16 October 2010

කරුණේ අයියාගේ ඇණේ තද කිරීම...

ඉතින් ටික දවසකින් හරි හමන් දෙයක් ලියන්නත් බැරි උනා නෙව..ඒ හින්දා හිතුවා අද තව පැරණි සිද්ධියක් ගැන සිහි කරන්න...

මෙක මෙ ඇණ කතාවක්...

ඇණ කතාවක් කිව්වම මතක් උනේ මෙ දවස්වල මටත් එක්තරා ඇණයක් නිසා මළ කරදරෙ...
මෑන්ස් එන්නේ ඇනෝ කෙනෙක් විදියට...
කොහොමත් ඉතින් ඔය ඇනෝලා විදියට එන හුගාක් අය ඇණ තමයි..
මම මෙහෙම කියන කොට අපේ සුලා අයියා එහෙම මාත් එක්ක අමනාප වෙන්න එපා..සුලා අයියා කවුද කියලා අපි දන්නවානේ
ඒ හින්දා සුලා අයියාව මෙකෙන් නිදොස් කොට නිදහස් කරනු ලබනවා...

යටින් දානවා වසවර්තියා කියලා...

මෑන්ස් මට මෙ දවස්වල නොමිලේ බණ කියනවා...
මාව නිවැරදි මාර්ගයට ගන්නළු හදන්නේ..අනේ මන්දන්නේ නැහැ..
මට නං ඉතින් නිවැරදි මාර්ගයට එන්න ඔන නැහැ.මෙ ඉන්න මාර්ගේ හොඳටම හොඳා...
ඒත් ඉතින් මෙ මෑන්ස් දිගින් දිගටම මා පස්සෙන් අඩාගෙන එනවා.

මට තේරෙන විදියට මෑන්ස්ගේ මොකක් නමුත් යටි අරමුණක් තියෙනවා වගේ...

සමහර විට ඇත්තටම මට බණ දහම් කියාදෙන්න හදන උත්සහයක් වෙන්න පුළුවන්...ඒක එහෙමනං මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා..ඒ උත්සහය අත හරින්න. හිතන්නකෝ මට කියන බණ..හරියට කළයක් මුනින් අතට තියලා වතුර වක්කරනවා වගේ වැඩක් කියලා...
මෝඩයින්ට බණ කියලා වැඩක් නැහැ වගේ කියලවත් හිතන්නකෝ...

බුදු හාමුදුරුවෝවත් එළව එළවා ඇණයක් වෙන්න ගියේ නැති එකේ වසවර්තියා එහෙම කරන එක හරිම නැහැ නෙව...

අනික මට වාද කර කර ඉන්න උවමනාවක් නැහැ කොහෙත්ම...
ඒ හින්දා ඊට වඩා හොඳයි අර ත්‍රිපිටකය සිංහලෙන් වගේ අඩවියකට ගොඩ වෙලා බණක් දහමක් අහගෙන ඒවායේ වැඩවලට හවුල් වෙලා ඉන්නකෝ ඒ විදියට තමයි මට වසවර්තියාට කියන්න තියෙන්නේ...

මම ඒ කිව්වෙ අරමුණ හොඳ නම් විතරයි...

සමහර විට වෙනත් අරමුණු තියෙන්නත් පුළුවන්
කවුරුවත් බලන්නේ නැති බ්ලොග් එකක් කරන කෙනෙක් ඒ හිතේ අමාරුව යන්නත් එක්ක මගේ අඩවියට ගොඩ වෙලා ටිකක් හරි ප්‍රසිද්ධ වෙන්න ගන්න උත්සහයක් වෙන්නත් පුළුවන්..එහෙමනං ඉතින් මට කෙළින්ම කියන්න..මම මම දන්න කියන අයටත් කියන්නම් ඇවිත් ඒ අඩවියට ගොඩ වෙලා ආධාරයක් උපකාරයක් කරලා එන්න කියලා අත දීමක් හැටියට..ඒක නරක දෙයක් නෙවීනේ...

අර දැන් සීරෝ වෙලා ඉන්න හාදයත් කාලයක් බ්ලොග් එකක් කරලා කවුරුවත් එනනේ නැති උනාම අඩලා අඩලා අනිත් අයගේ අඩවි වලට පැනලා ඒවා කැත කරලා අන්තිමට ඔක්කෝම විසින් එළවලා දාලා තනිවෙච්ච කෙනෙක් නේ..
ඉතින් දැනුම් තේරුම් ඇති වසවර්තියාට එහෙම වෙන්න ඔන නැහැනේ...

ඊළගට මට හිතන්න පුළුවන් කාරණාවක් තමයි මම ලියන දේවල් වලින් පන්සල්වලට යම් අගතියක් වෙයි කියලා හිතලා මම ලියන වැඩෙ නවත්තලා දාන අරමුණින් කරනු ලබන වැඩපිළිවෙලක් කියලා...

එහෙමනං මට කියන්න තියෙන්නේ බය වෙන්න එපා...මම තමුන්නැහේලාට අගතියක් කරන්නේ නැහැ...මම මෙ ලිපි ලියලා ඉවර වෙද්දී ගිහි පැවිදි දෙපාර්ශවයම හිතන්න පුළුවන් තැනකට ගෙනියනවා මිසක් කිසිම පාර්ශවයකට අගතියක් කරන්නේ නැහැ.

අවසාන වශයෙන් හිතන්න පුළුවන් දෙයක් තමයි

මාව අවුස්සන්න බලන අන්‍යාගමික අවස්ථාවාදියෙක් කියන කාරණය...

උවමනාවක් තියෙන කෙනෙකුට බන දහම් සහ අභිධර්මය කට පාඩම් කරගන්න එක ඒ හැටි දෙයක් නොවන බව අමුතුවෙන් කියන්ක ඔන නැහැනේ...එහෙම හැකියාවක් තියෙන කවුරුන් හෝ මෙ විදියට මට බණ කියන්න ආවාම මම ඒ මනුස්සයත් එක්ක තරහා වෙලා ඒ කේන්තිය පිට කරගන්න දැනට ලියන පන්සල් ලිපිය සැරට ලියලා පන්සල්වලට විරුද්ධව මගෙන් දෙයක් ලියව ගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් වෙන්නත් පුළුවන්...

එහෙමනං කියන්න තියෙන්නේ විකුණන්නවත් මාළග ඒ ගොන්නු හිටියේ නැහැ කියන එක තමයි...

ඉතින් මීට වඩා මම ඒ ගැන ලියන්නවත් කතාකරන්නවත් යන්නේ නැහැ.
ඒ වගේමයි වසවර්තියා මොන දේ කිව්වත් මම යන්නේ මට නියමිත ගමන මිස වෙන ගමනක් නෙවෙයි.
සමහර විට ඒක මගේ උද්ධච්ඡකම වෙන්නත් පුළුවන්..අණුවනකම වෙන්නත් පුළුවන්..
ඒ කෝක උනත් ඒ දේවල් වෙනස් කරන්න වසවර්තියා උනන්දු නොවෙනවානම් හොඳයි...
ඔබට අවශ්‍ය ප්‍රසිද්ධියනම් ඒ වෙනුවෙන් මොනවා ලියලා ගියත් මම මුකුත් කියන්නේ නැහැ.

හරි ඒ කතාව ඒ ඇති...

........................................

දැන් ඇණ කතාව...

ඉතින් මෙ සිද්ධිය උනේ දැනට අවුරුදු පහළවකට දහසයකට විතර ඉස්සෙල්ලා..ඒ කියන්නේ මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර ඉන්න කාලේ වෙච්ච දෙයක්...

ඉතින් ඔය කාලේ මම නොයෙකුත් දේවල් කළ කාලේ නෙව...
එයින් එකක් තමයි ඔය වාහන සම්බන්ධ වැඩ...

මම කොහොමත් ආසාම අංශයක් තමයි ඔය මජං ගාගන්න වැඩ..ඒ කිව්වෙ ගරාජ්වල වැඩ...

ඉතින් මෙ කියන දවස්වල මම ආස්සරය කරපු බාසුන්නැහැ කෙනෙක් තමයි මෙ කරුණේ අයියා කියන්නේ..
බාස් කිව්වෙ මෙ මෙසන් බාස් එහෙම නෙවී..
හරියටම කිව්වොත් ඩීසල් සහ පෙට්රල් එන්ජින් මිකැනික් කෙනෙක්...
මිනිහා ගාවට මම සෙට් වෙච්ච හැටි කියන්න ගියොත් අද මෙ කතාව ඉවර කරන්න වෙන්නේ නැහැ..ඒ හින්දා මම ළග නමන්නම්කෝ...

කොහොම හරි මාර තෙමෙ මෙ බාසුන්නැහේට අත් උදව් දීගන හිටපු කාලේ වෙච්ච දෙයක් තමයි ඔං...

මෙ කතාවට තව දොස්තර මහත්තයෙකුත් සම්බන්ධ වෙනවා...
මිනිහා ඇවිත් අපේ ග්‍රාමීය රෝහලේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෙච්චි..
ඒ කියන කොට තමයි මතක් උනේ අපේ මල්ලී ඇවිත් පුංචි එකා සන්ධියේ...මෙ දොස්තර මහත්තයාගේ ජාති ණයකාරයෙක් තමයි..
ඒ කියන්නේ අපේ මල්ලීට ඒ දවස්වල මාස තුනෙන් තුනට උණ ගැනෙනවා..
ඒ උණට වෙන කොහෙන් ඛෙහෙත් ගත්තත් හරියන්නේ නැහැ...

එකම ප්‍රතිකාරය තමයි ඒ දවස්වල හැටියට මට මතක විදියට රුපියල් තිහක්දෝ කොහේද ගෙවලා මෙ දොස්තර මහත්තයා තමන්ගේ නිල නිවාසේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර සායනයට ගෙනියන එක..

කවදාවත් මිනිහාට ඛෙහෙත් උගුරක්වත් බොන්න ඔන නැහැ...නිකමට හරි ගිහින් අර සල්ලි ටික බැන්ද ගමන් ලෙඩෙ සුවයි...

අඩාගෙන මැළවිලා එක්ක ගිය කොළුවා ගෙදර එන්නේ මාර ෆිට් එකේ...

හා හා ..ආයෙත් කතාව...

ඉතින් දවසක් දා අපේ කතානායකතුමා...නෑ..නෑ..ඒ කතානායක නෙවෙයි මෙ කතානායක..ඒ කිව්වෙ කරුණේ අයියා මිනිහාගේ පාඩුවෙ ඇන්ජිමකට ඔට්ටු වෙනවා...
මාත් ඉතින් සහයක ඩැනී වගේ ළගට වෙලා දහයෙ යතුර, අඩුව මිටිය දික්කර කර ඉන්නවා...
සමහර දවස්වලට ඉතින් මට පොම්පේ ගහන්නත් හම්බ වෙනවා...
පොම්පේ ගහනවා කිව්වෙ..
දන්නෝ දනිති කිව්වළු
ඒත් ඉතින් නොදන්නෝත් ඇතිනේ කිව්වළු...

ඔය ඇන්ජින්වල තියෙනවානේ ඔයිල් පොම්පේ කියලා එකක්..ඒ පොම්පේ තියෙනවා පුංචි පහේ පිස්ටන් එකක්...ඔය පිස්ටන් එක එහෙම අළුතින් දාපු වෙලාවට ටිකක් තද වැඩියි..එහෙම උනහම ඉතින් පොල්තෙල් පොඩ්ඩක් එහෙම දාලා අතින් පිස්ටන් එක ඉහල පහළ යව යව ඉන්න වෙනවා..
එපා කරපු වැඩෙ..අත කකියනවා..ඒත් ඉතින් මැරෙන්නයෑ ගහපංකෝ පොම්පේ...
සමහර වෙලාවට ඩීසල් ඇන්ජිමකට හුළං ඇද්ද වෙලාවකටත් ඔය පොම්පේ ගැහිල්ල කරනවා...

ඉතින් ඔය පොම්පේ ගැහිල්ල වගේ වැඩ ඇවිල්ලා අපි වගේ සහයක ඩැනීලාට ලැඛෙන රැග් එකක් වගේ තමයි.

තව ඔය ජාතියේ රැග් කිහිපයක්ම තියෙනවා..එකක් තමයි තෙත්තියං ගේන්න කඩෙ යෑම..
ඒක ඉතින් පුංචිම උන්ට දෙන රාජකාරියක්...

හා හා ආපහු කතාවට යං...

ඉතින් අපි අපේ පාඩුවෙ වැඩපල ටික කරං ඉන්නකොට ඔන්න එතනට එනවා...
කාර් එකක්..
කවුද..?
අපේ චරිත අංක දෙක..
දොස්තර මහත්තයා...

"ආ කරුණේ..කොහොමද..?"

"ආ මෙ අපේ දොස්තර මහත්තයානේ..ඉතින් මොකදෑ මෙ පැත්තේ..."

"අනේ බං මෙන්න මෙ කාර් එකේ බැටරිය සවුත්තු වෙලාද කොහේද දාලා වැඩි දවසකුත් නැහැ.. මෝටරෙ වදින්නෙත් හොරට...
ලයිට් ටිකත් ලෙඩ දෙනවා...
ඒ විතරක්යෑ.. එන්ජිමෙ හීට් එකත් නගිනවා..."

දොස්තර මහත්තයා කියෝගෙන යනවා...
හරියට අපි දොස්තර මහත්තයා ගාව ලෙඩ ටික කියෝගෙන යනවා වගේ...

"හා හා බලමුකෝ දොස්තර මහත්තයෝ"...කියලා කියපු කරුණෙ අයියා ඉඳගෙන හිටපු බංකු කොටෙන් නැගිටලා ඇවිත් කාර් එකේ බොනට්ටුව ඇරලා ටික වෙලාවක් එන්ජිමට එබීගෙන ඉඳලා මගෙන් දහතුනේ යතුරයි දිග ඉස්කුරුප්පු නියනයි ඉල්ල ගත්තා...
ඊට පස්සේ එන්ජිමට ආයෙත් සැරයක් එබීගෙන ඉඳලා ඇණ දෙක තුනක් සීරු මාරු කොරලා

"ආ දැන් හරි දොස්තර මහත්තයාගේ වැඩෙ හරි දැන් බලන්නකෝ වැඩෙ" කියලා පැත්තකට උනා...

දොස්තර මහත්තයත් කාරෙකට නැගලා ස්ටාර්ට් කරගෙන
එන්ජිම එහෙම ටිකක් වෙලා රෙස් කරගෙන ඉඳලා ආපහු කාරෙකෙන් බැහැලා ඇවිත් දැන්නම් බැටරි චාර්ජ් මීටරෙ එහෙම වැඩ කරනවා කියලා බොහෝම සන්තෝසෙන්...

"ඉතින් කරුණේ..කොහොමද අලාභේ..."

කරුණේ අයියා ටිකක් ඔළුව එහෙම කහලා...

"හ්ම්... දොස්තර මහත්තයෝ..ඔන්න ඔය රුපියල් දෙසීයක් විතර දෙන්නකෝ..."

"ඈ...කරුණේ ඇණ හතරක් තද කරන්න රුපියල් දෙසීයක් ගන්නවද..එක ඇණයකට රුපියල් පණහක් වෙනවනේ..."

"අපෝ නැහැ දොස්තර මහත්තයෝ..
දොස්තර මහත්තයට එහෙම කරන්න පුළුවන්ද...
මම ඇණ හතර තද කලේ නොමිලේ...
රුපියල් දෙසීය ඉල්ලුවෙ ලෙඩෙ හොයා ගත්තට විතරයි..."

ආයේ වචනයකවත් කිව්වෙ දොස්තර මහත්තයා නෙවෙයි...
කරුණේ අයියාගේ ඉහේ ඉඳලා දෙපතුලට යනකල් බලාපු දොස්තර මහත්තයා රුපියල් දෙසීයක් කරුණේ අයියාගේ අතේ තියලා යන්න පිටත් උනා..

දොස්තර මහත්තයා යන දිහාවෙ බලාගෙන හිනා වෙවී හිටය කරුණේ අයියා...

"දැන් ටික දවසකට කළින් මම අපේ පොඩි එකාට ඛෙහෙත් ටිකක් ගන්න ගිය වෙලාවෙ හැමදාම දෙන පෙති ටික දීලා රුපියල් සීයක්ම ගත්තේ...
මට ගාස්තු එපා ඛෙහෙත්වලට විතරක් රුපියල් සීයක් දෙන්නකෝ කියලා...
ඉතින් මාත් ඇණ තද කොරන්න සල්ලි ගන්න එක හරි නැහැනේ" කියලා කියපි.

26 comments:

  1. මේ කතාවෙ තවත් අනුවාදන තියේ.

    මිකැනික් කෙනෙක් කිව්වලු ශල්‍ය වෛද්‍යවරයෙකුට "සර් කරන්නෙත් මං කරන ජොබ් එක වගේම එකක් තමයි. මට නම් ඕකෙ ලොකු වෙනසක් පේන්නේ නෑ" කියල.

    ශල්‍ය වෛද්‍යවරය උත්තර දුන්නලු, එන්ජින් එක දුවන ගමන් රෙපෙයාර් කරන්න බලන්න. එතකොට වෙනස තේරෙයි කියල.

    ReplyDelete
  2. @Taboo...

    ඒකත් හරි තමයි...
    ඒත් මෙකත් මගේ ඇස් පනාපිටම වෙච්ච දෙයක් තමයි...

    ReplyDelete
  3. මාරයියා...ඇණයක් වෙලා තියෙන එකා ගැන හිතන්නෙ නැතුව ලියාගෙන යමු..කක්කා ගොඩවල් ඕන තරම් පාරේ තියෙනවා නෙව...අපි පාගන්න යන්නෙ නෑ නේ ඒවා..........

    ReplyDelete
  4. Maarayo... mage sinhala valata apalayak avilla... machine eka format karanda velaavak nathuva inne...
    KOhoma vunath ara teththiyan kathava nam ape kenektath velaa. dan minihata avurudu 40 k vithara athi. Eeth thaama nama "Tethtiyan".

    ReplyDelete
  5. ර ත් ග ම යා...

    ඇත්ත ඇත්ත..
    ඒත් ඉතින් මුළින්ම කියලා දාන්න එපෑ ඒකයි කියලා දැම්මෙ...

    ReplyDelete
  6. කට්ට කයිරාටික වෙට්ට පිත්තල ඩයල්වලට සබ්බුව දෙන්න ඕනෙත් ඒ විදිහටම තමා. ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා කියන්නේ මෙහෙම වැඩවලට :))

    ReplyDelete
  7. Jeew...

    අඩෙ එවහංකෝ බොලාගේ හාඩ් ඩිස්කය ඊමෙල් මගින් මංවත් ඔක ෆෝමැට් කොරලා එවන්න..ඔවා මහා පින් අතේ වැඩ නෙව...
    අප්පච්චියේ ඔනම ගමක තෙත්තියන්ලා ඉන්නවා..එක්කෙනෙක් හරි...

    ReplyDelete
  8. Hasitha...

    හසිත ළමයත් ඉතින් පන්සල හතර කොන දන්න දරුවා වෙච්චි...
    ආයේ මං අමුතුවෙන් නොකිව්වාට තේරුම් ගත්තහැකි නෙව...

    ReplyDelete
  9. අද නම් නියමයි...ආයෙම ඉස්සර වගෙම වෙලා බ්ලොග් එක...( මම හිතන්නෙ ඔයත් එහෙම වෙලා වෙන්න ඇති ඒ බව නෙ බ්ලොග් එකෙන් පේන්නෙ...)

    ReplyDelete
  10. මොන ඇණියෝද උබ ලියපන් අයියේ උබේ විදිහට ...........

    ReplyDelete
  11. චේජනා...

    අපොයි නැහැ..මෙ දවස්වල මම ෆුල් අමධ්‍යප...
    ඔං අදනං නිවාඩු පාඩුවෙ බාගයක් බස්සන්න හිතාගෙන ඉන්නවා.
    මම ඉතින් සාමාන්‍ය තත්වෙට එන්නේ මධ්‍යප තත්වෙට ආවම තමා...
    මෙ ටිකේම අමධ්‍යප වෙලා හිටි හින්දා තමා බ්ලොග් එකත් මෙලෝ රහක් නැතිව තිබ්ඛෙ...

    ReplyDelete
  12. වැප්...

    තැන්කූ කිව්වා මලයෝ...
    උඔලා කියද්දී මම නොලියා ඉන්නවද..?ඊටත් මෙ 200 අත ළග තියෙද්දී...

    ReplyDelete
  13. හේ ‍හේ හේ නියමායි....
    ආවේ ගොඩ දවසකින්ය මේ පැත්තේ‍‍‍...මාරයටත් සරදම් කොරන්ට තමයි වුනේ ගිය දවස් ටිකේ...හික්ස්....

    ReplyDelete
  14. ඔන්න ඔය වසවර්තිය කොහේට හරි තියල ඇනයක් ගහල දාල උඹේ වැඩේ දිගටම කරගෙන පලයං.
    සහායක ඩැනී බාසුන්නැහේ වෙන්න ගියෙ එහෙම නැත්ද?

    ReplyDelete
  15. ෴ හසියා ෴...

    සරදම් කොරන්ට.. මෙ මට...හිතුවා මදි හසියෝ...අර මං පව්නේ මොනවා උනත් අපේ එකානේ කියලා අතඇරලා දැම්මා තව ටික දොහකට..
    හැබැයි පුතෝ මම ආයේ දවසක එනවා..හොඳට පින් දහම් කොරන්ට ඔන..නැත්තං ආයේ ඔං මං නොකිව්වා කියලා කියන්ට එපා...
    කොහොමටත් මම තව කාලයකට හසියා හොයාගෙන එන්ට හිතක් නැහැ...ඒ හින්දා බය නැතිව හිටියහැකි...
    හිතුවා මෙතන මට සරදං කොරන්ට...

    ReplyDelete
  16. Praසන්ன...

    අපොයි මං බාස්තුමාගේ වැඩ කිඩ කියන්න ගියොත් තව පිටු තුන් හාරසීයක් ලියතහැකි...
    අපේ අප්පොච්චා හිටියනං උන්දැගෙන් අහගත්තහැකි මගේ මකබාස් වැඩවල තරම...
    අවුරුදු හතළිහක් පරණ තාත්තගේ අත් ඔරලෝසුව අංක පිළිවෙලට කොටස් කරලා පටන් ගත්තු මගේ අමරණීය බාස් කරුමාන්තේ අදටත් නැවතිලා නැහැ..
    හැබැයි ඉතින් දැන් ඉස්සර වගේ ගලවන යන්තර සූත්තරවල කෑලි වැඩි වෙන්නේ නැහැ...
    මම හිතන්නේ ඉස්සර මම ගලවාපු හැම යන්තරෙකම කෑලි වැඩියෙන් දාලා එවලාද කොහේද..?
    මෙ සුද්දන්ටයි ජපන්නුන්ටයි පිස්සුනේ...

    ReplyDelete
  17. නියමයි මාරයියෙ, ඔය තියෙන්නෙ කාලෙකින් ලස්සන ලිපියක්.
    ඔහොම්ම පංසල් කතාවත් ඉවර කරල හිටියනම් හොදයි නොවෙද? තවත් කාලයක් හිට්යොත් එහෙම අගක් මුලක් අමතක වෙයි ඕන්..!

    ReplyDelete
  18. ඒවා කියන්ට බෑ බං අයියේ...කවුද දන්නේ හෙට උඹ මාව හොයන් එයිද කියලා...ආවොත් ගොඩාක් ආදරෙන් සෙනෙහසින් පිළිගන්න ඕනි වෙලාවක මේ හසියා සුදානම්...හැබැයි හසියා කොරලා තියෙන්නේ පව්මද මන්දා....

    ReplyDelete
  19. ඔන්න අයියේ මමත් ඔයගේ ගෙදරට ගොඩවැදුනා , දැන් ඉතින් මම නිතරම එනවා ආයෙ පන්නනවා බොරු , පෝස්ට් එක මල් 7 . ජයවේවා !

    ReplyDelete
  20. AmilaArt...

    පන්සල් කතාව ලියන්නනම් ඔන තමයි..ඒත් ඉතින් හදිසියට ලියන්න ගියහම හුගක් දේවල් අතහැරෙනවා..ඒ හින්දා ටිකක් සීරු මාරුවට ලියන්නයි කල්පනාව...

    ReplyDelete
  21. ෴ හසියා ෴...

    හරි හරි මම කිවුවනේ තව කල් දෙන්නංය කියලා...
    වෙච්ච දේවල් කරපු දේවල් ගැන හිතන්නේ නැතිව ඉස්සරහට කරන්න පුළුවන් දේවල් සහ නොකර ඉන්න ඔන දේවල් ගැන් හිතන්න පටාන් ගත්තනං...

    ReplyDelete
  22. හිස් අහස...

    ආ..මලයා..ජයවෙවා...
    හපොයි මම පන්නනවද මෙ අහ ආපු උදවියව...

    ReplyDelete
  23. අපොයි ඔව් බන් ඔය ජපනුන්ටයි සුද්දන්ටයි පිස්සු උන් වෑඩිපුර කෑලි දාලම තමයි එවන්නේ.
    අපොයි ඔව් බන් ඔය ජපනුන්ටයි සුද්දන්ටයි පිස්සු උන් වෑඩිපුර කෑලි දාලම තමයි එවන්නේ. අනික හොයල ගනින් මිටියක් මේක කොරන්න බෑ.

    ReplyDelete
  24. මාරයා මල්ලියේ,

    බොහෝම සතුටුයි මා ගැන තැබූ විශ්වාසයට...

    ගොඩාක් වෙලාවට මම මේ ඉසව්වට ඇවිදිල්ල උඹගෙ ලිපි කියවල අහකවෙලා යනවා..අමාවතුරෙ,බුත්සරණෙ වගේ උඹගෙ කතා කීම ඉස්තරම්නෙ...

    නමුත් එක්තරා ලිපියකින් පස්සෙ මම මෙහි සටහන් තැබුම නවැත්තුවා..ඒ මට මගේ හෘදශාක්ෂියට එකඟව උඹත් එක්ක එකඟ වෙන්න බැරි කාරණාවක් තිබුන නිසා..ඒ හැරෙන්න කුහක කමකින්වත් ඊර්ෂ්‍යාවකින්වත් නෙවි..
    මල්ලියේ ..මම මේ උපදෙස් දෙන්න යනවා නෙවි...විශේෂයෙන්ම සංඝ ශාසනය ගැන ලියන විට ලියන වචනයක් වචනයක් පාසාම පරිස්සම්වෙයං..ගොඩාක් දුරට උඹගේ ඒ සංයමය තියෙනවා..ලියන දේ ගැන වතාවක් දෙවතාවක් නෙවේ දහපාරක්වත් හිතහං...මේ ලෝකෙ හිතන තරං ලස්සන නැහැ බං...උඹගෙ මගෙ හිත්වගේ..වරදින්නෙ කොතැනද කියලා බලාන ඉන්නෙ...

    මම ආයෙත් කියනවා ..උඹට උපදෙස් දෙන්න මම තරම් නොවේ..වැරදි වැටහීමක් උණා නම් සමාවෙයං...

    සුලා...

    ReplyDelete
  25. මාරයියේ... කරුණෙගෙ කතාව නම් එළ.. ඒ ඒ අයට ඒ ඒ හැන්දෙන් තමා බෙදන්න ඕනෙ.....
    පංසල් කතාව පුළුවන් විදිහට හරි ලියන්න..ඒක මම නුදුටු අත්දැකීමක්.. මගේ යාළ්uවෙක්ටත් දැන් මහණ වෙන්න හිතක් පහල වෙලා වගේ..මට දුකයි.. ගොඩක් හොඳ යාළුවෙක්...

    ReplyDelete
  26. හ්ම්....පට්ට කථාව...
    සමහරු ලෙඩේ කියන්නත් කලින් බෙහෙත් තුන්ඩුව ලියලත් ඉවරයි...
    ජයවේවා!!!!

    ReplyDelete