22 October 2010

දෙදෙන වෙන්ව යමු යළිත් නොඑන්නට...

සිත හිරි වට්ටන නුඹෙ සිනාවත යළි සිහියට නැගුනා..
හදවත ඉකිබිඳ සුසුම් නගනයුරු සිතට හොරෙන් දැනුනා..
නෙතු යුග අද්දර පිපුනු කඳුළු මල් කිනිති සෙමින් සැළුනා..
මරණය අද්දර හෝ හැර යන්නට නොහැකි බවක් දැනුනා..

එදා මෙදා නොව යළි කිසිදා අප හමු නොවෙනා බැවිනා...
සුසුම් සරින් නුඹ පුරවයි මා සිත සිහින අතර රැදෙනා...
යළිත් වරක් ඔබ රුව දැක ගන්නට වරම් නොමැති හින්දා..
නුඹෙ මතකයන් අමතක කරනට දිව රෑ දුක් වින්දා...

පැතුම් පතන්නට සිතුම් මවන්නට යළි කිසි දින මතුදා..
නුඹෙ නමට දුක් ගී කව් පද වැල් යළි නොලියමි කිසිදා..
සසර පුරාවට එක්ව පැමිණි මග අද මෙතනින් නවතා..
දෙදෙන වෙන්ව යමු යළිත් නොඑන්නට පෙම්කව සිඳබිඳ දා..

56 comments:

  1. එල මාරයියා......නිදි වරනකොට වැඩි වැඩියෙන් සිංදු ලියන්න ඇහැකි නේ....

    ReplyDelete
  2. කිමැයි මේ මාර සොයුර...?

    ReplyDelete
  3. හයියෝ.. මෙච්චර ටැලන්ටඩ් කොල්ලෙක් (සොරි... මාරයෙක්) මේ කෙල්ලෙක් හන්දා මොකට තවදුරටත් ජීවිතේ චාටර් කරගන්නවද මන්දා..

    ReplyDelete
  4. අනේ මන්දා බං.. උබ ඔය කියන එක හොදටම තේරෙනව..(මමත් ඔය පීල්ලෙමනේ ඉන්නේ)
    මොනවා කරන්නද කියලා හිතන් ඉන්නවා... තනියට බෝතලෙකුත් තියෙනවනේ....

    ReplyDelete
  5. මාරයෝ, මේ වැඩේ නම් කරන්න බෑ ඕං. උඹේ බූට් කවි ටික කියෙව්වහම බොන්න හිතෙනවනෙ බං.

    ReplyDelete
  6. රත්ගමයා...

    නිදිමරනකොට විතරක් නෙවෙයි මලයා..හොඳට බිව්වම කවි නෙවෙයි ඔනම දෙයක් ලියවෙනවා.ආයේ වැඩිය හිත හිත ඉන්න දෙයක් නැහැ...

    ReplyDelete
  7. ප්‍රාර්ථනා...

    ඒ ප්‍රශ්නෙට උත්තර මාත් හොයනවා...

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    ....................
    .........................
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී...තමයි...

    ReplyDelete
  8. Ano...

    චාටර් වීමත් අගනේය...

    ReplyDelete
  9. Grey...

    අප හැර නොයන අප මිතුරා...ළග වෙනම්...
    දුක් සෝ සුසුම් මා අසලක ...නැත එහෙනම්...

    ReplyDelete
  10. දුමී...

    අනේ බං කියවලා මෙහෙමනං..ලියපු මට..කොහොම ඇද්දැ..?

    ඒක නෙවෙයි බං තාම යහතින් ඉන්නවද..?

    ReplyDelete
  11. හික්....එතකොට හිටවන කවි හිටන් කියන්නත් ඇහැකි නෙව....

    ReplyDelete
  12. ඇයි, බං මගේ කමෙන්ට් එක අන්තරස්ධාන උනේ !! වැරැද්දක්වත් කිය උනාද බොලේ ????

    ReplyDelete
  13. නෑ බං, එක පාරටම මම කලින් දාපු කමෙන්ට් එක නැතිව ගියා . . . . ඔන්න ඒ පාර ආපහු ඇවිල්ලා. . . .

    ඔව් ඔව් මම තාම යහතින් එල්.එල්.ආර්.පී මෙහෙයෞම් තමයි යන්නෙ මේ වෙනකොට. දැක්කද ගැහව්වා . . . . . ! ෆුල් කැමුෆ්ලාජ් තමයි ඉන්නෙ . . . . !

    ReplyDelete
  14. රත්ගමයා...

    ඒ විතරක්යෑ මලේ හිටගෙන කවි කියන්නත් පුළුවන්...(හැබැයි සමහර වෙලාවට කෙළින් ඉන්න තමයි අමාරු..)

    ReplyDelete
  15. දුමී...

    අනේ බං මම ඔය කොමෙන්ටු මකන ජාතියේ බුවෙක් නෙවීනේ..ඔය කවුරු හරි ඇනෝ කෙනෙක් ඇනයක්ම උනොත් ඇරෙන්න..
    උඹලා ඉතින් මට බැන්නත් මම ඒවා මකන ජාතියේ මාරයෙක් නෙවීනේ..මට හිතෙන හැටියට ඒ කොමෙන්ට එක පෙන්නුම් කරලා තියෙන්නෙත් මෙ දවස්වල උඹට ඉන්න වෙලා තියෙන ආකාරය තමා..හිහ්..හිහ්..
    උඹ වගේම උඹෙ කොමෙන්ට්ස් හිටන් කැමාෆ්ලාජ්...
    කොමෙන්ට්ස් එක උඹටවත් පේන්නේ නැත්තං ගම මායියා කොහොම උඹව හොයාගන්නවද මන්දා...

    ReplyDelete
  16. කවි ටිකනං මාරයි....

    ReplyDelete
  17. මෙහෙම කවි මටනම් ලියන්න පුඵවන් බිව්වම විතරයි..

    ReplyDelete
  18. නුඹ මගේ සඳ, මිමිණුවෙමි,
    සඳ අවපසට යන බව දැන දැනම,
    නුඹය මා කුසුම, පැවැසුයෙමි,
    කුසුම මිලින වනු දැන දැනම,
    තනි තරුව නුඹමය, පැතුයෙමි,
    අරුණෙහි මියෙනු දැන දැනම,
    කොන්දේසි රහිතව පෙම් කළෙමි,
    අවසන මා ඉරණම දැන දැනම,

    ReplyDelete
  19. අනේ මාර-අයියේ,

    ඔයාටත් රවි අයියගේ ලෙඩේ හැඩිලද?

    ReplyDelete
  20. රවි,

    කාටද අනේ ඔයා මේ කවි ලියන්නේ?

    ReplyDelete
  21. Anonymous ..........

    සිතුවිලි අකුරු කල පසු කවියකි,
    කවියට එක් හිමිකරුවෙක් නොමැති,
    ඔබටද අදාලයි හිතෙ නම් ඇනෝ සකි,
    පිලිගත මැනැවි මාගෙන් නැත කිසි දොසකි,

    ReplyDelete
  22. Praසන්ன...

    ස්තූතියි සහෝදරයා හැමදාමත් වගේම...

    ReplyDelete
  23. Ravi...

    ඉක්බිති සියල්ලෝ සතුටින් විසිර ගිය..
    කවියක් කියන්නට තවමත් නොහැකි විය..
    ඔබටත් මටත් පොදු ඉරණම වීද මෙය..
    මිතුරෙ අහිමි මුත් රසවත් නොවෙද පෙම..

    ReplyDelete
  24. Ano...

    "ඔයාටත් රවි අයියගේ ලෙඩේ හැඩිලද?"

    හපොයි ඔයා ලියන රටාවෙන්ම කවුද කියලා අහුවෙනවා නෙව...
    මට ලෙඩෙ හැදිලා හුගාක් කල් ළමයෝ...

    ReplyDelete
  25. Ravi...

    හා..හා..හොඳයි..වැඩෙ ඔහොම කරගෙන යමුකෝ...

    ReplyDelete
  26. අම්මප ඇත්ත මාරෙ මළේ,

    හිමිවු පෙම, එය සුන්දරය,
    අහිමි පෙම, ඒ ද සුන්දරය,
    මතක මං පෙත්, නදී ගං තෙර,
    සරමි, තනිවම මතක තුරුලු කර,

    ReplyDelete
  27. ගෙවී ගිය අතීතේ මතක මං පෙත් මැදින්..
    ඇවිද ආ සීරුවෙන් වර්ථමානය කරා..
    පිය නගමි නොනැවතී මතු දිනට අනාගත..
    තුන් කල්හි ළග රැඳුනු ආදරය තුරුළු කොට..

    ReplyDelete
  28. එකළ මට ඔබ එලිය දුන්,
    විලස නුබ ගැබ පුන් සඳක්,
    හෙටද මං පෙත හෙළි කරන්,
    විලස දිදුලන පහන් තරුවක්,

    ReplyDelete
  29. ගෙවී ගිය මුත් සඳ පහන් රැය..
    නිවී ගිය මුත් තරු කුමාරී..
    නිදි නැතිව රැය ගෙවී යද්දී..
    නෙතු තවත් සඳ තරු සොයාවී....

    ReplyDelete
  30. එදා ඔබගෙන් වෙන්ව ආ මඟ,
    මගේ කඳුලින් තෙත්වු මං පෙත,
    නැවත සරනෙමි මතක පොදි බැඳ,
    සොඳුරු සැමරුම් දවයි මා හද,

    ReplyDelete
  31. සුසුමින් දවා..
    කඳුළින් තෙමා..
    ඔබ මා දමා..
    ගිය දින පවා..
    ඇත මා සිතේ..
    නොමැකී තිඛෙ..
    ඒ දැක දැනුත්..
    දෙනුවන් තෙමෙ..

    ReplyDelete
  32. කිසිදා ඔබ මට,
    හිමි නොවනා බව,
    හමු වූ දා සිට,
    දැනසිටියෙමි මම,

    එනමුදු සොඳුරිය,
    ඔබ හා ගෙවු කල,
    මද පවනක්සේ,
    සනසයි මා හද,

    ReplyDelete
  33. සිහිනයක දැවටී වෙලී..
    සුළං රැල්ලක් සේ ඇදී..
    අතීතේ සිට පාව ඇවිදින්..
    ඔබ සරයි මා හදවතේ..

    ReplyDelete
  34. ..::| පොජ්ජේ |::.....

    ආ පොජ්ජෙ ළමයාත් මෙ අහ ගාටලා නෙව...

    ReplyDelete
  35. 'පිස්සු හැදෙන සඳ'

    ReplyDelete
  36. ෴ හසියා ෴...

    මොනවද ඉතින් වෙනදා වගේම තමයි...

    ReplyDelete
  37. Ano...

    කාටද අප්පා දැන් පිස්සු හැදෙන්නේ..?

    ReplyDelete
  38. ඔබ නැත පෙනෙන මානයක,
    සොයනෙමි පවා රෑ සිහිනෙක,
    විල්තෙර ඇසෙන තනුවක,
    වෙලී එනු මැන මා සවනතට,

    ReplyDelete
  39. කොහේ කොතැන ඔබ සැගවී ගියාදෝ..
    මගෙන් මිදෙනු වස් බෝ දුර ගියාදෝ..
    ලයෙහි නැගෙන දුක් ගී නැසූනාදෝ..
    යළිත් වරක් ඔබ මා වෙත නොඒදෝ..

    ReplyDelete
  40. හද කුටිය මා වසා තිබු,
    අනවසරයෙන් නුඹ ඇතුලු වුනු,
    නොකියාම නික්ම ගිය පසු,
    යතුරු ලා වසනෙමිය දොරගුලු,

    ReplyDelete
  41. අවසරයෙන් ඇතුල් උනත්, ගියාට පස්සේ අගුල් දානවද? ඒක නම් පල් වැඩේ.

    ReplyDelete
  42. ඒ අතින් බලනකොට මාර අයියා හොඳයිනේ.

    ReplyDelete
  43. Anonymous ..........

    වසන්තය ගෙන පැමිණි නුඹ,
    මහද රිදවා පළා ගිය සඳ,
    හද අගුලු නොදමා කෙලෙසකද?
    නැවත මේ දුක කෙළෙස විඳිමිද?

    ReplyDelete
  44. ආයම දුක් දෙන්නේ නෑ. කරුනකරලා ඔය අගුලු, දම්වැල් ඔක්කොම ගලවලා දාන්න.

    ReplyDelete
  45. බෑ, බෑ, බෑ, බෑ කිව්වොත් බෑම තමා,
    තරහ එහෙම වෙනව නෙවෙයි ඕං,

    ඇයි යකඩෝ, මෙහෙම වදයක් තිබ්බෙ නැහැ නෙව අර පලච්ච යෝදිගෙං වත්,

    අනික අහල එහෙම නැත මේ කතාව ,
    " වසාඇති හදවත් විවර කිරීමට තැත් කිරීම හදවතට මෙන්ම විවර කිරීමට තැත් කරන්නාටද බොහෝ සේ අනතුරු දායක විය හැක "

    ReplyDelete
  46. එලුවෙක් වගේ බෑ කියන්න අවශ්ය නැහැ.

    තරහා වෙන්න වෙනවාමයි. එහෙමනම් අනුන්ට එයාලගේ පාඩුවේ ඕනම දෙයක් (ඕනම දෙයක්) කරගන්න ඉඩදීලා පැත්තකට වෙලා ඉන්න එකයි ඇත්තේ. එයාලත් එක්ක ආයම විහිලුවටවත් පැටලෙන්නේ නැතිව. එයාටත් යන්න දෙන්න. යාලුකමක්වත් ඕන නැහැ හොඳේ.

    ReplyDelete
  47. අපොයි, අනුන් කිව්වහම බොහොම විසාල පරාසයක් නෙව............

    ReplyDelete
  48. හත් ඉලව්වට ගහපු කලාබරෙ කිව්වළු...
    මෙන්න මෙයාලා මෙතන ඇරගන්නවා...

    ඔය පුංචි පුංචි දේටත් රණ්ඩු වෙන එක දෙන්නගේ හැටිද..?

    රණ්ඩු උනාට මොකද..මැදිහත් සිතින් බලනකොට මට පේන්නෙ නම් ඇතුවත් බැරි නැතුවත් බැරි ගාණයි වගේ...

    පොඩි අවුලකට තියෙන්නේ..දෙන්නාම අඩියක් පස්සට ගන්න තියෙන අකමැත්ත තමා...

    රවීට මට කියන්න තියෙන්නේ මෙච්චරයි...
    කන්ද උඩහා කට්ටියට ගණන් පෙන්නලා වැඩක් නැහැ..එහෙ අය අතක් පයක් ගියත් අඩිය පස්සට ගන්නේ නැහැ..
    පස්සේ විදෙව්වා උනත්..ඒ හින්දා ඔන්න ඔහේ දිනුම දීලා දාන්න..පස්සේ හිතේවි පැරදුනත් දිනුවා කියලා..

    ReplyDelete
  49. ඒකනෙ මාරෙ, බලහංකො වෙච්චි ජංජාලෙ,
    උඹහැ ගේට් පාස් චැක් කොරන්න ගිය අල්ල පනල්ලෙ ඕං පේනවනෙ මට වෙච්චි දේ,
    අනේ මයෙ වේල පත් කඩේ එවන්නං කොල්ලො,
    එලුවා වගෙ බෑ නොකියා බලල දීහං හොඳේ,
    මයෙ ගිරහය මේ දවස්වල බොහොම නරක් වෙලා වගෙයි පෙනෙන්නෙ,

    ReplyDelete
  50. මම වෙලපත්කඩෙ බැලිල්ල නෙවෙයිඅර කෙනාගේ එකත් එක්ක එවපං ඔනනං පොරොන්දං බලලා එවන්න...

    ReplyDelete
  51. එව්වයෙ ආයෙ බලන්ඩ දෙයක් නැහැ මලේ,
    මං පොරොන්දං බලල දැං සෑහෙන කල්,

    ReplyDelete
  52. ෂුවර් එකට පක්ෂී පොරොන්දම අප්සැට් නේද..?

    ReplyDelete
  53. මතකනං නැහැ බං දැං සෑහෙන කලක් නෙව,
    දෙක තුනක් අප්සැට් එව්වනං තිබුන වගෙ මතකයි,

    ReplyDelete