30 October 2010

කලක් ඇවෑමෙන්..පෙරුම් පුරා...

හුගාක් දවසකින් මොනවත්ම ලියන්න බැරි උනා නෙව..අද ලියනවා..දැන් ලියනවා..මේ ලියනවා කියලා හිත හිත හිටියට මොකද ලියඋනේම නැහැ.

මෙවා ඔක්කෝම අර නත්තල් සීයාගේ වැරදි තමා ඉතින්..ආයේ මේ අහිංසක මංතුමාගේ වැරැද්දක් නෙවී...

මොකක් ඇහැව්වා..? නත්තල් සීයාගේ වරද මොකක්ද කියලා ඇහැව්වා..

ආ හරි හරි මම කියන්නංකෝ ඒ කොහොමෙයි කියලා...

දැන් මෙකනේ කථාව...

මං පුංචි එකා සන්දියේ..අපි දන්නවද ඔය නත්තල් කියන්නේ මොකක්ද කියලා..?නැහැනේ..අනික ඉතින් උත්පත්තියෙන්ම බෞද්ධ උන හින්දා ඔය පල්ලි..මංගල්ල..ඒවා මෙවා අපි දන්නවැයි..
ඒත් ඉතින් යාන්තං එහෙං මෙහෙං දැනුං තේරුං ලැබීගෙන ලැබීගෙන එනකොට අපේ තාත්තා දවසක් කොරපු වැඩක් තමයි මෙ නත්තල් වැඩෙ..

දවසක් හැන්දෑවක..අපේ තාත්තා අපි දෙන්නට ඒ කිව්වෙ මායි අපේ මලයටයි පේන්න පොඩි පහේ මල්ලක් ගෙනල්ලා මෙහෙම කියපි...

"හෙට නත්තල්නේ..ඔන්න ඒ හින්දා අද රෑට නත්තල් සීයා එනවා හොඳ ළමයින්ට තෑගි දෙන්න..
ඒ එනකොට අපි නිදි හින්දා ගේන තෑගි දාලා යන්ට මෙ මල්ල ඉස්සරහා දොර ගාවින් එල්ලලා තියමු"

කියලා අර මල්ල එල්ලූවා දොර කිට්ටුව පාත බිත්තියේ ගහලා තිබුනු ඇණයක...

අම්මත් ඉතින් හිනා වෙවී මෙ නාඩගම බලන් උන්නා..මටත් ඉතින් හරි මැජික්..

මල්ලිටනං මෙ ලෝකේ දෙයක් තේරුනාද මන්දා..

ඒ උනාට මාරයාත් ලේසි පාසු පුතයෙක්යෑ...

"ඉතින් තාත්තේ ඔච්චර එකේ අපි නිදා ගන්නේ නැතිව ඇහැරිලා ඉම්මුකෝ නත්තල් සීයා එනකල්.."කියපි...

හප්පච්චියේ ඒ ජිල්මාට් එකෙන් ඛෙරෙන්න අපේ තාත්තා සෑහෙන ගජබින්නාලංකාර ටිකක් අතඇරියා කියලානං මට මතකයි.
කොහොමින් කොහොම හරි නත්තල් සීයා එනකල් ඇහැරගෙන ඉන්න අදහස වෙනස් කරවලා අපිට නිදා ගන්න දීලා පහුවදා උදේ පාන්දරම මෙන්න අපිව ඇහැරවනවා...

"ලොක්කෝ..නැගිටහං..කෝ..චූටි පුතේ නැගිටින්න..බලන්න අර මල්ලේ මොනවාද නත්තල් සීයා දීලා ගිහින් තියෙන තෑගි.."කියලා අපිවත් පිකප් කරවාගෙන අර එල්ලලා තිබුණු මල්ල අරගෙන අපිට පෙන්නනවා...

කිරි අපුච්චේ...මෙන්න බොලේ මල්ලේ කේක් ගෙඩියක්..ඒ විතරක්යෑ..රතිඤ්ඤා පෙට්ටියකුත් දාලා ගිහින් නෙව සීයා..

අපිට ඉතින් මාර සතුටුයි මේ වැඩෙට...
මොනවද ඉතින් අර කේක් ගෙඩියෙන් වැඩි හරියකට වග කියලා..රතිඤ්ඤා ටිකත් තාත්තාටම කියලා පත්තු කරවාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා එදා දවස..

කොහොමින් කොහොම හරි මෙ විදියේ අවුරුදු කීපයක්ම ගත වෙලා ගියා..පස්සෙන් පහු අපි දන්නවා මෙ කේක් ගෙඩිය ගේන නත්තල් සීයා කවුද කියලා..ඒත් ඉතින් අපිත් නොදන්නවා වගේ ඉන්නවා..ඇයි යකඩෝ ඔවා දැනගත්ත කියලා තාත්තා දැන ගත්තම අපිටම නෙව පාඩු..
ඔය මම සමහර වෙලාවට කියන්නේ සමහර දේවල් නොදැන ඉඳීමත් හොඳා තියලා ඔන්න ඔය වගේ හේතු කාරණා හින්දා තමා...

කොහොම හරි මාත් මෙ දවස් ටිකේම ලිපියක් ලියවෙවා..ලියවෙවා..කියලා බල බල ඉන්නවා...
ලැප් ටොප් මල්ලිටත් නිතර දෙවෙලේ කියනවා ලියහංකෝ මලේ කියලා..කොහේද..ලියවෙන්නෙම නැහැනේ..
සමහර දවස්වල නිදාගන්න කළින් හිතනවා රෑට ඇහැරිලා ලිපියක් ලියන්න ඔන..ලියවේවා කියලා..ම්හු ඒත් නැහැනේ..

ඒකයි මම කිව්වෙ තනිකරම මේක නත්තල් සීයාගේ වැරුද්දක් කියලා..

ඒකනේ මාත් මෙ කම්මැලි කමට ලැප් එකේ ඔහේ ලියවෙයි කියලා බලන් ඉන්නේ...
ආයේ ඉතින් මගේ වැරැද්දක් හෙම නෙවී ඕං...මං අහිංසකයා ඉංතේරුවෙම්ම...

ඉතින් ලියන්න කියලා ගත්තට මොකද මෙ ලෝකේ දෙයක් ලිය වෙන්නේ නැහැනේ...
අනේ මන්දා.. මෙ බීම අඩු කළත් හරි මගේ ලිවීමෙ ශක්තිය අඩුඋනත් හරි...
මෙලෝ රහක් නැහැ.

දැන් මෙ ලියුම ලිය ලිය ඉන්න අතරෙම කෝල් එකක් ආපි...

"හෙලෝ..කව්ද..?"

"ආ..ඔහොම තමා දැන් මතකත් නැහැ නේද..අපි මෙ ඔයා හැදුව පන්සල බලන්න කියලා කාලෙකට පස්සේ ආවා..."

බැළින්නං මගේ දහම්පාසලේ මුල්ම ගෝල බාලයෝ ටික..
අද පන්සලේ කඨින පිංකමළු...
උන් ටික කාලෙකට පස්සේ පන්සල් ඇවිත්..ඒ ආව පාර මාව මතක් වෙලා කට්ටියත් එක්ක මට කෝල් කරලා...

අර මම පන්සල් කාථාවෙ දහම්පාසලේ උගන්වන්න ගිය වෙලාවේ මට හම්බ වෙච්ච මුල්ම පිරිමි ගෝලයෝ දෙන්නෙක් ගැන කිව්වේ...කට්ටියට මතකද මන්දා අන්න ඒ දෙන්නත් ඇතුළුව සෙට් එක තමයි..අපරාදේ කියන්න බැහැ..උන් අදත් එදා වගේම තමයි...

ඒ අතරේ තව එකෙක් බනිනවා..මම ආවත් හරි තාම ඒකාට මුණ ගැහුණේ නැහැ කියලා..ඇත්ත තමයි අනිත් කොල්ලෝ ටිකනං සැරින් සැරෙට මම ඒ පැත්තේ ගිය වෙලාවට බලලා ඇවිත් තියෙනවා..ඒත් අර ආඩපාළි කිව්ව එකා හම්බ උනේම නැහැ නෙව..මොනවා කොරන්නද ඉතින්...අහගෙන හිටියා දෝස්මුරේ..මොනවා උනත් මගේ කොල්ලෝ ටික නෙව...

පන්සල් ආවාට මොකද කස්ටියට එච්චර ෆිට් එකක් නැතුවා වගේ...
උන් ඒ දවස්වල විස්තර කියවනවා...

හප්පච්චියේ මෙවුන් ටික ඒ දවස්වල පුදුම නැහිල්ලක් නැහුනේ...

දවසක් මම බුදු ගෙයි බිම කැඩුවෙ ඉරිදා දවසක උදේ..මෙ කොල්ලෝ ටික උදේ දහම් පාසලට ඇඳගෙන ඇවිත් තිබුනු ඇදුම් පිටින්ම වැඩෙට බැස්සා..අන්තිමට බිම කඩලා ශුද්ධ කරලා ගල් කියුබ් තුනක් විතර කොන්ක්‍රීට් අනලා වැඩෙ කරන්න ඇවිත් හිටිය බාසුන්නැහැලාට අත්වැඩ දීලා හවස් වෙනකොට මුළු බුදු ගෙබිමම කොන්ක්‍රීට් එක දාලා තමයි ගෙදර ගියේ..
ඇඳුම් ගන්න දෙයක් නැහැ..සිමෙන්ති බදාමයි..මඩයි...

කොහොමත් මට පොඩි කොල්ලෝ ටික පුදුම විදියට උදව් කලා...

මාත් හැම වෙලාවෙම උන් ටිකට දන්න කියන හැම දේම කියලා දුන්නා...
හැම විදියකින්ම උදව් කලා...

විභාග කිට්ටු වෙනකොට කට්ටියම පන්සලේ නවත්තගෙන කන්න බොන්න දීලා.. ඇහැරවගෙන පාඩම් කරවලා විභාග ටික ගොඩ දාලා දුන්නා..
පන්සල හතරමායිමෙ කවදාවත්ම නාපු කොල්ලෝ හිටන් අන්තිමට පන්සලේ යාවජීව සාමාජිකයෝ වෙලයි නැවතුනේ..ඒ අතරේ කතෝලික ළමයිත් කිහිප දෙනෙක් හිටියා...
අන්තිමට ඒ ළමයින්ගේ ගෙවල්වලිනුත් දානේ ගේන්න පොරකන තරමට කොල්ලෝ ටික මාත් එක්ක ආස්සරේ කරන්න උනා..

රසවත් අතීතයක් තමයි ඒ...

ඉස්සර කඨින පෙරහැර යන්න බැරි තරමට පෙරහැරේ කචල්..
මම මහණ වෙලා පළවෙනි කඨින පෙරහැර පළවෙනි වතාවට දවල් කාලේ කලා...
මාත් කැමති ගිනිබෝල එහෙම කරකවමින් රෑ කාලෙට යන පෙරහැරට තමයි..ඒත් රෑට පෙරහැර කරනවා කියන්නේ පහුවෙනිදාට ගෝරි ගොඩයි.

ඒ හින්දා ඔන දෙයක් වෙච්චදෙන් කියලා මම තනි මතේට වගේ වැඩෙ දවල් සූදානං කලා..ඒ සඳහා මට මීට පෙර අත්දැකීමක් තිබුණේ අපේ අල්ලපු ගමෙ පන්සලක කඨින පෙරහැරක සංවිධාන කටයුතු තමා...
ඒ පන්සලේ නායක හාමුදුරුවොත් පෙරහැරෙ කචල් දාන එක නවත්තන්නම බැරි තැන පෙරහැර දවල් කාලේ කරන්න පටන් ගත්තා වැඩෙ හොඳටම සාර්ථකයි.
අදටත් ඒ පන්සලේ කඨිනේ දවල්ටයි ගෙනියන්නේ..ඒත් මම නං වාර තුනක් විතර දවල් කරලා හිමිහිට රෑ පෙරහැර කරන්න පටන් ගත්තා..
කිසි අවුලක් නැහැ..ඊට පස්සේ..අදටත් වැඩෙ හොඳින් කෙරෙනවා.

දවල් පෙරහැර කරන එකට මුළින් විරුද්ධ වෙච්ච අවට පන්සල්වල හාමුදුරුවරු පවා පස්සෙන් පහු ඒ වැඩෙට බොහෝම මනාප උනා..මනාප උනා විතරක් නෙවෙයි ඒ පන්සල් අතරත් කිහිප තැනක දවල් පෙරහැර පටන් ගත්තා.

ඒ උනාට මම ආයෙමත් රෑ පෙරහැර කරන්න පටන් ගත්තා.

මුළින්ම පෙරහැර දවල් ගෙනියන්න මම තීරණය කළ වෙලාවෙ..පෙරහැරේ ලස්සන ටිකක් වැඩි කරගන්න හිතලා යකඩ කම්බිවලින් අලියෙක් හැදෙව්වා...
ළමයි හතරදෙනෙක් අළියාගේ කකුල් හතරට බස්සවලා උස්සගෙන යන විදියට හදපු අලි කෝළම හුගාක් නැගලා ගියා... අන්තිමට ළමයි විතරක් නෙවෙයි අම්මලා තාත්තලාත් මෙ අලියට පුදුම සහයෝගයක් දක්වන්න උනා..පෙරහැර ඉවර උනාට පස්සේ අලියා පන්සලේ පැත්තක තිබුණු මඩුවේ විවෙක සුවයෙන් කාලය ගත කරනවා..නැවතත් ඊළග අවුරුද්දේ රෙදි ටික කළු කරවලා හැඩ වැඩ දාලා ගන්නකං අලියා පාඩුවෙ ඉන්නවා..
දහම්පාසලේ පුංචි ඈයන්ගේ හොඳම යාළුවෙක් තමය මේ අලි නාම්බා...

ඒ අලියා උස්සගෙන යන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි...ටිකක් විතර බරයි නෙව..

ඒත් අද ඔය මට කතා කරපු නඩෙ තමයි ඒ වෙනුවෙන් කර ගැහැව්වේ...

හොඳම දේ තමයි පෙරහැර සංග්‍රහ වලට නැවැත්තුවාම දෙන බිස්කට් එහෙම අලියාට දෙන විදිය...

අලියාගේ ඇත්ගොව්වා විදියට අන්දලා හිටපු අපි බට්ටා කියලා හඳුන්වපු ළමයා..ඒ කිව්වෙ අද ඔය මට දෝස්මුරේ දාපු උන්නැහේ තමයි...
ඉතින් මිනිහාට දෙන තරමක් බිස්කට් කෙසෙල් ගෙඩි..කේක් කෑලි අලියාගේ කට තියෙන පැත්තෙන් අත දාලා අලියාගේ බඩ ඇතුළට දානවා.
එහෙම දාන ඔන තරමක් කැවිලි ජාති අලියාගේ බඩ මැද්දේ තියෙන තොටිල්ලක් වගේ රෙද්දේ රැඳිලා හිටිනවා..දැන් ඉතින් අලියාගේ කකුල් හතරට පණ එනවා..
ළගට වෙලා අහගෙන ඉන්න අයට ඇහෙනවා හිටං අලියා බිස්කට් කන සද්දේ...

සමහර වෙලාවට ඇත් ගොව්වා අලියාට බනිනවා.."මූ විතරක් තනියම කනවා කෝ මට.."කියලා..

ඒ වෙලාවට අලියාගේ කට හරියෙන් අතක් යන්තං එළියට ඇවිත් ඇත්ගොව්වටත් ඔය මොන මොනවා හරි දෙනවා..ඇත් ගොව්වත් ඒ ලැඛෙන දෙයක් කාලා බඩ පුරෝ ගන්නවා...

ළමයි කට්ටිය මෙ අලියා ඇදිල්ලට අකමැති නොවෙන්න හේතුවත් ඔය ස්ටොක් කරගෙන කෑම කන්න අලියාට තිබුණු චාන්ස් එකම තමා ඔං..

පෙරහැරෙ යන අනිත් අයට කන්න ලැඛෙන්නේ පෙරහැර සංග්‍රහයකට නැවැත්තුව වෙලාවට විතරක් උනාට..කාගේ කාගෙත් ආදර සංග්‍රහ ලබන අලියා පෙරහැරෙ යන ගමනුත් කන්න තරං ඇතුලේ කෑම ජාති ගොඩ ගහගන්නවා.
ආයේ ඉතිං කාටවත් පේනවා කියලා ලැජ්ජා වෙන එකක්යෑ..ඇරලා දානවා ඇති පදං...

ඉතින් මට මෙ අලියා ගැන කතාව ලියන්න උනේ ..අරුන් ටික ඒකාවත් ආදරෙන් සිහිපත් කොරපු හින්දා නෙව...

ඉතින් දැන් මදෑ මෙ ලිව්වා...

අද ඉතින් මොනවාත් ලිව්වෙ නැති උනාට හෙට අනිද්දා දිහෑටවත් බලමුකෝ වැඩෙ කෙරෙයිද කියලා...

26 comments:

  1. aiye oya mara lassanata liyanawa nee

    ReplyDelete
  2. මාරය කියන්නේ ඒකනේ...මාරයා සිරාවටම නම කුමාරයා නෙව...
    කොහොම උනත් පොඩි කාලේ කේක් වලට ආස උනාට දැන් නම් නත්තල් සීයා බෝතලයක් ගේනකල් නෙව බලන් ඉන්නේ මාරයියේ...........

    ReplyDelete
  3. පෙරහැරේ කථාවට හිත ඇදිල ගියා. ඊටත් වැඩිය අලියගෙ වරුණ ... නියමයි.

    ReplyDelete
  4. ඔය ලියල තියෙන්නෙ ටොප් කතාවක්. නියමයි. අතීත ආවර්ජන කොච්චරනම් රසවත්ද ?

    ReplyDelete
  5. නියමයි....ලස්සනයි

    ReplyDelete
  6. ආ ඔය තියෙන්නේ මරුවට... දිගටම ලියමු ඔය වගේ...

    ReplyDelete
  7. නියමයි. රසවත්ව ලියල තියෙනවා.

    ReplyDelete
  8. මාර රාජයෙක් වෙලත් අහින්සක කීව එක තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ.

    ReplyDelete
  9. සුපුරුදු පරිදි රසවත් මාර ලියවිල්ලක්.
    ඒ බන් ජූං ගෙ කතාවක් ලියපන්කො

    ReplyDelete
  10. මාරයිය. ඇඬෙනව බං. කියල වැඩක් නෑ.

    ෂා උඹ බොන එක අඩු කලාද.. එළ එළ..
    ඉඳල හිටල සෙට්වෙන දවසක අපිටත් කියහං කෝ....

    ReplyDelete
  11. මැක්සා විත් රොක්ස් කිව්වලු......නියමායි....

    ReplyDelete
  12. මාරය ගැන මට හිතාගන්න බැහැ......
    ක.ශු. ගෙන් තමයි මාරයව දැන්ගත්තෙ....
    මුල ඉදලම සෙරෝම ටික කියවන්න ඕනෙ. එතකොට හරියයි.
    කොහොමද නුවර ගමන.

    ReplyDelete
  13. රත්ගමයා...

    නැතුව නැතුව මලයෝ..ආන්න එහෙම දේවළුත් ගේනවානම් හැමදාම නත්තල් නැද්ද මං අහන්නේ...

    ReplyDelete
  14. මහසෙන්...

    ස්තූතියි කිව්වා...

    ReplyDelete
  15. දුමී...

    අතීතය සිහිනයක් පමණක් උනත්...
    සැබෑ සුවයක් නැත්තෙත් නැහැ නේද දුමී..
    කාට නැතත් මෙ උඹලට අපිට...

    ReplyDelete
  16. ayesha...

    ස්තූතියි අයේෂා...

    ReplyDelete
  17. Praසන්ன...

    හැමදාමත් වගේ..ස්තූතියි මිත්‍රයා...

    ReplyDelete
  18. Ano...

    ඇනෝ කෙනෙක් විදියටම එන්නේ මොකදෑ හැබෑට..
    ඒ උනාට ඔය මාර ලෝකේ..දිව්‍යලෝකේ ගැන කියනකොටම මම දන්නවානේ කව්දෑ කෙනා කියලා...

    මාරයා කොහොමත් අහිංසකයි..ඔයාලා මාරයා ගැන දන්නවා මදි නෙව..
    මාරයා කරන්නෙත් පැවරුනු රාජකාරිය නෙව ඉතින්..

    ReplyDelete
  19. නිශ්...

    ලියන්න ඔන..බලමු ඉක්මනටම..

    මම මෙ ළගදී මිනිහාගේ ගෙවල් ගාවින් ගියා..ඒ වෙලෙත් මතක් උනා ලියන්න ඔන කියලා..කොහේද අප්පා මෙ වැඩ වැඩි හින්දා..හැම දේම අබිලික්...

    ReplyDelete
  20. Ano...

    පොඩ්ඩක් විතර අඩු කලා බන්..ඒත් මෙ වැඩ වැඩි හින්දම තමයි..වැඩ කරද්දී මම බොන්නේ නැහැ නෙව..මෙ ටිකේම නුවර..කොළඹ..කොළඹ..කොළඹ...
    ඉතින් කොහේද බොන්න වෙලාවක්...
    ඉඳින්කෝ මෙ වැඩ ටික අහවර වෙනකල්...

    ReplyDelete
  21. ෴ හසියා ෴...

    තැන්කූ..තැන්කූ මළයා...

    ReplyDelete
  22. Heeniyata...

    නුවර ගමන නං එළටම කෙරුණා..
    යන්න පැයයි විනාඩි පනහයි..එන්න පැයයි විනාඩි තිහයි..
    උදේ හතට ගියා දවල් එකොළහ හමාර වෙනකොට කොල්ලා ගෙදර...

    ඉතින් සාදරයෙන් පිළිගන්නවා මාරයාගේ හෝරාවට..
    හීනියට කියවගෙන එමුකෝ බලන්න...

    ReplyDelete
  23. mahima...

    තරහා අවසර..උඩින්ම ඉඳලත් මග ඇරුනා නෙව...
    බොහෝමත්ම ස්තූතියි...

    ReplyDelete
  24. ඔන්න අද නම් ලොග් වෙලාම පෝස්ට් කරනවා.
    මීට කලින් ඔය කමෙන්ට් 1ක් 2ක් දාලා තියෙනවා (ඔය දෙවෙනි Ano කමෙන්ට් එක දැමිමෙත් මමම තමයි)
    උඹේ පෝස්ට් ඔක්කොම දැන් කියවලා ඉවරයි. කියල වැඩක් නෑ එළකිරි තමයි.
    පන්සලේ කතාව නම් මාරයි.. මාරයියා.
    ඒක දිගටම ලියන්න. නවත්තන්න නම් එපා.
    උඹ ගැන තව විස්තර දැනගන්නත් ආසයි. පස්සෙ බලමුකෝ.
    මීට පස්සෙ ලොග් වෙලාම කමෙන්ට් කරන්න බලන්නම්.
    මමත් සිංහලෙන් මොනවහරි කරන්න හිතාගෙන ඉන්නේ. තාම නම් ඉතින් බාලගිරි දෝසෙම තමයි.

    ReplyDelete
  25. Nuwan Kumaranayake...

    හොඳයි හොඳයි..පටන් ගනිමු බ්ලොග් එකක්...
    ඒකේ උඩින්ම ගහමු "බාලගිරි අද නෙවෙයි හෙට" කියලා...

    ReplyDelete