24 October 2010

බාඳුරා මල් කැකුළි...

අතහැරුනු දීගයක්.. අතැති නුඹ මා අසල..
රැඳී නව හීනයක්..වෙලා මා නිදි ලොවට..
ගෙවී ගොස් තුන් යමක්..උදෑසන පැමිණි කළ..
නුඹ නොවෙ මා අසල..ගෙන ගොසින් සුව සිහින..

පෙර දිනක ප්‍රේමයක්..ඇතිව හෝ නැතිව හෝ..
නුඹ ගියේ දීගයක..මව්පියන් පැතු ලෙසට..
අවසන්ව වසත්කල..ඉරි තැලූනු පසු පොළොව..
නුඹත් තනි වෙලා ඇත..පරව ගිය මලක් ලෙස..

රිදී බිඳිලා තිබුණු..හදවතට ඔසු දෙවා..
නැවුම් මල් කිනිත්තක්..ලෙසින් ගෙන සරසලා..
මා නෙළු මෙන් ලොවට..අඩගසා පෙන්වලා..
ජීවිතේ එක් මගක..යමු කියා දිවුරලා..

මලක ඇති රුව වරුණ..මනබඳින රොන් සුවඳ..
එමල හා රැදෙන්නට..කරති බඹරුනට ලොබ..
මල් සුවඳ සිහිනයකි..මලේ රුව මිරිගුවකි..
බාඳුරා මල් කැකුළි..නුඹ නිසා මා නැසුනි..

12 comments:

  1. අද මම සතුටින් ඉන්න දවස . මාරෙ අයියා මොකෝ මූඩ් ගහල වගේ.
    මොනා උනත් එලම වචන සෙට් එක ඇඬෙනවා . මේං කඳුලු ....හිහි

    "නුඹ ගියේ දීගයක..මව්පියන් පැතු ලෙසට.."

    මටත් දවසක ඔය ටික කියන්න වෙයිද ?
    අඩේ මාර කවිය බය හිතුනා හැබැයි මරේ මරු

    අපි යනෝ !! ජයවේවා මාරේ !!

    ReplyDelete
  2. මේක නම් සෑහෙන්න බීල ලියපු එකක්...නැතුව කොහොම ලියන්නෙයි බොලේ.....
    බාදුරා සීන් එක...........

    ReplyDelete
  3. හිස් අහස...

    අද සතුටින් කීවෙ..මොකද මොන්ටිසෝරි පැත්තේ ගියාද.?හික් හික්..

    ReplyDelete
  4. ර ත් ග ම යා...

    ගොටුව පතුළේ ඉඳන් ලියන්නේ මලේ...බොනවා නෙවෙයි ගිලිලා..විස...

    ReplyDelete
  5. මාරයෝ, නියම පද පේලි ටික. අපි මේව ටික එකතු කරන් කවි පොතක් ගහමු, "මාර කවි" කියලා . . . . !

    ReplyDelete
  6. අයියේ.. අද නම් වැඩේ මාට්ටූ...:):)විහිළුවට කිවුවේ හොඳේ..?

    ReplyDelete
  7. 'මල් සුවඳ සිහිනයකි..මලේ රුව මිරිගුවකි..'
    ඕක තමයි ඉතිං......

    ReplyDelete
  8. බාඳුරා මල් කැකුළි..නුඹ නිසා මා නැසුනි..
    ලස්සනයි !!

    ReplyDelete
  9. මාර කවි
    අනේ මන්දා....

    ReplyDelete
  10. අනේ මන්දා මාරයටත් වෙන නස්පැත්ති...
    ජයවේවා!!!

    ReplyDelete
  11. මාර අයියේ..

    අර කඩෙ හිටිය නගේ ද මේ..
    අනේ මන්දා ..

    එහෙම නොවෙවා කියල පතනවා..

    ලස්සනයි පද ටික

    ReplyDelete
  12. බාඳුරා ලොව උපනි,
    බඹර සිත් බිඳින්නට,
    බඹර කැළ ලොව මැවුනි,
    රොන් සුණෙහි මියෙන්නට,

    බඹර ගී ගයනු ඇත,
    රොනෙහි දැවටෙනා තුරු,
    කවර අරුමයෙක්වෙද,
    ඉරණමයි එය මිතුරු,

    ReplyDelete