21 November 2010

මාර ජීවිතේ සහ බණ කතා...

අද ඉතිං වැඩ දවසක්..ඉරිදා උනාට අපි වැඩ...
හැබැයි ඉතින් කරන්න කියලනං ඇති වැඩක් නැහැ. ඔහේ වෙන දෙයක් බලාගෙන දෙන දෙයක්..ආ නැහැ..උයාගෙන මංම බාස්කට් එකට ඛෙදාගෙන ආව කෑම එකත් කාලා ඔහේ ඉන්න තමයි තියෙන්නේ...

පහුගිය කාලෙනං මම කෑම කෑවෙ අර කලිං මම නමක අරුත පහදා දුන් රමණි අක්කාගේ කේටරින් සර්විස් එකෙන් තමයි..ඒත් නොවැලැක්විය හැකි හේතූන් මත දැන් ඉතින් මං තුමාම උයා පිහාගෙන ඇවිත් දෙසා බානවා..මක්කා කොරන්නද ඉතින්..ඔහොම තමා අපේ ජීවිත..හැබැයි ඉතින් ඒකත් නරකම නැහැ.

මොකද ඉතිං මාරයාට මාරයා උයන පිහන දේවල් දිව්‍ය බෝජන නෙව..ආයේ ඉතින් ඒවා පරාද වෙන්නේ මාරයාගේ පියාණෝ ජීවතුන් අතර හිටි සංදියේ උයා පිහාලා අනා කවාපු කෑම වේලට විතරයි...

කොහොමින් හරි ඒකෙන් මේකෙන් උනේ වෙනදා උදේ හත විතර වෙනකල් දොයියගෙන හිමීට නැගිටලා කරලා ලක ලෑස්ති වෙලා එන මංතුමාට දැන් ඉතින් උදේ පාන්දර පහමාරට විතර නැගිටින්න වෙලා තියෙනවා..

පහමාරට නැගිටලා මූණ කට එහෙම හොදා ගන්නා ගමන්ම එහෙට මෙහෙට දුවලා පැනලා කෝපි එකකුත් හදාගෙන බීලා..බතක් මාළු පිණී දෙක තුනක් එක්ක බයියං ටික උයා පිහාගෙන..ඒක මගේ කෑම බාස්කට් එකට ඛෙදලා කරලා..සැවුල එහෙම කපලා නාලා කරලා..අර ඉතිරි බයියං ටික කොටා බාලා වළං පිගන් එහෙම හෝදලා කරලා.. ඇදුම් ටිකත් චුට්ටක් මැදගෙන ඇදගෙන..තවත් වෙලාව ඉතිරි වෙලා තිබුනොත් කාරිය උදේ පාන්දරම ජාලගත වෙලා එහෙම අටට දහයක් වෙද්දී ජාලෙන් අහක පැනලා ලැප් මලයාවත් උන්නැහේගේ ගමන් මල්ලට ඔබාගෙන..කෑම එකත් අරගෙන දඩි බිඩි ගාලා උඩ තට්ටුවෙන් පහලට මන්දො කොරලා..මගේ බයිසි මොටෝ එකත් ඇන්න මං වැඩට එනවා..

හරියට අටට විනාඩියක් තියලා වැඩ බාරගන්න මං ඉතින් එතන ඉදලා අර කියන්නැහේ සෑහෙන්න බිසී නෙව...

කොහොමින් කොහොම හරි උදේ දහයේ තේ එක බොන්ටත් හුගාක් වෙලාවට අමතක වෙනවා...

වැඩ ටික අහවර කරලා දාලා කැන්ටිමෙ මල්කි කෙළීට සද්දේ දාලා තේකක් එහෙම හදාගෙන බොන්ට වෙන්නේ ඉතිං එකොළහ විතර වෙලා තමයි...

එතන ඉඳන්නං ඔන්න ටිකක් විතර වට පිට බලන ගමන් වැඩ පල ටික කරගෙන යන්ට ඇහැකි..

ඔහොම තමා සතියේ දිනවල ඒ කිව්වෙ සෙනසුරාදාත් ඇතුළුව අපේ ජීවිතේ ගෙවෙන්නේ...

දැන් ඉතින් පුරා අවුරුදු දෙකකුත් මාස තුනක් විතර මංතුමා ඔය විදියට තමයි රාජකාරී...

හැබැයි ඉතින් මේ රස්සාවේ තියෙන හොඳේ තමයි..දවසක් ඇර දවසක් නිවාඩු එක..
අද උදේ අටට වැඩට ඇවිත් ආපහු ගෙදර යන්නේ පහුවදා උදේ අටට තමා ඕං..

ආන්න ඊට පස්සේ තමයි ජීවිතේ හොඳම හරිය...

නාලා කාලා රෙදි හෝදලා දාලා..උයලා පිහලා...ඉවර වෙලා එක්කෝ ජාලගත නැත්තං නිදංගත...

දවල්ට කාලා කරලා ටිකක් පාඩුවේ ඉන්න ගමන් හිතුනොත් ඔය හම්බු වෙලා තියෙන කේන්දරයක් කාරිය බලලා කරලා..හවස දෙක හමාර තුන වෙන කොට පටාන් ගන්නවා මගේ හිත මිතුරු ඇසුර..ඒ කියන්නේ ඉතින් මා සුමිතුරු මගේ මිතුරු තමයි..

අන්න එතන ඉඳලා තමයි මාරයා පිළිවෙලකට හිතන්න පටන් ගන්නේ..මාර මීටරේ වැඩ කොරන්න පටන් ගන්නේ...

හීනියට සින්දු පොජ්ජක් මන්දෝ කොරාන...නිවී හැනිහිල්ලේ සැදැ කාලය ගත කොරනවා...

මාර උන්නැහේගේ ජීවන රටාව ඔන්න ඔහොමයි...

ඒ අතරට ඉතින් ගම්පහ පැත්තේ යක්කල පැත්තේ හක්කලං කොරන්ට...පන්සලකට ගොඩ වෙන්ට...පුංචිලාගේ ගෙදරටත් මාසයකට දෙකකට සැරයක් විසිට් එකක් දාන්ටත් අමතක කොරන්නේ නැහැ...

කොහොමටත් දවස් දෙක තුනකට සැරයක් යක්කල හරි නිට්ටඹුව පැත්තට හරි ගමන් පොජ්ජ මන්දො කොරන්න වෙන්නේ යාළුවා කැන්දං එන්ට නෙව..ඒ ඇර ඉතින් මාරයා කැමති ඔහේ පාඩුවේ ජීවිතේ ගෙවන්ට තමයි...

ඉතින් අද දවසනං බොහෝම නිවී හැනහිල්ලේ ගෙවිච්චි...

.............................................................

අද පෝය ඩේ නෙව...ඉතින් බණක් දහමක් අහන්ට හරි කියන්ට හරි ඕන කියලත් හිතුනා...
ඒත් ඉතින් කොතනින් කොහොම පටාන් ගන්නද කියලා හිතාන ඉන්නකොට තමයි මට මෙන්න මේ ගාථාව සිහිපරාද උනේ...

අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්ඡුනො පදං
අප්පමත්තා න මීයන්ති
යෙ පමත්තා යථා මතා...


අහලා ඇති නෙව..
ආ මොකද නැතිව ඔය ඉන්නේ අත ඉහල දාගත්තු උපාස ඇත්තෝ ඇත්තියෝ අම්බානකට...

හරි පාත දාගම්මු..

ඉතින් මම හිතන්නේ මෙ ගාථාවෙ තේරුම නොදන්න අයනං නැතුව ඇති..ඒ තරමට මේ ගාථාව නිතර දෙවේලේ කියවෙනවා නෙව...

ඒත් ඉතින් ඕක කෙටියෙන් හරි නොකීවොත් ඒකත් අඩුවක්නේ...

ප්‍රමාද නොවූ අය ඒ කියන්නේ මෙ මම වගේ වෙලාවට වැඩ කරන අය නෙවී...
ඔය පිනට දහමට බණට භාවනාවට ප්‍රමාද නොවුන අය...
අන්න ඒ අය අමෘතය වැනි වූ අමා නිවනට යනවා නෙව..ඒ විතරක්දෑ..උන්නැහේලා මලත් ඉතින් ජීවමානව ඉන්වා වගේත් තමයි ඕං...

එතකොට ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ඒ කියන්නේ මේ පිනට දහමට බර නොඋන උදවිය..ඒ වගේ අංශවලට නිතරම පස්ස ගහන පරක්කු වෙන උදවිය..අන්න ඒ උදවිය නිවනට යනවා තියා හිතන්නේවත් නැහැ..ජීවත් උනත් නිකං මළකඳං වගේ තමා ඕං...

ඉතින් ඔන්න ඔහොම තේරුමක් සහිත මේ ගාථාපාඨය තියෙන්නේ මගේ මතකේ හැටියට අපේ ඔය ධම්මපදය නම් වූ මහානර්ඝ පුස්තකයේ අප්‍රමාද වග්ගය කියන පොතේ දෙවෙනි කොටසේ පළමු වෙනි ගාථාව හැටියට තමයි...

මේ කවුරු කවුරුත් මතක තියා ගන්ට ඕන මාර උන්නැහේ පන්සලට ආයුබෝං කියලා දැන් අවුරුදු දෙක හමාරකුත් වෙන්ට එන එකේ..ඔය මෙමරියේ පොඩි පොඩි අප්සැට් තැන් තියෙනවා කියන එක ඒ හින්දා මට අමතක වෙච්ච දේවල් තියේනං මතක් කොරලා දෙන එකනං වටින කියන දෙයක්..හරිනේ..

ඉතින් මේ ගාථාව අහලා තිබුනාට මම හිතන්නේ නැහැ..හුගාක් ඈයෝ මේ ගාථාව පසුපස්සේ තියෙන නිධාන කතාව අහලා ඇතියි කියලා..

ඉතින් මම කල්පනා කොළේ අන්න ඒ නිධාන කතාව සුවල්පෙන් සුවල්පේ හරි කියලා දාන්ට කියලා තමයි ඕං...

සුවල්පෙන් සුවල්පේ කිව්වම මොකද කස්ටිය කලබොල උනේ..
ඇයි හත් දෙයියනේ..ඔය ගාතාව පුංචි උනාට නිධාන කතාව එහෙම ආයේ සුළු පටු නැහැ..
හප්පච්චියේ කතා වැලක්ම තියෙනවා නෙව ඕක පිටුපස්සේ...

ඉතින් කොහොම හරි අද මේ පෝය දවසේ ඉඳලා මම පටන් ගන්නංකෝ ඒ කතාවත් කියන්ට...

මුළින්ම අපි පටන් ගන්න ඕන මට මතක හැටියට සාමාවතී උත්පත්ති කතාවෙන්...

ඒකත් පටන් ගන්නේ අපේ කොසඹෑ නුවර උදේනි රජුජුරුවන්ගේ කතාවෙන් තමයි..

හා කස්ටිය අහලා තියෙනවද... හස්තිකාන්ත මන්තරේ ගැන...

57 comments:

  1. සාදු සාදු,මාර බණ,, එහෙනම් කියමු බලන්න,, හස්තිකාන්ත මන්තරේ නම් අහලා තියේ වගේ මතක,,එහෙනම් කියන්නකෝ මුල හිටන් බණ, ආ,,මේ ඒක නෙමෙයි,,ඔබතුමාට කෑම උයාගන්න උනේ රමණි අක්කට නමේ තේරුම කියාදෙන්න ගිහින් නේද?

    ReplyDelete
  2. ඔන්න එහෙනම් අයියේ මම සාධු කාරයක් දීලම පටන් ගන්නවා ඔය කතාව අහන්න
    සාධු! සාධු! සාධු!

    ReplyDelete
  3. හරී - පිණිපළස...

    හිටින්ට හිටින්ට පිළිවෙලකට කියන්ට තමා මෙ තනන්නේ...

    අපොයි නෑ රමණි අක්කානං දැන් උනත් මගේ බඩගෝස්තරෙ සරි කොරලා දෙන්ට ලෑස්තියි..වෙලා තියෙන්නේ වෙන අවුලක්..ඒකත් මං පස්සෙන්පහු කියන්නංකෝ...

    ReplyDelete
  4. පූසා ...

    අනේ පූස් මල්ලියේ පූස් බාසාවෙනුත් සාධු කිව්වානං තමා වටින්නේ ඔං...

    ReplyDelete
  5. මම නම් හැම මන්තරේ ගැනම අහලා තියනවා. මන්තර ජප කරන්නත් දන්නවා.

    ReplyDelete
  6. ඔය ආනන්දයේ ආදර්ශ පාඨයනේ..ආදි ආනන්දීයෙක් උන අපේ ජනරාල් තුමාට කෙල උනේ ඕනවට වඩා ඉක්මන් උන නිසාද කියලත් හිතෙනවා...

    ReplyDelete
  7. Podi Kumarihami...

    හපොයි..මට දන්න මංතරත් අමතක වෙනවා වගේ...

    ReplyDelete
  8. මයියා...

    කොහේද ඉතින් ඔවා අපි කිව්වට වැඩක් තියේයෑ...

    ReplyDelete
  9. මාර බණ ටික
    සාදු සාදු සාදු

    මටනම් මතක හස්තිකාන්ත මන්තරෙ කියන්නෙ අලි දමනය කරන්ට තියන එකක් කියලයි.
    හරිද මන්දා.
    මාරයාගෙ දිනචරියාව මාරයිෙන්.

    ඉතිරි බණ ටිකත් කියමු

    අවසරයි මාර ස්වාමීනි.......!

    ReplyDelete
  10. Ano...

    ඇනෝ කියලා තියෙනවා හරියටම හරි..ඔක අලි දමනය කොරන්ටත් ඒ දමන කොරාපු අලින්ගෙන් වැඩ ගන්ටත් කියාපු මංතරෙ...

    මොකද මෙ අනෝ කෙනෙක් හැටියට එන්නේ..නමක් ගමක් ඇතුව එමුකෝ බලංට එතකොට නෙව අපිටත් බලා කියා ගන්ට ඇහැකි...

    ReplyDelete
  11. රනිල් උන්නැහේට හස්ති කාන්ත මන්තරේ තිබ්බනම් , එහෙනම් මේ රටට මෙහෙම කලක් යන්නෙ නැහැනෙ

    ReplyDelete
  12. මකරා...

    මෙකනේ පුස්නේ..ඔය මංතරෙ සද්ධන්ත කුලේ අලින්ටත් වැඩ කරනවා..වල් අලින්ටත් වැඩ කරනවා..
    හැබැයි සුදු අලින්ට ම්හූ...

    ReplyDelete
  13. එතකොට ඕක ගිරිමේඛලා , ඓරාවණ ඇත්තුන්ට එහෙමත් වැඩ කරනවද ?

    ReplyDelete
  14. අෙන් අනෝ විදියට ෙනෙවයි ඔන්න එෙහනං නමින්ම එන්නංෙකා
    මට මෙ යුනිෙකාඩ් තමයි කොටන්ට බැරි.
    ඊෙය පෙෙර්දානෙ මමත් මාරයියා ගාවට එන්ට යන්ට පටං ගත්තෙ
    එත් ඉතිං මාරයියා ඉතිරි බන ටික කිව්වෙ නෑ නෙව.

    ReplyDelete
  15. Aruna...

    ආ ඔය ඉන්නේ යස අගෙට..බැහැයි කියලා බැහැ..කොහොම හරි කොටන්ට ඔන ..එතකොට නෙව පුළුහං වෙන්නේ...
    බැහැයි කියලා නිකං හිටියනං මාරයත් තවම බ්ලොග් බල බල ඉන්නවා විතරයි නෙව..
    සංතෝෂයි හදුනගන්න ලැබීම ගැන..

    ReplyDelete
  16. මකරා...

    ඒක ටැස් කොරන්න ඉතින් ඒ අහ ගිහින්ම තමයි බලන්න වෙන්නේ...

    අර කිව්ව සුදු අලියටනං මෙව්වා හරියන්නේ නැති විත්තියනං ටක්කෙටම කිව්වහැකි...(සමහර විට කළු කෝපිනං අහන්ට ඉඩ තියේ..)

    ReplyDelete
  17. ඉතින් මාරයාගේ ඇතාට ටැස් කරලා බලන්නකො. මාරයාගෙ ඇතාගෙ නම නේද ගිරිමේඛලා කියන්නෙ

    ReplyDelete
  18. මට ඉතිං සිංහල ටයිපිං නං හයිස්පීඩ් පුළුහං
    එත් ඉතිං ෙම් යුනිකොඩ් වල ඉස්පිලි පාපිලි හරියට ගහංට බෑ නෙව.

    සුදු අලිය ගැන නං කියන්ට තියෙන්නෙ ඉතිං ඔකා අෙප් අයිතිහාසික සතෙක් නෙ. අපෙ මහ අැත්තො පෙන්නෙම සුදු අලියා නෙ අපි දන්න කාලෙ හිටං. නැද්ද මං අහන්නෙ මාරයියෙ

    ReplyDelete
  19. හස්තිකාන්ති මන්තරේ කියල නම් එකක් අහල තියනවද කොහෙද..
    ඒත් හස්ත කාන්ති ගැන නම් මතකයක් නෑ...
    මේකෙ හරි එක මොකක්ද මන්දා. හස්ති කියන්නෙ අලියා, හස්ත කියන්නෙ අත.. කාන්ති ගැන නම් මතක් කරන්න එපා :)

    ReplyDelete
  20. සාදු සාදු සාදු . . . .

    එතකොට උඹ තුමා නිධාන කතාව කියන්නෙ එන පෝයටද ?

    ReplyDelete
  21. උඔ කැමති නැද්ද කුමාරස්සාමී ඔක්කොම පැත්තක තියලා හස්තකර්මාන්ත ඈමති වෙන්න.

    ReplyDelete
  22. මකරා...

    අනේ බං පදවිය හම්බු උන වෙලාවෙ වියදං කපා හැරීම යටතේ ඒකා අහක් කොරලා බයිසි මොටෝ එකක් දුන්නා නෙව...

    ReplyDelete
  23. Aruna...

    යුනිකෝඩ්වල සෑහෙන අවුල් තියෙනවා තමා..ඒත් ටිකක් විතර කල් යනකොට ඒවා අවුලක් නැතිව යනවා..

    අපෝ සුදු අලි ගැනනං කතා එපා...

    ReplyDelete
  24. නසරාණියා...

    නසරාණියා උනාට කමක් නැහැ..නසරාණි වැඩ එපා අරී..
    ඉස්පිල්ලක් අඩු වෙච්ච ගමන් දුන්න ටෝක බලමුකෝ..හිටින් මම ඔක හරිගස්සලා දාන්ට...

    ReplyDelete
  25. දුමී...

    බලමු එහෙමවත් නේද..?

    ReplyDelete
  26. බුද්ධි...

    මං කිව්වයි කියලා හිතාගං..හුහ්..
    අද යහමින් නෑවද..?

    හස්ත කරුමාන්තෙට වැඩිය අල්ලලා යන හවුල් ව්‍යාපාර මෙහෙ ඔන තරං...

    ReplyDelete
  27. මේ මාර අයියේ මම දන්නෙ නෑ නැත්නම් මම මගෙ අතින්ම උයපු බත් ජූංජක් අයියට හැමදාම හරි ගෙනත් දෙනවා.මොකටයැ සල්ලි දීල කඩෙන් කාල ලෙඩ හදා ගන්නෙ?
    ඕං මමත් එනවා නිදාන කතාව අහන්න...

    ReplyDelete
  28. දැං ඉතිං උයා පිහා ගන්ඩ කැකුලියෙක් හොයාගත්තනං ! ...මාරයා උනාට කමක් නෑ අයියේ මාර දූතිකාවක් එහෙම හොයාගන්ඩ එපා සුර දූතිකාවක් හොයාගන්ඩ....

    ඔන්න මමත් පැත්තකින් වාඩි උනා නිධාන කතාව අහන්න. මට රිය අනතුරෙන් පසු දීර්ඝ නිවාඩුවක් ලැබුනා ආයේ සනීප වෙලා තමා වැඩට යන්නේ ..ඒක නිසා මට කාලය ඇති තරම් තියනවා ..මම වාඩිගෙන ඉන්නම් කතාව කියනකම් ....

    ජයවේවා කියන්න බෑනේ

    සාදු සාදු සාදු . . . .

    ReplyDelete
  29. මාරයෝ... මම නං මේක කියවලා තියෙන්නේ 8 වසර සිංහල අච්චු පොතෙන්. හැබැයි ‍ඒකේ තිබුණ විදිහට අන්තිම පේළිය වෙනස්

    අප්පමාදෝ අමත පදං
    පමාදෝ මච්ඡුනො පදං
    අප්පමත්තා න මීයන්ති
    යේ පමත්තා යථා මථා

    අහංනාගෝව සංගාමේ
    චාපතෝ පතතං සරං
    අථිවාක්‍යයං තිථිඛිස්සං
    දුස්සීලෝහී බහුජ්ජනෝ

    අකුරු නං වැරදි ඇති. මම පාලි දන්නේ නැහැනේ. අවුරුදු 17 කට කලිං කටපාඩම් කරපු මතකයක් විතරයි තියෙන්නේ..

    ReplyDelete
  30. මන්තර මතුරන්නත් කලින් ඔය එන්නේ!

    ReplyDelete
  31. ඈ බං ඉතිං උඹැහැ ඔය නිධාන කතාව ඔක්කොම කියන්නද යන්නෙ..?? මල කෙළියයි, උඹට බ්ලොග් එකක් නෙවෙයි බ්ලොග් පොතක්ම ලියන්න වෙයි මගෙ හිතේ.. ඇයි ඉතිං සාමාවති, මාගන්ධියා, ඛුජ්ජුත්තරා ආදි මෙකී නොකී ඔක්කොම කියන්න එපායැ.. හා හා ඕං ඉතිං අපිත් වැදගත්තා.. කියමුකො බලන්ට..

    ReplyDelete
  32. අයියේ, අපි දැන් බන අහන්න එකත්පස්ව වාඩි වෙන්නේ කොහොමද? පැත්තකට වුනාම මොනිටරේ අකුරු පේන්නේ නැහැනේ බං.

    ReplyDelete
  33. ඒ ගමන මාරය අලි අල්ලන්නද කොහෙද හදන්නෙ.
    දැන් ඉතින් මාර බණ දේශනාව පටන්ගමුකො.

    පහමාරෙ ඉදල වැඩට එකනං තියෙන ලිස්ට් එකනං නියමයි.

    ReplyDelete
  34. සාදු..සාදු...!

    ඕං මාරයා මලයා දෙලෝ වැඩ වෙන වැඩක් කොරාන්නටයි යන්නේ...මමත් පැත්තකින් වාඩිවුණා "එහෙයි" කියන්නත් කවුරුවත් එපාය..

    සුලා..

    ReplyDelete
  35. ඔය ගාතාවෙ දෙවෙනි පදයයි හතරවැනි පදෙයි එක වගේනෙ. අන්තිම පදේ "යෙපමත්ථා යත මතා" කියල නෙවෙයිද?

    ReplyDelete
  36. අප්පච්චියේ..ඔන්න ඔකනේ මම මුළින්ම කියා හිටියේ මගේ මෙමරි කාඩ් එක අප්සැට් කියලා..
    ලත් තැනම කෙලියා නේද බුලක්..
    වරද පෙන්වා දුන්නු "Jeew සහ කලිකාලට ඔන්න පින්..අන්න මම ඒ වරදත් හරි ගැස්සුවා..

    මට හැක තව මොන මොනවා වැරදෙයිද කියලා..කමක් නැහැ ඉතින් පටන් ගත්ත දේ ඉවර කොරන්නත් එපැයි...

    ReplyDelete
  37. සොදුරු සිතැත්තී...

    හත් දෙයියනේ..නගා මෙහෙත් ආවැයි..
    අනේ නගෝ බත් කෙසේ වෙතත්..ඔය බණ අහන්ට ආව කස්ටියට එහෙම තේ අල්ලනවා එහෙම නෙවෙයි ඔං..
    නැත්තං මට වෙන්නේ උන්දැලට මතක බණ කියන්ට තමා..

    ReplyDelete
  38. හිස් අහස...

    අනේ කොල්ලෝ බොලාටත් වෙච්ච දෙයක් හැබෑට..අර කැකුළි ආවැයි සුව දුක් බලන්ට..?

    මයෙ සන්තෝ උඹැහැ මාර දූතිකාවක් ගැන කිවුවෙ මොකෝ..අර උඩින් ඉඳන් බත් කවන්ඩ හදන කෙනා දැකලද..?
    ඇත්තටම උඹ කොහොමෙයි හරියටම දැන ගත්තේ ඒවග..?

    ReplyDelete
  39. Jeew...& කලිකාල...

    බොහෝම ස්තූතියි වරද පෙන්නලා දුන්න එකට..ආන්න මං හරි ගැස්සුවා...

    ReplyDelete
  40. Podi Kumarihami...

    අපොයි විපතක මහත..
    මෙ ටිකත් බැළුවනං..

    http://www.facebook.com/home.php?#!/sudumahaththaya/posts/166824900014762?notif_t=feed_comment_reply

    http://www.facebook.com/home.php?#!/permalink.php?story_fbid=1330001428463&id=1783813709&cmntid=1330579442913

    ඔයා හදන්නේ මට මතක බණ කියවන්නද..?

    ReplyDelete
  41. නැතුව බෑනේ අයියා.තේ දෙන්නෑ ඕං කෝපි දෙන්නම්.හිහී

    අයියා කවදද පටන් ගන්නෙ?කතා අහන්න කියවන්න මේ සොදුරු ආසයි නෙව.ඉක්මනටම ලියන්ට..

    ReplyDelete
  42. Buratheno...

    ඒක නෙවෙන්නං මම මෙ පස්ස ගගහා හිටියේ..
    ඇයි වාසුලදත්තා..
    එතකොට සුමන මාලා කාරයා..

    ReplyDelete
  43. prasanna86k...

    මදැයි කොළා ඒකත් හැබෑව..
    දැන් මක්කෙයි කොරන්නේ..?

    ReplyDelete
  44. Praසන්ன...

    අලි විතරක්ද ඇයි කොටි..

    අම්මෙ ඔව් ඔය ටික වෙලාවට වැඩ කෝටියයි මට..

    ReplyDelete
  45. සුලා...

    ආන්න හොඳා..දැන් ඉතින් ඔය වාගේ චාලිත්තර දන්න කියන උපාසක ඇත්තෝ හරි හිගයි නෙව..ඔකට කියන්නේ පිළිවදන් දෙනවා කියලා නෙව..

    ReplyDelete
  46. සොදුරු සිතැත්තී...

    අප්පේ කෝපිද..ඒකනං හොඳ අදහස..ඒත් ඉතින් ඒ කෝපි කෙරුවාවත් කොතනින් නවතීද දන්නේ නැතුවා ඔං..අපි දන්නවානේ නගාගේ අත්ගුණේ ගැන..

    ලියනවා නගෝ..ඔහොම හිටිං ඩිංගක් ඉවසලා...

    ReplyDelete
  47. මාර බන පරකුවිය කියවන්න ..

    සාදු සාදු සාදු......

    ඉතින් ඔය හස්තිකන්ත මන්තරෙද මොක්ක්දෝ එක කියල දුන්නම් හෑමොටම... කට කටත් අලි කරදරෙන් මිදෙන්න් අතිබුනා නොවෑ..

    ReplyDelete
  48. සාදු සාදු!!!!!!!!!

    ReplyDelete
  49. සාදු KING පෙලෙන උන්.. දැන් ඉතින් බණ අසව්..

    ReplyDelete
  50. මගේ හප්පොස්සියේ....සුරංගනාවි අද නෙව මේ බේලොගේව ආවේ..... හොදා හොදා.... අද ඉදං ඔං මාත් මාර බණ අහනවා.....

    ReplyDelete
  51. ඉලංදාරියා...

    ඒ කිව්වෙ අර වල් අලින්ගෙන්ද..නැතිනං...

    ReplyDelete
  52. ayesha...

    පොච්චියේ...
    මෙන්න හති දාගෙන ඇවිත් වාඩිවෙන ගමන් සාධුකාරත් දෙනවා...

    ReplyDelete
  53. Ano...

    පෙළෙන අයට ඉතින් බණ හොඳා...
    මොකෝ ඇනෝ ලෙසින්..?

    ReplyDelete
  54. සිදංගනා (සුරංගනාවි)...

    බණ අහපු කස්ටිය තමා ඉතිං ඔය දිවිය ලෝකේ පැත්තේ කරක් ගහන්නේ..

    මෙච්චර කාලයක් කොහේදෑ හිටියේ...?

    ReplyDelete
  55. ඉක්මනට කියන්ඩෝ අපි මේ වැදගෙනම අහන් ඉන්නේ

    ReplyDelete
  56. ayesha...

    උපාසකම්මා දැන් අනිත් පිටුව පෙරළුවනං..හ්ම් හ්ම්...

    ReplyDelete
  57. Reading from the beginning of this series. :)

    ReplyDelete