12 October 2010

වල්මත් වූ මනුසත් ලොව..

මළින් මලට රොන් උරමින්..
ගහෙන් ගහට පියඹා ගොස්..
කෙටුව නමුත් කෙසෙල් ගහට..
හොට තාමත් නොම පැටළුන..

පරඋනු මල් ළග නැවතී..
සුවඳැති මල් පිළිකෙව් කළ..
අමන මෝඩ මරිකම් කළ...
එනමුදු කිසිදා නොහැදෙන..

වැරදුනු තැන් නොම සාදන..
තව තව වැරදිම කරමින..
වල්මත් වූ මනුසත් ලොව..
සිහිය විකල් මිනිසා මම..

13 comments:

  1. මේ වල්මත් වූ මනුසත් ලොවේ වැඩි හරියක් ඉන්නෙ සිහිය විකල් මිනිස්සු තමයි.

    ReplyDelete
  2. මිනිස්සු තමයි

    ReplyDelete
  3. තෙරුවන්සරණවෙවා!
    කාලෙකට පසුව පින්වත් මාරයගෙ පැත්තට එබිබලන්නට ලැබුනෙ. මාරයා දැන් අමුතුම පැත්තකට යොමුවෙලා වගෙ.පන්සල්වල තතු එළිවෙන්න කළින් මාරයාගෙ වගතුග කළඑළි බැසිම ධර්මය දන්නා අයට අරුමයක් නොවෙනු ඇත.
    මාරයො, මින්පසු නුඹ අමතනවිට, ‘පින්වත්’ යන වචනය නොයොදමි. ඒ කුමක්නිසාදයත්‚ “පින්වත්”යන වචනයෙ පරිසමාප්තියෙන්ම යෙදියහැකිවන්නෙ ෙබෳද්ධ මිනිසුන්ට පමනි. මිනිසත්බවට නින්දාවන අයුරෙන් කටයුතුකර ඒවා පැතිරවිම නුසුදුසුය. ඒ නිසා මෙය සාධාරනිකණරය නොකර, නුඹට ඉන් ගැලවියනොහැකිනම් නුඹගෙ ඒ කටයුතු පලකිරිමෙන් නුඹගෙ නොහැකියාව,මනසෙ පහත් බව තහවුරු වනවා මිස නුවණැති අයගෙ අනුකම්පාව නොලැබෙන බව නොදන්නෙද? පර සුද්දන්ගෙ ජඩකම් නුඹටත් පුරුදුවිමෙන් වන්නෙ මිනිසත්බව නිවට කමින් යටවි අපායට නියමවිමය. උන්ට කියන්නෙ, කරුමය උරුමයක්කරගන්නො කියාය. මිටවඩා කුමක් ලියන්නද? නුඹගැන.අහො! ඛෙදයකි . මිට,
    වසවර්තියා
    2010-10-13

    ReplyDelete
  4. වසවර්තියා...

    පළමු කොටම ඔබ භාවිතා කරන වසවර්තියා යන නාමයට මා ප්‍රිය කරනා බව කිව යුතුය...
    ඒ හැර අන් අදහස් පිළිබඳව කිව යුතු තරම් දෙයක් නොවෙ...
    අනුකම්පාව..?
    කවුරු කාටද අනුකම්පාවක් බලාපොරොත්තු වන්නේ..? මා නම් නොවෙ..
    ඔබට එය ඇවසිද..?
    මා බ්ලොගය ලියන්නේ මගේ කාන්සිය මකා ගනු පිණිසත්..ඒ හැර සමාජයේ වැසී ඇති පැතිකඩක් දෙස අළුතින් බලා සිතන්නට මිනිසුන් යොමු කරවීමටත්ය..
    ඒ හැර ඹබ කියන්නාක් මෙන් වණැතියන්ගේ අනුකම්පාවක් මට මොටද..?
    නුවණැතියන් යැයි කීවෙ..ඔබ වැන්නන්ටද..?එසේ නම් එය කෙසේවත් මා හට ඇවසි නැත.

    මා කීවත් නොකීවත් අද සමාජය මෙ කරුණු ගැන අවිධිමත් ආකාරයට හෝ දැනුවත් වී ඇත.
    අප අපගේ වැරදි හදා නොගෙන එම වැරදි අඩුපාඩුකම් වසා ගනිමින් එම වැරදි පෙන්වා දෙනු ලබන අයවළුන්ට දොස් පැවරීම ඔබ ඔය කියනා නුවණැති ලක්ෂණයද..?
    එසේ නම් මා හට කමන්න..මා එවැනි නුවණැතියකු නොවෙමි.
    හැකිතාක් දුරට සමබරව මෙම ලියවිල්ල ඉදිරිපත් කිරීමට මා වෙහෙසෙමි..
    ඒ හැර සම්බුද්ධ ශාසනයට හෝ පුද්ගලයින්හට පෞද්ගලිකව පහර දීමට මා පෙළඹෙන්නේ නැත.
    යම් පුද්ගලයින්ගේ චරිත ලක්ෂණවල අඩුපාඩුකම් තිබීම මාගේ වරදක්ද..?
    සියළුම සමාජ සිදුවීම්වලට හේතු වන්නේ එක් අයකුගේ හෝ සමූහයකගේ ක්‍රියාකාරකම්ය..
    ඒ තුළින් විවිධ අවස්ථා ඇති වෙ...
    අප ඉදිරිපත් කරන්නේ යම් සමාජතලයක..එක්තරා කොට්ඨාශයකට අදාළ එවැනි සිදුවීම් මාලාවකි.
    කෙටියෙන් කියතොත් පන්සල් හා ඒ හා සබැඳුණු ගිහි පැවිදි විවිධාකාර චරිත අතරින් ගොඩ නැගුණු කථාවකි.
    මෙහිදී සැගවිය යුතු කරුණු ඇතැයි මා නොසිතමි.
    සගවනවාට වඩා එසේ නුසුදුසු ක්‍රියාකාරකම් ඇති නොවන්නට වග බලාගන්නවානම් එය වඩාත් සුදුසු නොවන්නේද..?

    පර සුද්දන් මෙයට ගෑවුනේ කෙසේද..?
    ඒකත් හරියටම අර සමහර වාමාංශිකයින් යැයි කියාගන්නා අයට කෝකටත් හේතුව ගෝලීයකරණයවීම යන්නට වඩ වෙනසක් මටනම් නොපෙනේ...

    පින්වත් කියන වචනයට ඔබ අර්ථ දක්වා ඇති අයුරුනම් අපූරුය...

    එම අර්ථකථනය ඔබගේ දැක්ම අනුවද..නොඑසේනම්.. දහමට අනුවද යන්න දැන ගැනීමටනම් මා කැමති වෙමි.
    පින්වත් යන වචනයෙන් ඔබ මා අමතන්නේ නැති තරමට යහපති..මන්ද ඔබ එසේ අමතන්නේ එහි ඇති තේරුම පවා හරි හැටි නොදැන වීම නිසයි.
    ඔබ හා විවාදයට මාහට උවමනාවක් නැත.
    විවෙචනය සාදරයෙන් භාර ගතිමි.
    කෙසේ වෙතත් විරුද්ධාකල්පයක් ඉදිරිපත් කරමින් ඔබ දැක් වූ සහයෝගයට ස්තූතියි.
    මෙසේ හෝ පිළිතුරක් ලියන්නට මා පෙළඹවූයේ ඔබගේ විවෙචනය එතරම් සාර්ථක නොවනා බැව් මා හට හැගී යාම නිසා හැර අන් යමක් නිසා නොවෙ...
    ස්තූතියි.

    ReplyDelete
  5. පින්වත් යන වචනය බෞද්ධ මිනිසුන්ට පමණක් යෙදිය හැකි වචනයක් වන්නේ කෙසේද?
    පව් නොකරන්නේනම් ආගම කුමක් වුවත් කෙනෙක් පින්වත් අයෙකි. එයට බෞද්ධ වීම අනිවාර්ය වන්නේ ලංකාවේද නැත්නම් අපායේද යන්න වසවර්තියා තේරුම් කල යුතුය.

    ReplyDelete
  6. දෑන් ඔය වසවර්තියට කියන්න ඔන මොකක්ද කියල පෑහෑදිලි නෑනේ. පෑහෑදිලිව ලිව්ව නම් මාරයාටත් ආදර්ශයක් ගන්න තිබ්බ මන් හිතන්නේ. හුදු ඉරිසියාවට ලියල ගිය පල් හෑල්ලක් බවයි දෑනෙන්නේ. අනික මාරය කිසිම තෑනක තමා මහා සුදු චරිතයක් බව කියා හො හඟවා ඈති බවක් මෙහි සියලුම ලිපි සහ කවි කියව ඈති මට නම් නො දෑනේ. ඉතින් ඌට පින්වත් කිව්වත් එකයි නෑතත් එකයි.

    ReplyDelete
  7. මාර අයියා කෙහෙල් ගහට ඇන්න කිව්වා....

    ReplyDelete
  8. Praසන්ன...

    මාත් එයින් එකෙක්...

    ReplyDelete
  9. Ano...

    මෙ කියන මිනිසා මමයි...

    ReplyDelete
  10. ``` Outsider```...

    මිනිසත්කම ලබා උපන් සැවොම පින්වත් අය බව මිස වසවර්තියාගේ පින්වතබව ගැන නම් මටත් තේරුම් ගත නොහැක...

    පින්වත් නොවුනේනම් මිනිසත් උපතක් ලද නොහැක..
    ලද මිනිස් දිවිය කෙසේ ගෙවන ලද්දා වූවද අප මෙලොවට පැමිණියේම පූර්වකෘත පුණ්‍ය මහිමය නිසාමය..එබැවින් පින්වත් යන්නට බෞද්ධ හෝ අබෞද්ධ යනුවෙන් ඛෙදීමක් නැත...
    මෙ පින්වත් වසවර්ති තෙමෙ එය නොදන්නා කම වෙනුවෙන් ඔහුට අනුකම්පා කිරීමට මට හැක...

    ReplyDelete
  11. නිශ්...

    ඒක හරි...
    මට ඔය බෝඩ් ලෑලිවලින් ඇති ඵලය කිම..?

    ReplyDelete
  12. පිස්සා පලාමල්ල...

    ඇන්නා කොල්ලෝ ඇන්නා...
    හිහ්..හිහ්...

    ReplyDelete
  13. බුද්ධවර්ෂ 2554 වප්මස පුර සතවකදි,

    තෙරුවන්සරණවෙවා!

    පින්වත් මාරය්යෙ,..මට පොඩිවැරදිමක් උනෙ,.. හිත රිදුනානම් සමාව බජනය කරමි.මම මෙ කොමාත් එක්ක තාම හරියට වැඩ දාන්න දන්නෙනෑ. මාරය්යගෙ බ්ලොග් එකෙ ජඩවතුර බොන ආටිකල් එකකට තමයි කලින් අදහස ඉදිරිපත් කෙෙළ්. එතුලින් මත්වතුර බිමට ඇබ්බැහි වු බවයි වැටහුනෙ. ඒනිසා මට ඕන උනෙ ඉන්මුදවා ගැනිමටයි. ඒවා මෙරටට පුරුදු කෙළ් ජඩ සුද්දො නොවැ, ඒබව මටත් වඩා හොඳින් මාරය්යා නෙ දන්නෙ. ඒනිසායි පරදෙසක්කාරඉන්ගෙ ජඩ වැඩපුරුදුවිමෙන් ජඩයෙක් නොවෙන්න කියා ලියුවෙ,තරහකට නොව හිතෙ ඇති සින්හල කමටයි.

    ‘පින්වත්, කතාව ගැනත්, ‘මනුශ්ය, කතාව ගැනත්, බොහොදෙ ලියන්නවෙයි වාගෙ. ණුවනත් ,එසෙමයි. . ඒ ගැන කෙටියෙන් කීවොත්, අභිධර්මය නිවැරදිව ඉගෙන ගත්තොත් වටහාගනීවි.එසෙනොවුනොත් තමන්ගෙම මතය තහවුරු කරගැනීමයි ස්වභාවය.

    පින්කිරිමෙන් තමයි මිනිසත්බව ලැබගන්නෙ. එහි වරදක්නෑ.නමුත් ඒවා තෙරුම් කරගැනීමෙ අකාරය රතමයි වැරදි තිබෙන්නෙ.
    පින නිසා මනුස්ස පටිසන්දියක් ලැබුනත්, ඒ පින කරගන්නා මොහොතෙදි සිතෙහි ඇතිවු තත්වයන්ගෙ හෙතුන් නිසාවෙන් ෙබෟද්ධ අෙබෟද්ධ වෙනවා. ණුවණ ඇති නැති ස්වභාවයත් එසෙමයි. පොසත්,දුප්පත්විමත් මෙ කරුණට එකතුවුවත් සාන්සාරිකවශ ගෙනා දෙද ඊට හෙතු උපනිස්සය වෙනවා.
    අන්න ඒ නිසාතමයි විෙෂ්ශයෙන්ම ක්ෂණ සම්පත්තියෙන් යුත් සින්හල ෙබෟද්ධ මනුස්සයන් පින්වත්බවට වඩාත් උචිත වන්නෙ. අභිධර්ම්යෙ චිත්ත කාණ්ඩයෙන් වැඩි විස්තර උත්සහවන්ත්යින්ට සහ ණුවනැති අයට දැනගැනීමට හැකිවෙවි.
    මනුශ්ය,කියන්නෙ මනසින් උසස්නිසායි.මනසින් උසස්වන්නෙ කොහොමද? මනසින් සිතා මෙදෙ වැරදියි, මෙදෙ නිවැරදි,යි යනුවෙන් සිතා වැරදි දෙයින් වැලකී නිවැරදිදෙ කිරිම තුලින් තමයි ම්නුස්ස වන්නෙ.
    වැරදි කියන ඒවා සාමාන්ය ජනතාවට තෙරුම් ගැනීමට හැකිවන්නෙ බොහොම ටිකක් පමණි. අභිධර්මය ඉගෙනගත් අය ඊටත් වඩා බොහො වටහා ගනු ඇත.
    මෙය බොහො විස්තර කළයුතුව ඇතත් පසුව සලකාබලමි.
    ඒ නිසා මාරයියෙ, හොදින්තිබෙන සිහිය බිමතින් නැතිවෙනවානම් එය අණුවණ කමද? ඥාණවන්තකමදැයි නුඹට එය තෙරුම් ගැනීමටනොහැකිනම් පොඩිළමයෙක්ගෙන් අසා දැනගනිං….. නුඹෙ යහපත පතන මා, වසවර්තියා…...
    2010-10-15

    ReplyDelete