20 November 2010

මගේ වල් පල්...

හුග දවසකට පස්සේ අද ගෙදරට වෙලා ටිකක් නිවීහැනහිල්ලේ හිටින්න හිතුවා...
එහෙම හිතුවට තව ටිකකින් මොනවා හිතේවිද කවුද දන්නේ..?
මොකද ටික දවසකින් ෆිල්ම් එකක් බලන්න එහෙම ගියේ නැති හින්දා එහෙම ආසාවකුත් තියෙනවා..
අන්තිමට මම බැළුවේ බඹර වලල්ල නෙව..

ඒකනං නරකම නැහැ..ඒත් ළගදී බලන්න තරං හරි හමං චිත්තරපටියක් ගැන හෝඩුවාවක් ලැබුනේ නැහැ.

ලංකාවේ සිනමාව ඉතිං බොහෝම දුක සේ ගමන් කොරන එකක් නෙව...

මට හිතෙන හැටියටනං සිනමා නිර්මාණ දුර්වල වෙන්න හුගාක් දුරට හේතු වෙන්නේ අඩු වියදමකින් නිර්මාණ කරන්න නිෂ්පාදකයින් උත්සහ කරන එක තමයි...
ඒකට ඉතිං දොස් කියන්නත් බැහැ..ලංකාවෙ තියෙන හෝල් කිහිපයෙන් තමන්ගේ චිත්තරපටිය දුවවන්න හම්බ වෙන්නේ කීයෙන් කීයකද.. මිනිස්සු කොච්චර ඒවට එයිද... දවස් කීයක් දුවවන්න පුළුවන් වේවිද කියලා හිතලා බලනකොට වැඩි වියදමක් දරලා චිත්තරපටියක් කරනවා කියන්නේ ආර්ථීක පැත්තෙන් ගත හැකි ලේසි පාසු තීරණයක්නං නෙවෙයි...

ලංකාවේ තියෙන සියළුම සිනමා ශාලාවල එක දිගට දින සීයයක් මිනිසුන්ගෙන් පිරී ඉතිරිලා යන විදියේ ෆිල්ම් එකක් දිව්වා උනත්.. මහා විශාල ආදායමක් ලබන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ.
අහලා තියෙන දේවල් අනුවනං අනිත් රටවල්වල සිනමා කරුමාන්තයත් එක්ක සංසංදනය කරලා බලන කොට ඒක ඒ තරං ලේසි පාසු දෙයක්නං නොවන වගනං මට හිතා ගත්තැකි..

මොකද ආදායම් පැත්ත කොහොම උනත් මොන රටේ හැදුවත් හොඳ චිත්තරපටියක් හදන්න සෑහෙන මුදලක් වැය වෙනවා.
ඉතින් අපේ සිනමා කරුමාන්තේ පැත්තෙන් ඒ තරං වියදමක් කරලා ලොකු අවදානමක් ගන්න කව්ද කැමති..

අනික ඉතිං කන බොන ජාති විකුණන කෙනෙක් උනත් මිනිස්සු දහයක් ඉන්න තැනක..ඒ මිනිස්සුන්ගේ අතේ තියෙන මුදලේ හැටියට කෑම හදලා විකුණනවා මිසක් ලක්ෂ ගණන් වියදං කොරලා කෑම හැදුවා කියලා ඇති වැඩක් තියෙනවයෑ...
ඉතිං අන්තිම ප්‍රතිපලය දැන් ඔය අපිට පෙන්නන ජාතියේ චිත්තරපටියක් බලනවා ඇර වෙනත් විකල්පයක් නැති වීම තමයි...

හැබැයි ඕකෙම කිවයුතු තවත් කතාවක් තියෙනවා...
ඔය නිෂ්පාදන බරපැන දැරීමටත් වඩා ලංකාවේ සිනමා කරුමාන්තේ වැටෙන්න මුල් වෙච්ච ලොකු හේතුවක් තියෙනවා..
ඒ තමයි හොඳ වස්තුබීජ මුල් කරගෙන ලියඋන විශිෂ්ඨ ගණයේ තිර පිටපත් නැති වීම...

වැඩි හරියක් ඉතිං කොල්ලයි කෙල්ලයි දුෂ්ඨයයි විකටයයි තමයි...

ඉඳලා හිටලා පොඩ්ඩක් විතර රටාවෙන් පිට පනිනවා වගේ දැනුන සමහර චිත්‍රපටවල උනත් හිටි හැටියේ මේ සුපුරුදු චරිත ටික හිටි හැටියේ මතු වෙලා මුළු කතාවම කණපිට ගහනවා...

ඇත්තටම අපේ රටේ හොඳ තිරපිටපත් නැති වීම ලොකු ප්‍රශ්නයක්...

අද පෙන්වන හුගාක් සිනමා පටවල තිරපිටපත් ලියවිලා තියෙන්නේ බොහෝ විටම එකම පිරිසක් විසින්...

ඒක හරියට අර සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර උනා වගේ තමයි...හැම එකේම ඔය ටික දානවනේ...

අර තිස්ස අබේසේකර මහත්තයානං ටිකක් විතර හොඳ මට්ටමේ කතා ලිව්වා..
ඒත් ඉතින් දැන් උන්නැහෙත් මිය පරලොව ගිහින් නෙව...

හැබැයි මම කතා කරන්නේ තිස්ස මහත්තයටවත් ලං වෙන්න බැරි තරං නිර්මාණාත්මකව අළුතින් හිතන තිර පිටපත් රචකයින් අපිට ඕන කියන තැන ඉඳලයි...

සිනමා කර්මාන්තය පිළිබඳව තාක්ෂණික අංශ පිළිබඳව..කැමරාව සහ කෝණ පිළිබඳවත් හොඳ දැනීමක් ඇතිව...

අපේ රටේ පොළව ගැන, ගහ කොළ, ජන ජීවිතය ගැන වගේම..මිනිස්සුන්ගේ හිත්වල තියෙන හීන ගැනත් හරියට තේරුම් ගත හැකි..

විදේස් සිනමා කෘති ගැන හොඳ අවබෝධයක් ඇතිව ලාංකීය මොඩලයක් ඇතුව ලංකාවේ ඇති අසීමිත අමුද්‍රව්‍ය හොඳින් කළමනාකරණය කරලා කතාවක් ගොඩ නගන්න පුළුවන් රචකයින්, තිරපිටපත් ලියන්නන් අද අපිට ඕන කියන එක තමයි මගේ හැගීම...

චිත්‍රපටයට වියදම්වන මුදල තීරණාත්මක සාධකයක් උනත්, මම හිතනවා තවමත් ප්‍රභල කතා වස්තූන් මත කළ හැකි අඩු වියදම් නිර්මාණ වලට අපේ සිනමාවතුළ ඉඩක් තියෙනවා කියලා...

වස්තු බීජ අපේ රටේ ඕන තරං...

ඉතිහාසය ගත්තත්...
අපේ රටේ පරිසරය ගත්තත්..
ජන ජීවිතය ගත්තත්..
මෑත කාලීන කැරළි කෝළහල ගත්තත්..
ආදරය පිළිබඳව මාතෘකා ගැන උනත්..

අපිට හොඳ කතා ගොඩ නැගිය හැකි වස්තුබීජ ඔන තරං...

මම කියන්නේ නැහැ..නිර්මාණය වාණීජද සම්භාව්‍යද කියලා රාමුවක් ඇතුලේ හැදිය යුතුද කියලා...

අනිත් කාරණය ඇයි අපි මේ හැම චිත්තරපටියක් අස්සටම සිංදු කෑලි රිංගවන්න උත්සහ කරන්නේ කියලා...
මටනං එපාම කරපු දෙයක් තමයි ඔය වැඩේ...

හොද තේමා වාදනයක්..පසුබිම් සංගීත ඛණ්ඩ චිත්‍රපටයක රූප රාමුවලට ප්‍රභල දායකත්වයක් දෙනවා මෙන්ම..දැඩි නිහැඩියාවත් ඒ තරම්ම ප්‍රභලව යොදා ගත හැකියි...

නමුත් දැන් තියෙන හුගාක් චිත්‍රපටවල හැම මොහොතේම කුමන හෝ ශබ්ද පසුබිමින් නැගෙන එක අනිවාර්යය වෙලා..
සමහර තැන්වල තියෙන පසුබිම් සංගීතයට දෙබස් පවා යටපත් වෙනවා...

සමහර විට චිත්‍රපටයේ ඇති හොඳ කමට මිනිස්සුන්ට නින්ද යන එක වළක්වන්න සංගීතය යොදා ගන්නවද මන්දා...
මොකද ඒ සංගීත ඒ තරංම කනට පීඩාකාරීයි...

මේ චිත්තර පටි ගැන කියෙව්වට මම ඕවා ගැන දන්න රෙද්දක් නැහැ...
නැත්තං තව ටිකකින් සමහරු කියයි ඔච්චර කියන එකේ උඹ හදහංකෝ කියලා..
මම මේ කිව්වේ මම හිතන හැටියි මට දැනෙන හැටියි තමා ඕං..කව්රුවත් අමනාප වෙන්න ඕන නැහැ...

කොහෙද යන්නෙ මල්ලේ පොල් කිව්වළු..මම මේ මොනවද දොඩවලා තියෙන්නේ...

ලියන්න ගියේ අද දවස ගැනනේ...

ඉතින් අද කොහේවත් යන්නේ නැතුව ඉන්න තමයි හිත කියන්නේ..
ආ ඒත් ඉතින් උයන්න එළවළු ටිකක් ගේන්නං පාර පැත්තේ යන්න ඕන...
නැත්තං කාලා හමාරයි නෙව...හාල් තුනපහනං ගෙදර තියෙනවා..ඒත් එළවළු මොනවා හරි ගේන්න ඕන..
කොහොමටත් මම මේ දවස්වල බත් කන එක ටිකක් අඩු කරලා තියෙන්නේ..ඒ වෙනුවට එළවළු වෑංජන ටිකක් වැඩියෙන් ගිලලා දානවා..ඒකේ ප්‍රතිඵල දැන් ටිකක් පේන්න තියෙනවා...පහුගිය දවස්වල 34ක් විතර වේගන ආව ඉණ දැන් 32කේ විතර තියෙනවා...ඕක කොහොම හරි 28 විතර ගන්න තිබුණනං මල් මසුරං..ඒත් ඉතිං වැඩේ ලේසි වෙන්නෙත් නැහැ. අඩුම ගානේ 30ක්වත් කර ගත්තොත්..ඒත් මදෑ..

පාන් කන එකනං දැන් අඩුම කරලයි තියෙන්නේ...ඉඳලා හිටලා කිඹුලා බනිසයක්, සීනි බනිසයක් නොකනවාම නෙවෙයි..ඒත් එකම එකයි..ඉස්සරනං උදේට බනිස් කන්න ගියොත් තුන හතරක් උනත් ගිලින්න පස්ස ගහන්නේ නැහැ නෙව..ඒත් දැන් එකම එකයි.ටිකක් බඩගින් දැනෙනවා තමයි ඒත්.. ඉවසන් ඉන්නවා...
ආරෝග්‍යා පරමා ලාභා කිව්වළු...

ගෙනාපු බෝතලේක කොටයකුත් තියෙනවාද කොහේද..?
ඒත් අද බොන්න තරං ෆිට් එකකුත් නැහැ.
හවස් වෙන කොටවත් ෆිට් එකක් එයිද කියලා බලන්න ඕන...

හොඳ ළමයෙක් වෙන්න උත්සහ කරන්න ඕන..ඒත් ඉතින් හොඳ ළමයෙක් වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ නෙව.. අන්න එතකොට හිතෙනවා හොඳ ළමයෙක් වෙනවට වඩා මෙහෙම ඉන්නවා හොඳයි කියලා.

පෙරේදා මම පුංචි අම්මලාගේ ගෙදර ගිහින් ඒ ගමන්ම අපේ ගෙදරත් ගිහින් ආවා.
මම ගෙදර යනවා කිව්වම පුංචි අම්මා ඒ කිව්වේ අපේ අම්මාගේ නංගී...පුදුම සතුටකින් දිවුල් උරයකුත් දීපි අම්මට දෙන්න කියලා..ඉතිං ඒකත් අරං තවත් කන බොන ජාතිත් අරන් ගෙදරට ගොඩ වෙලා ආවා.

ඒ යන ගමන් තවත් වැඩක් උනා නෙව...

වෙනදට මම හෙල්මට් දාගෙන යනවා උනත් එදා උදෙන්ම නාලා ඔළුව හරියට වේළිලා නැති හින්දා පුළුවන් තරං හෙල්මට් එක ගලවලා අතේ එල්ලගෙන නෙව ගියේ..

මෙන්න ගෙදරට කිලෝ මීටරයක් විතර තියෙද්දී තවත් බයික් එකක් මගේ ඉස්සරහින් ඇවිත් මාව පහු කරගෙන ගියා..ඒත් මම එක පාරටම ඇදුනුවා ඒකේ ගිය ජෝඩුව..

මගේ හොඳම මිත්තරයෙකුයි එයාගේ භාරියාවයි නෙව..
ඒකත් මාව දැකලා අදුර ගත්තා කියලා මට තේරුණ හින්දා මම බයික් එක ස්ලෝ කරලා ආපහු හැරිලා බැළුවා..ඒක්ත් ටිකක් දුර ගිහින් ටිකක් විතර ස්ලෝ කරලා ආයෙත් හිමින් ඉස්සරහට ගිහින් ආයෙමත් නැවැත්තුවා..ඒ ගමන මම බයික් එක හරවගෙන ගියා..එයාලා ගාවට...

ඇත්තම කියන්න එපැයි මගේ යාළුවා විවාහ උනේ මගේ පරණ ගෑනු ළමයා එක්ක නෙව..
මම ඒ ළමයා ගැන මීට කළින් විස්තර කියලා තියෙනවා...

ඉතින් මේ දෙන්නා මම මහණ වෙලා ඉන්න කාලේ ඇවිත් මගෙනුත් අවසර අරන් නෙව කසාද බැන්දේ..
ඊට පස්සේ මම මෙයාලව දැක්කෙම නැහැ.මේ වෙනකල්ම..
ඉතින් අහම්ඛෙන් හරි දැක්කම නොදැක්කා වගේ යන්න මගේ හිත කිව්වේ නැහැ..
ඒ හින්දා මම හරවගෙන ගිහින් කතා කළා...

පොච්චියේ දෙන්නා දැන් තුන් දෙනා නෙව...පුංචි කෙළි පැටික්කියෙක් දෙන්නා මැද්දේ..හිනා වෙවී මා දිහා බලා ඉන්නවා..

මම කතා කලා මගේ යාළුවට..
මිනිහත් මාව දැක්ක ගමන් අඳුරලා...කුමාරිට..ආ කුමාරි කිව්වේ ඉස්සර මගේ වෙන්න හිටි..පස්සේ මගේ යාළුවගේ වෙච්ච එක්කෙනා තමයි..
ඉතින් මාව දැක්ක ගමන් කුමාරිට කිව්වළු අන්න ච...... යනවා කියලා...කොහොම උනත් වැඩි වෙලාවක් කතා කරන්න උනේ නැහැ..දෙන්නම හදිසියේ මගුල් ගෙදරක යන ගමන්...ආපහු ඉක්මනට එන්න බලාගෙන යන ගමන්..මොකද ආපහු ඇවිත් ඉක්මනට ඉස්කෝල ළමයි ටික ගේන්න බස් එක අරන් යන්න තියෙන නිසා..
කුමාරිගේ අයියාට ඒ කිව්වේ ඒ කාලේ මගේ අතිජාත මිත්තරයා වෙච්ච උන්නැහේට බස් දෙක තුනක් තියෙනවා නෙව ළමයි ගෙනියන.. ඉතින් ඒ එක බස් එකක් දුවන්නේ මේ යාළුවා ඉතින් ඉක්මනට ආපහු එන්න ඕන හින්දා මගුල් ගෙදරට එක දාගෙන එන්නයි යන්නේ..ඒ හින්දා වැඩි වෙලාවක් කතා කරන්න උනේ නැහැ.

කුමාරි එක්කත් හිනා වෙලා මාත් ආපහු හරවගෙන ගෙදරට යන්න ගියා...

ඇත්තටම මට පෙරේදා හිතට සතුටුයි...
එයා හොඳින් ඉන්නවා දැක්ක හින්දා...ඇත්තටම ඒ කෙල්ලට හරියන්න ඕන...ඒකි ඒ තරම්ම හොඳ කෙල්ලෙක්...

ඉතින් ඒ අත් දැකීමත් විඳ ගෙන ගෙදරට ගිහිල්ලා මල්ලිගේ පුතණ්ඩියා එක්කත් ඔට්ටු වෙලා මම ආපහු ගෙදරට ආවා..

ඒත් ඉතින් ඔන්න පෙරේදා ඔය සතුටට මම බිව්වෙත් නැහැ..
ඇයි ඉතින් අපි බොන්නේ දුකට නෙව..ඉතින් සතුටු වෙලාවට බොන්න හොඳ නැහැනේ...

ඉතින් පෙරේදා අමුවටම හිටියා...(මකරා විශ්වාස කොළත් නැතත්..)

අදනං තාමත් මට දුක් සීන් එකක් ආවේ නැහැ..ආවනං බොන්න තිබ්බා...

හ්ම්ම්..දැන් මම කරන්න ඕන දුක් සීන් එකක් හොයා ගන්න එක...

දැනට තියෙන ආරංචියේ හැටියට අපි ඔක්කෝටම ලබන දෙසැම්බර් 31න් පස්සේ රස්සාව නැති වෙනවා..
ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි වල ඉඳලා අපේ ආරක්ෂක අංශය මාරු කරන්න ආයතනය තීරණය කරලා කියල තමයි.

ඉතින් ඊට පස්සේ මාරයා මොනවා කරනවද කියලා තවම හිතලා නැහැ.

ඒක දුක් සීන් එකක්ද..?
හිතලා බලන්න ඕන...

36 comments:

  1. තව ටික කාලෙකින් නං හොඳ ඩබල් එක්ස් ෆිල්ම් එකක් ප්‍රසිද්ධියේම බලන්ඩ පුළුවන්... පවුල් පිටින් එකට ඉඳන් නරඹන්න පුළුවන් 'සුපර් සික්ස්'.... හික්...

    අහන්නත් සතුටුයි අමුවට ඉඳීම ගැන....

    අනෙක අතඇරුණු මැණිකක් වුණත් ඒ ගැන උඹේ පැහැදීම අගය කරනවා....

    ReplyDelete
  2. මාරයියගේ ජීවිතේ ගලාගෙන යන හැටි හරිම සරලයි නේද ? හිටපු ගමන් සංකීර්ණ වුණත්..............

    ReplyDelete
  3. අතඇරුන ආදරයට උනත් ඔය විදියට සලකන එක මාත් අගය කරනවා.
    ඔය බලන්න හොද චිත්තරපටියක් නැති එක උනත් හොද දුක් සීන් එකක් තමයි. (අවශ්‍යමනං)

    ReplyDelete
  4. බලන්න හොඳ චිත්‍රපටියක් නැති එකත් ඇත්තටම දුක් සීන් එකක් තමා. ඔන්න මම බොන්න දිරිගැන්වුවා එහෙම නෙවෙයි :) මේල් එකක් දැම්මා මාරයියේ. හම්බවෙන්න ඇති කියලා හිතනවා. ;)

    ReplyDelete
  5. මාරයියාගේ විචාරයට නං මම අත් දෙකම උස්සනවා.. හැබැයි මම තිස්ස අබේසේකර මහත්තයට අමතරව තව කීප පොලක් එකතු කරන්නං...

    තිස්ස අබේසේකර මහත්තය මගේ ඔලුවෙ සෙට් වෙන්නෙ විරාගය චිත්‍රපටියත් එක්ක. මීට අමතරව ගුරු ගෙදර, ලොකු දුව, ම්ම්... අර මොකක්ද ළඟදිම ආවෙ.. සක්මන් මලුව .. වගේ ඒවයෙ තිස්ස මහත්තය හොඳ වැඩ පෙන්නල තියෙනව.

    ඒ ඇරෙන්න, වසන්ත ඔබේසේකර මහත්තයගෙ දඩයම, ගාමිණී ෆොන්සේක මහත්තයගෙ පරසතුමල්, ඩීබී නිහාල්සිංහ මහත්තය...

    අනේ මන්ද.. අපිටත් තියෙන්න වංසෙ කබල් ගගා ඉන්න...

    හපොයි.. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයයි, සේකර උන්නැහෙයි, ධර්මසිරි ගමගේ හා ධර්මසේන පතිරාජ දෙපොළයි මතක් කරන්න ඕන....

    ReplyDelete
  6. හරිම අපූරු ලිපිය බං. උඹේ සිනමාව ගැන විචාරය හරිම ඉහලයි. මමත් එකඟ වෙනවා උඹත් එක්ක. මාත් අන්තිමටම බලපු ෆිල්ම් එක තමයි බඹර වළල්ල. ඉතා විෂිශ්ඨයි කියල කියන්න බැරි උනත් සෑහෙන්න හොඳ මම කාලෙකට පස්සෙ රස විඳපු සිංහල ෆිල්ම් එකක්.

    තිස්ස අබේසකර මහත්මයා ගැන කිව්වොත් එහම, අපේ කාලයේ බිහිව්වෙච්ච හොඳ ප්‍රශස්ත කලාකාරයෙක්. මේ දවස්වල මම එතුමාගේ පොතක් කියවනවා "අයාලයේ ගිය සිතතක සටහන්" කියලා. අපේ රටේ ඉතිහාසයට එතුමාගේ ඇසෙන් පූර්විකාවක්. හරිම් අපූරු පොතක්.

    උඹ ලිපිය ඉවර කරල තියෙන්නෙ මටත් බොන්න හිතෙන ප්‍රශ්නයක් එක්කනෙ. බයවෙන්න එපා බං, උඹට නැතිවෙන්න දෙයක් නෑනෙ. උඹට මොනව උනත් ඔළුව උස්සන්න ශක්තිය තියෙනවා කියලා මටනම් හොඳටම ෂුවර් !! උඹට ජය වේවා !!

    ReplyDelete
  7. Jeew...

    මොන සුපර් සික්ස්ද බං...ඒකත් ඔය පහුගිය කාලේ ආව මල් ෆිල්ම් ටික වගේ හීටීවී...පබෝධගේ ඇදුම් අඩු කරලා ඔවා කරන්ට පුළුවන්ද..?
    හැබැයි අපරාදේ කියන්ට බැහැ අර විහිළු චිත්තරපටියක් තිබ්ඛෙ පබෝධා යකින්නකට හිටපු..අන්න ඒකනං ඔය දැන් එන ෆිල්ම් වලට වඩා දාහෙං සම්පතයි...

    මගෙන් අතෑරුනා කියලා මැණිකේ අගේ අඩු වෙන්නේ නැහැ නෙව බං...

    ReplyDelete
  8. Hasitha...

    අනේ මන්දා මලේ..සරලද සංකීර්ණද කියලාවත් මං දන්නේ නැතුවා..ඒක ඔහේ ගලාගෙන යනවා මං පාඩුවෙ බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  9. Praසන්ன...

    ඒකත් හොඳ හේතුවක් තමයි නෙව..අම්මපා..එහ්නං...

    ReplyDelete
  10. roylyfernando...

    හම්බ උනා මලේ මං ඉක්මනට මොනවා හරි කොරඥ්ඥං..
    මටනං හිතෙන්නෙම උඹ මාව දිරිමත් කොලා කියලමයි ඔං..

    ReplyDelete
  11. වැම්පයර්...

    මලයා කියන කට්ටියත් හරියටම හරි ඔං...
    බලහං අතේ ඇගිළි ගාණේන් ගණින්න පුළුවන් කස්ටියක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ...
    ඒත් මලයා මම හොයන්නේ මෙ අයටත් වඩා ඉස්සරහට අඩියක් තියන්න පුළුවන් අය ගැන..

    මලයා කියන උදවිය ළගටවත් එන්න බැරිව ඉඳිද්දී..ඉස්සරහක් ගැන මොන කතාද..?

    ඔය සිනමාව ගැන තියෙන උපාධි එහෙම කොරන එවුන් මක්කෙයි බං කොරන්නේ...

    ReplyDelete
  12. දුමී...

    ස්තූතියි දුමියෝ..
    අර කිව්ව පොත මුද්‍රිත එකක්ද නැත්තං අර මට කළිං එව්වා වගේ ජාලය හරහා කියවන්න ඇහැකි එකක්ද..?

    ඒක නෙවෙයි දුමී උඹවත් මෙ සිනමා සංගීතය ගැන ටිකක් හොයලා බලලා මක්කැයි වෙන්න ඔන කියලා ලියහංකෝ...

    ReplyDelete
  13. චිත්තර පටි ගැනනම් මමවැඩිය දන්නේ නෑ .ඒව බලන්නෙත් බලන්න පිනත් මට නම් නෑ ! අපේ පලාතට සිනමා ෂාලාවක් නෑ !

    ඔයාට මම ජොබක් සෙට් කරන්නද ? අපේ ඉන්ස්ටිටියුට එකේ ! මචං මම සිරා කියන්නේ කියන්නේ ඇබෑර්තුවක් තියනවා ! හැබැයි පුතෝ අපේ පලාතනම් උඹට දිරවයිද මන්දා ? ලංකාවේ මුල්ලක තියෙන්නේ .හැබැයි හොඳ පඩියක් ගතහැකි .

    ඔයා එනවනම් මට ඉඟියක් දෙන්න ...මම සෙට් කරන්නම් නවාතැන් පහසුකම් සමඟ ...කෑම දෙනවා ...බීම ඉතින් අපිදෙන්නටම සපයාගන්න බැරියෑ !

    ඉහත කී එකක් වත් බොරු නෙවේ ....hisahasa@gmail.com
    ඔයා එනවනම් දන්වන්න ..

    ජයවේවා !!

    ReplyDelete
  14. හිස් අහස...

    ස්තූතියි මලේ අන්න මම මෙල්ලුවක් දමා ඇති...

    ReplyDelete
  15. එළ කිරි... මාරයෝ.. අන්න හිස් අහස උඹව ඌ ලඟට ගන්න හදනවා. සෙට් වෙනවනම් මරු ඩබල. තර‍ඟෙට සප්පායම් වුණහැකි...

    මම සුපර් සික්ස් ගැන ඇඩ් ටිකක් දැක්කා. අපේ හෙළුවැලි නංඟිලා ගේ කෙරුවාවයි මගේ කොමෙන්ට් එකෙන් අදහස් කෙරුවේ. මේ දවස් වල නිල් චිත්‍රපටිවල රඟපාපු ගෑණු මිනිස්සු හොයන අතරේ ඔය නළු නිළියෝ ටිකත් අල්ලලා කූඩුවට දැම්මනං තමයි නියම...

    ReplyDelete
  16. Jeew...

    ඔව් ඔව්..අපි දෙන්නා එකතු වෙලා ලෝක මධ්‍යප සංවිධානේ පිහිටුවනවා..

    අමධ්‍යප කාරයින්ට උණ ගැනෙන්ත් එක්ක..හික්...

    ReplyDelete
  17. අහ්...මාරයියා බැක් ටු බ්ලොගින්....

    නියමම ලිපියක් අයියා...අවිවාදයෙන් අයියා සමග එකග වෙමි...

    හැමදාම කියනවා වගේ...අයියා ලියන පෝස්ට් එක කිලෝමිටරයක් දික් වුනත් කියවන්න ආසයි.බෝරින් වෙලාවට උනත්.‍
    ‍මොක්කද රහස අප්පා...කාටවත් කියන්නේ නෑ..වැඩිම වුනොත් දන්න කියන එකසයි විසි පහකට හයකට කියයි.ලොකු ගාණක් නෙවේනේ....

    ReplyDelete
  18. ෴ හසියා ෴...

    අනේ ඉතින් වැඩි විශේෂයක් නැහැ..
    ආ..මම කිරිත් එක්ක සමහන් බොනවානේ..
    ආ නෑ නෑ..ඒක වෙන්න බැහැ..

    හරි හරි..
    මම සෝඩාත් එක්ක අලක්කු බොනවානේ...
    ඒක තමයි රහස...

    ReplyDelete
  19. මෙහෙම කරන්න.
    හොඳ ෆිල්ම් එකක් බලන්න බයිස්කෝප් එකට යන්න. තිරේ මදිනම් අන්න පිලේ පැදුරේ උන්නැහේ ප්‍රොජෙක්ටරයක් හදන්න කියලා දෙනවා. උඔට ඒ වැඩ ලේසිනේ. ඉතිං හොද ෆිල්ම් ගෙදර ඉදම්ම බලන්න.

    එක දවසක් හරි නොබී හිටිය එකට නං මට හරි සතුටුයි.

    ReplyDelete
  20. හම්මේ,,,,,නොබී උන්නු එක ගැන මෙන්න මගේ සතුටත්

    ReplyDelete
  21. මාරයගේ චිත්‍රපටි ගැන අදහස් නම් මාරයි..මයියාට කල්පනා කරන්නේ අපේ ඉතිහාසය ඇතුලේම කොච්චර ලස්සන තිරපිටපත් ලියන්න වස්තු බීජ තියෙනවද කියලයි..ආදර පලහිලවව්, ධෛර්‍යවන්ත නැගී සිටීම්, පවාදීම්, වීරයන්, අනියම් සම්බන්තා, යුද්ද, ජීවිත පරිත්‍යාග ආදි කොච්චර දේවල්ද..කෝ ඉතින් කවුරුවත් ඔවායේන් ප්‍රයෝජනයක් ගන්නවයි කියලද?..

    ආ අර මාරයගේ පරන ගැනු ලමය ගැන අදහස් හා බලන විදිහත් එල..ඔන්න ඕකට තමයි බ්‍රෝඩ් මයින්ඩඩ් කියලා සිOග්‍රීසි වලින් කියන්නේ හි..හි..

    ReplyDelete
  22. අමධ්‍යප කාරයින්ට උණ ගැනිල්ල කෙසේ වෙතත් අපිට පැත්තෙන් ඉඳන් බයිට් එකටවත් වැඩේ දෙන්ඩ පුළුවන්නේ... නේද බං....

    ReplyDelete
  23. මාරයිය නොබී ඉදීම ගැන මගේ බලවත් ප්‍රසාදය..........
    හිස් අහසට එකතු වුනාට කමක් නෑ, අමාරුවෙන් අඩු කරගත්තු බීම, ආයෙ වැඩි කරගන්න එපා.
    මට නම් චිත්‍රපටියක් හෝල් 1කින් බලපු කාලයක් මතක නැහැ

    ReplyDelete
  24. අයියා සතුටු හිතෙන දෙයක් කියලා.. හැමදාම ඔහොම ඉන්නවානම් කොච්චර හොඳද?

    ReplyDelete
  25. අයියා ගෑණු ළමයා ගැන කිව්ව කතාවට මාත් එකඟයි. හැබැයි කවදා හරි දවසක මට ඔය වගේ වැඩක් උනොත් මං මොන විදිහේ දෙයක් කරයිද? ගිහින් කතා කරයිද? නැත්තං නොදැක්ක වගේ යයිද කියන්න නං කල් වැඩියි. දෙවෙනි එකට ළඟයි වගේ

    ReplyDelete
  26. ඔය තියෙන්නේ හොඳ කතාවක් ෆිල්ම් එකක් හදනවනම්. දැන් ඉතින් වීරයා, දුෂ්ටයා, හෙල්ප්කාරයා, ඉන්න එකේ, අපට නැත්තේ කවටයෙක් විතරයි. ඔය කතාවේ එහෙම කෙනෙක් ඉන්නවද?

    විහිලුවට නෙමේ. ඇත්තටම ලස්සන කතාවක්.

    ReplyDelete
  27. බුද්ධි...

    මං ඉතිං කොහොමටත් බයිස්කෝප් පැත්තේ යනවා නෙව..
    ඔය උන්නැහේ කියන ඒවා කොරන්න කළිං ටිකක් බලං ඉන්න ඔන..නැත්තං ඔය හාදයා බෝම්බ හදවයිද දන්නේ නැහැ..එහෙව් ගොයියා..

    ReplyDelete
  28. හරී...

    අප්පච්චියේ අක්කේ..ඔය සතුට දිගටම තියාගන්න දෙන්න වෙන්නේ නැති එක මගේම කරුමෙ නෙව...

    ReplyDelete
  29. මයියා...

    ඇත්තටම මොනතරංනං දේවල් තියෙනවද ලස්සන කතාවක්..විශේෂයෙන්ම මයියා කිව්ව ආකාරයට ලාංකීය ඉතිහාසයේ සිද්ධ වෙච්ච පාවා දීම් ගැනම මොන තරං ලස්සන නිර්මාණ කළ හැකිද...

    ReplyDelete
  30. Jeew...

    අපොයි උඹත් බයිටි එකට වග කියන ත්‍රස්තවාදියෙක්ද..?
    අර අමධ්‍යප එව්වෝ හොඳයි තව...

    ReplyDelete
  31. sameera wijayawardane...

    අප්පේ..මටනං කොච්චර චිත්තරපටි බැළුවත් හෝල් එහෙක බලනවා වගේ ගතියක් නැහැ...

    ReplyDelete
  32. හසී...

    අනේ නගේ උඹලා ඔහොම කියනකොට මටම මං ගැන කේන්තියි ...
    මක්කා කොරන්නද..මගේ වරදට...

    ReplyDelete
  33. කුම්භකර්ණයා...

    අනේ ඉතින් මලයෝ මම ඒ ළමයත් එක්ක කවමදාකවත් තරහාක් නැති එකේ...අවුරුදු ගාණක් ආදරය කරපු කෙනෙක් වෙලත් කාලෙකින් දැක්කම ඩිංගක් හිනා වෙලා කතා කරලා නාවොත් ඒක මගේ හිතටනං හරි මදි..

    අනික මං දන්නවා එයා උනත් මං හොඳින් ඉන්නවා දකින්න කැමතියි කියන එක..ඒ හින්දා ටිකක් හිනා වෙලා කතා කරලා ආවාම එයාට උනත් සැනසීමක් ලැඛෙනවා කියලා මම දන්නවනේ...

    ReplyDelete
  34. Podi Kumarihami...

    ඒවා දැන් බොහෝම පැරණි කතන්දර නෙව..

    අනික එහෙම් පිටින්ම ශෝකාන්ත..

    පොඩ්ඩි කැමතිද ශෝකාන්ත වලට..?

    ReplyDelete
  35. හ්ම්ම්ම් කියන්න තියෙන හෑම දේම කට්ටිය කියල තියෙන්නෙ.
    සිනමා ශාලාවකට ගිහින් හොඳ චිත්තරපතියක් බලන්න නෑති එකනම් දුකට හේතුවක් තමා. අපි ජොබ් එකක් හොයමු බන්....

    ReplyDelete
  36. නිශ්...

    දුක හා දුකට හේතුව..මක් කොලන්නෙයි...

    ReplyDelete