20 October 2010

නමක අරුත...

මේකත් මෙ අපේ සොඳුරු සිතගේ ලිපියක් දැකපු වෙලාවක ලියන්න ඔන කියලා හිතුන කතාවක්...
වැඩෙ සිද්ධ වෙලත් වැඩි දවසක් නැහැ.

ඉතින් මගේ මෙ බොලොගේ කියවන හැමෝම වගේ දන්නවනේ මංතුමා කොරන රාජකාරිය මක්කද කියලා...

ඔව් ඔව්..සිකුරුටි තමයි ඉතින්...

ඉතින් මෙ ආයතනයේ ආරක්ෂාව සඳහා මංතුමාට වගකීම පවරලා ඒකට උදව් උපකාර කොරගන්න තව හත් දෙනෙකුගේ මාර සේනාවකුත් මට දීලා තියෙනවා නෙව..(අපරාදේ කියන්න බැහැ උදව්නං කොරනවා අම්බානකට..උදව් වැඩිවෙලා දැන් මට පුදුම මහන්සියි...ඒ තරමට උදව්... උන් ඔක්කෝම සැපට සිටී..මං සැමදා දුව පනීමී..)

කොහොම හරි ඉතින් මෙ ලගදී දවසක උදේ දහයට එකොළහට විතර ඇති..
මම අම්බානකට වැඩ..වැඩ කියන්නේ ඉතින් අපේ ඇන්ඩ් කොම්පැනියේ ඩිලිවරි වාහන ටික ගේට්පාස් චැක් කොරලා එළියට දාන්න හදන වෙලාවෙ තමා...
අපේ විශේෂ රාජකාරි භාර නිලධාරියා වෙච්ච උන්නැහේ..(මිනිහා නියම මෑන්ස්.. ඩියුටිය හැර අනිත් හැම දේම තිතට කොරනවා...ඒ අතින් අපරාදේ කියන්න බැහැ..රටෙ තොටෙ සිද්ධ වෙච්ච ඔන දෙයක් මිනිහා දන්නවා රාජකාරියට අඳාල දේවල් ඇර..)
මෙ වරහන් ඇතුලේ ලියන්න ගියහම ලියන්න ගියදේත් අමතක වෙනවා නෙව...

ඉතින් අර මම කියපු වි.රා.භා.නි...(ඒකත් අපූරු කෙටි යෙදුම නේද..?)

හා හා ...ඉතින් මිනිහා වාහනවලට බඩු පටවලා(අප්‍රාණවාචී භාණ්ඩ පමණි.)ඉවර වෙලා ඒ පිළිබඳ සටහන් පොත් ටික මට දුන්නට පස්සේ මංතුමා මොකද කොරන්නේ...ඒ පොත්වලට අඳාළව ගේට්ටු අවසරපත් තියෙනවද කියලා බලලා හරිනං ඒවා සීල් කරලා ගේට්ටුව අරින්න වහන්න යොදවලා ඉන්න අපේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියා වෙච්ච සරාට..(සරා කියලා සම වයසේ වගේ කිව්වට ඉතින් අවුරුදු පනස් දෙකයි වයස..(බැළු බැල්මට කියන්න බැහැ..)

ඉතින් මෙ සරාට උපදෙස් දෙනවා වාහනවල මීටර් එහෙම සටහන් කරගෙන වාහන ටික එළියට දාන්න කියලා.

වැරදිලාවත් පැටවුම් ලේඛනයයි..ගේට්ටු අවසර පතයි ගැලපුනේ නැත්තං තමයි ඉතින් යුද්ධෙ පටාන් ගන්නේ...
අර පටවපු බඩු ඔක්කෝම බාලා වැරද්ද නිවැරදි කොරලා එහෙම තමයි වාහන යවන්න වෙන්නේ...

අපේ අර වි.රා.භා.නි. කොරන අප්සෙට් වැඩ හින්දා ඔය වගේ කේස් හැමදාම තියෙනවා...

ඒ මදිවට ඔය අස්සෙම රස්සාවල් හොයාගෙන එන අයයි, රාජකාරි වැඩවලට එන අයයි..රටෙ නැති මගුල් අහගෙන එන අයයි..
මිනිහෙකුට පිස්සු හැදෙන්න තරං වැඩ කන්දක් තියෙනවා...
මාත් ඉතින් ලේසියෙන් අරින්නේ නැහැ...කොහොම හරි ඒවෙලේ වැඩෙ එවෙලේම ඉවර කරලා දානවා...නැත්තං වෙන්නේ කටු කොලවල ලියාගෙන ඉඳලා ඔක්කෝම වැඩ ඉවර උනාට පස්සේ රෑ දහයෙන් පස්සේ පොත් හද හද ඉන්න.. මම ඉතින් ඔක්කෝම වැඩ දහය වෙනකොට ඉවර කොරලා ආතල් එකේ ඉන්නනේ ට්‍රයි එක...
මොනවා උනත් කොහොම හරි මම රෑ දහය වෙනකොට කට්ටිය ඔක්කෝටම කන්න බොන්න නාන්න වෙලාව හදලා දීලා මාත් නාලා කාලා පොඩ්ඩක් කකුල් දෙක උඩකින් තියාගෙන කයියක් ගහගෙන ඉන්නවා..දැන්නං ඉතින් ලැප තියෙන හින්දා නෙට් එකේ එල්ලෙනවා...
මම නිවාඩු දවසට වැඩ බලන උන්නැහේ දවසක් මම පාන්දර එකට විතර විසිට් එකක් දාන්න යනකොටත් පොත් ටික වට කරගෙන හිටු කියලා ලියනවා...

අනිත් බුවාලා ටික අර මොනවද කෑව මොක්කුද වගේ මෙ මනුස්සයා වැඩ ඉවරවෙනකල් ඉන්නවා...

ඉතින් කොහොම හරි එදා මට ඉහටත් උඩින් වැඩ තිබුනු දවසක්..ඒ මදිවට දැන් මාස අටකට විතර කළින් රෙපෙයාර් කරන්න ඇරපු මැෂින් පාර්ට්ස් එකක් ගැන විස්තර ඉල්ලවා ගිණුම් අංශයෙන්... මම ඉතින් ඒකත් බලන ගමන් අනිත් වැඩත් කර කර ඉන්නවා තේ එකක් බොන්නවත් විදියක් නැහැ..

මෙන්න මෙහෙම ඉන්න අතරෙ ගාඩ් රූම් එකට ආවා අපේ කොම්පැනියේ තේ හදන්න අතුපතු ගාන්න ඉන්න ගෑනූ මනුස්සයෙක්...
නම රමණී...ඇත්තම නම තමා මොකද ඉතින් බොරු නමක් දාන්න බැහැ. කතාව කියන්න බැරි වෙනවා...

වයස තිස් අටක් හතලිහක් විතර ඇති..ජීවිතේ බොහෝම ප්‍රශ්නවලට මුහුණ දීපු අදටත් ඒවායේ ඉවරයක් නැති, පුදුම වීරියවන්ත ගැහැණියක්. පිරිමියෙකුටවත් නැති පුදුම හයියක් තියෙන පරදින්න අකමැති ගැහැණියක්..
යන්තං අත්සන ගහන්න අකුරු අමුණලා ලියුමක් කියවගන්න ඇර හුගාක් ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි...

කාත් එක්ක හරි තරහා උනොත් ඒ මනුස්සයාට විරුද්ධව බොරු කේලම් හදලා මිනිහාව නැත්තටම නැති කරන්න ආයේ දෙපාරක් හිතන්නේ නැහැ වගේම තමයි..කාට හරි හිතවත් උනොත් ආයේ නොකරන උදව්වක් නැහැ.

මුල කාලවලදී මාත් එක්කත් හරියට හැප්පුනා..ඒත් අන්තිමට මගේ හැටි තේරුම් ගත්තට පස්සේ මට බකට් දාන්න එන්නේ නැහැ.
මොනවා හරි කියපු ගමන් ඒ දේ කරලා දෙනවා...මොනවා හරි ප්‍රශ්නයක් තියේනං ඇවිත් උපදේසයක් උනත් ඉල්ලන්නේ මගෙන් තමයි.අනික මම කලින් මහණ වෙලා හිටපු කතාව දන්න කොම්පැණියේ ඉන්න කිහිප දෙනාගෙන් එක් කෙනෙක් මෙ මනුස්සයා...ඒ හින්දාත් මට කාත් කවුරුවත් නැහැ කියලා දන්න හින්දාත් ඔනම වෙලාවක අම්මා අප්පා වගේ මට සලකනවා...

කොහොම හරි ඉතින් මෙ වැඩ වැඩි උන වෙලාවෙ රමණි අක්කා ඇවිත් කියෝනවා..අපේ කාන්තා ආරක්ෂක නිලධාරිනියත් එක්ක...ඒ මදිවට
අතරින් පතර

"නේද..? ...................මහත්තයා"

කියලා මගෙනුත් අහනවා...මාත් ඒ තරං අවධානයක් නැතිව

"හ්ම්..හ්ම්.."

කිය කිය උත්තර දෙනවා.
කොහොම උනත් කතාව යන්නේ නම්වල තේරුම් ගැන කියලා මට තේරුනා...වෙන වෙලාවකනං ඔකට සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන් උනත් මෙ වෙලාවෙ තිබුනු තත්වය මත ඒ ගැන වැඩිය හිතන්න පුළුවන් කමක් තිබුනේ නැහැ..

කොහොම උනත් අන්තිමට මට ඛෙරෙන්න විදියක් නැති තරමටම දැන් කතාව නැගලා යනවා...මටත් ඉතින් කේන්ති යනකොට ආයේ බ්‍රෙක් නැහැ නෙව...

මෙ මගුල් අස්සට තව කියපංකෝ නංවල තේරුං...

කොහොම උනත් අන්තිමට රමණි අක්කා කියනවා එයාගේ නමෙ තේරුම...

"රමණී කියන්නේ ලස්සනයි කියන එකනේ...
නේද................මහත්තයා..."
කියලා අහපි...

හරියන්නේ නැහැ..කර කර හිටපු වැඩෙ නවත්තලා මම හැරුනා ඒ පැත්තට

"ඈ රමණි අක්කේ දැන් ඔය නමෙ තේරුම දැන ගන්නද ඔන...?"

මම අහනකොටම

"ඔව් ඔව් .................මහත්තයා..."

"ආ එහෙනං මම කියන්නං හැබැයි පස්සේ මට මුකුත් කියන්න එහෙම බැහැ..නේද අජන්තා..?"

කියලා මම පැත්තක හිටපු අපේ ආරක්ෂක නිලධාරිනියගෙන් හිනා වෙලා ඇහැව්වා විතරයි..අජන්තා

"අප්පේ ඔව් ඔව්.. ඔන්න මමනං දන්නේ නැහැ රමණී" කියලා හිනා වෙවීම කියලා ඇග ඛෙර ගත්තා.

ඒ මොකද කිව්වොත් ඊට කලින් දවසක මම අජන්තාගේ නමෙ තේරුමත් කවුරුවත් කියා නොදෙන විදියටම කියලා දීලා තිබුණානේ..

ආ ඒ කතාවත් කියලා ඉමුකෝ...

ඒත් ඔය වගේ කතාවක් ඇදිලා ඇවිත් නංවල තේරුං අහන්න පටන් ගත්ත දවසක අපේ කාන්තා ආරක්ෂක නිලධාරනියට ඔන උනා එයාගේ නමෙ තේරුම දැන ගන්න..
මාත් දන්නවෑ ඔවා...ඒත් ඉතින් බැහැයි කියලත් බැහැනේ...

ඉතින් මම මෙන්න මෙහෙම කව්වා...

"අජන්තා නේද...?හ්ම්..."

"හරි මෙහෙමයි ඕකේ තේරුම...
අජ..අන්තා...
අජ කියන්නෙ නම් ඉතින් එළුවට නෙව..
එතකොට අන්ත කියන්නේ කෙළවර එහෙම නැත්තං කොන කියන එකනේ...
එතකොට එළුවාගේ කොන වෙනවා...
අජන්තා දන්නවා ඇතිනේ එළුවාගේ කොන...
දැන් මෙතන අන්ත නෙවීනේ තියෙන්නේ අන්තා නේ...
ඒ හින්දා ඕක එළුවාගේ කොන නෙවී එළුදෙනගේ කොන වෙන්න ඕන...දැන් තේරෙනවානේ අජන්තාගේ නමෙ තේරුම..."


ඔන්න ඔහොමයි මම එදා නමට අරුත දුන්නේ...ගෑනි හොඳටම හිනාවෙවී හිටියා මිස මට නෙවෙයි වචනයක් කිව්වෙ...

ඒ මතකය තියෙන හින්දා අජන්තා දන්නවා දැන් රමණී අක්කාත් නාන්න තමයි සූදානම කියලා...
ඒත් ඉතින් දැන් රමණි අක්කාත් හරි ආසාවෙන් බලං ඉන්නවා නමෙ අරුත දැන ගන්න...

ඉතින් සද්ගුණවත් මංතුමා පටන් ගත්තා නමේ අරුත පහදන්න...

"දැන් රමණි අක්කේ රමණීය කියන්නේ..සුන්දර ලස්සන දේවල් වලට තමා..
ඒත් ඔයා ඇවිත් රමණිය නෙවෙයි රමණීනේ..
ඒ හින්දා අර්ථය වෙනස් වෙනවා..

දැන් ඔය පොත පතේ රමණය කියලා කියන වචනේ තේරුම රමණී අක්කා දන්නවාද..?"


"නැහැනේ ....."

"ආ ඒක තමයි...රමණය කියලා කියන්නේ ඔය ගෑණු මිනිස්සු එකතුවෙලා කොරන සෙල්ලමට නෙව...ඕකට ලෝකස්වාද රතිය කියලාත් කියනවා...

ඉතින් දැන් රමණය කියලා කියන්නේ ඒකටනං රමණී කියලා කියන්නේ ඒක කරන්නී කියන එකටනේ..."


බොහෝම උනන්දුවෙන් කතාව අහගෙන හිටපු අපේ ඈයෝ ටික සිටි සිටි ගාලා එළියට පැන්නා හිනාව තද කොරාගෙනම...

"හප්පා... ..............මහත්තයා කිවුවොත් ඔහොම කතාවක් තමයි" කියාගෙන හිනා වෙවීම රමණි අක්කාත් පැනලා දුවපි.

..........................................................

මේ තව කවුරුවත් එහෙම ඉන්නවද දන්නේ නැහැ තමංගේ නමේ තේරුම දැනගන්න කැමති...?

56 comments:

  1. හික් හික් ... තොගෙම හෝරාව තමයි :D

    ReplyDelete
  2. හි....හි....පුදුම කටක්....

    ReplyDelete
  3. නමේ තෙරුම කොහොම අහන්නද ..ඈදගෙන නාන්නෙ මොක්ටද ,,? ඉතිං

    ReplyDelete
  4. මක නම් මගේ නම නෙමෙයි. වෙන එක්කෙනෙකුගේ නමක්. පුළුවන්නං ඕං තේරුම ලියා දියන්.

    සද්ද විද්ද පලග පතිර වෙඩික්කාරගේ අන්දරේ.

    ReplyDelete
  5. මගේ නම රසික.

    ReplyDelete
  6. මාත් අදයි දන්නේ රමණී කියන එකේ නියම තේරුම... මගෙත් යාලුවෙක් ඉන්නවා රමණී කියලා ....
    දෙන්නම් වැඩේ ......

    ReplyDelete
  7. නියමයි ලොකු මහත්තයා. මට ටාසන් බාප්පගේ කතාවක් මතක් වුණා. ටාසන් බාප්පත් මෙහෙම නමක තේරුමක් කිව්වා. නම ප්‍රියන්ත. ප්‍රිය වෙන එකේ අන්තය ඒ කියන්නේ අප්‍රිය. එතකොට ප්‍රියන්ත කියන්නේ අප්‍රිය කියන එක :))

    ReplyDelete
  8. අඩා..මාරයා...කියන එකේ තේරුම මොකා.............

    ReplyDelete
  9. අය නම් කවුරුවත් නමේ තේරුම අහන එකක් නෑ

    ReplyDelete
  10. අපො ඔය නම් වලට තෙරුම් හොයනව කියන්නෙ මහා කතන්දරයක්. මමත් මේ දවස්වල මහ අමාරුවක වටිල ඉන්නෙ සුන්දර හොඳ තෙරුමක් තියෙන උච්චාරනය පහසු නම් හොයන්න ගිහින් අපො මතක් කොරන්න එපා නම් නම්...........

    ReplyDelete
  11. වැප්...

    නැතුව නැතුව..මගේම තමයි...

    ReplyDelete
  12. ප්‍රාර්ථනා...

    මාර කට නොවැ නගේ..මක්කා කොරන්නද..?

    ReplyDelete
  13. ඉලංදාරියා...

    ඉලංදාරියා නුවණක්කාරයා...

    ReplyDelete
  14. දුමී...

    ඔක නමක් නෙවී බං නම්බු නාමයක් නෙව..
    අනික ඉතින් උඹගේ නමත් නොවිච්චි එකේ මං මහන්සි වෙලා මක්කටද..?

    ඒ ඒක නෙවී උඹැහැ දන්නවැයි දූෂණයේ අන්තයටම ගිය එකාට කියන නම..?

    ReplyDelete
  15. රසික...

    දැන් රසික අහලා ඇතිනේ ලව්සික් කියන්නේ මොන වගේ තත්වයකටද කියලා...

    ඒ වගේ තමයි අඩා..රා මුට්ටිවලට ඇල්ම බැල්ම ආදරෙ කොර උන්ට හැදෙන සික් එකත්...

    ReplyDelete
  16. kumaraya...

    අපොයි වැඩක් දුන්නටනං කමක් නැහැ..මූලාශ්‍රය හෙම කියනවා නෙවී...

    ReplyDelete
  17. Hasitha...

    ටාසන් බාප්පාත් ඇවිත් රියල් බුවා නෙව...

    ReplyDelete
  18. රත්ගමයා...

    බොලාගේ නම කියාපිය..මගේ නමෙ තේරුං නාහා...

    අඩෙ රත්ගම මලයා මගෙත් කුරුළු හමුදාවෙ යාළුවෙක් හිටියා බොල පාඨලී කියලා..ඒකාත් රත්ගම..
    දැන් මෙ කල්පනාවට ආවෙ ඌ ඒ දවස්වල කරපු කියපුවා..හිටින්කෝ හෙට අනිද්දාට කතාවක් දෙකක් දාන්ට...

    ReplyDelete
  19. සංජීව ...

    ආයෙත් අහලා...

    ReplyDelete
  20. නිශ්...

    චැහ් මට කිව්වනං හොඳ අරුතක් ඇතිව නමක් හොයලා දෙනවා නෙව..

    (කේන්දරෙ හදන වැඩෙත් තවම කොරලා දුන් නැතිව එනවා මෙතන තව නං දාන්ට නැද්ද මං අහන්නේ..?)

    ReplyDelete
  21. ධනපාලගේ අතේ සතේ නෑ කිව්ව වගේ . . . මකුනෝ මරන සීලවතී වගේ, මගේ ගතිගුනත් නමට විරුද්ධ විදිහට තමයි තියෙන්නේ ඕං . . .

    දන්නවනේ නම

    ඒ වුනාට කට ඇරියොත් කුනුහරුපයක්. යාලුවෝ ඉතිං කියන්නේ "අනේ උඹේ කට තමයි කට . . ඕක නිකං කට නෙමෙයි බෝක්කු කට" කියලා . . ඒ කියන්නේ වචන ඒ තරම්ම "සු' පිරිසිදුයි හික්ස්

    ReplyDelete
  22. ඔයාගේ හොඳම comment එක තමයි රසික කියන නමට දීපු එක.

    ReplyDelete
  23. අපරාදේ මම ඉපදෙනකොට බොලා හිටියේ නැත්තෙ. එහෙනං බොලාගෙන් අහල දූෂණය නොවෙච්චි නමක් දාගන්න තිබුනා.

    අනික බොලාටත් ඕනෙ නැති වැඩනෙ කරන්නෙ. අන්දරේගෙ නමේ තේරුම මොකක්ද කියලා ඇහුවහම දූෂණයක් ගැන කතා කරනව. බොලත් නිකන් ලංකාවෙ විරුද්ධ පක්ෂය වගේනෙ.

    ReplyDelete
  24. දුකා...

    අපොයි මම දන්නේ නැතුවද..ඒ ගැනනං...

    ReplyDelete
  25. Podi Kumarihami...

    ඔයින් මෙයින් රසිකයා මාත් එක්කත් තරහා වෙයිද දන්නේ නෑ..
    අර්ථ විවරණයක් කොරාන්ටවත් ඉතින් කුමාරිහාමිලාගේ නං ගං අපි දන්නවා කියලයෑ...

    ආ තව එකක් අපේ ගෙදරත් කුමාරිහාමි කෙනෙක් ඉන්නවා නෙව..
    වෙනිං කවුරුවත් නෙවී අපේ අම්මා..
    හංසසීලී ටිකිරි කුමාරිහාමි

    ReplyDelete
  26. හසී...

    නගානං ඉතිං ඔය තේරුං අහන්නේ නැහැ නෙව...

    ReplyDelete
  27. දුමී...

    ඔකට ඔයාකාර කේන්ති ගන්ට ඔනද...?
    ලංකාවෙ විපක්ෂය වගේ කියලා මට කොල මෙ අපහාසෙටනං නඩු දාන්ට වටිනවා...

    අනික මම ඉතින් දුමියාගේ නම ගැන මුකුත් කිව්වයෑ..?

    ReplyDelete
  28. පිස්සුද බං, මට කේන්ති ගස්සන්ට ඕං අපේ ගම හාමිනේටත් බරුවයේ උඹැහේ මක්කක් කොරාන්ඩද.

    මොනවද බං උඹ අද බීපු ජාතිය, ගල් බමුණද ?

    ReplyDelete
  29. එල එල...දාමු දාමු මාර අයියා.....

    ReplyDelete
  30. අනෙක උඹ හරියට ට්‍රාන්ස්ලේට් කරල නැහැනේ. අන්තිමට "අන්" කාරකය උඹ හරෝල තියෙන්නෙ "අන්තය" කියල. ඒක වැරදියි. "අන්" යන්නෙහි හරි තේරුම "අනෙකා" යන්නයි. එතකොට,

    දූෂණ + අනෙකා ,

    ඒ කියන්නෙ උඹ

    ReplyDelete
  31. දුමී...

    අදනං අමුවට ඉන්නේ..
    උඹ විස්වාස කරයිද මන්දා..මම පෙරෙදා ගියා ගල් බෝතලයක් ඇන්න එන්ට කියලා..යකෝ බාර් එකේ ගල් ඉවරයි කිව්වනේ..
    අන්තිමට රොක්ලන්ඩ් ඔල්ඩ් එකක් ඇන්න ආවා...තුහ් නොදකින්...ගල්වල ලගින් තියන්ටත් බැරුවා..
    ලංකාවෙ බාර්වලට ගිය කලක්...නොදෝමකින්...

    ReplyDelete
  32. රත්ගමයා...

    අනිවා දානවා මලයා..

    ReplyDelete
  33. දුමී...

    හෑ යකෝ එතකොට අන්තිමට මමද වැරදි කාරයා..
    එතකොට උඹ සියඹලා ගෙනාවෙම නැතෙයි..?

    ReplyDelete
  34. අපිට කොහෙන්ද මාරයෝ මෙහෙ ගල්. අඩුවටම ගන්න තියෙන්නෙ "white and macky http://www.whyteandmackay.co.uk/agecheck.aspx" විතරයි. මම ඉතින් ඒකෙන් දෙකක් නවාගෙන තමයි ඉන්නෙ. අපේ එවුන් මෙහෙ ගල් බොතලේකට රෙඩ් ලේබල් දෙකක් දෙනවා. එච්චරටම ඩිමාන්ඩ්.

    ReplyDelete
  35. දුමී...

    අඩෙ දුමියෝ..බලහං කොල්ලෝ අපිට ගල් පිටරට පටවලා සමිතින් එකක් හොයා ගන්ට බැරි වෙවිද කියලා...
    බලාගෙන ගියහම අපි නැති බැරිකමට උනත් පාවිච්චි කොරලා තියෙන්නේ දේශ දේශාන්තර වල නම ගිය බ්‍රෑන්ඩ් එකක් නෙව..

    අප්පා මට දැනෙන සතුටක තරම...

    ReplyDelete
  36. මාරයෝ... වරුණ කියන එකේ තේරුම මොකෑ... :))
    ආ.. ගල් බෝතලයක් දැක්ක කාලයක් මතක නෑ ඕං... ආසාවේ බෑ..

    ReplyDelete
  37. පුතා...

    අඩා පුත වරුණ...

    නිතර උණ සෑදෙන අය මා කොතෙකුත් දැක ඇත...ඉන් සමහර අයට උණ අල්ලා සිටී..නමුත් සමහර විට උණ පෙන්වන්නට ගිය විට සමහරුන් හැරෙන තැපෑලට අත දිග හැර දෙනු ලැඛෙයි..එවන් විටකදී වරුවකට වඩා උණ අල්ලා සිටින්නේ නැත...

    එසේ වැඩි වැඩ දැමීම නිසා වරුවෙන් උණ බස්සාගන්නට හැකියාව ඇති තැනැත්තා වරුණ නමි...

    ගල් නම් ඉතින් ආයේ කුමන කතාද..?

    ReplyDelete
  38. මාරයෙක්ම තමයි..ඔන්න ඕව දිගටම කොරල කොසු පාරවල් කාල බ්ලොග් ලියන එක එහෙම නවත්තනව නෙවෙ.

    ReplyDelete
  39. ගල් නැති බාර් ඇත්නම් මේ ලංකාවද?

    ReplyDelete
  40. පැන්da...

    හපොයි එහෙමත් වෙයිද මංතුමාට..?

    ReplyDelete
  41. Praසන්ன...

    ඒක නේන්නං මාත් අහන්නේ...
    මට බීමත් එපා උනා...

    ReplyDelete
  42. අපොයි ලොකු උදව්වයි හොයල දීපන්කො. ඔය ඉතින් මගෙ නමෙත් තෙරුම ලියහන් බලන්න

    ReplyDelete
  43. නිශ්...

    ඔක නමක්ද බං පළුවයි නෙව තියෙන්නේ.. ගෙඩිය පිටින් එව්වනං ඇහැකි...

    ReplyDelete
  44. තැන්කූ මාරයෝ... අද තමා ඕං නමෙ තේරුම දැනගත්තේ... ( නිකන් අරන් තියාගත්තා වගෙ... :)))

    ReplyDelete
  45. පුතා...

    හිහ්..හිහ්.. මා පුතාට දැන් ෂනීපයක් දැනෙනවාද..?

    ReplyDelete
  46. මාරයෝ, ඒකනම් නියම බිස්නස් අයිඩියා එකක්. ශක්‍යතා වාර්ථාවක් හදලා එවපන් මචං.

    ReplyDelete
  47. ඒක නෙමෙයි බං "දුමී" කියන එකේ තේරුම් අමොකක්ද ? ඔන්න "දුං දාන එකී" එහෙම නෙමෙයි මම මුලින්ම කිව්ව ඕං.

    ReplyDelete
  48. දුමී...

    ඔක්කෝමත් හරි..පොඩි පරහක් තියෙනවා බං..මෙහෙ ව්‍යාපෘතියට වඩා මුදලක් ඔය කියන ශක්‍යතා වාර්ථාව හදන්න යනවා බං...

    නම ගැන කිව්වම ඔය උඹම තේරුම දීලා තියෙන්නේ..හැබැයි පොඩි පරහක් තියෙනවා..ඔකේ මී කියන්නේ මම කියන එක නෙව..ඒ කියන්නේ දුම් දමන මම නොහොත් දුම් දමන්නා කියන එකයි..

    පුතේ දුමක් දැම්මට කමක් නැහැ හැබැයි ගම මහගේට අහු උනොත් එයත් දුම් පිට කරන්න පටාන් ගනී..ප්‍රවෙසමට හොඳේ...

    ReplyDelete
  49. මගේ නමත් ( අග කොටස ) වස් වැදිල කියල තමයි පොඩි කාලෙ ගුරු උත්තමයො එහෙමනං කිව්වෙ.
    දුමී කියන්නෙ මං දන්න විදියට මීයගෙ දුවට නේද?

    ReplyDelete
  50. මගේ නම මේකා නොදන්න එක මගේම වාසනාව අදින් පස්සේ බ්ලොග් වලදී කොතනකදීවත් නම නොකියන්න ප්‍රවේසම් වෙනවා .ඇයි මෙයාට අහු උනොත් එහෙම .

    ReplyDelete
  51. ඉන්දික උපශාන්ත...

    නමෙ ගණ අප්සට්නං ඒක පාවිච්චි නොකර ඉන්න තරමට හොඳයි..
    ලියාපදිංචි නමම පාවිච්චි කොරන්න ඔනයෑ...
    එතකොට ඒ අසුභ බලපාන්නේ නැහැ.

    ReplyDelete
  52. හිස් අහස...

    එහෙනං මං හිතන්නේ හොඳ අර්ථවත් නමක හිමිකරුවෙක් වගෙයි..හා..හා ..බලමුකෝ කී දවසක් මට කොළේ වහයිද කියලා...

    ReplyDelete
  53. හ්ම්...නියමයි....මාර තේරුම්...
    ජයවේවා!!!

    ReplyDelete
  54. පුඑවන්නම් මගෙ නමෙත් තේරැම කියාල දෙන්ට‍කෝ බලන්ට.....

    ReplyDelete
  55. මාරයා අය්යා කියහන් බලන්න මගෙ නමේ තේරුම ???? :D :D

    ReplyDelete