12 November 2010

කේන්දරයක් බලන්න හිතුනා...

ඔන්න හුග කාලයකට පස්සේ මට කෙන්දරයක් බලන්න හිතුනා...
මීට කළිනුත් මම එක දවසක් මෙ වැඩෙ කරන්න ගිහින් බොහෝම අමාරුවෙන් තමයි ගොඩ ගියේ..ඒක උනේ එදා කේන්දර ගොඩක් කෙටියෙන් බලන්න ගිහින්..
ඒ හින්දා අද ටිකක් විතර වෙනසක් කරන්න හිතුනා.

බලන්නේ එකම එක කේන්දරයයි.

ඉතින් වැඩෙ ලේසි නැහැනේ..ඒත් ඒ බලන්න තෝරා ගන්න කේන්දරේ චුට්ටක් විස්තර ඇතිව බලලා දෙන්නයි මම හිතාගෙන ඉන්නේ...

කොන්දේසි සහිතයි...

බලනු ලබන කේන්දරය පිළිබඳ විස්තරය පෝස්ට් එකක් හැටියට දමනවාට අකමැත්තක් නැතිවීම...

බලා අවසන් වූ පසුව නැවත නැවතත් වැඩි විස්තර ඉල්ලා මට කරදර කරන නරක ළමයින් නොවීම..

තෝරා ගනු ලබන කේන්දරය සඳහා වූ පැනයට නිවැරදි පිළිතුර ලබා දීම..

ඔන්න ඕවා තමයි මූලික කොන්දේසි..මම හිතන්නේ මම අසාධාරණ නැහැ නේද..?


ඒ අතරම විශේෂම දෙයක් තියෙනවා..ඒ තමයි ඇනෝලා පිළිබඳව කිසිදු ආකාරයකින් සලකා බැලීමක් නොකිරීම...
මුලින්ම මම ඉදිරි පත් කරනු ලබන ගැටළුවට හරි උත්තරය ලබා දෙන කෙනා හෝ කිහිප දෙනා අතරින් එක් අයකු තෝරා ගනු ලබනවා.
ඊට පස්සේ ඒ කෙනාට පුළුවන් මගේ ඊ ලිපිනයට ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය, වෙලාව, සහ උපන් ස්ථානය දන්වා එවීමට..එම තොරතුරු කිසිසේත්ම ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වලකිනු ලබනවා.

එයින් පසුව ඊළග පෝස්ට් එක හැටියට කේන්දර පලාඵලය නිකුත් කරනු ලබනවා.

මෙම ක්‍රමය මේ දැන් මට සිතුනු ආකාරයට සකස් කළ එකක් පමණි.
මෙම ක්‍රමයේ වැරදි ඇත්නම් හෝ මීට වඩා සාර්ථක ක්‍රමයක් ඇත්නම් එය මා හට දැනුම් දීම මට කරන උපකාරයක් හැටියට සලකනු ලබන බවත් කියන්න ඕන..

හරි එහෙනම් මෙන්න විසඳිය යුතු ගැටළුව...

ළමායි ඔන්න එක්තරා ගගක් තියෙනවා..මෙක මේ ගගක් කිවුවට එසේ මෙසේ ගගක් එහෙම නෙවී ඕං හරි පළලයි නෙව..
ඉතින් මේ ගගට උඩින් තියෙනවා පාලමක්...
ඉතින් ගග පළලයිනං පාලමත් හුගාක් පළලයි කියලා අමුතුවෙන් කියන්න ඕනද..?
ඔව් ඉතින් මෙ පාලමත් හරි පළලයි.

වැඩෙ කියන්නේ මෙ පාලම හරි මැද්දට වෙන්න පාලම හරහා නිදාගෙන ඉන්නවා පොරක්..හ්ම්ම්..ඌ යකෙක් කියලා හිතාගන්න ඕන අය එහෙම හිතා ගන්න..යෝධයෙක් කියලා හිතන්න කැමති අය එහෙම හිතා ගන්න...

මොනවා උනත් මේ මැද්දට වෙලා නිදා ගෙන ඉන්න බුවා කිසිම විදියකින් මෙ පාලම හරහා කාටවත් යන්න දෙන පොරක්නං නෙවෙයි ඕං..

හරිනේ දැන් මම කියපු විස්තරේ තේරුම් ගියානේ..

ඒ විතරක් නෙවී ඕං...

කෙනෙකුට මෙ පාලම හරහා යන්නනම් හරියටම පැයක් යනවා..ඔව් ඉතින් කොයි තරං සAපීඩ් කරලා ගියත් පැයක් යනවා...
පොඩි චාන්ස් එකකට තියෙන්නේ අර මැද්දේ නිදාගෙන ඉන්න බුවා ඉන්නේ නිදාගෙන කියලා ඔයාලා දැන් දන්නවනේ..
හැබැයි මේකා හරියටම පැය බාගෙන් බාගෙට ඇහැරෙනවා..ඒ කියන්නේ මොන තරං හයියෙන් ගියත් පාලම මැද්දට යනකොටම බුවා නැගිටලා ඇති.

මිනිහා නැගිටලා වට පිට බලලා කවුරු හරි පාලමට නැගලා ඉන්නවනං ඒකාව ආපහු බස්සලා දාලා ආයෙත් දොයිය ගන්නවා.

හරි දැන් මෙක තමයි සරල, පහසු, ලේසි ගැටළුව...

දවසක් ඔය පාලමෙන් යන්න ආපු පොරක්..හරියට මේ මාරයා වෙච්ච මං වගේ එකෙක් කොහොම හරි පාලමෙන් අනිත් පැත්තට ගියා...

පුස්නේ තමයි කොහොමද ගියේ කියන එක...

හරි කියමු බලන්න..?කොහොමෙයි ගියේ..
හ්ම්..වෙලාව උදේ නවය හමාරයි..පටාන් ගම්මු...

38 comments:

  1. පොර ගියේ පිටිපස්සට ඇවිද ගෙන - . හැබැයි අර පැැයේ වේගෙන්ම - හරියටම මැද්දේ යෝධයා නිදාගත්තු ගමන්මයි.
    යෝධයා නැගිට්ටා. පොරව අල්ලා ගත්තා. දෙපතේත ටැපිලිලා යන්න ඕනැ කරන පැත්තට ගෙනිහිං දැම්මා.

    මගේ උපන් වෙලාව එවන්නද?

    ReplyDelete
  2. මටත් කියන්න තියෙන්නෙ කතන්දර කියපු එකම තමයි.
    යෝදයගෙ වයර් පැටලෙන්න වැඩේ කරන එක.

    ReplyDelete
  3. කසූගෙ කේන්දරේ මාරය බලාවිනේ.. ඔන්න ඉතින් අපි පසුබැස්සා..

    ReplyDelete
  4. දැං මේ මුලින් කියපු දෙන්නගෙන් කාගෙ කේන්දරේද බලන්නෙ??? ඇත්තට මේ උත්තරේ හරිද ඈ??????

    ReplyDelete
  5. ඔය එක්කෙනා තෝරගන්නෙ SMS වලින්ද?

    ReplyDelete
  6. පාලමේ බාගයක් ගිහිල්ල යකා ඇහැරෙන්න කලින් පාලමේ පිටපැත්තෙ එල්ලිලා ඉන්නව. යකා ඇහැරිලා නිදාගත්තට පස්සෙ ආපහු පාලමට ඇවිල්ල අනිත් පැත්තට යනව.
    ඕනනම් පාලමේ යට පැත්තෙන්මෙ රිංගල යන්නත් පුළුවන්
    පාලමේ මැදට ගිහිල්ල යකා ඇහැරෙනකොට අනිත් පැත්ත හැරෙන එක තමයි මං හිතන්නෙ හරි උත්තරේ, කතන්දරකාරය මට ඉස්සර වෙලානෙ

    ReplyDelete
  7. කතන්දර ගෙ උත්තරේ හරි වෙන්ඩ ඕනෙ (මටත් හිතුනෙ එහෙමයි, ඒ වුනාට මම පරක්කු වැඩි ඇති)

    ReplyDelete
  8. හරි පුංචි නින්දක් දාලා ආවා ඔන්න.
    ම්ම්ම්...

    මම බලාපොරොත්තු උන උත්තරෙ තමයි වෙගයෙන් පාලම මැදට දුවලා ගිහින් අර බුවා ඇහැරෙනකොටම අනිත් පැත්ත හැරෙන එක..එතකොට ඉතින් අර බුවා හිතන්නේ කොයි විදියෙන් හරි එකෙක් ඇවිත් තමන්ගේ ඇගට උඩින් පැනලා යන්න යනවා තමයි කියලා හිතලා අර ගිය මනුස්සයාව ආපහු යවන්න කියලා හිතලා හැරිලා ඉන්න දිහාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යවන එකක..

    ඉතිං වැඩි කතා ඔන නැහැ..පොඩ්ඩක් විතර වෙනස් උනත් කතන්දරට මම අවස්ථාව දෙන්න කැමතියි...

    කලිකාල නියම උත්තරේ අවසානයට කියලා තියෙනවා..නමුත් ඔහුත් පිළිගන්න නිසා කතන්දර හරි කියලා..අපි මෙක කතන්දරටම දෙනවා.

    රයිට් කාකා..එවමු බලන්න...

    ReplyDelete
  9. ආ අමතක උනා ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනාට ස්තූතියි කිව්වා ඔං...

    ReplyDelete
  10. මිනිහා පාලම මැදට ගිහින් විනාඩි29 වෙනකොට ආපහු හැරෙනවා එතකොට යොදයා ඈහැරිලා අඩෝ පල ආපහු කියලා එළවනවා එතකොට වැඩේ හරි නේද හි හි හි

    ReplyDelete
  11. ඔන්න මාරයටයි කසූටයි දෙන්නටම වැරදුණු තැන.

    මේ පාලම එසේ මෙසේ පාලමක් නෙවෙයි, මොකද මාරයම කියනවා මෙහෙම: කොයි තරං ස්පීඩ් කරලා ගියත් පැයක් යනවා...

    ඒ කියන්නෙ මොකද්ද? ප්‍රවේගය v මොනවා වුනත් t = 1

    මෙහෙම වෙන්න පුළුවන් එකම විදිය පාලමේ දිග විචල්‍යයක් වීම හා ඒ විචල්‍යය v මත රඳා පැවතීම.

    සිංහලෙන් කිව්වොත් පාලමේ දිග වේගය අනුව වෙනස් වෙනවා. හිමින් දිව්වොත් දිග අඩුයි. හයියෙන් දිව්වොත් දිග වැඩියි. ඉතින් දුවල නම් බේරෙන්න බෑ කවදාවත්. මොකද මුළු දුර යන්න පැයක් යනවා නම් පැය බාගෙකදි පාලම මැද්දට යන්න බෑ. ප්ලේන් එකක take off හා landing වගේ වේගය ලබා ගන්නයි අඩු කරන්නයි කාලය ගත වෙන නිසා.

    කරන්න පුළුවන් හොඳම දේ මොකුත් නොකර පාලම මුලට ගිහින් හිටගෙන ඉන්න එක. ඕනැම ස්පීඩ් එකකින් ගියොත් පැයකින් යනව නම් v=0 වුණත් පැයකින් එගොඩ ඉන්න ඕනෑ.

    දැන් අහන්න එපා ඒ වගේ පාලම් තියෙන්නෙ මොන රටේද කියල. අර පැය බාගෙන් බාගෙට නැඟිටින යෝදයො ඉන්න රටේම තමයි.

    - Taboo

    ReplyDelete
  12. චැහ්! මම කට වරද්දගෙනනෙ. අපරාදෙ!

    ReplyDelete
  13. Taboo
    මං හිතන්නෙ ඒ විදියට බැලුවොත් හරි උත්තරය වෙන්න ඕන v=0 නෙමෙයි δv සීමා v 0 යනවිට

    ReplyDelete
  14. @කලිකාල,

    ඔබ හරි. ඒත් මා ඔහොම කීවා නම් නොතේරෙන පිරිසකුත් ඉන්න නිසයි කාටත් තේරෙන විදියට පැහැදිළි කළේ.

    - Taboo

    ReplyDelete
  15. හොඳා හොඳා අපිට ඉතින් කොහෙද ඕවට වාසනාව. ටිකක් ඉස්සර උනානම් කේන්දරේවත් බලාගන්න තිබුනා. දැන් වෙන දෙයක් බලන් ඉමු.

    ReplyDelete
  16. කාකා..කෝ මෙ යෝධයා...
    දැන් පැය දෙක හමාරක් විතර වෙන්න ආවා..තාමත් මට තොරතුරු ලැබිලා නැහැ නෙව..
    තමුන්නැහේ ගාව මගේ ඊමෙලය තියෙනවත් එක්ක නෙව..
    ඉක්මන් කොරානං හොඳයි තව ටිකකින් මගේ පදම වැඩි උනොත් බඩුම තමා...

    මදැයි මාත් ආසාවට ඉඳලා ඉඳලා කේන්දරයක් බලන්න හැදුවා..

    ReplyDelete
  17. හපුච්චෙ දැන් නෙව දැක්කේ..මෙන්න ටැබූ ගණිත සිද්ධාන්තත් එක්ක තවත් වැඩක් පටාන් අරන්..
    බලාගෙන ගියහම කලිකාල උන්නැහේත් ඒකටම හරියන උන්දෑ කෙනෙක් වෙච්චි..
    හපොයි කෝ මෙ මකර පැටියා..උඹ විතරයි අඩු කොල්ලෝ..ඉන්න තැනකින් මෙහෙ ආවානං...

    ReplyDelete
  18. මගෙ උත්තරෙත් ටැබුගෙ එකම තමා...මොකටද නිකන් කරදර වෙන්නේ...ලෙසියෙන් වැඩේ කරගන්න පුලුවන් වෙනකොට..

    කොහොමත් ඉතින් උත්තරේ දෙන්න මම පරක්කුයි..ලබන පාරවත් බලමු.. කොහෙද ඉතින් වෙලාව ඉතින් පැය 5.30 වෙනස් නේ. :(
    මාරයා මේවා දානකොට අපි නිදි..

    ReplyDelete
  19. මේ දවස් මට වැඩිය හොඳ නැහැ. පුලුවන් නම් මගේ කේන්දරෙත් බලලා දෙන්නකෝ.

    එවන්නද?

    ReplyDelete
  20. මාරයො කතන්දරකාරය වැඩේ අල්ලල දාලනං චාන්ස් එක මට හොඳද

    ReplyDelete
  21. කලිකාල...

    හ්ම්..එහෙමවත් කරමු...
    හැබැයි දැන් තත්වෙනං ඒ තරං හොඳ නැහැ..ඉක්මනට එවමු.
    ටිකක් හරි ගොඩදාලා දෙන්නම්.

    ctkumara@gmail.com

    ReplyDelete
  22. Podi Kumarihami...

    එවන්නකෝ බලන්න පුළුවන්නං ටිකක් හරි බලලා දෙන්න...

    ReplyDelete
  23. දිනෙය් වෙලාවයිනං ලැබුනා උපන්න පළාත එහෙම නැහැ නෙව..ඒකත් එවමු.

    ReplyDelete
  24. පොරොන්දම් බලන්නත් පුලුවනිද? ටිකක් හරි...
    ඊමේල් එක දන්නෙත් නෑනේ.

    ReplyDelete
  25. ඔන්න ඒකත් එව්ව, මං මේ නොදන්න හින්දයි අහන්නෙ. කේන්දරය බලන්න උපන් තැනත් ඕනද?

    ReplyDelete
  26. ඇයි පොඩ්ඩියේ උඩින් ඔය මම දාලා තියෙන්නේ..
    ආ කමක් නැහැ ආයෙත් දාන්නම්කෝ..

    ctkumara@gmail.com

    පොරොන්දම් බලන එකත් අහවල් කජ්ජක්යෑ..?

    එවමු බලන්ට..

    ReplyDelete
  27. කලිකාල...

    අනිවාර්යයෙන්ම ඔන..
    කේන්දරයක් හදන්නේ උපන් ස්ථානය මුල් කරගෙන නෙව..
    ඉතින් අක්ෂාංශ..දේෂාංශක එහෙම අනුව තමයි හදන්ට ඔන..

    ReplyDelete
  28. මගේ උත්තරය නම් කේන්දරය බලා ගැනීමේ අදහසින් කිව්ව එකක් නෙවෙයි. මොකද මා දන්න තරමින් මට කේන්දරයක් නෑ.

    - Taboo

    ReplyDelete
  29. Taboo...

    ඒ බව දනිමි...
    නමුත් ඔබ වැන්නන්ගේ කේන්දරය සාදා බැලීමටනම් මා බොහෝ සේ ප්‍රිය කරමි.

    ReplyDelete
  30. අප්පට සිරි.. ටැබූ ඉපදිලා තියෙන්නෙම rational පොරක් විදිහටනේ.. lol

    ReplyDelete
  31. මාරයාණෙනි,
    කුටුම්භයේ වැඩක් තිබුණි, එනිසා දෙවන වර ඔබ අඩවියට පැමිණීමට පමාවිය. කමන්න.
    කකා

    ReplyDelete
  32. කාකා...

    අපොයි වෙච්ච දෙයක් ඒත් මම බැළුවා මොකක් උනාද කියලා..?

    ReplyDelete
  33. මනුස්සයෝ
    ගෙදර වැඩ වෙලාවට නොකලොත් ඉතිං කේන්දරේ බලා ගන්න එක නං හොඳයි තමා!!!

    ReplyDelete
  34. මගේ කේන්දරෙත් බලවගත්තොත් හොඳයි මගේ පාලම උඩත් මේ දවස් වල යකෙක් ඉන්නවා .

    ReplyDelete
  35. කාකා..

    ඒකනේ මට වැඩිය කේන්දරෙ බලාගන්න ඔන වෙන්නේ නැත්තේ...

    ReplyDelete
  36. හිස් අහස..

    අපි යකාව අන්දමු මලේ...

    ReplyDelete
  37. Mokadda ban fonsekage kendare balala kiyahanko...Please..
    Meeta ana

    ReplyDelete