02 November 2010

2oo... සඳ දුටිමි...ඒකත් රාමලාන්ය...

මෙ මගේ දෙසිය වැනි පෝස්ට් එක..ඇත්තටම මම මෙ ක ලියන්න හිටියේ මෙ බ්ලොග් එකට වසරක් පිරෙන දවස දිහාවට..ඒත් අද මට නොලියා ඉන්න බැහැ.
ඒ හින්දා ඔන්න ඔහේ ලියලා දානවා...

කාලෙක ඉඳන්..ඒ කියන්නේ හරියටම අවුරුදු දෙකකටත් පස්සේ මම අද මගේ හැදුනුම්පත්‍රය හදා ගත්තා..
දැනට පැය කිහිපයකට කළින් මට තිබුනේ පැවිදි හැදුනුම් පතනේ.
ඕක වෙනස් කරගන්න බැරිව මම හිටියේ පහුගිය කාලෙම..

මොකද පැවිදි හැදුනුම්පත නැවත ගිහි හැදුනුම් පතක් බවට හරවන්න බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුවෙන් ලිපියක් ගේන්න ඕන..
ඒ ලිපිය දෙන්න නම් තමන් පැවිදි වෙලා හිටිය නිකායට අයත් මහා නායක හිමියන්ගෙන් ලිපියක් ගෙනවිත් බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුවට දෙන්න ඕන...
මහ නායක හාමුදුරුවෝ ලිපිය දෙන්න නම් තමා පැවිදි උන ගුරු හාමුදුරුවන්ගෙන් ලිපියකුයි, පළාතේ නායක හිමි නමකගෙන ලිපියකුයි, තව ග්‍රාමසේවක සහතික කරපු ලිපියකුයි, තමාගේ නම් පිළිබඳ සමාදාන විනිසුරු කෙනෙක්ගෙන් දිව්රුම් ප්‍රකාශනයකුයි දැනට පදිංචි වසමේ ග්‍රාමසේවකගෙන් ලිපියකුයි...ඕන...

ඉතින් ඔය මගුල් හින්දා මම හැදුනුම්පත ගැන නොහිතා හිටියේ...
අනික මා ගාව මම මහණ වෙන්න කළින් ගත්තු රියදුරු බලපත්‍රයක් තිබුණා.. ඉතින් හැදුනුම්පත වෙනුවට ඕක පාවිච්චි කළා..ඒ හින්දා ඒක ඒ හැටි දැනුනේ නැහැ.

හැබැයි පොඩි පුස්නයකුත් තිබුනා..
ඒ රියදුරු බලපත්‍රය ත්‍රිරෝද රථ සඳහා නිකුත් කල එකක් විතරයි.

දන්න අය දන්නවා නෙව මං ත්‍රීරෝද රියදුරු හැටියටත් හිටියා කියලා..හැබැයි මගේම ත්‍රීරෝද රථයක තමයි..

ඒ කියන්නේ මම මුළින්ම ඉතිරි කරපු සල්ලි වලින් මුළින්ම ගත්තු වාහනය උනේ ත්‍රීවීල් එකක්..පස්සේ තමා එක දෙක වෙලා ඊට පස්සේ පොඩි වෑන් පොඩ්ඩකුත් ගත්තේ..

ඒ උනාට ඔය මුල්ම ත්‍රීවීල් එක ගත්තු කාලේ මට ආර්ථීක අතින් සෑහෙන අමාරුයි...

එහෙං අම්මටයි තාත්තටයි දෙන්නටම සනීප නැහැ..තාත්තා සදාකාලික අංශභාග රෝගී තත්වයේ...
අම්මා අංශභාගේ හැදිලා යන්තං ගොඩදාගෙන විතරයි තිබුනේ..
ගෙදර වියදං..ඛෙහෙත් හේත්...ප්‍රශ්න කිව්වහම එකක් නෙවෙයි දාස් ගණන්...

ඒ අස්සෙම මට ඒ වෙනකොට කරමින් උන්න රැකියාව..ඒ කියන්නේ කුරුළු හමුදාවේ රැකියාව..දාලා එන්න උනා...
මට ගෙදර බලන්න තරං නිවාඩු හම්බ වෙන්නේ නැහැ ඒ වෙනකොට..ඒ හින්දා අන්තිමට මම රස්සාව පැත්තක තියලා ගෙදර ආවා.. මම බොහෝම ආසාවෙන් කරපු රැකියාව...
මගේ වෘත්තීය උනේ අවි ආයුධ ශිල්පී... ඒක ඔක්කෝටම වැඩිය ආස විෂයක්..ආමරි සයිඩ් එක නියමයි.ඒත් ඒ හැම දේම දාලා මම ගෙදර ඇවිත් අතේ තිබුණු හැම සතේම දාලා තමයි ඔය ත්‍රීවීල් එක ගත්තේ..ඒක ගත්තට මොකද පාක් එකේ දුවන්නනං අනිවාර්යයෙන් ලයිසන් තියෙන්න ඕන...

රියදුරු බලපත්‍රයක් ගන්න තරං මුදලක් යට කරන්න මට ඒ වෙලාවේ කොහොමටවත්ම බැහැ.
බොහෝම අමාරුවෙන් රෝල ගහගෙන යන්න වෙලා තිබුනේ..
මොන දේ උනත් කාටවත් ණයක් නොවී ඉන්න මගේ පුරුද්ද කඩන්නත් බැහැ.

ඒ හින්දා අනිත් වාහන වලට පස්සේ ගන්නවා කියලා හිතලා මම ඒ වෙලාවෙ ගත්තේ ත්‍රීවීල් වලට විතරක් වලංගු රියදුරු බලපත්‍රයක් විතරයි.

ඉතින් ඔය ත්‍රීරෝද රියදුරු බලපත්‍රය තමයි මා ළග තාමත් තියෙන්නේ...

ඒත් ඉතින් දැන් මම ගමන බිමන මොටෝ බයිසි එකෙන් නෙව...
ඕකට අරක වලංගු නැහැ..ඉතින් මක්කෙයි කරන්නේ...

පාරේ තොටේ යනකොට බොහෝම කල්පනාවට තමයි යන්නේ...
ඇහැ නිතරම ඈත තියෙන වංගුවල තියාගෙන තමයි යන්නේ...යන්තමට හරි පොලොසී උන්නැහේලා ඉන්නවා වගේ තේරුනොත් පාරේ මැද්දට අරගෙන පාරේ යන ලොරියකට හරි වෙනත් වාහනේකට කවර් කරගෙන අර පොලෝසී උන්නැහේලා ඉන්න තැනදී අර වාහනේට ඉස්සර කරනවා අර ඈයින්ට මාව නොපෙනෙන විදියට.
ඉතින් මම පාරේ යන තරමක් යන්නේ මැද්ද අල්ලලා.
ඒත් ඉතින් ඔය වතාවක් දෙකක් මාව අල්ලගෙන තියෙනවා සමහර තැන්වලදී...

ඒ වෙලාවට ඉතින් බේරිලා යන්න විදියක් නැහැනේ..ලයිසන් එක බලපු ගමන් කියනවා..

කෝ මේකෙන් බයික් පදින්න බැහැනේ ..කියලා...

මම නොදන්නවැයි ඒක...

ඉතින් සමහර තැන්වලදීනං කළින් පොලෝසියේ හිටිය විස්තර එහෙම කොහොම හරි පටලලා උඩට අරන් යන්තං ගැලවිලා යනවා...
තවත් වෙලාවකට බැරිම තැන ඇත්ත සීන් එකම කියනවා..මගේ හැදුනුම්පත් ප්‍රශ්නය..
ඉතින් හැදුනුම්පතත් අරගෙන බලලා..යන්න අරිනවා..හිතට හරි නැති උනත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.

සමහර වෙලාවට ඒක අදින්න තියෙන අකමැත්ත හින්දාම ඔය කීයක් හරි ඉල්ලන ගාණක් පුදන වෙලාවළුත් තිබුනා..දඩ කොළ ගෙව්ව වෙලාවළුත් තිබුනා...
ඔහොම තියාගෙන තමයි මාරයා පහුගිය දොහේ කතරගම උනත් ගියේ...
කිව්වට විශ්වාස කරන්න..මෙහෙ ඉඳන් කතරගම ගිහිල්ලා ආපහු එනකං එක තැනකදීවත් පොලිසියට අහු නොවී මම ආවයි කියමුකෝ..
ඒත් මෙහෙ ඉඳලා කිලෝ මීටර් දහයක් යන්න බැහැ බේරිලා...

ඉතින් ඕක හැමදාම කොරන්නත් බැරි හින්දා මම අකමැත්තෙන් උනත් අපේ ලොකු හාමුදුරුවන්ගෙනුයි නායක හාමුදුරුවන්ගෙනුයි ලිපි ඉල්ලූවා හැදුනුම්පත හදාගන්න..

ඕන්න ඔතනදී තමා කේස් එක උනේ...මෙයාලා දැන් මට ලියුම් නොදී වටේ අරින්න හදනවා...
ලියුම් දෙන්න කළින් අරයගෙන් අහන්න ඕන..මෙයාගෙන් අහන්න ඕන..ආදී වශයෙන් පල් හෑළි කියවන ගමන්.

මම ආයෙමත් දෙපාරක් දෙයක් ඉල්ලන්න කැමති නැහැ කියලා හොඳටම දන්නවා එයාලා..ඒත් දැන් මාව මඩවන්නයි හදන්නේ..

කට්ටියට වැරදුනේ ඔතනදී තමා...

කොහොම හරි එයාළගෙන් ලිපි ඉල්ලලා සතියක් ඇතුළතදී එයාලා මට ලිපි නොදුන්නත් මම අවශ්‍ය ලිපි නියම විදියට බාරදීලා මහනායක හිමියන්ගේ ලිපියත් අරගෙන..ඒක දීලා බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තු ලිපියත් අරගෙන..

අපේ ගමට ගිහින් ඒ ග්‍රාමසේවක මහත්තයා මගින් අදාළ ලිපි ලේඛන පුරවගෙන..අද උදේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඒ ලිපිලේඛනත් සහතික කරවාගෙන...
උදේ දහය වෙනකොට ගිහින් එක්දින සේවාව යටතේ හැදුනුම් පත හදන්න බාර දුන්නයි කියමුකෝ...

අන්තිමට යන්තං හැදුනුම්පත අතට ලැබුනේ හවස හතට විතර තමා..එහෙම හරි කමක් නැහැ ඔන්න අද ඉඳලා මටත් හැදුනුම්පතක් ලැබුනා.

හැබැයි මට පස්සේ ආව සියගාණක් ඒ අයගේ හැදුනුම්පත් අරගෙන ගියාට පස්සේ තමයි මට මගේ වැඩෙ කරගන්න හම්බ උනේ..

දවල් වෙන කොට මට එපා වෙලා උන්න්නේ..
ඔය හිටියා වගේ ඉතිරි කාලෙත් හිටියනං හොඳයි කියලාත් හිතුනා...

හවස දෙකට විතර තමයි මම ඔය කියන්න පටන් ගත්ත සඳ පෑව්වේ...
එතන ඉඳලානං කාලේ යන එක ඒ හැටි ප්‍රශ්නයක් උනේ නැතුවා...


හ්ම්...

කියන්න ගත්තේ ඒ කතාව උනත් දැන් ලියලා තියෙන්නේ වෙන මොකක්ද නෙව...
දැන්නං නිදිමතයි හොඳටම...

හෙටවත් ලියන්නං සඳවත පායාපු අපූරුව...
ඒ වගේම සඳ රාමලාන් වීමත් ගැනත්...

55 comments:

  1. ඇත්තමයි බං, උඹේ කතාවෙන් සිරා ෆිල්ම් එකක් ගහනව හරි හමන් පොරකට අහු උනානං.

    බලාගෙන යනකොට උඹ නොකරපු දෙයක් නැහැනෙ බං මේ ලෝකෙ . . . !

    ReplyDelete
  2. අයියා මහන වෙලා හිටියා ? ඔයාගේ පරන පෝස්ට් ඔය ගැන වල මොනා හරි ඇති අවුස්සලා බලන්න ඕන .අනික අයියා සුපර් මෑන් වගේ පොරක්නේ . ඔච්චර දේවල් මේ ජීවිත කාලේ ඇතුලේ කරගන්න ලැබිච්ච එක වාසනාවක් කියලා හිතන්න .

    දෙසීය වෙනි ලිපියට මගෙන් සුබ පැතුම්
    1000 වෙනි ලිපිය ලියන්න හයිය හත්තිය ලැබේවා !! (මං හිතනව අයියේ උඹ බොන එක නවත්තලා ඇති කියල . )

    ජයවේවා !!

    ReplyDelete
  3. දෙසීයට සුභ පැතුම් මාරයෝ.... ගැරජ් රස්සාව කුරුළු හමුදාව ත්‍රීවිල් රස්සාව පොලිසිය පන්සල සිකුරුටි රස්සාව තව මොනවද මිස් වුනේ... ඔය මඟුල් අස්සේ ආදර අන්දර... ෆුහ්.. සිරාවටම මාරයනම් මාරයි ඈ....

    ReplyDelete
  4. ලියපං... ලියපං... උඹ හැමදාම හරි ලියපං.. අපි හැමදාම ඇවිත් බලනවා....

    ReplyDelete
  5. ඇති යාන්තම්...දැන් හැඳුනුම්පතකුත් තියෙන නිසා ලයිසන් අනම්මනම් අරගෙන පිළිවෙලකට ගමන්ක යතැකි..

    ReplyDelete
  6. 200 ට සුභ පැතුම්,,,,,,,,,, හැඳුනුම්පත හදාගත්තු එක නම් ලොකු දෙයක්,, මම මේ අදනෙ අලුතෙන් දාලා තියෙන පින්තූරෙ දැක්කෙ. දරු මල්ලො නැති මාරයට කොහෙන්ද කිරි බෝතල් දාන කවරයක් ?

    ReplyDelete
  7. දුමී...

    අපොයි ෆිල්ම් ගැහැව්වාට පෙන්නන්ට වෙන්නේනං නැතුවා...
    වැඩි හරියක් කොටු කොටු දාන සීන් තමයි තියෙන්නේ...

    ReplyDelete
  8. හිස් අහස...

    ස්තූතියි මලයා..
    හැබැයි බොන එකනං නවත්තලා නැහැ. මෙ ටිකේ බොන්නවත් වෙලාවක් නැහැ.

    මලයා පරණ ලිපි කියවලා නැහැ මගේ හිතේ..
    ඔය පන්සල් කතාව කියලා යන්නේ ඒ කතාව නෙව...

    ReplyDelete
  9. පුතා...

    අපොයි පුතේ තව ලිස්ට් එකක්ම තියෙනවා...
    ඔය ටිකක් විතරයි නෙව...

    තව ඉස්සරහටත් මොන මොනවා කරන්න වෙයිද දන්නේ නැහැ..
    මොනවා හරි කරලා ජීවත් වෙන්නත් එපැයි.

    ReplyDelete
  10. Jeew...

    ස්තූතියි..
    ලොකු හයියක් උඹලා මට...

    ReplyDelete
  11. චේජනා...

    නැතුව නැතුව නගේ...
    දැන් පිළිවෙලකට හිටියෑකි...
    අපොයි මගේ පිළිවෙල...

    ReplyDelete
  12. හරී...

    ස්තූතියි.

    ආ ඒක බෝතල් දාන කවරයක් නෙවෙයි..

    පුළුන් පුරවපු පුංචි හා පැටියෙක්.
    ඔය ඒ දවස්වල අරයා මට එවපු ෆොටෝ එකක් නෙව.
    ඔය යන්තමට අතත් පේන්නේ එයාගේ...

    අනිත් එක..හරි මගුලක් නෙව යකඩෝ..
    ඇයි දරු මල්ලෝ නැතුවාට අපිට ඒවා තහනංද...ඈ..
    අපිට නැතුවට ඔය අහල පහළ ඔන තරං දරුවෝ ඉන්නේ..

    ReplyDelete
  13. අඩුවක් කරන්න හොඳ නෑනේ...... මං නාවොත් මේ ලිපිය සම්පූර්ණ නැති නිසා ඕන් ආවා සුභ පතන්න.......
    මාරයියට අපිට කියවන්න තව ලිපි ලිපි ගොඩාආආආආආආආආඅආරියක් ලියන්න ලැබේවා.......!!!!!!

    මං දැක්ක ආසම වචන ටික තමා අර ජරාව බොන්න වෙලාවක් නැතිකම..... දෙයියනේ කියලා ඒ වැඩේට වෙලාවක් නැතිම වේවා....!!!!!!(දෙයියෝ මං කියන ඒවා අහනවා සාමාන්‍යෙයන් බලමු... )

    ආ තව එකක් අර හාවා කිරි බෝතල් කේස් එකක් නෙමෙයි.... ෆෝන් දාන කේස් එකක්...... මං ළඟත් ඉන්නවා....... හැබැයි තාරාවෙක්... හාවෝ නෑ කිව්වා..... :'( :'( :'( :'(
    ඔන්න දිග......... කමෙන්ට් එකක් දැම්මා...... :D :D

    ReplyDelete
  14. සුභ පැතුම් මාරයියේ
    මේ දවස් වල කතා සිග්‍රතාව සෑහෙන්න අඩු වෙල නොවැ.
    උඹ නම් මාර පුත්තර්යෙක් තමයි බන්.
    ඔය හැම හැම රස්සාවෙම රස කතා ගොඩාරියක් ඇති නොවැ.
    හා හා ඊට් කලින් පන්සල් කතාව ඉවරයක් කරල හිටියනම්!

    ReplyDelete
  15. කොහොම හරි හැදුනුම් පත ලැබුන නේ...යකෝ මේකා අවුරුදු 2ක් තිස්සේ පොලිස්කාරයෝ අන්දලා නේ...
    200 වෙනි පෝස්ට් එකට සුබ පැතුම් මාර අයියා...
    තව ලියමු 1000කට වඩා ලියමු..
    මොකද ඔයා ලියන ඒව කියවන්න පට්ට ආසයි

    ReplyDelete
  16. 200 වෙනි ලිපියට සුභ පැතුම් සමග තවත් ඉදිරියට ලියන්න සවිය ශක්තිය ලැබේවායි පතනවා.
    මේක කරල තියෙන වැඩවල හැටියට තව මොනව මොනව කරල තියෙනවද මන්ද? (මාරය කියන්නෙ නිකංයැයි)

    අර ලොකු හාමුදුරුවන්ගෙ ලියුමට හොර අත්සන් ගැහුව නේද?

    ReplyDelete
  17. අනේ මාරයියේ දැන් නොවැ දන්නේ....
    මෙන්න මගේන හදවතින්ම සහ බොක්කේන්ම සුභ පැතුම්.....
    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය හා සිතුවිළි වැඩි වැඩියෙන් උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  18. ලිපි දෙසීය සපිරූ නොදු‍ටු හිතවත් කුමාරයාගේ මාරයාගේ හෝරාවට පිලේ පැදුරෙන් උණුසුම් සුබ පැතුම්!!!

    ReplyDelete
  19. 200ට සුභ පැතුම්.. කොහෙද යන්නෙ මල්ලෙ පොල් උනත්.. එළ කතාව.. අපේ මිනිස්සුන්ට ඉතින් තව කෙනෙක් මඩවන්න තියනවනම් ඊට වඩා සැපක් නෑනේ..

    ReplyDelete
  20. හප්පොච්චියේ,,,,,මටත් වැරදිච්චි.. අපේ දෝණිට තියෙනවනෙ ඔය විදිහම කිරි බෝතල් දාන කවරයක්. ඒකනේ මම රැවටුනේ.. අනේ ඉතින් සමාවෙන්ඩ,, මාර මල්ලි කේන්ති ගන්න ඕනැයැ ඕකට,අපි නම් පතන්නෙ මාරයාට දස බිම්බර මාර සෙනඟ වගේ දූ පුතුන් ලැබේවා කියලා,,,,

    ReplyDelete
  21. මගෙනුත් සුබ පැතුම් 200 වෙනි post ඒකට......

    ReplyDelete
  22. සුබ පැතුම් මාරයෝ!!!

    ඔන්න ඔහොම ලියාගෙන යමු..

    ReplyDelete
  23. මොකද්ද බං? කතන්දරේ කියවන්ඩ සෙට් වෙනකොට උඔ නවත්තලා.
    200 ට සුබ පැතුම්.

    ReplyDelete
  24. මගෙනුත් සුබ පැතුම් අයියේ..මොකක්ද අර හඳක් දැක්ක කථාව??

    ReplyDelete
  25. සුබ පෑතුම් පලමුවෙන්ම

    ලියමු ඉතින් තව දුරටත්.
    කියන්න දෙයක් නෑත මට කලින් කොමෙන්ට් කරපු අය හෑම දේම පවස ඈත

    එක තෑනක විෂේශයක් දෑක්කා බලමු

    ReplyDelete
  26. නොදැවී ‍රැස්කල මාර ද්විත්ව ශතකයට අපෙනුත් සුබ පැතුම්....(අපි එහෙම කිව්වට දැන් බැට් එක එහෙම උස්සන්න හදන්න එපා, ලැප් එක බිම වැටෙයි....හිකිස්)

    හඳුනා ගැනීමේ සහතිකය ගන්න ගිහින් විවාහ සහතිකයට පාර කැපුන වත්ද ? ඉක්මනට දාපන්කො බලන්න ඒ පාතිමාගෙ විස්තරෙත්....

    ReplyDelete
  27. ඔන්න මගෙනුත් මාරයාගේ හෝරාවට සුභ පැතුම්....

    ඇත්තටම උඹ ජීවිතේ නියම විදියට ගෙවලා තියෙනව බං.
    මේ ලැබිච්ච කෙටි ජීවිතේ එකම රාමුවකට කොටුවෙලා (කරන්න දෙයක් නැති කමට හිර වෙලා හරි) ඉන්න එවුනුයි උඹයි අහසට පොළව වගේ.
    කෝ.. ඉක්මනට දාපන් "සඳේ" විස්තරෙත්.

    ReplyDelete
  28. සුභ පැතුම් මාරෙ!

    උඹට ගැලපෙන රස්සාව ඔය සිකුරිටි කම නෙමේ, ධනාත්මක චින්තන උපදේශක කමක් වගේ එකක් තමයි. මේ ගහේ නග්ගනව නෙමේ, ඒත් මං ඔය ගොඩක් ධනාත්මක අය්යල ගැන දන්න නිසයි මේ කියන්නෙ. පොඩ්ඩක් හිතල බලල, ඔය "කවි" මහත්තයගෙ "කොෆ්මන්" නැත්තං "චොප් ර" ඩොකාගෙ පොතක් දෙකක් බලල උඹ දන්න ධර්මෙ එක්ක ඔය කථන කලාවෙං දෙසා බෑවනං එච්චරයි...

    ට්‍රයි කරල බලහං...සුභ අනාගතයක්

    ReplyDelete
  29. හා පැටික්කී...

    ඇත්තටම නංගියේ උඹ නාවානං ඒක අඩුවක්ම තමා...
    මං හිතන්නේ මගේ ලිපිවලට වැඩිම ප්‍රතිචාර දක්වලා තියෙන්නේ නගා වෙන්ට ඔන..එහෙව් එකේ උඹ නාවානං..
    මෙකත් අර පරිප්පු නැති හෝටලේ වගේ වෙනවා...
    බොහෝම පින් කෙල්ලේ...

    ReplyDelete
  30. AmilaArt...

    ඇත්ත මලේ..සීඝ්‍රතාවයක්නං ඇත්තේම නැති තරං...
    හේතුනං ගොඩයි..ඒත් අතඇරලා දාලා නැහැ.

    පන්සලේ කතාව විතරක් නෙවෙයි තව ජුංගේ කතාත් කීපයක් තියෙනවා..
    ඒ හැම එකක්ම ඉදිරියේදී ලිය වෙවී...
    ඒත් එක දිගටම පන්සල් කතා කියන්න ගියහම මෙක නිකං මහමෙව්නාවෙ වෙබ්එක වගේ උනොත් එපා වෙනවානේ...
    ස්තූතියි.

    ReplyDelete
  31. රත්ගමයා...

    අඩෙ..රත්ගම මළයා..බොහෝම ස්තූතියි..හරිය...

    ReplyDelete
  32. ඕං...මගෙනුත් සුභ පැතුම්..!!
    හැබැයි මේ පැත්තට එන්න ටිකක් ප්‍රමාදවුණා...
    අර පායාපු සඳේ අයිතිකාරයා එහෙම හවස් වෙද්දි එන්ටැ ඇති නේ...???
    ජයවේවා...!!!!

    ReplyDelete
  33. Praසන්ன...

    බොහෝම ස්තූතියි සහෝදරයා..හැමදාමත් මෙ පැත්තට ඇවිත්..නිකංම නෙවෙයි එක වචනයක් හරි මා වෙනුවෙන් කොටලා යන උඹ මට ලොකු හයියක්.

    ReplyDelete
  34. ෴ හසියා ෴ ...

    බොහෝම ස්තූතියි හසිත මලේ...
    උඹ ප්‍රාර්ථනා කොළාවගේ නෙවෙයි බං..දැන් මෙ පහළවෙන අදහස් අකුරුවලට හරවන්නේ කොහොමෙයි...?

    ReplyDelete
  35. උන්නැහේ (පිලේ පැදුර)...

    ස්තූතියි උන්නැහේ...
    මෙ ඒක නෙවෙයි අර ඉන්දියාවට යවපු නැව්රාජයාද උඹලැහැ හැදුවයි කිව්වෙ..?

    ReplyDelete
  36. ප්‍රාර්ථනා...

    ස්තූතියි නගේ...

    කොහේද යන්නේ මල්ලේ පොල් තමයි අප්පා මගේ හැම ලිපියක්ම වාගේ...

    ReplyDelete
  37. හරී...

    හරියටම කිව්වොත් දැන් තමයි මට කේන්ති එන්නේ ඔං..
    ඇයි යකඩෝ අද පිටි පැකට් එකක්ම කීයක්ද..?
    එකෙක් හදාගන්න බැරිව මිනිස්සු නහින මෙ කාලේ..
    සෙට් එකක්ම හදා ගන්න උනොත් මට මොන කලක් යාද..?

    ReplyDelete
  38. Niroshan ...

    ස්තූතියි මිත්‍රයා...

    ReplyDelete
  39. Grey...

    ස්තූතියි ග්‍රේ...

    ReplyDelete
  40. charmi...

    ගණන් ගන්ට එපා ලොක්කා..
    අනික ඉතින් අර ස්ටාර් තරග කාරයෝ වගේ..මෙන්න ප්‍රතිඵල..මෙ විරාමයෙන් පස්සේ කිව්වාමනේ අගේ..
    ස්තූතියි.

    ReplyDelete
  41. ප්‍රමාද වෙලා හරි ඇවිල්ලා මාත් ඔන්න සුභපතනවා දිගටම ලියන්න. ඔයානම් ඇත්තටම මාරයි........

    ReplyDelete
  42. හසී...

    ස්තූතියි චූටි නගේ..
    සඳේ කතාව අදවත් දාන්න බලන්නංකෝ...

    ReplyDelete
  43. නිශ්...

    ස්තූතියි..
    මොකක්ද අර දැක්කා කිව්ව විශේෂ තැන..?

    ReplyDelete
  44. දිනිත්...

    ස්තූතියි..
    අපොයි බැට් එක සහ ලැප් එක..

    ReplyDelete
  45. Nuwan Kumaranayake...

    ස්තූතියි...
    ඇත්තටම නිදහස කියන්නේ පුදුම වටිනා දෙයක්..
    රැල්ලට තරමක් හෝ පිටින් ඉන්න එක හරියට වටිනවා...

    ReplyDelete
  46. ඉන්දික උපශාන්ත...

    ස්තූතියි..බොහෝමත්ම..

    ධනාත්මක චින්තනය...
    හපෝයි..මම දන්න එක පොරක් ඉන්නවා..මෑනුත් බුද්ධාගම් පෙළ පොත් එහෙම එකතු කරලා කට් කරලා, බට් කරලා...කොහොම හරි ලියනවා පොත්..ඒවාට කියන්නේත් ධනාත්මක චින්තන පොත් කියලා...අනේ මන්දා..?

    ReplyDelete
  47. සම්පත් / jt...

    ස්තූතියි..
    අපොයි නැහැ..මව්පිය දෙපල සමග නෙව උන්නේ...

    ReplyDelete
  48. ayesha...

    අනේ මොන පරක්කුවක්දෑ..
    බොහෝම ස්තූතියි කිව්වා...

    ReplyDelete
  49. දයාබර මාරෙ මලේ,

    ජීවිතය විඳවීම අහවරකොට,
    විඳීම අරඹන්නට,
    හැකිවේවා යයි බොට,

    පතමි එක හිතින්ම,

    ReplyDelete
  50. Ravi...

    රවි අයියා..බොහෝම ස්තූතියි.
    විඳීමයි විඳවීමයි දෙකම එකට කරගෙන යන එකා තමා මෙ මාරයා...

    ReplyDelete
  51. මාර අය්යේ,

    පරක්කු වෙලා පෝස්ට් එක දැක්කේ. මගෙනුත් දෙසීයට සුබ පැතුම් හොඳේ. මොකද දන්නෑ මේ දවස්වල ඔක්කෝටම රාමලාන් හඳ පෙනෙන්නේ නේද?

    ReplyDelete
  52. Podi Kumarihami...

    ඈ පොඩ්ඩියේ තවත් කාට හරි පෙනිලද..?

    කොහොම උනත් ස්තූතියි...

    ReplyDelete
  53. 200 ක් බැට් කලා කියනේ සෙල්ලම් නෙමෙයි නේ. තව තවත් ලෙංගතුකමින් අපිත් එක්ක රැඳෙමින් සිංහල බ්ලොග් අවකාශේ එකට කරක් ගහන්න මාරයියාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම පතනවා.................

    ReplyDelete