25 October 2010

මට නොම වැටහෙයි...

හිනා වෙන්නද..අඩන්නද..මට තේරෙන්නේ නැහැ..
මෙ දවස් ටිකේම මොන මොනවා හරි වැඩක් කරන්න හැදුවෙ කල්පනා නොකර ඉන්න ඕන හින්දයි...
කල්පනා කරනවා කියන්නේ මට හුගාක් අහිතකර දෙයක්.
ඒකේ අවසානය හිත අවුල් ජාලයක් වෙන එක විතරයි...


ජීවිතේ ගලාගෙන යනවා..
අද සඳුදා..හෙට තවත් දවසක්...ඒකත් ඉක්මනටම ගෙවිලා යාවී...
අනේ මන්දා මේවා කොතනින් නවතින දේවල්ද කියලා...

මෙ ටිකේම හිත හරිම නොසන්සුන්..මහා වරදකාරී හැගීමක් තියෙනවා..ඒත් මම වරදක් කරලා නැහැ කියලා මම දන්නවා..ඒත්...?අනේ මන්දා...

හුග කාලයකට කළින් කියවපු සුළග වගේ ඇවිදින් කියන නව කතාව නෙට් එකෙන් හොයාගෙන කියෙව්වා..මම ආසම කරපු කතාවක් ඒක..ඒ දවස්වල..ඒ කියන්නේ පාසලේ ගත කරපු අවසන් කාල සීමාව තුළ...
පාසල් ප්‍රේමය..මරදාන, පුංචි බොරැල්ල, ටවුන්හෝල්...
අතීතය සිහිනයක් පමණයි...

අන්තිමට උනේ හිතට තවත් බරක් එකතු උන එක විතරයි...

ජීවිතෙත් නව කතාවක් වගේ තමයි...

මොනවද මම මේ ලියන්නේ...අනේ මන්දා..හිතට සැහැල්ලූවක් තියෙන්නේ මෙහෙම හරි කුරුටු ගාන එක තමයි..පහුගිය අවුරුද්ද පුරාවටම මාව පිස්සෙක් නොකර තියා ගත්තේ මෙ බ්ලොග් එක..ඒත් ඒ හින්දම මම මිනිස්සු එක්ක කතා කරන එක අඩු උනාද මන්දා..ඒත් ඉතින් මොනවා කියලා කතා කරන්නද..?කතා කළොත් අවුලක්..මගේ සමහර වචන පිහි පහරවල් වගේ කියන එක මටම නොතේරෙනවා නෙවෙ..ඒත් කියන්න තියෙන දේ දෙපාරක් නොහිතා කියවෙන එක මගේ ඉස්සරම ඉඳලා පුරුද්දක් වෙලා තියෙන්නේ..මාව හොඳටම දන්න කීප දෙනෙක් ඇරෙන්න හුගාක් අය ඒ ගැන දන්නේ නැති හින්දා හිත් අමනාපකං ඇති උන අවස්ථා බොහෝමයි...
???මාව හොඳටම දන්න අය..?
එහෙම අය ඉන්නවද..?අනේ මන්දා...

වෙලාවකට හිතෙනවා බොන එක නවත්තලා දාලා ඉන්න ඔන කියලා...මට බැරි දෙයක් නෙවෙයි ඒක..කොහොමත් මම පහුගිය අවුරුදු නවයකට වැඩි කාලයක් බොන්නේ නැතිව හිටියා...
ආයෙත් ඒක කරන එක මට අමාරු දෙයක් නෙවෙයි..ඒත් මම දන්නවා ඒත් එක්කම මම මෙ ලියන එකත් නවතිනවා කියලා..
මත්වීමයි ලිවීමයි අතර හරි අපූරු සම්බන්ධතාවයක් තියෙනවා...

ජීවිතේකට අරමුණක් නැති වීමත් එක විදියක අමුතුම තත්වයක්...
එක අතකින් හරිම සැහැල්ලූවක් තියෙනවා.
බැඳීම් නැති නිදහස් අහසක පාවෙලා යනවා වගේ හැගීමක්..
ඒත් සමහර වෙලාවට ඒ නිදහස මහා හිස් කමක් බවට පත් වෙලා මොකක්දෝ අමුතුම කියාගන්න බැරි දෙයක් හිතට එනවා.
ඉතින් කොහොමද නොබී...

මම කල්පනා කරනවා..
ඒ වගේ වෙලාවට මම කල්පනා කරනවා...
ඉස්සරනම් මම ඇගිළිවල නියපොතු ඉවර වෙනකල් හපන ගමන් කල්පනා කරනවා..
ඒත් දැන් මට නියපොතු කන්නත් තහනම්නේ..

එයා මගේ අත හරින්නම බැරි පුරුදුවලින් එකක් අත හැරෙව්වනේ..

"මොකද පොඩි එකා වගේ නියපොතු හපන්නේ..නවත්තනවා ඔක..."

"හම්මෙ මෙයාගේ සැර.."


"එහෙම නෙවෙයි..නියපොතු කෙටි උනහම ඇගිළි දිගට පේන්නේ නැහැ...
මම කැමතියි ඔයාගේ ඇගිළි දිගට පේනවට...එතකොට ලස්සනයි.."


"හ්ම්..හරි හරි..එහෙනම් නවත්තන්න බලන්නම්කෝ..."

එහෙම කිව්වට මට ඒක එක පාරටම නවත්තන්න අමාරු උනා..ඒත් පළවෙනි නියපොත්ත හැපෙන කොටම මට මතක් වෙන්න පටන් ගන්නවා එයා කිව්ව දේවල්..ආයේ හපන්නේ නැහැ..මමම හිතා ගන්නවා...

දවස් ගාණකට පස්සේ

"කෝ බලන්න නියපොතු ටික..?"

"මොනවා බලන්නද..මම ඒවා හැපුවා.."

"කෝ පෙන්නන්නකෝ..."


මම හිමීහිටි අත දිග හැර පෙන්වන ගමන් ඇගේ මුහුණ දෙස බලමි..

සිහින් සිනාවත් සමග ඇස් දෙක හීනි වෙමින් ඇගේ මුහුණ මත ඇෙඳන හැඩතල දෙස විමසිල්ලෙන් බලා සිටිමි...ඒ සුන්දරත්වය..

"ආ..නේ..ඔය තියෙන්නේ ලස්සනට...
දැන් පිළි වෙළකට නිය අග්ගිස්ස කපලා ලස්සනට තියා ගන්නයි තියෙන්නේ.."


එයින් නොනැවතුණු ඇයම නියපොතු ටික පිළිවෙලකට කපා ඔපමට්ටම් කරනු ලබන්නීය...

සමහර දිනවල ඈ අවුස්සනු රිසි වූ මා කතා කරනා අතර ගමන්ම හීන් සැරෙ නියපොත්ත මුවට කිට්ටු කර සපන්නට මෙන් සැරසෙමි...

කතාව නවතන ඈ මා දෙස බලා සිටින්නේ මුහුණට ආරූඩ කර ගත් තරහාවක්ද සමගිනි..
මම අත පහත හෙළමි...

"මම දන්නවා බොරුවට තමයි කියලා..." ඇය පවසයි..මම සිනාසෙමි...

සිත අතීතයට ඇදගෙන යන මතකයන් වළදැමිය හැකිනම්...?

මම දැන් මේ මොනවා කරනවාද..?

හැමෝගෙන්ම ඈත් වෙලා...
කිසිම අනාගත බලාපොරොත්තුවක් නැති..ඉන්න හිටින්න තැනක් නැතිව...
මගේ කියා කිසිම දෙයක් නැතිව...?

ඒකටනං මොකද..? ඔය කොයි දේවළුත් තාවකාලිකයි...
එහෙනම් ඇය..?
ඇය පිළිබඳ මතකය..?

ඒ දේවල් උනත් එහෙම තමයි...

එහෙනං අත හරින්න බැරි ඇයි..?

සංසාර පුරුද්ද වෙන්න ඇති...

අපේ ජීවිත වලට වරින් වර කී දෙනෙක්නම් ඇවිත් යනවද..?ඒත් ඒ අතරින් කීයෙන් කී දෙනාද අපේ හිත්වල ජීවත් වෙන්නේ..එයිනුත් කී දෙනාද අපේ හිත්වල අයිතිය තම සන්තකයට ගන්නේ..?

ඇයත් ඒ වගේ...
පහසුවෙන් බිඳිය නොහැකි සම්බන්ධතාවයක්.

මට සම්බන්ධතාවයන් කියන්නේ අමුතු දේවල් නෙවෙයි.ඒත් ජීවිතේටම මම මෙහෙම විඳවන සම්බන්ධතාවයක් මට කවදාවත්ම තිබුණේ නැහැ.
වෙන දෙයක් නෙවෙයි සසර බැඳීමම තමයි..
ඒත් ඒක මොනවා නමුත් දෙයක් නිසා මට විඳවන්න හැදුනු සසර බැඳීමක්..

කවදාවත්ම ඇය ආපසු මා සොයා නේන්නත් ඉඩ තියෙනවා..ඒත්..?
මම කොහොමද..ඒ බලාපොරොත්තුව අත හරින්නේ..?
ඒ බලාපොරොත්තුව විතරයි මාව මෙ කාලය තුළ ජීවත් කෙරෙව්වෙ...
ඉතින් ඒ දේ නැති කරගෙන මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද..?

පහුගිය කාලේ මගේ ජීවිතේට එන්න කිහිප දෙනෙක්ම සූදානම් නොවුනාමත් නොවේ..
නමුත් මට හිත හදා ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.
හෙටත්..?ඒක එහෙමම නොවේවී කියලා කියන්න බැහැ.

රෑ උනා...

නිදා ගන්න හිතුවත් මම දන්නවා නින්ද යන්නේ නැහැ කියලා.

ලියන්නත් මීට වඩා දෙයක් නැහැ.

බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක් වෙන්න එනවා..ලබන අට වෙනිදට.
මේ ලිපියට පස්සේ තව ලිපි දෙකයි අඩු ලිපි දෙසීය සම්පූර්ණ වෙන්නත්...

අවුරුද්දක් මා ජීවත් කරවපු සටහන් පොත..

සමහර විට කවදාවත් මා අතින් නොලිය වෙන්න ඉඩ තිබුණු මොන තරම් දේවල් මේ නිසා ලියඋනාද..?

කවි ලියන එකනම් කොහොමවත්ම මගේ අතින් කෙරෙන දෙයක් නෙවෙයි මේ බ්ලොග් කෙරුවාව නොතියෙන්න.ඒත් දැන් කවි කීයක්නං මගේ අතින් ලියවිලාද..?ඒවා කවිද නැද්ද කියන්න මට තේරෙන්නෙත් නැහැ.ඒත් එහෙම හරි මොනවා හරි ලියවෙන්න හේතුව මේ බ්ලොග් එක තමයි.

අනිද්දා නුවර යන්න තමයි හිතාගෙන ඉන්නේ..
උදේ වැඩ ඇරිලා ගෙදරින් අටට විතර යන්නයි හිතන් ඉන්නේ..මල්වතු මහා විහාරයට යන්න ඔන..මගේ ලිපියක වැඩක් කරගන්න.
බස් එකේ යනවද..බයික් එකේ යනවද කියලා තමයි තාමත් හිතන්නේ..?
බස් එකේ යන එක පහසුයි..යන ගමන් නින්දක් එහෙම දාගෙන ගියහැකි..ඒත් නුවරට ගියාට පස්සේ එහෙ මෙහෙ යන්න තියෙන හින්දා බයික් එක තිබුනොත් හුගාක් පහසුයි...

හෙට දිහාවෙ තීරණය කරන්න ඔන...

හ්ම්..දැන් ඇති..හිත ටිකක් විතර සැහැල්ලූයි.

41 comments:

  1. මාරයෝ නොකියා නොකියා හිටියට අපි හැමෝම එක බෝට්ටුවේද මන්දා ඕං... මේ තරහ නැතුව සුළග වගේ ඇවිදින් හොයා ගත්තේ කොහෙන්ද කියනවද.. ආ.. නුවර යනවනම් බයික් එකේ යන එක හොඳා... නැත්තම් ත්‍රීවිල් වලට සෑහෙන ගාණක් වියදම් වෙයි ඈ...

    ReplyDelete
  2. මහසෙන්...

    මම කතා කළ..? ෆෝන් එකෙන්..?මෙ උඔත් එක්ක..?

    ReplyDelete
  3. පුතා...

    කොහේද ඔක්කෝම අමතක වෙනවානේ..මම හිතුවෙ මම ලින්ක් එක දීලායි කියලා..අන්න දැන් දීලා තියෙන්නේ..සුළග වගේ අවිදින් කියන තැන ලින්ක් එක තියෙනවා...

    හ්ම්ම්..මටත් හිතෙන්නේ බයික් එකේ යන එක හොඳයි වගේ තමයි...

    ReplyDelete
  4. අදත් බල්ලොන්ට ගහන එව්වා අනුමත උනැයි... බොහෝම තැන්කූ ලින්ක් එකට ඈ.. හෙට ගමනට සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරස්සාවයි කිව්වා ඕං...

    ReplyDelete
  5. කියවගෙන යනකොට හරි අමුත්තක් දැනෙනව උඹේ වචන වල.

    කාලෙට සරිලන්න යන්තම් පදම් ගුණයි තමයි. ඒත් වැඩි පදම් හොයන්න ගොහින් ජීවිත කාලෙම මීවිත ඇසුරු කොරන්න තියෙන චාන්ස් එක නැති කොරගන්න එපා සහෝ.........

    ReplyDelete
  6. Ade Marayo... Umbath ela kathavakatane link eka deela thiyenne.... Dakapu gaman baa gena kiyevva... Eka husmata kiyavala danuyi ivara vune... Apita paandara 3.00.
    Bohoma Isthuthiyi lokka.....

    ReplyDelete
  7. සුළග වගේ ඇවිදින් නේද.. ඕක මුලින්ම ගියෙ තරුණයා පත්තරේ.. සතියක් ගිහිං ඊළග සතිය එනකං බොහොම අමාරුවෙන් ඉවසං ඉන්නෙ ඊලග කොටස කියවන්න.. අපිත් ඉතිං A/L කරන කාලෙනෙ.. බොක්කටම වදින කතාව.. :)

    ReplyDelete
  8. ???මාව හොඳටම දන්න අය..?
    එහෙම අය ඉන්නවද..?
    නැති වෙන්න බෑ.
    කොහොම උනත් යන්න ඉන්න ගමනට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.

    ReplyDelete
  9. බොන එක නවත්තපං මාරේ අයියේ . මමත් උඹේ බෝට්ටුවේම එකෙක් තමා බීම නවත්තගන්න බැරුව දුක් විඳින .

    උඹේ ලවු එක උඹට ලැබෙන්න මම ප්‍රාර්ථනා කරන්නම් මේ අත්මේ
    බැරිනම් ලබන ආත්මේ හරි .

    අපි නිතරම උඹ එක්ක ඉන්නවා නොබී මොනව හරි ලියන්න ට්‍රයිකරපං මචෝ මොනා ලීවත් අපි බලනවා !

    පරිස්සමෙන් ගිහින් වරෙන්
    උඹට ජයවේවා !!

    ReplyDelete
  10. අම්මප මට තාම බෑරි උනානෙ තාම ඔය පුරුද්ද අතාරින්න ඒත් පහුගිය දවස් ටිකෙ අමාරුවෙන් නවත්තන් ඉන්නව.තව කී දවසකට ද කියන්න බෑ. ජීවිතේ ඔහොම තමයි බන් කොහොමහරි අල්ලන් හිටපන්. අර උඹ කියල තිබ්බ විදිහටම කාලය ඔවා විසඳයි. සුලඟ වගේ අවිදින් ඉස්සෙල්ලම කියෙව්වෙ කාලේ ආයි කියවන්න ඔනි. හිතට දෑනුන කතාවක්.

    ReplyDelete
  11. මාරයියේ.. දන් හිත සැහැල්ලුයිද.? එහෙනම් හරි.
    මමත්.. හිත සැහැල්ලු කරගන්න බ්ලොග් ලියන්න පටන් ගත්ත කෙනෙක්... ඔයා බලන් ඉන්න කෙනාටත් ඔයාට වගෙම දැනෙනවා ඇති.. ඒ කෙනා ආයෙත් ලඟදිම එයි අයියා..

    ReplyDelete
  12. Jeew මෙන්න මේක ට්‍රයි කරල බලහන්. http://subasa.lk/keyboards/phonetic.php
    ඒක නෙමෙයි මාර මල්ලි හාවෙක් වෙලා නේ :) :) :)

    ReplyDelete
  13. නියපොතු කන්න එපා කිවුවෙ කවුද ? රමණි වෙන්න බෑ. අජන්තා නේද ?

    සුළඟ වගේ ඇවිදින් පොතේ ඉන්න කොල්ලටනම් අයන්න අපලයි එක පාරක් අංජලී නිසා කකුලත් කඩා ගත්තා නේද ? අනිත් පාර අරුණි

    ReplyDelete
  14. අනේ මන්දා බං.. මට නම් හිතට එකගව උබට ආයෙ ඔය කෙල්ලව ලැබෙන්න කියලා කියන්න බැහැ.
    එක පාරක් හරිගියේ නැති එක ආයේ කරන්න ගන්න එක දෙන්නටම හිතට අමාරුයි.
    හොදමදේ උබ හිත හදාගෙන ඔය මුකුත් නැතුව ඉන්න එක. ඒක තමා හොදම වැඩේ.
    දුක කොච්චර සුන්දර උනත් තමන්ට වදදීගන්න ඕනේ නෑනේ.

    ReplyDelete
  15. එයාට ආපහු හැරිල ඉන්න පුළුවන් දුරක් නං එයා ගිහින් තියෙන්නෙ
    ඔයාට වගේම එයාත් ඔය විදිහටම විඳවනවා නං
    එයා අනිවාර්යයෙන්ම කවදහරි එයි.

    ReplyDelete
  16. මාරයටත් මාර බූට් එකක් වැදිලා වගේ නේද? ඉතින් අපට බූට් වැදුනාම මොකෝ.

    ReplyDelete
  17. නියපොතු හපන එක නැවැතුවා වගේම ''එකී'' ට මාරයා පොඩ්ඩක් ගන්න එක නවත්තන්නත් හැකියාව ලැබේවා......200ත් ලියමු මාරයියා....විශ් යූ ඕල් ද බෙස්ට්....දීස් ඉස් ගුඩ් පිච් ටූ බැට්...........

    ReplyDelete
  18. මාරයියේ....
    මොනම දෙයක් උනත් ඕනවට වඩා හිතන්න යන්න එපා අනේ...
    අපි හිතන පතන හැම දේම අපිටම ලැබෙනවානම් මේ ජිවිතෙන් වැඩකුත් නැහැ (මොනවා කරන්නද අයියේ නරියා මිදි තිත්තයි කිව්වා වාගේ තමා නේ)ඔන්න ඔහේ මේ යාළුවො කියන නිසාවත් ඔයාගේ ඔය බෝතල් යාළුවාව අමතක කරන්න අප්පා

    ReplyDelete
  19. සොරි මචන්. මගෙ VGA අවුලක් වෙලා කොමෙන්ටුව වැරදිලා වැටිලා තියෙන්නෙ. ඒක නිසා මම ඒක අයින් කලා. අවුලක් හිතන්න එපා.

    ReplyDelete
  20. අපි ඉන්නේ එකම බෝට්ටුවේ නිසා
    ඔබේ හදවතේ දුකද මගෙත් නිසා
    නුඹට ඔවා දෙන්නට මට නොහැකි නිසා
    මුණිවත හොදයි දෙබසින් දුක වැඩි නිසා

    එනමුත් අයියේ ඉල්ලිමක් කරන්නෙමි
    පෙර පින් කර ලැබු මේ ජිවිතය
    කවදා යළි ලැබේවිද නොදන්නෙමි
    වෙහෙසෙන්න ලබන්න ජිවිතේ අර්ථය

    නොහැකි උනත් ලබන්නට අද ඇගේ අත
    උපදින හැම භවයකම ගන්නට ඇගේ හිත
    රැදෙන්නට ඈ අභියස හැමදාම පුබුදුවා වත
    පතන්නම් හදවතින් ඇගේම වන්නට හිතවත...

    දළදාවහන්සෙත් වැදන් පරිස්සමෙන් එන්න අයියාට තෙරුවන්සරණයි!!!

    ReplyDelete
  21. ෙමාකද්ද මාරයියා එ් දීපු ෙපාත මා පිස්සු පීකුදු ෙවලා ගියාෙන එ්ක කියවලා. මාත් අර මාලින්දයත් එක්ක ෙහාඳටම අැඬුවා(හිෙතන්)
    පිටු 160ක් කියවලා ඊට පස්ෙස අන්තිම පිටු ෙදක කිෙයව්වා අකුණක් වැදුනා වෙග් උනා.

    එ්ක ෙනෙවයි මාරයියා ෙමාකද ෙප්න්න නැත්ෙත්.....අෙඩ් නුවර යනවා කිව්වෙන මට අරක කියවලා නිකන් පිස්සු ව ෙග්...

    /කුම්භකර්ණයා

    ReplyDelete
  22. කංචු...

    ඒකත් ඇත්ත තමයි..
    දීර්ඝකාලීන ප්‍රතිලාභ..හෙහ්..හෙහ්..

    ReplyDelete
  23. පුතා...

    ඔං ඉතින් අර කිව්වත් වගේ බයිසි මොටෝ එකෙන්ම ගිහින් ආවා..
    කාලය හුගාක් ඉතුරුයි...

    ReplyDelete
  24. Jeew...

    ඔහොම තමයි බං ඔය පොත අතට අහුඋන ඔන එකෙකුට වෙන්නේ...
    මං කියනවට අහලා බලපං කියවපු ඔන කෙනෙක්ගෙන්..
    ඒ තරමට වදිනවා වැදිල්ලක්...

    ReplyDelete
  25. Buratheno...

    ඔව් ඔව්..උඹ හරි කොල්ලෝ..
    මාත් මුලින්ම තරුණයා පත්තරෙන් ටිකක් කියෙව්වා..හැබැයි කෑලි මිස් උනා..
    පස්සේ පොත අරන් කියෙව්වා..
    ගත්තුම දවසේ මුල ඉඳන් අගට දෙපාරක්ම කියෙව්වා..
    ඒ දවස්වලම පොත ඉස්සුවනේ මොකෙක් හරි..හපොයි...

    ReplyDelete
  26. Praසන්ன...

    අනේ මන්දා..මටත් තාම ෂුවර් නැහැ..මාව දන්න අය ඉන්නවද කියලා...
    ගමනනං ඔන් ගිහින් ආවා...

    ReplyDelete
  27. හිස් අහස...

    ස්තූතියි මල්ලියා...

    ReplyDelete
  28. නිශ්...

    මුලදී මුලදී පුදුම අමාරුවෙන් තමයි නවත්ත ගත්තේ..ඇයි දෙයියනේ පුංචි එකා සන්ධියේ ඉඳන් කොරගෙන ආපු වැඩක් නෙව...

    මම හාවා වෙලාද..?

    ඔය හාවා අල්ලගෙන ඉන්නේ එයා තමයි..අතක් තියෙනවා පේනවා නේද..?

    ReplyDelete
  29. ප්‍රාර්ථනා...

    ස්තූතියි නංගියේ...

    ඇත්තටම මෙ ලිවීම පුදුම සහනයක්..ඔයත් ඒක දන්නවනේ...

    ReplyDelete
  30. මකරා...

    මගේ අරක්කු මටම ගහනවා කිව්වළු...
    දෙකම එකක්ද වීය..කිව්ව..

    'අ' භයානක අක්ෂරයකි..එහෙමද..?

    ReplyDelete
  31. Grey...

    උඹ වැරදි නැහැ...
    ඒත්...අනේ මන්දා...

    ReplyDelete
  32. ස්වප්නා...

    "එයත් විඳවනවනං.."දෙයියෝ තමයි දන්නේ...

    ReplyDelete
  33. Ano...

    නමක් ගමක් නැතෙයි අදත්..?

    ReplyDelete
  34. මම...

    මිදි..හ්ම්...තිත්තයි කියලා කියන්නේ කොහොමද නගේ...

    අපොයි මගේ මිතුරා...

    ReplyDelete
  35. මහසෙන්...

    ඒක මිසක්..අවුලක් නං නැහැ..ඒත් මම බැළුවෙ මට බඩු වැඩිම උනවෙලාවකවත් කතා කළාදෝ කියලා..ඒත් ඉතින් ෆොන් නම්බර්එක දීලා නැහැනේ..ඒකයි මම පුදුම උනේ..
    හෙහ්..හෙහ්...

    ReplyDelete
  36. හසීරන්...

    අප්පච්චියේ..පුංචි එකී දියුණු වෙලා තියෙන තරමක්...
    ස්තූතියි නගේ...

    ReplyDelete
  37. කුම්භකර්ණයා..

    ආ කවදාද නැගිට්ටෙ..?
    ඒ නැගිට්ට ගමන්ම කරලා තියෙන්නෙත් නිදාගත්ත කාලෙට හරියන්න කන බොන එක නෙවෙයි..පොත් කියවන එක වගෙයි...

    හුගාක් හිතට දැනෙන කතාවක් තමයි...

    ReplyDelete
  38. අයන්න අපාය අක්ෂරයක්ලු. ඒ වුණාට මාරයට හරි යයි

    ReplyDelete
  39. ෆට්ටම තමයි මාරයියා. එල කොල්ලෙක්නේ. සිරා පොත හොඳේ.

    හැබැයි ඔය ෂොට් එකේ සීන් එකට නම් මට තියෙන්නේ වෙනමම අදහසක්.
    තනියෙන් ගැහිල්ලට කිසි සේත්, කිසි සේත් එකඟ වෙන්න බෑ.
    අඩුම ගානේ 5-6 ක් වත් ඉන්න ඕනෙ.
    හිතේ ලොකු ප්‍රශ්ණ තියාගෙන බීලා වැඩක් නෑ (ප්‍රශ්ණ අමතක වෙනව කියනඑක වෙන්නෙ නෑනෙ මට - මේක නම් මට විතරද මන්දා)
    බිව්වට පස්සෙ හොඳට ෆන් එක ගන්න තියෙන්න ඕනේ (ඔය සංගීත භාණ්ඩයක් දෙකක් විතර)
    පහුවදා නිවාඩු දවසක් නම් මැක්සා.
    ම් ම්ම්ම්ම්... මතක් වෙනකොටත් නිකම් මොනවද මොනවද වගේ.

    ReplyDelete
  40. තව පොඩ්ඩක් ඇඩ් කරන්න ඕනේ,
    මම ඔය කිව්වේ ජීව්ත කාලෙටම චුට්ට, චුට්ට, චුට්ට ගන්න ඕනෙ ෆන් එකක්.
    මම නම් කියන්නෙ උඹ ඔය හැමදාම වගේ ගහන එක නතර කරන්න ඹ්නේ.
    මෙතඩ් එක පොඩ්ඩක් වෙනස් කරපන් කෝ ....

    ReplyDelete
  41. කෝ අනේ රවි, ඔයා පරනිම්මිත වසවර්තියට අරන් ගිහින් අමතක වෙලා ආවද?

    ReplyDelete