08 October 2010

එය එසේ නිමා විය...

"අයියේ ඔයා එන්නේ නැද්ද..?"

"ම්හ්.. මට දැන් ආපහු හැරෙන්න බැහැ..ඔයා දන්නවනේ.."

"ඔව් මම දන්නවා..ඒත්..ඒත්..."

"මට තේරෙනවා..ඒකට කමක් නැහැ..."

"ඒ උනාට මට බැහැ.."

"දැන් පරක්කු වැඩියි ඔය කැමති වෙන්න.."

"ඔයා ආපහු ආවොත්.."

"මම කිව්වනේ..මම එන්නේ නැහැ."

කාලය ගලා ගියේ ඉතා වෙගයෙනි..
නොසිතූ ලෙස එක් වසරක් තුළදී..ඔව් එකම එක වසරක් තුළදී මට ආපසු යාමට සිදුවිණි..
නමුත් ඇය ඇයගේ මාවතෙහි බොහෝ දුරක් ගමන් කොට හමාරය..
නොඑන්නට සිතා සිටි මට පැමිණෙන්නට සිදු වූයේ ඇයි..
වරද මා අතමය..
සියල්ල හමාරය...

දෙතැනක තනි වූ..
දෙසිතක සිතිවිලි..
යළි කවදාවත්
හමුවන්නේ නැති..

ඔබ මා එක් වී..
එකට ගමන් ගිය..
ඒ මං මාවත්
අද හිස් වී ඇති..

ඔබටත් මට මෙන්
ඒ පෙම හිමි නැති..
ගැයු පෙම් ගීතය
අද මෙතනින් නිමි..

19 comments:

  1. නිමි.....
    හක්කෙ හිර වුනාට.......
    බොක්කටම වදින......
    අමතකම වෙන්නෙ නැති.....
    තක්කෙටම හරියන අකුරු දෙක........

    ReplyDelete
  2. අප හමු වූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතිනු හැකිනම්
    අප යන ගමනද අද මෙතනින් නිමි..........

    ReplyDelete
  3. මාරයෝ, ඕං අර තිත් හාවිත් කොමෙන්ට් ලියන්න අරගෙන. ඔන්න ගොයියෝ අර බයිට් යෝජනාවට වෙලාව.....

    ReplyDelete
  4. Shadow/හේමලයා...

    හක්ක හරහා තක්කෙටම බොක්කට වදින...

    ReplyDelete
  5. හා පැටික්කි (MS)...

    පැටික්කී තමයි පැටික්කී...

    ReplyDelete
  6. Siribiris...

    හපොයි කෙල්ල බය නොකර හිටින්...

    ReplyDelete
  7. බලන්න.:
    http://sodurusitha.blogspot.com/2010/10/blog-post_06.html

    දුක වැඩි උනොත් හිත හදා ගන්න මෙන්න මේකත් බලන්න.. :
    http://pubudulive.blogspot.com/2010/10/blog-post_07.html

    ReplyDelete
  8. නිමි කිව්වට.........................

    ReplyDelete
  9. :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'(
    මං එන්නෑ මාව මරන්න බයිට් එකට ගන්න අවි අමෝරාගත් කට්ටිය මේ මාරයා අයියා වටේ............
    නංගියේ ඔහොම නොකරන් උඹේ අයියාට කිව්වට...... මාව මරන් කන්නමයි ඉන්නේ කට්ටිය මෙහේ...... ඇවිත් කොහොම ඉතින් මේ පැත්තේ.......:'( :'( :'( :'( :'( :'(

    ReplyDelete
  10. ආ අමතක උනා පැටික්කී තමා පැටික්කි කිව්වේ අද සිංදුව ගැලපෙන්නැත්දැ????? මට ඒ ගැන තේරුන්නෑ ඒකයි.....

    ReplyDelete
  11. ස්වප්නා...

    කළින්ම බලපු ලිපි දෙකක්...

    ReplyDelete
  12. Praසන්ன...

    නිමි..නොනිමි...

    ReplyDelete
  13. හා පැටික්කි (MS)...

    හැමදාමත් වගේ නංගාගේ තේරීම හරියටම හරි...
    මටත් අප්සෙට් ගියා..මගේ අවසන් පද අර ටිකමනේ..
    අමු අමුවෙම කොපි කොළා වගේ..

    බය අපා..අයියලා නාක නැත..
    නගාට අතුරු ආන්තරාවක් නැතුවා...

    ReplyDelete
  14. "දෙතැනක තනි වූ..
    දෙසිතක සිතිවිලි..
    යළි කවදාවත්
    හමුවන්නේ නැති.."

    මාරයාගේ මාර ගී කැටගරි එකට ලියූ තවත් අපූරු ගීයක් . . .

    වචන වල සමාන කම නිසාද ම්න්දා පලමු කොටස කියවනකොට සිහියට අවේ රෝහණ සිරිවර්ධන මහතාගේ "දේව මන්දීරේ" ගීතයේ

    දෙතැනක සිරවුනු දෙහදක සෙනෙහස කවදා ලං වේදෝ . . .කොටස.

    ReplyDelete
  15. හිමි : හුදෙකලාව
    අහිමි : ඇය

    ReplyDelete
  16. දුකා...

    හ්ම්ම්..
    මුළ ටික රෝහණ සිරිවර්ධනට ගියා..
    අග ටික කපුගේට ගියා..
    අනේ බං දුකෝ දැන් බලාන ගියාම මට මුකුත් ඉතිරි වෙලා නැහැනේ...

    ReplyDelete
  17. ..::| පොජ්ජේ |::.....

    ඔන්න ඔක අනිත් පැත්ත හැරවෙනවානම්...

    ReplyDelete
  18. තෙරුවණ්සරණවෙවා!

    ඕං බලන්න පුලුවන් දැන් කාට කාටත් වසවර්තියාගෙ reply එක.2010 september 17 ප්රතිචාරයෙ ඇති.

    වසව්ර්තියා

    ReplyDelete