04 November 2010

ඒ සඳ...

කඩා හැලෙන සිනිඳු කෙහෙ රැළි..
කෙහෙ රැළින් මදක් වැසී ගිය නළල් තලය...
සිහින් උපැස් යුවළට යටින් වූ දිගැටි දගකාර නුවන් යුග්මය...
මනාව සුසැදි නාසය..
සිහින් රත්වන් දෙතොල්..
උල් වූ නිකට..
යන්තමින් මෙන් වළ ගැසෙන රෝස පැහැති කම්මුල්...

හරියටම චිත්‍රයක් වගේ..
එහෙමත් නැත්නම් ගීතයක් වගේ..
මටනං හීනයක් වගේ...

හරිම චාම් පෙනුම..
වැළමිටින් අගල් කිහිපයක් දික්වූ අත් සහිත සුදු කමිසය පුරාවට රෝස පැහැති මල් රටා වියමන..
විළුඹ දක්වා වූ ලා නිල් පැහැති ඩෙනිම් කළිසම හරිම සංවරයි...
සිහින් සිරුර..
සුදුවන් පැහැය..

වරින්වර නළියන නෙත් යුවළ..මොනවදෝ කතාවක් කියනවා...
දෙමාපියන්ට මැදිව සුරතල්වන දිව්‍ය අංගනාව වරින් වර දෙතොල උල් කරමින් සිය පියාගේ උරහිස සෙමින් තල්ලූ කරනවා...හරිම ආදරයෙන්...

පව්...නිදිමතදෝ... නැත්නම් නුහුරු බවදෝ මුසු උන විඩාබර ස්වභාවය මසිත අනුකම්පාවෙන් පුරවාලනවා..
වැඩිය තැළිලා පොඩි වෙලා නැති අහිංසක දැරිවියක්...

ආඩම්බර පෙනුමක් ගෑවිලාවත් නැතත්..කිසිවකු හෝ දිහා එතරම් අවධානයෙන් බලන ගතියකුදු දක්නට නැහැ..
එකම අවධානය මවත් පියාත් කෙරෙහි පමණයි...

සිහින් සරින් මුමුණන වදන් ඇසෙන්නට පින් කර ඇත්තේ දෙමාපියන් පමණයි වගේ...

එක දිගට පැය ගණනක්..නැහැ..දින ගණනක්..අනේ මන්දන්නේ නැහැ...සතී,මාස,..ජීවිතේ පුරාවටම උනත් බලන් ඉන්න පුළුවන් සොඳුරු දසුනක්....

....................................................................

පෙරේදා මම ගියා නෙව මගේ හැදුනුම්පත සාදවා ගන්න..
ඔව් කොළඹ..ජාවත්තේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ථමේන්තුවට...

මම යනකොට වෙලාව නවයයි හතළිස් පහට විතර ඇති...
ගිහින් විනාඩි පහළවක් යන්නත් කළින් මගේ අයදුම්පත්‍රය භාර දීලා රුපියල් පන්සීයයක් ගෙවලා රිසිට් පතකුත් ගත්තා.

හ්ම්..වෙලාව..දහයයි පහයි..මොකද කරන්නේ...හැදුනුම්පත් නිකුත් කරනවා කිව්වේ හවස දෙකෙන් පස්සේ...
ෆිල්ම් එකක් බලන්න යන්නත් හිතයි...ඒත් වැරදිලාවත් මම එන්න කළින් හැදුනුම්පත හදලා ඉවර වෙලා තිබුනොත්...ආයේ නම කියනකං කොච්චර වෙලා බලන් ඉන්න වෙයිද දන්නේ නැහැ...

ඕන එකක් කියලා ඉන්නවා කියලා හිතා ගත්තා...

සෙනග පිරිලා..හැම තැනම...ලොකු කුඩා සෑම මට්ටමකම අය..මේ හැමෝම ඇවිත් තියෙන්නේ මම වගේම හැදුනුම්පත සාදවා ගැනීම සඳහා තමයි...

වැඩි හරියක් විභාග වලට අවශ්‍ය නිසා හැදුනුම්පත හදන්න ආව අය...
විවිධ ජාතීන් ඉන්න බවත් පේනවා...
නානා ප්‍රකාර දසුන්...
ඕවා බලලා මට ඇති වැඩක් ඇතෑ...

මම පසෙකින් වූ ආපනශාලාවට ගිහිල්ලා තේ එකක් එහෙම බීලා ඇවිත් පිටුපසටම වෙන්න තියලා තිබුණු පුටුවකට වෙලා ටිකක් ඇහැ පියා ගත්තා...

කරදරයක් නැතිව පැය එක හමාරක් විතර නින්දත් ගියා..කළින් දවසේ රෑ වැඩිය නිදා ගන්න හම්බ උනෙත් නැති එකේ ඒ නින්ද මල් හතයි.

ආයේ නැගිටලා කරලා වට පිටේ රවුමක් දාලා ආවා...

ටිකෙන් ටික කාලය ගතවෙලා ගියා...
හ්ම්...දෙක පහු උනා..හැදුනුම්පත් නිකුත් කරන්න පටන් ගත්තා...

මගේ නම කිය වෙන්නේ නැහැ...

වෙලාව තුනටත් ළගයි..මට පස්සේ ආපු අයටත් මට කළින් හැදුනුම්පත ලැඛෙනවා..ඒත් මට නැහැ...
මං වගේම තවත් කිහිප දෙනෙක් නොරිස්සුම් සහගතව බලාගෙන ඉන්නවා පේනවා.

මම හිතාගෙන ආවේ හැදුනුම්පත වේලපහින් හම්බ උනොත් ඉක්මනටම ගම්පහ ගිහිල්ලා රියදුරු බලපත ගැනීම සඳහාත් හොයා බලන්න...
ඒත් දැන්නම් ඒ වැඩෙ හරියන පාටක් නැහැ...

ගිහිල්ලා කැන්ටිමෙන් බත් වේලකටත් වග කිව්වා.

තවත් නැහැ..දැන්නම් ටිකක් විතර මාරයා ආවේශ වේගන එනවා මටම තේරෙනවා...

මේ මොන මගුලක්ද..මටම කියා ගන්න ගමන් ආපහු හැරුනා.

මගේ ඇස් නැවතුනේ මා පිටි පස්සේ හිටිය ඒ රූපය ළග...

එයාත් ටිකක් විතර විමසිල්ලෙන් බැළුවා...

මගේ කේන්තිය කොහේ ගියාද කියලා මට මතකත් නැහැ..
ඉක්මනටම එතනින් අහක් වෙන්න උනේ එක දිගටම බලාගෙන ඉන්න එක හරි නැහැ කියලා තත්පර ගාණකදී මට තේරුණ හින්දා.

මෙ ළමයා කොහේ ඉඳලා ආවාද..උදේ ඉඳලනං හිටියා කියලා මට මතක නැහැ.

එතන හිටියේ එයයි අම්මා යැයි සිතිය හැකි තරුණ පෙනුමැති වයස හතළිස් ගණන් වල පසුවන කාන්තාවක්..ටික මොහොතකින් තවත් පිරිමි අයකු එතනට ආවා..

ඔහුනං ටිකක් වයස පෙනුමයි..වයසටත් වඩා ඉක්මනට කෙස් හැළුන බවක් තමයි ඇත්තටම දක්නට තිබුනේ..
සිහින් උස ප්‍රිය මනාප පෙනුමැති පුද්ගලයෙක්...සම්පූර්ණ තට්ටය පෑදිලා...

මෙ අරයාගේ දෙමව්පියන් බව වටහා ගන්න අපහසු උනේ නැහැ.

වැදගත් පවුලක් පාටයි...
හ්ම්... ඕවා බලලා ඇති වැඩේ මොකක්ද..?
මම ගිහින් ආයේ වාඩි උනා...

ඒත් ආයෙමත් අර දසුන දකින්න හිත කියනවා කියනවා වගේ...

මම ඉස්සරහා බැළුවා..හ්ම්..ඔය ඉන්නේ..නිදි කිර කිර...

මට හිතෙන්නේ එයාගේ හැදුනුම්පත හදන්න තමයි ඇවිත් තියෙන්නේ...
ඒත් වැඩේට මහන්සි වෙන්නේ තාත්තා...
එයයි අම්මයි අහකට වෙලා ඉන්නවා...

වෙලාව යනවා තේරුනේ නැහැ.
ඇස් අහකට ගන්න හිතෙන්නෙත් නැහැ.

එච්චර ලොකු ළමයෙක් නෙවෙයි..ඕන නම් අවුරුදු විස්සක් විතර ඇති...

බැළුවට වරදක් නැහැනේ...
මාත් බලාගෙන හිටියා හැදුනුම්පත දැන්නම් කීයට ලැබුණාම මොකද..?
අන්තිමට හවස හය විතර වෙනකොට අර තාත්තත් ටිකක් විතර උනන්දුවෙන් එහෙ මෙහෙ යනවා තමන්ගේ වැඩේ කෙරෙනවද කියලා බලන්න..

අර සඳ කුමරී..අම්මාගෙන් ඉල්ලගෙන ලොකු පොතක් කියවනවා තමන්ගේ පාඩුවේ...

මාත් ටිකක් විතර හැදුනුම්පත ගැන අවධානය යොමු කරන ගමන්ම අර දසුන නෙත් මායිමෙන් අහකට යන්න දුන්නේ නැහැ...
අන්තිමටම කිය උන නම් ලයිස්තුවක මගේ නම කියඋනා...

මම ගියා කවුන්ටරය ගාවට මෙන්න මා ළගම අර දැරිවිගේ පියාණෝ...

මට පුදුම හැපී..ඇයි දැන් අඩුම ගානේ නමවත් අහගන්න පුළුවන්නේ...

මට කළින් නමක් කියඋනා...

"මර්සුනා මුතාලිෆ්..."

එක්වරම අර තාත්තා
"ආ මගේ.."කියමින් ඉදිරිපත් උනා...
ම්..ම්.. මුතාලිෆ්...

ඒ කියන්නේ...මුසල්මාන්...
කියන්නවත් බැහැනේ..

කවුන්ටරේ ඇතුළින් ඇහෙනවා
"ඔයාගේ කාගෙද..?"
"ආ මගේ වයිෆ්ගේ..."

හ්ම්ම්..ඒ කියන්නේ එයාගේ නෙවෙයි අම්මාගේ හැදුනුම්පත හදාගන්නයි ඇවිත් තියෙන්නේ...

ඒත් මුස්ලිම් පවුලක් කියලා මට මෙ නම ඇහෙනකන් හිතුනේ නැහැනේ...

ඒ තරම්ම සැහැල්ලූවෙන් ඒ අය හිටියේ...

අම්මා උනත් අපේ සිංහල විදියට ඇදලා කරලා හිටියේ...
තාත්තාත් එහෙමයි...

සඳකිඳුරීනං කොහොමත්ම මොන ජාතියකද කියලා මට කියන්න බැහැ...

ඔන්න බර්ගර් කියලාවත් කිව්වනං හිතන්නවත් තිබුණා...

මෙ අස්සේම මට ඇහෙනවා විශේෂ නිවෙදනයක්..කාගේද කුඩා අත්බෑගයක් ආරක්ෂක අංශයට හමු වෙලා ඇති බවත් අනන්‍යයතාවය ඔප්පු කර එය ලබාගන්නා මෙනුත් කියනවා...

හුටා මගේ නම නේද කියවන්නේ...

මම බැළුවා මෙච්චර වෙලා අතේ එල්ලගෙන හිටිය මගේ හෙල්මට් එක දිහා...
නැහැ නේන්නං..දැන් පොඩ්ඩකටත් කළින් ඒකේ තිබුනු බෑග් එක නැහැ නේන්නං...

මම ගියා වටෙන් ඒක ගන්න..

ඒ ගිහින් ඒක අරගෙන ආපහු අතනට එනකොට අර තාත්තත් නැහැ..මගේ නමත් කියවිලා ඉවරයිද කොහේද..?

ඒ අස්සේ මං ළග හිටිය මනුස්සයෙක් කියනවා..
ආ ඔයාගේද ඕක මම මේ දැන් මෙතන තිබිලා ඕක ගිහිං දුන්නේ..

කාලා වරෙංකෝ...

මගේ පිටිපස්සේ හිටපු මනුස්සයා ඕක වැටෙන පරක්කුවට අරන් දුවන්න ඕනද..?

චුට්ටක් ඇහැව්වනං මොනවා වෙනවාද...

ඒකේ ඒ හැටි දෙයක් තිබුනේ නැහැ...

ලියුම් කවර දෙකතුනකුයි..සන්ග්ලාස් එකයි...

ඒ මගුළ ගන්න ගිහින් මට හැදුනුම්පතත් මිසින්...
අරයාත් මිසින්...

ඒත් ඉතින් අර මනුස්සයටත් ස්තූති
කොරලා..තවත් පැය භාගයක් විතර කට්ට කාලා හැදුනුම්පතත් අරන් මම එළියට ආවා..

සඳ තියා සඳ බැස ගිය පාරක්වත් නැහැ..තනිකරම අන්ධකාරේ...

ඔන්න ඔහොමයි ඒ සිද්ධිය උනේ...

හිටි හැටියේ පායලා...නොකියාම බැස ගිය රාමලාන් සඳ...

.........................................


ප.ලි.

ලස්සන කියන දේ මනින්න බැහැ...
ඒත් අපිටම ආවේනික මිනුම් දඩු අපි කා ගාවත් තියෙනවා.

කාලෙකින්..සමහර විට මුළු ජීවිත කාලෙටම මම දැක්ක ලස්සනම දේ මෙ වෙන්න ඕන...
හිතේ කහටක් නැතිව ඒක කියන්න ඕන...

ආයේ කවදාවත් මම ඒ ලස්සන දකින එකක් නැහැ.
ඒත් මට සතුටුයි..එක පාරක් හරි මට ඒ ලස්සන දකින්න හම්බ උන එක ගැන...

චූටි දුකක් තියෙනවා කටහඩ හරියට අහගන්න බැරි උන එක ගැන...

මේ ආදරය කියලා හිතන්න එපා කව්රුවත් එහෙම...
අයිති කරගන්නවත්...
ලෝභකමක්වත් හිතුනේ නැහැ.
මගේ ආදරේ මැරිලා හුගක් කල්...

ඒත් ඒ සුන්දරත්වය මාව අමුතුම ලෝකෙකට අරගෙන ගියා..පැය කිහිපයකට...

ඒ සතුටත් හිත දරාන..කවි ලියනෙමි ඔබේ නමට...
බැසගිය සඳ රාමලාන්..යළි කිසිදින මා නොදකින...

බොන එකත් මාරම මාර වැඩක් අප්පා...

42 comments:

  1. ඔය රාමලාන් හඳ බැහැලා ගියාට බොන්න හදන්න එපා. ලඟදිම ඔය පැත්තේ පුර හඳක් පායයි.

    ReplyDelete
  2. Podi Kumarihami...

    ම්ම්ම්..මෙ මාත් දන්නේ නැතිව..?

    ReplyDelete
  3. අඩෝ අඩෝ...පිස්සු කෙලින්න එපා.. අර ඉරාජ්ගේ සිංදුව තහනම් කරා වගේ උබේ බ්ලොග් එකත් තහනම් කරයි..

    ReplyDelete
  4. Grey...

    වැඩෙ ඒ තරම්ම දරුණුයිද..?

    ReplyDelete
  5. අප්පට සිරි, මාරයියෙ
    මාර දසුනක් නොවැ.
    වෙලාවකට මටත් ඔහොම හිතෙනව බන් සුර දූතියක් දැක්කහම.
    වැඩේ තියෙන්නේ එ දසුන පුන්චිම පුන්චි වෙලාවකට නිසා.

    ReplyDelete
  6. හිත ගිය තැන මාලිගාව කියනවානේ මාරේ අයියේ !

    ලැබෙන්න තියන දෙයක් තියනවානම් සක්කරයට වත් ඒක නවත්වන්න බෑ මාරේ , අතාරින්න එපා සමහර විට උඹේ දෛවයේ එයාව ආයේ දකින්න ලැබෙන්න වාසනාවක් ලියවිලා ඇති . ඒ වාසනාව උඹට
    ලැබුනොත් කීයටවත් බලාගෙන ඉන්න එපා .මම ප්‍රාර්ථනා කරන්නම් ඒ හඳ මාරේ අයියට ආයේමත් දකින්න චාන්ස් එකක් ලැබේවා ! කියලා . ආයේ එයාව දැක්කොත් දන්නවනේ කරන්න ඕන දේ . පස්සෙං ගිහිං ඉන්න තැන බලාගන්න . ඊටපස්සේ ....කොහොමහරි ..ගොඩදාගන්න හැකියි . ආයේ දවසක ඒ හඳ දැක්කොත් අනිවා අපිටත් කියන්න .

    බොන එක ගැන කියනවානම් .. කොහොමද බං අපි ඕක නවත්වන්නේ ? මම මාර ගේමක් දුන්නා පහුගිය දින දෙකේම නවත්වන්න .. වැඩේ අමාරුයි . කොහොම හරි අපි ටික ටික මාරයාට ලංවෙනවා නේද බං ?

    ReplyDelete
  7. AmilaArt...

    වැඩෙ කියන්නේ මට ඔය හිතුනාමනේ...

    ReplyDelete
  8. හිස් අහස...

    අනේ අම්මෙ මලයෝ උඹ මාව අරන් ගිය දුරක්...
    එහෙම කිසිත් නැත.
    එය එතනින් අවසන්ය..
    නැවත හමුවීමක් නැත..

    වැරදීමකින් හෝ නැවත හමු උනොත් එදාට මා ඉවරය..

    ඇත්ත බං කොල්ලෝ කොහොම අත අරින්නද මෙ මිතුරු පානය...

    ReplyDelete
  9. නියමයි මාරයා. මං මේ කතාවට හොඳටම කැමතියි.
    (මේකෙ මොනවටද මං කැමති කියලා බලන්න ආපහු ස්කෑන් පාරක් දැම්මා. බැලින්නං උඹ කෙල්ල ගැන ලියපු දෙයක් නෑනෙ. ඒත් මේක මං කියවපු නියම ලව් ස්ටෝරි එකක්)

    ReplyDelete
  10. charmi...

    අනේ මන්දා බන්..මටත් දැන් මෙක ආපහු කියවලා බලන්න හිතෙනවා...

    ReplyDelete
  11. දරුනුද කියලා අහනවා..අම්බානට දරුනුයි..
    මුස්ලිම් දැරිවියක් ගැන මුස්ලිම් නොවෙන එකෙක්ටවත් බලන්න බෑ කියලනේ අපේ රටේ අයියලා හිතාගෙන ඉන්නේ..

    ReplyDelete
  12. අනික උබට කෑල්ලක් කපාගන්න වෙයිද දන්නේත් නෑ.. :)

    ReplyDelete
  13. Grey...

    එහෙමත්ම නෙවී..ඒ අයගේ සංස්කෘතිය අපි ඇතුළු වෙලා වෙනස් කරන්න ගියහම දෙගොල්ලන්ගේම හිත් රිදිලයි නවතින්නේ..
    ඒ හින්දා නොබලා ඉන්න තරමට හොඳා...

    ReplyDelete
  14. මාරයටත් මාරය වැහේනවනේ බොලේ එහෙනං . . !

    හොඳ හොඳා, ගැඟීම් දැනීම් තියෙනවා එහෙනන් !

    හිඳිවි කොතැනකහෝ,
    හිමි කාරයා (කාරිය ) උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනකහෝ
    ඒ එනතුරා, දුක දරාගෙන ඉඳින්

    ReplyDelete
  15. දුමී..

    හැගීම් දැනීම්..ඇයි මොකද ලාඳුරු කියලා හිතුවාද..?
    ඒක නෙවෙයි අර මං කියපු දැන්වීම ගැන මොකද කියන්නේ...?

    ReplyDelete
  16. අනේ ඉතින් නොබී ඉන්න බලහන් මලේ,,,,,,,,,,

    ReplyDelete
  17. හිතේ සියුම් තැන් සොය සොය, රිදෙව්වෙත් ඔබයි !
    ඒත් හිත අරන් ගිහින්, පුදුමයක් තමයි !

    හරි හරි , පොඩ්ඩක් හිටහන්, මාරය නග්ග ගන්න එපා මම ඉතින් උඹට ලාදුරු කියලා කිව්වෙ නැහැනේ . . .

    මේ දවස්වල අම්බානෙකට වැඩ බං, තව ටිකකින් ඇවිත් බලපන්, මම රිප්ලයි එකක් දාල තියන්න . . . !

    ReplyDelete
  18. ඒකෝමත් එක දවසක
    අමාවක හිත් අහසේ
    හදිස්සියෙම
    පායපු
    රාමලන් සඳ
    ඇසිපිය හෙලන
    නිමේශෙක
    බැස ගියපු ඉක්මන
    නේද?

    ReplyDelete
  19. හරී...

    මම බලනවා අක්කේ...
    බොන්න වෙනකල්ම මම නොබී ඉන්න බලනවා.
    (විහිළුවට ගත්තා නෙවෙ..අපේ තාත්තත් මට දෙයක් කියන්නේ ඔය විදියට තමයි..මට ඒක මතක් උනා..එයා දෙයක් එපා කියනවටත් වැඩිය නොකර ඉන්න බලහං කියලා තමයි කියන්නේ..)

    ReplyDelete
  20. දුමී...

    ඇයි බං..මාරයා නගින්නේ නැද්ද..?හැගීම් දැනීම් නැහැ කිව්වම..?
    අපිත් කන බොන කොල්ලෝ..
    ඒ කන්නෙත් ඉටි පන්දන් හදුන්කූරූ නෙවෙයි නෙව..හෙහ්..හෙහ්...

    ReplyDelete
  21. ayesha...

    හ්ම්...ඒක නේන්නම්...

    ගීතයක් වගේ...
    තැවරුණු සුවඳ සිහිනයේ..
    ජීවිතේ පුරා..
    ඒ රුව රැදෙයි මතකයේ..

    ReplyDelete
  22. අඩෝ බාල අපරාධ කරන්න එපා.. 18-20 චූටි කෙල්ලන්ට පැණි හලන්න, උඹට දැං 45 ක් විතර වෙනව නේද.. :)

    පලි: සමහරවිට මැලේ ෆැමිලි එකක් වෙන්න ඇති. එයාලව ටිකක් අමාරුයි අදුරගන්න..

    ReplyDelete
  23. Buratheno...

    අඩ්ඩඩ්ඩා..අපහාස කරන්න එපා අඩා..
    අනික ඉතින් මගේ වයස ඔහොම ප්‍රසිද්ධියේ කියන්න එපා බං මට ලැජ්ජයි ලැජ්ජයි වගේ...
    අනික ඉතින් අපි ඒ දවස්වල ඉඳලාම යාළුවෝනේ බං..මම මොන්ටිසෝරි යන කොට උඹ ශිෂ්‍යත්වෙ ලිව්වා නේද..?
    ආ ඒක නෙවෙයි අර අපේ මොන්ටිසෝරියේ හිටපු චූටි කෙල්ලෙකුට උඹ ලයින් දා දා හිටියා නේද ඒ දවස්වල..ඒකට මක්කැයි උනේ..?

    ReplyDelete
  24. හරි හරි බං ඉතිං උඹ කීපාරක් මොන්ටිසෝරිය ෆේල්වුනාද.. අවුරුදු 5-6ක් විතර මොන්ටිසෝරි ගියා නේද..?? ඒකනෙ මම උඹව පහුකරං ගියෙ.. මම මොන්ටිසෝරියට එනකොටත් උඹ ඒකෙ අවුරුදු 2ක් ද කොහෙද ඉදලා තිබ්බෙ.. මම 5 පංතියට යනකොටත් උඹ මොන්ටිසෝරියෙ..

    පලි: මොන්ටිසෝරියෙ ලයින් දාපු කෙල්ල කීවෙ අර සුදු කොන්ඩෙ දිග එක්කෙනාද නැත්තං බොබ් කට් දාපු එක්කෙනාද..?? ඔය ඔක්කොම ලයින් දාපු අය මතක තියං ඉන්න පුළුවන්ද බං.. :)

    ReplyDelete
  25. Bird Watching කියන්නෙ බොහෝ දෙනකුගේ ප්‍රියතම විනෝදාංශයක්.

    - Taboo

    ReplyDelete
  26. කෙල්ල දැක්කට පස්සෙ මාරයගෙ තව මොනව මොනව හැලුනද දන්නෑ.
    කතාවනං ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
  27. ඔය දෑක්කෙ මාර මල්ලිගෙ හිතේ ඉන්න කෙනා නේ? අප්පා මාරයයි බුරතීනොයි එකට මොන්ටිසොරී ගියාද? ඔන්න මම අද් ඉදන් මාර අයියා යනුවෙන් බාවිතා කොරමි :)

    යන එන කොට උන් හිටි තෑන් අමතක වෙන දේ ඈහෑ ගෑටෙනවා තමයි මාර අය්යේ :)

    ReplyDelete
  28. මාරයියේ...දුරින් තියෙන සද තමා ලස්සන...ලං වෙන්න ලං වෙන්න ලප වැඩි වෙනවා

    ReplyDelete
  29. අනේ මන්ද නිකන් අමුතුම මෙව්වා එකක් තියෙනව මාරය අයියේ... හුඟ දවසකින් ගොඩ වැදුනේ... සැප දුක් කොහෙමෙයි...

    ReplyDelete
  30. මාරයියේ..මාරයි ආ......

    ReplyDelete
  31. නිකං දැකලා
    ලියුම් කවර දෙකතුනකුයි..සන්ග්ලාස් එකයි... වට්ටගත්ත නං කටහඩ අහැව්වනං හෙල්මට් එකත් බිම.

    උඔත් එක්කම කතා කලානං එහෙම උඔත් බිම.

    තව ටිකක් දුර ගියොත්, ඒ කියන්නෙ සුහදව කතාවට වැටුනොත් තව මොනවා වට්ටගනිද දන්නැ!

    ඉතිං ඔහොම ගිය එක මදැ..... කවි පන්තියකින් වැඩේ ෂේප්නේ!

    ReplyDelete
  32. Buratheno...

    ඔං ඉතින් බොලාගේ මතකේ තරම...
    ඇත්තටම මට අමතක උනානේ...
    හරි හරි උඹ බාලයි මම වැඩිමල්..හරිනේ..
    අනේ මගේ කට..
    එනවා මෙතන මම පේල් වෙච්ච හැටි කියන්න.

    උඹ බං ඉපදුනෙත් බඩෙම අවුරුදු පහක් හයක් පේල් වෙලානේ..
    අර රුපියලේ කතාව අමතකැයි..?

    ආ මම කිව්වෙ ඒ කෙල්ලෝ දෙන්නා ගැන නෙවී..
    අර ඇස් වපර සිරියාවන්ත කලු කෙල්ල ගැන..

    ReplyDelete
  33. Taboo...

    ගොඩාක් දෙනෙක් කරනවානං අපෙත් මොකෝ...

    ReplyDelete
  34. Praසන්ன ...

    අම්මපා ඔය කිව්වමයි මතක් උනේ..
    හිටිං බලනකං..
    ආ හරි හරි අනිත් ඔක්කෝම තියේ...

    ReplyDelete
  35. නිශ්...

    අපොයි මෙ බුරාතිනෝ හින්දා මටත් වෙච්ච දෙයක්..

    මම ඇවිල්ලා තවම වයස තිස් එකේ ළපටි කොළු පැටියා...

    ReplyDelete
  36. ර ත් ග ම යා...

    ඒකනං ඇත්ත මලේ..සහතික ඇත්ත...

    ReplyDelete
  37. පිස්සා පලාමල්ල...

    අර කිව්වත් වගේ දැක්ක කල්...
    ඔහේ ඉන්නවා කොල්ලෝ..

    මොකද දැන් මල්ල ලිහන්නේ නැත්තේ..?

    ReplyDelete
  38. බුද්ධි...

    හෙහ් හෙහ්..ඔයනං අල්ලන්නේ අර මැරියන්ගේ ගෙදර උයන්න ගිය වැඩෙට පබ්ලිසිටිය දීපු එකේ වාඩුව තමයි නේ...

    හරි හරි බං වැටෙනවා කියන්නේ මැරිලම වැටෙන්නත් තිබුනා

    ReplyDelete
  39. මාරයෝ, ටැබූ සම්මානයට මාගේ සුභපැතුම් !!

    ReplyDelete
  40. දුමී...

    ස්තූතියි දුමියෝ...
    ඇයි අප්පා අර උඹලැහැත් ඉන්නේ සම්මානයට පාත්තරය වෙලා...

    ReplyDelete