13 October 2010

ඩයන් ගෝමස් ඔබට ස්තූතියි...

ලාංකීය ක්‍රිඩා ක්ෂේත්‍රයේ බොහෝ දුර යා හැකිව තිබූ මුත්..
ඒ සඳහා ඇවසි අනුග්‍රහය නොමැතිව අතරමග තම ගමන නිමා කොට අකල්හී මිලානව ගිය තාරුකාවන් ගොඩට එක්වන්නට නොදී..

මංජු වන්නි ආරච්චි

නැමැති ක්‍රිඩකයා අද දින ලැබූ ජයග්‍රහණය දක්වා කැඳවා ගෙන ආ මෙ මොහොතේ ඒ සඳහා මහා අත්වැල් සපයන්නා වූ ඔබට ජාතියක් වශයෙන් අප සියල්ලන්ම ස්තූති කළ යුතු බව යුතුය...

මංජු පමණක් නොව තවත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අදටත් ඔබ සෙවනේ රැකවරණ ලැබ මතු දින ලක් අඹර බැබළවීම පිණිස සූදානම්ව සිටුනු ලබන බවද අප දන්නෙමු...

මා දන්නා තරමින් ඔබගේ පන්නල ස්ලිම්ලයින් ආයතනය යනු එක්තරා අන්දමක ක්ෂේම භූමියක් වැනිය...

ගමෙ ගොඩෙ ඉපිද හැකියාව හැර වෙනත් සවියක් නොමැති දැයේ බොහෝ දූ දරුවන් පිරිසකට කැපකරු පියකු වී ඔවුන් හරහා ලක්මවට කීර්තියක් අත්කර දීමෙහිලා ඔබ සතු පැතුමන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවායි පතමි...

11 comments:

  1. හරියටම හරි මාරයා... ඩෑන් නොහිටියනම් බොක්සිං ගහන්ට මේ වෙද්දි මංජු ලංකාවේ නොඉන්නත් තිබුනා...

    ReplyDelete
  2. කතාව ඇත්ත.... ඩයන් ගෝම්ස් බොක්සිං වෙනුවෙන් හුඟක් වැඩ කරපු කෙනෙක්. පන්නල ස්ලිම්ලයින් එක විතරක් නෙමෙයි MAS Holdings හැම ෆැක්ටරි එකකම වගේ මේ වගේ ක්‍රීඩකයින්ට රැකියා දීලා ක්‍රීඩා කරන්න අනුග්‍රහය ලබාදීලා තියෙනවා.........

    ReplyDelete
  3. මාරයා සමග අවිවාදයෙන් එකග වෙමි......

    ReplyDelete
  4. මාරයා සමග මාත් එකග වෙමි...

    ReplyDelete
  5. මාරයා සමග මාත් එකගයි. ලංකාවෙ දක්ෂ ක්‍රීකඩ ක්‍රීඩිකාවන්ට රජයෙන් නොකෙරෙන බොහෝ අනුග්‍රහයන් ‍පෞද්ගලික අංශයේ ආයතන වලින් ලබාදීල තියෙනවා.

    ReplyDelete
  6. ඇත්ත..ඩයන් ගෝමස් කරන්නෙ ලොකු සේවයක් තමා..

    ReplyDelete
  7. ආයෙ ඉතින් ඒකෙ කතා දෙකක් නෑ.. ඩයන් බොක්සිං වලට වගේම කිෂූ රගර් වලට දෙන සපෝට් එකත් අමතක කරන්න බෑ...

    ReplyDelete
  8. මාරයා සමග අනිවාරයෙන්ම එකග වෙමි. මංජු ශ්‍රී ලංකාවට මෙන්ම මාගේ පාසලටද අභිමානයකි.

    ReplyDelete
  9. අනිවා..ඩයන් මංජුගේ පස්සෙන්ම ඉදියා...චින්තනට ඒ හයිය තිබ්බ නම් රන් පදක්කම් 2ක් ලංකාවට හම්බෙනවා...රත්ගමයත් ලිපියක් ලිව්වා මේ ගැන...


    http://rathgamaya.blogspot.com/2010/10/o_4574.html

    ReplyDelete
  10. ඇත්තටම ඩයන් ගෝමස් කරන සේවය පැසසිය යුතුයි. එයා තමන්ගේ පාසල වෙන රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා කටයුතුවලට විශේෂයෙන් බොක්සිං ක්‍රීඩාවට දක්වන අනුග්‍රහය ගැන මම ඇත්තටම දැකලා තියෙනවා.....

    ReplyDelete
  11. ඩයන්ගේ සද්කාරය අගය නොකරනවා නොවේ,
    ඒත් මෙය "පුෂ්පකුමාර" තුමාගෙ පන්සල් යෑමට වඩා වෙනසක් මා දකින්නෙ නැත.

    ReplyDelete