ඕනෑම බොරුවක් ඉහමුදුනින් පිලිගන්න අය දේශප්‍රේමීන් ලෙසත් මහින්දට හා හොරු රැලට විරුද්ධ මතයක් දරණ අය දේශද්‍රෝහීන් ලෙසත් හංවඩු ගහන්න ඇහැක් ලෙස අපේ ජන මාධ්‍ය මිනිස්සුන්ගේ බ්‍රේන් වොශ් කරලා තියෙන බවත් ඔය අතරේ හිතෙනවාය.

    විරුද්ධ මතවාදයක් දරන්නවුන් මර්ධයන කිරීම අනාගත පරම්පරාවට හානිදායකයි කියාත් මේ මෝඩ මොලයට හිතෙනවාය.

    ප්‍රේමදාස, ජේ.ආර්., චන්ද්‍රිකා, රනිල් ආදී කලින් හිටි නායකයන්ගේ ආන්ඩු වල දූෂණාය තිබූ නිසා මේ ආන්ඩුවේ දූෂණය වැඩි දෙනෙක් අනුමත කර ඇති බවකුත් පේන්න තිබේ කියා හිතෙනවාය.

    ආන්ඩුවේ වැඩ වල විනිවිදභාවය ගැන ප්‍රශ්න අහන එක අපේ වැඩක් නොවේය ඕන තරමක් ණය අරගෙන ඕන මගුලක් කොර ගනිල්ලාය අපිටත් වැඩි මිලට හරි කන්න බොන්න දෙයක් චීනෙන් බැරි නම් අඟහරු ලෝකෙන් හරි ගේනවා නම් අපිට ඒ ඇතිය කියා මිනිසුන් හිතනවා ඇතිය කියාත් හිතෙනවාය.

    තව තව හිතෙන ඒවා කියන්න ගියෝත් මගේ නැති ප්‍රෙෂර් එකක් ඇතිවී පොත පතට පින්සිදු වෙන්න තැන්පත් කර ගත්හිත කැලැඹෙන්න ඉඩ තියන නිසා නොකියා ඉන්නවාය . .

    ReplyDelete
  50. මාරයාගේ සටහනද ඊට පහලින් ඇති බහුතරයක් බ්ලොග් සහෘදයන්ගේ අදහස්ද කියවූ පසු මට මා ගැන දැනුනේ මම තනිකරම දේශද්‍රෝහියෙක් ලෙසය...
    දේශපාලකයෙක් මෙන්ම මිනිසකු ලෙසද මා පිලිගත්තේ ජනාධිපතිතුමා ජෙනරාල්ට වඩා හොඳ ආදර්ශමත් චරිතයක් ලෙසය... ඒ මා ඔවුන්ගේ අතීත හැසිරීම් පිලිබඳ ලියවී කියවී ඇති දෑ වලින් දැනගත් පරිදිය... (මින් මහින්ද මාමාගේ අතීතය සුදෝ සුදු බවවත් ජෙනරාල්ගේ අතීතය කට්ටම කලු බවවත් වරදවා වටහා නොගන්න...)
    කෙටියෙන්ම කියනවානම් ජෙනරාල් යනු මගේ ලෝකයේ වීරයෙක් නොවුනි... නමුත් ඔහු හිරබත් කනවානම් කෑ යුත්තේ මුලු සිංහල ජාතියම සමග හවුලේ මිස තනිව නොවේ... ඒ ත්‍රස්ත්‍රවාදය පරාජය කිරීමට දෙමලුන් මැරීමේ වැරද්දටය... අතලොස්සක් හැරෙන්නට අඩු වැඩි වශයෙන් සිංහලුන් එයට හවුල්කරුවන් වුයේය...
    තමාට හොඳ යැයි සිතන දේශපාලන මතයක් දැරීම සිර දඬුවම් විඳීමට තරම් වරදක්දැයි මා නොදන්නෙමි... බොහෝ බ්ලොග් සහෘදයන් කියනා පරිදි ජෙනරාල්තුමා ජනාධිපතිතුමා හා තරඟ කිරීමට තීරණය කිරීම වරදක් වන්නේ කෙසේදැයි මට නොතේරේ... ඔහු නොආවානම් සරත් එන්ද සිල්වා තරඟ වදින්නට බොහෝ දුරට ඉඩ තිබුනි... එසේ ආවානම් ඔහුත් අද සිර දඬුවම් විඳිය යුතුද.... ඔහුත් නොමැතිව වෙන කවුරුන් හෝ ආවානම් ඔහුත් අද සිරබත් කෑ යුතුද...
    බොහෝ බ්ලොග් සහෘදයන් කියන්නේ මහින්ද සිටින තැන සිටියානම් අද ඔවුන් කරන්නේද මේ දෙයමය... ඒ අනුව කියවෙන්නේ අපි අපේ දරුවන්ට කියා දෙන්නට යන්නේද මේ වයිරයේ පාඩමද... එහෙමත් නැත්නම් මොකාට හෙන ගැහුවත් අපිට මොකද රට දියුණුවෙලා හොඳට කන්ට අඳින්ට ලැබෙනවානම් යන බඩජාරි සිතුවිල්ලද... අසාධාරණය දැක දැකත් එය සාධාරණීකරණය කරමින් තමන්ගේම හිතට වංචා කරගන්නා තත්වයට මනස දුර්වල කරලාද...හෙමත් නැත්නම් මම දේශද්‍රෝහියෙක් විදිහට හිතන්ට පටන් අරන් මගේ දේශප්‍රේමි සහෝදරයින්ට හිතෙන දේවල් වැරදි විදිහට පෙනෙනවාවද්ද...

    ReplyDelete
  51. ඔබ හිතන්නේ මේකට මුලින්ම වග කියන්න ඕන UNP, JVP එකේ අය කියලද? මමනම් කියන්නේ මහින්දම තමා මේකට වගකියන්න ඕන.
    ජෙනරාල් සරත් ෆොන්සෙකා ‍යුද්ධය ඉවරකරලා මාස තුනක් හමුදාපති තනතුරෙ ඉන්න දුන්නාද? ඔහුව රවටා බලතල දෙන්නම් කියා මාණ්ඩලික තනතුරක් දුන්නාය. එය බාරගන්න වෙලාවෙදි ජෙනරාල් සරත් ෆොන්සෙකා කිව්වේ "මට යුද්ධ කාලයෙදි සෙබළුන් ගෙ සුබසාධනය බලන්න බැරිවුනා මට එකට යුද්ධයෙන් පසු කාලයක් නොලැබිම ගැන කනගාටු වෙනවා කියලා". ඊට පස්සේ මොකද මහින්ද කලේ ක්‍රිඩා අතිරෙක ලේකම් කෙන්ක් ලෙස වැඩ බාරගන්න කිවිවා.(කලකිරෙන එක සාධාරණ නැද්ද? කරුණා අම්මාන් ලා ඇමතිලා වෙද්දි නිකම්ම ලේකම් කෙනෙක්) අනික මම දන්නා සරත් ෆොන්සෙකා හොද පරිපාලකයෙක් ඇමතිකමක් දුන්නනම් හොදටම වැඩ කරන්න පුලුවන් මිනිහෙක්.මම දන්න තරමින් ඇමරිකාවෙ තානාපති කමනම් දෙන්නේ නැ මොකද දැනට ඉන්නේ ශිරන්න්ති ගේ මල්ලි කෙනෙක්.
    අනික මහින්ද කියන්නේ තමන්ට ඔන වැඩෙ ගත්තට පස්සේ අයින් කරලා දාන කෙනෙක්.
    ජනාධිපති උනාට පස්සේ චන්ද්‍රිකාව අයින් කලා.
    අනුරට අගමැතිකම දෙනවා කියලා පස්සේ කපලා දැම්මා.
    JVP එකෙන් උදවි අරගෙන අයින් කලා.
    වැඩිම බර ඇදපු මංගල , ශ්‍රිපතිව කැපුවා.
    රනිල්ව රවට්ලා 18ක් කඩාගත්තා.
    සරත් ෆොන්සෙකාව කපලා දැම්මා.
    ඔකොටම වඩා තරහ ජනතාව රවටන එකට.
    විධායක අගමැති කම පිහිටවනවා කියලා පොරොන්දු වෙලා එයා මොකද කලේ?
    වැටුප 2500 ජනාදිපතිවරනයෙන් පස්සේ දෙනවා කිවා, මහමැතිවරණයෙන් පස්සේ කිව්වා, ලබන අයවැයෙන් කිව්වා තාම නැ.
    ඇමතිලා 113න 35 ට අඩුකරනවා කියලා කිව්වා නමුත් දැනටත් ඇමති, නියෝජ ඇමතිලා 90ක් විතර ඉන්නවා.ඇහුවොත් කියන්නේ ඇමතිලා 43 කියලා.
    මහින්ද රවටන්නේ ජනතාව.
    සරත් ෆොන්සෙකා අපේ රටේ දේෂපාලනයට ගැලපෙන්නේ නැ මොකද කතාකරද්දි කලවැද්දා වගේ වචන පාවිච්චි කරන හන්දා නමුත් සුදු පිරුවට ඇදගෙන මල් වට්ටි උස්සගෙන කදුලු හලලා එකක් කියලා වෙන එකක් කරන අයට වඩා කෙලින් කතාකරන සරත් ෆොන්සෙකා උතුම්.
    මම UNP එකට ඡන්දය දෙන කෙනෙක් නමුත් යුද්ධය යන කාලයේ මහින්දටවත්, හමුදාපතිවරුන්ටත් වචනයකින්වත් බැනපු කෙනෙක් නෙවේ. මම හිතාගෙන හිටියේ ඊලග පාර (2010) ඡන්දය මහින්දට දෙන්න නමුත් ජනතාවට කරන බොරුව දැක්කාම........
    මට මෙක බලාගෙන ඉන්න බැරිකමට තමා ලියන්නේ,මමත් දේශද්‍රෝහියෙක් විදිහට පෙන්න පුලුවන්. නමුත් මම මගේ රටට ආදරේයි මට මේ රට කවුරු දියුණුකලත් කමක් නැ.මහින්ද උනත් බොරු වියදම්, බොරු පොයිය දාන්නේ නැතුව ඉන්නවනම් මම මගෙ චන්දය මහින්දට නමුත් මටනම් පෙන්නේ මහින්ද හිතාගෙන ඉන්නේ ජනතාව මොඩයි කියලා.

    ReplyDelete
  52. යකෝ මාරයගේ පෝසටි එකට වඩා මුංගෙ කමෙන්ට් දිගයිනෙ. මාරයෝ උඹ මීට පස්සෙ කමෙන්ට් එකක් දාපං. අනිත් උන් පෝස්ට් ලියයි. හි හි. නරකද මේ වාගේ දේවල් ලියලා යන්න ඔය මොකක් හරි එකක් ඇටෙව්වොත්. ඔය ටෙක් බුවාලා දන්නවා ඇතිනෙ. (නිකමට කිව්වෙ)
    අර හා මස් කථෘව ගැන මොකද කියන්නෙ. හැබැයි හාවා පුංචි සතා.

    ReplyDelete
  53. හාවිත් එක්කම ඉත්තෑවෙකුත් අල්ල ගන්න හාවිව මදිනම්
    :D :-p

    ReplyDelete
  54. හා පැටික්කි (MS)...

    මොකද තිත්..........................................?

    ReplyDelete
  55. Siribiris...

    දන්න කියන තැනකනං ඉන්නවා...අහලා බලමු බයිට් එකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙනවද..?කියලා...

    ReplyDelete
  56. ඉංදික...

    පිළිගන්න...මෙන්න තවත් ප්‍රගතිශීලී සහෝදරයෙක්...

    ReplyDelete
  57. දුකා...

    හා හා ප්‍රෙෂර් නග්ග ගන්නේ නැතිව ඉමු.
    තමන්ගේ මට්ටං තම්මට්ට කිවුවළු දුකෝ...
    උඹට එක විදියකට හිතෙනකොට මට තව විදියකට හිතෙනවා...
    මට එක විදියකට හිතෙනකොට උඹට වෙන විදියකට හිතෙනවා...
    එහෙම හිතන්න අපි දෙන්නටම අයිතියක් තියෙනවා.

    කොහොම උනත් දේශපාලනේදී අපි හැම වෙලේම අපේ මතයම තහවුරු කරන්න යන එකෙන් අපි අපේම ලේ පුච්ච ගන්නවා.
    මම හිතන විදිය උඹටවත් උඹ හිතන විදිය මටවත් වෙනස් කරන්න බැහැනේ...
    උඹෙ ප්‍රෙෂර් වැඩි කරලා මට ඇති වැඩෙ මොකක්ද..?
    ඔන්න ඔහේ අල්ලලා දාලා ඉඳහං බං...

    ReplyDelete
  58. පුතා...

    පුතාට වැඩි යමක් කිවීමට අවශ්‍ය නොවෙ...
    සරත් නන්ද ද සිල්වා යනු මහින්ද විසින් උස්සා තියපු අයකු නොවෙය...

    නමුත් සරත් ෆොන්සේකා යනු මහින්දගේ හා ගෝඨාගේ අනුග්‍රහය මත ජනප්‍රිය වූ අයෙකි.
    සරත් ෆොන්සේකා නිසා ඔවුන්ද එළියක් ළබාගත් බවද කිව යුතුය...
    නමුත් මා මුළින්ම බලන්නේ මුල දෙසය...

    සුදු කොඩි කතා අමතක කර දමා අදටත් සරත් ෆොන්සේකා ගැන මෙහෙමවත් හිතන්නට මා පෙළඹෙන්නේ ඒ කථාවලට පෙර ඔහු කළ සේවය නිසාවෙනි.

    ReplyDelete
  59. Ano...

    නම ගම ඇතුව ආවානං වඩාත් හොඳයි නෙවද..?

    ReplyDelete
  60. Ishara...

    අම්මපා මීට පස්සේ මම කමෙන්ට් එකක් විතරක් දාලා නවතිනවා..මටත් ලේසියි...

    හාවා පුංචි උනාට මොකෝ...බයිට් එකට විතරයිනේ...

    ReplyDelete
  61. Chanaka Aruna Munasinghe...

    ඔව්මයි...
    එතකොට මකරට බැරියෑ ගිනි පිඹලා රෝස් කරලා දෙන්න...

    ReplyDelete
  62. තිත් තිව්වේ අයියලට බැනලා පව් පුරෝ ගන්න බැරි නිසා සහ මම බනින්න සැර වචන නොදන්න නිසා......... :( :(
    කට්ටිය හා මස් පෙරේතයෝ වගේ....... මාරයියේ මෙහෙම ගියොත් මට මේ පැත්තේ නෑවිත් ඉන්න තීරණය කරන්න වෙනවා..... :D :D :D :D

    @ මකරයියා
    අනේ හැබෑට වත් අක්කිටත් ඔය කතාව කියන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද මංදා.......... 3:)

    ReplyDelete
  63. @ හා පැටික්කි (MS)

    ඉත්තෑවෙක් නැතුව වෙන මොකෙක්වත් හිටියෙම නැද්ද ? අඩුම ගානෙ පූසෙක්වත් ??

    ReplyDelete
  64. හා පැටික්කි (MS)...

    අනේ බං කෙල්ලේ විහිළුවට කිව්වට මොකෝ මම කයිද හා මස්...
    උඹ බය නොවී ඉඳින්...

    ReplyDelete
  65. මකරා...

    ආයේ ඉතින් හාවෝ පූසෝ මක්කටද අල්ලමුකෝ තඩි මකරෙක්ව...
    ගමටම ඇති වෙන්න...

    ReplyDelete
  66. නෑ නෑ මම ඇහුවෙ හාවිගෙන්. ඉත්තෑවෙක් ඇරෙන්න වෙන මොකෙක්වත් හිටියෙම නැද්ද කියලා

    ReplyDelete
  67. @ මකරා අයියා
    ඒක අහන්න වත් අක්කිට මුණගැහුන හාවිගෙන් මං ඔව්වා දන්නෑ......

    ReplyDelete
  68. බ්ලොග් අවකාෂේ මාරයා කියන්නේ මම බොහෝම ගරු කරන චරිතයක්.

    බොහෝ සමබරයි නිදහසට ආදරයට ප්‍රේමයට සංවේදීයි.

    අසාධාරණයට එරෙහිවන අයෙක් කියන එකයි මගේ නම් හැඟීම.

    ඒ උඹ කියන වින්දනීය මනසට අපි බොහෝ දෙනෙක් ප්‍රේම කරන බව බොරුවක් නෙමෙයි.

    එහෙව් එකෙක් "බත්බැලයන්ගේ මාද්‍ය විසින් මහජන හදවත් තුල බලෙන් ඇතිකල" පිටු ගැලවුනු නිසා සාක්කි නෑ කියන සුදු කොඩි කතාවක් අදහගෙන

    "සුදු කොඩි කතා අමතක කර දමා අදටත් සරත් ෆොන්සේකා ගැන මෙහෙමවත් හිතන්නට මා පෙළඹෙන්නේ ඒ කථාවලට පෙර ඔහු කළ සේවය නිසාවෙනි"

    වගේ කතා ඒ සන්වේදී වින්දනීය මනසක් හිමි මාරයාගෙන් ඇහෙන විට මෙලෝ රහක් නැති, හර්ද‍ය සාක්ශි උකස් කල, හැඟීම දැනීම් හොඳ නරක නොදැනෙන මිනිස්සු මොනවා කිව්වත් කලත් මොකද යි කියලා හිතෙනවා.

    ReplyDelete
  69. අමතක කරන්න එපා විරුද්ධ මතයක් දරන එකෙක්ව මර්ධනය කරන එකට උඩ ගෙඩි දෙන එකට වන්දි ගෙවන්න වෙන්නේ උඹට මට නෙමෙයි හෙට අපේ රට භර ගන්න ඉන්න දරුවන්ට . . .

    තවම විවාහ වෙලා දරුවෙක් නොලබපු උඹට ඒ වේදනාව නොදැනෙනවා වෙන්න පුලුවන්. ඒත් සහෝදරින් දෙදෙනාගේ දරුවන් 7ක් සමඟ මගේම දරුවෙක් ඉන්න වැඩිහිටියෙක් විදිහට මට ඒක බොහෝම තදින් දැනෙනවා.

    ReplyDelete
  70. දුකා...

    සුදු කොඩි කථාව කළින් ගොතපු බොරුවක් කියලා මාත් මුළින් හිතුවා..
    මොකද ෆෙඩ්රිකා ජෑන්ස් කියන්නේ සල්ලිවලට විකිණෙන මාධ්‍යයන්ගේ තවත් එකම එක කෑල්ලක් වීම නිසා.
    නමුත් පසුව ඒ සම්බන්ධව ෆොන්සේකා කළ ප්‍රකාශ වලදී ඔහු ඒවා ප්‍රතික්ෂේප කලා උනත් එක් අවස්ථාවක ඔහු නොකියා කියනවා එය සත්‍යයක් බව..එයට අඳාළ රූප රාමු සහිතව මා දුටු බැවින් විනා කාගේවත් අතේ රෝල් දැකලා කියපු කථාවක් නෙවෙයි ඒක...

    කොහොම උනත් දේශපාලනය ගැන අපි දෙන්නා කථා නොකර ඉන්න එක වඩාත් හොඳයි කියලා මම හිතනවා..
    ඒ හින්දා අදින් පසුව මෙ පිළිබඳව මම උඹත් එක්ක කථා නොකර ඉන්නම්..
    දේශපාලනය හැර අන් දේවල් අපට තියෙනවා කථා කරන්නට ඔන තරම්...
    නිකං හිත් අමාරුකං හදාගන්නේ මොකටද..?

    ReplyDelete
  71. -------------------THE END--------------------

    ReplyDelete
  72. maraya anoma gana anduwen deepu guliya gilala wage LOL

    ReplyDelete
  73. me umba kendara danna ekane.raja yogayaka prabalathawa theeranaya karana kramayak kiyapan balanna.

    ReplyDelete
  74. fonsekage kendare ganath kiyapanki puluwannam

    ReplyDelete
  75. ane uba wage buruwek.
    mama methanin nathara wennam. dukai sinhalayo gana. thuk nodakin. ane ape jathiya hadigawilama pala.

    ReplyDelete
  76. "කවුරුහරි හිතනවනං සරත් ෆොන්සේකා හිර ගෙදරින් නිදහස් වෙලා ආව ගමන් මහා චරිතයක් වෙයි කියලා..
    ඇත්තටම ඒක එහෙම වෙන්නත් පුළුවන්.. ඒත් එදා වෙනකොට මහින්ද ඊට වඩා අගලක් හරි උඩින් ඉදීවි.
    මොකද මහින්ද දැන් ඉන්නේ දිනන්න හැකි ආර්ථීක යුද්ධයක අතර මග... මිනිහා ඒක සාර්ථකව කළොත්...
    ආයේ සරත් ගැන හිතන්න කවුද ඉතිරි වෙන්නේ...”

    මාරයාට වැරදුන තැන ඔතන තමයි... මාර අයියා මහින්ද ලොක්ක ගැන එදා කියපුව අද වෙනකොට මොන
    තරම් දුරට ඇත්තද නැත්තද කියල හිතාගන්න පුළුවන් නේද? කියල තියන දේවල්වලය 100%කින්ම එකග
    වෙන්න බැරි උනත් අපක්ෂපාතීව ලියල තියන එක ගැන සෑහෙන්න සතුටුයි. ජය වේවා...

    ReplyDelete
  77. පරණ ලිපියක් උනත් කමෙන්ට් එකක් දාන්න හිතුනා ..ෆොන්සේකා හා මහින්ද අතර තිබුනෙ චන්ද සටනක් නෙවෙයි මහා වෛරයක් .ඡන්ද එක් ලක්ෂ අසූ දාහකින් 2005 දි පැරදුන රනිල් මහින්දට අතට අත දී සුභ පතන්නෙත්
    18 ලක්ෂයකින් පැරදුන ෆොන්සෙකා දූෂීතයි කියා වැලපෙන්නෙත් ඒකයි .මහින්දලා රනිල්ලා සජිත්ලා කරන්නේ දේශපාලනයයි ෆොන්සේකා නොදන්නා මගුලත් එයමයි , එනිසා තවත් කෙනෙකුගෙ ඉත්තෙක් වෙන එක අරුමයක් නෙවෙයි . සිරගත වී සිටීමේ වාසිය ලැබෙන්නේ ඔහුට නොවේ ,අනිවාර්යයෙන්ම වෙනත් පාර්ශවයකටයි

    ReplyDelete