14 November 2010

මාරයා හරහා රවී වෙත සුභපැතුම්...!

ඉතින් රවි අයියේ අද බොලාගේ ජන්ම දිනේ කියලා මට රිපෝට් එකක් ආවා නෙව..

මොකක් ඇහැව්වා...? කව්ද රිපෝට් එක දුන්නේ..?

ආපෝ අයියේ ඒවා එහෙම කියනවද..? අනික ඒක දුන්න එක්කෙනා කිව්වා මක්කොරලවත් එයා කිව්වාය කියලානං කියන්ට එපාය කියලා. ඉතින් එහෙව් එකේ අයියේ ඒක කියන එක හරි නැහැ නෙව..

අනික ඉතින් මාරයා කියන්නේ නැහැ කියලා කිව්වොත් කියන්නේ නැහැම තමා ඕං...

ඉතින් මෙ වැඩෙ මාරයාටම භාර දුන්නේ ඔය වගේ වැඩවලට මාරයා කප් ගහපු පොරක් වග දන්න කියන කෙනෙක් හින්දා තමයි...

මොකද ඔය වගේ වැඩක් මෙයිට කළිනුත් මාරයා ටිප් ටොප් එකට කළා කියලා මුළු රට තොට ඒ කිව්වෙ මෙ පාතරට විතරක් නෙවෙයි කන්ද උඩරටටත් ආරංචි වෙලාය කියලානේ කාරණා කාරණා දන්න අය කියන්නේ...

අම්මේ අපරාදේ කියන්න ඔන නැහැ ඒ වතාවෙනං මාරයා හිස් ගෙඩිය බේරා ගත්තෙත් අනූනවයයි දශම කාලෙන් නෙව..

ඔය උඩහ පළාත්වල අයට උදව් උපකාර කොරන්න ගියහම ඔහොමම තමයි...

ඉතින් රවී අයියේ උඹලැහැ ඇවිත් මෙ බ්ලොග් අවකාශයේ ඉන්න ඉස්තරම්ම රසවතෙක් වෙච්චි..
හොඳ කයියෙක් වෙච්චි..අපි හැමෝගෙම ගරු සම්මානයට පාත්තර වෙච්චි රටෙ තොටෙ අත්දැකිම් බහුල වෙච්චි හොඳ දැන උගතා වෙච්චි..ඉතින් අයියේ බොලාගේ ජන්ම දිනේට අපි සුභ පතන්නේ නැතිව ආයේ වෙන කවුරු සුභ පතන්ටද..?එහ්නං...

මට ඉතින් මෙ කොන්තරාත්තුව බාර දුන්න උන්දෑනං කිව්වේ උඹැහැ මෙ දවස්වල බොහෝම තනිකං දෝසෙන් පෙලි පෙලි ඉන්නවා කියන එක තමා..ඕවා ඉතින් අපිට වඩා ඒ ඇත්තියොම තමා හොඳින් දන්නේ කියන්නේ...

මොනවා උනත් ඉතින් අයියේ උඹට මේ ලබන්නා වූ වරුසේ බොහෝම වාසනාවන්ත එකක් වෙන්ට ඕන...
ඔන්න මාරයා උඹලැහැට මුළු හදවතින්ම සුභ පතනවා...

ඒ විතරක් නෙවෙයි උඹලැහැට සුභ පැතුම් එක් කොරන්ට අපි කවුරු කවුරුත් එක්කාසු වෙනවා...ඒ කිව්වේ මෙ බ්ලොග් ලියන කියවන අපේ ආරේ අපේ උන් කවුරු කවුරුත්..

ඒ අතරම විශේෂ සුභ පැතුමකුත් තියෙනවා..

කරුමෙකට තියෙන්නේ මට ඒ සුභ පැතුම කාගෙන්ද කියලා කියන්ට තහනං ඕං..උඹම හිතා ගනින්කෝ අයියණ්ඩි..
ආ..ඒ විතරක්නං මදෑ හෙට අනිද්දාට ඔය තැපැල් සේවය මගින්ම උපන්දින තිළිණයක් හැටියට කොට්ට උර කිහිපයක් සහිත පාර්සලයක් ලැඛෙන්ටත් ඉඩ තියේ..ඒ හින්දා ටිකක් පාර බලං හිටින්..

මෙයිට වඩා දෙයක් උඹ වෙනුවෙන් අපිට කොරන්න බැහැ..නැත්තං ඉතින් වළව්වෙන් කොහෙල්මල් වෑංජනෙත් එක්කම බත් ඩිංගිත්තක් කාලා යන්ටවත් ආරාධනා කොරන්ට තිබුනා..ඒත් ඉතින් මේ අවුරුද්දේ ඒක කොරන්ට විදියක් නැතුවා ලබන අවුරුද්දේවත් බලමු.
එහෙම කිව්වට සමහර විට උඹලැහැම අපිට ආරාධනා කොරන්ටත් ඉඩ තියේ

"මාරයා මලේ වරෙං අපේ මැණිකෙලගේ වළව්ව පැත්තේ බත් ඩිංගිත්තක් කාලා යන්ට" කියලා..අනේ ඉතින් එහෙමවත් වෙනවානං ඔන්න අපි බොහෝම සංතෝෂ වෙනවා..

ඉතින් මෙයිට වඩා තවත් ලියන්ට දේවල් තියෙනවා උනත් බැරිවෙලාවත් මගේ අතින් මට මේ කොන්තරාත්තුව භාර දුන්න ඇත්තිගේ නම ගම පළාත කියවෙන්ට ඉඩ තියෙන හින්දා මෙයින් නවතින්නං

රවි අයියේ උඹට සුභ මංගලම්...!

21 comments:

  1. සුභ උපන්දිනක් වේවා රවීට !!!!!

    ReplyDelete
  2. රවීට සුභ උපන්දිනයක් කියල මාත් සුභ පතනවා.

    (මොනවහරි කොන්ත්‍රාත් එකක් තියේනං මාරයට භාර දෙන්න.)

    ReplyDelete
  3. මළ කෙළියයි,
    ජූලි හතයි,
    මගේ පුතා ඔක්කොම කයි, කිව්වලු,

    හපොයි දෙයියනේ, මදෑ උදේ පාන්දරම කොම්පියුටරේ ඔන් කලා විතරයි,
    මාරෙ මල්ලිගෙ සුබ පැතුම,හපොයි, මට කියන්ඩ වචන නැහැ මල්ලි,කඳුලු ආවා, සත්තකින්ම,

    මෙහෙම ජංජාලයක් මයෙ මුලු ජීවිතේටම වෙලා නැහැ නෙව ආයිබොවං, හොඳ විස්සාසෙට ගනිං, බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි,

    එහෙනම්, දැනට මෙහෙම කියඤ්ඤං,

    මාරයට වාර්තාව දුන්නු ඒ ඇත්තිට,
    මාරයාට,
    හරීට,
    Praසන්னට,

    මගේ හදපතුලටත් පොඩ්ඩක් පල්ලෙහායින්, මොකක්ද හැබෑටම ඒ හරියෙ තියෙන්නෙ, අක්මාවද, පිත්තාශයද, නෑ, මම හිතන්නෙ වකුගඩුව නේද?
    හරි එහෙමනම් මගේ වකුගඩුවෙන් නැගෙන හෘදයාංගමවූ,(වකුගඩුවෙන් නැඟෙන හෘදයාංගම.... ම්..ම්./. හරිම නම් නැහැ වගේ... කමක් නෑ, දන්න කෙනෙක් ඉන්නව නම් හරි වචනෙ කියන්ඩකො )ඉස්තුතිය පුද කරමි,

    ReplyDelete
  4. හදවත = හෘදය = හෘදයාංගම
    වකුගඩුව = වෘක්කය = වෘක්කාංගම

    ReplyDelete
  5. රවි අය්යේ,

    ඔයාට සුබම, සුබ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  6. RAVI

    A simple celebration, a gathering of friends; here is wishing you great happiness, a joy that never ends.

    ReplyDelete
  7. ඇත්තටම රවි දැන් කොහෙද ඉන්නේ?
    වෘෂභේ ද, කන්‍යාවේ ද? නැත්තං මිථුනේ ද?

    මාරයා ම තමයි ඉතිං ඕවා දන්නේ.

    මෙන්න පරණ කතන්දරයක්.
    http://kathandara.blogspot.com/2010/05/blog-post_16.html

    ReplyDelete
  8. පිස්සෙකුත් ඔන්න සුබ පතනවා සුබ උපන් දිනයක් වේවා කියලා

    ReplyDelete
  9. මාරයෝ... මැණිකෙලගේ වලව්වේ ඔය උත්සව වලට ගන්ඩ ගෙනාපු බල්ලන්ට ගහන එව්වා, වැටවල් වලට ගහන එව්වා එහෙම නැද්ද දන්නේ නැහැ. බොලාටත් පොඩ්ඩක් විතර නමාගන්ඩ....
    හික්... මොක වුණත් ඔන්න රවීට මගෙනුත් සුභ පැතුම්. ‍(මේ දවස් වල වැස්ස හින්දා හැංගිලා නැහැනේ...)

    ReplyDelete
  10. රවි අයියාට සුබම සුබ උපන් දිනයක් වේවා...!!!
    සුබ පැතුවට, මම නම් රවි අයියව මීට කලින් දැනගෙන හිටියෙ නැහැ.
    ඒ වුනාට, සුබ පතන්න කලින් දැනගෙන ඉන්න ඕනෙම නෑ නෙ නේද :)

    ReplyDelete
  11. මමත් මේ රවී කවුද කියලා නම් නොදනිමි. .

    ඒත් කමක් නෑ රවිට සුභ උපන් දිනයක් වේවා . .

    ReplyDelete
  12. Ravi,

    I hope all your birthday dreams and wishes come true.

    ReplyDelete
  13. හරී - පිණිපළස
    Praසන්ன
    Samanalee
    "Podi Kumarihami"
    කතන්දරකාරයා
    පිස්සා පලාමල්ල
    Jeew
    sameera wijayawardane
    දුකා

    වැඩෙට සෙට් උන හැමෝටම රවි අයියා සහ අනිත් කෙනා වෙනුවෙන් ස්තූතියි කිව්වා...
    ඔන්න ඔහොමයි ඒක උනේ කිව්වළු...

    රවි අයියා ඉතින් සුභම සුභ උපන් දිනයක් වෙවා කියලා ආයෙත් වතාවක් කිව්වා ඔන්න..
    (හා හා ඔය හොටු කඳුළු පිහද ගන්ට..අඩන්න තියෙන්නේ දැන්ම නෙවෙයි තව ඉස්සරහට අර යාගේ අතින් උයන පිහන දේවල් කන්ට වෙලා වළව්වෙ දපන්ට ලැඛෙන කාලෙදී තමයි..එතකං ඔය හොටු කඳුළු ඉතිරි කරගන්ට..)

    ReplyDelete
  14. ආ මෙන්න අන්තිම නැවෙත් එක්කෙනෙක් සෙට් වෙලා..හා හා නැග ගන්ට නැගගන්ට...

    ස්තූතියි...Anshu

    ReplyDelete
  15. මාරෙ මල්ලි, මට කොරන්ඩ දෙයක් ඉතුරු කරල නැහැනෙව, උන්දැම විස්තරේ පත්තරේ දාල සුබ පතපු කට්ටියට ඉස්තූතිත් කරල වැඩේ නියමෙටම අරගෙන ගිහින් තියෙඤ්ඤං, අනේක වාරයක් ඉස්තූතියි මයෙ මලේ,

    ඉතිං මට කියන්ඩ තියෙන්නෙ, මගෙ ගානෙ හොඳවයින් මොනවහරි බලාල අද සප්පායම් වෙයං මයෙ දෙයියා කියල තමා, හම්බු උනු වෙලාවක බැරිය ගනුදෙනු බේරා ගන්ඩ,

    මාරය කිව්වට මදිනෙව මමත් ඉස්තූතියක් කරන්ඩ එපාය,

    අර Praසන්ன මලය කියාපු ජාතියෙ, මට ඒක නම් කියවෙන්නෙම නැහැනෙව අම්මප, දිව ඇඟිලි දෙකෙං අල්ලල නවල බැලුව ඒත් හරිගියෙම නැහැනෙ,අන්න ඒ ජාතියෙ ඉස්තූතියක් මේ හැමෝන්ටම,

    මාරයට වාර්තාව දුන්නු ඒ ඇත්තිට,
    මාරයාට,
    හරීට,
    Praසන්னට,
    Samanaleeට,
    Podi Kumarihamiට,
    කතන්දරකාරයාට,
    පිස්සා පලාමල්ලට,
    Jeewට,
    Sameera wijayawardaneට,
    දුකාට,
    Anshuට,

    All of you, no words can express my gratitude my dear friends, Thank you again,

    ඊලඟ උපං දිනේදි ආයෙ මේ වගේම මාර බවනේදි හමුවීමට හේතු වාසනා වේවා!!!!!!!

    ReplyDelete
  16. කවුද බොලේ රවී ? අහලා නම් නෑ .
    ඒත් ඉතිං කවුරු උනාම මොකෝ ! ඔන්න මාත් සුබම සුබ උපන්දිනයකට ආසිරි පැතුවා !!

    රවීට බොක්කෙන්ම හැපී බර්ත්ඩේ වේවා !!!

    ජයවේවා !!

    ReplyDelete
  17. මමත් එයාව දන්නෑ. කොහොම උනත් කමක් නෑ පරක්කුවෙලා හරි මාත් සුභපතනවා රවීට ඔන්න

    ReplyDelete
  18. මෙතැන කොමෙන්ටුවක් දාන්න ඊ‍යේ නොහැකි වුනා ඉරිදා නිසාවෙන්. ඒත් කසූ කියන්නා සේ උපන්දිනයට සුභ පතන්නට කවදාවත් ප්‍රමාද නැහැ.

    හැමදෙන ඔබට සුභ පතති නව අවුරුදුදු දා
    ඒ අමතක නොවන දිනයක් නිසාවෙනි එදා
    කිහිප දෙන සුභ පතති ඔබගේ උපන්දිනය දා
    ඒ හැම දෙනට මතක නැති නිසාවෙනි එදා

    මතක ඇති පිරිස ඔබගේ උපන් දිනය දා
    ලඟින් සිටිනු ඇත නොවෙනස් වී සැමදා
    කිහිප දෙනෙකුගෙන් කෙනෙකු වී මා මෙදා
    අද දින සුභ පතමි ඔබට වේවා ජය සැමදා

    ReplyDelete
  19. රවි,
    සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  20. අපොයි එනකොට ප්‍රමාද වෑඩියි නෙ කොහොම උනත් රවී ට සුබ පෑතුම්. ඔක ඉතින් අර වලව්වෙ බිත්ති වලම් ලිය උන නම් තමයි අගේ මාර මලේ.

    ReplyDelete
  21. හිස් අහසට,
    Ayeshaට,
    RanDilට,
    කලිකාලට,
    නිශ්ට,

    මගේ ස්තූතිය,

    Thank you so much,
    Brothers & Sisters,

    ReplyDelete